යෙදුමෙන් කියවන්න

4. විගතිච‍්ඡජාතකවණ‍්ණනා 244 අට‍්ඨකථා

4. විගතිච‍්ඡජාතකවණ‍්ණනා (244)

4. වීතිච්ඡ ජාතකය (244)

යං පස‍්සති න තං ඉච‍්ඡතීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං පලායිකං පරිබ‍්බාජකං ආරබ‍්භ කථෙසි. සො කිර සකලජම‍්බුදීපෙ පටිවාදං අලභිත්‍වා සාවත්‍ථිං ආගන‍්ත්‍වා “කො මයා සද‍්ධිං වාදං කාතුං සමත්‍ථො”ති පුච‍්ඡිත්‍වා “සම‍්මාසම‍්බුද‍්ධො”ති සුත්‍වා මහාජනපරිවුතො ජෙතවනං ගන‍්ත්‍වා භගවන‍්තං චතුපරිසමජ‍්ඣෙ ධම‍්මං දෙසෙන‍්තං පඤ‍්හං පුච‍්ඡි. අථස‍්ස සත්‍ථා තං විස‍්සජ‍්ජෙත්‍වා “එකං නාම කි”න‍්ති පඤ‍්හං පුච‍්ඡි, සො තං කථෙතුං අසක‍්කොන‍්තො උට‍්ඨාය පලායි. නිසින‍්නපරිසා “එකපදෙනෙව වො, භන‍්තෙ, පරිබ‍්බාජකො නිග‍්ගහිතො”ති ආහංසු. සත්‍ථා “නාහං, උපාසකා, ඉදානෙවෙතං එකපදෙනෙව නිග‍්ගණ‍්හාමි, පුබ‍්බෙපි නිග‍්ගණ‍්හිංයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

යං පස්සති න තං ඉච්ඡති යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක් පලාසිකනම් (අනුන්ගේ දොස් කියන) පරිබ්‍රාජකයෙකු අරබයා වදාළ සේක. ඔහු වනාහි මුළු දඹදිව පුරා ප්‍රතිවාදියෙකු නොලබා සැවැත්නුවරට අවුත් මා සමග වාද කරන්නට සමත් කවුදැයි විචාරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ යයි අසා මහජනයා විසින් පිරිවරන ලද්දේ ජේතවනාරාමයට ගොස් සිව් පිරිස් මැද ධර්මදේශනා කරන භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විචාළේය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඔහුගේ ප්‍රශ්නය විසඳා “එක නම් කුමක්ද” යන ප්‍රශ්නය විචාළ සේක. ඔහු පිළිතුරු කියන්නට අසමත් වූයේ නැගිට පලා ගියේය. එහි සිටි පිරිස ස්වාමීනි! ඔබවහන්සේ විසින් එක පදයෙන්ම පරිබ්‍රාජකයා නිගරුවට පත් කරන ලදීන යයි කීවාහුය. උපාසකවරුනි! මම ඔහු එක පදයකින් නිග්‍රහයට පත් කළේ දැන් පමණක් නොවේ. පෙරත් එසේ කළෙමි යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කාසිරට‍්ඨෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො කාමෙ පහාය ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා දීඝරත‍්තං හිමවන‍්තෙ වසි. සො පබ‍්බතා ඔරුය‍්හ එකං නිගමගාමං නිස‍්සාය ගඞ‍්ගානිවත‍්තනෙ පණ‍්ණසාලායං වාසං කප‍්පෙසි. අථෙකො පරිබ‍්බාජකො සකලජම‍්බුදීපෙ පටිවාදං අලභිත්‍වා තං නිගමං පත්‍වා “අත්‍ථි නු ඛො කොචි මයා සද‍්ධිං වාදං කාතුං සමත්‍ථො”ති පුච‍්ඡිත්‍වා “අත්‍ථී”ති බොධිසත‍්තස‍්ස ආනුභාවං සුත්‍වා මහාජනපරිවුතො තස‍්ස වසනට‍්ඨානං ගන‍්ත්‍වා පටිසන්‍ථාරං කත්‍වා නිසීදි. අථ නං බොධිසත‍්තො “වණ‍්ණගන්‍ධපරිභාවිතං ගඞ‍්ගාපානීයං පිවිස‍්සතී”ති පුච‍්ඡි. පරිබ‍්බාජකො වාදෙන ඔත්‍ථරන‍්තො “කා ගඞ‍්ගා, වාලුකා ගඞ‍්ගා, උදකං ගඞ‍්ගා, ඔරිමතීරං ගඞ‍්ගා, පාරිමතීරං ගඞ‍්ගා”ති ආහ. බොධිසත‍්තො “ත්‍වං පන, පරිබ‍්බාජක, ඨපෙත්‍වා උදකං වාලුකං ඔරිමතීරං පාරිමතීරඤ‍්ච කහං ගඞ‍්ගං ලභිස‍්සසී”ති ආහ. පරිබ‍්බාජකො අප‍්පටිභානො හුත්‍වා උට‍්ඨාය පලායි. තස‍්මිං පලාතෙ බොධිසත‍්තො නිසින‍්නපරිසාය ධම‍්මං දෙසෙන‍්තො ඉමා ගාථා අවොච –

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප මහා බෝසතාණන් වහන්සේ කසීරට බමුණු කුලයක ඉපදී වැඩිවියට පත්වූවාහු කම්සැප අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව දිගුකලක් හිමාල වනයෙහි වාසය කළ සේක. හෙතෙම හිමාලය පර්වතයෙන් බැස එක් නියම්ගමක් ඇසුරුකොට ගඟේ නැම්මක (ගංගා නිවර්තනයක) ඇති පන්සලක වාසය කළේය. ඉක්බිති එක් පිරිවැජියෙක් සියලු දඹදිව ප්‍රතිවාදියෙකු නොලැබ ඒ නියම්ගමට පැමිණ මා සමග වාද කරන්නට සමත් කිසිවෙක් ඇත්දැයි විමසා, ඇතැයි බෝසතාණන් වහන්සේගේ ආනුභාවය අසා මහජනයා විසින් පිරිවරන ලද්දේ බෝසතුන් වසන තැනට ගොස් පිළිසඳර කථාකොට හුන්නේය. ඉක්බිති ඔහුගෙන් බෝධිසත්ත්වයන් වහන්සේ වන සුවඳ මුසුවූ ගඟෙහි පැන් බොන්නෙහිදැයි විචාළහ. පිරිවැජියා වාදයට බසිමින් කුමන ගංඟාවක්ද? වැලි ගඟද, ජල ගඟද, මෙගොඩදී එගොඩදැයි ඇසීය. බෝසතාණෝ පිරිවැජිය! ඒ ජලයත් වැලිත් මෙගොඩත් එගොඩත් හැර ගංඟාවක් ලැබෙන්නේ කොහෙන්දැයි ප්‍රශ්න කළහ. පිරිවැජියා එය නොවැටහෙන්නෙක්ව නැගිට පලා ගියේය. ඔහු පලාගිය කල්හි බෝසතාණන් වහන්සේ එහි සිටි පිරිසට දම් දෙසමින් -

“යං පස‍්සති න තං ඉච‍්ඡති, යඤ‍්ච න පස‍්සති තං කිරිච‍්ඡති; මඤ‍්ඤාමි චිරං චරිස‍්සති, න හි තං ලච‍්ඡති යං ස ඉච‍්ඡති.

යං පස්සති න තං ඉච්ඡති, යඤ්ච න පස්සති තංකිර ඉච්ඡති, මඤ්ඤාමි චිරං චරිස්සති, නහි තං ලච්ඡති යං සො ඉච්ඡති

“යං ලභති න තෙන තුස‍්සති, යඤ‍්ච පත්‍ථෙති ලද‍්ධං හීළෙති; ඉච‍්ඡා හි අනන‍්තගොචරා, විගතිච‍්ඡාන නමො කරොමසෙ”ති.

යං ලභති න තෙන තුස්සති, යං පත්‍ථෙති ලද්ධං හීළෙති, ඉච්ඡා හි අනන්ත ගොචරා, වීතිච්ඡානං නමො කරොමසෙ

යන මේ ගාථා කීහ.

දකින දෙයට කැමති නැත. නොදකින දෙයට කැමතිය. (ජලය නැති ගඟක් සොයමින්) බොහෝකල් ඇවිදින්නේ යයි සිතමි. ඔහු කැමති දේ නොලබන්නේය.

ලද දෙයින් සතුටු නොවේ. පතන ලද දෙය ලැබූ විට එය හෙළාදකියි. ආසාව අනන්ත අරමුණු ඇත්තේය. පහකළ ආසා ඇත්තවුන්ට නමස්කාර කරමු.

තත්‍ථ යං පස‍්සතීති යං උදකාදිං පස‍්සති, තං ගඞ‍්ගාති න ඉච‍්ඡති. යඤ‍්ච න පස‍්සතීති යඤ‍්ච උදකාදිවිනිමුත‍්තං ගඞ‍්ගං න පස‍්සති, තං කිරිච‍්ඡති. මඤ‍්ඤාමි චිරං චරිස‍්සතීති අහං එවං මඤ‍්ඤාමි – අයං පරිබ‍්බාජකො එවරූපං ගඞ‍්ගං පරියෙසන‍්තො චිරං චරිස‍්සති. යථා වා උදකාදිවිනිමුත‍්තං ගඞ‍්ගං, එවං රූපාදිවිනිමුත‍්තං අත‍්තානම‍්පි පරියෙසන‍්තො සංසාරෙ චිරං චරිස‍්සති. න හි තං ලච‍්ඡතීති චිරං චරන‍්තොපි යං තං එවරූපං ගඞ‍්ගං වා අත‍්තානං වා ඉච‍්ඡති, තං න ලච‍්ඡති. යං ලභතීති යං උදකං වා රූපාදිං වා ලභති, තෙන න තුස‍්සති. යඤ‍්ච පත්‍ථෙති ලද‍්ධං හීළෙතීති එවං ලද‍්ධෙන අතුස‍්සන‍්තො යං යං සම‍්පත‍්තිං පත්‍ථෙති, තං තං ලභිත්‍වා “කිං එතායා”ති හීළෙති අවමඤ‍්ඤති. ඉච‍්ඡා හි අනන‍්තගොචරාති ලද‍්ධං හීළෙත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං ආරම‍්මණං ඉච‍්ඡනතො අයං ඉච‍්ඡා නාම තණ‍්හා අනන‍්තගොචරා. විගතිච‍්ඡාන නමො කරොමසෙති තස‍්මා යෙ විගතිච‍්ඡා බුද‍්ධාදයො, තෙසං මයං නමක‍්කාරං කරොමාති.

එහි, යංපස්සති යනු ජලය ආදි යමක් දකියිද, එය ගඟක් යයි අකැමති වෙයි. යඤ්ච නපස්සති යනු යමෙක් ජලය ආදියෙන් තොර ගංගාවක් නොදකීද එය කැමති වෙයි. මඤ්ඤාමි චිරං චරිස්සති යනු මම මෙසේ සිතමි. මේ පිරිවැජියා මෙබඳු (ජලය ආදිය නැති) ගංගාවක් සොයමින් කලක් හැසිරෙන්නේය. ජලය ආදියෙන් තොර ගඟක් සොයන්නාක් මෙන් රූපාදියෙන් තොර ආත්මයක් සොයමින් සසරෙහිම බොහෝ කලක් හැසිරෙන්නේය. නහි තං ලච්ඡති යනු බොහෝ කාලයක් හැසිරෙමින් මෙබඳු ගංගාවක් හෝ ආත්මයක් හෝ කැමති වන්නේ නම් එය නොලබන්නේය. යං ලභති යනු යම් ජලයක් හෝ රූපාදියක් හෝ ලබයි නම් එයින් සතුටු නොවෙයි. යං පත්‍ථෙති ලද්ධං හීළෙති යනු මෙසේ ලැබුණු දෙයින් සතුටු නොවෙමින් පතන පතන සම්පත් ලැබ මෙයින් ඇති ඵලය කුමක්දැයි පිළිකුල් කරයි. අවමන් කරයි. ඉච්ඡාහි අනන්තගොචරා යනු ලද ලද දේ පිළිකුල් කොට අනෙක් අනෙක් අරමුණු කැමති වීමෙන් මේ ඉච්ඡා නම් වූ තෘෂ්ණාව අනන්ත අරමුණු ඇති එකක් වේ. වීතිච්ඡානං නමො කරොමසෙ යනු ඒ නිසා යමෙක් පහවූ ආසා ඇති බුද්ධාදී උතුමන්ට අපි නමස්කාර කරමු යි.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා පරිබ‍්බාජකො එතරහි පරිබ‍්බාජකො අහොසි, තාපසො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල පිරිවැජියාම මෙකලත් පිරිවැජියාම විය. තාපසයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

විගතිච‍්ඡජාතකවණ‍්ණනා චතුත්‍ථා.