7. පාදඤ‍්ජලිජාතකවණ‍්ණනා 247 අට‍්ඨකථා
7. පාදඤ‍්ජලිජාතකවණ‍්ණනා (247)
7. පාදඤ්ජලී ජාතකය (247)
අද‍්ධා පාදඤ‍්ජලී සබ‍්බෙති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ලාළුදායීථෙරං ආරබ‍්භ කථෙසි. එකස‍්මිඤ‍්හි දිවසෙ ද‍්වෙ අග‍්ගසාවකා පඤ‍්හං විනිච‍්ඡිනන‍්ති, භික‍්ඛූ පඤ‍්හං සුණන‍්තා ථෙරෙ පසංසන‍්ති. ලාළුදායීථෙරො පන පරිසන‍්තරෙ නිසින‍්නො “එතෙ අම‍්හෙහි සමං කිං ජානන‍්තී”ති ඔට‍්ඨං භඤ‍්ජි. තං දිස‍්වා ථෙරා උට‍්ඨාය පක‍්කමිංසු, පරිසා භිජ‍්ජි. ධම‍්මසභායං භික‍්ඛූ කථං සමුට‍්ඨාපෙසුං – “ආවුසො ලාළුදායී, ද‍්වෙ අග‍්ගසාවකෙ ගරහිත්‍වා ඔට‍්ඨං භඤ‍්ජී”ති. තං සුත්‍වා සත්‍ථා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි ලාළුදායී ඨපෙත්‍වා ඔට‍්ඨභඤ‍්ජනං තතො උත‍්තරි අඤ‍්ඤං න ජානාතී”ති වත්‍වා අතීතං ආහරි.
අද්ධා පාදඤ්ජලී සබ්බෙ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවන විහාරයේ වැඩවාසය කරන සේක් ලාළුදායි තෙරුන් අරබයා වදාළ සේක. එක්දිනක් අගසව් දෙදෙනා වහන්සේ ප්‍රශ්න විසඳන සේක. භික්‍ෂූහු ප්‍රශ්න විසඳන අයුරු අසමින් තෙරුන්ට ප්‍රශංසා කරත්. පිරිස අතරෙහි හුන් ලාළුදායි තෙර මේ දෙදෙනා වහන්නේ අප හා සමානයි. කුමක් දනිත්දැයි තොල් බින්දේය. (තොල් සෙලවීය) ඒ දැක අගසව් දෙදෙනා වහන්සේලා හුනස්නෙන් නැගිට වැඩියාහුය. පිරිස විසිරී ගියේය. (බිඳුණේය) දම්සභාවෙහිදී භික්‍ෂූහු “ඇවැත්නි! ලාළුදායි තෙර අගසව් දෙදෙනා වහන්සේට නිගරුකොට තොල් බින්දේය. බුදුරජාණන් වහන්සේ ඒ අසා මහණෙනි! දැන් පමණක් නොව පෙරත් ලාළුදායි තොල් සෙලවීම ඊට වැඩි යමක් නොදන්නේ යැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස අත්‍ථධම‍්මානුසාසකො අමච‍්චො අහොසි. රඤ‍්ඤො පාදඤ‍්ජලී නාම පුත‍්තො ලාලො දන්‍ධපරිසක‍්කනො අහොසි. අපරභාගෙ රාජා කාලමකාසි. අමච‍්චා රඤ‍්ඤො මතකිච‍්චානි කත්‍වා “තං රජ‍්ජෙ අභිසිඤ‍්චිස‍්සාමා”ති මන‍්තයමානා රාජපුත‍්තං පාදඤ‍්ජලිං ආහංසු. බොධිසත‍්තො පන “අයං කුමාරො ලාලො දන්‍ධපරිසක‍්කනො, පරිග‍්ගහෙත්‍වා නං අභිසිඤ‍්චිස‍්සාමා”ති ආහ. අමච‍්චා විනිච‍්ඡයං සජ‍්ජෙත්‍වා කුමාරං සමීපෙ නිසීදාපෙත්‍වා අඩ‍්ඩං විනිච‍්ඡිනන‍්තා න සම‍්මා විනිච‍්ඡිනිංසු. තෙ අස‍්සාමිකං සාමිකං කත්‍වා කුමාරං පුච‍්ඡිංසු – “කීදිසං, කුමාර, සුට‍්ඨු අඩ‍්ඩං විනිච‍්ඡිනිම‍්හා”ති. සො ඔට‍්ඨං භඤ‍්ජි. බොධිසත‍්තො “පණ‍්ඩිතො වත මඤ‍්ඤෙ කුමාරො, අසම‍්මාවිනිච‍්ඡිතභාවො තෙන ඤාතො භවිස‍්සතී”ති මඤ‍්ඤමානො පඨමං ගාථමාහ –
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ රජුගේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ඇමතියා විය. රජතුමාට බොළඳ මඳ උත්සාහ ඇති පාදඤ්ජලී නම් පුතෙක් විය. පසුකලෙක පියරජතුමා කළුරිය කළේය. ඇමතිවරු රජුගේ අවමඟුල් කටයුතු කොට කවරෙකු රාජාභිෂේක කරවන්නෙම්දැයි සාකච්ඡා කරමින් රජ පුත් පාදඤ්ජලී රජකරවමුයි කීවාහුය. බෝසතාණන් වහන්සේ වනාහි මේ කුමාරයා බොළඳ මඳ උත්සාහ ඇත්තේය. ඒ නිසා විමසා බලා ඔහු අභිෂේක කරන්නෙමුයි කීහ. ඇමතිවරු විනිශ්චයක් සූදානම්කොට කුමාරයා ළඟ හිඳුවා නඩුවක් විසඳමින් නිසිලෙස නොවිසඳූහ. ඔවුහු වැරදිකරු නිවැරදිකරු කොට කුමාරයාගෙන් කෙසේද? අපි නඩුව මනාව විසඳුවෙහිදැයි විචාළහ. කුමාරයා තොල් බින්දේය. බෝසතාණන් වහන්සේ කුමාරයා නුවණ ඇත්තෙකැයි සිතමි. වැරදි විනිශ්චයක් දුන් බව ඔහු විසින් දැනගන්නට ඇතැයි සිතමින් -
“අද‍්ධා පාදඤ්ජලී සබ්බෙ, පඤ්ඤාය අතිරොචති; තථා හි ඔට‍්ඨං භඤ‍්ජති, උත‍්තරිං නූන පස‍්සතී”ති.
අද්ධා පාදඤ්ජලී සබ්බෙ පඤ්ඤාය අතිරොචති, තථාහි ඔට්ඨං භුඤ්ජති උත්තරිං නූන පස්සති
යන පළමු ගාථාව කීහ.
ඒකාන්තයෙන් පාදඤ්ජලී කුමාරයා අප හැමට වඩා ප්‍රඥාවෙන් ඉතා බබළයි. එය එසේමය. තොල් බිඳී. මත්තෙහි අන් කරුණක් ඒකාන්තයෙන් බලයි.
තස‍්සත්‍ථො – එකංසෙන පාදඤ‍්ජලිකුමාරො සබ‍්බෙ අම‍්හෙ පඤ‍්ඤාය අතිරොචති. තථා හි ඔට‍්ඨං භඤ්ජති, නූන උත‍්තරිං අඤ‍්ඤං කාරණං පස‍්සතීති.
එහි අර්ථය; ඒකාන්තයෙන්, පාදඤ්ජලී - පාදඤ්ජලී කුමාරයා, සබ්බෙ අප හැමට වඩා. පඤ්ඤාය අතිරොචති තථාහි ඔට්ඨං භඤ්ජති නූන උත්තරිං නුවණින් බබළයි. එනිසාම තොල් බිඳියි. ඒකාන්තයෙන් තවදුරටත්, වෙනත් කරුණක් පස්සති බලයි.
තෙ අපරස‍්මිම‍්පි දිවසෙ විනිච‍්ඡයං සජ‍්ජෙත්‍වා අඤ‍්ඤං අඩ‍්ඩං සුට‍්ඨු විනිච‍්ඡිනිත්‍වා “කීදිසං, දෙව, සුට‍්ඨු විනිච‍්ඡිනිත”න‍්ති පුච‍්ඡිංසු. සො පුනපි ඔට‍්ඨමෙව භඤ‍්ජි. අථස‍්ස අන්‍ධබාලභාවං ඤත්‍වා බොධිසත‍්තො දුතියං ගාථමාහ –
ඔවුහු තව දවසක විනිශ්චයක් සූදානම්කොට වෙනත් නඩුවක් නිවැරදිව විසඳා කෙසේද? දේවයිනි! නඩුව මනාව විසඳන ලදදැයි විචාළාහුය. කුමාරයා නැවතද තොල් සෙලවීය. ඉක්බිති ඔහුගේ මෝඩ බව දැන බෝසතාණන් වහන්සේ -
“නායං ධම්මං අධම‍්මං වා, අත්‍ථානත්‍ථඤ‍්ච බුජ‍්ඣති; අඤ‍්ඤත්‍ර ඔට‍්ඨනිබ‍්භොගා, නායං ජානාති කිඤ‍්චන”න‍්ති.
නායං ධම්මං අධම්මං වන අත්‍ථා නත්‍ථං ව බුජ්ඣති, අඤ්ඤානු ඔට්ඨ නිබ්භොගා නායං ජානානි කිඤ්චනං
යන දෙවන ගාථාව කීහ.
මේ පාදඤ්ජලී කුමාරයා, දහමද නොදහමද, දියුණුවද පිරිහීමද නොදනී. තොල් බිඳුම හැර අන් කිසිවක් නොදනී.
අමච‍්චා පාදඤ‍්ජලිකුමාරස‍්ස ලාලභාවං ඤත්‍වා බොධිසත‍්තං රජ‍්ජෙ අභිසිඤ‍්චිංසු.
ඇමතිවරු පාදඤ්ජලී කුමාරයාගේ බොළඳ බව දැන බෝසතාණන් වහන්සේ රාජ්‍යයෙහි අභිෂේක කළාහුය.
සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා පාදඤ‍්ජලී ලාළුදායී අහොසි, පණ‍්ඩිතාමච‍්චො පන අහමෙව අහොසි”න‍්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතකය ගලපා නිමවා වදාළ සේක. එකල පාදඤ්ජලී කුමාරයා ලාළුදායී විය. නුවණ ඇති ඇමතියා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
පාදඤ‍්ජලිජාතකවණ‍්ණනා සත‍්තමා.