යෙදුමෙන් කියවන්න

5. සුකජාතකවණ‍්ණනා 255 අට‍්ඨකථා

5. සුකජාතකවණ‍්ණනා (255)

5. සුක ජාතකය (255)

යාව සො මත‍්තමඤ‍්ඤාසීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං අතිබහුං භුඤ‍්ජිත්‍වා අජීරණෙන කාලකතං භික‍්ඛුං ආරබ‍්භ කථෙසි. තස‍්මිං කිර එවං කාලකතෙ ධම‍්මසභායං භික‍්ඛූ තස‍්ස අගුණකථං සමුට‍්ඨාපෙසුං – “ආවුසො, අසුකො නාම භික‍්ඛු අත‍්තනො කුච‍්ඡිප‍්පමාණං අජානිත්‍වා අතිබහුං භුඤ‍්ජිත්‍වා ජීරාපෙතුං අසක‍්කොන‍්තො කාලකතො”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙස අතිභොජනපච‍්චයෙනෙව මතො”ති වත්‍වා අතීතං ආහරි.

යාව සො මත්තඤ්ඤොසි යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවන විහාරයේ වැඩවාසය කරන සේක් බොහෝ වැළඳීමෙන් අජීර්ණයෙන් මියගිය එක් භික්‍ෂුවක අරබයා වදාළ සේක. ඒ භික්‍ෂුව මෙසේ අපවත් වූ කල්හි දම් සභාවෙහිදී භික්‍ෂූහු ඇවැත්නි! අසවල් නම් භික්‍ෂුව තමන්ගේ කුසෙහි ප්‍රමාණය නොදැන බොහෝකොට වළඳා දිරවීමට නොහැකි වන්නේ අපවත් වූයේයයි ඔහුගේ අගුණ මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මා එන්නට පෙර මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි, මහණෙනි! දැන් පමණක් නොවෙයි. මොහු පෙරත් පමණ ඉක්මවා ආහාර ගැනීමේ හේතුවෙන්ම මළේයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො හිමවන‍්තපදෙසෙ සුකයොනියං නිබ‍්බත‍්තිත්‍වා අනෙකානං සුකසහස‍්සානං සමුද‍්දානුගතෙ හිමවන‍්තපදෙසෙ වසන‍්තානං රාජා අහොසි. තස‍්සෙකො පුත‍්තො අහොසි, තස‍්මිං බලප‍්පත‍්තෙ බොධිසත‍්තො දුබ‍්බලචක‍්ඛුකො අහොසි. සුකානං කිර සීඝො වෙගො හොති, තෙන තෙසං මහල‍්ලකකාලෙ පඨමං චක‍්ඛුමෙව දුබ‍්බලං හොති. බොධිසත‍්තස‍්ස පුත‍්තො මාතාපිතරො කුලාවකෙ ඨපෙත්‍වා ගොචරං ආහරිත්‍වා පොසෙසි. සො එකදිවසං ගොචරභූමිං ගන‍්ත්‍වා පබ‍්බතමත්‍ථකෙ ඨිතො සමුද‍්දං ඔලොකෙන‍්තො එකං දීපකං පස‍්සි. තස‍්මිං පන සුවණ‍්ණවණ‍්ණං මධුරඵලං අම‍්බවනං අත්‍ථි. සො පුනදිවසෙ ගොචරවෙලාය උප‍්පතිත්‍වා තස‍්මිං අම‍්බවනෙ ඔතරිත්‍වා අම‍්බරසං පිවිත්‍වා අම‍්බපක‍්කං ආදාය ආගන‍්ත්‍වා මාතාපිතූනං අදාසි. බොධිසත‍්තො තං ඛාදන‍්තො රසං සඤ‍්ජානිත්‍වා “තාත, නනු ඉමං අසුකදීපකෙ අම‍්බපක‍්ක”න‍්ති වත්‍වා “ආම, තාතා”ති වුත‍්තෙ “තාත, එතං දීපකං ගච‍්ඡන‍්තා නාම සුකා දීඝමායුං පාලෙන‍්තා නාම නත්‍ථි, මා ඛො ත්‍වං පුන තං දීපකං අගමාසී”ති ආහ. සො තස‍්ස වචනං අග‍්ගහෙත්‍වා අගමාසියෙව.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ හිමාල වන ප්‍රදේශයෙහි ගිරා යෝනියෙහි ඉපදී මුහුදට යාබද හිමාලය පැත්තක නොයෙක් දහස් ගණන් ගිරවුන්ගේ රජා වූහ. ඒ ගිරවාට එක් පුතෙක් සිටියේය. ඌ බලවත් වූ විට බෝසතාණන් වහන්සේගේ ඇස් පෙනීම දුර්වල විය. ගිරවුන්ගේ වේගය ශීඝ්‍ර වෙයි. ඒ නිසා උන් මහලු කාලයේදී පළමුවෙන්ම ඇස් පෙනීම දුර්වල වෙයි. බෝසත් ගිරවාගේ පුතා මව්පියන් කූඩුවක රඳවා ගොදුරු ගෙනවුත් පෝෂණය කළේය. ඒ ගිරවා එක් දවසක් ගොදුරු බිමට ගොස් පර්වතය මත්තෙහි සිටියේ මුහුද දෙස බලන්නේ එක් දිවයිනක් දුටුවේය. එහි වනාහි රන්වන් මිහිරි ගෙඩි ඇති අඹ උයනක් ඇත. ගිරවා දෙවන දවසේ කෑම වේලාවෙහි උඩට ඉගිලී ඒ අඹ උයනට බැස අඹ රස බී අඹ ගෙඩියක් ගෙන ගොස් මව්පියන්ට දුන්නේය. බෝසතාණන් වහන්සේ එය කමින් රසය හැඳින දරුව! මේ අඹය, අසවල් දිවයිනේ අඹ ගෙඩියක් නේදැයි ඇසූ විට, එසේය පියාණෙනි! කී කල්හි දරුව, මේ දූපතට යන්නා වූ ගිරව් වැඩි කාලයක් ජීවත් නොවෙති. ඒ නිසා නුඹ නැවත ඒ දූපතට නොයන්නැයි කීවේය. ගිරා පෝතකයා පියාගේ වචනය නො පිළිගෙන එහිම ගියේය.

අථෙකදිවසං බහුං අම‍්බරසං පිවිත්‍වා මාතාපිතූනං අත්‍ථාය අම‍්බපක‍්කං ආදාය සමුද‍්දමත්‍ථකෙනාගච‍්ඡන‍්තො අතිධාතතාය කිලන‍්තකායො නිද‍්දායාභිභූතො, සො නිද‍්දායන‍්තොපි ආගච‍්ඡතෙව, තුණ‍්ඩෙන පනස‍්ස ගහිතං අම‍්බපක‍්කං පති. සො අනුක‍්කමෙන ආගමනවීථිං ජහිත්‍වා ඔසීදන‍්තො උදකපිට‍්ඨෙනෙව ආගච‍්ඡන‍්තො උදකෙ පති. අථ නං එකො මච‍්ඡො ගහෙත්‍වා ඛාදි. බොධිසත‍්තො තස‍්මිං ආගමනවෙලාය අනාගච‍්ඡන‍්තෙයෙව “සමුද‍්දෙ පතිත්‍වා මතො භවිස‍්සතී”ති අඤ‍්ඤාසි. අථස‍්ස මාතාපිතරොපි ආහාරං අලභමානා සුස‍්සිත්‍වා මරිංසු.

දිනක් බොහෝ අඹ රස බී මව්පියන්ට අඹ ගෙඩියක් රැගෙන මුහුද උඩින් එන්නේ අඹ රස බිව් නිසා ක්ලාන්ත වූ සිරුර ඇත්තේ නිදි බරින් මඩනා ලද්දේ ගිරවා නිදිබරිතව ආවේය. තුඩින් ගේන අඹ ගෙඩිය වැටුනේය. ගිරවා පිළිවෙලින් එන මාර්ගය හැර පහතට වැටෙමින් වතුර මතුපිටින් එන්නේ දියට වැටුණේය. ඉක්බිති එක් මත්ස්‍යයෙක් ඌ ඩැහැගෙන කෑවේය. බෝසතාණන් වහන්සේ ඌ එන වේලාවට නොඑනවිට මුහුදට වැටී මළේ යයි දැන ගත්තේය. ඉක්බිති ඔහුගේ මව්පියෝද ආහාර නොලබමින් මලානිකව මැරුණාහ.

සත්‍ථා ඉමං අතීතං ආහරිත්‍වා අභිසම‍්බුද‍්ධො හුත්‍වා ඉමා ගාථා අවොච –

බුදුරජාණන් වහන්සේ මේ අතීත කථාව ගෙනහැර දක්වා සම්මා සම්බුද්ධත්වයට පත්ව -

“යාව සො මත‍්තමඤ‍්ඤාසි, භොජනස‍්මිං විහඞ‍්ගමො; තාව අද‍්ධානමාපාදි, මාතරඤ‍්ච අපොසයි.

යාවං සො මත්ත මඤ්ඤාසි භොජනස්මිං විභංගමො, තාව අද්ධානමාපාදි මාතරඤ්ච අපොසයී

“යතො ච ඛො බහුතරං, භොජනං අජ‍්ඣවාහරි; තතො තත්‍ථෙව සංසීදි, අමත‍්තඤ‍්ඤූ හි සො අහු.

යතොච ඛො බහුතරං භොජනං අජ්ඣනනුපාහරී, තතො තත්‍ථෙව සංසීදි අමත්තඤ්ඤුහි සො අහු

“තස‍්මා මත‍්තඤ‍්ඤුතා සාධු, භොජනස‍්මිං අගිද‍්ධතා; අමත‍්තඤ‍්ඤූ හි සීදන‍්ති, මත‍්තඤ‍්ඤූ ච න සීදරෙ”ති.

තස්මා මත්තඤ්ඤුතා සාධු භොජනස්මිං අගිද්ධතා, අමත්තඤ්ඤුහි සීදන්ති මත්තඤ්ඤෑච’න සීදරෙ

යන මේ ගාථා වදාළ සේක.

ඒ කුරුල්ලා ආහාරයේ පමණ මෙතරම් යයි දැන සිටි තාක් කල් ජීවත් විය. මාපියන්ද පෝෂණය කළේය.

යම්කලෙක ඒ කුරුල්ලා ආහාරයෙහි ප්‍රමාණය නොදත්තේද අධික ලෙස ආහාර අනුභව කළේද, එකල මුහුදෙහිම ගිලුණේය.

ආහාරයෙහි ප්‍රමාණය නොදන්නේ යම් හෙයකින් ගිලෙද්ද, දන්නෝ නොගිලෙත්ද එහෙයින් ආහාරයෙහි පමණ දැනීමත් එහි ගිජු නොවීමත් මැනවි.

තත්‍ථ යාව සොති යාව සො විහඞ‍්ගමො භොජනෙ මත‍්තමඤ‍්ඤාසි. තාව අද‍්ධානමාපාදීති තත්‍ථකං කාලං ජීවිතඅද‍්ධානං ආපාදි, ආයුං වින්‍දි. මාතරඤ‍්චාති දෙසනාසීසමෙතං, මාතාපිතරො ච අපොසයීති අත්‍ථො. යතො ච ඛොති යස‍්මිඤ‍්ච ඛො කාලෙ. භොජනං අජ‍්ඣවාහරීති අම‍්බරසං අජ‍්ඣොහරි. තතොති තස‍්මිං කාලෙ. තත්‍ථෙව සංසීදීති තස‍්මිං සමුද‍්දෙයෙව ඔසීදි නිමුජ‍්ජි, මච‍්ඡභොජනතං ආපජ‍්ජි.

එහි, යාවං සො යනු යම්තාක් ඒ, විහංගමො කුරුල්ලා ආහාරයෙහි, මත්ත මඤ්ඤාසි. තාව අද්ධා නමාපාදි යනු ප්‍රමාණය දැනගත්තේද එතෙක් කලක් ජීවත් විය. ආයුෂ වින්දේය. මාතරඤ්ච යනු මෙය දේශනා ශීර්ෂ පාඨයයි. මව්පියන්ද, අපොසයි පෝෂණය කළේය යන අර්ථයි. යතොච ඛො යනු යම්කිසි කාලයක, භොජනං අජ්ඣුපාහරි යනු අඹ රස අනුභව කළේද තතො යනු ඒ කාලයේ. තත්‍ථෙව සංසීදි යනු ඒ මුහුදෙහිම ගිලාබැස්සේය. යටගියේය. මසුන්ගේ ආහාරයක් බවට පත්විය.

තස‍්මා මත‍්තඤ‍්ඤුතා සාධූති යස‍්මා භොජනෙ අමත‍්තඤ‍්ඤූ සුකො සමුද‍්දෙ ඔසීදිත්‍වා මතො, තස‍්මා භොජනස‍්මිං අගිද‍්ධිතාසඞ‍්ඛාතො මත‍්තඤ‍්ඤුභාවො සාධු, පමාණජානනං සුන්‍දරන‍්ති අත්‍ථො. අථ වා “පටිසඞ‍්ඛා යොනිසො ආහාරං ආහාරෙති, නෙව දවාය න මදාය…පෙ… ඵාසුවිහාරො චා”ති.

තස්මා මත්තඤ්ඤුතා සාධු යනු යම් ආකාරයකින් ආහාරයේ පමණ නොදත් ගිරවා මුහුදෙහි ගිලී මළේද ඒ නිසා, භොජනස්මිං අගිද්ධතා නම් වු භෝජනයෙහි පමණ දැනීම යහපති, ප්‍රමාණය දැන සිටීම යහපත්ය යන අර්ථයි. නැතහොත් නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ආහාරය අනුභව කරයි. එය ක්‍රීඩා පිණිස නොවේ. -පෙ- පහසු විහරණය පිණිසයි (යනුද මෙහි අර්ථයයි)

“අල‍්ලං සුක‍්ඛඤ‍්ච භුඤ‍්ජන‍්තො, න බාළ‍්හං සුහිතො සියා; ඌනුදරො මිතාහාරො, සතො භික‍්ඛු පරිබ‍්බජෙ.

අල්ලං සුක්ඛඤ්ච භුඤ්ජන්තො න බාළ්හං සුහිතොසියා, ඌ නූදරො මිතාහාරො සතො භික්ඛු පරිබ්බජෙ

“චත‍්තාරො පඤ‍්ච ආලොපෙ, අභුත්‍වා උදකං පිවෙ; අලං ඵාසුවිහාරාය, පහිතත‍්තස‍්ස භික‍්ඛුනො. (ථෙරගා· 982-983);

චත්තාරො පඤ්ච ආලෙපෙ අභුත්‍වා උදක පිවෙ, අලංඵාසු විහාරාය පහිතත්තස්ස භික්ඛුනො

“මනුජස‍්ස සදා සතීමතො, මත‍්තං ජානතො ලද‍්ධභොජනෙ; තනූ තස‍්ස භවන‍්ති වෙදනා, සණිකං ජීරති ආයුං පාලය”න‍්ති. (සං· නි· 1.124) –

මනුජස්ස සදාසතීමතො මත්තං ජානතො ලද්ධ භොජනෙ, නනු තස්ස භවන්ති වෙදනා සනිකං ජීරති ආයු පාලයන්ති

තෙත් ආහාර හා වියලි ආහාර අනුභව කරන්නා බහුලව අනුභව නොකරන්නේහි කෑම අඩුවෙන් ගස් කුස ඇති, පමණට ආහාර ගත්, සිහියෙන් යුක්ත වූ භික්‍ෂුව සැරිසරන්නේය.

බත් පිඬු හතරක් පහක් නොවළඳා පැන් බොන්නේය. එය කෙලෙස් තවන වීර්යයෙන් යුත් භික්‍ෂුවගේ සැප විහරණය සඳහා සුදුසුය.

හැමකල්හි සිහි ඇති ලැබුණු ආහාරයේ පමණ දන්නා වූ ඒ මිනිසාගේ ශාරීරික වේදනාවෙන් තැනී වෙති. තම ආයුෂ රකිමින් ආහාර සෙමින් දිරවයි.

එවං වණ‍්ණිතා මත‍්තඤ‍්ඤුතාපි සාධු.

මෙසේ වර්ණනා කරන ලද ආහාරයේ පමණ දැනීමද යහපත්ය.

“කන‍්තාරෙ පුත‍්තමංසංව, අක‍්ඛස‍්සබ‍්භඤ‍්ජනං යථා; එවං ආහරි ආහරං, යාපනත්‍ථමමුච‍්ඡිතො”ති. (විසුද‍්ධි· 1.19) –

කන්තාරෙ පුත්තමංසංව අක්ඛස්සබ්භඤ්ජනං යථා, එවං ආහරී ආහාරං යාපනත්‍ථාය මුට්ඨිතො’ති

කාන්තාරයේ පුත්‍ර මාංසය මෙන්ද රථයේ අලවංගුවට (බොස් ගෙඩියට) තෙල් දැමීමක් මෙන්ද මුළානොවී යැපීම පිණිස ආහාර අනුභව කරන්නේය.

එවං වණ‍්ණිතා අගිද‍්ධිතාපි සාධු. පාළියං පන “අගිද‍්ධිමා”ති ලිඛිතං, තතො අයං අට‍්ඨකථාපාඨොව සුන්‍දරතරො. අමත‍්තඤ‍්ඤූ හි සීදන‍්තීති භොජනෙ පමාණං අජානන‍්තා හි රසතණ‍්හාවසෙන පාපකම‍්මං කත්‍වා චතූසු අපායෙසු සීදන‍්ති. මත‍්තඤ‍්ඤූ ච න සීදරෙති යෙ පන භොජනෙ පමාණං ජානන‍්ති, තෙ දිට‍්ඨධම‍්මෙපි සම‍්පරායෙපි න සීදන‍්තීති.

මෙසේ වර්ණනා කරන ලද ගිජු නොවීම යහපති. පාළියෙහි (පෙළෙහි) අගිද්ධිමා කියා ලියන ලදි. එයින් අටුවාවේ එන පාඨය වඩා සුන්දරය. අමත්තඤ්ඤූ හි නිසීදන්ති යනු භෝජනයෙහි පමණ නොදන්නෝ රස තෘෂ්ණා වශයෙන් පව්කම්කොට සතර අපායවල ගිලෙත්. මත්තඤ්ඤු ච න සීදරෙ යනු යම්කෙනෙක් භෝජනයෙහි පමණ දනිත්ද ඔව්හු මෙලොවත් පරලොවත් විපතෙහි නොගිලෙත්.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ බහූ සොතාපන‍්නාපි සකදාගාමිනොපි අනාගාමිනොපි අරහන‍්තොපි අහෙසුං. “තදා සුකරාජපුත‍්තො භොජනෙ අමත‍්තඤ‍්ඤූ භික‍්ඛු අහොසි, සුකරාජා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය දේශනාකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාවගේ කෙළවර බොහෝ අය සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් වූහ. එකල භෝජනයෙහි පමණ නොදත් භික්‍ෂුව ගිරා පැටියා විය. ගිරා රජා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

සුකජාතකවණ‍්ණනා පඤ‍්චමා.