යෙදුමෙන් කියවන්න

3. මණිකණ‍්ඨජාතකවණ‍්ණනා 253 අට‍්ඨකථා

3. මණිකණ‍්ඨජාතකවණ‍්ණනා (253)

3. මණිකණ්ඨ ජාතකය (253)

මමන‍්නපානන‍්ති ඉදං සත්‍ථා ආළවිං නිස‍්සාය අග‍්ගාළවෙ චෙතියෙ විහරන‍්තො කුටිකාරසික‍්ඛාපදං (පාරා· 342) ආරබ‍්භ කථෙසි. ආළවකා හි භික‍්ඛූ සඤ‍්ඤාචිකාය කුටියො කාරයමානා යාචනබහුලා විඤ‍්ඤත‍්තිබහුලා විහරිංසු “පුරිසං දෙථ, පුරිසත්‍ථකරං දෙථා”තිආදීනි වදන‍්තා. මනුස‍්සා උපද‍්දුතා යාචනාය උපද‍්දුතා විඤ‍්ඤත‍්තියා භික‍්ඛූ දිස‍්වා උබ‍්බිජ‍්ජිංසුපි උත‍්තසිංසුපි පලායිංසුපි. අථායස‍්මා මහාකස‍්සපො ආළවිං උපසඞ‍්කමිත්‍වා පිණ‍්ඩාය පාවිසි, මනුස‍්සා ථෙරම‍්පි දිස‍්වා තථෙව පටිපජ‍්ජිංසු. සො පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො භික‍්ඛූ ආමන‍්තෙත්‍වා “පුබ‍්බායං, ආවුසො, ආළවී සුලභපිණ‍්ඩා, ඉදානි කස‍්මා දුල‍්ලභපිණ‍්ඩා ජාතා”ති පුච‍්ඡිත්‍වා තං කාරණං සුත්‍වා භගවති ආළවිං ආගන‍්ත්‍වා අග‍්ගාළවචෙතියෙ විහරන‍්තෙ භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං ආරොචෙසි. සත්‍ථා එතස‍්මිං කාරණෙ භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා ආළවකෙ භික‍්ඛූ පටිපුච‍්ඡි – “සච‍්චං කිර තුම‍්හෙ, භික‍්ඛවෙ, සඤ‍්ඤාචිකාය කුටියො කාරෙථා”ති. “සච‍්චං, භන‍්තෙ”ති වුත‍්තෙ තෙ භික‍්ඛූ ගරහිත්‍වා “භික‍්ඛවෙ, යාචනා නාමෙසා සත‍්තරතනපරිපුණ‍්ණෙ නාගභවනෙ වසන‍්තානං නාගානම‍්පි අමනාපා, පගෙව මනුස‍්සානං, යෙසං එකං කහාපණකං උප‍්පාදෙන‍්තානං පාසාණතො මංසං උප‍්පාටනකාලො විය හොතී”ති වත්‍වා අතීතං ආහරි.

මමන්නපාණං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ අලව්නුවර අග්ගාලව චෛත්‍ය ස්ථානයෙහි වාසය කරන සේක් කුටිකාර ශික්‍ෂාපදය අරබයා වදාළ සේක. අලව්නුවර වාසී භික්‍ෂූහු උපකරණ ඉල්ලාගෙන කුටි කරවමින් පුරුෂයකු දෙන්න, අත්වැඩ දෙන්න ආදිය කියමින් ඉල්ලීම් බහුලව වාසය කළහ. ඉල්ලීමෙන් පීඩාවට පත්වූ මිනිස්සු භික්‍ෂූන් දැක බියපත් වූහ. තැති ගත්හ. පලාගියහ. ඉක්බිති ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ අලව් නුවරට එළඹ පිඬු පිණිස වැඩි සේක. මිනිස්සු තෙරුන් වහන්සේද දැක එසේම පිළිපැද්දාහුය. උන්වහන්සේ දන් වළඳා හවස්වරුවෙහි භික්‍ෂූන් අමතා ඇවැත්නි, පෙර නම් අලව් නුවර පිණ්ඩපාතය සුලබයි. දැන් පිණ්ඩපාතය දුලබ වූයේ ඇයිදැයි විචාරා ඒ කාරණය අසා බුදුරජාණන් වහන්සේ අලව් නුවරින් වැඩමවා අග්ගාලවක චෛත්‍යස්ථානයේ වැඩවාසය කරද්දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ මෙම කරුණ දැන්වූහ. බුදුරජාණන් වහන්සේ මේ කරුණෙහිලා භික්‍ෂු සංඝයා රැස්කරවා අලව්නුවර වැසි භික්‍ෂූන්ගෙන් ඇත්තද මහණෙනි, නුඹලා උපකරණ ඉල්ලාගෙන කුටි කරව්දැයි විමසූහ. ඇත්තයි ස්වාමීනියි කී කල්හි ඒ භික්‍ෂූන්ට ගරහා මහණෙනි, මේ ඉල්ලීම නම් සත්රුවන් පිරි නාග භවනෙහි වසන නාගයන්ට පවා අමනාප දෙයකි. මිනිසුන් ගැන කියනුම කවරේද? එක් කහවණුවක් උපයාගන්නා අයට ගලකින් මස් උපුටාගන්නා කාලයක් මෙන් වේයයි වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො මහාවිභවෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්ති. තස‍්ස ආධාවිත්‍වා පරිධාවිත්‍වා විචරණකාලෙ අඤ‍්ඤොපි පුඤ‍්ඤවා සත‍්තො තස‍්ස මාතු කුච‍්ඡිස‍්මිං නිබ‍්බත‍්ති. තෙ උභොපි භාතරො වයප‍්පත‍්තා මාතාපිතූනං කාලකිරියාය සංවිග‍්ගහදයා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා ගඞ‍්ගාතීරෙ පණ‍්ණසාලං මාපෙත්‍වා වසිංසු. තෙසු ජෙට‍්ඨස‍්ස උපරිගඞ‍්ගාය පණ‍්ණසාලා අහොසි, කනිට‍්ඨස‍්ස අධොගඞ‍්ගාය. අථෙකදිවසං මණිකණ‍්ඨො නාම නාගරාජා නාගභවනා නික‍්ඛමිත්‍වා ගඞ‍්ගාතීරෙ මාණවකවෙසෙන විචරන‍්තො කනිට‍්ඨස‍්ස අස‍්සමං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි, තෙ අඤ‍්ඤමඤ‍්ඤං සම‍්මොදනීයකථං කථෙත්‍වා විස‍්සාසිකා අහෙසුං, විනා වත‍්තිතුං නාසක‍්ඛිංසු. මණිකණ‍්ඨො අභිණ‍්හං කනිට‍්ඨතාපසස‍්ස සන‍්තිකං ආගන‍්ත්‍වා කථාසල‍්ලාපෙන නිසීදිත්‍වා ගමනකාලෙ තාපසෙ සිනෙහෙන අත‍්තභාවං විජහිත්‍වා භොගෙහි තාපසං පරික‍්ඛිපන‍්තො පරිස‍්සජිත්‍වා උපරිමුද‍්ධනි මහන‍්තං ඵණං ධාරෙත්‍වා ථොකං වසිත්‍වා තං සිනෙහං විනොදෙත්‍වා සරීරං විනිවෙඨෙත්‍වා තාපසං වන්‍දිත්‍වා සකට‍්ඨානමෙව ගච‍්ඡති. තාපසො තස‍්ස භයෙන කිසො අහොසි ලූඛො දුබ‍්බණ‍්ණො උප‍්පණ‍්ඩුප‍්පණ‍්ඩුකජාතො ධමනිසන්‍ථතගත‍්තො.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ මහත් සම්පත් ඇති බමුණු කුලයක උපන් සේක. ඔහු දුවපැන ඇවිදින කාලයේ තවත් පින් ඇති සත්ත්වයෙක් ඔහුගේ මවගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඒ දෙදෙනාම වැඩිවියට පත්ව මව්පියන්ගේ කාලක්‍රියාවෙන් සංවේගයට පත් සිත් ඇතිව සෘෂි පැවිද්දෙන් පැවිදිව ගංතෙර පන්සලක් සාදාගෙන විසූහ. ඔවුන්ගෙන් වැඩිමලාගේ පන්සල ගඟ ඉහළ විය. බාලයාගේ පන්සලක් ගඟ පහළ විය. ඉක්බිති එක්දිනක් මණිකණ්ඨ නම් නාරජ භවනයෙන් නික්මී තරුණ මිනිස් වෙසින් ගංතෙර හැසිරෙන්නේ කණිටු සහෝදරයාගේ අසපුවට ගොස් වැඳ එකත්පසෙක හුන්නේය. ඔවුහු ඔවුනොවුන් සතුටු සාමීචි කතාකොට හිතවත් වූහ. වෙන්ව විසීමට නොහැකි වූහ. මණිකණ්ඨ නාරජු නිතර නිතර කණිටු තවුසා සමීපයට අවුත් කථාබස් කරමින් සිට යන්නට සූදානම් වු අවස්ථාවේ තවුසාට ස්නේහයෙන් මිනිස් සිරුර අත්හාර දරණ වැලින් තාපසයා වෙළාගනිමින් වැළඳගෙන තාපසයාගේ හිස මත මහත් වූ පෙණය තබාගෙන ටික වේලාවක් නිදාගෙන ස්නේහය සංසිඳුවා තාපසයාගේ සිරුරෙන් දරණවැල ඉවත්කොට තාපසයාට වැඳ සිය භවනටම යයි. තාපසයා නාගයාට බියෙන් නොසියුම් වූයේ, දුර්වර්ණ වූයේ, සුදුමැලි වී පඬුවන් පැහැ ඇතිවූයේ නහර මතුව සිරුර ඇති වූයේ කෙට්ටු විය.

සො එකදිවසං භාතු සන‍්තිකං අගමාසි. අථ නං සො පුච‍්ඡි – “කිස‍්ස, ත්‍වං භො, කිසො ලූඛො දුබ‍්බණ‍්ණො උප‍්පණ‍්ඩුප‍්පණ‍්ඩුකජාතො ධමනිසන්‍ථතගත‍්තො”ති. සො තස‍්ස තං පවත‍්තිං ආරොචෙත්‍වා “කිං පන, ත්‍වං භො, තස‍්ස නාගරාජස‍්ස ආගමනං ඉච‍්ඡසි, න ඉච‍්ඡසී”ති පුට‍්ඨො “න ඉච‍්ඡාමී”ති වත්‍වා “සො පන නාගරාජා තව සන‍්තිකං ආගච‍්ඡන‍්තො කිං පිළන්‍ධනං පිළන්‍ධිත්‍වා ආගච‍්ඡතී”ති වුත‍්තෙ “මණිරතන”න‍්ති ආහ. තෙන හි ත්‍වං තස‍්මිං නාගරාජෙ තව සන‍්තිකං ආගන‍්ත්‍වා අනිසින‍්නෙයෙව “මණිං මෙ දෙහී”ති යාච, එවං සො නාගො තං භොගෙහි අපරික‍්ඛිපිත්‍වාව ගමිස‍්සති. පුනදිවසෙ අස‍්සමපදද‍්වාරෙ ඨත්‍වා ආගච‍්ඡන‍්තමෙව නං යාචෙය්‍යාසි, තතියදිවසෙ ගඞ‍්ගාතීරෙ ඨත්‍වා උදකා උම‍්මුජ‍්ජන‍්තමෙව නං යාචෙය්‍යාසි, එවං සො තව සන‍්තිකං පුන න ආගමිස‍්සතීති.

ඔහු දිනක් සහෝදරයා සමීපයට ගියේය. එවිට වැඩිහිටි සහෝදරයා සොයුර, ඔබ මෙසේ රළු වී දුර්වර්ණ වී පඬුවන් පැහැ ඇතිවී නහර ඉල්පී කෙට්ටු වූයේ කුමක් නිසාදැයි විචාළේය. කණිටු තවුසා ඔහුට ඒ පුවත කියා සිටිවිට, සොයුර! කිම ඔබ ඒ නයාගේ පැමිණීම කැමතිද, අකමැතිදැයි විචාළවිට අකමැතියයි කීවේය. ඒ නාගරාජයා නුඹ ළඟට එන්නේ කුමන පළඳනාවක් පැළඳගෙනදැයි කී කල්හි මැණිකක් යැයි කීවේය. එසේනම් නුඹ ඒ නාරජු නුඹ සමීපයට පැමිණ හිඳගන්නට කලින්ම මට මැණික දෙන්නැයි ඉල්ලව, එවිට ඒ නාගයා නුඹව දරණවැලින් වටනොකරම යන්නේය. දෙවන දවසේ අසපු දොරටුව ළඟ සිට ඌ එද්දීම ඉල්ලන්න. තුන්වන දවසේ ගංතෙර සිට දියෙන් මතුවනකොටම එය ඉල්ලන්න. මෙසේ නාගයා නුඹ සමීපයට නැවත නොඑන්නේයැයි කීවේය.

තාපසො “සාධූ”ති පටිස‍්සුණිත්‍වා අත‍්තනො පණ‍්ණසාලං ගන‍්ත්‍වා පුනදිවසෙ නාගරාජානං ආගන‍්ත්‍වා ඨිතමත‍්තමෙව “එතං අත‍්තනො පිළන්‍ධනමණිං මෙ දෙහී”ති යාචි, සො අනිසීදිත්‍වාව පලායි. අථ නං දුතියදිවසෙ අස‍්සමපදද‍්වාරෙ ඨත්‍වා ආගච‍්ඡන‍්තමෙව “හිය්‍යො මෙ මණිරතනං නාදාසි, අජ‍්ජ දානං ලද‍්ධුං වට‍්ටතී”ති ආහ. නාගො අස‍්සමපදං අපවිසිත්‍වාව පලායි. තතියදිවසෙ උදකතො උම‍්මුජ‍්ජන‍්තමෙව නං “අජ‍්ජ මෙ තතියො දිවසො යාචන‍්තස‍්ස, දෙහි දානි මෙ එතං මණිරතන”න‍්ති ආහ. නාගරාජා උදකෙ ඨත්‍වාව තාපසං පටික‍්ඛිපන‍්තො ද‍්වෙ ගාථා ආහ –

තාපසයා, යහපතැයි පිළිගෙන තමන්ගේ අසපුවට ගොස් දෙවන දවසේ නාරජු පැමිණ සිටි විටම මට මේ පළඳනා මැණික දෙවයි ඉල්ලීය. නාරජ හිඳ නොගෙනම පලාගියේය. ඉක්බිති දෙවන දවසේ අසපු දොරටුවෙහි හිඳ ඌ එද්දීම, ඊයේත් මට මැණික නොදුන්නේය. අදවත් ලැබුණොත් හොඳයයි කීවේය. නාගයා අසපුවට නොපිවිසම පලා ගියේය. තුන්වන දවසේ ඌ දියෙන් මතුවෙද්දීම අද තුන්වන දවසයි. ඉල්ලන්නා හට මේ මැණික දැන්වත් දෙවයි කීවේය. නාරජු දියෙහි සිටම තාපසයා ප්‍රතික්‍ෂේප කරමින්

“මමන‍්නපානං විපුලං උළාරං, උප‍්පජ‍්ජතීමස‍්ස මණිස‍්ස හෙතු; තං තෙ න දස‍්සං අතියාචකොසි, න චාපි තෙ අස‍්සමමාගමිස‍්සං.

මමන්නපාණං විපුලං උළාරං, උප්පජ්ජ තී මස්ස මණිස්ස හෙතු, තං තෙ නදස්සං අතියාච කොසි, න චාපි තෙ අස්සමං ආගමිස්සං

“සුසූ යථා සක‍්ඛරධොතපාණී, තාසෙසිමං සෙලං යාචමානො; තං තෙ න දස‍්සං අතියාචකොසි, න චාපි තෙ අස‍්සමමාගමිස‍්ස”න‍්ති.

සුසූ යථා සක්ඛර ධොතපාණි, තාසෙසි මං සෙලං යාවමානො, තං තෙ න දස්සං අතියාචකොසි, න චාපි තෙ අස්සමං ආගමිස්සං

යන ගාථා දෙක කීවේය.

මේ මාණික්‍යය රත්නය නිසා මට උදාර වූ බොහෝ ආහාරපාන පහළ වේ. තොපට එය නොදෙමි. ඔබ පමණ ඉක්මවා ඉල්ලන්නෙහිය. එසේ හෙයින් තොපගේ අසපුවටද යළි නො එන්නෙමි.

තෙල් ගලෙහි ගා මුවහත් කළ කඩුවක් ගත් තරුණයෙකු මෙන් තොපි මැණික් ගල ඉල්ලමින් මා තැති ගැන්වූහ. ඔබ අධිකව ඉල්ලන්නෙහිය. තොපට එය නොදෙමි. තොපගේ අසපුවටද යළි නො එන්නෙමි.

තත්‍ථ මමන‍්නපානන‍්ති මම යාගුභත‍්තාදිදිබ‍්බභොජනං අට‍්ඨපානකභෙදඤ‍්ච දිබ‍්බපානං. විපුලන‍්ති බහු. උළාරන‍්ති සෙට‍්ඨං පණීතං. තං තෙති තං මණිං තුය‍්හං. අතියාචකොසීති කාලඤ‍්ච පමාණඤ‍්ච අතික‍්කමිත්‍වා අජ‍්ජ තීණි දිවසානි මය‍්හං පියං මනාපං මණිරතනං යාචමානො අතික‍්කම‍්ම යාචකොසි. න චාපි තෙති න කෙවලං න දස‍්සං, අස‍්සමම‍්පි තෙ නාගමිස‍්සං. සුසූ යථාති යථා නාම යුවා තරුණමනුස‍්සො. සක‍්ඛරධොතපාණීති සක‍්ඛරාය ධොතපාණි, තෙලෙන පාසාණෙ ධොතඅසිහත්‍ථො. තාසෙසිමං සෙලං යාචමානොති ඉමං මණිං යාචන‍්තො ත්‍වං කඤ‍්චනථරුඛග‍්ගං අබ‍්බාහිත්‍වා “සීසං තෙ ඡින්‍දාමී”ති වදන‍්තො තරුණපුරිසො විය මං තාසෙසි.

එහි, මමන්නපාණං යනු මගේ කැඳබත් ආදී දිවබොජුන් ද දිව්‍යමය අෂ්ටපානද, විපුලං යනු බොහෝ, උළාරං යනු ශ්‍රේෂ්ඨ, ප්‍රණීත. තං තෙ යනු ඒ මැණික තොපට, අතියාචකොසි යනු කාලයද ප්‍රමාණයද ඉක්මවා අදට තුන් දවසක් මට ප්‍රියමනාප මැණික් රත්නය ඉල්ලමින් ප්‍රමාණය ඉක්මවූ යාචකයෙක් වෙහි. නචාපි තෙ යනු මැණික නොදෙනු පමණක් නොව ඔබේ අසපුවටත් නොඑන්නෙමි. සූසූ යථා යම් යෞවනයෙක්, තරුණ මිනිසෙක් යම්සේ ද. සක්ඛරධොන පාණි යනු ගලෙහි මුවහත් කළ අත් ඇති, තෙල් ගලෙහි මුවහත් කළ කඩුව ගත් අත් ඇති යන අර්ථයි. තාසෙසි මං සෙලං යාචමානො මේ මැණික ඉල්ලමින් නුඹ රනින් කළ මිටක් ඇති කඩුව (කොපුවෙන්) ගෙන ඔසවා ඔබේ හිස ගසාදමමියි කියන තරුණයකු මෙන් මා තැති ගැන්වූවෙහි.

එවං වත්‍වා සො නාගරාජා උදකෙ නිමුජ‍්ජිත්‍වා අත‍්තනො නාගභවනමෙව ගන‍්ත්‍වා න පච‍්චාගඤ‍්ඡි. අථ සො තාපසො තස‍්ස දස‍්සනීයස‍්ස නාගරාජස‍්ස අදස‍්සනෙන භිය්‍යොසොමත‍්තාය කිසො අහොසි ලූඛො දුබ‍්බණ‍්ණො උප‍්පණ‍්ඩුප‍්පණ‍්ඩුකජාතො ධමනිසන්‍ථතගත‍්තො. අථ ජෙට‍්ඨතාපසො “කනිට‍්ඨස‍්ස පවත‍්තිං ජානිස‍්සාමී”ති තස‍්ස සන‍්තිකං ආගන‍්ත්‍වා තං භිය්‍යොසොමත‍්තාය පණ‍්ඩුරොගිනං දිස‍්වා “කිං නු ඛො, භො, ත්‍වං භිය්‍යොසොමත‍්තාය පණ‍්ඩුරොගී ජාතො”ති වත්‍වා “තස‍්ස දස‍්සනීයස‍්ස නාගරාජස‍්ස අදස‍්සනෙනා”ති සුත්‍වා “අයං තාපසො නාගරාජානං විනා වත‍්තිතුං න සක‍්කොතී”ති සල‍්ලක‍්ඛෙත්‍වා තතියං ගාථමාහ –

මෙසේ කියා ඒ නාරජ දියෙහි ගිලී තමන්ගේ නාග භවනටම ගොස් නැවත නො ආවේය. ඉක්බිති ඒ තාපසයා ඒ දැකුම්කලු නාරජුගේ නොදැකීමෙන් වඩාත්ම කෙට්ටු විය. රූක්‍ෂ විය. දුර්වර්ණ විය. පඬුවන් පැහැ විය. ඉල්පුනු නහර ඇත්තේ විය. ඉක්බිති දෙටු තවුසා කණිටු තවුසාගේ තොරතුරු දැනගන්නෙමියි ඔහු සමීපයට අවුත් බොහෝ සෙයින් පාණ්ඩුරෝගී වූ ඔහු දැක, පින්වත නුඹ කුමක් නිසා වඩාත්ම පාණ්ඩු රෝගියෙක් වූයෙහිදැයි කියා ඒ දැකුම්කලු නාරජුගේ නොදැකීමෙන් යයි අසා මේ තාපසයා නාරජුගෙන් තොරව පැවැත්මට නොහැකියැයි සලකා -

“න තං යාචෙ යස‍්ස පියං ජිගීසෙ, දෙස‍්සො හොති අතියාචනාය; නාගො මණිං යාචිතො බ්‍රාහ‍්මණෙන, අදස‍්සනංයෙව තදජ‍්ඣගමා”ති.

න තං යාචෙ යස්ස පියං ජිගිංසෙ, දෙස්සො හොති අතියාචනාය, නාගො මණිං යාචිතො බ්‍රාහ්මණෙන, අදස්සනං යෙව තදජ්ඣ ගමා

යන තුන්වන ගාථාව කීවේය.

යමෙකුට යමක් ප්‍රියයයි දන්නේද, එය නොඉල්ලන්නේය. අධික යාචනයෙන් ද්වේෂය ඇතිවේ. බමුණහු විසින් මැණික අයදනා ලද නාරජු එතැන් පටන් නොදැක්මට මැ පැමිණියේයි.

තත්‍ථ න තං යාචෙති තං භණ‍්ඩං න යාචෙය්‍ය. යස‍්ස පියං ජිගීසෙති යං භණ‍්ඩං අස‍්ස පුග‍්ගලස‍්ස පියන‍්ති ජානෙය්‍ය. දෙස‍්සො හොතීති අප‍්පියො හොති. අතියාචනායාති පමාණං අතික‍්කමිත්‍වා වරභණ‍්ඩං යාචන‍්තො තාය අතියාචනාය. අදස‍්සනංයෙව තදජ‍්ඣගමාති තතො පට‍්ඨාය අදස‍්සනමෙව ගතොති.

එහි, න තං යාචෙ යනු ඒ භාණ්ඩය නොඉල්ලන්නේය. යස්ස පියං ජිගිංසෙ යනු යම් භාණ්ඩයක් යම් පුද්ගලයෙකුට ප්‍රියයයි දන්නේ නම්, දෙස්සො හොති යනු අප්‍රිය වේ. අතියාචනාය යනු පමණ ඉක්මවා උතුම් භාණ්ඩයක් ඉල්ලමින්, ඒ පමණ ඉක්මවා ඉල්ලීමෙන්, අදස්සනංයෙව තදජ්ඣගමා යනු එතැන් පටන් නොදැක්මටම ගියේය.

එවං පන තං වත්‍වා “ඉතො දානි පට‍්ඨාය මා සොචී”ති සමස‍්සාසෙත්‍වා ජෙට‍්ඨභාතා අත‍්තනො අස‍්සමමෙව ගතො. අථාපරභාගෙ තෙ ද‍්වෙපි භාතරො අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා බ්‍රහ‍්මලොකපරායණා අහෙසුං.

ඔහුට මෙසේ කියා මෙතැන් පටන් සෝක නොකරන්නැයි අස්වසා දෙටු සොයුරා තමන්ගේ අසපුවටම ගියේය. ඉක්බිති පසුකලෙක ඒ සහෝදරයෝ දෙදෙනාම අභිඤ්ඤා ද සමාපත්ති ද උපදවා බඹලොව උපන්නාහුය.

සත්‍ථා “එවං, භික‍්ඛවෙ, සත‍්තරතනපරිපුණ‍්ණෙ නාගභවනෙ වසන‍්තානං නාගානම‍්පි යාචනා නාම අමනාපා, කිමඞ‍්ගං පන මනුස‍්සාන”න‍්ති ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කනිට‍්ඨො ආනන්‍දො අහොසි, ජෙට‍්ඨො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මෙසේ මහණෙනි! සත්රුවන් වලින් පිරුණු නාලොව වසන නාගයන්ට පවා ඉල්ලීම ප්‍රියමනාප නොවේ. මිනිසුන් ගැන කියනුම කවරේද? මේ දම්දෙසුම ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල කණිටු තවුසා ආනන්දය. දෙටු තවුසා මම ම වූයෙමි යි වදාළ සේක.

මණිකණ‍්ඨජාතකවණ‍්ණනා තතියා.