9. හරිතමණ්ඩූකජාතකවණ්ණනා 239 අට්ඨකථා
9. හරිතමණ්ඩූකජාතකවණ්ණනා (239)
9. හරිතමාතු ජාතකය (239)
ආසීවිසම්පි මං සන්තන්ති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො අජාතසත්තුං ආරබ්භ කථෙසි. කොසලරාජස්ස හි පිතා මහාකොසලො බිම්බිසාරරඤ්ඤො ධීතරං දදමානො ධීතු න්හානමූලං කාසිගාමකං නාම අදාසි. සා අජාතසත්තුනා පිතුඝාතකකම්මෙ කතෙ රඤ්ඤො සිනෙහෙන නචිරස්සෙව කාලමකාසි. අජාතසත්තු මාතරි කාලකතායපි තං ගාමං භුඤ්ජතෙව. කොසලරාජා “පිතුඝාතකස්ස චොරස්ස මම කුලසන්තකං ගාමං න දස්සාමී”ති තෙන සද්ධිං යුජ්ඣති. කදාචි මාතුලස්ස ජයො හොති, කදාචි භාගිනෙය්යස්ස. යදා පන අජාතසත්තු ජිනාති, තදා සොමනස්සප්පත්තො රථෙ ධජං උස්සාපෙත්වා මහන්තෙන යසෙන නගරං පවිසති. යදා පන පරාජයති, තදා දොමනස්සප්පත්තො කඤ්චි අජානාපෙත්වාව පවිසති. අථෙකදිවසං ධම්මසභායං භික්ඛූ කථං සමුට්ඨාපෙසුං “ආවුසො, අජාතසත්තු මාතුලං ජිනිත්වා තුස්සති, පරාජිතො දොමනස්සප්පත්තො හොතී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපෙස ජිනිත්වා තුස්සති, පරාජිතො දොමනස්සප්පත්තො හොතී”ති වත්වා අතීතං ආහරි.
ආසීවිසං මම සන්තං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක් අජාසත් රජතුමා මුල් කරගෙන දේශනා කළ සේක. කොසොල් රජුගේ පියා වූ මහ කොසොල් රජතුමා, බිම්බිසාර රජතුමාට දියණිය දෙමින් තමන්ගේ නැගණියට “නහානමූල” නම් කසීගම දුන්නේය. අජාසත් රජතුමා විසින් පියා මැරූ කල්හි රජතුමාට ආදරයෙන් සිටි ඈ නොබෝ දිනකින්ම කලුරිය කළාය. අජාසත් රජතුමා මව කලුරිය කළ පසුත් ඒ ගම භුක්ති විඳියි. කොසොල් රජතුමා පීතෘඝාතක සොරාට මගේ කුල සන්තක ගම නො දෙන්නෙමියි ඔහු සමග යුද කරයි. ඇතැම් දිනක මාමාට ජයවෙයි. ඇතැම් දිනක බෑණාට ජය වෙයි. යම් දවසක අජාසත් දිනයිද එකල් රථයෙහි කොඩි ඔසවා මහත් කීර්තියෙන් නගරයට පිවිසෙයි. යම් දවසක පැරදෙයිද එකල්හි දොම්නසට පත්ව කිසිවෙකුටත් නොදන්වාම පිවිසෙයි. ඉක්බිති එක්දිනක් භික්ෂූහු දම්සභාවෙහිදී ඇවැත්නි! අජාසත් රජතුමා මාමා පරදවා සතුටුවෙයි. තමා පැරදුනවිට දොම්නසට පත්වෙතියි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි, මා එන්නට ප්‍රථම මෙහි කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! දැන් පමණක් නොව පෙරත් මොහු දිනා සතුටු වෙයි. පැරදුනවිට දොම්නසට පත්වූයේයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො නීලමණ්ඩූකයොනියං නිබ්බත්ති. තදා මනුස්සා නදීකන්දරාදීසු තත්ථ තත්ථ මච්ඡෙ ගහණත්ථාය කුමීනානි ඔඩ්ඩෙසුං. එකස්මිං කුමීනෙ බහූ මච්ඡා පවිසිංසු. අථෙකො උදකාසීවිසො මච්ඡෙ ඛාදන්තො තං කුමීනං පාවිසි, බහූ මච්ඡා එකතො හුත්වා තං ඛාදන්තා එකලොහිතං අකංසු. සො පටිසරණං අපස්සන්තො මරණභයතජ්ජිතො කුමීනමුඛෙන නික්ඛමිත්වා වෙදනාප්පත්තො උදකපරියන්තෙ නිපජ්ජි. නීලමණ්ඩූකොපි තස්මිං ඛණෙ උප්පතිත්වා කුමීනසූලමත්ථකෙ නිපන්නො හොති. ආසීවිසො විනිච්ඡයට්ඨානං අලභන්තො තත්ථ නිපන්නං තං දිස්වා “සම්ම නීලමණ්ඩූක, ඉමෙසං මච්ඡානං කිරියා රුච්චති තුය්හ”න්ති පුච්ඡන්තො පඨමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ නිල් මැඩි යෝනියෙහි උපන්හ. එකල්හි මිනිස්සු ගංගා දිය කඳුරු ආදී තැන්වල මසුන් අල්ලා ගැනීමට කෙමන් ඇටවූහ. එක් කෙමනක බොහෝ මත්ස්‍යයෝ පිවිසියාහුය. ඉක්බිති එක් දිය නයෙක් මසුන් කමින් ඒ කෙමනට පිවිසියේය. බොහෝ මත්ස්‍යයෝ එක්වී ඌ සපා කමින් එකම ලේ විලක් කළහ. සර්පයා පිළිසරණක් නොදකිමින් මරණ බියෙන් තැති ගෙන කෙමන් කටින් නික්මී වේදනාවෙන් යුතුව දිය කෙළවර හොත්තේය. නිල් මැඩියාද ඒ අවස්ථාවෙහි උඩට පැන කෙමන් මුලට ඉහළින් වැතිරුණි. සර්පයා විනිශ්චය කරන තැනක් නොලබන්නේ එහි වැතිර සිටින ඌ දැක යහලු නිල් මණ්ඩුකය! මේ මාලුන්ගේ ක්‍රියාව නුඹට රුචිදැයි විමසමින්
“ආසීවිසම්පි මං සන්තං, පවිට්ඨං කුමිනාමුඛං; රුච්චතෙ හරිතාමාතා, යං මං ඛාදන්ති මච්ඡකා”ති.
ආසීවිසං මමං සන්තං පවිට්ඨං කුමිනාමුඛං, රුච්චතෙ හරිතා මාතා යං මං ඛාදන්ති මච්ඡකා
යන පළමු ගාථාව කීවේය.
“විෂ දළ ඇති මා කෙමනෙහි කටට පිවිසි කල්හි යම්බඳු මා මාලුවෝ කත්ද නිල් මැඩිදෙන මව කොට ඇතිය. තොපට එය රුචි කරයිද?”
තත්ථ ආසීවිසම්පි මං සන්තන්ති මං ආගතවිසං සමානං. රුච්චතෙ හරිතාමාතා, යං මං ඛාදන්ති මච්ඡකාති එතං තව රුච්චති හරිතමණ්ඩූකපුත්තාති වදති.
එහි, ආසි විසං මමං සන්තං යනු විෂ ඇති මා (පැමිණි විෂ ඇති මා). රුච්චතෙ හරිතා මාතා යං මං ඛාදන්ති මච්ඡකා යනු නිල්මැඩි පුතුනි, මේ කරුණ ඔබට රුචි වේද යනුවෙන් කියයි.
අථ නං හරිතමණ්ඩූකො “ආම, සම්ම, රුච්චතී”ති. “කිංකාරණා”ති? “සචෙ ත්වම්පි තව පදෙසං ආගතෙ මච්ඡෙ ඛාදසි, මච්ඡාපි අත්තනො පදෙසං ආගතං තං ඛාදන්ති, අත්තනො විසයෙ පදෙසෙ ගොචරභූමියං අබලවා නාම නත්ථී”ති වත්වා දුතියං ගාථමාහ –
ඉක්බිති ඔහුට නිල් මණ්ඩුකයා එසේය, යහලුව රුචි වෙයි. කුමක් නිසාද? ඉදින් නුඹද නුඹේ ප්‍රදේශයට පැමිණ මසුන් කන්නෙහිය. මාලුවෝද තමන්ගේ ප්‍රදේශයට පැමිණි නුඹ කති. තම තමන්ගේ සීමාවෙහි ගොදුරු බිමෙහි දුබලයෙක් නම් නැතැයි කියා
“විලුම්පතෙව පුරිසො, යාවස්ස උපකප්පති; යදා චඤ්ඤෙ විලුම්පන්ති, සො විලුත්තො විලුම්පතී”ති.
විලුම්පතෙව පුරිසො යාවස්ස උපකප්පති, යදා චඤ්ඤො විලුම්පන්ති සො විලුත්තො විලුම්පතීති
යන දෙවන ගාථාව කීවේය.
“යමෙකුට යම්තාක් ධනය බලය (සමෘද්ධිය) ඇත්ද ඒතාක් පුරුෂයා අනුන්ට පහර දෙන්නේය. යම්කලෙක සෙස්සෝ ඉසුරු බවෙහි සිට පහර දෙත්ද එකල පහරන ලද හේ පහරනා ලැබේ.”
තත්ථ විලුම්පතෙව පුරිසො, යාවස්ස උපකප්පතීති යාව අස්ස පුරිසස්ස ඉස්සරියං උපකප්පති ඉජ්ඣති පවත්තති, තාව සො අඤ්ඤං විලුම්පතියෙව. “යාව සො උපකප්පතී”තිපි පාඨො , යත්තකං කාලං සො පුරිසො සක්කොති විලුම්පිතුන්ති අත්ථො. යදා චඤ්ඤෙ විලුම්පන්තීති යදා ච අඤ්ඤෙ ඉස්සරා හුත්වා විලුම්පන්ති. සො විලුත්තො විලුම්පතීති අථ සො විලුම්පකො අඤ්ඤෙහි විලුම්පති. “විලුම්පතෙ”තිපි පාඨො, අයමෙවත්ථො. “විලුම්පන”න්තිපි පඨන්ති, තස්සත්ථො න සමෙති. එවං “විලුම්පකො පුන විලුම්පං පාපුණාතී”ති බොධිසත්තෙන අඩ්ඩෙ විනිච්ඡිතෙ උදකාසීවිසස්ස දුබ්බලභාවං ඤත්වා “පච්චාමිත්තං ගණ්හිස්සාමා”ති මච්ඡගණා කුමීනමුඛා නික්ඛමිත්වා තත්ථෙව නං ජීවිතක්ඛයං පාපෙත්වා පක්කමුං.
තත්ථ - එහි, විලුම්පතෙව පුරිසො යාවස්ස උපකප්පති යනු පුරුෂයාගේ අධිපතිකම එළඹ සිටින තාක් ක්‍රියාත්මක වන තාක් පවතින තාක් ඔහු අනිකෙකුට පහර දෙයි. යාව සො උපකප්පති යනුද පාඨයකි. අනුන්ට පහරදීමට හැකියාව ඇතිතාක් කල් පහරදෙයි යන අර්ථයයි. යදා චඤ්ඤො විලුම්පන්ති යනු යම්කලෙක අන් අය අධිපති වී පහරදෙත්ද සො විලුත්තො විලුම්පති යනු පහර ලත් ඔහු අනුන්ටද පහර දෙයි. විලුම්පතෙ යනුද පාඨයකි. මෙම අර්ථයමයි. විලුම්පනං යනුවෙන්ද කියති. එහි අර්ථය නොගැලපෙයි. මෙසේ පහර දෙන්නා නැවත පහර කෑමට ලක් වෙයි. බෝසතාණන් වහන්සේ නඩුව විසඳූ කල්හි දිය නයාගේ දුබල බව දැන සතුරා අල්ලා ගන්නෙමුයි මත්ස්‍ය සමූහයා කෙමන කටින් නික්මී දිය නයා එහිම මරණයට පමුණුවා ගියාහුය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා උදකාසීවිසො අජාතසත්තු අහොසි, නීලමණ්ඩූකො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ජාතක දේශනාව ගෙනහැර දක්වා නිමවා වදාළ සේක. එකල දිය නයා අජාසත් විය. නිල්මැඩියා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
හරිතමණ්ඩූකජාතකවණ්ණනා නවමා.