2. සුනඛජාතකවණ්ණනා 242 අට්ඨකථා
2. සුනඛජාතකවණ්ණනා (242)
2. සුනඛ ජාතකය (242)
බාලො වතායං සුනඛොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අම්බණකොට්ඨකෙ ආසනසාලාය භත්තභුඤ්ජනසුනඛං ආරබ්භ කථෙසි. තං කිර ජාතකාලතො පට්ඨාය පානීයහාරකා ගහෙත්වා තත්ථ පොසෙසුං. සො අපරභාගෙ තත්ථ භත්තං භුඤ්ජන්තො ථූලසරීරො අහොසි. අථෙකදිවසං එකො ගාමවාසී පුරිසො තං ඨානං පත්තො සුනඛං දිස්වා පානීයහාරකානං උත්තරිසාටකඤ්ච කහාපණඤ්ච දත්වා ගද්දූලෙන බන්ධිත්වා තං ආදාය පක්කාමි. සො ගහෙත්වා නීයමානො න වස්සි, දින්නං දින්නං ඛාදන්තො පච්ඡතො පච්ඡතො අගමාසි. අථ සො පුරිසො “අයං ඉදානි මං පියායතී”ති ගද්දූලං මොචෙසි, සො විස්සට්ඨමත්තො එකවෙගෙන ආසනසාලමෙව ගතො. භික්ඛූ තං දිස්වා තෙන ගතකාරණං ජානිත්වා සායන්හසමයෙ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, ආසනසාලාය සුනඛො බන්ධනමොක්ඛකුසලො විස්සට්ඨමත්තොව පුන ආගතො”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, සො සුනඛො ඉදානෙව බන්ධනමොක්ඛකුසලො, පුබ්බෙපි කුසලොයෙවා”ති වත්වා අතීතං ආහරි.
බාලො වතායං සුනඛො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් අම්බල කොට්ඨික නම් ආසන ශාලාව අසල බත් අනුභව කරන බල්ලෙකු අරබයා වදාළ සේක. ඒ බලුපැටියා උපන් කාලයේ (ආසන සාලාවට) පැන් ගෙනයන්නෝ ඌ රැගෙන විත් එහිදී පෝෂණය කළාහුය. ඒ සුනඛයා පසුකලෙක එහි බත් අනුභව කරමින් මහත් ශරීර ඇත්තෙක් විය. ඉක්බිති එක්දිනක් එක්තරා ගම්වැසි පුරුෂයෙක් ඒ ස්ථානයට පැමිණියේ සුනඛයා දැක පැන් ගෙන එන්නන්ට උතුරු සළුවද කහවණුවක්ද දී හම්පටියකින් බැඳ ඌ රැගෙන ගියේය. ඔහු (ඌ) රැගෙන යද්දී නොබිරුවේය. දෙන දෙන දේ කමින් ඔහු පසුපස ගියේය. ඉක්බිති ඒ පුරුෂයා මේ බල්ලා දැන් මට ප්‍රිය කරතියි (ආදරය කරයි) සිතා සම්පටින් නිදහස් කළේය. ඒ සුනඛයා මුදාහළ මොහොතෙහිම එක පිම්මේ ආසන ශාලාවලටම ගියේය. භික්ෂූහු ඒ දැක ඌ විසින් කළ ක්‍රියාව දැක සවස් කාලයේ දම්සභාවෙහිදී ඇවැත්නි! ආසන ශාලාවෙහි සිටි බල්ලා බැම්මෙන් මිදීමේ දක්ෂයෙක් වී මුදාහළ මොහොතෙහිම නැවත ආවේයයි කථාවක් ඉපදවූහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමකර, මහණෙනි! මෙහි දැන් කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි, මහණෙනි! ඒ සුනඛයා බන්ධයෙන් මිදීමේ දක්ෂයෙකු වූයේ දැන් පමණක් නොවේ. පෙරත් දක්ෂයෙක් වී යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො කාසිරට්ඨෙ එකස්මිං මහාභොගකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො ඝරාවාසං අග්ගහෙසි. තදා බාරාණසියං එකස්ස මනුස්සස්ස සුනඛො අහොසි, සො පිණ්ඩිභත්තං ලභන්තො ථූලසරීරො ජාතො. අථෙකො ගාමවාසී බාරාණසිං ආගතො තං සුනඛං දිස්වා තස්ස මනුස්සස්ස උත්තරිසාටකඤ්ච කහාපණඤ්ච දත්වා සුනඛං ගහෙත්වා චම්මයොත්තෙන බන්ධිත්වා යොත්තකොටියං ගහෙත්වා ගච්ඡන්තො අටවිමුඛෙ එකං සාලං පවිසිත්වා සුනඛං බන්ධිත්වා ඵලකෙ නිපජ්ජිත්වා නිද්දං ඔක්කමි. තස්මිං කාලෙ බොධිසත්තො කෙනචිදෙව කරණීයෙන අටවිං පටිපන්නො තං සුනඛං යොත්තෙන බන්ධිත්වා ඨපිතං දිස්වා පඨමං ගාථමාහ –
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කසී රට එක්තරා මහා සම්පත් ඇති කුලයක ඉපිද වැඩිවියට පත්ව ගෘහවාසයට පත්වූහ. එකල බරණැස් නුවර එක්තරා මිනිසෙකුට බල්ලෙක් සිටියේය. එ් සුනඛයා බත්පිඩු ලබමින් මහත් සිරුර ඇත්තේ විය. ඉක්බිති එක් ගම්වැසියෙක් බරණැසට පැමිණියේ ඒ සුනඛයා දැක අයිතිකරුට උතුරු සළුවක් හා කහවනුවක් දී බල්ලා ලබාගෙන හම්පටියකින් ඌ බැඳගෙන පටි කෙළවර අල්ලාගෙන යන්නේ කැලෑවට ඇතුල්වන තැනදී එක් ශාලාවකට පිවිස සුනඛයා බැඳ ලෑල්ලක වැතිරී නිදා ගත්තේය. එකල බෝසතාණන් වහන්සේ කිසියම් කරුණක් සදහා කැලයට පිවිසෙමින් හම්පටින් බැඳ සිටි ඒ බල්ලා දැක
“බාලො වතායං සුනඛො, යො වරත්තං න ඛාදති; බන්ධනා ච පමුඤ්චෙය්ය, අසිතො ච ඝරං වජෙ”ති.
බාලො වතායං සුනඛො යො වරත්තං න ඛාදති, බන්ධනාච පමුඤ්චෙය්ය අසිතොච ඝරං චජෙ
යන පළමු ගාථාව කීහ.
වරපට නොකන මේ සුනඛයා ඒකාන්තයෙන් මෝඩය. බන්ධනයෙහි මිදුනේ සතුටින් ගෙට යන්නේය.
තත්ථ පමුඤ්චෙය්යාති පමොචෙය්ය, අයමෙව වා පාඨො. අසිතො ච ඝරං වජෙති අසිතො සුහිතො හුත්වා අත්තනො වසනට්ඨානං ගච්ඡෙය්ය.
එහි, පමුඤ්චෙය්ය යනු මුදා හරින්නේය. මෙයම පාඨයයි. අසිතොච ඝරං චජෙ යනු ආහාර ඇත්තෙක්ව තෘප්තියට පත්ව, හොඳහිත ඇතිව තමන්ගේ වාසස්ථානයට යන්නේය.
තං සුත්වා සුනඛො දුතියං ගාථමාහ –
ඒ අසා සුනඛයා -
“අට්ඨිතං මෙ මනස්මිං මෙ, අථො මෙ හදයෙ කතං; කාලඤ්ච පටිකඞ්ඛාමි, යාව පස්සුපතූ ජනො”ති.
අට්ඨිතං මෙ වනස්මිං මෙ අථො මෙ හදයෙ කතං, කාලඤ්ච පතිකංඛාමි යාව පස්සුපතු ජනො
යන දෙවන ගාථාව කීවේය.
තොප කියන දැය මා විසින් දැඩිව සිතට ගන්නා ලදි. මගේ සිතෙහිද ඒ අදහස ඇත. (මා විසින්) මගේ ද ඔබේද අදහස හදවතෙහි (තැන්පත්) කරන ලදි. පලා යන්නට නිසි කල් බලමි. මේ ජන තෙමේ නිද්‍රෝපගත වේවා!
තත්ථ අට්ඨිතං මෙ මනස්මිං මෙති යං තුම්හෙ කථෙථ, තං මයා අධිට්ඨිතමෙව, මනස්මිංයෙව මෙ එතං. අථො මෙ හදයෙ කතන්ති අථ ච පන මෙ තුම්හාකං වචනං හදයෙ කතමෙව. කාලඤ්ච පටිකඞ්ඛාමීති කාලං පටිමානෙමි. යාව පස්සුපතූ ජනොති යාවායං මහාජනො පසුපතු නිද්දං ඔක්කමතු, තාවාහං කාලං පටිමානෙමි . ඉතරථා හි “අයං සුනඛො පලායතී”ති රවො උප්පජ්ජෙය්ය, තස්මා රත්තිභාගෙ සබ්බෙසං සුත්තකාලෙ චම්මයොත්තං ඛාදිත්වා පලායිස්සාමීති. සො එවං වත්වා මහාජනෙ නිද්දං ඔක්කන්තෙ යොත්තං ඛාදිත්වා සුහිතො හුත්වා පලායිත්වා අත්තනො සාමිකානං ඝරමෙව ගතො.
එහි, අට්ඨිතං වෙ වනස්මිං මෙ යනු තෙපි කියන දෙය මා විසින් දැඩි ලෙස සිතට ගන්නා ලද්දේමය. මගේ සිතෙහි ද ඒ අදහසම ඇත. අථො මෙ හදයෙ කතං යනු ඉක්බිති මාගේද තොපගේද කීම හදවතෙහි (සිතෙහි) තැන්පත් කරන ලද්දේමය. කාලඤ්චපතිකංඛාමි යනු කාලය උදාවනතුරු බලා සිටිමි. යාව පස්සුපතූ ජනො යනු මහජනයා නිදනතුරු, නින්දට බැසගන්නා තුරු මම බලාපොරොත්තුවෙන් සිටිමි. අනිත් අතට, (මිනිසුන් නින්දට යාමට පෙර මා වරපට කන්නට ගියොත්) මේ බල්ලා පලායතියි රාවයක් ඇති වුවහොත් (එය මගේ අදහසට බාධාවකි) එහෙයින් රාත්‍රී භාගයෙහි සියලුදෙනාම නිදිගත් කල්හි සම්පටිය කා පලා යන්නෙමියි කීහ. ඌ මෙසේ කියා මහජනයා නිදිගත් කල හම්පටිය කා සතුටු සිතින් තම ස්වාමියාගේ නිවසටම ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා සුනඛොව එතරහි සුනඛො, පණ්ඩිතපුරිසො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එදා සුනඛයා අදත් එම සුනඛයාමය. නුවණ ඇති පුරුෂයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
සුනඛජාතකවණ්ණනා දුතියා.