10. කපිජාතකවණ්ණනා 250 අට්ඨකථා
10. කපිජාතකවණ්ණනා (250)
10. කපි ජාතකය (250)
අයං ඉසී උපසමසංයමෙ රතොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං කුහකං භික්ඛුං ආරබ්භ කථෙසි. තස්ස හි කුහකභාවො භික්ඛූසු පාකටො ජාතො. භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, අසුකො භික්ඛු නිය්යානිකෙ බුද්ධසාසනෙ පබ්බජිත්වා කුහකවත්තං පූරෙතී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ , එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, එස භික්ඛු ඉදානෙව, පුබ්බෙපි කුහකොයෙව, අග්ගිමත්තස්ස කාරණා මක්කටො හුත්වා කොහඤ්ඤමකාසී”ති වත්වා අතීතං ආහරි.
අයං ඉසී උපසමසඤ්ඤමෙ රතො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ, දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක් නැති ගුණ පෙන්වන (කුහක) භික්ෂුවක අරබයා වදාළ සේක. ඒ භික්ෂුවගේ කුහක බව භික්ෂූන් අතරෙහි ප්‍රකට විය. භික්ෂූහු දම් සභාවෙහිදී “ඇවැත්නි! අසවල් භික්ෂූන් වහන්සේ නිවනට පමුණුවන බුදුසසුනෙහි පැවිදිව නැතිගුණ පෙන්වන ප්‍රතිපත්තියක් අනුගමනය කරති. බුදුරජාණන් වහන්සේ වැඩමවා මහණෙනි! මෙහි දැන් කවර ගාථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යැයි කී කල්හි මහණෙනි! මේ භික්ෂුව දැන් පමණක් කුහකයෙක් වූයේ නොවේ. පෙරත් කුහකයෙක්මය. ගින්නක් හේතුවන් වඳුරෙක් වී කුහකකම් කළේයැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො කාසිරට්ඨෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො පුත්තස්ස ආධාවිත්වා පරිධාවිත්වා විචරණකාලෙ බ්රාහ්මණියා මතාය පුත්තං අඞ්කෙනාදාය හිමවන්තං පවිසිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා තම්පි පුත්තං තාපසකුමාරකං කත්වා පණ්ණසාලාය වාසං කප්පෙසි. වස්සාරත්තසමයෙ අච්ඡින්නධාරෙ දෙවෙ වස්සන්තෙ එකො මක්කටො සීතපීළිතො දන්තෙ ඛාදන්තො කම්පන්තො විචරති. බොධිසත්තො මහන්තෙ දාරුක්ඛන්ධෙ ආහරිත්වා අග්ගිං කත්වා මඤ්චකෙ නිපජ්ජි, පුත්තකොපිස්ස පාදෙ පරිමජ්ජමානො නිසීදි. සො මක්කටො එකස්ස මතතාපසස්ස සන්තකානි වක්කලානි නිවාසෙත්වා ච පාරුපිත්වා ච අජිනචම්මං අංසෙ කත්වා කාජකමණ්ඩලුං ආදාය ඉසිවෙසෙනාගන්ත්වා පණ්ණසාලද්වාරෙ අග්ගිස්ස කාරණා කුහකකම්මං කත්වා අට්ඨාසි. තාපසකුමාරකො තං දිස්වා “තාත, තාපසො එකො සීතපීළිතො කම්පමානො තිට්ඨති, ඉධ නං පක්කොසථ, විසිබ්බෙස්සතී”ති පිතරං ආයාචන්තො පඨමං ගාථමාහ –
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ බමුණු කුලයක ඉපදී වැඩිවියට පත්ව පුතා දුවපැන ඇවිදින කාලයේදී බැමිණිය මළ බැවින් පුතා වඩාගෙන හිමාල වනයට පිවිස තවුස් පැවිද්දෙන් පැවිදිව ඒ පුතුද තවුස් කුමරෙකු කොට පන්සල වාසය කළේය. වැසි පටන්ගත් කාලයෙහි නොකඩවා එකදිගට වැසිවසින කල්හි එක් වඳුරෙක් සීතලේ ගැහෙමින් දත් කමින් වෙවුලමින් හැසිරේ. බෝසතාණන් වහන්සේ මහත් දර කොට ගෙනවිත් ගිනි දල්වා ඇඳෙහි වැතිරුණහ. ඔහුගේ පුතාද පා පිරිමදිමින් හුන්නේය. ඒ වඳුරා එක් මළ තවුසෙකුට අයිති වැහැරී සිවුරක් හැඳ පොරවාගෙන අඳුන් දිවිසමක් ඒකාංශකොට (එක් උරහිසක දමා) (පලාපල ගෙනෙන) කඳත් පැන් කෙණ්ඩියත් රැගෙන තවුස් වෙසින් ගොස් පන්සල් දොරටුව ළඟ ගින්දර තියා (ගිනි තැපීමේ කාර්යයෙන්) (තවුසෙකු නොවී තවුසෙකු ලෙස සිටීමේ කුහකකම කොට සිටියේය.) තවුස් කුමරා ඌ දැක පියාණෙනි! සීතලෙන් පීඩා විඳින එක් තාපස කෙනෙක් වෙවුලමින් සිටී. ඔහු මෙහි කැඳවන්න. ගිනි තපින්නේයයි පියාගෙන් ඉල්ලමින් -
“අයං ඉසී උපසමසංයමෙ රතො, ස තිට්ඨති සිසිරභයෙන අට්ටිතො; හන්ද අයං පවිසතුමං අගාරකං, විනෙතු සීතං දරථඤ්ච කෙවල”න්ති.
අයං ඉසි උපසම සංයමෙ රකො, සංතිට්ඨති සිසිර භයෙන අට්ටිතො, හන්ද අයං පවිසතුමං අගාරකං, චිනෙතු සීතං දරථඤ්ච කෙවලං
යන පළමු ගාථාව කීවේය.
රාගාදී කෙලෙස් සන්සිඳීමෙහි නියැලුණු මේ තාපසයා සීතල නිසා හටගත් බියෙන් පෙලුණේ දොරටුව ළඟ සිටී. අනේ මේ තාපසයා ගෙට පිවිසේවා! සියලු සිත පීඩා දුරුකෙරේවා!
තත්ථ උපසමසංයමෙ රතොති රාගාදිකිලෙසඋපසමෙ ච සීලසංයමෙ ච රතො. ස තිට්ඨතීති සො තිට්ඨති. සිසිරභයෙනාති වාතවුට්ඨිජනිතස්ස සිසිරස්ස භයෙන. අට්ටිතොති පීළිතො. පවිසතුමන්ති පවිසතු ඉමං. කෙවලන්ති සකලං අනවසෙසං.
එහි, උපසම සංයමෙ රතො යනු රාගාදී කෙලෙස් සංසිඳවීමෙහි ද, සීල සංවරයෙහිද ඇලුනේ, සංතිට්ඨති යනු ඔහු සිටියි. සිසිරභයෙන යනු සුළඟ හා වැස්ස ඇතිකරන සිසිර සෘතුවට බියෙන්, අට්ටනො යනු පීඩාවට පත්වූයේ, පවිසතමං යනු මොහු පිවිසේවා! කෙවලං යනු සියල්ල ඉතිරි නොකොට.
බොධිසත්තො පුත්තස්ස වචනං සුත්වා උට්ඨාය ඔලොකෙන්තො මක්කටභාවං ඤත්වා දුතියං ගාථමාහ –
බෝසතාණන් වහන්සේ පුතාගේ වචනය අසා නැගිට බලමින් වඳුරෙකු බව දැන
“නායං ඉසී උපසමසංයමෙ රතො, කපී අයං දුමවරසාඛගොචරො; සො දූසකො රොසකො චාපි ජම්මො, සචෙ වජෙමම්පි දූසෙය්යගාර”න්ති.
නායං ඉසී උපසම සංයමෙ රතො, කපී අයං දූම වරෙ සාඛ ගොචරො, සො දූසකො රොසකොචාපි ජම්මො, සචෙ වජෙ ඉමම්පි දූසයෙ ඝරං
යනුවෙන් දෙවන ගාථාව කීවේය.
මේ කෙලෙස් සංසිඳීමේ ඇලුණු තවුසෙක් නොවෙයි. මේ වෘක්ෂ ශාඛා ගෝචර කොට ඇති වඳුරෙකි. හෙතෙම එය ගිය තැන මළ මුත්‍රා කිරීම ආදියෙන් දූෂණය කරන්නෙකි. කිපෙන්නෙකි. ලාමකයෙකි. ඉදින් පිවිසියේ වී නම් මේ ගෙදරද දූෂණය කරන්නේය.
තත්ථ දුමවරසාඛගොචරොති දුමවරානං සාඛගොචරො. සො දූසකො රොසකො චාපි ජම්මොති සො එවං ගතගතට්ඨානස්ස දූසනතො දූසකො, ඝට්ටනතාය රොසකො, ලාමකභාවෙන ජම්මො. සචෙ වජෙති යදි ඉමං පණ්ණසාලං වජෙ පවිසෙය්ය, සබ්බං උච්චාරපස්සාවකරණෙන ච අග්ගිදානෙන ච දූසෙය්යාති.
එහි, දුමවර සාඛ ගොචරො යනු ගස්, අතු ගොදුරු (ආහාර) කොට ඇති, සො දූසකො, රොසකො චාපි ජම්මො යනු ඒ මොහු (වඳුරා) ගිය ගිය තැන දූෂණය (කැත) කරන හෙයින් දූසකයෙකි. ගැටෙන බැවින් (කිපෙන බැවින්) රොසකයෙකි. ලාමක බැවින් නීචයෙකි. සචෙ වජේ යනු ඉදින් මූ පන්සලට යයි නම් පිවිසෙන්නේ නම්, මල, මුත්‍රා කිරීමෙන්ද (පන්සල) ගිනි තැබීමෙන්ද සියල්ල දූෂණය කරන්නේය යනුයි.
එවඤ්ච පන වත්වා බොධිසත්තො උම්මුකං ගහෙත්වා තං සන්තාසෙත්වා පලාපෙසි. සො උප්පතිත්වා වනං පක්ඛන්තො තථා පක්ඛන්තොව අහොසි, න පුන තං ඨානං අගමාසි. බොධිසත්තො අභිඤ්ඤා ච සමාපත්තියො ච නිබ්බත්තෙත්වා තාපසකුමාරස්ස කසිණපරිකම්මං ආචික්ඛි, සොපි අභිඤ්ඤා ච සමාපත්තියො ච උප්පාදෙසි. තෙ උභොපි අපරිහීනජ්ඣානා බ්රහ්මලොකපරායණා අහෙසුං.
මෙසේද කියා බෝසතාණන් වහන්සේ ගිනි පෙනෙල්ලක් ගෙන ඌ තැති ගන්වා පලවා හැරියහ. ඌ උඩ පැන වනයට පලා ගියේ (නැවත නොඑන්නට ම) පලා ගියේය. නැවත ඒ ස්ථානයට නාවේය. බෝසතාණන් වහන්සේ අභිඤ්ඤාද, සමාපත්තිද උපදවාගෙන තාපස කුමාරයාටද කසිණ වඩන හැටි කීහ. ඔහුද අභිඥා හා සමාපත්තීන් ඉපිදවීය. ඒ පිය පුතු දෙදෙනාම නොපිරිහුණු ධ්‍යාන ඇත්තාහු බඹලොව උපන්නාහුය.
සත්ථා “න, භික්ඛවෙ, ඉදානෙව, පොරාණතො පට්ඨායපෙස කුහකොයෙවා”ති ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි. සච්චපරියොසානෙ කෙචි සොතාපන්නා, කෙචි සකදාගාමිනො, කෙචි අනාගාමිනො කෙචි අරහන්තො අහෙසුං. “තදා මක්කටො කුහකභික්ඛු අහොසි, පුත්තො රාහුලො, පිතා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මහණෙනි! දැන් පමණක් නොව පුරාණයේ සිටම මොහු කපටිකම් කරන්නෙකැයි වදාරා මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාව අවසානයෙහි ඇතැමෙක් සෝවාන් වූහ. ඇතැමෙක් සකදාගාමී වූහ. ඇතැමෙක් අනාගාමී වූහ. එකල වඳුරා කුහක භික්ෂුව විය. පුතා රාහුලය. පියා මම ම වූයෙමි යි වදාළ සේක.
කපිජාතකවණ්ණනා දසමා.
සිඞ්ගාලවග්ගො දසමො.
දසවැනි සිඟාල වර්ගය නිමියේය.
තස්සුද්දානං –
සබ්බදාඨී ච සුනඛො, ගුත්තිලො විගතිච්ඡා ච; මූලපරියායං බාලොවාදං, පාදඤ්ජලි කිං සුකොපමං; සාලකං කපි තෙ දස.
අථ වග්ගුද්දානං –
දළ්හවග්ගො ච සන්ථවො, කල්යාණධම්මාසදිසො; රූහකො දළ්හවග්ගො ච, බීරණථම්භකාසාවො; උපාහනො සිඞ්ගාලො ච, දසවග්ගා දුකෙ සියුං.
දුකනිපාතවණ්ණනා නිට්ඨිතා.
දෙවැනි නිපාත වර්ණනාව නිමියේය.