යෙදුමෙන් කියවන්න

6. බාලොවාදජාතකවණ‍්ණනා 246 අට‍්ඨකථා

6. බාලොවාදජාතකවණ‍්ණනා (246)

6. තේලෝවාද ජාතකය (246)

හන‍්ත්‍වා ඡෙත්‍වා වධිත්‍වා චාති ඉදං සත්‍ථා වෙසාලිං උපනිස‍්සාය කූටාගාරසාලායං විහරන‍්තො සීහසෙනාපතිං ආරබ‍්භ කථෙසි. සො හි භගවන‍්තං සරණං ගන‍්ත්‍වා නිමන‍්තෙත්‍වා පුනදිවසෙ සමංසකභත‍්තං අදාසි. නිගණ‍්ඨා තං සුත්‍වා කුපිතා අනත‍්තමනා තථාගතං විහෙඨෙතුකාමා “සමණො ගොතමො ජානං උද‍්දිස‍්සකතං මංසං භුඤ‍්ජතී”ති අක‍්කොසිංසු. භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං – “ආවුසො, නිගණ‍්ඨො නාටපුත‍්තො ‘සමණො ගොතමො ජානං උද‍්දිස‍්සකතං මංසං භුඤ‍්ජතී’ති සද‍්ධිං පරිසාය අක‍්කොසන‍්තො ආහිණ‍්ඩතී”ති. තං සුත්‍වා සත්‍ථා “න, භික‍්ඛවෙ, නිගණ‍්ඨො නාටපුත‍්තො ඉදානෙව මං උද‍්දිස‍්සකතමංසඛාදනෙන ගරහති, පුබ‍්බෙපි ගරහියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

හනත්‍වා ඣත්‍වා වධිත්‍වා ච යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ විසාලා මහනුවර ඇසුරු කරගෙන ඇති කූටාගාර ශාලාවෙහි වාසය කරන සේක් සීහ සේනාධිපති අරබයා වදාළ සේක. හෙතෙම බුදුරජාණන් වහන්සේ සරණ ගොස් ආරාධනා කොට දෙවන දිනයේ මස් සහිත දානයක් දුන්නේය. නිගණ්ඨයෝ ඒ අසා කිපී නොසතුටු සිත් ඇතිව තථාගතයන් වහන්සේ වෙහෙසනු කැමතිව ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ දැන දැන තමා උදෙසා සකස් කළ මස් අනුභව කළහ යනුවෙන් ආක්‍රෝස කළාහුය. භික්‍ෂූහු දම්සභාවෙහි “ඇවැත්නි! නිගණ්ඨනාථ පුත්‍රයා ශ්‍රමණ භවත් ගෞතමයෝ දැනගෙන තමා උදෙසා සකස්කළ මස් වැළඳූහ යනුවෙන් දොස් කියමින් පිරිස සමග ඇවිදීයයි” කථාවක් මතු කළහ. ඒ අසා බුදුරජාණන් වහන්සේ මහණෙනි, නිගණ්ඨනාථ පුත්‍රයා උදෙසා කළ මස් කෑමෙන් මට ගැරහුවේ දැන් පමණක් නොවේ. පෙරත් ගැරහුවේයැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා ලොණම‍්බිලසෙවනත්‍ථාය හිමවන‍්තතො බාරාණසිං ගන‍්ත්‍වා පුනදිවසෙ නගරං භික‍්ඛාය පාවිසි. අථෙකො කුටුම‍්බිකො “තාපසං විහෙඨෙස‍්සාමී”ති ඝරං පවෙසෙත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසීදාපෙත්‍වා මච‍්ඡමංසෙන පරිවිසිත්‍වා භත‍්තකිච‍්චාවසානෙ එකමන‍්තං නිසීදිත්‍වා “ඉමං මංසං තුම‍්හෙයෙව උද‍්දිස‍්ස පාණෙ මාරෙත්‍වා කතං, ඉදං අකුසලං මා අම‍්හාකමෙව, තුම‍්හාකම‍්පි හොතූ”ති වත්‍වා පඨමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප මහබෝසතාණන් වහන්සේ බ්‍රාහ්මණ කුලයෙහි ඉපදී වැඩිවියට පත්ව තවුස් පැවිද්දෙන් පැවිදිව ලුණු ඇඹුල් සෙවීම පිණිස හිමාල වනයේ සිට බරණැස් නුවරට අවුත් දෙවන දවසේ නගරයට පිඬු පිණිස පිවිසියහ. ඉක්බිති එක් කෙළෙඹි පුත්‍රයෙක් තවුසා වෙහෙසන්නෙමියි සිතා නිවසට කැඳවාගෙන අවුත් පනවන ලද ආසනයක හිඳුවා මස් මාංශ සහිත බොජුන් වළඳවා වළඳා අවසානයේදී එකත්පසෙක හිඳගෙන මේ මස් නුඹවහන්සේ උදෙසාම ප්‍රාණීන් මරා සකස් කරන ලද්දකි. මේ අකුසලය මට පමණක් නොවේවා! නුඹවහන්සේටත් වේවායි කියා -

“හන‍්ත්‍වා ඡෙත්‍වා වධිත්‍වා ච, දෙති දානං අසඤ‍්ඤතො; එදිසං භත‍්තං භුඤ‍්ජමානො, ස පාපෙන උපලිප‍්පතී”ති.

හනත්‍වා ඣත්‍වා වධිත්‍වා ච දෙතිදානං අසඤ්ඤතො, එදිසං භත්තං භුඤ්ජමානො සපාපෙන උපලිප්පති

යන පළමු ගාථාව කීය.

දුසිල් පුද්ගලයා පහරදී ක්ලාන්ත කරවා, මරා දන් දේද, එබඳු දන් වළඳන ඒ පුද්ගලයාද පවින් තැවරේ.

තත්‍ථ හන‍්ත්‍වාති පහරිත්‍වා. ඡෙත්‍වාති කිලමෙත්‍වා. වධිත්‍වාති මාරෙත්‍වා. දෙති දානං අසඤ‍්ඤතොති අසඤ‍්ඤතො දුස‍්සීලො එවං කත්‍වා දානං දෙති. එදිසං භත‍්තං භුඤ‍්ජමානො, ස පාපෙන උපලිප‍්පතීති එදිසං උද‍්දිස‍්සකතභත‍්තං භුඤ‍්ජමානො සො සමණොපි පාපෙන උපලිප‍්පති සංයුජ‍්ජතියෙවාති.

එහි, හනත්‍වා යනු ගසා පහරදී, ඣත්‍වා යනු ක්ලාන්තකොට, වධිත්‍වා යනු මරා. දෙති දානං අසඤ්ඤතො යනු සංයමයක් නැති දුසිල් පුද්ගලයා මෙසේ කොට මෙසේ දන් දේ. එදිසං භන්තං භුඤ්ජමානො ස පාපෙන උපලිප්පතති යනු උදෙසා පිළියෙල කළ මෙබඳු (මස් සහිත) බත් අනුභව කරන ඒ ශ්‍රමණයාද පාපයෙන් තැවරේ. සංයෝග වේ.

තං සුත්‍වා බොධිසත‍්තො දුතියං ගාථමාහ –

ඒ අසා බෝසතාණන් වහන්සේ,

“පුත‍්තදාරම‍්පි චෙ හන‍්ත්‍වා, දෙති දානං අසඤ‍්ඤතො; භුඤ‍්ජමානොපි සප‍්පඤ‍්ඤො, න පාපෙන උපලිප‍්පතී”ති.

පුත්තදාරම්පි චෙ හනත්‍වා දෙති දානං අසඤ්ඤතො, භුඤ්ඤමානොපි සප්පඤ්ඤො නපාපෙන උපලිප්පති

යන දෙවන ගාථාව කීහ.

දුසිල් තෙමේ අඹුදරුවනුදු මරා දන් දේද, එය වළඳන නුවණ ඇති තැනැත්තා පාපයෙන් නොතැවරේ. (පවට මුසුවන්නේ නැත.)

තත්‍ථ භුඤ‍්ජමානොපි සප‍්පඤ‍්ඤොති තිට‍්ඨතු අඤ‍්ඤං මංසං, පුත‍්තදාරං වධිත්‍වාපි දුස‍්සීලෙන දින‍්නං සප‍්පඤ‍්ඤො ඛන‍්තිමෙත‍්තාදිගුණසම‍්පන‍්නො තං භුඤ‍්ජමානොපි පාපෙන න උපලිප‍්පතීති. එවමස‍්ස බොධිසත‍්තො ධම‍්මං කථෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි.

එහි, භුඤ්ජමානොපි සප්පඤ්ඤොති යනු අනිත් මසක් තිබේවා. අඹුදරුවන් මරා වුවද දුසිල් පුද්ගලයා විසින් දෙන දානය ඉවසීම, මෛත්‍රිය ආදී ගුණයෙන් යුත් නුවණ ඇති පුද්ගලයා වළඳන්නේ නමුදු (වැළඳුවත්) පාපයෙන් නොතැවරෙන්නේය. මෙසේ ඔහුට බෝසතාණන් වහන්සේ දහම් දෙසා හුනස්නෙන් නැගී ගිය සේක.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කුටුම‍්බිකො නිගණ‍්ඨො නාටපුත‍්තො අහොසි, තාපසො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල කෙළෙඹි පුත්‍රයා නිගණ්ඨනාථ පුත්‍රයා විය. තාපසයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

බාලොවාදජාතකවණ‍්ණනා ඡට‍්ඨා.