යෙදුමෙන් කියවන්න

2. පදුමවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

2. පදුම වර්‍ගය

388. යථා කෙසා ච මස‍්සු ච ඡින‍්නං ඡින‍්නං විරූහති. එවං රුහතු තෙ නාසා පදුමං දෙහි යාචිතො.

388. යම් සේ හිසකෙස් ද රැවුළු ද කැපූ කැපූසේ යළි වැඩේ ද එලෙස තොපගේ නාසය නැවත හටගනීවා. ඉල්ලන ලදුයෙහි පියුමක් දෙව.

389. යථා සාරදිකං බීජං ඛෙත‍්තෙ වුත‍්තං විරූහති, එවං රුහතු තෙ නාසා පදුමං දෙහි යාචිතො.

389. යම් සේ ශරත් සමයෙහි ගෙන තැන්පත් කළ සරු බිජුවට කෙතෙහි වපුළේ මනා සේ වැඩේ ද, එපරිදි ඔබේ නාසය නැවත හටගනීවා. ඉල්ලන ලදුයෙහි පියුමක් දෙව.

390. උභොපි පලපන‍්තෙතෙ අපි පදුමානි දස‍්සති, වජ‍්ජ්‍රං වා තෙ න වා වජ‍්ජුං නත්‍ථි නාසාය රූහනා, දෙහි සම‍්ම පදුමානි අහං යාචාමි යාචිතො.

390. තුලුහු දෙදෙන මැ මල් දෙන්නේයයි සිතා බොරු කියති. ඔහු කියත්වයි නො කියත්වයි. නාසිකාවගේ වැඩීමෙක් නැත මිතුර, ඉල්ලන ලද්දෙහි පියුම් දෙව යි.

1. පදුමජාතකං.

1. පදුම ජාතකය

391. පාණි චෙ මුදකො චස‍්ස නාගො චස‍්ස සුකාරිතො, අන්‍ධකාරො ච වස‍්සෙය්‍ය අථ නූන තදා සියා.

391. ඉදින් අත්තල මොළොක් වී නම්, හස්තියා සුසික්‍ෂිත වී නම්, රැය අඳුරු වී නම් වැසි ද වස්නේ වී නම් අපගේ අදහස එකැතින් සඵල වන්නේ යි.

392. අනලා මුදුසම‍්භාසා දුප‍්පූරා තා නදීසමා, සීදන‍්ති නං විදිත්‍වාන ආරකා පරිවජ‍්ජයෙ.

392. පුරුෂයන්ගෙන් තෘප්ත නො වන්නා වූ මෘදු සම්භාෂණ ඇති පුරවන්නට බැරි ගඟක් සමාන වූ ස්ත්‍රීහු තමාට වසඟයන් අපායේ ගිල්ලති. මෙය දැන ඇය දුරින් දුරු කරන්න.

393. යං එතා උපසෙවන‍්ති ඡන්‍දසා වා ධනෙන වා, ජාතවෙදොව සණ‍්ඨානං ඛිප‍්පං අනුදහන‍්ති නන‍්ති.

393. තෙල ස්ත්‍රීහු රුචියෙන් වේවයි ධන හේතුයෙන් වේවයි යම් පුරුෂයකු ඇසුරු කෙරෙත් ද තමා සිටි තැන දවන ගින්න සේ සේවනය කළහු ම වහා දවති.

2. මුදුපාණීජාතකං.

2. මුදුපාණි ජාතක යි.

394. අභිජ‍්ජමානෙ වාරිස‍්මිං සයං ආගම‍්ම ඉද‍්ධියා, මිස‍්සීභාවිත්‍ථියා ගන‍්ත්‍වා සංසීදසි මහණ‍්ණවෙ.

394. අභිද්‍යමාන උදකයෙහි තෙමේ ඍද්ධිබලයෙන් අවුත් ස්ත්‍රිය හා මිශ්‍රභාවයට ගොස් මහසයුරේ ගිලෙහි.

395. ආවට‍්ටනී මහාමායා බුහ‍්මචරියවිකොපනා, සීදන‍්ති නං විදිත්‍වාන ආරකා පරිවජ‍්ජයෙ.

395. මේ ඉතිරියෝ කාමයෙන් (පුරුෂයන්) පොළොඹවන්නෝය. මහාමායා ඇත්තෝය. බඹසර නම් වූ උතුම් හැසිරීම නසා පුරුෂයන් අපායේ ගිල්වත්. මෙය දැන ඇය දුරින් ම දුරු කරන්නේ යැ.

396. යං එතා උපසෙවන‍්ති ඡන්‍දසා වා ධනෙන වා, ජාතවෙදොව සණ‍්ඨානං ඛිප‍්පං අනුදහන‍්තිනන‍්ති.

396. තෙල ස්ත්‍රීහු කැමැත්තෙන් වේවයි ධන හේතුවින් වේවයි යම් පුරුෂයකු ඇසුරු කෙරෙත් ද, තමා සිටි තැනැ දවන ගින්න සේ සේවනය කළහු ම වහා දවත්.

3. චුල‍්ලපලොභනජාතකං.

3. චුල්ලපලෝහන ජාතක යි.

397. පණාදො නාම සො රාජා යස‍්ස යූපො සුවණ‍්ණයො, තිරියං සොළස පබ‍්බෙධො උච‍්චමානු සහස‍්සධා.

397. යම් රජක්හුගේ ස්වර්‍ණමය වූ ප්‍රාසාදය සරසින් සොළොස් හීසනක් පමණ වේ ද, උසින් දහස් හීසනක් පමණ වේ යයි කීහු ද එ රජ පණාද නම.

398. සහස‍්සකණ‍්ඩං සතභෙණ‍්ඩුං ධජාලු හරිතාමයො, අනච‍්චුං තත්‍ථ ගන්‍ධබ‍්බා ඡසහස‍්සානි සත‍්තධා.

398. උසින් දහස්කඩ පමණ වූ ඒ මාලිගාව සියක් මහල් ඇත්තේ යැ ධ්වජ බහුල වූයේ යැ. නිල්මැණිකින් සදනලද්දේ යැ. එහි සදහසක් නළුවෝ සප්තප්‍රකාර වැ නැටූහ.

399. එවමෙතං තදා ආසි යථා භාසසි භද‍්දජි, සක‍්කො අහං තදා ආසිං වෙය්‍යාවච‍්චකාරො තවන‍්ති.

399. භද්දජී යම් සේ කියා නම් එකල්හි තෙලපහය මෙසේ වී. එකල්හි තොපට (විස්කම් ලවා මාලිගාව කරවූ) වතාවත්කරු සක්දෙව් රජ මම වීමි.

4. මහාපණාදජාතකං.

4. මහාපණාද ජාතක යි.

400. දිස‍්වා ඛුරප‍්පෙ ධනුවෙගනුන‍්නෙ ඛග‍්ගෙ ගහීතෙ තිඛිණෙ තෙලධොතෙ, තස‍්මිං භයස‍්මිං මරණෙ වියූළ‍්හෙ කස‍්මා නු තෙ නාහු ඡම‍්භිතත‍්තන‍්ති.

400. චාප (දුනු) වේගයෙන්, හරනා ලද මහහීතල ද තෙල් සණලා මුවහත් කළ කඩු ද දැක මරණය එළැඹ සිටි ඒ හයෙහි තොපට කුමක් හෙයින් තැතිගැන්මෙක් නො වී ද.

401. දිස‍්වා ඛුරප‍්පෙ ධනුවෙගනුන‍්නෙ ඛග‍්ගෙ ගහීතෙ තිඛණෙ තෙලධොතෙ, තස‍්මිං භයස‍්මිං මරණෙ වියූළ‍්හෙ වෙදං අලත්‍ථං විපුලං උළාරං.

401. චාපවේගයෙන් හරනාලද, ඊතල ද, තෙල්සණ ලා මුවහත් කළ කඩු ද දැක මරණය සමීප වැ සිටි ඒ හයෙහි උදාර වූ මහත් සතුටක් ලදිමි.

402. සො වෙදජාතො අජ‍්ඣභවිං අමිත‍්තෙ පුබ‍්බෙව මෙ ජීවිතමාසි චත‍්තං. න හි ජීවිතෙ ආලයං කුබ‍්බමානො සූරො කයිරා සුරකිච‍්චං කදාචීති.

402. ප්‍රීත වූ ඒ මම සතුරන් මැඩීමි. පළමු මාගේ ජීවිතය හරනාලද. ජීවිතයෙහි ආලය කරන ශූර තෙම කිසි කලෙක ශූරක්‍රියා නො කරන්නේ යි.

5. ඛුරප‍්පජාතකං.

5. ඛුරප්ප ජාතක යි.

403. යෙනාසි කිසියා පණ‍්ඩු යෙන භත‍්තං න රුච‍්චති, අයං සො ආගතො තාතො කස‍්මාදානි පලායසි.

403. යම් කරුණෙකින් කෘශ වැ පඬුවන් වී ද, යම් (ප්‍රේම) කරුණෙකින් ආහාර අරුචි වී ද, තී පතන ඒ ප්‍රියයා ආයේ යැ. දැන් කුමට පලායෙහි ද?

404. සචෙ පනාදිකෙනෙව සන්‍ථවො නාම ජායති, යසො හායති ඉත්‍ථීනං තස‍්මා තාත පලායහං.

404. පළමු මැ සංසර්‍ග මිත්‍රත්‍වය නො හටගනී. යම් හෙයෙකින් ස්ත්‍රීන්ගේ ගර්‍ව සඞ්ඛ්‍යාත යසස පිරිහේ ද, එහෙයින් දරුව, පලායෙමි.

405. යසස‍්සීනං කුලෙ ජාතං ආගතං යා න ඉච‍්ඡති, සොචති චිරරත‍්තාය වාතග‍්ගමිව කුන්‍දලීති.

405. යම් ස්ත්‍රියක් තමා සමීපයට ආ ප්‍රශස්ත කුලයෙහි උපන් පුරුෂයා නො කැමති වේ ද, ඕ තොමෝ “වාතග්ග” නම් අසු නො කැමැති වූ ‘කුන්‍දලී’ නම් කොටළුදෙන මෙන් දිගුකලක් ශෝක කරන්නී යැ.

6. වාතග‍්ගජාතකං.

6. වාතග්ගසින්‍ධව ජාතක යි.

406. සිඞ‍්ගී මිගො ආයතචක‍්ඛුනෙත‍්තො අට‍්ඨිත‍්තචො වාරිසයො අලොමො, තෙනාභිභූතො කපණං රුදාමි මාහෙව මං පාණසමං ජහෙය්‍ය.

406. දිග ඇස් ඇති ඈට මැ හම ඇති දියෙහි වෙසෙන ලෝම රහිත වූ “සිංගිමිග” නම් කකුළුවෙක, ඔහු විසින් මඩනා ලද්දෙම් අසරණ වැ හඬමි. ප්‍රාණ සම වූ මා නො හැරපියව.

407. අය්‍ය තං න ජහිස‍්සාමි කුඤ‍්ජර සට‍්ඨිහායන, පථව්‍යා චාතුරන‍්නාය සුප‍්පියො හොසි මෙ තුවං,

407. සැටවිය ඉක්ම ථාමහීන වූ කුඤ්ඡර ස්වාමීනි, විපතට පත් තොප නො හරින්නෙමි. සතර දිග පැතිරැගිය මුහුද අවසන් කොට සිටි මහපොළොවටත් වඩා තොප මට ප්‍රිය යැ.

408. යෙ කුළිරා සමුද‍්දස‍්මිං ගඞ‍්ගාය නම‍්මදාය ච, තෙසං ත්‍වං වාරිජො සෙට‍්ඨො මුඤ‍්ච රොදන‍්තියා පතින‍්ති.

408. මුහුදෙහි ද ගඞ්ගානදියෙහි ද නර්‍මදා නදියෙහි ද යම් කකුළු කෙනෙක් ඇද්ද, ඒ හැමට වඩා ජලයෙහි උපන් තෙපි රූසපුයෙන් හා මහත්ත්‍වයෙන් ශ්‍රේෂ්ඨ වූවහු යැ. හඬන්නා වූ මාගේ සැමියා මුදව.

7. කක‍්කටකජාතකං.

7. කක්කටක ජාතක යි.

409. යො චෙ සබ‍්බසමෙතානං අහුවා සෙට‍්ඨසම‍්මතො තස‍්සායං එදිසී පඤ‍්ඤා කිමෙව ඉතරා පජා.

409. රැස් වූ හැමදෙනා අතුරෙහි යමෙක් ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨය යි ප්‍රසිද්ධ වූයේ ද ඔහුගේ ප්‍රඥාව ද මෙබඳු විය, අන්‍යයන් ගැන කවර කථා ද?

410. එවමෙව තුවං බ්‍රහ‍්මෙ අනඤ‍්ඤාය විනින්‍දසි කථං මූලං අදිස‍්වාන රුක‍්ඛං ජඤ‍්ඤා පතිට‍්ඨිතං.

410. බමුණ, තෙපි හේතු නො දැන මෙසේ නින්‍දා කරව. පොළොවට ඇද තිබෙන මුල නො දැක කෙසේ ගස අඳුනන්නහු ද?

411. නාහං තුම‍්හෙ විනින්‍දාමි යෙ චඤ‍්ඤෙ වානරා වනෙ, විස‍්සසෙනොව ගාරය‍්හො යස‍්සත්‍ථා රුක‍්ඛරොපකා’ති

411. මම තොපටත් වනයෙහි වෙසෙන අනෙක් වානරයන්ටත් නින්‍දා නො කරමි. තොප වැන්නවුන් ආරාමරෝපක ධුරයට පත් කළ විශ්වසේන රජතුමා මැ නින්‍දා කටයුතු වෙයි.

8. ආරාමදූසකජාතකං.

8. ආරාමදූසක ජාතක යි.

412. න හි වණ‍්ණෙන සම‍්පන‍්නා මඤ‍්ජුකා පියදසස‍්නා ඛරවාචා පියා හොන‍්ති අස‍්මිං ලොකෙ පරම‍්හි ච.

412. වර්‍ණවත් වූ මධුරනාද ඇති දැකුම්කලු වූවා හු ද, රළුබසින් යුතු වූවාහු නම් මෙලොව ද පරලොව ද කිසිවක්හුහටත් ප්‍රිය නො වෙති.

413. නනු පස‍්සසිමං කාළිං දුබ‍්බණ‍්ණං තිලකාහතං, කොකිලං සණ‍්හභාණෙන බහුන‍්නං පාණිනං පියං.

413. කළුපැහැති දුර්වර්‍ණ වූ තලකැලැල් ඇති මේ කෙවිලිය සිලිටි බසින් බොහෝ වූ ප්‍රාණීන්ට ප්‍රිය වූවා නො දක්නෙහි ද?

414. තස‍්මා සඛිලවාචස‍්ස මත‍්තභාණි අනුද‍්ධතො, අත්‍ථං ධම‍්මඤ‍්ච දීපෙති මධුරං තස‍්ස භාසිතන‍්ති.

414. එහෙයින් මටසිලිටි කථා ඇති වන්නේ යැ. නුවණින් පිරිසිඳ කථා කරන මත්තභාණී වන්නේ යැ. උඩඟු නො වන්නේ යැ. ඔහුගේ මධුර භාෂිතය අර්‍ත්‍ථයත් ධර්‍මයත් ප්‍රකාශ කරයි.

9. සුජාතජාතකං.

9. සුජාත ජාතක යි.

415. සබ‍්බෙහි කිර ඤාතීහි කොසියො ඉස‍්සරො කතො, සචෙ ඤාතීහනුඤ‍්ඤාතො භණෙය්‍යාහං එකවාචියං.

415. සියලු නෑයන් විසින් මහමුහුණු රජ කරන ලද්දේ යැ, ඉදින් නෑයන් විසින් අනුදන්නාලද්දෙම් නම් මම වචනයක් කියමි.

416. භණ සම‍්ම අනුඤ‍්ඤාතො අත්‍ථං ධම‍්මඤ‍්ච කෙවලං, සන‍්ති හි දහරා පක‍්ඛී පඤ‍්ඤාවන‍්තො ජුතින්‍ධරා.

416. යහළුව, අප විසින් අනුදන්නා ලද්දෙහි යැ. හේතුව හා ප්‍රවේණි ධර්‍මය කියව, ප්‍රඥාවත් ප්‍රඥාලෝකයත් ඇති තරුණ පක්‍ෂීහු ඇත් මැ යි.

417. න මෙ රුච‍්චති භද‍්දං වො උලූකස‍්සාභිසෙචනං, අකුද‍්ධස‍්ස මුඛං පස‍්ස කථං කුද‍්ධො කරිස‍්සතීති.

417. තොප හැමට සෙත් වේවා, මහමුහුණු අභිෂේක කරනු මට රිසි නො වෙයි. නො කිපියහුගේ මුහුණ බලව. කිපියේ කුමක් කරන්නේ දැයි නො දනිමි.

10. උලූකජාතකං.

10. උලූක ජාතක යි.

පදුමවග‍්ගො දුතියො

දෙවැනි පදුමවර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

පදුමුත‍්තමනාගසිරිව‍්හයනො සමහණ‍්ණවයූපඛුරප‍්පවරො, අථ කුන්‍දලිකුඤ‍්ජරරුක‍්ඛ පුන ඛරවාචඋලූකවරෙන දසා’ති.

පදුම ජාතක යැ, මුදුපාණි ජාතක යැ, සයුරෙහි ගැලීම කියන චුල්ලපලෝභන ජාතක යැ, මහායූපය ඇති මහාපණාද ජාතකය හා ඛුරප්ප ජාතක යැ, යළි ශෝක කරන කුන්‍දලිය ඇති වාතග්ගසින්‍ධව ජාතක යැ, (කුඤ්ජර) කක්කටක ජාතක යැ, (රුක්ඛ) ආරාමදූසක ජාතක යැ, (ඛරවාච) සුජාත ජාතක යැ, උලූක ජාතක යැ යන දසය යි.