5. මූලපරියායජාතකවණ්ණනා 245 අට්ඨකථා
5. මූලපරියායජාතකවණ්ණනා (245)
5. මූලපරියාය ජාතකය (245)
කාලො ඝසති භූතානීති ඉදං සත්ථා උක්කට්ඨං නිස්සාය සුභගවනෙ විහරන්තො මූලපරියායසුත්තන්තං ආරබ්භ කථෙසි. තදා කිර පඤ්චසතා බ්රාහ්මණා තිණ්ණං වෙදානං පාරගූ සාසනෙ පබ්බජිත්වා තීණි පිටකානි උග්ගණ්හිත්වා මානමදමත්තා හුත්වා “සම්මාසම්බුද්ධොපි තීණෙව පිටකානි ජානාති, මයම්පි තානි ජානාම, එවං සන්තෙ කිං තස්ස අම්හෙහි නානාකරණ”න්ති බුද්ධුපට්ඨානං න ගච්ඡන්ති, පටිපක්ඛා හුත්වා චරන්ති.
කාලොඝසති භූතානි යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ උක්කට්ඨා නුවර සුභග වනයෙහි වැඩවාසය කරන සේක් මූලපරියාය සූත්‍රාන්තය අරබයා වදාළ සේක. එකල්හි වනාහි ත්‍රිවේදයෙහි පරතෙරට ගියා වූ බමුණෝ පන්සියයක් බුදු සසුනෙහි පැවිදිව ත්‍රිපිටකය ඉගෙනගෙන මානයෙන් මත් වී, සම්මා සම්බුදුරජාණන් වහන්සේද තුන්පිටකය දනිති. අපිද ඒවා දනිමු. මෙසේ ඇතිකල්හි අපට වඩා උන්වහන්සේගේ ඇති වෙනස කුමක්දැයි සිතා බුද්ධෝපස්ථානයට නොයත්. (අපි) බුදුරජාණන් වහන්සේට සමාන වෙමුයි සිතා හැසිරෙත්.
අථෙකදිවසං සත්ථා තෙසු ආගන්ත්වා අත්තනො සන්තිකෙ නිසින්නෙසු අට්ඨහි භූමීහි පටිමණ්ඩෙත්වා මූලපරියායසුත්තන්තං කථෙසි, තෙ න කිඤ්චි සල්ලක්ඛෙසුං. අථ නෙසං එතදහොසි – “මයං අම්හෙහි සදිසා පණ්ඩිතා නත්ථී’ති මානං කරොම, ඉදානි පන න කිඤ්චි ජානාම, බුද්ධෙහි සදිසො පණ්ඩිතො නාම නත්ථි, අහො බුද්ධගුණා නාමා”ති. තෙ තතො පට්ඨාය නිහතමානා හුත්වා උද්ධටදාඨා විය සප්පා නිබ්බිසෙවනා ජාතා. සත්ථා උක්කට්ඨායං යථාභිරන්තං විහරිත්වා වෙසාලිං ගන්ත්වා ගොතමකචෙතියෙ ගොතමකසුත්තන්තං නාම කථෙසි, දසසහස්සිලොකධාතු කම්පි, තං සුත්වා තෙ භික්ඛූ අරහත්තං පාපුණිංසු. මූලපරියායසුත්තන්තපරියොසානෙ පන සත්ථරි උක්කට්ඨායං විහරන්තෙයෙව භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, අහො බුද්ධානං ආනුභාවො, තෙ නාම බ්රාහ්මණපබ්බජිතා තථා මානමදමත්තා භගවතා මූලපරියායදෙසනාය නිහතමානා කතා”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපාහං ඉමෙ එවං මානපග්ගහිතසිරෙ විචරන්තෙ නිහතමානෙ අකාසිංයෙවා”ති වත්වා අතීතං ආහරි.
ඉක්බිති එක් දවසක් බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා අවුත් තමන් වහන්සේ සමීපයෙහි හුන් කල්හි අට තැනකින් සරසා මූලපරියාය සුත්‍රාන්තය වදාළ සේක. ඔවුහු (එම සූත්‍රයෙහි) කිසිවක් දැන නොගත්හ. එවිට ඔවුන්ට “අපි අප හා සමාන පඬිවරුන් නැතැයි” මානය ඇතිකර ගනිමු. දැන් අපි කිසිදෙයක් නොදනිමු. බුදුරජාණන් වහන්සේට සමාන පඬිවරයෙක් නම් නැත. අනේ! බුදුගුණයක මහිමයයි සිතා ඔවුන් එතැන් පටන් නිහතමාන වී උදුරා දැමූ දළ ඇති සර්පයන් මෙන් දමනය වූහ. බුදුරජාණන් වහන්සේ උක්කට්ඨා නුවර කැමතිතාක් කල් වැඩසිට විශාලා මහනුවරට වැඩමවා ගෝතමක චේතියෙහිදී ගෝතමක සූත්‍රය වදාළ සේක. ඒ අවස්ථාවේ දහසක් ලෝකධාතූන් කම්පා විය. ඒ (දේශනාව) අසා ඒ භික්ෂූහු රහත් වූහ. මූලපරියාය සූත්‍රාන්ත දේශනාවගේ කෙළවර බුදුරජාණන් වහන්සේ උක්කට්ඨා නුවර වැඩවාසය කරද්දීම භික්ෂූහු දම්සභාවෙහි කථාවක් ඉපිදවූහ. ඇවැත්නි! ආශ්චර්යයකි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ බලය, බමුණු කුලයෙන් පැවිදි වූ, මානයෙන් මත් වූ ඒ භික්ෂූහු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මූලපරියාය සූත්‍ර දේශනාවෙන් නිහතමානී බවට පත්කරන ලදහ. බුදුරජාණන් වහන්සේ වැඩමවා මහණෙනි! මා එන්නට පෙර මෙහි කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යැයි කී කල්හි මහණෙනි! දැන් පමණක් නොව පෙරත් මම මෙසේ මොවුන් මානයෙන් හිස උදුම්මාගෙන හැසිරෙන කල්හි නිහතමානින් කළෙමියි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො තිණ්ණං වෙදානං පාරගූ දිසාපාමොක්ඛො ආචරියො හුත්වා පඤ්ච මාණවකසතානි මන්තෙ වාචෙසි. තෙ පඤ්චසතාපි නිට්ඨිතසිප්පා සිප්පෙ අනුයොගං දත්වා “යත්තකං මයං ජානාම, ආචරියොපි තත්තකමෙව, විසෙසො නත්ථී”ති මානත්ථද්ධා හුත්වා ආචරියස්ස සන්තිකං න ගච්ඡන්ති, වත්තපටිවත්තං න කරොන්ති. තෙ එකදිවසං ආචරියෙ බදරිරුක්ඛමූලෙ නිසින්නෙ තං වම්භෙතුකාමා බදරිරුක්ඛං නඛෙන ආකොටෙත්වා “නිස්සාරොවායං රුක්ඛො”ති ආහංසු. බොධිසත්තො අත්තනො වම්භනභාවං ඤත්වා අන්තෙවාසිකෙ “එකං වො පඤ්හං පුච්ඡිස්සාමී”ති ආහ. තෙ හට්ඨතුට්ඨා “වදෙථ, කථෙස්සාමා”ති. ආචරියො පඤ්හං පුච්ඡන්තො පඨමං ගාථමාහ –
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජකරද්දී බෝසතාණන් වහන්සේ බමුණු කුලයක ඉපදී වැඩිවියට පත්ව ත්‍රිවේදයෙහි පරතෙරට ගොස් දිසාපාමොක් ඇදුරු වී පන්සියයක් මානවකයන්ට මන්ත්‍ර ශාස්ත්‍රය ඉගැන්වූ සේක. ඒ අතවැසි පන්සියයද නිමවන ලද ශිල්ප ඇතිව පාඩම් දී (තවත් ඇද්දැයි ප්‍රශ්නකොට නැති බව දැන) යම් පමණක් අප විසින් ශිල්ප දනිමුද, ගුරුවරයාද එපමණක්ම දනී. දැනීමේ විශේෂයක් නැතැයි මානයෙන් උඩඟු වී ගුරුවරයා සමීපයට නොයත්. වත් පිළිවෙත් නොකරත්. ඔවුන් එක් දවසක් ඇදුරුතුමා ඩෙබර ගසක් මුල සිටිනවිට එතුමා වංචා කරනු කැමතිව ඩෙබර ගසට නියෙන් තට්ටුකොට මේ ගස නිස්සාර යැයි කීවාහුය. බෝධිසත්ත්වයන් වහන්සේ තමන් රවටන බව දැන අතවැසියනි! තොපගෙන් එක් ප්‍රශ්නයක් අසන්නෙමියි කී සේක. ඔවුහු තුටුපහටුව කියනු මැනවි, පිළිතුරු කියන්නෙමුයි කීවෝය. ඇදුරුතුමා ප්රශ්නය අසමින් -
“කාලො ඝසති භූතානි, සබ්බානෙව සහත්තනා; යො ච කාලඝසො භූතො, ස භූතපචනිං පචී”ති.
කාලො ඝසති භූතානි සබ්බානෙව සහත්තනා, යොච කාල ඝසො භූතො සභූත පචනිං පචී.
යන පළමු ගාථාව කීය.
කාලය තමා හා සමග හැම සතුන්ම කයි. කාලය කාදැමූ සත්ත්වයා අළුකළේය. තෘෂ්ණාව දැවීය.
තත්ථ කාලොති පුරෙභත්තකාලොපි පච්ඡාභත්තකාලොපීති එවමාදි. භූතානීති සත්තාධිවචනමෙතං, න කාලො භූතානං චම්මමංසාදීනි ලුඤ්චිත්වා ඛාදති, අපිච ඛො නෙසං ආයුවණ්ණබලානි ඛෙපෙන්තො යොබ්බඤ්ඤං මද්දන්තො ආරොග්යං විනාසෙන්තො ඝසති ඛාදතීති වුච්චති. එවං ඝසන්තො ච න කිඤ්චි වජ්ජෙති, සබ්බානෙව ඝසති. න කෙවලඤ්ච භූතානෙව, අපිච ඛො සහත්තනා අත්තානම්පි ඝසති, පුරෙභත්තකාලො පච්ඡාභත්තකාලං න පාපුණාති. එස නයො පච්ඡාභත්තකාලාදීසු. යො ච කාලඝසො භූතොති ඛීණාසවස්සෙතං අධිවචනං . සො හි අරියමග්ගෙන ආයතිං පටිසන්ධිකාලං ඛෙපෙත්වා ඛාදිත්වා ඨිතත්තා “කාලඝසො භූතො”ති වුච්චති . ස භූතපචනිං පචීති සො යායං තණ්හා අපායෙසු භූතෙ පචති, තං ඤාණග්ගිනා පචි දහි භස්මමකාසි, තෙන “භූතපචනිං පචී”ති වුච්චති. “පජනි”න්තිපි පාඨො, ජනිකං නිබ්බත්තකින්ති අත්ථො.
එහි, කාලො යනු පෙරවරු කාලය පස්වරු කාලය ආදියයි. භූතානි යන මෙය සත්ත්වයන්ට නමකි. කාලය, සත්ත්වයන්ගේ සම් මස් ආදිය උදුර උදුරා (උගුල්ල උගුල්ලා) නොකයි. එහෙත් සත්ත්වයන්ගේ ආයුෂය, වර්ණය (ලස්සන) බලය ගෙවා දමමින් තරුණකම මඩිමින් නිරෝගි බව නැති කරමින් කාදමයි යනුවෙන් කියන ලදි. මෙසේ කාදමමින් කිසිවක් ඉතිරි නොකරයි. සබ්බානෙව සියල්ලම කයි. සත්ත්වයන් පමණක්ම නොවෙයි. සහත්තනා තමාවත් කයි. (කාලය කාලය විසින්ම කාදමනු ලැබේ) පෙරවරු කාලය පස්වරු කාලයට නොපැමිණෙයි. පස්වරු කාලය ආදියෙහිද ඒ ක්‍රමයමයි. යො ච කාලඝසො භූතො යන මෙය රහතන් වහන්සේට නමකි. උන්වහන්සේ ආර්ය මාර්ගයෙන් මත්තෙහි උපදින (ප්රතිසන්ධි) කාලය ගෙවා දමා කා දමා සිටින බැවින් “කාලඝසො භූතො” යයි කියනු ලැබේ. ස භූත පචනිං පචී යනු සත්ත්වයන් අපායවලදී (එහි ගින්නෙන්) දවන යම් මේ තණ්හාවක් වේද, රහතන් වහන්සේ ඒ තෘෂ්ණාව ඤාණ නමැති ගින්නෙන් පිසූහ. දැවූහ. අළුකළහ. එහෙයින් “භූත පචනි” යම් තණ්හාව ‘පචී’ පිසුවේයයි (දැවීයයි) කියන ලදි. ‘පජනිං’ යනුද පාඨයකි. උපදවන්නිය යන අර්ථයයි.
ඉමං පඤ්හං සුත්වා මාණවෙසු එකොපි ජානිතුං සමත්ථො නාම නාහොසි. අථ නෙ බොධිසත්තො “මා ඛො තුම්හෙ ‘අයං පඤ්හො තීසු වෙදෙසු අත්ථී’ති සඤ්ඤං අකත්ථ, තුම්හෙ ‘යමහං ජානාමි, තං සබ්බං ජානාමා’ති මඤ්ඤමානා මං බදරිරුක්ඛසදිසං කරොථ, මම තුම්හෙහි අඤ්ඤාතස්ස බහුනො ජානනභාවං න ජානාථ, ගච්ඡථ සත්තමෙ දිවසෙ කාලං දම්මි, එත්තකෙන කාලෙන ඉමං පඤ්හං චින්තෙථා”ති. තෙ බොධිසත්තං වන්දිත්වා අත්තනො අත්තනො වසනට්ඨානං ගන්ත්වා සත්තාහං චින්තෙත්වාපි පඤ්හස්ස නෙව අන්තං, න කොටිං පස්සිංසු. තෙ සත්තමදිවසෙ ආචරියස්ස සන්තිකං ගන්ත්වා වන්දිත්වා නිසීදිත්වා “කිං, භද්රමුඛා, ජානිත්ථ පඤ්හ”න්ති වුත්තෙ “න ජානාමා”ති වදිංසු. අථ බොධිසත්තො තෙ ගරහමානො දුතියං ගාථමාහ –
මේ ප්රශ්නය අසා මානවයන් අතුරෙන් එක් අයෙක්වත් තේරුම් ගැනීමට සමත් නොවීය. ඉක්බිති ඔවුන්ට බෝසතාණන් වහන්සේ නුඹලා මේ ප්රශ්නය ත්‍රිවේදයෙහි ඇතැයි නොසලකන්න. නුඹලා මා දන්නා සියල්ල “අපිත් දනිමුයි” කියා සිතමින් මා ඩෙබර ගසකට සමාන කරව්ද? නුඹලා නොදන්නා බොහෝ දේ මා දන්නා බව තොපි නොදනිහුද? යව්, සත්දිනක් කල්දෙමි. එපමණ කාලයකින් මේ ප්රශ්නය සිතවුයි කීහ. ඔවුන් බෝධිසත්ත්වයන්ට වැඳ තම තමන් වාසය කරන ස්ථානවලට ගොස් සත් දවසක් සිතුවත් ප්රශ්නයේ අගක් මුලක් නොදුටුවාහුය. ඔවුහු සත්වන දින ඇදුරුතුමා වෙත ගොස් වැඳ හිඳගෙන සිටිවිට කෙසේද? ශිෂ්‍යයිනි, ප්‍රශ්නයට පිළිතුර දැනගත්තාහුදැයි ඇසූහ. ඔවුහු නොදන්නා බව කීවාහුය. නැවත බෝසතාණන් වහන්සේ ඔවුන්ට ගරහමින් -
“බහූනි නරසීසානි, ලොමසානි බ්රහානි ච; ගීවාසු පටිමුක්කානි, කොචිදෙවෙත්ථ කණ්ණවා”ති.
බහූනි නරසීසානි ලොමසානි බ්රහානි ච, ගීවාසු පටිමුක්කානි කොචිදෙවෙති කණ්ණවා
යන දෙවන ගාථාව කීය.
බොහෝ කෙස් ඇති, විශාල වූ ග්රීවායන්හි (බෙල්ලවල් උඩ) පැළඳගත් හෙවත් තබා ඇති නර හිස් (මිනිස් ඔළුගෙඩි) බොහෝ ඇත. ඔවුන්ගෙන් කෙනෙක් කන් ඇත්තෙකි. (නුවණ ඇත්තෙකි)
තස්සත්ථො – බහූනි නරානං සීසානි දිස්සන්ති, සබ්බානි ච තානි ලොමසානි, සබ්බානි මහන්තානි ගීවාසුයෙව ඨපිතානි, න තාලඵලං විය හත්ථෙන ගහිතානි, නත්ථි තෙසං ඉමෙහි ධම්මෙහි නානාකරණං. එත්ථ පන කොචිදෙව කණ්ණවාති අත්තානං සන්ධායාහ. කණ්ණවාති පඤ්ඤවා, කණ්ණඡිද්දං පන න කස්සචි නත්ථි. ඉති තෙ මාණවකෙ “කණ්ණඡිද්දමත්තමෙව තුම්හාකං බාලානං අත්ථි, න පඤ්ඤා”ති ගරහිත්වා පඤ්හං විස්සජ්ජෙසි. තෙ සුත්වා – “අහො ආචරියා නාම මහන්තා”ති ඛමාපෙත්වා නිහතමානා බොධිසත්තං උපට්ඨහිංසු.
එහි අර්ථය, මිනිස් හිස් ගෙඩි බොහෝ පෙනෙන්නට ඇත. බොහෝ කෙස් ඇති විශාල වූ ඒ හිස් ග්රීවායන්හි පැළඳගෙන ඇත. (බෙල්ලවල් උඩ තබා ඇත.) තල්ගෙඩියක් මෙන් අතින් ගෙන නැත. මේ කරුණුවලින් ඔවුන්ගේ වෙනසක් නැත. මෙහි කෙනෙක් කන් ඇත්තෙකියි තමා සඳහා (බෝසත්හු) කීහ. කණ්ණවා යනු ප්‍රඥාවන්තයාය. කිසිවකුට කන්සිදුරක් නැත්තේ නොවේ. (සියල්ලන්ට කන් සිදුරක් ඇත යන අදහසයි) මෙසේ, මෝඩ වූ තොපට (මස්වලින් සෑදුණු) කන්සිදුර පමණක් ඇත. ප්‍රඥාව (නමැති කන) නැත යනුවෙන් ඒ තරුණයන්ට ගරහා ප්රශ්නය විසඳූහ. ඔවුහු (එය) අසා අහෝ ගුරුතුමා නම් (නුවණින්) මහත්යයි සමා කරවාගෙන මානය නැතිකොට බෝසතුන්ට උවටැන් කළහ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා පඤ්චසතා මාණවකා ඉමෙ භික්ඛූ අහෙසුං, ආචරියො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල පන්සියයක් තරුණයෝ (මානවකයෝ) මේ භික්ෂූහු වූහ. ඇදුරුතුමා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
මූලපරියායජාතකවණ්ණනා පඤ්චමා.