1. සබ්බදාඨජාතකවණ්ණනා 241 අට්ඨකථා
1. සබ්බදාඨජාතකවණ්ණනා (241)
1. සබ්බදාඨ ජාතකය (241)
සිඞ්ගාලො මානත්ථද්ධොති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො දෙවදත්තං ආරබ්භ කථෙසි. දෙවදත්තො අජාතසත්තුං පසාදෙත්වා උප්පාදිතං ලාභසක්කාරං චිරට්ඨිතිකං කාතුං නාසක්ඛි, නාළාගිරිපයොජනෙ පාටිහාරියස්ස දිට්ඨකාලතො පට්ඨාය තස්ස සො ලාභසක්කාරො අන්තරධායි. අථෙකදිවසං භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, දෙවදත්තො ලාභසක්කාරං උප්පාදෙත්වා චිරට්ඨිතිකං කාතුං නාසක්ඛී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, දෙවදත්තො ඉදානෙව අත්තනො උප්පන්නං ලාභසක්කාරං අන්තරධාපෙති, පුබ්බෙපි අන්තරධාපෙසියෙවා”ති වත්වා අතීතං ආහරි.
සිගාලො මානත්ථද්ධො යන මේ ධර්මදේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දෙව්දත් තෙරුන් අරබයා වදාළ සේක. දෙව්දත් තෙර අජාසත් රජු පහදවාගෙන උපදවන ලද ලාභසත්කාර දිගුකල් පවත්වාගෙන යාමට අසමත් විය. නාලාගිරි ඇතු මෙහෙයවූ විට සිදුවූ ප්රාතිහාර්යය (ජනයා) දුටු කාලයේ පටන් ඔහුගේ ඒ ලාභසත්කාර අතුරුදහන් විය. ඉක්බිති එක්දිනක් භික්ෂූන් වහන්සේලා දම්සභාවෙහිදී ඇවැත්නි! දෙව්දත් තෙර ලාභ සත්කාර උපදවාගෙන දිගුකල් පවත්වා ගෙනයාමට නොහැකි වී යයි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මා එන්නට පෙර මෙහි කිනම් කතාවකින් යුතුව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! දෙව්දත් තමන්ට උපන්නා වූ ලාභසත්කාර අතුරුදහන් කර ගත්තේ දැන් පමණක් නොවේ. පෙරත් එසේ අතුරුදහන් කරගත්තේ යැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො තස්ස පුරොහිතො අහොසි තිණ්ණං වෙදානං අට්ඨාරසන්නඤ්ච සිප්පානං පාරං ගතො. සො පථවීජයමන්තං නාම ජානාති. පථවීජයමන්තොති ආවට්ටනමන්තො වුච්චති. අථෙකදිවසං බොධිසත්තො “තං මන්තං සජ්ඣායිස්සාමී”ති එකස්මිං අඞ්ගණට්ඨානෙ පිට්ඨිපාසාණෙ නිසීදිත්වා සජ්ඣායමකාසි. තං කිර මන්තං අඤ්ඤවිහිතං ධිතිවිරහිතං සාවෙතුං න සක්කා, තස්මා නං සො තථාරූපෙ ඨානෙ සජ්ඣායති. අථස්ස සජ්ඣායනකාලෙ එකො සිඞ්ගාලො එකස්මිං බිලෙ නිපන්නො තං මන්තං සුත්වාව පගුණමකාසි. සො කිර අනන්තරාතීතෙ අත්තභාවෙ පගුණපථවීජයමන්තො එකො බ්රාහ්මණො අහොසි. බොධිසත්තො සජ්ඣායං කත්වා උට්ඨාය “පගුණො වත මෙ අයං මන්තො”ති ආහ. සිඞ්ගාලො බිලා නික්ඛමිත්වා “අම්භො බ්‍රාහ්මණ, අයං මන්තො තයාපි මමෙව පගුණතරො”ති වත්වා පලායි. බොධිසත්තො “අයං සිඞ්ගාලො මහන්තං අකුසලං කරිස්සතී”ති “ගණ්හථ ගණ්හථා”ති ථොකං අනුබන්ධි. සිඞ්ගාලො පලායිත්වා අරඤ්ඤං පාවිසි.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජකරද්දී ත්‍රිවේදයෙහිද අටළොස් (18) ශිල්පයන්හිද පරතෙරට ගිය බෝසතාණන් වහන්සේ ඔහුගේ පෙරවි බමුණා වූහ. ඔහු පඨවීජය මන්ත්‍රය (පොළව ජයගැනීමේ මන්ත්‍රයක්) දනී. පඨවීජය මන්ත්‍රය යනු ආවර්ජන මන්ත්‍රය යයි කියනු ලැබේ. ඉක්බිති එක්දිනක් බෝසතාණන් වහන්සේ ඒ මන්ත්‍රය සජ්ඣායනා කරන්නෙමියි එක්තරා එළිමහන් තැනක ඇති ගල්තලාවක් මත හිඳගෙන සජ්ඣායනා (හඬ නගා කීම) කළහ. ඒ මන්ත්‍රය වනාහි විධි (නියමයන්) අනුගමනය නොකළ අන් කෙනෙකුට ඇසිය නොහැකිය. ඒ නිසා ඔහු එවැනි තැනක සජ්ඣායනා කරයි. ඉක්බිති ඔහු සජ්ඣායනා කරන කාලයෙහි එක් බෙනයක හුන් එක් හිවලෙක් ඒ මන්ත්‍රය අසාගෙන සිටීමෙන්ම ප්‍රගුණ කළේය. ඒ හිවලා වනාහි මේ ජීවිතයට පෙර ආත්ම භාවයේදී පඨවීජය මන්ත්‍රය පුහුණු කළ එක් බමුණෙක් විය. බෝසතාණන් වහන්සේ සජ්ඣායනාකොට නැගිට, ඒකාන්තයෙන් මේ මන්ත්‍රය මට කටපාඩම් (ප්‍රගුණ) යැයි කීහ. හිවලා බෙනයෙන් එලියට පැමිණ එම්බා බමුණ! මේ මන්ත්‍රය ඔබට වඩා මට ප්රගුණයයි කියා පලාගියේය. බෝසතාණන් වහන්සේ මේ හිවලා මහත් අකුසලයක් (පහත් දෙයක්) කරන්නේ යැයි සිතා ගනිවු, ගනිවු යයි ටිකදුරක් ලුහුබැන්දේය. හිවලා පලාගොස් කැලයට පිවිසියේය.
සො ගන්ත්වා එකං සිඞ්ගාලිං ථොකං සරීරෙ ඩංසි, “කිං, සාමී”ති ච වුත්තෙ “මය්හං ජානාසි න ජානාසී”ති ආහ. සා “ආම, ජානාමී”ති සම්පටිච්ඡි. සො පථවීජයමන්තං පරිවත්තෙත්වා අනෙකානි සිඞ්ගාලසතානි ආණාපෙත්වා සබ්බෙපි හත්ථිඅස්සසීහබ්යග්ඝසූකරමිගාදයො චතුප්පදෙ අත්තනො සන්තිකෙ අකාසි. කත්වා ච පන සබ්බදාඨො නාම රාජා හුත්වා එකං සිඞ්ගාලිං අග්ගමහෙසිං අකාසි. ද්වින්නං හත්ථීනං පිට්ඨෙ සීහො තිට්ඨති, සීහපිට්ඨෙ සබ්බදාඨො සිඞ්ගාලො රාජා සිඞ්ගාලියා අග්ගමහෙසියා සද්ධිං නිසීදති, මහන්තො යසො අහොසි. සො යසමහන්තෙන පමජ්ජිත්වා මානං උප්පාදෙත්වා “බාරාණසිරජ්ජං ගණ්හිස්සාමී”ති සබ්බචතුප්පදපරිවුතො බාරාණසියා අවිදූරට්ඨානං සම්පාපුණි, පරිසා ද්වාදසයොජනා අහොසි. සො අවිදූරෙ ඨිතොයෙව “රජ්ජං වා දෙතු, යුද්ධං වා”ති රඤ්ඤො සාසනං පෙසෙසි. බාරාණසිවාසිනො භීතතසිතා නගරද්වාරානි පිදහිත්වා අට්ඨංසු.
හිවලා ගොස් එක් හිවලියකගේ ඇඟ ටිකක් හැපුවේය. ස්වාමීනි! ඇයිදැයි කී කල්හි ඔබ මා ගැන දන්නෙහිද, නොදන්නෙහිදැයි ඇසීය. ඈ එසේය දනිමියි කියා පිළිගත්තාය. හිවලා පඨවීජය මන්ත්‍රය මතුරා නොයෙක් සියගණන් හිවලුන්ට අණකොට සියලුම ඇත්, අස්, සිංහ, ව්යාඝ්ර, ඌරු, මුව ආදී සිවුපාවුන් තමන් සමීපයට ළංකර ගත්තේය. රැස් කරවා සබ්බදාඨ නම් රජව එක් හිවලියක අගමෙහෙසිය කරගත්තේය. ඇතුන් දෙදෙනෙකුගේ පිටෙහි සිංහයෙක් සිටී. සිංහයාගේ පිටෙහි සබ්බදාඨ නම් හිවල් රජ හිවල් අගමෙහෙසිය සමග හිඳියි. මහත් සම්පත් විය. හිවලා මහත් සම්පතින් ප්‍රමාද වී මානය උපදවාගෙන බරණැස් රාජ්‍යය අල්ලා ගන්නෙමියි සිතා සියලු සිව්පාවුන් පිරිවරන ලද්දේ බරණැස් නුවරට නුදුරු තැනකට පැමිණියේය. සිව්පාවුන්ගේ පිරිස් ප්‍රමාණය දොළොස් යොදුනක් දුරට විය. හිවලා නුදුරෙහි සිටියේම මට රාජ්‍යය දෙව, නැතිනම් යුද්ධ හෝ කරවයි රජුට පණිවිඩ යැවීය. බරණැස් නුවරවාසීහු බියෙන් තැතිගෙන නගරයෙහි දොරටු වසාගෙන සිටියාහුය.
බොධිසත්තො රාජානං උපසඞ්කමිත්වා “මා භායි, මහාරාජ, සබ්බදාඨසිඞ්ගාලෙන සද්ධිං යුද්ධං මම භාරො, ඨපෙත්වා මං අඤ්ඤො තෙන සද්ධිං යුජ්ඣිතුං සමත්ථො නාම නත්ථී”ති රාජානඤ්ච නාගරෙ ච සමස්සාසෙත්‍වා “කින්ති කත්වා නු ඛො සබ්බදාඨො රජ්ජං ගහෙස්සති, පුච්ඡිස්සාමි තාව න”න්ති ද්වාරට්ටාලකං අභිරුහිත්වා “සම්ම සබ්බදාඨ, කින්ති කත්වා ඉමං රජ්ජං ගණ්හිස්සසී”ති පුච්ඡි. “සීහනාදං නදාපෙත්වා මහාජනං සද්දෙන සන්තාසෙත්වා ගණ්හිස්සාමී”ති. බොධිසත්තො “අත්ථෙත”න්ති ඤත්වා අට්ටාලකා ඔරුය්හ “සකලද්වාදසයොජනිකබාරාණසිනගරවාසිනො කණ්ණච්ඡිද්දානි මාසපිට්ඨෙන ලඤ්ජන්තූ”ති භෙරිං චරාපෙසි. මහාජනො භෙරියා ආණං සුත්වා අන්තමසො බිළාලෙ උපාදාය සබ්බචතුප්පදානඤ්චෙව අත්තනො ච කණ්ණච්ඡිද්දානි යථා පරස්ස සද්දං සොතුං න සක්කා, එවං මාසපිට්ඨෙන ලඤ්ජි.
බෝසතාණන් වහන්සේ රජු වෙත එළඹ මහරජතුමනි, බිය නොවන්න. සබ්බදාඨික හිවලා සමග යුධ කිරීම මට බාරයි. මා හැර ඔහු සමග යුධ කිරීමට සමත් වෙනත් කෙනෙක් නම් නැත. ඔහු රජුද නගරවාසීන් ද සනසා කුමක්කොට සබ්බදාඨික මේ රාජ්‍යය අල්ලා ගන්නේදැයි පළමුකොට ඔහුගෙන් විචාරන්නෙමියි සිතා දොරටු අට්ටාලයට නැග, සබ්බදාඨ! කුමක්කොට මේ රාජ්‍යය ගන්නෙහිදැයි විචාළේය. සිංහනාද කරවා මහජනයා ශබ්දයෙන් තැති ගන්වා ගන්නෙමියි කීවේය. බෝසතාණන් වහන්සේ කළ යුත්තක් ඇතැයි දැන අට්ටාලයෙන් බැස දොළොස් යොදුන් පමණ වූ බරණැස නුවරවැසි සියලුදෙනාම කන්සිදුරු උඳු (මෑ) පිටිවලින් තවරා ගන්නැයි බෙර හැසිරවීය. මහජනයා බෙර අණ අසා යටත් පිරිසෙයින් බළලුන් දක්වාම සියලු සිව්පාවුන්ගේද, තමන්ගේද කන් සිදුරු අනුන්ගේ ශබ්දයක් අසන්නට නොහැකිවන සේ උඳුපිටිවලින් තවරා ගත්හ.
අථ බොධිසත්තො පුන අට්ටාලකං අභිරුහිත්වා “සබ්බදාඨා”ති ආහ. “කිං, බ්රාහ්මණා”ති? “ඉමං රජ්ජං කින්ති කත්වා ගණ්හිස්සසී”ති? “සීහනාදං නදාපෙත්වා මනුස්සෙ තාසෙත්වා ජීවිතක්ඛයං පාපෙත්වා ගණ්හිස්සාමී”ති. “සීහනාදං නදාපෙතුං න සක්ඛිස්සසි. ජාතිසම්පන්නා හි සුරත්තහත්ථපාදා කෙසරසීහරාජානො තාදිසස්ස ජරසිඞ්ගාලස්ස ආණං න කරිස්සන්තී”ති. සිඞ්ගාලො මානත්ථද්ධො හුත්වා “අඤ්ඤෙ තාව සීහා තිට්ඨන්තු, යස්සාහං පිට්ඨෙ නිසින්නො, තඤ්ඤෙව නදාපෙස්සාමී”ති ආහ. “තෙන හි නදාපෙහි, යදි සක්කොසී”ති. සො යස්මිං සීහෙ නිසින්නො, තස්ස “නදාහී”ති පාදෙන සඤ්ඤං අදාසි. සීහො හත්ථිකුම්භෙ මුඛං උප්පීළෙත්වා තික්ඛත්තුං අප්පටිවත්තියං සීහනාදං නදි. හත්ථී සන්තාසප්පත්තා හුත්වා සිඞ්ගාලං පාදමූලෙ පාතෙත්වා පාදෙනස්ස සීසං අක්කමිත්වා චුණ්ණවිචුණ්ණං අකංසු, සබ්බදාඨො තත්ථෙව ජීවිතක්ඛයං පත්තො. තෙපි හත්ථී සීහනාදං සුත්වා මරණභයතජ්ජිතා අඤ්ඤමඤ්ඤං ඔවිජ්ඣිත්වා තත්ථෙව ජීවිතක්ඛයං පාපුණිංසු, ඨපෙත්වා සීහෙ සෙසාපි මිගසූකරාදයො සසබිළාරපරියොසානා සබ්බෙ චතුප්පාදා තත්ථෙව ජීවිතක්ඛයං පාපුණිංසු. සීහා පලායිත්වා අරඤ්ඤං පවිසිංසු, ද්වාදසයොජනිකො මංසරාසි අහොසි. බොධිසත්තො අට්ටාලකා ඔතරිත්වා නගරද්වාරානි විවරාපෙත්වා “සබ්බෙ අත්තනො කණ්ණෙසු මාසපිට්ඨං අපනෙත්වා මංසත්ථිකා මංසං ආහරන්තූ”ති නගරෙ භෙරිං චරාපෙසි. මනුස්සා අල්ලමංසං ඛාදිත්වා සෙසං සුක්ඛාපෙත්වා වල්ලූරමකංසු. තස්මිං කිර කාලෙ වල්ලූරකරණං උදපාදීති වදන්ති.
ඉක්බිති බෝසතාණන් වහන්සේ නැවත අට්ටාලයට නැග සබ්බදාඨ යැයි හිවලාට කීහ. ඇයි බමුණානෙනි! මේ රාජ්‍යය කුමක්කොට ගන්නෙහිද? සිංහනාද පවත්වා මිනිසුන් තැතිගන්වා මරණයට පමුණුවා ගන්නෙමියි කීවේය. සිංහනාදයක් කරවා ගන්නට නොහැකි වන්නෙහි උසස් සිවුපා කුලයෙහි උපන් ඉතා රතු අත්පා ඇති කේසර සිංහරාජයෝ නුඹ වැනි නීච හිවලකුගේ අණ නොපිළිපදින්නෝ යැයි කීහ. හිවලා මානයෙන් දැඩිවී අනිත් සිංහයෝ සිටිත්වා. මා නැග සිටින සිංහයා ලවාම නාද කරවන්නෙමියි කීවේය. ඉදින් හැකිනම් නාදකරවා ලවයි කීහ. හිවලා තමා නැග සිටින සිංහයාට නාද කරන්නැයි සංඥාවක් දුන්නේය. සිංහයා ඇත්කුඹෙහි මුඛය උලා තුන්වරක් කිසිවකුට නැවතිය නොහැකි සිංහනාදය නාද කළේය. ඇත්තු සන්ත්‍රාසයට පත්වී කැනහිලා බිම දමා ඌගේ හිස පයිනුත් පාගා සුනුවිසුණු කළහ. සබ්බදාඨ එහිම මරණයට පත්විය ඒ ඇත්තුද සිංහනාදය අසා මරණ බියෙන් තැතිගෙන එකිනෙකා ඇණගෙන එහිම මරණයට පත්වූහ. සිංහයන් හැර සෙසු මුව, ඌරු ආදීන්ද, හාවුන්, බළලුන් කෙළවරකොට ඇති සියලු සිව්පාවෝද එහිම මරණයට පැමිණියහ. සිංහයා පලාගොස් වනයට පිවිසියහ. දොළොස් යොදුනක් මඟදිගට මස්ගොඩවල් විය. බෝසතාණන් වහන්සේ අට්ටාලයෙන් බැස නගරයෙහි දොරටු විවර කරවා සියල්ලෝම තමන්ගේ කන්වල උඳුපිටි පහකොට මස් කැමති අයට මස්ගෙන යන්නැයි නුවර බෙර හැසිරවූහ. මිනිස්සු අමු මස් කා සෙස්ස වියලවා වියලි මස් කළාහුය. ඒ කාලයෙහි වියලි මස් සෑදීම ඇතිවීයැයි කියති.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ඉමා අභිසම්බුද්ධගාථා වත්වා ජාතකං සමොධානෙසි –
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මේ
“සිඞ්ගාලො මානත්ථද්ධො ච, පරිවාරෙන අත්ථිකො; පාපුණි මහතිං භූමිං, රාජාසි සබ්බදාඨිනං.
සිගාලො මානත්ථද්ධොව පරිවාරෙන අත්ථිකො, පාපුණී මහතිං භූමිං රාජාසි සබ්බදාඨිනං
“එවමෙව මනුස්සෙසු, යො හොති පරිවාරවා; සො හි තත්ථ මහා හොති, සිඞ්ගාලො විය දාඨින”න්ති.
එව මෙවං මනුස්සෙසු යො හොති පරිවාරවා, සොහි තත්ථ මහාහොති සිගාලො විය දාඨිනං
යන අභිසම්බුද්ධ ගාථා වදාරා ජාතක කථාව ගලපා නිමවා වදාළ සේක.
මහ පිරිවර නිසා මානයෙන් උද්දාම වූ හිවලා තව තවත් පිරිවර කැමති වූයේ මහත් සම්පත්තියට පැමිණියේය. දළ ඇති සියලු සිව්පා සතුන්ට රජවිය.
ඒ වාගේම මිනිසුන් අතුරේ පිරිවර ඇත්තේ වේද, ඔහු දළ ඇති සිවුපාවුන්ට රජ වූ හිවලා සේ ගරු කළ යුතු වේ. (පිරිවර නිසා වැනසේ යනුයි)
තත්ථ මානත්ථද්ධොති පරිවාරං නිස්සාය උප්පන්නෙන මානෙන ථද්ධො. පරිවාරෙන අත්ථිකොති උත්තරිම්පි පරිවාරෙන අත්ථිකො හුත්වා. මහතිං භූමින්ති මහන්තං සම්පත්තිං. රාජාසි සබ්බදාඨිනන්ති සබ්බෙසං දාඨීනං රාජා ආසි. සො හි තත්ථ මහා හොතීති සො පරිවාරසම්පන්නො පුරිසො තෙසු පරිවාරෙසු මහා නාම හොති. සිඞ්ගාලො විය දාඨිනන්ති යථා සිඞ්ගාලො දාඨීනං මහා අහොසි, එවං මහා හොති, අථ සො සිඞ්ගාලො විය පමාදං ආපජ්ජිත්වා තං පරිවාරං නිස්සාය විනාසං පාපුණාතීති.
එහි, මානත්ථද්ධො යනු පිරිවර නිසා උපන් මානයෙන් දැඩි වූයේ. පරිවාරෙන අත්ථිකො යනු තවදුරටත් පිරිවරෙන් ප්‍රයෝජන ඇත්තෙක් වී. මහතිං භූමිං යනු මහත් සම්පත්, රාජාසිසබ්බදාඨිනං යනු දළ ඇති සියල්ලන්ගේ රජවිය. සොහිතතං මහා හොති යනු ඒ පිරිවර ඇති පුරුෂයා ඔවුන් විසින් පිරිවැරූ කල්හි ‘මහා’ නම් වෙයි. සිගාලොවිය දාඨිනං යනු දළ (දත්) ඇති සතුන්ට හිවලා ‘මහා’ වූවා සේ ‘මහා’ වෙයි. එවිට (උඩඟුකම නිසා) ඒ හිවලා මෙන් මිනිසාද ප්‍රමාදයට පත්ව ඒ පිරිවර නිසා විනාශයට පැමිණෙයි.
“තදා සිඞ්ගාලො දෙවදත්තො අහොසි, රාජා සාරිපුත්තො, පුරොහිතො පන අහමෙව අහොසි”න්ති.
එකල හිවලා දෙව්දත්ය. රජ සැරියුත්ය. පුරෝහිත බමුණා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
සබ්බදාඨජාතකවණ්ණනා පඨමා.