යෙදුමෙන් කියවන්න

9. සාලකජාතකවණ‍්ණනා 249 අට‍්ඨකථා

9. සාලකජාතකවණ‍්ණනා (249)

9. සාලක ජාතකය (249)

එකපුත‍්තකො භවිස‍්සසීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං මහාථෙරං ආරබ‍්භ කථෙසි. සො කිරෙකං කුමාරකං පබ‍්බාජෙත්‍වා පීළෙන‍්තො තත්‍ථ විහරති. සාමණෙරො පීළං සහිතුං අසක‍්කොන‍්තො උප‍්පබ‍්බජි. ථෙරො ගන‍්ත්‍වා තං උපලාපෙති “කුමාර, තව චීවරං තවෙව භවිස‍්සති පත‍්තොපි, මම සන‍්තකං පත‍්තචීවරම‍්පි තවෙව භවිස‍්සති, එහි පබ‍්බජාහී”ති. සො “නාහං පබ‍්බජිස‍්සාමී”ති වත්‍වාපි පුනප‍්පුනං වුච‍්චමානො පබ‍්බජි . අථ නං පබ‍්බජිතදිවසතො පට‍්ඨාය පුන ථෙරො විහෙඨෙසි. සො පීළං අසහන‍්තො පුන උප‍්පබ‍්බජිත්‍වා අනෙකවාරං යාචන‍්තෙපි තස‍්මිං “ත්‍වං නෙව මං සහසි, න විනා වත‍්තිතුං සක‍්කොසි, ගච‍්ඡ න පබ‍්බජිස‍්සාමී”ති න පබ‍්බජි. භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං – “ආවුසො, සුහදයො වත සො දාරකො මහාථෙරස‍්ස ආසයං ඤත්‍වා න පබ‍්බජී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙවෙස සුහදයො, පුබ‍්බෙපි සුහදයොව, එකවාරං එතස‍්ස දොසං දිස‍්වා න පුන උපගච‍්ඡී”ති වත්‍වා අතීතං ආහරි.

එකපුත්තකො භවිස්සසි යන මේ දේශනා බුදුරජාණන් වහන්සේ විහාරයෙහි වැඩවාසය කරන සේක් එක්තරා මහතෙර නමක් අරබයා වදාළ සේක. ඒ තෙරුන්වහන්සේ වනාහි එක් ළමයෙක් පැවිදිකරවා පීඩා කරමින් එහි වාසය කරති. සාමණේරයා පීඩාවන් ඉවසිය නොහැකිව උපැවිදි විය. (ගිහි විය.) තෙරුන්වහන්සේ ඔහු වෙත ගොස් කුමාරය! නුඹේ සිවුර නුඹටම (අයත්) වන්නේය. පාත්‍රයද නුඹටමයි. මා සතු පාත්‍රා සිවුරුද නුඹටම (අයත්) වන්නේය. එන්න පැවිදිවන්න යනුවෙන් ඔහු පොළඹවති. ඒ ළමයා මම පැවිදි නොවන්නෙමියි කී නමුදු පුන පුනා කියද්දී යළි පැවිදි විය. ඉක්බිති ඔහු පැවිදි වූ දිනයේ සිට නැවතත් තෙරුන්වහන්සේ සාමණේර නම වෙහෙසවති. ඒ සාමණේර නම පෙළීම නොඉවසමින් නැවතත් උපැවිදිව සිටිනවිට ඒ භික්‍ෂුව පැවිදිවන ලෙස නොයෙක්වර ඉල්ලා සිටිද්දී (ඒ දරුවා) ඔබ මා නුරුස්නෙහිය. මා හැර ජීවත්වන්නටද නොහැක්කෙහිය යන්න මම පැවිදි නොවන්නෙමි’යි කියා පැවිදි නොවීය. භික්‍ෂූන් වහන්සේලා දම්සභාවේදී ඇවැත්නි! ඒකාන්තයෙන් හොඳ හදවතක් ඇති ඒ ළමයා මහතෙරුන් වහන්සේගෙ සිත දැනගෙන පැවිදි නොවීයයි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ වැඩමවා මහණෙනි! මා එන්නට පෙර මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යැයි කී කල්හි මහණෙනි! ඔහු හොඳ හදවතක් ඇතිව සිටියේ දැන් පමණක් නොවේ. පෙරත් සුහදවූයේ ම එක්වරක් ඔහුගේ දොස් දැක නැවත ඔහු ළඟ නොසිටියේයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කුටුම‍්බිකකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො ධඤ‍්ඤවික‍්කයෙන ජීවිකං කප‍්පෙසි. අඤ‍්ඤතරොපි අහිතුණ‍්ඩිකො එකං මක‍්කටං සික‍්ඛාපෙත්‍වා ඔසධං ගාහාපෙත්‍වා තෙන සප‍්පං කීළාපෙන‍්තො ජීවිකං කප‍්පෙසි. සො බාරාණසියං උස‍්සවෙ ඝුට‍්ඨෙ උස‍්සවං කීළිතුකාමො “ඉමං මා පමජ‍්ජී”ති තං මක‍්කටං තස‍්ස ධඤ‍්ඤවාණිජස‍්ස හත්‍ථෙ ඨපෙත්‍වා උස‍්සවං කීළිත්‍වා සත‍්තමෙ දිවසෙ තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “කහං මක‍්කටො”ති පුච‍්ඡි. මක‍්කටො සාමිකස‍්ස සද‍්දං සුත්‍වාව ධඤ‍්ඤාපණතො වෙගෙන නික‍්ඛමි. අථ නං සො වෙළුපෙසිකාය පිට‍්ඨියං පොථෙත්‍වා ආදාය උය්‍යානං ගන‍්ත්‍වා එකමන‍්තෙ බන්‍ධිත්‍වා නිද‍්දං ඔක‍්කමි. මක‍්කටො තස‍්ස නිද‍්දායනභාවං ඤත්‍වා අත‍්තනො බන්‍ධනං මොචෙත්‍වා පලායිත්‍වා අම‍්බරුක‍්ඛං ආරුය‍්හ අම‍්බපක‍්කං ඛාදිත්‍වා අට‍්ඨිං අහිතුණ‍්ඩිකස‍්ස සරීරෙ පාතෙසි. සො පබුජ‍්ඣිත්‍වා උල‍්ලොකෙන‍්තො තං දිස‍්වා “මධුරවචනෙන නං වඤ‍්චෙත්‍වා රුක‍්ඛා ඔතාරෙත්‍වා ගණ‍්හිස‍්සාමී”ති තං උපලාපෙන‍්තො පඨමං ගාථමාහ –

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කෙළෙඹි කුලයෙහි ඉපදී වැඩිවියට පත්ව ධාන්‍ය විකුණා දිවි ගෙවූහ. එක්තරා අහිකුණ්ඨිකයෙක් එක් වඳුරෙකු පුහුණු කරගෙන (උගේ ආරක්ෂාවට) ඌ ලවා බෙහෙත් ගෙන්වාගෙන ඌ නයකු නටවමින් දිවි ගෙවීය. හෙතෙම බරණැස් නුවර සැණකෙළි පවත්වන කාලය දැන්වූ කල්හි එහි සෙල්ලම් කරනු කැමැත්තේ මූ ගැන සැලකිලිමත්ව සිටින්නැයි ඒ වඳුරා ඒ ධාන්‍ය වෙළෙන්දාට බාර දී සැණකෙළියෙහි සෙල්ලම්කොට සත්වන දවසේ වෙළෙන්දා ළඟට ගොස් වඳුරා කොහිදැයි විචාළේය. වඳුරා ස්වාමියාගේ කටහඬ ඇසූ ගමන්ම ධාන්‍ය වෙළෙඳසලෙන් වේගයෙන් එළියට පැමිණියේය. ඉක්බිති ඔහු වඳුරාට උණ පතුරෙන් පිටට ගසා අල්ලාගෙන උයනට ගොස් පැත්තක බැඳ නිදන්නට විය. වඳුරා ඔහු නිදන බව දැන තමන්ගේ බැම්ම මුදාගෙන පැනගොස් අඹගසට නැග අඹ ගෙඩියක් කා ඇටය අහිකුණ්ඨිකයාගේ ඇඟ හෙලීය. ඔහු පිබිදී බලන්නේ ඌ දැක මිහිරි වචනයෙන් ඌ රවටා ගසින් බස්සාගන්නෙමියි සිතා ඌ පොළඹවමින්

“එකපුත‍්තකො භවිස‍්සසි, ත්‍වඤ‍්ච නො හෙස‍්සසි ඉස‍්සරො කුලෙ; ඔරොහ දුමස‍්මා සාලක, එහි දානි ඝරකං වජෙමසෙ”ති.

එක පුත්තකො භවිස්සසි, ත්‍වඤ්ච නො හෙස්සසි ඉස්සරො කුලෙ, ඔරොහ දුමස්මා සාලක, එහ දානි ඝරතං වජෙමසෙ

යන පළමු ගාථාව කීවේය.

මගේ එකම පුතා වූ සාලක! අපගේ ගෙදර ප්‍රධානියා වන්නේ ඔබයි. ඒ නිසා ගසින් බසින්න. එන්න දැන් ගෙට යම්හ.

තස‍්සත්‍ථො – ත්‍වං මය‍්හං එකපුත‍්තකො භවිස‍්සසි, කුලෙ ච මෙ භොගානං ඉස‍්සරො, එතම‍්හා රුක‍්ඛා ඔතර, එහි අම‍්හාකං ඝරං ගමිස‍්සාම. සාලකාති නාමෙන ආලපන‍්තො ආහ.

එහි අර්ථය; නුඹ මගේ එකම පුත්‍රයා වන්නෙහි අපේ ගෙදර සම්පත්වල අධිපතියාද ඔබයි. ඔය ගසින් බසින්න. එන්න, අපේ ගෙදර යමු සාලකයැයි (උගේ) නමින් අමතමින් කීවේය.

තං සුත්‍වා මක‍්කටො දුතියං ගාථමාහ –

ඒ අසා වඳුරා-

“නනු මං සුහදයොති මඤ‍්ඤසි, යඤ‍්ච මං හනසි වෙළුයට‍්ඨියා; පක‍්කම‍්බවනෙ රමාමසෙ, ගච‍්ඡ ත්‍වං ඝරකං යථාසුඛ”න‍්ති.

නනු මයං හදයෙති මඤ්ඤසි, යඤ්ච මං හනසි වෙ ළුයට්ඨියා, පක්කම්බවනෙ රමාමසෙ, ගච්ඡත්‍වං ඝරකං යථා සුඛං

යන දෙවන ගාථාව කීය.

මා තොපගේ මිතුරෙකැයි සිතහිද? යම් හෙයකින් උණ පතුරෙන් මට ගැසුවෙහිද? එහෙයින් තොප සමග නොඑමි. ඉදුණු අඹ උයන්හි රමණය කරමි. තෙපි සුවසේ ගෙට යව.

තත්‍ථ නනු මං සුහදයොති මඤ‍්ඤසීති නනු ත්‍වං මං “සුහදයො”ති මඤ‍්ඤසි, “සුහදයො අය”න‍්ති මඤ‍්ඤසීති අත්‍ථො. යඤ‍්ච මං හනසි වෙළුයට‍්ඨියාති යං මං එවං අතිමඤ‍්ඤසි, යඤ‍්ච වෙළුපෙසිකාය හනසි, තෙනාහං නාගච‍්ඡාමීති දීපෙති. අථ නං “මයං ඉමස‍්මිං පක‍්කම‍්බවනෙ රමාමසෙ, ගච‍්ඡ ත්‍වං ඝරකං යථාසුඛ”න‍්ති වත්‍වා උප‍්පතිත්‍වා වනං පාවිසි. අහිතුණ‍්ඩිකොපි අනත‍්තමනො අත‍්තනො ගෙහං අගමාසි.

එහි; නනු මං හදයතිමඤ්ඤසි යනු නුඹ මට හදවතින් අවමන් නොකරන්නෙහිද? මේ මිත්‍රයෙකැයි සිතන්නෙහිද යන අර්ථයි. යඤ්ච මං හනසි වෙළුයට්ඨියා යනු යමෙකුට මෙසේ අවමන් කරහිද? යමෙකුට උණ පතුරෙන් තලහිද? ඒ නිසා මම නොඑමියි දක්වයි. ඉක්බිති (වඳුරා) ඔහුට අපි මේ පක්කම්බවනෙ රමාමසෙ, ගච්ඡ ත්වං ඝරකං යථා සුඛං ඉදුණු අඹ වනයෙහි රමණය කරමු. (සතුටු වෙමු) නුඹ කැමති පරිදි ගෙදර යවයි කියා ඉහළට පැන කැලයට පිවිසියේය. අහිකුණ්ඨිකයාද නොසතුටු සිත් ඇත්තේ තමන්ගේ ගෙට ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා මක‍්කටො සාමණෙරො අහොසි, අහිතුණ‍්ඩිකො මහාථෙරො, ධඤ‍්ඤවාණිජො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල වඳුරා සාමණේරයා විය. අහිකුණ්ඨිකයා මහතෙරය. ධාන්‍ය වෙළෙන්දා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

සාලකජාතකවණ‍්ණනා නවමා.