8. කිංසුකොපමජාතකවණ්ණනා 248 අට්ඨකථා
8. කිංසුකොපමජාතකවණ්ණනා (248)
8. කිංසුකෝපම ජාතකය (248)
සබ්බෙහි කිංසුකො දිට්ඨොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො කිංසුකොපමසුත්තන්තං ආරබ්භ කථෙසි. චත්තාරො හි භික්ඛූ තථාගතං උපසඞ්කමිත්වා කම්මට්ඨානං යාචිංසු, සත්ථා තෙසං කම්මට්ඨානං කථෙසි. තෙ කම්මට්ඨානං ගහෙත්වා අත්තනො රත්තිට්ඨානදිවාට්ඨානානි අගමිංසු. තෙසු එකො ඡ ඵස්සායතනානි පරිග්ගණ්හිත්වා අරහත්තං පාපුණි, එකො පඤ්චක්ඛන්ධෙ, එකො චත්තාරො මහාභූතෙ, එකො අට්ඨාරස ධාතුයො. තෙ අත්තනො අත්තනො අධිගතවිසෙසං සත්ථු ආරොචෙසුං. අථෙකස්ස භික්ඛුනො පරිවිතක්කො උදපාදි – “ඉමෙසං කම්මට්ඨානානි නානා, නිබ්බානං එකං, කථං සබ්බෙහි අරහත්තං පත්ත”න්ති. සො සත්ථාරං පුච්ඡි. සත්ථා “කිං තෙ, භික්ඛු, කිංසුකදිට්ඨභාතිකෙහි නානත්ත”න්ති වත්වා “ඉදං නො, භන්තෙ, කාරණං කථෙථා”ති භික්ඛූහි යාචිතො අතීතං ආහරි.
සබ්බෙහි කිංසුකො දිට්ඨො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් කිංසුකොපම සූත්රාන්ත දේශනාව අරබයා වදාළ සේක. භික්ෂූන් වහන්සේලා සිව් නමක් තථාගතයන් වහන්සේ වෙත එළඹ කමටහන් ඉල්ලූහ. ශාස්තෲන් වහන්සේ ඔවුන්ට කමටහන් දුන් සේක. උන්වහන්සේලා කමටහන් ලබාගෙන තම තමන්ගේ රෑ දාවල් වසන තැන්වලට වැඩියහ. උන්වහන්සේලා අතුරෙන් එක් නමක් ජීවිස්සායතන (චක්ඛු ඵස්සා යන නය -පෙ- මනෝ ඵස්සායතනය) විමසා බලා රහත් බවට පත්වූහ. එක් භික්ෂුවක් පඤ්චස්කන්ධය, එක් භික්ෂුවක් සතරමහා භූතයන්ද, එක් භික්ෂුවක් අට්ඨාරස ධාතු (ධාතු 18) විමසා බලා රහත් වූහ. උන්වහන්සේලා තම තමන් වහන්සේලා ලැබූ ඤාණ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේට දන්වා සිටියාහුය. එහිදී එක් භික්ෂුවකට “මේ කමටහන්වල විවිධත්වයක් ඇත. නිවන එකකි. එසේනම් සියලු දෙනාම රහත් බවට පත්වූයේ කෙසේද යනුවෙන් අදහසක් ඇතිවිය. ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේගෙන් විමසීය. ශාස්තෲන් වහන්සේ මහණ! එරබදු ගස දුටු සහෝදරයන් සතරදෙනා කෙසේදැයි වදාරා (සිටිවිට) ස්වාමීනි! ඒ කාරණය අපට වදාරණු මැනවයි ඒ භික්ෂූන් විසින් ඉල්වන ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ තස්ස චත්තාරො පුත්තා අහෙසුං. තෙ එකදිවසං සාරථිං පක්කොසෙත්වා “මයං, සම්ම, කිංසුකං දට්ඨුකාමා, කිංසුකරුක්ඛං නො දස්සෙහී”ති ආහංසු. සාරථි “සාධු, දස්සෙස්සාමී”ති වත්වා චතුන්නම්පි එකතො අදස්සෙත්වා ජෙට්ඨරාජපුත්තං තාව රථෙ නිසීදාපෙත්වා අරඤ්ඤං නෙත්වා “අයං කිංසුකො”ති ඛාණුකකාලෙ කිංසුකං දස්සෙසි. අපරස්ස බහලපලාසකාලෙ, අපරස්ස පුප්ඵිතකාලෙ, අපරස්ස ඵලිතකාලෙ. අපරභාගෙ චත්තාරොපි භාතරො එකතො නිසින්නා “කිංසුකො නාම කීදිසො”ති කථං සමුට්ඨාපෙසුං. තතො එකො “සෙය්යාථාපි ඣාමථූණො”ති ආහ. දුතියො “සෙය්යථාපි නිග්රොධරුක්ඛො”ති, තතියො “සෙය්යථාපි මංසපෙසී”ති, චතුත්ථො “සෙය්යථාපි සිරීසො”ති. තෙ අඤ්ඤමඤ්ඤස්ස කථාය අපරිතුට්ඨා පිතු සන්තිකං ගන්ත්වා “දෙව, කිංසුකො නාම කීදිසො”ති පුච්ඡිත්වා “තුම්හෙහි කිං කථිත”න්ති වුත්තෙ අත්තනා කථිතනීහාරං රඤ්ඤො කථෙසුං. රාජා “චතූහිපි තුම්හෙහි කිංසුකො දිට්ඨො, කෙවලං වො කිංසුකස්ස දස්සෙන්තො සාරථි ‘ඉමස්මිං කාලෙ කිංසුකො කීදිසො , ඉමස්මිං කීදිසො’ති විභජිත්වා න පුච්ඡිතො, තෙන වො කඞ්ඛා උප්පන්නා”ති වත්වා පඨමං ගාථමාහ –
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජ රජය කරවීය. ඔහුට පුත්රයෝ සතරදෙනෙක් සිටියහ. ඔවුහු එක්දිනක් රථාචාරියා කැඳවා යහලුව! අපි කෑල ගස් දකිනු කැමැත්තෙමු. එරබදු ගසක් අපට පෙන්වන්නැයි කීවාහුය. රථාචාරියා යහපති පෙන්වන්නෙමියි කියා හතර දෙනාටම එකවර නොපෙන්වා පළමුව දෙටු පුත්රයා රථයෙහි හිඳුවාගෙන වනයට ගෙන ගොස්, මේ එරබදු ගසක් යයි දලු හටගැනීමට ආසන්න කණුවක් ලෙස පෙනෙන කාලයෙහි එරබදු ගස පෙන්වීය. අනිකාට දලු ඇති කාලයෙහි ද අනිකාට මල් පිපුණු කාලයෙහිද අනිකාට ගෙඩි ඇති කාලයෙහිද එම එරබදු ගස පෙන්වීය. පසුකලෙක සහෝදරයෝ සතරදෙනාම එකට හිඳ එරබදු ගස කෙබඳුදැයි කථාවක් උපදවා සිටිවිට එක් කුමාරයෙක් එය දැවුණු කණුවක් වගේ යයි කීවේය. දෙවැන්න නුග ගසක් වැනි යයි කීවේය. තුන්වැන්නා මස්කැටි මෙනැයි කීය. හතරවැන්නා මහරි ගසක් වැනියයි කීවේය. ඔවුහු ඔවුනොවුන්ගේ කථාවෙන් සතුටු නොවී පියා සමීපයට ගොස් දේවයන් වහන්ස! එරබදු ගස කොයි වගේදැයි විචාරා, තොප විසින් කුමක් කියන ලදදැයි කී කල්හි තම තමන් කී ආකාරය රජතුමාට කීවාහුය. රජතුමා, නුඹලා හතරදෙනාම එරබදු ගස දැක ඇත. ඔබලා විසින් මේ කාලයෙහි එරබදු ගස කෙසේද? මේ කාලයෙහි කෙසේදැයි කියා බෙදාහදා රියැදුරු (ගොස්) නොවිමසන ලදි. ඒ නිසා තොපට සැක උපන්නේයයි කියා -
“සබ්බෙහි කිංසුකො දිට්ඨො, කිං න්වෙත්ථ විචිකිච්ඡථ; න හි සබ්බෙසු ඨානෙසු, සාරථී පරිපුච්ඡිතො”ති.
සබ්බෙහි කිංසුකො දිට්ඨො කිනෙත්ථත්ථ විචිකිච්ඡථ, නහි සබ්බෙසු ඨානෙසු සාරථී පරිපුච්ඡිතො
යන පළමු ගාථාව කීවේය.
හැමදෙනා විසින්ම කෑල ගස දක්නා ලදි. මේ කරුණෙහි කුමක් නිසා සැක කරව්ද? එරබදු ගස පෙන්වද්දී ඔබලා විසින් හැම අවස්ථාවක් ගැනම රථාචාරියාගෙන් නොවිමසන ලදි.
තත්ථ න හි සබ්බෙසු ඨානෙසු, සාරථී පරිපුච්ඡිතොති සබ්බෙහි වො කිංසුකො දිට්ඨො, කිං නු තුම්හෙ එත්ථ විචිකිච්ඡථ, සබ්බෙසු ඨානෙසු කිංසුකොවෙසො, තුම්හෙහි පන න හි සබ්බෙසු ඨානෙසු සාරථි පරිපුච්ඡිතො, තෙන වො කඞ්ඛා උප්පන්නාති.
එහි, නහි සබ්බෙසු ඨානෙසු සාරථී පරිපුච්ඡිතො යනු තොප සියලු දෙනා විසින්ම කෑල ගස දක්නා ලදි. කුමක් නිසා තෙපි මෙහි සැක කරව්ද? හැමවිටම කෑල ගස මෙසේදැයි තොප විසින් ගසෙහි සියලු අවස්ථාවන් ගැන රියදුරුගෙන් නොවිමසන ලදි. ඒ නිසා තොපට සැක උපන්නේය.
සත්ථා ඉමං කාරණං දස්සෙත්වා “යථා, භික්ඛු, තෙ චත්තාරො භාතිකා විභාගං කත්වා අපුච්ඡිතත්තා කිංසුකෙ කඞ්ඛං උප්පාදෙසුං, එවං ත්වම්පි ඉමස්මිං ධම්මෙ කඞ්ඛං උප්පාදෙසී”ති වත්වා අභිසම්බුද්ධො හුත්වා දුතියං ගාථමාහ –
බුදුරජාණන් වහන්සේ මේ කරුණ දක්වා මහණ! ඒ සොහොයුරන් සතරදෙනා (ගසේ අවස්ථාවන් පිළිබඳ) බෙදා හදා නොවිමසන ලද බැවින් එරබදු ගස පිළිබඳව සැක ඉපදවූහ. මෙසේ නුඹ ද මේ ධර්මයෙහි සැක ඉපදවූයෙහි යයි වදාරා බුදු වී
“එවං සබ්බෙහි ඤාණෙහි, යෙසං ධම්මා අජානිතා; තෙ වෙ ධම්මෙසු කඞ්ඛන්ති, කිංසුකස්මිංව භාතරො”ති.
එවං සබ්බෙහි ඤාණෙහි යෙසං ධම්මා අජානිතා, තෙ වෙ ධම්මෙසු කංඛන්ති කිංසු කස්මිං ව භාතරො
යනුවෙන් දෙවන ගාථාව වදාළ සේක.
“මෙසේ සියලු විදසුන් නුවණින් යම් කෙනෙකුන් විසින් ස්පර්ශයතනාදී ධර්මයෝ නොදක්නා ලදද ඔවුහු ඒකාන්තයෙන් කෑල ගස පිළිබඳ සැක කළ සොයුරන් සේ ධර්මයන්හි සැක කරත්.”
තස්සත්ථො – යථා තෙ භාතරො සබ්බෙසු ඨානෙසු කිංසුකස්ස අදිට්ඨත්තා කඞ්ඛිංසු, එවං සබ්බෙහි විපස්සනාඤාණෙහි යෙසං සබ්බෙ ඡඵස්සායතනඛන්ධභූතධාතුභෙදා ධම්මා අජානිතා, සොතාපත්තිමග්ගස්ස අනධිගතත්තා අප්පටිවිද්ධා, තෙ වෙ තෙසු ඵස්සායතනාදිධම්මෙසු කඞ්ඛන්ති යථා එකස්මිංයෙව කිංසුකස්මිං චත්තාරො භාතරොති.
එහි අර්ථය, යම්සේ ඒ සහෝදරයෝ සියලු තන්හි කෑල ගසේ විවිධ අවස්ථා නුදුටු බැවින් සැක කළාහුය. මෙසේ සියලු විදසුන් නුවණින් යමෙකු විසින් සියලු ඵස්සායතනය, ස්කන්ධ, භූත ධාතු වශයෙන් බෙදා ඇති ධර්මයන් නොදන්නා ලදද සෝවාන් මාර්ගය ලබාගන්නා ලදද ප්රතිවේධ නොකරන ලදද ඒ නිසාම ඒ ඵස්ස ආයතන ආදී ධර්මයන්හි සැක කරත්. එකම එරබදු ගස ගැන සැක කළ සහෝදරයන් හතරදෙනා මෙනි.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා බාරාණසිරාජා අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල බරණැස් රජ මම ම වූයෙමි යි වදාළ සේක.
කිංසුකොපමජාතකවණ්ණනා අට්ඨමා.