යෙදුමෙන් කියවන්න

1. සඞ‍්කප‍්පරාගජාතකවණ‍්ණනා 251 අට‍්ඨකථා

1. සඞ‍්කප‍්පරාගජාතකවණ‍්ණනා (251)

1. සංකප්ප ජාතකය (251)

සඞ‍්කප‍්පරාගධොතෙනාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො උක‍්කණ‍්ඨිතභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. සාවත්‍ථිනගරවාසී කිරෙකො කුලපුත‍්තො සාසනෙ උරං දත්‍වා පබ‍්බජිත්‍වා එකදිවසං සාවත්‍ථියං පිණ‍්ඩාය චරන‍්තො එකං අලඞ‍්කතපටියත‍්තං ඉත්‍ථිං දිස‍්වා උප‍්පන‍්නකාමරාගො අනභිරතො විචරි. තමෙනං ආචරියුපජ‍්ඣායාදයො දිස‍්වා අනභිරතිකාරණං පුච‍්ඡිත්‍වා විබ‍්භමිතුකාමභාවමස‍්ස ඤත්‍වා “ආවුසො, සත්‍ථා නාම කාමරාගාදිකිලෙසපීළිතානං කිලෙසෙ හාරෙත්‍වා සච‍්චානි පකාසෙත්‍වා සොතාපත‍්තිඵලාදීනි දෙති, එහි තං සත්‍ථු සන‍්තිකං නෙස‍්සාමා”ති ආදාය අගමංසු. සත්‍ථාරා ච “කිං නු ඛො, භික‍්ඛවෙ, අනිච‍්ඡමානකඤ‍්ඤෙව භික‍්ඛුං ගහෙත්‍වා ආගතත්‍ථා”ති වුත‍්තෙ තමත්‍ථං ආරොචෙසුං. සත්‍ථා “සච‍්චං කිර ත්‍වං, භික‍්ඛු, උක‍්කණ‍්ඨිතො”ති පුච‍්ඡිත්‍වා “සච‍්චං, භන‍්තෙ”ති වුත‍්තෙ “කිංකාරණා”ති පුච‍්ඡි. සො තමත්‍ථං ආරොචෙසි. අථ නං සත්‍ථා “ඉත්‍ථියො නාමෙතා, භික‍්ඛු, පුබ‍්බෙ ඣානබලෙන වික‍්ඛම‍්භිතකිලෙසානං විසුද‍්ධසත‍්තානම‍්පි සංකිලෙසං උප‍්පාදෙසුං, තාදිසං තුච‍්ඡපුග‍්ගලං කිංකාරණා න සංකිලෙසිස‍්සන‍්ති, විසුද‍්ධාපි සත‍්තා සංකිලිස‍්සන‍්ති, උත‍්තමයසසමඞ‍්ගිනොපි ආයසක්‍යං පාපුණන‍්ති, පගෙව අපරිසුද‍්ධා. සිනෙරුකම‍්පනකවාතො පුරාණපණ‍්ණකසටං කිං න කම‍්පෙස‍්සති, බොධිතලෙ නිසීදිත්‍වා අභිසම‍්බුජ‍්ඣනකසත‍්තං අයං කිලෙසො ආලොළෙසි, තාදිසං කිං න ආලොළෙස‍්සතී”ති වත්‍වා තෙහි යාචිතො අතීතං ආහරි.

සංකප්පරාගධොතෙන යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක් කලකිරුණු භික්‍ෂුවක අරබයා වදාළ සේක. සැවැත්නුවර වැසි මේ කුලපුත්‍රයා රත්න ශාසනයට උරදී පැවිදි වූයේ එක්දිනක් සැවැත්නුවර පිඬුසිඟා හැසිරෙද්දී අලංකාර ලෙස සැරසුණු එක් ස්ත්‍රියක දැක හටගත් කාමරාග ඇත්තේ ශාසනයෙහි ඇල්මක් නැතිව හැසිරුණේය. ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ආදී භික්‍ෂූහු මොහු දැක ශාසනයෙහි නොඇලීමට කාරණා විමසා ඔහුගේ සිවුරු හැර යාමේ කැමැත්ත දැන ඇවැත්නි! බුදුරජාණන් වහන්සේ රාගාදී කෙලෙස්වලින් පෙළෙන්නන්ගේ කෙලෙස් පිරිහෙලා සත්‍ය දේශනා කොට සෝවාන් ඵලාදිය දෙන සේක. එන්න! නුඹ ශාස්තෲන් වහන්සේ සමීපයට පමුණුවන්නෙමුයි රැගෙන ගියාහුය. බුදුරජාණන් වහන්සේ විසින් මහණෙනි! කුමක් නිසා නොකැමැති භික්‍ෂුවක රැගෙන ආවාහුදැයි වදාළ කල්හි ඒ කරුණ සැල කළාහුය. එවිට බුදුරජාණන් වහන්සේ ඇත්තද මහණ? ඔබ කලකිරුණේදැයි විමසා ඇත්තයි ස්වාමීනියි කී කල්හි කුමන කරුණක් නිසාදැයි විචාළ සේක. හෙතෙම ඒ කරුණ කියා සිටියේය. ඉක්බිති ඔහුට බුදුරජාණන් වහන්සේ මහණ! මේ ස්ත්‍රීහු නම් පෙර ධ්‍යාන බලයෙන් යටපත් කළ කෙලෙස් ඇති පිරිසිදු සත්ත්වයන්ට පවා කෙලෙස් ඉපිදවූහ. මෙබඳු හිස් පුද්ගලයකු කුමක් නිසා නොකෙලසෙන්නෝද? පිරිසිදු සත්ත්වයෝද කෙලෙසෙන්නෝය. උතුම් සම්පත්තියෙන් යුක්ත පුද්ගලයන් පවා අපකීර්තියට පමුණුවත්. අපිරිසිදු පුද්ගලයන් ගැන කියනුම කිම. මහමෙර පවා කම්පා කරවන සුළඟ පැරණි කොළයක් නොසොලවන්නේද? මේ ක්ලේශය බෝමැඩ වැඩහිඳ අභිසම්බෝධියට පත්වන කෙනෙකුද කැළඹීය. මෙබඳු කෙනෙකු නොකළඹවන්නේදැයි වදාරා ඒ භික්‍ෂූන් විසින් අයදින ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො අසීතිකොටිවිභවෙ බ්‍රාහ‍්මණමහාසාලකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා බාරාණසිං පච‍්චාගන‍්ත්‍වා කතදාරපරිග‍්ගහො මාතාපිතූනං අච‍්චයෙන තෙසං මතකිච‍්චානි කත්‍වා හිරඤ‍්ඤොලොකනකම‍්මං කරොන‍්තො “ඉදං ධනං පඤ‍්ඤායති, යෙහි පනෙතං සම‍්භතං, තෙ න පඤ‍්ඤායන‍්තී”ති ආවජ‍්ජෙන‍්තො සංවෙගප‍්පත‍්තො අහොසි, සරීරා සෙදා මුච‍්චිංසු. සො ඝරාවාසෙ චිරං වසන‍්තො මහාදානං දත්‍වා කාමෙ පහාය අස‍්සුමුඛං ඤාතිසඞ‍්ඝං පරිච‍්චජිත්‍වා හිමවන‍්තං පවිසිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා රමණීයෙ පදෙසෙ පණ‍්ණසාලං මාපෙත්‍වා උඤ‍්ඡාචරියාය වනමූලඵලාදීහි යාපෙන‍්තො නචිරස‍්සෙව අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච උප‍්පාදෙත්‍වා ඣානකීළං කීළන‍්තො චිරං වසිත්‍වා චින‍්තෙසි – “මනුස‍්සපථං ගන‍්ත්‍වා ලොණම‍්බිලං උපසෙවිස‍්සාමි, එවං මෙ සරීරඤ‍්චෙව ථිරං භවිස‍්සති, ජඞ‍්ඝවිහාරො ච කතො භවිස‍්සති, යෙ ච මාදිසස‍්ස සීලසම‍්පන‍්නස‍්ස භික‍්ඛං වා දස‍්සන‍්ති, අභිවාදනාදීනි වා කරිස‍්සන‍්ති, තෙ සග‍්ගපුරං පූරෙස‍්සන‍්තී”ති.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ අසූකෝටියක් පමණ සම්පත් ඇති බමුණු මහාසාර කුලයක ඉපදී වැඩිවියට පත්ව තක්සලා නුවරින් සියලු ශිල්ප ඉගෙන බරණැස් නුවරට ආපසු පැමිණ බිරිඳක් විවාහ කරගෙන මව්පියන්ගේ ඇවෑමෙන් ඔවුන්ගේ මළගෙවල වැඩකරවා රන් විමසා බැලීමේ ක්‍රියාවෙහි යෙදෙමින් මේ ධනය පෙනෙයි. ධනය රැස්කළ අය නො පෙනෙතියි සිහිකරමින් සංවේගයට පැමිණියේය. සිරුරෙන් දහදිය පිටවිය. ඔහු ගෘහවාසයෙහි බොහෝ කලක් වසමින් මහ දන් දී කම්සුව අතහැර කඳුළු පිරුණු ඇස් ඇති නෑ සමූහයා අතහැර හිමාල වනයට පිවිස සිත්කළු පෙදෙසක පන්සලක් තනාගෙන පිඬු පිණිස හැසිරෙමින් වනමුල් පලාපල ආදියෙන් යැපෙමින් නොබෝ කලකින්ම අභිඤ්ඤා සහ සමාපත්ති උපදවාගෙන ධ්‍යාන සුවයෙන් පසුවන්නේ බොහෝ කලක් වාසයකොට, මිනිස් වාසයට ගොස් ලුණු ඇඹුල් සොයන්නෙමි. මෙසේ මගේ ශරීරයද, ස්ථිර වන්නේය. (ශක්තිමත් වන්නේය) එයින් ඇවිදීමද සිදුවන්නේය. යමෙක් මා වැනි සිල්වතෙකුට දානය දෙත්ද වැඳුම් පිදුම් කරත්ද ඔවුහු ස්වර්ගයට යන්නෝයයි සිතුවේය.

සො හිමවන‍්තා ඔතරිත්‍වා අනුපුබ‍්බෙන චාරිකං චරමානො බාරාණසිං පත්‍වා සූරියත්‍ථඞ‍්ගමනවෙලාය වසනට‍්ඨානං ඔලොකෙන‍්තො රාජුය්‍යානං දිස‍්වා “ඉදං පටිසල‍්ලානසාරුප‍්පං, එත්‍ථ වසිස‍්සාමෙ”ති උය්‍යානං පවිසිත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ නිසින‍්නො ඣානසුඛෙන රත‍්තිං ඛෙපෙත්‍වා පුනදිවසෙ කතසරීරපටිජග‍්ගනො පුබ‍්බණ‍්හසමයෙ ජටාජිනවක‍්කලානි සණ‍්ඨපෙත්‍වා භික‍්ඛාභාජනං ආදාය සන‍්තින්‍ද්‍රියො සන‍්තමානසො ඉරියාපථසම‍්පන‍්නො යුගමත‍්තදස‍්සනො හුත්‍වා සබ‍්බාකාරසම‍්පන‍්නාය අත‍්තනො රූපසිරියා ලොකස‍්ස ලොචනානි ආකඩ‍්ඪෙන‍්තො නගරං පවිසිත්‍වා භික‍්ඛාය චරන‍්තො රඤ‍්ඤො නිවෙසනද‍්වාරං පාපුණි. රාජා මහාතලෙ චඞ‍්කමන‍්තො වාතපානන‍්තරෙන බොධිසත‍්තං දිස‍්වා ඉරියාපථස‍්මිඤ‍්ඤෙව පසීදිත්‍වා “සචෙ සන‍්තධම‍්මො නාම අත්‍ථි, ඉමස‍්ස තෙන අබ‍්භන‍්තරෙ භවිතබ‍්බ”න‍්ති චින‍්තෙත්‍වා “ගච‍්ඡ, තං තාපසං ආනෙහී”ති එකං අමච‍්චං ආණාපෙසි. සො ගන‍්ත්‍වා වන්‍දිත්‍වා භික‍්ඛාභාජනං ගහෙත්‍වා “රාජා, භන‍්තෙ, තං පක‍්කොසතී”ති ආහ. බොධිසත‍්තො “මහාපුඤ‍්ඤ, අම‍්හෙ රාජා න ජානාතී”ති ආහ. “තෙන හි, භන‍්තෙ, යාවාහං ආගච‍්ඡාමි, තාව ඉධෙව හොථා”ති ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචෙසි. රාජා “අම‍්හාකං කුලූපකතාපසො නත්‍ථි, ගච‍්ඡ, නං ආනෙහී”ති සයම‍්පි වාතපානෙන හත්‍ථං පසාරෙත්‍වා වන්‍දන‍්තො “ඉතො එථ, භන‍්තෙ”ති ආහ. බොධිසත‍්තො අමච‍්චස‍්ස හත්‍ථෙ භික‍්ඛාභාජනං දත්‍වා මහාතලං අභිරුහි.

හෙතෙම හිමාලයෙන් බැස පිළිවෙලින් චාරිකාවේ හැසිරෙමින් බරණැස් නුවරට පැමිණ හිරු බැස යන අවස්ථාවේ විසීමට තැනක් සොයමින් රජ උයන දැක, මෙය විවේක සුවයට සුදුසුය. මෙහි වෙසෙන්නෙමියි උයනට පිවිස, එක්තරා ගසක් මුල හිඳිමින් ධ්‍යාන සැපයෙන් රාත්‍රිය ගතකොට, දෙවන දවසේ කරන ලද (මුහුණ සේදීමාදී) ශරීර කටයුතු ඇත්තේ පෙරවරු කාලයේ ජටා-අඳුන් දිවිසම්-වැහැරි සිවුරු දරාගෙන, භික්‍ෂා භාජනය (පාත්‍රය) ගෙන, සන්සුන් ඉඳුරන් ඇත්තේ, ශාන්ත සිත් ඇත්තේ මනා ඉරියව්වලින් යුක්තව වියගසක දුර (බඹයක්) බලන්නේ වී, සියලු අයුරින් සම්පූර්ණ වූ තමන්ගේ රූප ශෝභාවෙන් ලෝකයාගේ නෙත් (ඇස්) ඇද ගනිමින් නුවරට පිවිස, පිඬු පිණිස හැසිරෙමින් රජවාසල දොරටුවට පැමිණියේය. උඩුමහල් තලයේ සක්මන් කරන රජතුමා වා කවුළු අතරින් බෝසතාණන් වහන්සේ දැක, ඉරියව් පැවැත්මෙහි පැහැදී, ඉදින් (ලෝකයෙහි) ශාන්ත ධර්මයක් ඇත්නම් මොහු තුළ එය තිබිය හැකියයි සිතා, යන්න ඒ තාපසයා කැඳවාගෙන එන්නැයි කියා එක් ඇමතියකුට අණ කළේය. ඔහු ගොස් වැඳ පාත්‍රය ගෙන ස්වාමීනි! රජතුමා නුඹවහන්සේ කැඳවතියි කීවේය. බෝසතාණන් වහන්සේ මහා පින්වත! රජතුමා අප ගැන නොදනියි කීහ. එසේනම් ස්වාමීනි! මම ගොස් එනතුරු මෙහිම සිටිනු මැනවැයි කියා රජතුමාට දැන්වීය. රජතුමා අපට අනෙක් කුලුපග තාපසයෙක් නැත. යව, උන්වහන්සේ කැඳවාගෙන එවයි කියා තමාත් වාකවුලුවෙන් අත් දිගුකොට වඳිමින් ස්වාමීනි! මෙහි වඩිනු මැනවැ කීවේය. බෝසතාණන් වහන්සේ ඇමතියා අතට භික්‍ෂා භාජනය දී (මාළිගයේ) ඉහළ තලයට ගොඩවුණු සේක.

අථ නං රාජා වන්‍දිත්‍වා රාජපල‍්ලඞ‍්කෙ නිසීදාපෙත්‍වා අත‍්තනො සම‍්පාදිතෙහි යාගුඛජ‍්ජකභත‍්තෙහි පරිවිසිත්‍වා කතභත‍්තකිච‍්චං පඤ‍්හං පුච‍්ඡි. පඤ‍්හබ්‍යාකරණෙන භිය්‍යොසොමත‍්තාය පසීදිත්‍වා වන්‍දිත්‍වා “භන‍්තෙ, තුම‍්හෙ කත්‍ථවාසිකා , කුතො ආගතත්‍ථා”ති පුච‍්ඡිත්‍වා “හිමවන‍්තවාසිකා මයං, මහාරාජ, හිමවන‍්තතො ආගතා”ති වුත‍්තෙ පුන “කිංකාරණා”ති පුච‍්ඡිත්‍වා “වස‍්සාරත‍්තකාලෙ, මහාරාජ, නිබද‍්ධවාසො නාම ලද‍්ධුං වට‍්ටතී”ති වුත‍්තෙ “තෙන හි, භන‍්තෙ, රාජුය්‍යානෙ වසථ, තුම‍්හෙ ච චතූහි පච‍්චයෙහි න කිලමිස‍්සථ, අහඤ‍්ච සග‍්ගසංවත‍්තනිකං පුඤ‍්ඤං පාපුණිස‍්සාමී”ති පටිඤ‍්ඤං ගහෙත්‍වා භුත‍්තපාතරාසො බොධිසත‍්තෙන සද‍්ධිං උය්‍යානං ගන‍්ත්‍වා පණ‍්ණසාලං කාරෙත්‍වා චඞ‍්කමං මාපෙත්‍වා සෙසානිපි රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානාදීනි සම‍්පාදෙත්‍වා පබ‍්බජිතපරික‍්ඛාරෙ පටියාදෙත්‍වා “සුඛෙන වසථ, භන‍්තෙ”ති උය්‍යානපාලං සම‍්පටිච‍්ඡාපෙසි. බොධිසත‍්තො තතො පට‍්ඨාය ද‍්වාදස සංවච‍්ඡරානි තත්‍ථෙව වසි.

ඉක්බිති රජතුමා එතුමාට වැඳ රාජාසනයෙහි හිඳුවා තමන් සඳහා පිළියෙල කළ කැඳ, කැවිලි, බත් ආදියෙන් වළඳවා වළඳා නිමකළ උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසීය. ප්‍රශ්නය විසඳීමෙන් වඩාත්ම පැහැදී වැඳ, ස්වාමීනි! නුඹවහන්සේ කොතැනක වසත්ද? කොහිසිට ආවෙහුදැයි විචාරා මහරජ, අපි හිමාල වැසියෝ වෙමු. හිමවතින් ආවෙමුයි කී කල්හි නැවත කුමන කරුණක් නිසාදැයි විචාරා, වැසි කාලය බැවින් මහරජ, දිගට වාසය කිරීමට තැනක් ලැබීම වටී යයි කී කල්හි එසේ නම් ස්වාමීනි! රජ උයනෙහි වාසය කරනු මැනවි. නුඹවහන්සේට සිව්පසයෙන් ක්ලාන්ත වීමක් ද නැත. මම ද ස්වර්ගයට යාමට හේතුවන පින් පමුණුවා ගන්නෙමියි ප්‍රතිඥා ගෙන උදේ ආහාර වැළඳූ බෝසතාණන් වහන්සේ සමග උයනට ගොස් පන්සලක් කරවා සක්මනක් තනවා රාත්‍රී ස්ථාන දිවා ස්ථාන ආදී සෙසු ස්ථානද සපයා පැවිදි පිරිකර පිළියෙල කොට ස්වාමීනි, සැපසේ වාසය කරනු මැනවැයි කියා උයන්පල්ලාට භාර කළේය. බෝසතාණන් වහන්සේ එතැන් පටන් දොළොස් අවුරුද්දක් එහිම වාසය කළ සේක.

අථෙකදිවසං රඤ‍්ඤො පච‍්චන‍්තො කුපිතො. සො තස‍්ස වූපසමනත්‍ථාය ගන‍්තුකාමො දෙවිං ආමන‍්තෙත්‍වා “භද‍්දෙ, තයා නගරෙ ඔහීයිතුං වට‍්ටතී”ති ආහ. “කිං නිස‍්සාය කථෙථ, දෙවා”ති. “සීලවන‍්තං තාපසං, භද‍්දෙ”ති. “දෙව, නාහං තස‍්මිං පමජ‍්ජිස‍්සාමි, අම‍්හාකං අය්‍යස‍්ස පටිජග‍්ගනං මම භාරො, තුම‍්හෙ නිරාසඞ‍්කා ගච‍්ඡථා”ති. රාජා නික‍්ඛමිත්‍වා ගතො, දෙවීපි බොධිසත‍්තං තථෙව සක‍්කච‍්චං උපට‍්ඨාති. බොධිසත‍්තො පන රඤ‍්ඤො ගතකාලෙ නිබද‍්ධවෙලායං ආගන‍්ත්‍වා අත‍්තනො රුචිතාය වෙලාය රාජනිවෙසනං ගන‍්ත්‍වා භත‍්තකිච‍්චං කරොති.

ඉක්බිති එක්දිනක් රජුගේ පසල් දනව්වක කැළඹීමක් ඇතිවිය. රජතුමා එය සංසිඳවීම පිණිස යනු කැමතිව දේවීන් වහන්සේ අමතා සොඳුරිය, මම හෝ නුඹ හෝ නුවර නවතින්නට වටීයයි කීවේය. දේවයිනි! කුමක් නිසා එසේ කියන්නේද? සොඳුරිය! සිල්වත් තවුසා නිසාය. දේවයන් වහන්ස! මම ඒ සඳහා පමා නොවන්නෙමි. අපගේ ආර්යයන් වහන්සේගේ ඇප උපස්ථාන කිරීම මට බාරයි. නුඹවහන්සේ සැක නැතිව යනු මැනවියි කීවාය. රජතුමා නික්ම ගියේය. දේවියද බෝසතාණන් වහන්සේට එසේම සකසා උපස්ථාන කළාය. බෝසතාණන් වහන්සේත් රජු ගිය කාලයේ සිට වෙනදා වේලාවට අවුත් තමන් කැමති වේලාවට රජ ගෙදරට ගොස් දන් වළඳති.

අථෙකදිවසං බොධිසත‍්තෙ අතිචිරායන‍්තෙ දෙවී සබ‍්බං ඛාදනීයභොජනීයං පටියාදෙත්‍වා න‍්හත්‍වා අලඞ‍්කරිත්‍වා නීචමඤ‍්චකං පඤ‍්ඤාපෙත්‍වා බොධිසත‍්තස‍්ස ආගමනං ඔලොකයමානා මට‍්ඨසාටකං සිථිලං කත්‍වා නිවාසෙත්‍වා නිපජ‍්ජි. බොධිසත‍්තොපි වෙලං සල‍්ලක‍්ඛෙත්‍වා භික‍්ඛාභාජනං ආදාය ආකාසෙනාගන‍්ත්‍වා මහාවාතපානද‍්වාරං පාපුණි. තස‍්ස වක‍්කලසද‍්දං සුත්‍වා සහසා උට‍්ඨහමානාය දෙවියා සරීරා මට‍්ඨසාටකො භස‍්සිත්‍ථ, බොධිසත‍්තො විසභාගාරම‍්මණං දිස‍්වා ඉන්‍ද්‍රියානි භින්‍දිත්‍වා සුභවසෙන ඔලොකෙසි. අථස‍්ස ඣානබලෙන සන‍්නිසින‍්නොපි කිලෙසො කරණ‍්ඩකෙ පක‍්ඛිත‍්තආසීවිසො විය ඵණං කත්‍වා උට‍්ඨහි, ඛීරරුක‍්ඛස‍්ස වාසියා ආකොටිතකාලො විය අහොසි. කිලෙසුප‍්පාදනෙන සහෙව ඣානඞ‍්ගානි පරිහායිංසු, ඉන්‍ද්‍රියානි අපරිපුණ‍්ණානි අහෙසුං, සයං පක‍්ඛච‍්ඡින‍්නකාකො විය අහොසි. සො පුබ‍්බෙ විය නිසීදිත්‍වා භත‍්තකිච‍්චං කාතුං නාසක‍්ඛි , නිසීදාපියමානොපි න නිසීදි. අථස‍්ස දෙවී සබ‍්බං ඛාදනීයභොජනීයං භික‍්ඛාභාජනෙයෙව පක‍්ඛිපි. යථා ච පුබ‍්බෙ භත‍්තකිච‍්චං කත්‍වා සීහපඤ‍්ජරෙන නික‍්ඛමිත්‍වා ආකාසෙනෙව ගච‍්ඡති, එවං තං දිවසං ගන‍්තුං නාසක‍්ඛි. භත‍්තං පන ගහෙත්‍වා මහානිස‍්සෙණියා ඔතරිත්‍වා උය්‍යානං අගමාසි. දෙවීපි අස‍්ස අත‍්තනි පටිබද‍්ධචිත‍්තතං අඤ‍්ඤාසි. සො උය්‍යානං ගන‍්ත්‍වා භත‍්තං අභුඤ‍්ජිත්‍වාව හෙට‍්ඨාමඤ‍්චකෙ නික‍්ඛිපිත්‍වා “දෙවියා එවරූපා හත්‍ථසොභා පාදසොභා, එවරූපං කටිපරියොසානං, එවරූපං ඌරුලක‍්ඛණ”න‍්තිආදීනි විප‍්පලපන‍්තො සත‍්තාහං නිපජ‍්ජි, භත‍්තං පූතිකං අහොසි නීලමක‍්ඛිකාපරිපුණ‍්ණං.

ඉක්බිති එක්දිනක් බෝසතාණන් වහන්සේ බොහෝ පමා වූ කල දේවිය කන බොන සියලු දෑ පිළියෙල කර තබා නා සැරසී කුඩා ඇඳක් පනවාගෙන බෝසතාණන් වහන්සේගේ පැමිණීම බලා සිටිමින් සිනිඳු සළුවක් ලිහිල්කොට හැඳ නිදාගත්තාය. බෝසතාණන් වහන්සේද වේලාව සලකා පාත්‍රය රැගෙන අහසින් අවුත් මහා වා කවුළු දොරටුව ළඟට පැමිණි සේක. උන්වහන්සේගේ වැහැරි වස්ත්‍රයේ ශබ්දය අසා වහා නැගිටින දේවියගේ කහපාට සිනිඳු සළුව ගැලවී වැටුණේය. බෝධිසත්ත්වයන් වහන්සේ විසභාග අරමුණ (ස්ත්‍රී අරමුණ) ඉන්ද්‍රිය සංවරය බිඳ ශුභ වශයෙන් බැලූහ. එවිට ධ්‍යාන බලයෙන් සිටිතත් පෙට්ටියක දමා සිටි සර්පයෙකු පෙණය කරගෙන නැගී සිටින්නාක් මෙන් උන්වහන්සේගේ කෙලෙස් නැගී සිටියේය. කිරිගසකට වෑයෙන් කොටන ලද කලක් මෙන් විය. කෙලෙස් ඉපදීමත් සමගම ධ්‍යානාංගයන්ද පිරිහී ගියේය. ඉන්ද්‍රිය අපිරිසිදු විය. තමා තටු සිඳුනු කපුටෙක් මෙන් විය. හෙතෙම පෙර පරිදි වාඩි වී දන් වළඳන්නටද අසමත් විය. හිඳ ගන්න කීවත් හිඳ නොගත්තේය. ඉක්බිති දේවිය කන බොන සියලු දෑ ඔහුගේ පාත්‍රයටම දැම්මාය. මීට පෙර දන් වළඳා සීමැදුරු කවුළුවෙන් නික්මී අහසින්ම යන්නා සේ එදින යන්නට නොහැකි විය. දානය රැගෙන මහ තරප්පු පෙලින් බැස උයනට ගියේය. දේවීන් වහන්සේද තමා කෙරෙහි බැඳුනු සිතක් ඔහුට ඇති වූ බව දැනගත්තාය. තාපසයා උයනට ගොස් දානය නොවළඳාම ඇඳ යට තබා දේවියගේ අත්පාවල සෝභාව මෙබඳුය, ඉඟ කෙළවර කොට ඇති පෙදෙස මෙබඳුය, කලවයෙහි හැඩරුව මෙසේය යනාදිය දොඩවමින් සතියක් වැතිර සිටියේය. බත් කුණු විය. නිලමැස්සෝ ගැවසී ගත්හ.

අථ රාජා පච‍්චන‍්තං වූපසමෙත්‍වා පච‍්චාගතො අලඞ‍්කතපටියත‍්තං නගරං පදක‍්ඛිණං කත්‍වා රාජනිවෙසනං අගන‍්ත්‍වාව “බොධිසත‍්තං පස‍්සිස‍්සාමී”ති උය්‍යානං ගන‍්ත්‍වා උක‍්ලාපං අස‍්සමපදං දිස‍්වා “පක‍්කන‍්තො භවිස‍්සතී”ති පණ‍්ණසාලාය ද‍්වාරං විවරිත්‍වා අන‍්තොපවිට‍්ඨො තං නිපන‍්නකං දිස‍්වා “කෙනචි අඵාසුකෙන භවිතබ‍්බ”න‍්ති පූතිභත‍්තං ඡඩ‍්ඩාපෙත්‍වා පණ‍්ණසාලං පටිජග‍්ගාපෙත්‍වා “භන‍්තෙ, කිං තෙ අඵාසුක”න‍්ති පුච‍්ඡි. “විද‍්ධොස‍්මි, මහාරාජා”ති. රාජා “මම පච‍්චාමිත‍්තෙහි මයි ඔකාසං අලභන‍්තෙහි ‘මමායනට‍්ඨානමස‍්ස දුබ‍්බලං කරිස‍්සාමා’ති ආගන‍්ත්‍වා එස විද‍්ධො භවිස‍්සති මඤ‍්ඤෙ”ති සරීරං පරිවත‍්තෙත්‍වා විද‍්ධට‍්ඨානං ඔලොකෙන‍්තො විද‍්ධට‍්ඨානං අදිස‍්වා “කත්‍ථ විද‍්ධොසි, භන‍්තෙ”ති පුච‍්ඡි. බොධිසත‍්තො “නාහං, මහාරාජ, අඤ‍්ඤෙන විද‍්ධො, අහං පන අත‍්තනාව අත‍්තානං හදයෙ විජ‍්ඣි”න‍්ති වත්‍වා උට‍්ඨාය නිසීදිත්‍වා ඉමා ගාථා අවොච –

ඉක්බිති රජතුමා පසල් දනව්ව සංසිඳුවා ආපසු පැමිණියේ සරසා පිළියෙල කරන ලද නගරය පැදකුණු කොට රජගෙදරට නොගොසින්ම බෝසතාණන් වහන්සේ බැහැදකින්නෙමියි උයනට ගොස් කැලිකසල ඇති අසපුව දැක ආපසු යන්නට ඇතැයි සිතා පන්සලේ දොර විවරකොට ඇතුළට පිවිසියේ එහි වැතිර සිටි තවුසා දැක කිසියම් අපහසුතාවකින් මෙසේ වන්නට ඇතැයි සිතා කුණු වූ බත් ඉවත දම්මවා පන්සල පිරිසිදු කරවා, ස්වාමීනි! ඔබවහන්සේට ඇති අපහසුතාවය කුමක්දැයි විචාළේය. මහරජතුමනි! මම විදින ලද්දෙක් වෙමියි කීය. රජතුමා, මට විදින්නට අවසරයක් (ඉඩක්) නොලබන මගේ සතුරන් විසින් “අපි රජතුමාගේ ප්‍රියවන්තයා දුර්වල කරන්නෙමු”යි කියා අවුත් මොහුට (දුන්නෙන්) විදින්නට ඇතැයි සිතා සිරුර පෙරළා විදින ලද තැන සොයමින් විද්ද සලකුණක් නොදැක ස්වාමීනි, කොතැනකට විදින ලද්දේදැයි ඇසීය. බෝසතාණන් වහන්සේ මහරජතුමනි! අනිකෙකු මට විද්දේ නැත. මම වනාහි තමා විසින්ම තම හදවතට විදගත්තෙමියි කියා ආසනයෙන් නැගිට හිඳගෙන -

“සඞ‍්කප‍්පරාගධොතෙන, විතක‍්කනිසිතෙන ච; නාලඞ‍්කතෙන භද්‍රෙන, උසුකාරාකතෙන ච.

සංකප්පරාග ධොතෙන විතක්ක නිසිතෙනච, නාලංකටෙන භද්දෙන නඋසුකාරක තෙන ච,

“න කණ‍්ණායතමුත‍්තෙන, නාපි මොරූපසෙවිනා; තෙනම‍්හි හදයෙ විද‍්ධො, සබ‍්බඞ‍්ගපරිදාහිනා.

නකණ්ණායත මුත්තෙන නපිමොරූපසෙවිනා, තෙනම්හි හදයෙ විද්ධො සබ්බංග පරිදාහිනා

“ආවෙධඤ‍්ච න පස‍්සාමි, යතො රුහිරමස‍්සවෙ; යාව අයොනිසො චිත‍්තං, සයං මෙ දුක‍්ඛමාභත”න‍්ති.

ආවෙධඤ්ච න පස්සාමි යතො රුහිර මස්සවෙ, යාව අයොනිසො චිත්තං සයං මෙ දුක්ඛමා භතං

යන ගාථා කීහ.

කාම විතර්ක සම්ප්‍රයුක්ත රාගය නැමති ජලයෙන් සෝදන ලද විතර්කය නමැති ගලෙහි මුවහත් තැබූ නොසැරසූ හී වඩුවෙකු විසිනිදු නොකළ

දකුණු කන්පෙත්ත දක්වා (දුන්නෙහි ලණුව) ඇද (අත) නොහැරියා වූද, මොණරපත් ආදියෙන් නොසාදන ලද, මුළු සිරුර දවන්නා වූ ඒ කෙලෙස් නමැති ඊයෙන් මගේ හදවත විදින ලද්දේය.

විදින ලද තැනකුදු ලේ වැගිරෙන තැනකුදු නොදකිමි. ඉතා අනුවණ ලෙසින් සිත දියුණු කළේද එහෙයින් මා විසින් මේ දුක පමුණුවා ගන්නා ලදි.

තත්‍ථ සඞ‍්කප‍්පරාගධොතෙනාති කාමවිතක‍්කසම‍්පයුත‍්තරාගධොතෙන. විතක‍්කනිසිතෙන චාති තෙනෙව රාගොදකෙන විතක‍්කපාසාණෙ නිසිතෙන. නාලඞ‍්කතෙන භද්‍රෙනාති නෙව අලඞ‍්කතෙන භද්‍රෙන, අනලඞ‍්කතෙන බීභච‍්ඡෙනාති අත්‍ථො. උසුකාරාකතෙන චාති උසුකාරෙහිපි අකතෙන. න කණ‍්ණායතමුත‍්තෙනාති යාව දක‍්ඛිණකණ‍්ණචූළකං ආකඩ‍්ඪිත්‍වා අමුත‍්තකෙන. නාපි මොරූපසෙවිනාති මොරපත‍්තගිජ‍්ඣපත‍්තාදීහි අකතූපසෙවනෙන. තෙනම‍්හි හදයෙ විද‍්ධොති තෙන කිලෙසකණ‍්ඩෙනාහං හදයෙ විද‍්ධො අම‍්හි. සබ‍්බඞ‍්ගපරිදාහිනාති සබ‍්බානි අඞ‍්ගානි පරිදහනසමත්‍ථෙන. මහාරාජ, තෙන හි කිලෙසකණ‍්ඩෙන හදයෙ විද‍්ධකාලතො පට‍්ඨාය මම අග‍්ගි පදිත‍්තානිව සබ‍්බානි අඞ‍්ගානි ඩය‍්හන‍්තීති දස‍්සෙති.

තත්‍ථ - එහි, සංකප්පරාගධොතෙන යනු කාම විතර්ක සම්ප්‍රයුක්ත රාගය නමැති ජලයෙන් සෝදන ලද, විතක්කනිසිතෙන යනු එම රාගය නැමති ජලයෙන් විතර්කය නැමති ගලෙහි මුවහත් කළ නාලංකටෙන භද්දෙන යනු අලංකාර කරන ලද යහපත් වූ. අලංකාර නොකරන ලද පිළිකුල් යන අර්ථයි. නඋසුකාරකතෙනච යනු හී වඩුවෙකු විසින්ද නොකරන ලද බැවින්. න කණ්ණායත මුත්තෙ න යනු දකුණු කන් පෙත්ත තෙක් ඇද මුදා නොහළ. න පි මොරූපසෙවිනා යනු මොණර පියාපත්, ගිජුලිහිණි පියාපත් ආදියෙන් නොකළ ඒවා පාවිච්චි නොකළ. තෙනම්හි හදයෙ විද්ධො යනු ඒ කෙලෙස් නමැති ඊතලයෙන් මම හදවතට විදින ලද්දේ. සබ්බංගපරිදාහිනා යනු සියලු අංග (මුළු සිරුර) දැවීමට සමත්. මහරජතුමනි! ඒ කෙලෙස් නැමති ඊතලයෙන් හදවතට විදින ලද කාලයේ පටන් ගින්නෙන් දිලිසෙන්නාක් මෙන් මගේ මුළු ඇඟ දැවෙන්නේ යයි දක්වයි.

ආවෙධඤ‍්ච න පස‍්සාමීති විද‍්ධට‍්ඨානෙ වණඤ‍්ච න පස‍්සාමි. යතො රුහිරමස‍්සවෙති යතො මෙ ආවෙධතො ලොහිතං පග‍්ඝරෙය්‍ය, තං න පස‍්සාමීති අත්‍ථො. යාව අයොනිසො චිත‍්තන‍්ති එත්‍ථ යාවාති දළ‍්හත්‍ථෙ නිපාතො, අතිවිය දළ‍්හං කත්‍වා අයොනිසො චිත‍්තං වඩ‍්ඪිතන‍්ති අත්‍ථො. සයං මෙ දුක‍්ඛමාභතන‍්ති අත‍්තනාව මයා අත‍්තනො දුක‍්ඛං ආනීතන‍්ති.

ආවෙධඤ්ච න පස්සාමි යනු විදින ලද තැන තුවාලයක් නොදකිමි. යතොරුහිරවස්සවෙ යනු ලේ වැගිරෙන තුවාලයක් ද නො දකිමි යන අර්ථයයි. යාව අයොනිසො චිත්තං යන මෙහි ‘යාව’ යනු ‘දැඩි’ අර්ථයෙහි නිපාතයකි. අතිශයින් දැඩිකොට නුනුවණින් සිත වඩන ලදැයි යන අර්ථයි. සයං මෙ දුක්ඛ මාභතං යනු තමා විසින්ම, මා විසින්ම තමන්ගේ දුක ගෙන එන ලදි.

එවං බොධිසත‍්තො ඉමාහි තීහි ගාථාහි රඤ‍්ඤො ධම‍්මං දෙසෙත්‍වා රාජානං පණ‍්ණසාලතො බහි කත්‍වා කසිණපරිකම‍්මං කත්‍වා නට‍්ඨං ඣානං උප‍්පාදෙත්‍වා පණ‍්ණසාලාය නික‍්ඛමිත්‍වා ආකාසෙ නිසින‍්නො රාජානං ඔවදිත්‍වා “මහාරාජ, අහං හිමවන‍්තමෙව ගමිස‍්සාමී”ති වත්‍වා “න සක‍්කා, භන‍්තෙ, ගන‍්තු”න‍්ති වුච‍්චමානොපි “මහාරාජ, මයා ඉධ වසන‍්තෙන එවරූපො විප‍්පකාරො පත‍්තො, ඉදානි න සක‍්කා ඉධ වසිතු”න‍්ති රඤ‍්ඤො යාචන‍්තස‍්සෙව ආකාසෙ උප‍්පතිත්‍වා හිමවන‍්තං ගන‍්ත්‍වා තත්‍ථ යාවතායුකං ඨත්‍වා බ්‍රහ‍්මලොකූපගො අහොසි.

මෙසේ බෝධිසත්ත්වයන් වහන්සේ මේ ගාථා තුනෙන් රජතුමාට දහම් දෙසා, රජතුමා පන්සලින් බැහැරකොට කසිණ පරිකර්ම කොට නැතිවූ ධ්‍යානය යළි උපදවාගෙන පන්සලෙන් නික්මී අහසෙහි සිටිමින් රජතුමාට ඔවදන් දී මහරජතුමනි! මම හිමාලයටම යන්නෙමියි කියා, ස්වාමීනි! නොයායුතුයි කියද්දීම මහරජ, මෙහි වසන මා විසින් මෙබඳු විප්‍රකාරයකට (වෙනසකට) පත්වුණෙමි. එම නිසා දැන් මෙහි වසන්නට නොහැකියයි කියා රජතුමා නවතින්න කියද්දීම අහසට නැගී හිමාල වනයට ගොස් දිවි ඇතිතෙක් සිට බඹලොව උපන්හ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ උක‍්කණ‍්ඨිතභික‍්ඛු අරහත‍්තෙ පතිට‍්ඨහි. කෙචි සොතාපන‍්නා, කෙචි සකදාගාමිනො, කෙචි අනාගාමිනො, කෙචි අරහන‍්තො අහෙසුං. “තදා රාජා ආනන්‍දො අහොසි, තාපසො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍ය ප්‍රකාශකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර කලකිරුණු භික්‍ෂුව රහත් විය. සමහරෙක් සෝවාන් වූහ. සමහරෙක් සකදාගාමී වූහ. සමහරෙක් ආනාගාමී වූහ. එකල රජතුමා ආනන්දය, තාපසයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

සඞ‍්කප‍්පරාගජාතකවණ‍්ණනා පඨමා.