2. තිලමුට්ඨිජාතකවණ්ණනා 252 අට්ඨකථා
2. තිලමුට්ඨිජාතකවණ්ණනා (252)
2. තිලමුට්ඨි ජාතකය (252)
අජ්ජාපි මෙ තං මනසීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරං කොධනං භික්ඛුං ආරබ්භ කථෙසි. අඤ්ඤතරො කිර, භික්ඛු, කොධනො අහොසි උපායාසබහුලො, අප්පම්පි වුත්තො සමානො කුප්පි අභිසජ්ජි, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාත්වාකාසි. අථෙකදිවසං භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, අසුකො නාම භික්ඛු කොධනො උපායාසබහුලො උද්ධනෙ පක්ඛිත්තලොණං විය තටතටායන්තො විචරති, එවරූපෙ නික්කොධනෙ බුද්ධසාසනෙ පබ්බජිතො සමානො කොධමත්තම්පි නිග්ගණ්හිතුං න සක්කොතී”ති. සත්ථා තෙසං කථං සුත්වා එකං භික්ඛුං පෙසෙත්වා තං භික්ඛුං පක්කොසාපෙත්වා “සච්චං කිර ත්වං, භික්ඛු, කොධනො”ති පුච්ඡිත්වා “සච්චං, භන්තෙ”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි අයං කොධනො අහොසී”ති වත්වා අතීතං ආහරි.
අජ්ජාපි මෙ තං මනසි යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක්තරා කිපෙනසුළු භික්ෂුවක අරබයා වදාළ සේක. එක්තරා භික්ෂුවක් ක්‍රෝධයෙන් යුක්ත වූයේය. එසේම සිත් තැවුල් බහුල සුළු වචනයකට පවා කිපෙන කෝපය ද ද්වේශය ද නොසතුට ද පළකරන ස්වභාවයෙන් යුක්ත විය. දම්සභාවෙහිදී භික්ෂූහු “ඇවැත්නි! අසවල් භික්ෂුව කිපෙනසුළු බලවත් සිත් තැවුල් ඇතිව උදුනට දැමූ ලුනු මෙන් තට තට යන ශබ්ද ඇතිව හැසිරෙයි. ක්‍රෝධ නොකරන මෙබඳු ශාසනයක පැවිදිව කෝපය පමණවත් දුරුකිරීමට නොහැකිවීයයි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ ඒ පුවත අසා එක් භික්ෂුවක් යවා ඒ භික්ෂුව ගෙන්වාගෙන ඇත්තද මහණ? ඔබ ක්‍රෝධ කරන්නේදැයි විචාරා ඇත්තයි ස්වාමීනියි කීකල්හි මහණෙනි! මේ භික්ෂුව ක්‍රෝධයෙන් යුක්ත වූයේ දැන් පමණක් නොව පෙරත් ක්‍රෝධයෙන් යුක්ත වූයේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ තස්ස පුත්තො බ්රහ්මදත්තකුමාරො නාම අහොසි. පොරාණකරාජානො ච අත්තනො පුත්තෙ “එවං එතෙ නිහතමානදප්පා සීතුණ්හක්ඛමා ලොකචාරිත්තඤ්ඤූ ච භවිස්සන්තී”ති අත්තනො නගරෙ දිසාපාමොක්ඛආචරියෙ විජ්ජමානෙපි සිප්පුග්ගහණත්ථාය දූරෙ තිරොරට්ඨං පෙසෙන්ති, තස්මා සොපි රාජා සොළසවස්සුද්දෙසිකං පුත්තං පක්කොසාපෙත්වා එකපටලිකඋපාහනා ච පණ්ණච්ඡත්තඤ්ච කහාපණසහස්සඤ්ච දත්වා “තාත, තක්කසිලං ගන්ත්වා සිප්පං උග්ගණ්හා”ති පෙසෙසි. සො “සාධූ”ති මාතාපිතරො වන්දිත්වා නික්ඛමිත්වා අනුපුබ්බෙන තක්කසිලං පත්වා ආචරියස්ස ගෙහං පුච්ඡිත්වා ආචරියෙ මාණවකානං සිප්පං වාචෙත්වා උට්ඨාය ඝරද්වාරෙ චඞ්කමන්තෙ ගෙහං ගන්ත්වා යස්මිං ඨානෙ ඨිතො ආචරියං අද්දස, තත්ථෙව උපාහනා ඔමුඤ්චිත්වා ඡත්තඤ්ච අපනෙත්වා ආචරියං වන්දිත්වා අට්ඨාසි. සො තස්ස කිලන්තභාවං ඤත්වා ආගන්තුකසඞ්ගහං කාරෙසි. කුමාරො භුත්තභොජනො ථොකං විස්සමිත්වා ආචරියං උපසඞ්කමිත්වා වන්දිත්වා අට්ඨාසි, “කුතො ආගතොසි, තාතා”ති ච වුත්තෙ “බාරාණසිතො”ති ආහ. “කස්ස පුත්තොසී”ති? “බාරාණසිරඤ්ඤො”ති. “කෙනත්ථෙනාගතොසී”ති? “සිප්පං උග්ගණ්හත්ථායා”ති. “කිං තෙ ආචරියභාගො ආභතො, උදාහු ධම්මන්තෙවාසිකො හොතුකාමොසී”ති? සො “ආචරියභාගො මෙ ආභතො”ති වත්වා ආචරියස්ස පාදමූලෙ සහස්සත්ථවිකං ඨපෙත්වා වන්දි.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී ඔහුගේ පුත් බඹදත් කුමාරයා නම් විය. පැරණි රජවරු ද තමන්ගේ පුතුන් මෙසේ නසන ලද මාන, අහංකාර ඇතිව සීත, උෂ්ණ ඉවසන සුළු, ලෝ සිරිත් දන්නා අය වන්නෝ යයි තමන්ගේ නුවර දිසාපාමොක් ඇදුරුතුමා සිටිද්දීම ශිල්ප ඉගෙනීම පිණිස දුරු රටකට යවත්. ඒ නිසා ඒ රජද සොළොස් වයස් ගතවූ පුත්‍රයා කැඳවා එක් පටක් ඇති වහන් සඟලක් ද පත් කුඩයක් ද, කහවණු දහසක් ද දී දරුව! තක්සලා නුවරට ගොස් ශිල්ප ඉගෙන ගනුවයි කියා යැවීය. කුමරා යහපතැයි කියා මව්පියන් වැඳ නික්මී පිළිවෙලින් තක්සලා නුවරට පැමිණ ඇදුරුතුමාගේ නිවස විචාරා ඇදුරුතුමා තරුණයන්ට ශිල්ප උගන්වා නැගිට ගෙදර දොරටුව ළඟ සක්මන් කරමින් සිටිනවිට ගෙට ගොස් ගුරුතුමා සිටින තැන දුටුවිට එහිදීම පාවහන් ගළවා, කුඩය ඉවත්කොට ගුරුතුමාට වැඳ සිටියේය. ඇදුරුතුමා කුමාරයාගේ ක්ලාන්තභාවය දැන ආගන්තුක සත්කාර කරවීය. කුමාරයා ආහාර ගෙන මදක් විවේක ගෙන ගුරුතුමා වෙත එළඹ වැඳ සිටියේය. දරුව! කොහිසිට ආවෙහිදැයි ඇසූවිට බරණැස සිට යයි කීය. කාගේ පුතෙක්දැයි ඇසූවිට බරණැස් රජුගේ පුතායයි කීය. කුමක් සඳහා ආවෙහිදැයි ඇසූවිට ශිල්ප ඉගෙනීම පිණිස යයි කීවේය. නුඹ ගුරු පඬුරු ගෙනෙන ලදද? නැතිනම් ධර්ම අන්තේවාසිකයෙකු වීමට කැමතිදැයි ඇසීය. හෙතෙම මවිසින් ගුරු පඬුරු ගෙනෙන ලදැයි කියා, ගුරුතුමාගේ පාමුල දහසක් බැඳි පියල්ල තබා වැන්දේය.
ධම්මන්තෙවාසිකා දිවා ආචරියස්ස කම්මං කත්වා රත්තිං සිප්පං උග්ගණ්හන්ති, ආචරියභාගදායකා ගෙහෙ ජෙට්ඨපුත්තා විය හුත්වා සිප්පමෙව උග්ගණ්හන්ති. තස්මා සොපි ආචරියො සල්ලහුකෙන සුභනක්ඛත්තෙන කුමාරස්ස සිප්පං පට්ඨපෙසි. කුමාරොපි සිප්පං උග්ගණ්හන්තො එකදිවසං ආචරියෙන සද්ධිං න්හායිතුං අගමාසි. අථෙකා මහල්ලිකා ඉත්ථී තිලානි සෙතෙ කත්වා පත්ථරිත්වා රක්ඛමානා නිසීදි. කුමාරො සෙතතිලෙ දිස්වා ඛාදිතුකාමො හුත්වා එකං තිලමුට්ඨිං ගහෙත්වා ඛාදි, මහල්ලිකා “තණ්හාලුකො එසො”ති කිඤ්චි අවත්වා තුණ්හී අහොසි. සො පුනදිවසෙපි තාය වෙලාය තථෙව අකාසි, සාපි නං න කිඤ්චි ආහ. ඉතරො තතියදිවසෙපි තථෙවාකාසි, තදා මහල්ලිකා “දිසාපාමොක්ඛො ආචරියො අත්තනො අන්තෙවාසිකෙහි මං විලුම්පාපෙතී”ති බාහා පග්ගය්හ කන්දි. ආචරියො නිවත්තිත්වා “කිං එතං , අම්මා”ති පුච්ඡි. “සාමි, අන්තෙවාසිකො තෙ මයා කතානං සෙතතිලානං අජ්ජෙකං මුට්ඨිං ඛාදි, හිය්යො එකං, පරෙ එකං, නනු එවං ඛාදන්තො මම සන්තකං සබ්බං නාසෙස්සතී”ති. “අම්ම, මා රොදි, මූලං තෙ දාපෙස්සාමී”ති. “න මෙ, සාමි, මූලෙනත්ථො, යථා පනෙස කුමාරො පුන එවං න කරොති, තථා තං සික්ඛාපෙහී”ති. ආචරියො “තෙන හි පස්ස, අම්මා”ති ද්වීහි මාණවෙහි තං කුමාරං ද්වීසු හත්ථෙසු ගාහාපෙත්වා වෙළුපෙසිකං ගහෙත්වා “පුන එවරූපං මා අකාසී”ති තික්ඛත්තුං පිට්ඨියං පහරි. කුමාරො ආචරියස්ස කුජ්ඣිත්වා රත්තානි අක්ඛීනි කත්වා පාදපිට්ඨිතො යාව කෙසමත්ථකා ඔලොකෙසි. සොපිස්ස කුජ්ඣිත්වා ඔලොකිතභාවං අඤ්ඤාසි. කුමාරො සිප්පං නිට්ඨාපෙත්වා “අනුයොගං දත්වා මාරාපෙතබ්බො එස මයා”ති තෙන කතදොසං හදයෙ ඨපෙත්වා ගමනකාලෙ ආචරියං වන්දිත්වා “යදාහං, ආචරිය, බාරාණසිරජ්ජං පත්වා තුම්හාකං සන්තිකං පෙසෙස්සාමි, තදා තුම්හෙ ආගච්ඡෙය්යාථා”ති සසිනෙහො විය පටිඤ්ඤං ගහෙත්වා පක්කාමි.
ධර්ම අන්තේවාසිකයෝ දිවා කාලයෙහි ගුරුතුමාගේ වැඩපල කොට රාත්‍රී කාලයේ ඉගෙන ගනිත්. ගුරුපඬුරු දුන් අය ගෙදර දෙටු පුත්‍රයන් මෙන් ශිල්ප ඉගෙනීම පමණක් කරති. ඒ නිසා ඒ ගුරුතුමාද සැහැල්ලු නැකතකින් කුමරාට ශිල්ප ඉගැන්වීම ඇරඹීය. කුමාරයා ශිල්ප උගනිමින් එක්දිනක් ගුරුතුමා සමග නෑමට ගියේය. ඉක්බිති මහලු ස්ත්‍රියක් තල සුදුකොට අතුරා රකිමින් සිටියාය. කුමාර සුදු තල දැක කනු කැමැත්තේ වී එක් තලමිටක් ගෙන කෑවේය. මහලු ස්ත්‍රිය මේ ආසාව වැඩි එකෙකැයි සිතා කිසිවක් නොකියා නිහඬ වූවාය. ඔහු දෙවන දවසේ ද ඒ වේලාවේ එසේම කළේය. ස්ත්‍රියද ඔහුට එදාත් කිසිවක් නොකීවාය. ඔහු තුන්වන දිනයේද එසේම කළේය. එදා මහලු ස්ත්‍රිය දිසාපාමොක් ඇදුරුතුමා තමන්ගේ අතවැස්සන් ලවා මා සතු දේ පැහැර ගන්වන්නේ යයි දෙඅත් හිස බැඳ හැඬුවාය. ඇදුරුතුමා නැවතී කිමෙක්ද මෑණියනි’යි විචාළේය. ස්වාමීනි! ඔබවහන්සේගේ ගෝලයා මා විසින් සකස් කළ සුදු තලවලින් අද එකමිටක් කෑවේය. ඊයේ එක මිටක් කෑවේය. පෙරේදා එකමිටක් කෑවේය. මෙසේ කමින් ඔහු මා සතු තල සියල්ල නසන්නේයයි කීවාය. මෑණියනි! නොහඬන්න. මම නුඹට මුදල් දෙවන්නෙමියි කීය. ස්වාමීනි! මට මුදල්වලින් වැඩක් නැත. යම්සේ වනාහි මේ කුමාරයා නැවත මෙසේ නොකරයිද එසේ මොහු හික්මවන්නැයි කීවාය. ඇදුරුතුමා එසේනම් බලන්න මෑණියනි! මානවකයන් දෙදෙනෙකු ලවා ඒ කුමාරයා දෙඅතින් අල්ලවාගෙන උණ පතුරක් ගෙන නැවත මෙවැනි දේ නොකරවයි තුන්වරක් පිටට පහර දුන්නේය. කුමාරයා ගුරුතුමා කෙරෙහි කිපී ඇස් රතුකරගෙන දෙපාවල සිට හිස් මුදුන දක්වා බැලුවේය. ඔහු කිපී එසේ බැලූ බව ඇදුරුතුමා දැනගත්තේය. කුමාරයා ශිල්ප නිමවා කළයුතු වත් දක්වා මා විසින් මොහු මැරවිය යුතුයයි සිතා ගුරුතුමා කළ දඬුවම හිතෙහි තබාගෙන යන අවස්ථාවෙහි ගුරුතුමාට වැඳ ඇදුරුතුමනි! මම බරණැස් නුවර රජකමට පත්ව නුඹවහන්සේ කැඳවාගෙන යාමට කෙනෙකු ඔබතුමා වෙතට එවන්නෙමි. එකල්හි නුඹවහන්සේ එනු මැනවැයි කියා සෙනෙහසින් යුතු කෙනෙකු මෙන් ප්‍රතිඥා ගෙන ගියේය.
සො බාරාණසිං පත්වා මාතාපිතරො වන්දිත්වා සිප්පං දස්සෙසි. රාජා “ජීවමානෙන මෙ පුත්තො දිට්ඨො, ජීවමානොවස්ස රජ්ජසිරිං පස්සාමී”ති පුත්තං රජ්ජෙ පතිට්ඨාපෙසි. සො රජ්ජසිරිං අනුභවමානො ආචරියෙන කතදොසං සරිත්වා උප්පන්නකොධො “මාරාපෙස්සාමි න”න්ති පක්කොසනත්ථාය ආචරියස්ස දූතං පාහෙසි. ආචරියො “තරුණකාලෙ නං සඤ්ඤාපෙතුං න සක්ඛිස්සාමී”ති අගන්ත්වා තස්ස රඤ්ඤො මජ්ඣිමවයකාලෙ “ඉදානි නං සඤ්ඤාපෙතුං සක්ඛිස්සාමී”ති ගන්ත්වා රාජද්වාරෙ ඨත්වා “තක්කසිලාචරියො ආගතො”ති ආරොචාපෙසි. රාජා තුට්ඨො බ්රාහ්මණං පක්කොසාපෙත්වා තං අත්තනො සන්තිකං ආගතං දිස්වාව කොධං උප්පාදෙත්වා රත්තානි අක්ඛීනි කත්වා අමච්චෙ ආමන්තෙත්වා “භො, අජ්ජාපි මෙ ආචරියෙන පහටට්ඨානං රුජ්ජති, ආචරියො නලාටෙන මච්චුං ආදාය ‘මරිස්සාමී’ති ආගතො, අජ්ජස්ස ජීවිතං නත්ථී”ති වත්වා පුරිමා ද්වෙ ගාථා අවොච –
කුමරා බරණැසට ගොස් මව්පියන් වැඳ ශිල්ප දැක්වීය. රජතුමා ජීවත්ව සිටියදීම මගේ පුතා දක්නා ලදි. ජීවත්ව සිටියදීම මොහුගේ රාජ්‍යශ්‍රීය බලන්නෙමියි පුතා රාජ්‍යයෙහි පිහිටුවීය. හෙතෙම රජසැප විඳිමින්ම ගුරුවරයා විසින් කළ දෝසය (පහරදීම) සිහිකර, උපන් කෝපයෙන් ඔහු මරන්නෙමියි සිතා කැඳවාගෙන ඒමට ඇදුරුතුමා වෙත දූතයෙකු යැවීය. ගුරුතුමා ඔහුට තරුණ කාලයේදී කරුණු අවබෝධ කරවන්නට නොහැකි වන්නේ යයි නොගොස් ඒ රජුගේ මධ්‍යම වයස් කාලයේදී දැන්නම් ඔහුට හොඳ නරක අවබෝධ කරවන්න හැකිවන්නෙමියි ගොස් රජගෙදර දොරටුවෙහි සිට තක්සලා නුවර ඇදුරුතුමා ආවේයයි දන්වා යැවීය. රජතුමා සතුටුව බමුණා (ඇදුරුතුමා) කැඳවා ඔහු තමන් සමීපයට පැමිණි බව දුටුවිට කෝපය උපදවා ඇස් රතුකරගෙන ඇමතියන් අමතා එම්බල! අදත් මගේ ඇදුරුතුමා විසින් පහරදුන් තැන රිදෙයි. ඇදුරුතුමා නළලින් මරණය රැගෙන මැරෙන්නෙමියි ආවේය. අද මොහුට දිවි නැතැයි කියා -
“අජ්ජාපි මෙ තං මනසි, යං මං ත්වං තිලමුට්ඨියා; බාහාය මං ගහෙත්වාන, ලට්ඨියා අනුතාළයි.
අජ්ජාහි මෙතං මනසි යං මං ත්වං තිලමුට්ඨියා, බාහාය මං ගහෙත්වාන ලට්ඨියා අනුතාළයි.
“නනු ජීවිතෙ න රමසි, යෙනාසි බ්රාහ්මණාගතො; යං මං බාහා ගහෙත්වාන, තික්ඛත්තුං අනුතාළයී”ති.
නනු ජීවිතෙ න රමසි යෙනාසි බ්රාහ්මණාගතො, යං මං බාහා ගහෙත්වාන තික්ඛත්තුං අනුතාළයි
යන පළමු ගාථා දෙක කීවේය.
තලමිටක් නිසා මගේ අත් අල්ලවාගෙන ඔබ මට උණපතුරෙන් තැලුවෙහිය. අදත් ඒ දඬුවම මගේ සිතෙහි ඇත.
බමුණ! යම්බඳු මාගේ අත් අල්ලවාගෙන තෙවරක් තැලුහුද? (මෙහි) පැමිණි හෙයින් ජීවිතයෙහි නොඇලෙතියි සිතමි.
තත්ථ යං මං බාහාය මන්ති ද්වීසු පදෙසු උපයොගවචනං අනුතාළනගහණාපෙක්ඛං. යං මං ත්වං තිලමුට්ඨියා කාරණා අනුතාළයි, අනුතාළෙන්තො ච මං බාහාය ගහෙත්වා අනුතාළයි, තං අනුතාළනං අජ්ජාපි මෙ මනසීති අයඤ්හෙත්ථ අත්ථො. නනු ජීවිතෙ න රමසීති මඤ්ඤෙ ත්වං අත්තනො ජීවිතම්හි නාභිරමසි. යෙනාසි බ්රාහ්මණාගතොති යස්මා බ්‍රාහ්මණ ඉධ මම සන්තිකං ආගතොසි. යං මං බාහා ගහෙත්වානාති යං මම බාහා ගහෙත්වා, යං මං බාහාය ගහෙත්වාතිපි අත්ථො. තික්ඛත්තුං අනුතාළයීති තයො වාරෙ වෙළුලට්ඨියා තාළෙසි, අජ්ජ දානි තස්ස ඵලං වින්දාහීති නං මරණෙන සන්තජ්ජෙන්තො එවමාහ.
එහි, යං මං බාහාය මං දෙපදයෙහි දුතියා විභක්ති වචනයයි. අල්ලවාගෙන තැලීමේ අපේක්ෂාවෙන්, ඔබ යම් බඳු වූ මට තලමිටක කරුණකින් තැලුවෙහිද? තලන්නේද මාගේ දෙඅත් අල්ලවාගෙන තැලුවේය. ඒ තැලීම අදත් මාගේ සිතේ තිබේ. මේ එහි අර්ථයයි. නනු ජීවිතෙයනුනරමසී යනු නුඹ තම ජීවිතය කෙරෙහි ඇලීමක් නැත්තෙහියයි හඟිමි. යෙනාසි බ්රාහ්මණා ගතො යනු බමුණ, යම්හෙයකින් මෙහි මගේ සමීපයට ආවෙහිද එහෙයිනි. යං මං බාහා ගහෙත්වාන යනු යම්බඳු වූ මගේ දෑත් අල්ලාගෙන යන අර්ථයි. තික්ඛත්තුං අනුතාලයි යනු තුන්වරක් උණ පතුරෙන් තැලුවෙහිය. දැන් අද ඒ දඬුවමෙහි විපාකය විඳුව.
තං සුත්වා ආචරියො තතියං ගාථමාහ –
මෙසේ ඇදුරුතුමාට මරණ තර්ජන කරමින් කීවේය. ඒ අසා ඇදුරුතුමා
“අරියො අනරියං කුබ්බන්තං, යො දණ්ඩෙන නිසෙධති; සාසනං තං න තං වෙරං, ඉති නං පණ්ඩිතා විදූ”ති.
අරියො අනරියං කුබ්බානං යො දණ්ඩෙන නිසෙධති, සාසනත්ථං න තං වෙරං ඉතිනං පණ්ඩිතා විදු
යන තෙවන ගාථාව කීවේය.
යම් ආර්ය පුද්ගලයෙක් පහත් දෙයක් කරන තැනැත්තාට දඬුවම් දී එයින් දඬුවමින් වළක්වයි ද එම දඬුවම හික්මවනු පිණිසය. වෛර පිණිස නොවේ යයි පඬිවරු දනිති.
තත්ථ අරියොති සුන්දරාධිවචනමෙතං. සො පන අරියො චතුබ්බිධො හොති ආචාරඅරියො දස්සනඅරියො ලිඞ්ගඅරියො පටිවෙධඅරියොති. තත්ථ මනුස්සො වා හොතු තිරච්ඡානො වා, අරියාචාරෙ ඨිතො ආචාරඅරියො නාම. වුත්තම්පි චෙතං –
එහි, අරියො යනු මෙය සුන්දර යන්නට වචනයකි. ඒ ආර්යයා වනාහි හතර ආකාරයකි. ආචාර අරිය, දස්සන අරිය, ලිංග අරිය හා පටිවේධ අරිය යනුවෙනි. එහි, සුන්දර පැවැත්මෙහි සිටින මිනිසෙක් හෝ වේවා, තිරිසනෙක් හෝ වේවා ඔහු ‘ආචාර අරිය’ නමි.
“අරියවත්තසි වක්කඞ්ග, යො පිණ්ඩමපචායති; චජාමි තෙ තං භත්තාරං, ගච්ඡථූභො යථාසුඛ”න්ති. (ජා· 2.21.106);
අරියං වත්තසි වක්කංග යො වද්ධමපචායසි, චජාමි තෙ තං භත්තාරං ගච්ඡථුභො යථා සුඛං
යනුවෙන් මෙයද කියන ලදි.
පක්ෂිය! යම්බඳු වූ ඔබ වැඩිහිටියන් පුදහිද? එහෙයින් ඔබ ආර්යයකු මෙන් හැසිරෙහිය. ඔබේ ඒ සැමියා නිදහස් කරමි. දෙදෙනාම සැපසේ යන්න.
රූපෙන පන ඉරියාපථෙන ච පාසාදිකෙන දස්සනීයෙන සමන්නාගතො දස්සනඅරියො නාම. වුත්තම්පි චෙතං –
රූපයෙන් ද ඉරියව් පැවැත්මෙන්ද සිතේ සතුට ඇතිකරන ගතියෙන්ද මනා පෙනුමෙන්ද යුක්ත වූයේ ‘දස්සන අරිය’ නමි.
“අරියාවකාසොසි පසන්නනෙත්තො, මඤ්ඤෙ භවං පබ්බජිතො කුලම්හා; කථං නු චිත්තානි පහාය භොගෙ, පබ්බජි නික්ඛම්ම ඝරා සපඤ්ඤා”ති. (ජා· 2.17.143);
අරියාවකාසොසි පසන්නනෙත්තො, මඤ්ඤෙ භවං පබ්බජිතො කුලම්හා, කථන්නු විත්තානි පහාය භොගෙ, පබ්බජ්ජි නික්ඛම්ම ඝරා සපඤ්ඤා
යනුවෙන් මෙයද කියන ලදි.
පැහැදුනු ඇස් ඇති ඔබ ආර්යයෙක් මෙන් හැසිරෙන්නෙහිය. ඔබ උසස් කුලයකින් පැවිදි වූවෙකැයි සලකමි. නුවණ ඇති ඔබ ධනය හා භෝග අත්හැර කෙසේනම් ගිහිගෙයින් නික්ම පැවිදි වූවෙහිද?
නිවාසනපාරුපනලිඞ්ගග්ගහණෙන පන සමණසදිසො හුත්වා විචරන්තො දුස්සීලොපි ලිඞ්ගඅරියො නාම. යං සන්ධාය වුත්තං –
ඇඳීම්, පෙරවීම් වශයෙන් පැවිදි වේශය (ලිංගය) ගෙන ශ්‍රමණයෙකු සමාන වී හැසිරෙන දුස්සීලයා වුවද ‘ලිංග අරිය’ නමි.
“ඡදනං කත්වාන සුබ්බතානං, පක්ඛන්දී කුලදූසකො පගබ්භො; මායාවී අසඤ්ඤතො පලාපො, පතිරූපෙන චරං ස මග්ගදූසී”ති.
ඡදනං කත්වාන සුබ්බතානං, පක්ඛන්දී කුලදූසකො පගබ්භො, මායාවී අසඤ්ඤතො පලාපො, පතිරූපෙන චරං සමග්ගදූසී
යන්න ඒ සඳහා කියන ලදි.
මහා වෘත ඇතියවුන්ගේ පිළිරූ වෙස් ගෙන පිරිස් මැදට පනිනසුලු වූයේ නොමනා පිළිවෙතින් කුල දූෂණය කරන්නේ කාය, වාග්, මනස් නොසරුප් බුහුටිකම් ඇත්තේ කළ පව් සැඟවීම් සංඛ්‍යාත මායා ඇත්තේ සීල සංයමයෙන් සංයත නොවූයේ, හිස් වදන් ඇත්තේ ව්‍යාජයෙන් හැසිරෙන්නේද හේ මාර්ග දූෂිත වේ.
බුද්ධාදයො පන පටිවෙධඅරියා නාම. තෙන වුත්තං – “අරියා වුච්චන්ති බුද්ධා ච පච්චෙකබුද්ධා ච බුද්ධසාවකා චා”ති. තෙසු ඉධ ආචාරඅරියොව අධිප්පෙතො.
බුදුවරයන් වහන්සේලා වනාහි ‘අරිය’ නමි. බුදු, පසේබුදු, බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා ආර්යයෝ යයි කියනු ලැබෙත්. යනුවෙන් එහෙයින් කියන ලදි. ඒ ආර්යයන් සතරදෙනා අතුරින් මෙහිදී ‘ආචාර ආර්යය’ අදහස් කරනු ලැබේ.
අනරියන්ති දුස්සීලං පාපධම්මං. කුබ්බන්තන්ති පාණාතිපාතාදිකං පඤ්චවිධදුස්සීල්යකම්මං කරොන්තං, එකමෙව වා එතං අත්ථපදං, අනරියං හීනං ලාමකං පඤ්චවෙරභයකම්මං කරොන්තං පුග්ගලං. යොති ඛත්තියාදීසු යො කොචි. දණ්ඩෙනාති යෙන කෙනචි පහරණකෙන. නිසෙධතීති “මා පුන එවරූපං කරී”ති පහරන්තො නිවාරෙති. සාසනං තං න තං වෙරන්ති තං, මහාරාජ, අකත්තබ්බං කරොන්තෙ පුත්තධීතරො වා අන්තෙවාසිකෙ වා එවං පහරිත්වා නිසෙධනං නාම ඉමස්මිං ලොකෙ සාසනං අනුසිට්ඨි ඔවාදො, න වෙරං. ඉති නං පණ්ඩිතා විදූති එවමෙතං පණ්ඩිතා ජානන්ති. තස්මා, මහාරාජ, ත්වම්පි එවං ජාන, න එවරූපෙ ඨානෙ වෙරං කාතුං අරහසි. සචෙ හි ත්වං, මහාරාජ, මයා එවං සික්ඛාපිතො නාභවිස්ස, අථ ගච්ඡන්තෙ කාලෙ පූවසක්ඛලිආදීනි චෙව ඵලාඵලාදීනි ච හරන්තො චොරකම්මෙසු පලුද්ධො අනුපුබ්බෙන සන්ධිච්ඡෙදනපන්ථදූහනගාමඝාතකාදීනි කත්වා “රාජාපරාධිකො චොරො”ති සහොඩ්ඪං ගහෙත්වා රඤ්ඤො දස්සිතො “ගච්ඡථස්ස දොසානුරූපං දණ්ඩං උපනෙථා”ති දණ්ඩභයං පාපුණිස්ස, කුතො තෙ එවරූපා සම්පත්ති අභවිස්ස, නනු මං නිස්සාය ඉදං ඉස්සරියං තයා ලද්ධන්ති එවං ආචරියො රාජානං සඤ්ඤාපෙසි . පරිවාරෙත්වා ඨිතා අමච්චාපිස්ස කථං සුත්වා “සච්චං, දෙව, ඉදං ඉස්සරියං තුම්හාකං ආචරියස්සෙව සන්තක”න්ති ආහංසු.
අනරිය යනු දුසිල්, පහත් කරුණු, කුබ්බානං යනු මේ එකම අර්ථය ඇති පදය. අනාර්ය, පහත්, ලාමක, පස්පව්වලට අයත් ක්‍රියා කරන පුද්ගලයාය. යො යනු ක්ෂත්රිය ආදීන් අතුරෙන් යම්කිසිවෙක්, දණ්ඩෙන යනු දඬු ආදී පහරදීමට ගන්නා යම්කිසිවකින් මෙබන්දක් නැවත කරන්න එපා යනුවෙන් කියමින් පහරදෙමින්. නිසෙධති යනු වරදින් වළක්වයි. සාසනත්ථං නතං වෙරං යනු මහරජතුමනි! ඒ නොකළ යුතු දේ කරන දූ පුතුන්ට හෝ අතවැස්සන්ට (ශිෂ්‍යයන්ට) හෝ මෙසේ පහර දී වැළැක්වීම නම් මේ ලෝකයෙහි අවවාදයකි. වෛර කිරීමක් නොවේ. ඉතිනං පණ්ඩිතා විදූ යනු මෙසේ මෙය නුවණ ඇති අය දනිත්. ඒ නිසා මහරජතුමනි! නුඹද මෙසේ දැනගන්න. මෙබඳු තැනක වෛර කිරීම නුසුදුසුයි. ඉතින් මහරජතුමනි! මවිසින් ඔබ මෙසේ හික්මවනු නොලැබුවේනම් කල්යත්ම කැවුම් කොකිස් ආදියද පලාපල ආදියද ගෙනයමින් සොරකම්වල දැඩිව ඇලී පිළිවෙලින් ගෙවල් බිඳීම්, මංපැහැරීම්, ගම් පැහැරීම් ආදියකොට රාජ අපරාධ සොරෙකැයි කියා හොරබඩු සමගම අල්ලාගෙන රජතුමා ඉදිරියට පැමිණවූ විට යව්, මොහුට වරදට සුදුසු දඬුවම් පමුණවව්යි කී විට රජදඬුවම් ලැබීමේ බියට පත්වන්නට ඉඩ තිබුණි. ඔබවහන්සේට මෙබඳු සම්පතක් කොයින් ලැබෙන්නේද? මේ සම්පත් නුඹ විසින් ලබන ලද්දේ මා නිසා නොවේද? මෙසේ ඇදුරුතුමා රජතුමාට කරුණු අවබෝධ කරවීය. පිරිවරා සිටි ඇමතිවරු පවා ඇදුරුතුමාගේ කථාව අසා දේවයන් වහන්ස! මේ සියලු ඉසුරු නුඹවහන්සේගේ ගුරුතුමාටම අයිතියයි කීවාහුය.
තස්මිං ඛණෙ රාජා ආචරියස්ස ගුණං සල්ලක්ඛෙත්වා “සබ්බිස්සරියං තෙ, ආචරිය, දම්මි, රජ්ජං පටිච්ඡා”ති ආහ. ආචරියො “න මෙ, මහාරාජ, රජ්ජෙනත්ථො”ති පටික්ඛිපි. රාජා තක්කසිලං පෙසෙත්වා ආචරියස්ස පුත්තදාරං ආහරාපෙත්වා මහන්තං ඉස්සරියං දත්වා තමෙව පුරොහිතං කත්වා පිතුට්ඨානෙ ඨපෙත්වා තස්සොවාදෙ ඨිතො දානාදීනි පුඤ්ඤානි කත්වා සග්ගපරායණො අහොසි.
ඒ අවස්ථාවේ රජතුමා ගුරුතුමාගේ ගුණ සලකා ඇදුරුතුමනි, මේ සියලු සම්පත් ඔබට දෙමි. රාජ්‍යය පිළිගන්නයයි කීවේය. ගුරුතුමා මහරජතුමනි! මට රාජ්‍යයෙන් අර්ථයක් නැතැයි ප්‍රතික්ෂේප කෙළේය. රජතුමා (මිනිසුන්) තක්සලාවට යවා ඇදුරුතුමාගේ අඹුදරුවන් ගෙන්වාගෙන මහත් සම්පත් දී ඔහුම පෙරෙවි බමුණාකොට පිය තනතුරෙහි තබා ඔහුගේ අවවාදයෙහි සිට දානාදී පිංකොට දෙව්ලොව උපන්නේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ කොධනො භික්ඛු අනාගාමිඵලෙ පතිට්ඨහි, බහූ ජනා සොතාපන්නසකදාගාමිඅනාගාමිනො අහෙසුං. “තදා රාජා කොධනො භික්ඛු අහොසි, ආචරියො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය දේශනා කළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර කිපෙනසුළු භික්ෂුව අනාගාමී ඵලයෙහි පිහිටියේය. බොහෝදෙනා සෝවාන්, සකදාගාමී, අනාගාමි ඵලවලට පත්වූහ. එකල රජතුමා ක්‍රෝධ බහුල භික්ෂුව විය. ඇදුරුතුමා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
තිලමුට්ඨිජාතකවණ්ණනා දුතියා.