1. සඞ්කප්පවග්ගො
1. සඞ්කප්ප වර්ගය
358. සඞ්කප්පරාගධොතෙන විතක්කනිසිතෙන ච, නාලඞ්කතෙන භද්දෙන න උසුකාරකතෙන ච.
358. කාමවිතර්ක සම්ප්‍රයුක්ත රාගජලයෙන් දෝනා ලද විතර්ක ශිලායෙහි මුවත් තැබූ, නො සැරසූ හී වඩුවකු විසිනුදු නො කළ -
359. න කණ්ණායතමුත්තෙන නපි මොරූපසෙවිනා, තෙනම්හි හදයෙ විද්ධො සබ්බඞ්ගපරිදාහිනා.
359. දකුණු කන්සිළුව දක්වා ඇද නො හැරියාවූ ද මොනරපත් ආදියෙන් නො සාදන ලද සියලඟ දවන්නා වූ ඒ කෙලෙස් ඊයෙන් (මගේ) හදවත විදින ලද්දේ -
360. ආවෙධඤ්ච න පස්සාමි යතො රුහිරමස්සවෙ, යාව අයොනිසො චිත්තං සයං දුක්ඛමාභත’න්ති.
360. විදිනා ලද තැනකුදු ලේ වැගිරෙන තැනකුදු නො දක්මි. ඉතා අනුවණ ලෙසින් සිත වැඩී ද එහෙයින් මා විසින් මේ දුක පමුණුවා ගන්නා ලදී.
1. සඞ්කප්පජාතකං.
1. සංකප්ප ජාතක යි.
361. අජ්ජාපි මෙ තං මනසි යං මං ත්වං තිලමුට්ඨියා, බාහාය මං ගහෙත්වාන ලට්ඨියා අනුතාළයි.
361. තලමිටක් නිසා මා අත්කරගන්වා තෙපි මා උණ ලීයෙන් තැලූහු ද, අද දක්වා ඒ පහර මා සිත්හි ඇත.
362. නනු ජීවිතෙ න රමසි යෙනාසි බ්රාහ්මණාගතො. යං මං බාහං ගහෙත්වාන තික්ඛත්තුං අනුතාළයී.
362. බමුණ, යම්බඳු මගේ අතකරගන්වා තෙවරක් තැලූහු ද, (මෙහි) පැමිණි හෙයින් ජීවිතයෙහි නො ඇලෙතී සිතම්.
363. අරියො අනරියං කුබ්බානං යො දණ්ඩෙන නිසෙධති, සාසනත්ථං න තං වෙරං ඉති නං පණ්ඩිතා විදූති.
363. යම් ආර්‍ය්‍යයෙක් නො කටයුතු කරන්නහු දඬුවමින් වළකා ද එය හික්මවනු පිණිසය. වෛර පිණිස නො වේ යයි පඬිවරු දනිති.
2. තිලමුට්ඨිජාතකං.
2. තිලමුට්ඨි ජාතක යි.
364. මමන්නපානං විපුලං උළාරං උප්පජ්ජතීමස්ස මණිස්ස හෙතු, තං තෙ න දස්සං අතියාචකොසි න චාපි තෙ අස්සමං ආගමිස්සං.
364. මේ මාණික්‍ය රත්නය නිසා මට උදාර වූ බොහෝ ආහාරපාන උපදී. තොපට එය නො දෙමි. පමණ ඉක්ම යාච්ඤා කරව. එසේ හෙයින් තොපගේ අසපුවට ද යළි නො එන්නෙමි.
365. සුසූ යථා සක්ඛරධොතපාණී තාසෙසි මං සෙලං යාචමානො, තං තෙ න දස්සං අතියාචකොසි න චාපි තෙ අස්සමං ආගමිස්සං.
365. තෙල් පහණ උලා මුවහත් කළ කඩුවක් ගත් තරුණයකු මෙන් තෙපි මැණික්ගල ඉල්ලනුයේ මා තැති ගැන්වූහ. අධිකව යාච්ඤා කරව, තොපට එය නො දෙමි. තොපගේ අසපුවට ද යළි නො එන්නෙමි.
366. න තං යාචෙ යස්ස පියං ජිගිංසෙ දෙස්සො හොති අතියාචනාය, නාගො මණිං යාචිතො බ්රාහ්මණෙන අදස්සනංයෙව තදජ්ඣගමා’ති.
366. යමකුට යමක් ප්‍රිය යයි දන්නේ ද එය නො ඉල්ලන්නේ ය. අධික යාචනයෙන් ද්වේෂ්‍ය වෙයි. බමුණහු විසින් මැණික අයදනා ලද නාරජ එතැන් පටන් නො දැක්මට මැ පැමිණියේ යි.
3. මණිකණ්ඨජාතකං.
3. මණිකණ්ඨ ජාතක යි.
367. භුත්වා තිණපරිඝාසං භුත්වා ආවාමකුණ්ඩකං, එතං තෙ භොජනං ආසි කස්මාදානි න භුඤ්ජසී.
367. (අශ්ව වෘෂභාදීන්) කා ඉතිරි වූ තණ ද කැඳබත් ද කා වැඩුණ හෙයින් මෙය තට භෝජනය විය. දැන් එය කුමක් හෙයින් නො කන්නේ ද?
368. යත්ථ පොසං න ජානන්ති ජාතියා විනයෙන වා, පහූ තත්ථ මහාබ්රහ්මෙ අපි ආචාමකුණ්ඩකං.
368. බමුණුතුමනි, යම් තැනෙකැ බොහෝදෙනා උපතින් උසස් බව හා ආචාරශීලයෙන් යුතු බව නො දනිත් ද එහි දී කැඳවතුර ද කුඩු ද පරිභෝග කරමි.
369. ත්වඤ්ච ඛො මං පජානාසි යාදිසායං හයුත්තමො, ජානන්තො ජානමාගම්ම න තෙ භක්ඛාමි කුණ්ඩකන්තී.
369. ඔබ වනාහි මා ශ්‍රේෂ්ඨ අශ්වයෙකැයි හොඳින් දන්නෙහි ය. දන්නකු වන ඔබ වෙත පැමිණ දන්නෙක් වන මම ඔබේ කුඩු නො කමි.
4. කුණ්ඩකකුච්ඡිසින්ධවජාතකං.
4. කුණ්ඩකකුච්ඡි සින්ධව ජාතක යි.
370. යාව සො මත්තමඤ්ඤාසි භොජනස්මිං විහඞ්ගමො, තාව අද්ධානමාපාදි මාතරඤ්ච අපොසයි.
370. ඒ කුරුල්ලා යම් තාක් ආහාරයෙහි පමණ මෙතරම්ය යි දැන සිටියේ ද, එතෙක් ජීවත් විය. මා පියන් ද පෝෂණය කෙළේය.
371. යතො ච ඛො බහුතරං භොජනං අජ්ඣුපාහරි තතො තත්ථෙව සංසීදි අමත්තඤ්ඤූ හි සො අහූ.
371. යම් කලෙකැ ඒ කුරුල්ලා අහරෙහි පමණ නො දත්තේ ද අධික ලෙස ආහාර අනුභව කෙළේ ද, එකලැ මුහුදෙහි ම හැලුණේය.
372. තස්මා මත්තඤ්ඤුතා සාධු භොජනස්මිං අගිද්ධතා. අමත්තඤ්ඤූ හි සීදන්ති මත්තඤ්ඤූ ව න සීදරෙති.
372. අහරෙහි පමණ නො දන්නෝ යම් හෙයකින් ගිලෙද් ද, දන්නෝ නො ගිලෙද්ද, එහෙයින් අහරෙහි පමණ දැනීමත් එහි ගිජු නො වීමත් මැනවි.
5. සුකජාතකං.
5. සුක ජාතක යි.
373. ජරූදපානං ඛණමානා වාණිජා උදකත්ථිකා, අජ්ඣගංසු අයො ලොහං තිපුසීසඤ්ච වාණිජා: රජතං ජාතරූපඤ්ච මුත්තා වෙළුරියා බහු.
373. දියෙන් ප්‍රයෝජන ඇති වෙළෙන්දෝ පැරැණි ළිඳක් සාරන්නහු කළුයකඩ, තඹ, ඊයම්, රිදී, රන්, මුතු හා දියමන්ති ද ලදහ.
374. තෙ ච තෙන අසන්තුට්ඨා භිය්යො භිය්යො අඛාණිසුං, තෙ තත්ථාසිවිසො ඝොරො තෙජස්සී තෙජසා හනි.
374. එයින් අසතුටු වූ ඔවුහු වැඩි වැඩියක් සෑරූහ. එහි (ළිඳෙහි) හුන් දරුණු තෙදැති නයා තෙදින් (විසෙන්) ඔවුන් නැසී ය.
375. තස්මා ඛණෙ නාතිඛණෙ අතිඛාතං හි පාපකං, ඛාතෙන ව ධනං ලද්ධං අතිඛාතෙන නාසිතන්ති.
375. එහෙයින් සාරන්න. පමණට වඩා නො සාරන්න. පමණ ඉක්මවා සෑරීම ලාමකය, (හෙවත් මෝඩ කමකි). සෑරීමෙන් ධනය ලදී. පමණට වඩා සෑරීමෙන් නසන ලදී.
6. ජරූදපානජාතකං.
6. ජරූදපාන ජාතක යි.
376. නායං ඝරානං කුසලො ලොලො අයං වලීමුඛො, කතං කතං ඛො දූසෙය්ය එවං ධම්මමිදං කුලං.
376. මේ විලිමුවා නිවාස තනන්නට දක්ෂයකු නොවේ. මෙතෙම කළ කළ දේවල් දූෂණය කිරීමේ ලෝලයෙකි. මේ වඳුරු කුලය නම් (කළ දෙය දූෂණය කිරීම වැනසීම යන) මෙබඳු ස්වභාව ඇත්තේය.
377. නයිදං චිත්තවතො ලොමං නායං අස්සාසිකො මිගො, සත්ථං මෙ ජනසන්ධෙන නායං කිඤ්චි විජානාති.
377. විමර්ශන ඥානයෙන් යුක්තයකුට මෙබඳු රළුලොම් නැත. මේ මෙරමා අස්වසන්නා වූ මෘගයකු නොවේ. මොහු කිසිත් නො දනීය යි ජනසන්ධ රජතුමා විසින් මට අනුසාසනා කරන ලදී. හෙවත් කියන ලදී.
378. න මාතරං වා පිතරං භාතරං භගිණං සඛං, භරෙය්ය තාදිසො පොසො සිට්ඨං දසරථෙන මෙති.
378. එබඳු වඳුරු ජාතික සත්ත්ව තෙමේ මව, පියා, සහෝදරයා, සහෝදරිය හෝ යහළුවකු පෝෂණය නො කරන්නේය යි දශරථ රජු විසින් මට මේ ශාස්ත්‍රය කියන ලදී.
7. ගාමණීචණ්ඩජාතකං.
7. ගාමණීචණ්ඩ ජාතක යි.
379. යාවතා චන්දිමසූරියා පරිහරන්ති දිසාභන්ති විරොචනා, සබ්බෙව දාසා මන්ධාතු යෙ පාණා පඨවිනිස්සිතා.
379. සඳහිරු දෙදෙනා යම් පමණ තැන් මෙර පැදැකුණු කෙරෙද්ද යම් පමණ දිසා බබුළුවත් ද, යම් පමණ බබළන ස්වභාවය ඇත්තාහු ද ඒතාක් තන්හි පොළොව ඇසුරු කොට වෙසෙන යම් පමණ මනුෂ්‍ය ප්‍රාණීහු වෙත් ද ඔහු හැම දෙනා මන්ධාතු රජුගේ දාසයෝ යැ.
380. න කහාපණවස්සෙන තිත්ති කාමෙසු විජ්ජති, අප්පස්සාදා දුඛා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිතො.
380. කහවණු වැස්සෙන් පවා කාමයෙහි තෘප්තියක් නො පෙනේ. කාමයෝ අල්ප ආස්වාද ඇත්තාහ යි ද, දුකට හේතු වන්නාහයි ද මෙසේ පණ්ඩිත තෙම දැනැ.
381. අපි දිබ්බෙසු කාමෙසු රතිං සො නාධිගච්ඡති, තණ්හක්ඛයරතො හොති සම්මාසම්බුද්ධසාවකො’ති.
381. හේ (පණ්ඩිතයා) දිව්‍ය වූ කාමසම්පතෙහි දු ඇල්මට නො පැමිණේ. සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක නිවනෙහි ඇලුණේ වෙයි.
8. මන්ධාතුජාතකං.
8. මන්ධාතු ජාතක යි.
382. නයිමස්ස විජ්ජාමයමත්ථි කිඤ්චි න බන්ධවො නො පන තෙ සහායො, අථ කෙන වණ්ණෙන තිරීටවච්ඡො තෙදණ්ඩිකො භුඤ්ජති අග්ගපිණ්ඩං.
382. විද්‍යාවෙන් නිපද වූ කිසිවක් මේ තාපසයාට නැත. තොපගේ නෑයෙක් හෝ යහළුවෙක් හෝ නොවේ. ත්රිදණ්ඩයක් ඇති තිරීටවච්ඡ නම් වූ මෙතෙම කවර කරුණක් නිසා බොහෝ රසැති අග්‍රභෝජනය වළඳන්නේ ද.
383. ආපාසු මෙ යුද්ධපරාජිතස්ස එකස්ස කත්වා විවනස්මි ඝොරෙ, පසාරයී කිච්ඡගතස්ස පාණිං තෙනූදතාරිං දුඛසම්පරෙතො.
383. සටනින් පරදවන ලද්දේ ජලය රහිත බියකරු වනයෙහි හුදෙකලාව විපතට පත් මට ආපදායෙහි ළිඳෙන් ගොඩ එන්නට අත දිගු කෙළේය. ඒ උපකාරය නිසා දුකින් පෙළුණු මම ගොඩ ආවෙමි.
384. එතස්ස කිච්චෙන ඉධානුපත්තො වෙසායිනො විසයා ජීවලොකෙ, ලාභාරහො තාත තිරීටවච්ඡො දෙථස්ස භොගං යජතඤ්ච යඤ්ඤන්ති.
384. මේ තාපසයාගේ උපකාරයෙන් මෙහි පැමිණියෙමි. පරලොවෙන් මිදී මෙලොව වසමි. දරුව, තිරීටවච්ඡ තවුසා ලාබ (සිවුපසය) ලබන්නට නිස්සෙකි. පරිභෝග කටයුතු දේ ද, යාග කිරීමට ගන්නා යාගද්‍රව්‍ය ද දෙවු.
9. තිරීටවච්ඡජාතකං.
9. තිරීටවච්ඡ ජාතක යි.
385. යස්සත්ථා දූරමායන්ති අමිත්තමපි යාචිතුං, තස්සූදරස්සහං දූතො මා මෙ කුජ්ඣි රථෙසභ.
385. යමක්හු සඳහා සතුරාගෙන් වුව ද යමක් ඉල්ලා ගන්නට දුරස්ථානයකට වුව යෙත් ද, මම ඒ උදරයාගේ දූතයෙක්මි. රජතුමනි මට නො කිපුන මැනැවි.
386. යස්ස දිවා ච රත්තො ච වසමායන්ති මාණවා තස්සූදරස්සහං දූතො මා මෙ කුජ්ඣි රථෙසභ.
386. සත්ත්වයෝ රෑ දාවල්හි යම් උදරයක්හුගේ වසඟයට යෙත් ද මම ඒ උදරයාගේ දූතයෙක්මි. රජතුමනි මට නො කිපුන මැනැවි.
387. දදාමි තෙ බ්‍රාහ්මණ රොහිණීනං. ගවං සහස්සං සහ පුඞ්ගවෙන, දූතො හි දූතස්ස කථං න දජ්ජං මයම්පි තස්සෙව භවාම දූතා’ති.
387. බමුණ, වෘෂභ රාජයකු සහිතව රතු පැහැති ගවයන් දහසක් තොපට දෙමි. දූතයෙක් දූතයකුට කෙසේ නො දෙන්නේ ද? අපි දු ඔහුගේ ම (උදරයාගේ) දූතයෝ වෙමු.
10. දූතජාතකං.
10. දූත ජාතක යි.
සඞ්කප්පවග්ගො පඨමො.
පළමුවන සංකප්ප වර්ග යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
උසුකාරවරො තිලමුට්ඨිමණි හයරාජවිහඞ්ගමආසිවිසො, ජනසන්ධකහාපණවස්ස පුන තිරීට පුන දූතවරෙන දස
උසිකාරය පවසන සංකප්ප ජාතක යැ, තිලමුට්ඨි ජාතක යැ (මණි) කණ්ඨ ජාතක යැ, අස්රජකු ඇති කුණ්ඩකකුච්ඡිසින්ධව ජාතක යැ, (විහඞ්ගම) සුක ජාතක යැ, ආශීවිෂයකු ඇති ජරූදපාන ජාතක යැ, ජනසන්ධ රජු ඇති ගාමණීචණ්ඩ ජාතක යැ, යළි කහවණු වැසි සඳහන් මන්ධාතු ජාතක යැ, තිරීටවච්ඡ ජාතක යැ, යළි දූත ජාතකයෙන් දසය වේ.