යෙදුමෙන් කියවන්න

4. කුණ‍්ඩකකුච‍්ඡිසින්‍ධවජාතකවණ‍්ණනා 254 අට‍්ඨකථා

4. කුණ‍්ඩකකුච‍්ඡිසින්‍ධවජාතකවණ‍්ණනා (254)

4. කුණ්ඩකකුච්ඡි සින්‍ධව ජාතකය (254)

භුත්‍වා තිණපරිඝාසන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සාරිපුත‍්තත්‍ථෙරං ආරබ‍්භ කථෙසි. එකස‍්මිඤ‍්හි සමයෙ සම‍්මාසම‍්බුද‍්ධෙ සාවත්‍ථියං වස‍්සං වසිත්‍වා චාරිකං චරිත්‍වා පුන පච‍්චාගතෙ මනුස‍්සා “ආගන‍්තුකසක‍්කාරං කරිස‍්සාමා”ති බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං දදන‍්ති. විහාරෙ එකං ධම‍්මඝොසකභික‍්ඛුං ඨපෙසුං, සො යෙ යෙ ආගන‍්ත්‍වා යත‍්තකෙ භික‍්ඛූ ඉච‍්ඡන‍්ති, තෙසං තෙසං භික‍්ඛූ විචාරෙත්‍වා දෙති.

භුත්‍වා තිණ පරීඝාසං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් සැරියුත් මහතෙරුන් වහන්සේ අරබයා වදාළ සේක. එක් සමයෙක්හි සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වස් වැස චාරිකාවෙහි හැසිර ආපසු වැඩිය කල මිනිස්සු ආගන්තුක සත්කාර කරන්නෙමුයි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහ සඟනට දන් දෙත්. විහාරයේ එක්තරා ධර්ම ඝෝෂක භික්‍ෂුවක් තැබූහ. හෙතෙම යම් යම් අය අවුත් යම් යම් ප්‍රමාණයක භික්‍ෂු පිරිසක් කැමති වෙත්ද (ඉල්ලත්ද) ඒ ඒ අයට භික්‍ෂූන් තෝරා ලබාදෙයි.

අථෙකා දුග‍්ගතමහල‍්ලිකා ඉත්‍ථී එකමෙව පටිවීසං සජ‍්ජෙත්‍වා තෙසං තෙසං මනුස‍්සානං භික‍්ඛූසු විචාරෙත්‍වා දින‍්නෙසු උස‍්සූරෙ ධම‍්මඝොසකස‍්ස සන‍්තිකං ආගන‍්ත්‍වා “මය‍්හං එකං භික‍්ඛුං දෙථා”ති ආහ. සො “මයා සබ‍්බෙ භික‍්ඛූ විචාරෙත්‍වා දින‍්නා, සාරිපුත‍්තත්‍ථෙරො පන විහාරෙයෙව, ත්‍වං තස‍්ස භික‍්ඛං දෙහී”ති ආහ. සා “සාධූ”ති තුට‍්ඨචිත‍්තා ජෙතවනද‍්වාරකොට‍්ඨකෙ ඨත්‍වා ථෙරස‍්ස ආගතකාලෙ වන්‍දිත්‍වා හත්‍ථතො පත‍්තං ගහෙත්‍වා ඝරං නෙත්‍වා නිසීදාපෙසි. “එකාය කිර මහල‍්ලිකාය ධම‍්මසෙනාපති අත‍්තනො ඝරෙ නිසීදාපිතො”ති බහූනි සද‍්ධානි කුලානි අස‍්සොසුං. තෙසු රාජා පස‍්සෙනදී කොසලො තං පවත‍්තිං සුත්‍වා තස‍්සා සාටකෙන චෙව සහස‍්සත්‍ථවිකාය ච සද‍්ධිං භත‍්තභාජනානි පහිණි “මය‍්හං අය්‍යං පරිවිසමානා ඉමං සාටකං නිවාසෙත්‍වා ඉමෙ කහාපණෙ වළඤ‍්ජෙත්‍වා ථෙරං පරිවිසතූ”ති. යථා ච රාජා, එවං අනාථපිණ‍්ඩිකො චූළඅනාථපිණ‍්ඩිකො විසාඛා ච මහාඋපාසිකා පහිණි. අඤ‍්ඤානිපි පන කුලානි එකසතද‍්විසතාදිවසෙන අත‍්තනො අත‍්තනො බලානුරූපෙන කහාපණෙ පහිණිංසු. එවං එකාහෙනෙව සා මහල‍්ලිකා සතසහස‍්සමත‍්තං ලභි. ථෙරො පන තාය දින‍්නයාගුමෙව පිවිත්‍වා තාය කතඛජ‍්ජකමෙව පක‍්කභත‍්තමෙව ච පරිභුඤ‍්ජිත්‍වා අනුමොදනං කත්‍වා තං මහල‍්ලිකං සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාපෙත්‍වා විහාරමෙව අගමාසි.

ඉක්බිති එක්තරා දුප්පත් මහලු ස්ත්‍රියක් එක් නමකට පමණක් දානය සකස්කොට ඒ ඒ මිනිසුන්ට භික්‍ෂූන් තෝරා ලබාදුන් කල උදෑසන ධර්ම ඝෝෂක භික්‍ෂුව වෙතට ගොස් මට එක භික්‍ෂුවක් දෙන්නැයි කියා ඉල්ලුවාය. සැරියුත් මහතෙරුන් වහන්සේ පමණක් විහාරයේ සිටිති. ඒ භික්‍ෂුව මා විසින් සියලු භික්‍ෂූහු තෝරා දෙන ලදහ. ඔබතුමිය උන්වහන්සේට දානය දෙවයි කීහ. ඈ යහපතියි සතුටු සිත් ඇත්තී ජේතවනාරාමයේ දොර කොටුවෙහි සිට තෙරුන් වහන්සේ වැඩමකළ අවස්ථාවේ වැඳ අතින් පාත්‍රය ගෙන ගෙට වැඩමවා වඩා හිඳවූවාය. එක් මහලු තැනැත්තියක විසින් දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ තමන්ගේ නිවසෙහි වඩා හිඳවූ සේකැයි බොහෝ සැදැහැතියෝ ඇසූහ. ඔවුන් අතර පසේනදී කොසොල් මහරජතුමා ඒ පුවත අසා ඒ ස්ත්‍රියට මගේ ආර්යයන් වහන්සේට වළඳවන විට මේ සළුව ඇඳගෙන මේ කහවණු වියදම්කොට තෙරුන් වහන්සේට වළඳවන්නැයි කියා සළුවක්ද කහවණු දහසක්ද සමග දන් පිසින බඳුන්ද යැවීය. රජතුමා මෙන්ම අනේපිඬු සිටුතුමාද, සුළු අනේපිඬු සිටුතුමාද විශාකා මහෝපාසිකාවද අවශ්‍ය දෑ යැවූහ. සෙසු කුලවල අයද කහවණු සියය, දෙසීය ආදී වශයෙන් තම තමන්ට හැකි පමණින් කහවණු යැවූහ. මෙසේ එක් දිනකින්ම ඒ මහලු ස්ත්‍රිය කහවණු ලක්‍ෂයක් ලැබුවාය. තෙරුන් වහන්සේ ඇය විසින් දෙන ලද කැඳ පමණක් වළඳා, ඇය විසින් සකස් කළ කැවිලි වර්ගද පිසූ දානයද වළඳා අනුමෝදනා පවත්වා මහලු තැනැත්තිය සෝවාන් ඵලයෙහි පිහිටුවා විහාරයටම වැඩි සේක.

ධම‍්මසභායං භික‍්ඛූ ථෙරස‍්ස ගුණකථං සමුට‍්ඨාපෙසුං – “ආවුසො, ධම‍්මසෙනාපති මහල‍්ලිකගහපතානිං දුග‍්ගතභාවතො මොචෙසි, පතිට‍්ඨා අහොසි. තාය දින‍්නමාහාරං අජිගුච‍්ඡන‍්තො පරිභුඤ‍්ජී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, සාරිපුත‍්තො ඉදානෙව එතිස‍්සා මහල‍්ලිකාය අවස‍්සයො ජාතො, න ච ඉදානෙව තාය දින‍්නං ආහාරං අජිගුච‍්ඡන‍්තො පරිභුඤ‍්ජති, පුබ‍්බෙපි පරිභුඤ‍්ජියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

දම්සභාවෙහිදී භික්‍ෂූන් වහන්සේලා තෙරුන් වහන්සේලා පිළිබඳව “ඇවැත්නි! දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ මහලු ගෘහපතිනිය දුගී භාවයෙන් මිදෙව් සේක. පිහිටක් වූ සේක. ඇය විසින් පිළිගන්වනු ලැබූ ආහාරපාන පිළිකුල් නොකොට වැළඳූ සේක යනුවෙන් ගුණ කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මා එන්නට පෙර මෙහි කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන්යයි කී කල්හි මහණෙනි! සැරියුත් මේ මහලු ස්ත්‍රියට පිහිට වූයේ දැන් පමණක් නොවේ. ඇය විසින් දෙන ලද ආහාර පිළිකුල් නොකර වැළඳුවේ දැන් පමණක් නොවේ. පෙරත් වැළඳුවේයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො උත‍්තරාපථෙ අස‍්සවාණිජකුලෙ නිබ‍්බත‍්ති. උත‍්තරාපථජනපදතො පඤ‍්චසතා අස‍්සවාණිජා අස‍්සෙ බාරාණසිං ආනෙත්‍වා වික‍්කිණන‍්ති. අඤ‍්ඤතරොපි අස‍්සවාණිජො පඤ‍්චඅස‍්සසතානි ආදාය බාරාණසිමග‍්ගං පටිපජ‍්ජි. අන‍්තරාමග‍්ගෙ ච බාරාණසිතො අවිදූරෙ එකො නිගමගාමො අත්‍ථි, තත්‍ථ පුබ‍්බෙ මහාවිභවො සෙට‍්ඨි අහොසි. තස‍්ස මහන‍්තං නිවෙසනං, තං පන කුලං අනුක‍්කමෙන පරික‍්ඛයං ගතං, එකාව මහල‍්ලිකා අවසිට‍්ඨා, සා තස‍්මිං නිවෙසනෙ වසති. අථ සො අස‍්සවාණිජො තං නිගමගාමං පත්‍වා “වෙතනං දස‍්සාමී”ති තස‍්සා නිවෙසනෙ නිවාසං ගණ‍්හිත්‍වා අස‍්සෙ එකමන‍්තෙ ඨපෙසි. තංදිවසමෙවස‍්ස එකිස‍්සා ආජානීයාවළවාය ගබ‍්භවුට‍්ඨානං අහොසි. සො ද‍්වෙ තයො දිවසෙ වසිත්‍වා අස‍්සෙ බලං ගාහාපෙත්‍වා “රාජානං පස‍්සිස‍්සාමී”ති අස‍්සෙ ආදාය පායාසි. අථ නං මහල‍්ලිකා “ගෙහවෙතනං දෙහී”ති වත්‍වා “සාධු, අම‍්ම, දෙමී”ති වුත‍්තෙ “තාත, වෙතනං මෙ දදමානො ඉමම‍්පි අස‍්සපොතකං වෙතනතො ඛණ‍්ඩෙත්‍වා දෙහී”ති ආහ. වාණිජො තථා කත්‍වා පක‍්කාමි. සා තස‍්මිං අස‍්සපොතකෙ පුත‍්තසිනෙහං පච‍්චුපට‍්ඨපෙත්‍වා අවස‍්සාවනඣාමකභත‍්තවිඝාසතිණානි දත්‍වා තං පටිජග‍්ගි.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ උත්තරා පථයෙහි වෙළඳ කුලයෙහි උපන් සේක. උත්තරා පථ ජනපදවාසී පන්සියයක් අස්වෙළෙන්දෝ බරණැසට අසුන් ගෙනවුත් විකුණත්. තවත් අස් වෙළෙන්දෙක්ද පන්සියයක් අසුන් ගෙනවුත් බරණැසට යන මගට පිළිපන්නේය. අතරමග බරණැසට නුදුරෙහි එක් නියම්ගමක් ඇත. එහි පෙර මහා සම්පත් තිබූ සිටුවරයෙක් සිටියේය. ඔහුට විශාල ගෙයක් විය. ඒ කුලය ටිකෙන් ටික පරිහානියට ගියේය. එක් මහලු තැනැත්තියක් ඉතිරි වූවාය. ඈ ඒ මාලිගාවේ වාසය කරයි. ඉක්බිති ඒ අස් වෙළෙන්දා ඒ නියම්ගමට පැමිණ කුලිය දෙන්නෙමියි කියා ඒ ගෙයි නවාතැන් ගෙන අසුන් එකත්පසෙක නතර කරවීය. එදවසම ඔහුගේ එක් ආජානීය වෙළඹකට පැටවෙකු ලැබුණේය. ඔහු දෙතුන් දවසක් වාසය කොට රජු දකින්නෙමියි අසුන් රැගෙන පිටත් විය. ඉක්බිති මහලු තැනැත්තිය ඔහුට ගෙවල් කුලිය දෙන්නැයි කියා හොඳයි, අම්මේ දෙමියි කී කල්හි දරුව! මට කුලිය දෙනවිට මේ අස් පැටවාගේ වටිනාකම කුලියෙන් අඩු කරගෙන දෙවයි කීවාය. වෙළෙන්දා එසේ කොට ගියේය. ඒ තැනැත්තිය ඒ අස් පැටවා කෙරෙහි පුත් සෙනෙහස උපදවාගෙන බත් කැඳ ද ඉතිරිවන බත් දන්කුඩද (අන් සතුන් කා) ඉතිරිවන ඉඳුල් තණකොළද දී ඌ පෝෂණය කරන්නීය.

අථාපරභාගෙ බොධිසත‍්තො පඤ‍්ච අස‍්සසතානි ආදාය ආගච‍්ඡන‍්තො තස‍්මිං ගෙහෙ නිවාසං ගණ‍්හි. කුණ‍්ඩකඛාදකස‍්ස සින්‍ධවපොතකස‍්ස ඨිතට‍්ඨානතො ගන්‍ධං ඝායිත්‍වා එකඅස‍්සොපි ගෙහං පවිසිතුං නාසක‍්ඛි. බොධිසත‍්තො මහල‍්ලිකං පුච‍්ඡි – “අම‍්ම, කච‍්චි ඉමස‍්මිං ගෙහෙ අස‍්සො අත්‍ථී”ති . “තාත, අඤ‍්ඤො අස‍්සො නාම නත්‍ථි, අහං පන පුත‍්තං කත්‍වා එකං අස‍්සපොතකං පටිජග‍්ගාමි, සො එත්‍ථ අත්‍ථී”ති. “කහං සො, අම‍්මා”ති? “චරිතුං ගතො, තාතා”ති. “කාය වෙලාය ආගමිස‍්සති, අම‍්මා”ති? “සායන‍්හෙ, තාතා”ති. බොධිසත‍්තො තස‍්ස ආගමනං පටිමානෙන‍්තො අස‍්සෙ බහි ඨපෙත්‍වාව නිසීදි. සින්‍ධවපොතකොපි විචරිත්‍වා කාලෙයෙව ආගමි. බොධිසත‍්තො කුණ‍්ඩකකුච‍්ඡිසින්‍ධවපොතකං දිස‍්වා ලක‍්ඛණානි සමානෙත්‍වා “අයං සින්‍ධවො අනග‍්ඝො, මහල‍්ලිකාය මූලං දත්‍වා ගහෙතුං වට‍්ටතී”ති චින‍්තෙසි. සින්‍ධවපොතකොපි ගෙහං පවිසිත්‍වා අත‍්තනො වසනට‍්ඨානෙයෙව ඨිතො. තස‍්මිං ඛණෙ තෙ අස‍්සා ගෙහං පවිසිතුං සක‍්ඛිංසු.

ඉක්බිති පසුකලෙක බෝසතාණන් වහන්සේ අසුන් පන්සියයක් රැගෙන එමින් ඒ ගෙයි නවාතැන් ගත්හ. කුඩු කන්නා වූ ඒ සෛන්ධව පැටියා සිටි තැන ගඳ ආඝ්‍රාණය කොට (ගඳ දැනී) එක අශ්වයෙකුටවත් ගෙදරට ඇතුල්වීමට නොහැකි විය. බෝසතාණන් වහන්සේ මහලු තැනැත්තියගෙන් මෑණියනි! මේ ගෙයි අශ්වයෙකු සිටිත්දැයි ඇසීය. දරුව! අනෙක් අශ්වයෙක් නම් නැත. මම වනාහි පුත් තනතුරෙහි තබා එක් අස් පොව්වෙක් පෝෂණය කරමි. ඌ මෙහි ඇත. මෑණියනි! ඌ දැන් කොහිද? දරුව! ඌ කෑමට ගියේය. මෑණියනි! කොයි වේලාවෙහි එන්නේද? දරුව! කල් ඇතිව එන්නේයයි කීවාය. බෝසතාණන් වහන්සේ උගේ පැමිණීම බලාපොරොත්තු වෙමින් අසුන් පිටත රඳවාගෙනම හුන්නේය. සෛන්ධව පෝතකයා ද ඇවිද කල් ඇතිව ආවේය. බෝසතාණන් වහන්සේ (හාල්) කුඩු ආදිය කුසෙහි ඇති සෛන්ධව පෝතකයා (කුණ්ඩක කුච්ඡි සින්‍ධව පෝතක) දැක දේහ ලක්‍ෂණ සලකා බලා මේ සෛන්ධවයා ඉතා අනර්ඝය. මැහැල්ලියට මුදල් දී ගෙනයාමට වටී යයි සිතුවේය. සෛන්ධවයාද ගෙට පිවිස තමන් වසන තැනම සිටියේය. ඒ අවස්ථාවෙහි ඒ අශ්වයන්ටද ගෙට පිවිසෙන්නට හැකි වූහ.

බොධිසත‍්තො ද‍්වීහතීහං වසිත්‍වා අස‍්සෙ සන‍්තප‍්පෙත්‍වා ගච‍්ඡන‍්තො “අම‍්ම, ඉමං අස‍්සපොතකං මූලං ගහෙත්‍වා මය‍්හං දෙහී”ති ආහ. “කිං වදෙසි, තාත, පුත‍්තං වික‍්කිණන‍්තා නාම අත්‍ථී”ති. “අම‍්ම, ත්‍වං එතං කිං ඛාදාපෙත්‍වා පටිජග‍්ගසී”ති? “ඔදනකඤ‍්ජිකඤ‍්ච ඣාමකභත‍්තඤ‍්ච විඝාසතිණඤ‍්ච ඛාදාපෙත්‍වා කුණ‍්ඩකයාගුඤ‍්ච පායෙත්‍වා පටිජග‍්ගාමි, තාතා”ති. “අම‍්ම, අහං එතං ලභිත්‍වා පිණ‍්ඩරසභොජනං භොජෙස‍්සාමි, ඨිතට‍්ඨානෙ චෙලවිතානං පසාරෙත්‍වා අත්‍ථරණපිට‍්ඨෙ ඨපෙස‍්සාමී”ති. “තාත, එවං සන‍්තෙ මම පුත‍්තො ච සුඛං අනුභවතු, තං ගහෙත්‍වා ගච‍්ඡා”ති. අථ බොධිසත‍්තො තස‍්ස චතුන‍්නං පාදානං නඞ‍්ගුට‍්ඨස‍්ස මුඛස‍්ස ච මූලං එකෙකං කත්‍වා ඡ සහස‍්සත්‍ථවිකායො ඨපෙත්‍වා මහල‍්ලිකං නවවත්‍ථං නිවාසාපෙත්‍වා සින්‍ධවපොතකස‍්ස පුරතො ඨපෙසි. සො අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා මාතරං ඔලොකෙත්‍වා අස‍්සූනි පවත‍්තෙසි. සාපි තස‍්ස පිට‍්ඨිං පරිමජ‍්ජිත්‍වා ආහ – “මයා පුත‍්තපොසාවනිකං ලද‍්ධං, ත්‍වං, තාත, ගච‍්ඡාහී”ති, තදා සො අගමාසි.

බෝසතාණන් වහන්සේ දෙතුන් දිනක් වාසයකොට අසුන් කවා පොවා යන්නේ මෑණියනි, මේ අශ්ව පෝතකයා මුදල් ගෙන මට දෙවයි කීවේය. දරුව! කුමක් කියහිද? දරුවන් විකුණන අයත් ඇද්දැයි කීවාය. අම්මේ, නුඹ මේ අස් පොව්වාට කුමක් පොවා පෝෂණය කරන්නෙහිද? බත් කැඳද දන්කුඩද ඉඳුල් තණකොළද කවා කුඩුකැඳද පොවා පෝෂණය කරමි, දරුවයි කීවාය. මෑණියනි! මම මූ ලබාගෙන රසබොජුන් අනුභව කරවන්නෙමි. සිටින ස්ථානයේ රෙදිවියනක් බැඳ ඇතිරිල්ලක් මත තබන්නෙමියි කීය. දරුව, එසේ ඇතිකල්හි මගේ පුතා සැප අනුභව කෙරේවා! ඌ රැගෙන යවයි කීවාය. ඉක්බිති බෝසතාණන් වහන්සේ අස්පොව්වාගේ කකුල් හතරටද, වලිගයටද, කටටද එකකට දහස බැගින් හයදහසක් බැඳි පියල්ල තබා මහලු ස්ත්‍රියට අලුත් වස්ත්‍රයක් අන්දවා සරසා සෛන්ධව පෝතකයා ඉදිරියේ තැබුවේය. අශ්ව පෝතකයා ඇස් ඇර මව දෙස බලා කඳුළු හෙළුවේය. මහලු තැනැත්තියද උගේ පිට පිරිමැද මම මා විසින් පෝෂණය සඳහා ලැබිය යුතු මුදල ලැබුවෙමි. දරුව! නුඹ යවයි කීවාය. එකල්හි ඌ වෙළෙන්දා සමග ගියේය.

බොධිසත‍්තො පුනදිවසෙ අස‍්සපොතකස‍්ස පිණ‍්ඩරසභොජනං සජ‍්ජෙත්‍වා “වීමංසිස‍්සාමි තාව නං, ජානාති නු ඛො අත‍්තනො බලං, උදාහු න ජානාතී”ති දොණියං කුණ‍්ඩකයාගුං ආකිරාපෙත්‍වා දාපෙසි. සො “නාහං ඉමං භොජනං භුඤ‍්ජිස‍්සාමී”ති තං යාගුං පායිතුං න ඉච‍්ඡි. බොධිසත‍්තො තස‍්ස වීමංසනවසෙන පඨමං ගාථමාහ –

බෝසතාණන් වහන්සේ දෙවන දවසේ අශ්ව පෝතකයාට රස බොජුන් සකසා පළමුව ඌ විමසනු පිණිස තමාගේ බලය දන්නේද නැතිනම් නොදන්නේදැයි සිතා ඔරුවකට කුඩු කැඳ දමා දෙවීය. අශ්ව පෝතකයාද මම මේ බොජුන් අනුභව නොකරන්නෙමියි ඒ කැඳ බොන්නට නොකැමති විය. බෝසතාණන් වහන්සේ ඌ විමසීම් වශයෙන් -

“භුත්‍වා තිණපරිඝාසං, භුත්‍වා ආචාමකුණ‍්ඩකං; එතං තෙ භොජනං ආසි, කස‍්මා දානි න භුඤ‍්ජසී”ති.

භුත්‍වා තිණ පරිඝාසං භුත්‍වා ආචාම කුණ්ඩකං, එතං තෙ භොජනං ආසි කස්මාදානි නභුඤ්ජසි

යන පළමු ගාථාව කීහ.

අශ්වය, ගවයන් කා ඉතිරි වූ තණ ද කැඳ බත් ද කා වැඩුණ හෙයින් මෙය තට භෝජනය විය. දැන් එය කුමක් හෙයින් නොකන්නෙහිද?

තත්‍ථ භුත්‍වා තිණපරිඝාසන‍්ති ත්‍වං පුබ‍්බෙ මහල‍්ලිකාය දින‍්නං තෙසං තෙසං ඛාදිතාවසෙසං විඝාසතිණසඞ‍්ඛාතං පරිඝාසං භුඤ‍්ජිත්‍වා වඩ‍්ඪිතො. භුත්‍වා ආචාමකුණ‍්ඩකන‍්ති එත්‍ථ ආචාමො වුච‍්චති ඔදනාවසෙසං. කුණ‍්ඩකන‍්ති කුණ‍්ඩකමෙව. එතඤ‍්ච භුඤ‍්ජිත්‍වා වඩ‍්ඪිතොසීති දීපෙති. එතං තෙති එතං තව පුබ‍්බෙ භොජනං ආසි. කස‍්මා දානි න භුඤ‍්ජසීති මයාපි තෙ තමෙව දින‍්නං, ත්‍වං තං කස‍්මා ඉදානි න භුඤ‍්ජසීති.

එහි, භුත්‍වා තිණ පුරිඝාසං යනු නුඹ පෙර මහලු ස්ත්‍රිය විසින් දෙන ලද ඒ ඒ සතුන් විසින් කා ඉතිරි වූ තිණ පරිඝාස නම් වූ ඉතිරි වූ තණ අනුභව කොට වැඩුණෙහිය. භුත්‍වා ආචාම කුණ්ඩකං යනු මෙහි කැඳ බත් ‘ආචාම’ යයි කියනු ලැබේ. කුණ්ඩක යනු සහල් කුඩු ආදී වූ කුණ්ඩකමය. මෙය අනුභවකොට වැඩුනේ යන්න දක්වයි. එතන්තෙ යනු මේවා පෙර ඔබේ ආහාරය විය. කස්මාදාති න භුඤ්ජසි යනු විසිනුදු තට එයම දෙන ලදි. නුඹ මෙය කුමක් නිසා දැන් අනුභව නොකරන්නෙහිද?

තං සුත්‍වා සින්‍ධවපොතකො ඉතරා ද‍්වෙ ගාථා අවොච –

ඒ අසා සෛන්ධව පෝතකයා අනිත් ගාථා දෙක කීවේය.

“යත්‍ථ පොසං න ජානන‍්ති, ජාතියා විනයෙන වා; බහු තත්‍ථ මහාබ්‍රහ‍්මෙ, අපි ආචාමකුණ‍්ඩකං.

යත්‍ථ පොසං නජානන්ති ජාතියා විනයෙනවා, පහූ තත්‍ථ මහා බ්‍රහ්මෙ අපි ආචාම කුණ්ඩකං,

“ත්‍වඤ‍්ච ඛොමං පජානාසි, යාදිසායං හයුත‍්තමො; ජානන‍්තො ජානමාගම‍්ම, න තෙ භක‍්ඛාමි කුණ‍්ඩක”න‍්ති.

ත්‍වඤ්ච ඛො මා පජානාසි යාදිසායං හයුත්තමො, ජානන්තො ජානමාගම්ම නතෙ භක්ඛාමි කුණ්ඩකං

යන අනිත් ගාථා දෙක කීවේය.

බ්‍රාහ්මණය! යම්තැනක බොහෝ දෙනා උපතින් උසස් බව හා ආචාර ශීලයෙන් යුතු බව නොදනිත්ද? එහිදී කැඳ වතුරද කුඩුද පරිභෝග කරමි.

ඔබ වනාහි මා ශ්‍රේෂ්ඨ අශ්වයෙකුයි හොඳින් දන්නෙහිය. දන්නෙකු වන ඔබ වෙත පැමිණ දන්නෙක් වන මම ඔබේ කුඩු නොකමි.

තත්‍ථ යත්‍ථාති යස‍්මිං ඨානෙ. පොසන‍්ති සත‍්තං. ජාතියා විනයෙන වාති “ජාතිසම‍්පන‍්නො වා එසො, න වා, ආචාරයුත‍්තො වා, න වා”ති එවං න ජානන‍්ති. මහාබ්‍රහ‍්මෙති ගරුකාලපනෙන ආලපන‍්තො ආහ. යාදිසායන‍්ති යාදිසො අයං, අත‍්තානං සන්‍ධාය වදති. ජානන‍්තො ජානමාගම‍්මාති අහං අත‍්තනො බලං ජානන‍්තො ජානන‍්තමෙව තං ආගම‍්ම පටිච‍්ච තව සන‍්තිකෙ කුණ‍්ඩකං කිං භුඤ‍්ජිස‍්සාමි. න හි ත්‍වං කුණ‍්ඩකං භොජාපෙතුකාමතාය ඡ සහස‍්සානි දත්‍වා මං ගණ‍්හීති.

එහි, යත්‍ථ යනු යම්තැනක, පොසං යනු සත්වයාය. ජාතියා විනයෙනවා යනු උසස් කුලයක උපන්නේද නැද්ද, යහපත් පැවැත්මෙන් යුක්තද නැද්දැයි මෙසේ නොදනිත්. මහා බ්‍රහ්මෙ යනු ගරු ඇමතීමෙන් අමතමින් කීය. යාදිසා යං යනු සමාන වූ මේ. තමන් සඳහා කියයි. ජානෙන්තො ජානමාගම්ම යනු මම තමන්ගේ බලය දන්නේ (වෙමි) (එය) දන්නා වූම ඔබ වෙතට පැමිණ, නුඹ සමීපයේ කුඩු කැඳ නොබුදින්නෙමි. හයදහසක් දී ඔබ මා ලබාගත්තේ කුඩුකැඳ අනුභව කරවනු කැමැත්තෙන් නොවේ.

තං සුත්‍වා බොධිසත‍්තො “තං වීමංසනත්‍ථාය තං මයා කතං, මා කුජ‍්ඣී”ති තං සමස‍්සාසෙත්‍වා සුභොජනං භොජෙත්‍වා ආදාය රාජඞ‍්ගණං ගන‍්ත්‍වා එකස‍්මිං පස‍්සෙ පඤ‍්ච අස‍්සසතානි ඨපෙත්‍වා එකස‍්මිං පස‍්සෙ විචිත‍්තසාණිං පරික‍්ඛිපිත්‍වා හෙට‍්ඨා අත්‍ථරණං පත්‍ථරිත්‍වා උපරි චෙලවිතානං බන්‍ධිත්‍වා සින්‍ධවපොතකං ඨපෙසි.

ඒ අසා බෝසතාණන් වහන්සේ නුඹ විමසීම පිණිස එය මා විසින් කරන ලදි. කිපෙන්න එපා යනුවෙන් අස්වසා යහපත් ආහාර අනුභව කරවාගෙන රජ මිදුලට ගොස් එක්පසෙක අශ්වයන් පන්සියය නවතා, එක්පසෙක විසිතුරු තිරවලින් වටකොට යට බුමුතුරුණු අතුරා උඩට රෙදිවියන් බැඳ සෛන්ධව පෝතකයා නතර කළේය.

රාජා ආගන‍්ත්‍වා අස‍්සෙ ඔලොකෙන‍්තො “අයං අස‍්සො කස‍්මා විසුං ඨපිතො”ති පුච‍්ඡිත්‍වා “මහාරාජ , අයං සින්‍ධවො ඉමෙ අස‍්සෙ විසුං අකතො මොචෙස‍්සතී”ති සුත්‍වා “සොභනො, භො, සින්‍ධවො”ති පුච‍්ඡි. බොධිසත‍්තො “ආම, මහාරාජා”ති වත්‍වා “තෙන හිස‍්ස ජවං පස‍්සිස‍්සාමී”ති වුත‍්තෙ තං අස‍්සං කප‍්පෙත්‍වා අභිරුහිත්‍වා “පස‍්ස, මහාරාජා”ති මනුස‍්සෙ උස‍්සාරෙත්‍වා රාජඞ‍්ගණෙ අස‍්සං පාහෙසි. සබ‍්බං රාජඞ‍්ගණං නිරන‍්තරං අස‍්සපන‍්තීහි පරික‍්ඛිත‍්තමිවාහොසි. පුන බොධිසත‍්තො “පස‍්ස, මහාරාජ, සින්‍ධවපොතකස‍්ස වෙග”න‍්ති විස‍්සජ‍්ජෙසි, එකපුරිසොපි නං න අද‍්දස. පුන රත්‍ථපටං උදරෙ පරික‍්ඛිපිත්‍වා විස‍්සජ‍්ජෙසි, රත‍්තපටමෙව පස‍්සිංසු. අථ නං අන‍්තොනගරෙ එකිස‍්සා උය්‍යානපොක‍්ඛරණියා උදකපිට‍්ඨෙ විස‍්සජ‍්ජෙසි, තත්‍ථස‍්ස උදකපිට‍්ඨෙ ධාවතො ඛුරග‍්ගානිපි න තෙමිංසු. පුනවාරං පදුමිනිපත‍්තානං උපරි ධාවන‍්තො එකපණ‍්ණම‍්පි න උදකෙ ඔසීදාපෙසි. එවමස‍්ස ජවසම‍්පන‍්නං දස‍්සෙත්‍වා ඔරුය‍්හ පාණිං පහරිත්‍වා හත්‍ථතලං උපනාමෙසි, අස‍්සො උපගන‍්ත්‍වා චත‍්තාරො පාදෙ එකතො කත්‍වා හත්‍ථතලෙ අට‍්ඨාසි. අථ මහාසත‍්තො රාජානං ආහ – “මහාරාජ, ඉමස‍්ස අස‍්සපොතකස‍්ස සබ‍්බාකාරෙන වෙගෙ දස‍්සියමානෙ සමුද‍්දපරියන‍්තො නප‍්පහොතී”ති. රාජා තුස‍්සිත්‍වා මහාසත‍්තස‍්ස උපඩ‍්ඪරජ‍්ජං අදාසි. සින්‍ධවපොතකම‍්පි අභිසිඤ‍්චිත්‍වා මඞ‍්ගලඅස‍්සං අකාසි.

රජතුමා අවුත් අසුන් දෙස බලමින් මේ අශ්වයා කුමක් නිසා වෙනම තැබුවේදැයි විමසීය. මහරජ, මේ සෛන්ධව අශ්වයෙකි. මේ අසුන් අය බද්දෙන් මුදාහරින්නේ යයි අසා පින්වත! මේ සෛන්ධවයා ශෝභන දැයි විචාළේය. බෝසතාණන් වහන්සේ එසේය මහරජතුමනියි කියා එසේනම් මූගේ වේගය බලමියි කී කල්හි ඒ අශ්වයා අන්දවා පිටට නැග බලව මහරජතුමනි කියා මිනිසුන් ඉවත් කරවා රජ මිදුලෙහි අශ්වයා දුවන්න සැලැස්වීය. මුළු රජ මිදුල අතරක් නැතිව අශ්ව පේළියකින් වටකළාක් මෙන් විය. නැවත බෝසතාණන් වහන්සේ මහරජතුමනි, සින්ධව පැටියාගේ වේගය බලන්නැයි කියා අශ්වයා මුදාහැරියේය. එක් පුරුෂයෙක්වත් ඌ නුදුටුවේය. නැවත රතු රෙදිපටක් බඩෙහි ඔතා මුදා හළේය. රතු රෙදිපටම දුටුවාහුය. ඉක්බිති අශ්වයා ඇතුල්නුවර එක් උයන් පොකුණක දිය මතුපිට මුදාහැරීය. එහි දිය මතුපිට දුවන ඔහුගේ කුර අගවත් නොතෙමුණේය. නැවත වාරයක් නෙළුම් කොළ මත දුවන්නේ එක් කොළයක්වත් ජලයෙහි නොගිලුනේය. මෙසේ අශ්වයාගේ වේග සම්පත්තිය දක්වා අසුපිටින් බැස අත්පොඩි ගසා අල්ල ඉදිරිපත් කළේය. අශ්වයා පැමිණ පා හතර එකතුකොට අල්ලෙහි සිටියේය. ඉක්බිති මහබෝසතාණන් වහන්සේ රජතුමාට මහරජතුමනි, මේ අශ්ව පෝතකයා සියලු ආකාරයෙන් වේගය දක්වද්දී මුහුදු කෙළවර වුවද ප්‍රමාණවත් නොවේයයි කීය. රජතුමා සතුටු වී මහා බෝධිසත්ත්වයන් වහන්සේට රාජ්‍යයෙන් අඩක් දුන්නේය. සෛන්ධව පෝතකයාද අභිෂේක කොට මංගල අශ්වයා කළේය.

සො රඤ‍්ඤො පියො අහොසි මනාපො, සක‍්කාරොපිස‍්ස මහා අහොසි. තස‍්ස හි වසනට‍්ඨානං රඤ‍්ඤො අලඞ‍්කතපටියත‍්තො වාසඝරගබ‍්භො විය අහොසි, චතුජාතිගන්‍ධෙහි භූමිලෙපනං අකංසු, ගන්‍ධදාමමාලාදාමානි ඔසාරයිංසු, උපරි සුවණ‍්ණතාරකඛචිතං චෙලවිතානං අහොසි, සමන‍්තතො චිත්‍රසාණි පරික‍්ඛිත‍්තා අහොසි, නිච‍්චං ගන්‍ධතෙලපදීපා ඣායිංසු, උච‍්චාරපස‍්සාවට‍්ඨානෙපිස‍්ස සුවණ‍්ණකටාහං ඨපයිංසු, නිච‍්චං රාජාරහභොජනමෙව භුඤ‍්ජි. තස‍්ස පන ආගතකාලතො පට‍්ඨාය රඤ‍්ඤො සකලජම‍්බුදීපෙ රජ‍්ජං හත්‍ථගතමෙව අහොසි. රාජා බොධිසත‍්තස‍්ස ඔවාදෙ ඨත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා සග‍්ගපරායණො අහොසි.

අශ්වයා රජුට ප්‍රියමනාප විය. ඔහුගේ සත්කාරද බොහෝ විය. ඒ අශ්වයා වසන තැනද සරසා පිළියෙල කරන ලද රජුගේ වාසභවනය මෙන් විය. සුවඳ සතර වර්ගයෙන් බිම ආලේප කළහ. සුවඳ මල්දම් එල්ලූහ. උඩට රන්තරු අන්දවා ඇති රෙදි වියනක් විය. වටේට විසිතුරු තිරවලින් වටකරන ලද්දේ විය. නිතර සුවඳ තෙල් පහන් දැල්වෙයි. ඌ මලපහ කරන තැනටත් රන් හැළියක් තැබූහ. නිතරම රජෙකුට සුදුසු භෝජනයම අනුභව කෙළේය. මේ අශ්වයා පැමිණි කාලයේ පටන් මුළු දඹදිවම රාජ්‍යය අතට පත්වූවාක් මෙන් විය. රජතුමා බෝසතාණන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා දානාදී පිංකොට දෙව්ලොව උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ බහූ සොතාපන‍්නා සකදාගාමිනො අනාගාමිනො අරහන‍්තො ච අහෙසුං. “තදා මහල‍්ලිකා අයමෙව මහල‍්ලිකා අහොසි, සින්‍ධවො සාරිපුත‍්තො, රාජා ආනන්‍දො, අස‍්සවාණිජ‍්ජො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍ය ප්‍රකාශකොට ජාතක කථාව ගළපා නිමවා වදාළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර බොහෝ අය සෝවාන්, සකදාගාමි, අනාගාමී බවට පත්වූහ. එකල මේ මහලු ස්ත්‍රියම මෙදාද මහලු ස්ත්‍රිය වූවාය. සෛන්ධව අසු සැරියුත්ය. රජ වූයේ ආනන්දය. අශ්ව වෙළෙන්දා වනාහි මම ම වූවෙමි යි වදාළ සේක.

කුණ‍්ඩකකුච‍්ඡිසින්‍ධවජාතකවණ‍්ණනා චතුත්‍ථා.