3. ගුත්තිලජාතකවණ්ණනා 243 අට්ඨකථා
3. ගුත්තිලජාතකවණ්ණනා (243)
3. ගුත්තිල ජාතකය (243)
සත්තතන්තිං සුමධුරන්ති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො දෙවදත්තං ආරබ්භ කථෙසි. තස්මිඤ්හි කාලෙ භික්ඛූ දෙවදත්තං ආහංසු – “ආවුසො දෙවදත්ත, සම්මාසම්බුද්ධො තුය්හං ආචරියො, ත්වං සම්මාසම්බුද්ධං නිස්සාය තීණි පිටකානි උග්ගණ්හි, චත්තාරි ඣානානි උප්පාදෙසි, ආචරියස්ස නාම පටිසත්තුනා භවිතුං න යුත්ත”න්ති. දෙවදත්තො “කිං පන මෙ, ආවුසො, සමණො ගොතමො ආචරියො, නනු මයා අත්තනො බලෙනෙව තීණි පිටකානි උග්ගහිතානි, චත්තාරි ඣානානි උප්පාදිතානී”ති ආචරියං පච්චක්ඛාසි. භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, දෙවදත්තො ආචරියං පච්චක්ඛාය සම්මාසම්බුද්ධස්ස පටිසත්තු හුත්වා මහාවිනාසං පත්තො”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, දෙවදත්තො ඉදානෙව ආචරියං පච්චක්ඛාය මම පටිසත්තු හුත්වා විනාසං පාපුණාති, පුබ්බෙපි පත්තොයෙවා”ති වත්වා අතීතං ආහරි.
සත්තතන්තිං සුමධුරං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දෙව්දත් තෙරුන් අරබයා වදාළ සේක. ඒ කාලයේ භික්ෂූහු දෙව්දත් තෙරුන්ට ඇවැත්නි, දේවදත්තයිනි! සම්මා සම්බුදු රජාණන් වහන්සේ නුඹවහන්සේගේ ගුරුවරයාය. නුඹ උන්වහන්සේ නිසා ත්‍රිපිටකය ඉගෙන ගත්තෙහි, ධ්‍යාන හතර උපදවා ගත්තෙහි, ගුරුවරයාගේ සතුරෙකු වීම නම් යුතු නොවේ යයි කීහ. එවිට දේවදත්ත, ඇවැත්නි, ශ්‍රමණ භවත් ගෞතමයෝ මට ගුරුවරයා වන්නේ කෙසේද? මා විසින් මගේ උත්සාහයෙන්ම තුන්පිටකය ඉගෙන ගන්නා ලදි. ධ්‍යාන සතර උපදවා ගන්නා ලදීයයි කියමින් ගුරුවරයා ප්‍රතික්ෂේප කළේය. භික්ෂූන් වහන්සේලා ඒ ගැන දම්සභාවෙහිදී ඇවැත්නි! දෙව්දත් තෙරුන් ගුරුවරයා ප්රතික්ෂේපකොට බුදුරජාණන් වහන්සේට සතුරු වී මහා විනාශයට පත්වීයැයි කථාවක් ඉපදවූහ. බුදුරජාණන් වහන්සේ එතනට අවුත් මහණෙනි, දැන් මෙහි කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විචාරා, මෙනම් කථාවෙන් යැයි කී කල්හි මහණෙනි, දෙව්දත් ගුරුවරයා ප්‍රතික්ෂේප කොට මට සතුරු වූයේ දැන් පමණක් නොවේ. පෙරත් එසේ විනාශයට පත්වූයේයැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො ගන්ධබ්බකුලෙ නිබ්බත්ති, “ගුත්තිලකුමාරො”තිස්ස නාමං අකංසු. සො වයප්පත්තො ගන්ධබ්බසිප්පෙ නිප්ඵත්තිං පත්වා ගුත්තිලගන්ධබ්බො නාම සකලජම්බුදීපෙ අග්ගගන්ධබ්බො අහොසි. සො දාරාභරණං අකත්වා අන්ධෙ මාතාපිතරො පොසෙසි. තදා බාරාණසිවාසිනො වාණිජා වණිජ්ජාය උජ්ජෙනිනගරං ගන්ත්වා උස්සවෙ ඝුට්ඨෙ ඡන්දකං සංහරිත්වා බහුං මාලාගන්ධවිලෙපනඤ්ච ඛජ්ජභොජ්ජාදීනි ච ආදාය කීළනට්ඨානෙ සන්නිපතිත්වා “වෙතනං දත්වා එකං ගන්ධබ්බං ආනෙථා”ති ආහංසු. තෙන ච සමයෙන උජ්ජෙනියං මූසිලො නාම ජෙට්ඨගන්ධබ්බො හොති, තෙ තං පක්කොසාපෙත්වා අත්තනො ගන්ධබ්බං කාරෙසුං.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ගාන්ධර්ව කුලයෙහි උපන් සේක. ඔහුට ගුත්තිල කුමාරයා යැයි නම් තැබූහ. ඔහු වැඩිවියට පත්ව ගාන්ධර්ව ශිල්පයෙහි නිමාවට පත්ව ගුත්තිල ගාන්ධර්වයා නමින් මුළු දඹදිවෙහි ප්‍රධාන ගාන්ධර්වයා විය. ඔහු බිරිඳක් පෝෂණය නොකර අන්ධ මවුපියන් පෝෂණය කරයි. එකල්හි බරණැස් නුවර වැසි වෙළෙන්දෝ වෙළෙඳාම පිණිස උදේනි නුවරට ගොස් උත්සවය දැනුම් දුන් කල්හි සම්මාදම්කොට බොහෝ මල්, සුවඳ, විලවුන්ද, කන බොන දෑද රැගෙන සෙල්ලම් කරන ස්ථානයේ රැස්ව මුදල් දී එක් ගාන්ධර්වයෙකු ගෙනඑවයි කීවාහුය. ඒ කාලයෙහි උදේනි නුවර මූසිල ජ්‍යෙෂ්ඨ ගාන්ධර්වයා වෙයි. ඔවුහු ඔහු (මූසිල) කැඳවාගෙන ගොස් තමන් වෙනුවෙන් වීණා වාදනය කරවූහ.
මූසිලො වීණං වාදන්තො වීණං උත්තමමුච්ඡනාය මුච්ඡිත්වා වාදෙසි. තෙසං ගුත්තිලගන්ධබ්බස්ස ගන්ධබ්බෙ ජාතපරිචයානං තස්ස ගන්ධබ්බං කිලඤ්ජකණ්ඩූවනං විය හුත්වා උපට්ඨාසි, එකොපි පහට්ඨාකාරං න දස්සෙසි. මූසිලො තෙසු තුට්ඨාකාරං අදස්සෙන්තෙසු “අතිඛරං කත්වා වාදෙමි මඤ්ඤෙ”ති මජ්ඣිමමුච්ඡනාය මුච්ඡිත්වා මජ්ඣිමසරෙන වාදෙසි, තෙ තත්ථපි මජ්ඣත්තාව අහෙසුං. අථ සො “ඉමෙ න කිඤ්චි ජානන්ති මඤ්ඤෙ”ති සයම්පි අජානනකො විය හුත්වා තන්තියො සිථිලෙ වාදෙසි, තෙ තත්ථපි න කිඤ්චි ආහංසු. අථ නෙ මූසිලො “අම්භො වාණිජා, කිං නු ඛො මයි වීණං වාදෙන්තෙ තුම්හෙ න තුස්සථා”ති. “කිං පන ත්වං වීණං වාදෙසි, මයඤ්හි ‘අයං වීණං මුච්ඡෙතී’ති සඤ්ඤං අකරිම්හා”ති. “කිං පන තුම්හෙ මයා උත්තරිතරං ආචරියං ජානාථ, උදාහු අත්තනො අජානනභාවෙන න තුස්සථා”ති. වාණිජා “බාරාණසියං ගුත්තිලගන්ධබ්බස්ස වීණාසද්දං සුතපුබ්බානං තව වීණාසද්දො ඉත්ථීනං දාරකෙ තොසාපනසද්දො විය හොතී”ති ආහංසු. “තෙන හි, හන්ද, තුම්හෙහි දින්නපරිබ්බයං පටිග්ගණ්හථ, න මය්හං එතෙනත්ථො, අපිච ඛො පන බාරාණසිං ගච්ඡන්තා මං ගණ්හිත්වා ගච්ඡෙය්යාථා”ති. තෙ “සාධූ”ති සම්පටිච්ඡිත්වා ගමනකාලෙ තං ආදාය බාරාණසිං ගන්ත්වා තස්ස “එතං ගුත්තිලස්ස වසනට්ඨාන”න්ති ආචික්ඛිත්වා සකසකනිවෙසනං අගමිංසු.
මූසිල වීණාවාදකයාද වීණාව උත්තම සැදුමෙන් සාදා වාදනය කළේය. ඒ වෙළඳුන්ට ගුත්තිල ගාන්ධර්වයාගේ වීණා වාදනයෙහි ඇති පළපුරුද්ද නිසා මූසිලයාගේ වාදනය බටපතුරක් පහුරුගානවා වැනියැයි වැටහුනේය. එකෙක්වත් කිසිවක් නොකීවේය. ඉක්බිති ඔවුහු සතුටට පත්වූ බවක් නොදැක්වුණහ. මූසිලයා ඔවුන් සතුටු වූ ආකාරයක් නොදක්වන කල්හි ඉතා රළුකොට මම ගායනා කරමි. (කාරණය එයයයි) සිතමින් (වීණාව) මැදුම් සැදුමෙන් සාදා වාදනය කළේය. ඔවුහු එවිටත් මධ්‍යස්ථ වූහ. ඉක්බිති මූසිලයා මොවුන් කිසිවක් නොදනිතියි සිතා තමනුත් නොදත්තෙකු මෙන් වී තත් ලිහිල්කොට වාදනය කළේය. ඔවුහු එවිටත් කිසිවක් නොකීහ. ඉක්බිති මූසිලයා, එම්බා වෙළෙන්දනි! මා වීණා වාදනය කරනවිට කුමක් නිසා තොප සතුටු නොවන්නහුදැයි ඇසීය. ඔබ වීණා වාදනය කළෙහිද? මොහු වීණාව සකස් කරගනිතියි අපි කල්පනා කළෙමුයි කීහ. නුඹලා මට වඩා උතුම් ආචාර්යවරයෙකු ගැන දනිව්ද? නැතිනම් නොදන්නා කමින් සතුටු නොවව්දැයි ඇසීය. වෙළෙන්දෝ බරණැස් නුවර ගුත්තිල ගාන්ධර්වයාගේ වීණා හඬ අසා ඇති අයට නම් ඔබේ වීණා හඬ ස්ත්‍රීන් දරුවන් නළවන හඬ වැනියයි කීහ. එසේනම් තොප විසින් දුන් මුදල ආපසු බාරගනිව්. මට ඒවායින් ප්‍රයෝජනයක් නැත. එහෙත් බරණැසට යනවිට මාත් රැගෙන යන්නැයි කීය. ඒ වෙළෙන්දෝ යහපතැයි පිළිගෙන ආපසු යන ගමන් ඔහුද රැගෙන බරණැසට ගොස් ඔහුට මෙය ගුත්තිල පඬිතුමා වාසය කරන ස්ථානයයි කියා තම තමන්ගේ ගෙවල්වලට ගියාහුය.
මූසිලො බොධිසත්තස්ස ගෙහං පවිසිත්වා ලග්ගෙත්වා ඨපිතං බොධිසත්තස්ස ජාතිවීණං දිස්වා ගහෙත්වා වාදෙසි, අථ බොධිසත්තස්ස මාතාපිතරො අන්ධභාවෙන තං අපස්සන්තා “මූසිකා මඤ්ඤෙ වීණං ඛාදන්තී”ති සඤ්ඤාය “සුසූ”ති ආහංසු. තස්මිං කාලෙ මූසිලො වීණං ඨපෙත්වා බොධිසත්තස්ස මාතාපිතරො වන්දිත්වා “කුතො ආගතොසී”ති වුත්තෙ “ආචරියස්ස සන්තිකෙ සිප්පං උග්ගණ්හිතුං උජ්ජෙනිතො ආගතොම්හී”ති ආහ. සො “සාධූ”ති වුත්තෙ “කහං ආචරියො”ති පුච්ඡිත්වා “විප්පවුත්ථො, තාත, අජ්ජ ආගමිස්සතී”ති සුත්වා තත්ථෙව නිසීදිත්වා බොධිසත්තං ආගතං දිස්වා තෙන කතපටිසන්ථාරො අත්තනො ආගතකාරණං ආරොචෙසි. බොධිසත්තො අඞ්ගවිජ්ජාපාඨකො, සො තස්ස අසප්පුරිසභාවං ඤත්වා “ගච්ඡ තාත, නත්ථි තව සිප්ප”න්ති පටික්ඛිපි. සො බොධිසත්තස්ස මාතාපිතූනං පාදෙ ගහෙත්වා උපකාරං කරොන්තො තෙ ආරාධෙත්වා “සිප්පං මෙ දාපෙථා”ති යාචි. බොධිසත්තො මාතාපිතූහි පුනප්පුනං වුච්චමානො තෙ අතික්කමිතුං අසක්කොන්තො සිප්පං අදාසි. සො බොධිසත්තෙනෙව සද්ධිං රාජනිවෙසනං ගච්ඡති. රාජා තං දිස්වා “කො එස, ආචරියා”ති පුච්ඡි. “මය්හං අන්තෙවාසිකො, මහාරාජා”ති. සො අනුක්කමෙන රඤ්ඤො විස්සාසිකො අහොසි. බොධිසත්තො ආචරියමුට්ඨිං අකත්වා අත්තනො ජානනනියාමෙන සබ්බං සිප්පං සික්ඛාපෙත්වා “නිට්ඨිතං තෙ, තාත, සිප්ප”න්ති ආහ.
මූසිලයා බෝසතාණන් වහන්සේගේ ගෙට පිවිස, බෝසතාණන් වහන්සේගේ එල්ලා තිබුණු උසස් වීණාව දැක එය රැගෙන වාදනය කළේය. ඉක්බිති බෝසතාණන් වහන්සේගේ මව්පියන් අන්ධ බැවින් ඔහු නොදැක මීයන් වීණාව කතියි සිතා සූ සූ මීයන් කතියි කීවාහුය. ඒ අවස්ථාවේදී මූසිල වීණාව තබා බෝසතාණන් වහන්සේගේ මව්පියන්ට වැඳ තොපි කොහි සිට ආවෙහිදැයි ඇසූ කල ඇදුරුතුමා ළඟ ශිල්ප ඉගෙනීම පිණිස උදේනි නුවර සිට ආවෙමියි කීවේය. (මව්පියන්) යහපතැයි කී කල්හි ගුරුතුමා කොහිදැයි විමසා දරුව (ඔහු) බැහැරට ගියේය. අද එන්නේය (යන මේ පිළිතුර) අසා එහිම හිඳ ආවා වූ බෝධිසත්ත්වයන් දැක උන්වහන්සේ සමග කරන ලද පිළිසඳර කතා ඇත්තේ තමන් ආ කාරණය දැන්වීය. බෝසතාණන් වහන්සේ දේහ ලක්ෂණ විද්‍යාව දන්නෙකි. උන්වහන්සේ ඔහුගේ අසත්පුරුෂ බව දැන, දරුව! යව, ඔබට ශිල්ප නැතැයි ප්‍රතික්ෂේප කළහ. හෙතෙම බෝසතාණන් වහන්සේගේ මව්පියන්ගේ පා අල්ලා (වැඳ) උපකාර කරමින් ඔවුන් සතුටුකොට (පුතා ලවා) මට ශිල්ප ලබා දෙවන්නැයි ඉල්ලීය. බෝධිසත්ත්වයන් වහන්සේ මවුපියන් නැවත නැවතත් කියද්දී එය නොසලකා හැරීමට නොහැකි වූයේ ශිල්ප දුන්හ. ඔහු බෝසතාණන් වහන්සේ සමගම රජ ගෙදරට යයි. රජතුමා ඔහු දැක ගුරුතුමනි! මොහු කවරක්දැයි විචාළේය. මහරජතුමනි, ඒ මගේ අතවැසියෙකියි කීහ. හෙතෙම ක්‍රමයෙන් රජතුමාගේ විශ්වාසවන්තයෙක් විය. බෝසතාණන් වහන්සේ ගුරු මුෂ්ඨි නොතබා තමන් දන්නා ක්‍රමයටම සියලු ශිල්ප උගන්වා, දරුව! ඔබේ ශිල්පය අවසාන යැයි කීහ.
සො චින්තෙසි – “මය්හං සිප්පං පගුණං, ඉදඤ්ච බාරාණසිනගරං සකලජම්බුදීපෙ අග්ගනගරං, ආචරියොපි මහල්ලකො, ඉධෙව මයා වසිතුං වට්ටතී”ති. සො ආචරියං ආහ – “ආචරිය අහං රාජානං උපට්ඨහිස්සාමී”ති. ආචරියො “සාධු, තාත, රඤ්ඤො ආරොචෙස්සාමී”ති ගන්ත්වා “අම්හාකං අන්තෙවාසිකො දෙවං උපට්ඨාතුං ඉච්ඡති, දෙය්යධම්මමස්ස ජානාථා”ති රඤ්ඤො ආරොචෙත්වා රඤ්ඤා “තුම්හාකං දෙය්යධම්මතො උපඩ්ඪං ලභිස්සතී”ති වුත්තෙ තං පවත්තිං මූසිලස්ස ආරොචෙසි. මූසිලො “අහං තුම්හෙහි සමකඤ්ඤෙව ලභන්තො උපට්ඨහිස්සාමි, න අලභන්තො”ති ආහ . “කිංකාරණා”ති? “නනු අහං තුම්හාකං ජානනසිප්පං සබ්බං ජානාමී”ති? “ආම, ජානාසී”ති. “එවං සන්තෙ කස්මා මය්හං උපඩ්ඪං දෙතී”ති? බොධිසත්තො රඤ්ඤො ආරොචෙසි. රාජා “යදි එවං තුම්හෙහි සමකං සිප්පං දස්සෙතුං සක්කොන්තො සමකං ලභිස්සතී”ති ආහ. බොධිසත්තො රඤ්ඤො වචනං තස්ස ආරොචෙත්වා තෙන “සාධු දස්සෙස්සාමී”ති වුත්තෙ රඤ්ඤො තං පවත්තිං ආරොචෙත්වා “සාධු දස්සෙතු, කතරදිවසං සාකච්ඡා හොතූ”ති වුත්තෙ “ඉතො සත්තමෙ දිවසෙ හොතු, මහාරාජා”ති ආහ.
ඔහු මට ශිල්ප ප්‍රගුණය, මේ බරණැස් නගරය මුළු දිවයිනටම අග නගරයයි. ඇදුරුතුමාද මහලුය. මවිසින් මෙහිම විසීම වටීයයි සිතුවේය. ඔහු ගුරුවරයාට ඇදුරුතුමනි! මම රජතුමාට සේවය කරන්නෙමියි කීය. ගුරුතුමා හොඳයි දරුව! රජතුමාට කියන්නෙමියි කියා ගොස් අපගේ අතවැසියා දේවයන් වහන්සේට සේවය කරන්නට කැමතිය. ඔහුට දියයුතු දෙයක් දැනගනු මැනවැයි රජුට දන්වා, රජතුමා ඔබට ලැබෙන දෙයින් අඩක් ලබන්නේයැයි කී කල්හි ඒ බව මූසිලයාට දැන්වූහ. මූසිලයා මම නුඹවහන්සේට සමානව (වැටුප්) ලබන්නේ නම්, සේවය කරන්නෙමි. එසේ නොලැබෙන්නේ නම් සේවය නොකරන්නෙමියි කීවේය. කුමක් නිසාද? මම නුඹවහන්සේ දන්නා ශිල්ප සියල්ල නොදනිම්දැයි කීය. එසේය. දන්නෙමියි කීහ. මෙසේ ඇතිකල්හි කුමක් නිසා මට අඩක් දෙන්නේද? බෝසතාණන් වහන්සේ ඒ බව රජුට සැල කළ සේක. එවිට රජතුමා ඉදින් මෙසේ ඔබට සමානව ශිල්ප දක්වන්නට (ඔහුට) හැකිනම් සමානව ලබන්නේ යැයි කීවේය. බෝසතාණන් වහන්සේ රජුගේ කීම ඔහුට දන්වා සිටිවිට ඔහු විසින් යහපති, ශිල්ප දක්වමියි කී කල්හි රජුට ඒ පුවත දන්වා හොඳයි ශිල්ප දක්වන්න. කතාබහ කරගන්නේ කෙදිනක පවත්වන්නට දැයි කී කල්හි මහරජතුමනි, මෙයින් සත්වන දවසේ සිදුවෙතියි කීය.
රාජා මූසිලං පක්කොසාපෙත්වා “සච්චං කිර ත්වං ආචරියෙන සද්ධිං සාකච්ඡං කරිස්සසී”ති පුච්ඡිත්වා “සච්චං, දෙවා”ති වුත්තෙ “ආචරියෙන සද්ධිං විග්ගහො නාම න වට්ටති, මා කරී”ති වාරියමානොපි “අලං, මහාරාජ, හොතුයෙව මෙ ආචරියෙන සද්ධිං සත්තමෙ දිවසෙ සාකච්ඡා, කතරස්ස ජානිභාවං ජානිස්සාමා”ති ආහ. රාජා “සාධූ”ති සම්පටිච්ඡිත්වා “ඉතො කිර සත්තමෙ දිවසෙ ආචරියගුත්තිලො ච අන්තෙවාසිකමූසිලො ච රාජද්වාරෙ අඤ්ඤමඤ්ඤං සාකච්ඡං කත්වා සිප්පං දස්සෙස්සන්ති, නාගරා සන්නිපතිත්වා සිප්පං පස්සන්තූ”ති භෙරිං චරාපෙසි.
රජතුමා මූසිලයා කැඳවා, නුඹ ගුරුවරයා සමග වාදයට කතාබහ කරන්නෙහියයි කීම සත්‍යයක්දැයි විමසා දේවයන් වහන්ස, ඇත්තයි කී කල්හි ගුරුවරයා සමග වාද කිරීම නොවටී. එසේ නොකරවයි වළක්වද්දීම, මහරජ, කම් නැත. මගේ ගුරුවරයා සමග සත්වැනිදා සාකච්ඡාව (විවාදය) සිදුවේවා. එකතරමට ශිල්ප දන්නා බව පැහැදිලි කරන්නෙමියි කීවේය. රජතුමා යහපතැයි පිළිගෙන මෙයින් සත්වන දින ඇදුරු ගුත්තිලද අතවැසි මූසිලයාද රජමැදුරේ දොරටුව අභියසදී ඔවුනොවුන් සාකච්ඡාකොට වීණා ශිල්ප දක්වන්නෝය. නගර වැසියෝ රැස්වී ශිල්ප බලත්වායි බෙර හැසිරවීය.
බොධිසත්තො චින්තෙසි – “අයං මූසිලො දහරො තරුණො, අහං මහල්ලකො පරිහීනථාමො, මහල්ලකස්ස කිරියා නාම න සම්පජ්ජති. අන්තෙවාසිකෙ නාම පරාජිතෙපි විසෙසො නත්ථි, අන්තෙවාසිකස්ස පන ජයෙ සති පත්තබ්බලජ්ජතො අරඤ්ඤං පවිසිත්වා මරණං වරතර”න්ති. සො අරඤ්ඤං පවිසිත්වා මරණභයෙන නිවත්තති, ලජ්ජාභයෙන ගච්ඡති. එවමස්ස ගමනාගමනං කරොන්තස්සෙව ඡ දිවසා අතික්කන්තා, තිණානි මතානි, ජඞ්ඝමග්ගො නිබ්බත්ති. තස්මිං ඛණෙ සක්කස්ස භවනං උණ්හාකාරං දස්සෙසි. සක්කො ආවජ්ජමානො තං කාරණං ඤත්වා “ගුත්තිලගන්ධබ්බො අන්තෙවාසිකස්ස භයෙන අරඤ්ඤෙ මහාදුක්ඛං අනුභොති , එතස්ස මයා අවස්සයෙන භවිතුං වට්ටතී”ති වෙගෙන ගන්ත්වා බොධිසත්තස්ස පුරතො ඨත්වා “ආචරිය, කස්මා අරඤ්ඤං පවිට්ඨොසී”ති පුච්ඡිත්වා “කොසි ත්ව”න්ති වුත්තෙ “සක්කොහමස්මී”ති ආහ. අථ නං බොධිසත්තො “අහං ඛො, දෙවරාජ, අන්තෙවාසිකතො පරාජයභයෙන අරඤ්ඤං පවිට්ඨො”ති වත්වා පඨමං ගාථමාහ –
බෝසතාණන් වහන්සේ මේ මූසිලයා ලාබාල තරුණයෙකි. මම මහලුය. පිරිහුණු ශක්තිය ඇත්තෙක්මි. මහල්ලාගේ ක්‍රියාව නොසැපයේ. (නිසි පරිදි සිදු නොවේ) අතවැසියා පැරදුනත් මට විශේෂයක් නැත. අතවැසියාට ජයග්‍රහණය ඇතිකල්හි පත්විය හැකි ලැජ්ජාවට වඩා වනයට ගොස් මරණයට පත්වීම උතුම්යයි සිතුවේය. ඔහු කැලයට පිවිස මරබියෙන් ආපසු හැරේ. ලැජ්ජාවට බියෙන් නැවත යයි. මෙසේ යන එන මොහුට දින හයක් ඉක්ම ගියේය. (යන ඝන මාර්ගයෙහි) තණකොළ මැරුණේය. අඩිපාරක් ඇතිවිය. ඒ අවස්ථාවෙහි ශක්‍රයාගේ අසුන උණුසුම් ආකාරයක් දැක්වීය. ශක්‍රයා විමසා බලන්නේ ඒ කාරණය දැන ගුත්තිල ගාන්ධර්වයා (සංගීතඥයා) අතවැසියාට බියෙන් වනයෙහි මහ දුකක් අනුභව කරයි. මා විසින්, මොහුට පිහිටවීම සුදුසුයයි සිතා වේගයෙන් අවුත් බෝසතාණන් වහන්සේගේ ඉදිරියෙහි සිට ඇදුරුතුමනි, කුමක් හෙයින් වනයට පිවිසියෙහිදැයි විචාරා නුඹ කවරෙක්දැයි කී කල්හි මම ශක්‍රයා වෙමියි කීවේය. ඉක්බිති ඔහු බෝසතාණන් වහන්සේ දෙව්රජතුමනි! මම ගෝලයාගෙන් පරාජය වේයැයි බියෙන් කැලයට පිවිසියෙමියි කියා -
“සත්තතන්තිං සුමධුරං, රාමණෙය්යං අවාචයිං; සො මං රඞ්ගම්හි අව්හෙති, සරණං මෙ හොති කොසියා”ති.
සත්තතන්තිං සුමධුරං රාමණෙය්යං අවාචයිං, සො මං රංගම්හි අවෙහති සරණම්මෙ හොහි කොසිය
යන පළමු ගාථාව කීහ.
සත් තතක් ඇති, ඉතා මිහිරි, රමණීය වූ වීණා ගායනය ඉගැන්වීමි. ඒ අතවැසියා (වාදය සඳහා) මා රඟමඬලට කැඳවයි. සක් දෙවිඳුනි, මට පිහිටක් වෙනු මැනවි.
තස්සත්ථො – අහං, දෙවරාජ, මූසිලං නාම අන්තෙවාසිකං සත්තතන්තිං සුමධුරං රාමණෙය්යං වීණං අත්තනො ජානනනියාමෙන සික්ඛාපෙසිං, සො මං ඉදානි රඞ්ගමණ්ඩලෙ පක්කොසති, තස්ස මෙ ත්වං, කොසියගොත්ත, සරණං හොහීති.
එහි අර්ථය - දෙව්රජතුමනි, මම මූසිල නම් අතවැසියෙකුට සත් හතක් ඇති, ඉතා මිහිරි, රමණීය වූ වීණා ශිල්පය තමන් දන්නා ක්‍රමයට පුහුණු කෙරෙව්වෙමි. ඔහු දැන් මා රඟමඬලට කැඳවයි. කෝසිය ගෝත්‍රයේ උපන් ශක්රයාණෙනි! ඒ මට පිහිටක් වෙනු මැනවි.
සක්කො තස්ස වචනං සුත්වා “මා භායි, අහං තෙ තාණඤ්ච ලෙණඤ්චා”ති වත්වා දුතියං ගාථමාහ –
ශක්‍රයා ඔහුගේ වචනය අසා භය නොවන්න! මම නුඹේ ආරක්ෂකයාය. රැකවලායයි කියා -
“අහං තං සරණං සම්ම, අහමාචරියපූජකො; න තං ජයිස්සති සිස්සො, සිස්සමාචරිය ජෙස්සසී”ති.
අහං තං සරණං සම්ම අහමාචරිය පූජකො, නතං ජහිස්සති සිස්සො සිස්සමාචරිය ජෙස්සසි
මිතුර! මම තොපට පිහිට වෙමි. මම ගුරුන් පුදන්නෙක්මි. ඒ ශිෂ්‍යයා නොදිනන්නේය. ඇදුරු තෙමේ දිනන්නේය.
එහි, අහං තං සරණං යනු මම (ඔබට) සරණ වී උපකාර වී, පිහිට වී ඔබ රකින්නෙමියි සම්මා යනු මෙය ප්‍රිය වචනයකි. සිස්සමාචරිය ජෙස්සසි යනු ඇදුරුතුමනි, නුඹ වීණාව වාදනය කරමින් ශිෂ්‍යයා පරදවන්නෙහිය.
තත්ථ අහං තං සරණන්ති අහං සරණං අවස්සයො පතිට්ඨා හුත්වා තං තායිස්සාමි. සම්මාති පියවචනමෙතං. සිස්සමාචරිය, ජෙස්සසීති, ආචරිය, ත්වං වීණං වාදයමානො සිස්සං ජිනිස්සසි. අපිච ත්වං වීණං වාදෙන්තො එකං තන්තිං ඡින්දිත්වා ඡ වාදෙය්යාසි, වීණාය තෙ පකතිසද්දො භවිස්සති. මූසිලොපි තන්තිං ඡින්දිස්සති, අථස්ස වීණාය සද්දො න භවිස්සති. තස්මිං ඛණෙ සො පරාජයං පාපුණිස්සති. අථස්ස පරාජයභාවං ඤත්වා දුතියම්පි තතියම්පි චතුත්ථම්පි පඤ්චමම්පි සත්තමම්පි තන්තිං ඡින්දිත්වා සුද්ධදණ්ඩකමෙව වාදෙය්යාසි, ඡින්නතන්තිකොටීහි සරො නික්ඛමිත්වා සකලං ද්වාදසයොජනිකං බාරාණසිනගරං ඡාදෙත්වා ඨස්සතීති.
තව ද නුඹ වීණාව වාදනය කරමින් එක් තතක් සිඳ හයකින් වාදනය කරන්න. නුඹේ වීණාවෙහි ප්‍රකෘති (නියම) ශබ්දය ඇති වන්නේය. මූසිලයාද තත් සිඳියි. එවිට ඔහුගේ වීණාවේ ශබ්දය නොවන්නේය. ඒ අවස්ථාවෙහි පරාජයට පත්වන්නේය. එවිට ඔහු පැරදුණු බව දැන දෙවනුව තුන්වෙනුව සතරවෙනුව පස්වෙනුව හයවෙනුව සත්වෙනුව තත් සිඳ තනි වීණා දණ්ඩම වාදනය කරව. සිඳුණු තත් කොනින් හඬ නික්ම දොළොස් යොදුන් මුළු බරණැස් නුවර වසාගෙන පවතියි.
එවං වත්වා සක්කො බොධිසත්තස්ස තිස්සො පාසකඝටිකා දත්වා එවමාහ – “වීණාසද්දෙනෙව පන සකලනගරෙ ඡාදිතෙ ඉතො එකං පාසකඝටිකං ආකාසෙ ඛිපෙය්යාසි, අථ තෙ පුරතො ඔතරිත්වා තීණි අච්ඡරාසතානි නච්චිස්සන්ති. තාසං නච්චනකාලෙ ච දුතියං ඛිපෙය්යාසි, අථාපරානිපි තීණි සතානි ඔතරිත්වා තව වීණාධුරෙ නච්චිස්සන්ති. තතො තතියං ඛිපෙය්යාසි, අථාපරානි තීණි සතානි ඔතරිත්වා රඞ්ගමණ්ඩලෙ නච්චිස්සන්ති. අහම්පි තෙ සන්තිකං ආගමිස්සාමි, ගච්ඡ මා භායී”ති බොධිසත්තං අස්සාසෙසි. බොධිසත්තො පුබ්බණ්හසමයෙ ගෙහං අගමාසි. නාගරා රාජද්වාරසමීපෙ මණ්ඩපං කත්වා රඤ්ඤො ආසනං පඤ්ඤපෙසුං. රාජා පාසාදා ඔතරිත්වා අලඞ්කතමණ්ඩපෙ පල්ලඞ්කමජ්ඣෙ නිසීදි, ද්වාදසසහස්සා අලඞ්කතිත්ථියො අමච්චබ්රාහ්මණගහපතිකාදයො ච රාජානං පරිවාරයිංසු, සබ්බෙ නාගරා සන්නිපතිංසු, රාජඞ්ගණෙ චක්කාතිචක්කෙ මඤ්චාතිමඤ්චෙ බන්ධිංසු.
මෙසේ කියා ශක්‍රයා බෝසතාණන් වහන්සේට ගුලි (පාසඝටිකා) තුනක් දී මෙසේ කීවේය. වීණා හඬින් මුළු නුවරම වැසීගිය විට මින් එක් ගුලියක් අහසට විසිකරව. එවිට ඔබ ඉදිරියේ අප්සරාවන් තුන්සියයක් බැස නටන්නාහ. ඔවුන් නටන කාලයෙහි දෙවන ගුලියත් උඩ දමන්න. එවිට තවත් තුන්සියයක් දෙවඟනෝ බැස නුඹේ වීණා වාදනය නුදුරෙහි නටන්නාහ. අනතුරුව තුන්වන ගුලියත් විසිකරව. අනතුරුව තවත් දෙවඟනන් තුන්සියයක් බැස රඟමඬලෙහි නටන්නාහ. මම ද ඔවුන් සමීපයට එන්නෙමි. යන්න බිය නොවන්නැයි කීය. බෝසතාණන් වහන්සේ පෙරවරුවෙහි ගෙට ගියේය. රජමාළිගාවේ දොරටුව අසල මණ්ඩපයක් කරවා එහි රජතුමාට ආසනයක් පැනවූහ. රජතුමා ප්‍රාසාදයෙන් බැස සරන ලද මණ්ඩපයෙහි පර්යංක ආසනයෙහි හුන්නේය. දසදහසක් සැරසුණු ස්ත්‍රීහුද, ඇමති, බමුණු රටවැසි ආදීහුද රජතුමා පිරිවරා සිටියාහුය. සියලු නගරවාසීහුද රැස්වූහ. රජ මිදුලෙහි වළලු පිට වළලුද මැහි පිට මැහි ද බැන්දාහුය.
බොධිසත්තොපි න්හාතානුලිත්තො නානග්ගරසභොජනං භුඤ්ජිත්වා වීණං ගාහාපෙත්වා අත්තනො පඤ්ඤත්තාසනෙ නිසීදි. සක්කො අදිස්සමානකායෙන ආගන්ත්වා ආකාසෙ අට්ඨාසි, බොධිසත්තොයෙව නං පස්සති. මූසිලොපි ආගන්ත්වා අත්තනො ආසනෙ නිසීදි. මහාජනො පරිවාරෙසි, ආදිතොව ද්වෙපි සමසමං වාදයිංසු. මහාජනො ද්වින්නම්පි වාදිතෙන තුට්ඨො උක්කුට්ඨිසහස්සානි පවත්තෙසි. සක්කො ආකාසෙ ඨත්වා බොධිසත්තඤ්ඤෙව සාවෙන්තො “එකං තන්තිං ඡින්දා”ති ආහ. බොධිසත්තො තන්තිං ඡින්දි, සා ඡින්නාපි ඡින්නකොටියා සරං මුඤ්චතෙව, දෙවගන්ධබ්බං විය වත්තති. මූසිලොපි තන්තිං ඡින්දි, තතො සද්දො න නික්ඛමි. ආචරියො දුතියම්පි ඡින්දි …පෙ… සත්තමම්පි ඡින්දි. සුද්ධදණ්ඩකං වාදෙන්තස්ස සද්දො නගරං ඡාදෙත්වා අට්ඨාසි. චෙලුක්ඛෙපසහස්සානි චෙව උක්කුට්ඨිසහස්සානි ච පවත්තයිංසු. බොධිසත්තො එකං පාසකං ආකාසෙ ඛිපි, තීණි අච්ඡරාසතානි ඔතරිත්වා නච්චිංසු. එවං දුතියෙ ච තතියෙ ච ඛිත්තෙ තීණි තීණි අච්ඡරාසතානි ඔතරිත්වා වුත්තනයෙනෙව නච්චිංසු.
බෝසතාණන් වහන්සේ ද නාගෙන සුවඳ ගල්වාගෙන නොයෙක් රසයෙන් යුත් බොජුන් අනුභවකොට වීණාව ගෙන්වාගෙන තමන්ට පනවන ලද ආසනයෙහි හුන්හ. ශක්‍රයා නොපෙනෙන සිරුරු ඇතිව අවුත් අහසෙහි නොපෙනී සිටියේය. බෝධිසත්ත්වයන් වහන්සේ පමණක් ශක්‍රයා දකියි. මූසිලයාද අවුත් තමන්ගේ ආසනයෙහි හුන්නේය. මහජනයා පිරිවැරූහ. ආරම්භයේදීම දෙදෙනාම සම සමව වීණා වාදනය කළහ. මහජනයා දෙදෙනාගේම වාදනයෙන් සතුටුව වාර දහස් ගණනක් මහා ප්‍රීති ඝෝෂා පැවැත්වූහ. ශක්‍රයා අහසෙහි සිට බෝසතාණන් වහන්සේට පමණක් ඇසෙන සේ එක් තතක් සිඳ දමන්නට කීවේය. බෝසතාණන් වහන්සේ භමර තත සින්දහ. තත සින්දේ නමුදු කැඩී ඉතිරි වූ තත් කෙළවරෙන් හඬ පිටවේමය. දිව්‍ය සංගීත වාදනයක් පවතින්නාක් මෙනි. මූසිලයාද තතක් කැඩුවේය. එයින් හඬ නොනික්මුණි. ගුත්තිල ඇදුරුතුමා දෙවන තතද -පෙ- හත්වන තතද සින්දේය. වීණා දණ්ඩ පමණක් වාදනය කරන ගුත්තිල ඇදුරාගේ වීණා ශබ්දය නුවර වසාගෙන පැතිර සිටියේය. වාර දහස් ගණනක්ද මහා ප්‍රීති ඝෝෂා පැවැත්වූහ. බෝසතාණන් වහන්සේ එක් ගුලියක් අහසට විසිකළහ. දිව්‍ය අප්සරාවෝ තුන්සියයක් බැස නැටූහ. මෙසේ දෙවන, තුන්වන ගුලිද අහසට දැමූ කල අප්සරාවන් නවසියයක් බැස කියන ලද විදියටම නැටූහ.
තස්මිං ඛණෙ රාජා මහාජනස්ස ඉඞ්ගිතසඤ්ඤං අදාසි, මහාජනො උට්ඨාය “ත්වං ආචරියෙන සද්ධිං විරුජ්ඣිත්වා ‘සමකාරං කරොමී’ති වායමසි, අත්තනො පමාණං න ජානාසී”ති මූසිලං තජ්ජෙත්වා ගහිතගහිතෙහෙව පාසාණදණ්ඩාදීහි සංචුණ්ණෙත්වා ජීවිතක්ඛයං පාපෙත්වා පාදෙ ගහෙත්වා සඞ්කාරට්ඨානෙ ඡඩ්ඩෙසි. රාජා තුට්ඨචිත්තො ඝනවස්සං වස්සාපෙන්තො විය බොධිසත්තස්ස බහුං ධනං අදාසි, තථා නාගරා. සක්කො බොධිසත්තෙන සද්ධිං පටිසන්ථාරං කත්වා “අහං තෙ, පණ්ඩිත, සහස්සයුත්තං ආජඤ්ඤරථං ගාහාපෙත්වා පච්ඡා මාතලිං පෙසෙස්සාමි, ත්වං සහස්සයුත්තං වෙජයන්තරථවරං අභිරුය්හ දෙවලොකං ආගච්ඡෙය්යාසී”ති වත්වා පක්කාමි.
ඒ අවස්ථාවෙහි රජතුමා මහජනයාට ඉඟියක් කළේය. මහජනයා නැගිට නුඹ ගුරුවරයා සමග විරුද්ධ වී සමව වාදනය කරමියි උත්සාහ කළෙහිද? තමන්ගේ තරම නොදන්නෙහිදැයි මූසිලයාට තර්ජනයකොට ගත් ගත් ගල්, මුල් ආදියෙන් කුඩුකොට ජීවිතක්ෂයට පමුණුවා පාවලින් ඇදගෙන ගොස් කසල ගොඩට ඇද දැමූහ. රජතුමා සතුටු සිත් ඇත්තේ මහවැස්සක් වසින්නාක් මෙන් බෝධිසත්ත්වයන් වහන්සේට බොහෝ ධනය දුන්නේය. එසේම නගරවාසීහුද පුදසත්කාර කළාහුය. ශක්‍රයාද ගුත්තිල පඬිතුමා සමග පිළිසඳර කථාකොට, පඬිතුමනි! මම නුඹට ආජානේය අසුන් දහසක් යෙදූ රථයක් ගෙන්වාගෙන පසුව මාතලී එවන්නෙමි. නුඹ අසුන් දහසකින් යුත් උතුම් වෛජයන්ත රථයට නැගී දෙව්ලොවට එන්නැයි කියා ගියේය.
අථ නං ගන්ත්වා පණ්ඩුකම්බලසිලායං නිසින්නං “කහං ගතාත්ථ, මහාරාජා”ති දෙවධීතරො පුච්ඡිංසු. සක්කො තාසං තං කාරණං විත්ථාරෙන කථෙත්වා බොධිසත්තස්ස සීලඤ්ච ගුණඤ්ච වණ්ණෙසි. දෙවධීතරො “මහාරාජ, මයම්පි ආචරියං දට්ඨුකාමා, ඉධ නං ආනෙහී”ති ආහංසු. සක්කො මාතලිං ආමන්තෙත්වා “තාත, දෙවච්ඡරා ගුත්තිලගන්ධබ්බං දට්ඨුකාමා, ගච්ඡ නං වෙජයන්තරථෙ නිසීදාපෙත්වා ආනෙහී”ති. සො “සාධූ”ති ගන්ත්වා බොධිසත්තං ආනෙසි. සක්කො බොධිසත්තෙන සද්ධිං සම්මොදිත්වා “දෙවකඤ්ඤා කිර තෙ, ආචරිය, ගන්ධබ්බං සොතුකාමා”ති ආහ. “මයං මහාරාජ, ගන්ධබ්බා නාම සිප්පං නිස්සාය ජීවාම, මූලං ලභන්තා වාදෙය්යාමා”ති. “වාදෙහි, අහං තෙ මූලං දස්සාමී”ති. “න මය්හං අඤ්ඤෙන මූලෙනත්ථො, ඉමා පන දෙවධීතරො අත්තනො අත්තනො කල්යාණකම්මං කථෙන්තු, එවාහං වාදෙස්සාමී”ති . අථ නං දෙවධීතරො ආහංසු – “අම්හෙහි කතං කල්යාණකම්මං පච්ඡා තුම්හාකං කථෙස්සාම, ගන්ධබ්බං කරොහි ආචරියා”ති. බොධිසත්තො සත්තාහං දෙවතානං ගන්ධබ්බං අකාසි, තං දිබ්බගන්ධබ්බං අභිභවිත්වා පවත්ති. සත්තමෙ දිවසෙ ආදිතො පට්ඨාය දෙවධීතානං කල්යාණකම්මං පුච්ඡි. එකං කස්සපසම්මාසම්බුද්ධකාලෙ එකස්ස භික්ඛුනො උත්තමවත්ථං දත්වා සක්කස්ස පරිචාරිකා හුත්වා නිබ්බත්තං අච්ඡරාසහස්සපරිවාරං උත්තමවත්ථදෙවකඤ්ඤං “ත්වං පුරිමභවෙ කිං කම්මං කත්වා නිබ්බත්තා”ති පුච්ඡි. තස්ස පුච්ඡනාකාරො ච විස්සජ්ජනා ච විමානවත්ථුම්හි ආගතමෙව. වුත්තඤ්හි තත්ථ –
ඉන්පසු ගොස් පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි හිඳින ඔහුගෙන් සක්දෙව් මහරජතුමනි! කොහි ගියෙහිදැයි දෙව්දූවරු විචාළහ. සක්දෙවිඳු ඔවුන්ට ඒ කරුණු විස්තර වශයෙන් කියා බෝසතාණන් වහන්සේගේ සීලය, නුවණ ආදී ගුණ වර්ණනා කළේය. දෙව්දූවරු මහරජතුමනි! අපිත් ඇදුරුතුමා දකිනු කැමැත්තෙමු. ඔහුව මෙහි ගෙන්වනු මැනවැයි කීවාහුය. ශක්‍රයා මාතලී අමතා දරුව! දිව්‍ය අප්සරාවෝ ගුත්තිල ගාන්ධර්වයා දකිනු කැමැත්තාහුය. යව ඔහුව විජයොත් රියෙහි හිඳුවාගෙන එන්නැයි කීය. ඔහු යහපතැයි කියා ගොස් බෝසතාණන් වහන්සේ රැගෙන ආවේය. ශක්‍රයා බෝසතාණන් වහන්සේ සමග සතුටු වී, ගුරුතුමනි! දිව්‍ය කන්‍යාවෝ ඔබේ වීණා වාදනය අසනු කැමැත්තාහයි කීවේය. මහරජ! ගාන්ධර්වයෝ වන අපි ශිල්පය නිසා ජීවත් වෙමු. මුදල් ලබන්නාහු නම් වාදනය කරන්නෙමුයි කීහ. වාදනය කරව. මම තොපට මුදල් දෙන්නෙමියි කීය. මට අනිත් මුදලකින් ඵලක් නැත. මේ දේව දූවරු තමන් කළ යහපත් ක්‍රියා ඉල්ලන්නේ නම් ඒ අනුව මම වාදනය කරන්නෙමියි කීහ. ඉක්බිති ඔහුට දේවදූවරු අප විසින් කරන ලද යහපත් ක්‍රියා (පින්කම්) සතුටුව පසුව කියන්නෙමු. ගුරුතුමනි! වීණා වාදනය කරවයි කීහ. බෝසතාණන් වහන්සේ සතියක්ම දෙවියන්ට වීණා වාදනය කළ සේක. එය දිව්‍ය වීණා වාදනයන් අභිබවා පැවතුණේය. සත්වැනි දිනයෙහි මුල පටන් දේව දූවරුගේ යහපත් ක්‍රියා (පින්කම්) විචාළහ. එක් තැනැත්තියක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී එක් භික්ෂු නමකට වටිනා වස්ත්‍රයක් පූජාකොට ඒ පිනෙන් ශක්‍රයාගේ පාද පරිචාරිකාව වී උපන්නාය. අප්සරාවන් දහසක් පිරිවරන ලද උතුම් දිව්‍ය කන්‍යාවක් වී උපන්නාය. නුඹ පෙර ආත්මයේ කුමන පිංකමක් කොට උපන්නාදැයි විචාළහ. ඔහුගේ ප්‍රශ්න කරන ආකාරයද (ඇගේ) විසඳන ආකාරයද විමාන වස්තුවෙහි ආවා වූ පරිද්දෙන්මය. එහි මෙසේ කියන ලදි.
“අභික්කන්තෙන වණ්ණෙන, යා ත්වං තිට්ඨසි දෙවතෙ; ඔභාසෙන්තී දිසා සබ්බා, ඔසධී විය තාරකා.
අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්තී දිසා සබ්බා ඔසධී විය තාරකා
දෙව්දුව! ඔබ යහපත් වූ රූසිරින් සියලු දිශාවන් බබුළුවමින් ඕසධී තරුව මෙන් සිටින්නෙහිය.
“කෙන තෙතාදිසො වණ්ණො, කෙන තෙ ඉධ මිජ්ඣති; උප්පජ්ජන්ති ච තෙ භොගා, යෙ කෙචි මනසො පියා.
කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධ මිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙකෙචි මනසො පියා
ඔබතුමියට මෙබඳු පැහැයක් ලැබුණේ කුමකින්ද? කිනම් පිනකින් මෙහිදී ඔබේ සමෘද්ධිය (සැපත) සිදුවීද? සිතට ප්‍රිය වූ සම්පත් කුමන පිනකින් ලැබේද?
“පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ, මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං; කෙනාසි එවං ජලිතානුභාවා, වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති.
පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්ස භූතා කිමකාසි පුඤ්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති
මහානුභාව සම්පන්න දෙව්දුවනි! මිනිස්ලොවදී කළ පින් ඔබෙන් විමසමි. ඔබේ මේ ශරීර පැහැය සියලු දිසා බබුළුවයි. කවර පිනකින් මෙබඳු දිලිසෙන ආනුභාව ඇතිවීද?
“වත්ථුත්තමදායිකා නාරී, පවරා හොති නරෙසු නාරීසු; එවං පියරූපදායිකා මනාපං, දිබ්බං සා ලභතෙ උපෙච්ච ඨානං.
වත්ථුත්ථම දාඨිකා නාරී පවරා හොති නරෙසු නාරිසු, එවං පියරූප දායිකා මනාපං දිබ්බං සා ලභතෙ උපෙච්ච ඨානං
උතුම් වස්ත්‍ර දෙන ස්ත්‍රිය ස්ත්‍රී පුරුෂයන් අතර උතුම් වෙයි. මෙසේ ප්‍රිය වස්තු දෙන ඈ දෙව්ලොවට පැමිණ මනාප වූ දිවසැප ලබන්නීය.
“තස්සා මෙ පස්ස විමානං, අච්ඡරා කාමවණ්ණිනීහමස්මි; අච්ඡරාසහස්සස්සාහං, පවරා පස්ස පුඤ්ඤානං විපාකං.
තස්සා මෙ පස්ස විමානං අච්ඡරා කාම වණ්ණිනීහමස්මි, අච්ඡරා සහස්ස හං පවරා පස්ස පුඤ්ඤානං විපාකං
ඒ මගේ විමානය බලන්න. මම කැමති සේ රූප දරණ අප්සරාවක් වෙමි. මම අප්සරාවන් දහසකට උතුම් වෙමි. පිනේ විපාකය බලන්න.
“තෙන මෙතාදිසො වණ්ණො, තෙන මෙ ඉධ මිජ්ඣති; උප්පජ්ජන්ති ච මෙ භොගා, යෙ කෙචි මනසො පියා.
තෙන මෙ සදිසො වණ්ණො තෙන මෙ ඉධ මිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා
ඒ පිනෙන් මගේ සිරුරෙහි පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ මෙහි සම්පත්තිය සම්පූර්ණ වෙයි. මට යම් සම්පත්තියක් ප්‍රියමනාප වේනම් ඒවා පහළ වන්නේය.
“තෙනම්හි එවං ජලිතානුභාවා; වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී”ති. (වි· ව· 329-331, 333-336);
තෙනම්හි එවං ජලිතානුභාවා, වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති
එයින් මෙසේ දිලිසෙන පුණ්‍ය ආනුභාව ඇත්තියක වෙමි. මාගේ ශරීර ප්‍රභාව සියලු දිසා බබුළුවයි.
අපරා පිණ්ඩාය චරමානස්ස භික්ඛුනො පූජනත්ථාය පුප්ඵානි අදාසි, අපරා “චෙතියෙ ගන්ධපඤ්චඞ්ගුලිකං දෙථා”ති ගන්ධෙ අදාසි, අපරා මධුරානි ඵලාඵලානි අදාසි, අපරා උච්ඡුරසං අදාසි, අපරා කස්සපදසබලස්ස චෙතියෙ ගන්ධපඤ්චඞ්ගුලිකං අදාසි, අපරා මග්ගපටිපන්නානං භික්ඛූනං භික්ඛුනීනඤ්ච කුලගෙහෙ වාසං උපගතානං සන්තිකෙ ධම්මං අස්සොසි, අපරා නාවාය උපකට්ඨාය වෙලාය භුත්තස්ස භික්ඛුනො උදකෙ ඨත්වා උදකං අදාසි, අපරා අගාරමජ්ඣෙ වසමානා අක්කොධනා හුත්වා සස්සුසසුරවත්තං අකාසි, අපරා අත්තනො ලද්ධකොට්ඨාසතොපි සංවිභාගං කත්වාව පරිභුඤ්ජි, සීලවතී ච අහොසි, අපරා පරගෙහෙ දාසී හුත්වා නික්කොධනා නිම්මානා අත්තනො ලද්ධකොට්ඨාසතො සංවිභාගං කත්වා දෙවරඤ්ඤො පරිචාරිකා හුත්වා නිබ්බත්තා (වි· ව· අට්ඨ· 328-336). එවං සබ්බාපි ගුත්තිලවිමානවත්ථුස්මිං ආගතා ඡත්තිංස දෙවධීතා යං යං කම්මං කත්වා තත්ථ නිබ්බත්තා, සබ්බං බොධිසත්තො පුච්ඡි. තාපිස්ස අත්තනො කතකම්මං ගාථාහියෙව කථෙසුං. තං සුත්වා බොධිසත්තො “ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, ස්වාහං ඉධාගන්ත්වා අප්පමත්තකෙනපි කම්මෙන පටිලද්ධදිබ්බසම්පත්තියො අස්සොසිං. ඉතො දානි පට්ඨාය මනුස්සලොකං ගන්ත්වා දානාදීනි කුසලකම්මානෙව කරිස්සාමී”ති වත්වා ඉමං උදානං උදානෙසි –
තවත් දෙවඟනක් පිඬු පිණිස හැසිරෙන භික්ෂුවකට පිදීම පිණිස මල් දුන්නාය. තවත් දෙවඟනක් දාගැබකට සුවඳ පසඟුල් (ඇඟිලි පහට අසුවන තරම් ප්‍රමාණයක් සුවඳ=ගන්ධ පඤ්චගුලිකං) දෙවයි සුවඳ දුන්නාය. තවත් දෙවඟනක් මිහිරි ලොකු කුඩා පළතුරු දුන්නාය. තවත් දෙවඟනක් උතුම් මිහිරි රස දුන්නාය. තවත් දෙවඟනක් කාශ්‍යප දස බලධාරීන් වහන්සේගේ සෑයට සුවඳ පසඟුල් පිදුවාය. තවත් දෙවඟනක් මග යමින් නිවසට වැඩිය භික්ෂු භික්ෂුණීන් වෙතින් බණ ඇසුවාය. තවත් දෙවඟනක් නැවක සිට වැළඳූ භික්ෂුවකට ජලයේ සිට පැන් දුන්නාය. තවත් දෙවඟනක් මිනිස්ලොවදී ගිහිගෙයි වසමින් ක්‍රෝධ නොවී නැන්දාගේද මාමාගේද කටයුතු කළාය. තවත් දෙවඟනක් මිනිස්ලොවදී තමාට ලැබුණු කොටසින්ද බෙදා හදාගෙන අනුභව කළාහ. සිල්වතියක්ද වූවාය. තවත් තැනැත්තියක් අනුන්ගේ ගෙයි දාසියක වී ක්‍රෝධ නොකර නිහතමානීව තමන් ලද කොටසින්ද බෙදා හදාගෙන පරිභෝග කිරීමෙන් සක් දෙවිඳුගේ බිරිඳක්ව උපන්නාය. මෙසේ ගුත්තිල විමාන වස්තුවෙහි සඳහන් වූ තිස්හතක් පමණ වූ සියලුම දිව්‍ය අප්සරාවෝ යම් යම් කර්මයක් කොට එහි උපන්නාහුද ඒ සියලු දෙනාගෙන්ම බෝසතාණන් වහන්සේ විචාළ සේක. ඒ දෙවඟනෝද ඔහුට තම තමන් කළ කුසල් ගාථාවලින්ම කීවාහුය. ඒ මම මෙහි පැමිණ ස්වල්පමාත්‍ර කුශල කර්මයකින් ලබන ලද සම්පත් ගැන ඇසුවෙම්ද ඒකාන්තයෙන් එය මට ලාභයකි. ඒකාන්තයෙන් මා විසින් මනාව ලබන ලද්දකි. මෙතැන් පටන් මිනිස්ලොවට ගොස් දානාදී පින්කම් කරන්නෙමියි කියා බෝසතාණන් වහන්සේ මේ ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කළහ.
“ස්වාගතං වත මෙ අජ්ජ, සුප්පභාතං සුහුට්ඨිතං; යං අද්දසාමි දෙවතායො, අච්ඡරාකාමවණ්ණියො.
ස්වාගතං වත මෙ අජ්ජ සුප්පභාගං සුවුට්ඨිතං, නයං අද්දසාසිං දෙවතායො අච්ඡරා කාම වණ්ණියො.
“ඉමාසාහං ධම්මං සුත්වා, කාහාමි කුසලං බහුං; දානෙන සමචරියාය, සංයමෙන දමෙන ච; ස්වාහං තත්ථ ගමිස්සාමි, යත්ථ ගන්ත්වා න සොචරෙ”ති. (වි· ව· 617-618);
ඉධාසාහං ධම්මං සුත්වාන කාහාමි කුසලං බහුං, දානෙන සමචරියාය සඤ්ඤමෙන දමෙන ච, සොහං තත්ථ ගමිස්සාමි යත්ථ ගන්ත්වා සොචරෙ’ති
අථ නං සත්තාහච්චයෙන දෙවරාජා මාතලිසඞ්ගාහකං ආණාපෙත්වා රථෙ නිසීදාපෙත්වා බාරාණසිමෙව පෙසෙසි. සො බාරාණසිං ගන්ත්වා දෙවලොකෙ අත්තනා දිට්ඨකාරණං මනුස්සානං ආචික්ඛි. තතො පට්ඨාය මනුස්සා සඋස්සාහා පුඤ්ඤානි කාතුං මඤ්ඤිංසු.
ඉක්බිති සක්දෙව්රජ සත්දිනක් ගියවිට මාතලී රියදුරාට අණකොට (පඬිතුමා) රථයේ හිඳුවා බරණැස් නුවරටම යැවීය. ගුත්තිල පඬිතුමා බරණැස් නුවරට ගොස් දෙව්ලොවදී තමන් දුටු කරුණු මිනිසුන්ට කීවේය. එතැන් පටන් මිනිස්සු උත්සාහයෙන් පින්කිරීමට කල්පනා කළාහුය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා මූසිලො දෙවදත්තො අහොසි, සක්කො අනුරුද්ධො, රාජා ආනන්දො, ගුත්තිලගන්ධබ්බො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව ගලපා නිමවා වදාළ සේක. එකල මූසිලයා දෙව්දත්ය. ශක්‍රයා අනුරුද්ධය. රජ ආනන්දය. ගුත්තිල ගාන්ධර්වයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
ගුත්තිලජාතකවණ්ණනා තතියා.