10. මහාපිඞ්ගලජාතකවණ්ණනා 240 අට්ඨකථා
10. මහාපිඞ්ගලජාතකවණ්ණනා (240)
10. මහාපිංගල ජාතකය (240)
සබ්බො ජනොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො දෙවදත්තං ආරබ්භ කථෙසි. දෙවදත්තෙ සත්ථරි ආඝාතං බන්ධිත්වා නවමාසච්චයෙන ජෙතවනද්වාරකොට්ඨකෙ පථවියං නිමුග්ගෙ ජෙතවනවාසිනො ච සකලරට්ඨවාසිනො ච “බුද්ධපටිකණ්ටකො දෙවදත්තො පථවියා ගිලිතො, නිහතපච්චාමිත්තො දානි සම්මාසම්බුද්ධො ජාතො”ති තුට්ඨහට්ඨා අහෙසුං. තෙසං කථං සුත්වා පරම්පරඝොසෙන සකලජම්බුදීපවාසිනො යක්ඛභූතදෙවගණා ච තුට්ඨහට්ඨා එව අහෙසුං. අථෙකදිවසං භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, දෙවදත්තෙ පථවියං නිමුග්ගෙ ‘බුද්ධපටිකණ්ටකො දෙවදත්තො පථවියා ගිලිතො’ති මහාජනො අත්තමනො ජාතො”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව දෙවදත්තෙ මතෙ මහාජනො තුස්සති චෙව හසති ච, පුබ්බෙපි තුස්සි චෙව හසි චා”ති වත්වා අතීතං ආහරි.
සබ්බො ජනො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් දෙව්දත් තෙරුන් අරබයා වදාළ සේක. දෙව්දත් තෙර බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛර බැඳගෙන නවමසක් ගිය තැන දෙව්රම් වෙහෙර දොර කොටුවෙහි පොළොවෙහි ගිලුනුවිට ජේතවනවාසීහුද, සියලු රටවැසියෝද බුදුරජාණන් වහන්සේට විරුද්ධ වූ දෙව්දත් තෙර පොළොවෙහි ගිලුනේය. දැන් සම්මා සම්බුදු රජාණන් වහන්සේ (කටුවක් වැනි වූ) නැසුණු සතුරා ඇතිසේකැයි තුටු පහටු වූවාහුය. ඔවුන්ගේ කථාව අසා සියලු දඹදිව වාසී යක්ෂ භූත දේව සමූහයාද තුටු පහටු වූවාහුය. ඉක්බිති එක්දිනක් භික්ෂූහු දම්සභාවෙහිදී, ඇවැත්නි! දෙව්දත් තෙරුන් පොළොවෙහි ගිලුනු කල්හි බුදුරජාණන් වහන්සේට විරුද්ධ වූ දෙව්දත් තෙර පොළොවෙහි ගිලුනේ යයි මහජනයා සතුටු වූහයි කථාවක් ඉපදවූහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! කවර කථාවකින් යුක්තව මෙහි සිටියාහුදැයි විචාරා, මෙම කථාවෙන් යයි කී කල්හි, මහණෙනි! දෙව්දත් මළ කල්හි මහජනයා සතුටු වූයේ දැන් පමණක් නොවේ. පෙරත් සතුටු වූහයි, සිනාසුනහයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං මහාපිඞ්ගලො නාම රාජා අධම්මෙන විසමෙන රජ්ජං කාරෙසි, ඡන්දාදිවසෙන පාපකම්මානි කරොන්තො දණ්ඩබලිජඞ්ඝකහාපණාදිග්ගහණෙන උච්ඡුයන්තෙ උච්ඡුං විය මහාජනං පීළෙසි කක්ඛළො ඵරුසො සාහසිකො, පරෙසු අනුද්දයාමත්තම්පි නාමස්ස නත්ථි, ගෙහෙ ඉත්ථීනම්පි පුත්තධීතානම්පි අමච්චබ්රාහ්මණගහපතිකාදීනම්පි අප්පියො අමනාපො, අක්ඛිම්හි පතිතරජං විය, භත්තපිණ්ඩෙ සක්ඛරා විය, පණ්හිං විජ්ඣිත්වා පවිට්ඨකණ්ටකො විය ච අහොසි . තදා බොධිසත්තො මහාපිඞ්ගලස්ස පුත්තො හුත්වා නිබ්බත්ති. මහාපිඞ්ගලො දීඝරත්තං රජ්ජං කාරෙත්වා කාලමකාසි. තස්මිං කාලකතෙ සකලබාරාණසිවාසිනො හට්ඨතුට්ඨා මහාහසිතං හසිත්වා දාරූනං සකටසහස්සෙන මහාපිඞ්ගලං ඣාපෙත්වා අනෙකෙහි ඝටසහස්සෙහි ආළාහනං නිබ්බාපෙත්වා බොධිසත්තං රජ්ජෙ අභිසිඤ්චිත්වා “ධම්මිකො නො රාජා ලද්ධො”ති හට්ඨතුට්ඨා නගරෙ උස්සවභෙරිං චරාපෙත්වා සමුස්සිතධජපටාකං නගරං අලඞ්කරිත්වා ද්වාරෙ ද්වාරෙ මණ්ඩපං කාරෙත්වා විප්පකිණ්ණලාජකුසුමමණ්ඩිතතලෙසු අලඞ්කතමණ්ඩපෙසු නිසීදිත්වා ඛාදිංසු චෙව පිවිංසු ච.
යටගිය දවස බරණැස් නුවර මහා පිංගල නම් රජතුමා අදැහැමින්, නපුරුකමින් රාජ්‍යය කරවීය. ඡන්දාදී වශයෙන් පව්කම් කරමින් දඬුවම් වශයෙන් කහවනු ගැනීම් ආදියෙන් උක් යන්ත්‍රයෙහි උක් මෙන් ජනයා වෙලුවේය. කර්කශය, රළුය, සැහැසිය. අනුන් කෙරෙහි දයානුකම්පා මාත්‍රයක්වත් ඔහු තුළ නැත. රජ ගෙදර ස්ත්‍රීන්ටද දූ පුතුන්ටද ඇමති බමුණු, ගෘහපති ආදීන්ටද අප්‍රියයි අමනාපයි. ඇසට වැටුණු දූවිල්ලක් මෙන්, බත් පිඩේ ගල්කැට මෙන්ද විලුඹ හිල්වී ඇනුණු කටුවක් මෙන්ද විය. එකල බෝසතාණන් වහන්සේ මහා පිංගල රජුගේ පුත්‍රයා වී උපන්හ. මහා පිංගල දිගුකලක් රාජ්‍යයකොට කලුරිය කළේය. ඔහු කලුරිය කළ කල්හි සියලු බරණැස් වැසියෝ තුටු පහටුව මහත් සේ සිනාසී දර කරත්ත දහසකින් මහා පිංගල රජු දවා කළ දහස් ගණනකින් සෑය නිවා බෝසතාණන් වහන්සේ රාජ්‍යයෙහි අභිෂේක කොට අපට දැහැමි රජෙක් ලැබුනේ යයි තුටුපහටු වී නගරයෙහි උත්සව බෙර හසුරුවා ඔසවන ලද ධජපතාක ඇති නගරය සරසා දොරක් දොරක් පාසා මණ්ඩපයක් කරවා විසුරුවන ලද පොරි (විළඳ) හා මල්වලින් සැරසූ භූමිවල, සැරසූ මණ්ඩපවල හිඳ ආහාරපාන අනුභව කළහ.
බොධිසත්තොපි අලඞ්කතෙ මහාතලෙ සමුස්සිතසෙතච්ඡත්තස්ස පල්ලඞ්කවරස්ස මජ්ඣෙ මහායසං අනුභවන්තො නිසීදි. අමච්චා ච බ්රාහ්මණගහපතිරට්ඨිකදොවාරිකාදයො ච රාජානං පරිවාරෙත්වා අට්ඨංසු. අථෙකො දොවාරිකො නාතිදූරෙ ඨත්වා අස්සසන්තො පස්සසන්තො පරොදි. බොධිසත්තො තං දිස්වා “සම්ම දොවාරික, මම පිතරි කාලකතෙ සබ්බෙ තුට්ඨපහට්ඨා උස්සවං කීළන්තා විචරන්ති, ත්වං පන රොදමානො ඨිතො , කිං නු ඛො මම පිතා තවෙව පියො අහොසි මනාපො”ති පුච්ඡන්තො පඨමං ගාථමාහ –
බෝසතාණන් වහන්සේද සැරසූ මහ පොළොවෙහි ඔසවන ලද සුදුකුඩය ඇති උතුම් වූ ආසනය මැද මහත් සම්පත් විඳිමින් හුන් සේක. ඇමති බමුණු, ගෘහපති, රටවැසි දොරටුපාල ආදීහුද රජතුමා පිරිවරාගෙන සිටියාහුය. ඉක්බිති එක් දොරටුපාලයෙක් නුදුරෙහි සිට ආශ්වාස ප්‍රශ්වාස කරමින් හැඬුවේය. බෝසතාණන් වහන්සේ එය දැක යහලු දොරටු පාලකය! මාගේ පියා කලුරිය කළ කල්හි සියල්ලෝම තුටුපහටු වී උත්සව පවත්වමින්, ක්‍රීඩා කරමින් හැසිරෙත්. නුඹ වනාහි අඬමින් සිටී. ඇයි මගේ පියා නුඹට ප්‍රිය වීද, මනාප වීදැයි විමසමින්
“සබ්බො ජනො හිංසිතො පිඞ්ගලෙන, තස්මිං මතෙ පච්චයා වෙදයන්ති; පියො නු තෙ ආසි අකණ්හනෙත්තො, කස්මා නු ත්වං රොදසි ද්වාරපාලා”ති.
සබ්බො ජනො හිංසිතො පිංගලෙන, තස්මිං මතෙ පච්චයං වෙදයන්ති, පියො නුතෙ ආසි අකණ්හ නෙත්තො, කස්මානු ත්වං රොදසි ද්වාරපාල
යන පළමු ගාථාව කීහ.
පිංගල රජු විසින් සියලුදෙනා හිංසා කරනු ලැබූහ. ඔහු මළ කල්හි රටවැසියෝ ප්‍රීති වෙත්. පිඟුවන් ඇස් ඇති තැනැත්ත, තට ප්රියවීද? දොරටුපාලය! කවර හෙයින් තෝ හඬන්නෙහිද?
තත්ථ හිංසිතොති නානප්පකාරෙහි දණ්ඩබලිආදීහි පීළිතො. පිඞ්ගලෙනාති පිඞ්ගලක්ඛෙන. තස්ස කිර ද්වෙපි අක්ඛීනි නිබ්බිද්ධපිඞ්ගලානි බිළාරක්ඛිවණ්ණානි අහෙසුං, තෙනෙවස්ස “පිඞ්ගලො”ති නාමං අකංසු. පච්චයා වෙදයන්තීති පීතියො පවෙදයන්ති. අකණ්හනෙත්තොති පිඞ්ගලනෙත්තො. කස්මා නු ත්වන්ති කෙන නු කාරණෙන ත්වං රොදසි. අට්ඨකථායං පන “කස්මා තුව”න්ති පාඨො.
එහි, හිංසිකො යනු නොයෙක් ආකාර දඬුවම් කිරීම් බදු අයකිරීම් ආදියෙන් පෙළෙන ලද. පිංගලෙන දුඹුරු පැහැ ඇති ඇසින්. ඔහුගේ ඇස් දෙකම පලුදු වූයේ දුඹුරු පැහැ ඇතිවිය. බළල් ඇස් පැහැයෙන් යුක්ත විය. ඒ නිසාම ඔහුට පිංගල යයි නම් කළාහුය. පච්චයං වෙදයන්ති යනු සතුට විඳිත්. අකණ්හ නෙත්කො යනු දුඹුරු පැහැ ඇස් ඇති, කස්මානු ත්වං යනු කුමන කාරණයක් ඔබ නිසා හඬන්නෙහිද? අටුවාවෙහි කස්මා තුවං යන පාඨය ඇත.
සො තස්ස වචනං සුත්වා “නාහං, මහාරාජ, ‘මහාපිඞ්ගලො මතො’ති සොකෙන රොදාමි, සීසස්ස මෙ සුඛං ජාතං. පිඞ්ගලරාජා හි පාසාදා ඔතරන්තො ච ආරොහන්තො ච කම්මාරමුට්ඨිකාය පහරන්තො විය මය්හං සීසෙ අට්ඨට්ඨ ඛටකෙ දෙති, සො පරලොකං ගන්ත්වාපි මම සීසෙ දදමානො විය නිරයපාලානම්පි යමස්සපි සීලෙ ඛටකෙ දස්සති, අථ නං තෙ ‘අතිවිය අයං අම්හෙ බාධතී’ති පුන ඉධෙව ආනෙත්වා විස්සජ්ජෙය්යුං, අථ මෙ සො පුනපි සීසෙ ඛටකෙ දදෙය්යාති භයෙනාහං රොදාමී”ති ඉමමත්ථං පකාසෙන්තො දුතියං ගාථමාහ –
හෙතෙමේ ඔහුගේ වචනය අසා මම මහ පිංගල මළේ යයි ශෝකයෙන් නොහඬමි. මගේ හිසට සැපයක් ඇතිවිය. පිංගල රජතුමා ප්‍රාසාදයෙන් බසිද්දීත් (ප්‍රාසාදයට) නගිද්දීත් කම්මල්කරුගේ මිටියෙන් පහර දෙන්නාක් මෙන් මගේ හිසට ටොකු අට බැගින් ගසයි. ඔහු පරළොව ගොසිනුත් මගේ හිසට ඇන්නාක් මෙන් නිරය පාලකයන්ගේත් යම රජුගේත් හිසට ටොකු අනියි. එවිට ඔවුහු මේ තැනැත්තා අපට අතිශයින් බාධා පමුණුවතියි කියා නැවත මෙහි රැගෙන විත් මුදා හරින්නාහුය. එවිට ඔහු (හිටපු පිංගල රජු) නැවතත් මගේ හිසට ටොකු අනින්නේය යන බියෙන් මම හඬමියි යන මේ අදහස ප්‍රකාශ කරමින් දෙවන ගාථාව කීවේය.
“න මෙ පියො ආසි අකණ්හනෙත්තො, භායාමි පච්චාගමනාය තස්ස; ඉතො ගතො හිංසෙය්ය මච්චුරාජං, සො හිංසිතො ආනෙය්ය පුන ඉධා”ති.
නමෙ පියො ආසි අකණ්හ නෙත්තො, භායාමි පච්චාගමණාය තස්ස, ඉතො ගතො හිංසෙය්ය මච්චුරාජං, සො හිංසිතො ආනෙය්ය පුන ඉධාති
යන දෙවන ගාථාව කීය.
“පිඟුවන් ඇස් ඇති රජ මට ප්‍රිය නොවේ. ඔහුගේ ආපසු පැමිණීමට බිය වෙමි. මෙලොවින් ගියේ යම රජුට හිංසා කරන්නේය. පීඩාවට පත්වූ ඒ යමරජ (ඔහු) යළි මෙහි ගෙනෙන්නේය.”
අථ නං බොධිසත්තො “සො රාජා දාරූනං වාහසහස්සෙන දඩ්ඪො උදකඝටසතෙහි සිත්තො, සාපිස්ස ආළාහනභූමි සමන්තතො ඛතා, පකතියාපි ච පරලොකං ගතා නාම අඤ්ඤත්ථ ගතිවසා පුන තෙනෙව සරීරෙන නාගච්ඡන්ති, මා ත්වං භායී”ති තං සමස්සාසෙන්තො ඉමං ගාථමාහ –
ඉක්බිති ඔහුට බෝසතාණන් වහන්සේ ඒ රජතුමා දරගැල් දහසකින් දවන ලද්දේය. දිය කල සිය ගණනක් ඉසින ලද්දේය. ඔහුගේ ඒ ආදාහන බිමද හාත්පසින් හාරන ලද්දේය. ස්වභාවයෙන්ම පරළොව ගිය, වෙනත් තැනක උපන් අය නැවත ඒ සිරුරෙන්ම නොඑති. ඔබ බය නොවන්න යනුවෙන් ඔහු අස්වසමින්
“දඩ්ඪො වාහසහස්සෙහි, සිත්තො ඝටසතෙහි සො; පරික්ඛතා ච සා භූමි, මා භායි නාගමිස්සතී”ති.
දඩ්ඪො වාහ සහස්සෙභි සිත්තො ඝට සතෙහිසො, පරික්ඛතො චසා භූමි මා භායි නාග මිස්සති,
යන ගාථාව කීහ.
“පිංගල රජු දර කරත්ත දහසකින් දවන ලද්දේය. වතුර කළ සියයකින් තෙමන ලදි. ඒ බිමද සාරා දමන ලදි. බිය නොවන්න. ඔහු පෙරළා නොඑන්නේය.”
තතො පට්ඨාය දොවාරිකො අස්සාසං පටිලභි. බොධිසත්තො ධම්මෙන රජ්ජං කාරෙත්වා දානාදීනි පුඤ්ඤානි කත්වා යථාකම්මං ගතො.
එතැන් පටන් දොරටු පාලයා සැනසීමක් ලැබුවේය. බෝසතාණන් වහන්සේ දැහැමෙන් රජකරවා දානාදී පිංකම්කොට කර්මානුරූපව පරළොව ගියහ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා මහාපිඞ්ගලො දෙවදත්තො අහොසි, පුත්තො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල පිංගල රජ දෙව්දත් තෙරය. පුතා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
මහාපිඞ්ගලජාතකවණ්ණනා දසමා.
උපාහනවග්ගො නවමො.
නවවැනි උපාහන වර්ගය නිමියේය.
තස්සුද්දානං –
උපාහනං වීණාථූණං, විකණ්ණකං අසිතාභු; වච්ඡනඛං බකඤ්චෙව, සාකෙතඤ්ච එකපදං; හරිතමාතු පිඞ්ගලං.