8. එකපදජාතකවණ්ණනා 238 අට්ඨකථා
8. එකපදජාතකවණ්ණනා (238)
8. ඒකපද ජාතකය (238)
ඉඞ්ඝ එකපදං, තාතාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං කුටුම්බිකං ආරබ්භ කථෙසි. සාවත්ථිවාසී කිරෙස කුටුම්බිකො, අථස්ස එකදිවසං අඞ්කෙ නිසින්නො පුත්තො අත්ථස්ස ද්වාරං නාම පඤ්හං පුච්ඡි. සො “බුද්ධවිසයො එස පඤ්හො, න තං අඤ්ඤො කථෙතුං සක්ඛිස්සතී”ති පුත්තං ගහෙත්වා ජෙතවනං ගන්ත්වා සත්ථාරං වන්දිත්වා “භන්තෙ, අයං මෙ දාරකො ඌරුම්හි නිසින්නො අත්ථස්ස ද්වාරං නාම පඤ්හං පුච්ඡි, අහං තං අජානන්තො ඉධාගතො, කථෙථ, භන්තෙ, ඉමං පඤ්හ”න්ති. සත්ථා “න ඛො, උපාසක, අයං දාරකො ඉදානෙව අත්ථගවෙසකො, පුබ්බෙපි අත්ථගවෙසකොව හුත්වා ඉමං පඤ්හං පණ්ඩිතෙ පුච්ඡි, පොරාණකපණ්ඩිතාපිස්ස කථෙසුං, භවසඞ්ඛෙපගතත්තා පන න සල්ලක්ඛෙසී”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
ඉංඝ එකපදං තාතා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක් කෙළඹි පුත්‍රයෙකු මුල් කරගෙන දේශනා කළ සේක. මේ කෙළෙඹි පුත්‍රයා සැවැත්නුවර වැසියෙකි. දිනක් තම උකුලෙහි සිටි ඔහුගේ පුතා දියුණුවට දොරටුව වූ එක් ප්‍රශ්නයක් විචාළේය. හෙතෙම ඒ ප්රශ්නය බුදුරජාණන් වහන්සේට විෂය වන්නකි. වෙන කෙනෙකුට පිළිතුරු දීමට නොහැකි වන්නේයයි සිතා පුතා රැගෙන ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේට වැඳ ස්වාමීනි! මගේ උකුල මත සිටිමින් මේ දරුවා දියුණුවෝ දොරටුවට හේතුවන ප්‍රශ්නයක් ඇසුවේය. එය නොදන්නා මම මෙහි ආවෙමි. ස්වාමීනි! මේ ප්‍රශ්නයට පිළිතුරු වදාරන සේක්වා. බුදුරජාණන් වහන්සේ උපාසකය! මේ දරුවා අර්ථ ගවේෂකයෙක් වූයේ දැන් පමණක් නොවේ. පෙරත් අර්ථ ගවේෂකයෙක් වී මේ ප්රශ්නය පණ්ඩිතයන්ගෙන් විචාළේය. පැරණි නුවණ ඇත්තෝද මොහුට කීවාහුය. භවයෙන් සැඟවුණු නිසා සිහි නොකරන්නෙහි යයි වදාරා ඔහු විසින් අයදින ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො සෙට්ඨිකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො පිතු අච්චයෙන සෙට්ඨිට්ඨානං ලභි. අථස්ස පුත්තො දහරො කුමාරො ඌරුම්හි නිසීදිත්වා “තාත, මය්හං එකපදං අනෙකත්ථනිස්සිතං එකං කාරණං කථෙථා”ති පුච්ඡන්තො පඨමං ගාථමාහ –
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ සිටු කුලයෙහි ඉපදී වැඩිවියට පත්වූවාහු පියාගේ ඇවෑමෙන් සිටු තනතුර ලැබූහ. ඉක්බිති ඔහුගේ ළදරු පුත් කුමරා උකුලෙහි හිඳගෙන පියාණෙනි! මට නොයෙක් අර්ථ ඇති එක් පදයකින් යුත් එක් කාරණයක් කියන්නැයි විමසමින්
“ඉඞ්ඝ එකපදං තාත, අනෙකත්ථපදස්සිතං; කිඤ්චි සඞ්ගාහිකං බ්රූසි, යෙනත්ථෙ සාධයෙමසෙ”ති.
ඉංඝං එකපදං තාත අනෙකත්ථ පද නිස්සිතං, කිඤ්චි සංගාහිකං බ්‍රෑහි යෙනත්ථෙ සාවයාමසෙ
යන පළමු ගාථාව කීවේය.
“පියතුමනි! යම් පදයකින් දියුණුව ප්‍රකාශ කරන්නෙමුද? එබඳු අරුත් ඇති පදවලින් යුතු වූ එක පදයක් අයදිමි. එය කියනු මැනවි.”
තත්ථ ඉඞ්ඝාති යාචනත්ථෙ චොදනත්ථෙ වා නිපාතො. එකපදන්ති එකං කාරණපදං, එකං කාරණූපසඤ්හිතං වා බ්යඤ්ජනපදං. අනෙකත්ථපදස්සිතන්ති අනෙකානි අත්ථපදානි කාරණපදානි නිස්සිතං. කිඤ්චි සඞ්ගාහිකං බ්රූසීති කිඤ්චි එකපදං බහූනං පදානං සඞ්ගාහිකං බ්රූහි, අයමෙව වා පාඨො. යෙනත්ථෙ සාධයෙමසෙති යෙන එකෙන පදෙන අනෙකත්ථනිස්සිතෙන මයං අත්තනො වුඩ්ඪිං සාධෙය්යාම, තං මෙ කථෙහීති පුච්ඡි.
එහි ඉංඝ යනු ඉල්ලීම් අර්ථයෙහිද චෝදනා අර්ථයෙහිද නිපාතයකි. එකපදං යනු එක් කරුණක් ඇති පදයක්, එක් කරුණක් සංග්‍රහ කළ අකුරු ඇති පදයක්. අනෙකත්ථ පද නිස්සිතං යනු නොයෙක් අරුත් ඇති කරුණු අඩංගු පද ඇසුරුකොට ඇති කිඤ්චි සංගාහිකං බ්‍රෑහි යන බොහෝ අර්ථ එක්රැස් කළ එක් පදයක් කියනු මැනවි. මෙයම පාඨයයි. යෙනත්ථෙ සාවයාමසෙ යනු නොයෙක් අර්ථ ඇසුරු කරන ලද යම්කිසි එක් පදයකින් අපි තමන්ගේ දියුණුව ප්‍රකාශ කරන්නෙමුද ඒ පදය මට කියනු මැනවි යනුවෙන් (ප්රශ්නය) ඇසීය.
අථස්ස පිතා කථෙන්තො දුතියං ගාථමාහ –
ඉක්බිති ඔහුගේ පියා පිළිතුරු දෙමින්,
“දක්ඛෙය්යෙකපදං තාත, අනෙකත්ථපදස්සිතං; තඤ්ච සීලෙන සඤ්ඤුත්තං, ඛන්තියා උපපාදිතං; අලං මිත්තෙ සුඛාපෙතුං, අමිත්තානං දුඛාය චා”ති.
දක්ඛෙය්යෙකපදං තාත අනෙකත්ථ පදනිස්සිතං, තඤ්ච සීලෙන සංයුත්තං ඛන්තියා උපපාදිතං, අලං මිත්තෙ සුඛාපෙතුං අමිත්තානං දුඛාය චා
යන දෙවන ගාථාව කීය.
“දරුව! නොයෙක් අර්ථ ඇසුරු කරන ලද ඒ පදය යනු ‘වීර්යය’ යි. එයද සීලයෙන් ක්ෂාන්තියෙන් යුක්ත වූයේ මිතුරන් සැපවත් කරන්නටත් සතුරන් දුප්පත් කරන්නටත් සමර්ථ වේ.”
තත්ථ දක්ඛෙය්යෙකපදන්ති දක්ඛෙය්යං එකපදං. දක්ඛෙය්යං නාම ලාභුප්පාදකස්ස ඡෙකස්ස කුසලස්ස ඤාණසම්පයුත්තං වීරියං. අනෙකත්ථපදස්සිතන්ති එවං වුත්තප්පකාරං වීරියං අනෙකෙහි අත්ථපදෙහි නිස්සිතං. කතරෙහීති? සීලාදීහි. තෙනෙව “තඤ්ච සීලෙන සඤ්ඤුත්ත”න්තිආදිමාහ. තස්සත්ථො – තඤ්ච පනෙතං වීරියං ආචාරසීලසම්පයුත්තං අධිවාසනඛන්තියා උපෙතං මිත්තෙ සුඛාපෙතුං අමිත්තානඤ්ච දුක්ඛාය අලං සමත්ථං. කො හි නාම ලාභුප්පාදකඤාණසම්පයුත්තකුසලවීරියසමන්නාගතො ආචාරඛන්තිසම්පන්නො මිත්තෙ සුඛාපෙතුං, අමිත්තෙ වා දුක්ඛාපෙතුං න සක්කොතීති.
එහි, දක්ඛෙය්යෙකපදං යනු දක්ඛෙය්යං එකපදං (පද බෙදීමයි) දක්ඛෙය්ය යනු ලාභ උපදවන, දක්ෂ වූ පුද්ගලයාගේ, ඤාණයෙන් යුක්ත වූ ‘වීර්යය’යි. අනෙකත්ථපද නිස්සිතං යනු මෙසේ කියන ලද ආකාර ඇති ‘වීර්යය’ නොයෙක් අර්ථවලින් යුක්තය. (‘වීර්යය’ යන පදයෙහි නොයෙක් අර්ථ ඇත.) කුමන අර්ථවලින්ද? සීලාදී අර්ථවලින්. ඒ නිසාම තඤ්ච සීලෙන සංයුත්තං (එයද සීලයෙන් යුක්තය) යනාදිය කීහ. ඒ ‘වීර්යය’ ද ආචාර සීලයෙන් යුක්ත වූ අධිවාසන ක්ෂාන්තියෙන් (සා පිපාස දී දුක් ඉවසීමෙන්) යුක්තය යනු එහි අර්ථයයි. මිත්තෙ සුඛාපෙතු අමිත්තානඤ්ච දුක්ඛාය අලං මිතුරන් සුවපත් කරන්නට සතුරන් දුකට පත්කරන්නට සමත්ය. ලාභ උපදවන ඤාණයෙන් යුක්ත වූ දක්ෂ බවෙන් යුක්ත වූ වීර්යයෙන් යුක්ත වූ, ආචාර සීලයෙන් යුක්ත වූ, ඉවසීමෙන් යුක්ත වූ කවර නම් තැනැත්තෙක් මිතුරන් සුවපත් කරන්නටද සතුරන් දුක්පත් (දුකට පත්) කරන්නටද අසමත් වේද? (සමත් වේමය.)
එවං බොධිසත්තො පුත්තස්ස පඤ්හං කථෙසි. සොපි පිතු කථිතනයෙනෙව අත්තනො අත්ථං සාධෙත්වා යථාකම්මං ගතො.
මෙසේ බෝධිසත්ත්වයන් වහන්සේ ප්‍රශ්නයට පිළිතුරු සැපයූහ. ඔහු ද පියා කියන ලද පරිද්දෙන්ම තමන්ගේ අර්ථය (යහපත, දියුණුව) සිදුකරගෙන කර්මානුකූව මියපරලොව ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ පිතාපුත්තා සොතාපත්තිඵලෙ පතිට්ඨිතා. “තදා පුත්තො අයමෙව පුත්තො අහොසි, බාරාණසිසෙට්ඨි පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍ය ප්‍රකාශකොට ජාතක කථාව ගළපා නිමවා වදාළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර පියාද පුතාද සෝවාන් ඵලයෙහි පිහිටියහ. එකල්හි පුතා මොහුම වූයේය. බරණැස් සිටුවරයා වනාහි මම්ම වූයෙමියි වදාළ සේක.
එකපදජාතකවණ්ණනා අට්ඨමා.