1. පදුමජාතකවණ්ණනා 261 අට්ඨකථා
1. පදුමජාතකවණ්ණනා (261)
1. පදුම ජාතකය (261)
යථා කෙසා ච මස්සූ චාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො ආනන්දබොධිම්හි මාලාපූජකාරකෙ භික්ඛූ ආරබ්භ කථෙසි. වත්ථු කාලිඞ්ගබොධිජාතකෙ ආවිභවිස්සති. සො පන ආනන්දත්ථෙරෙන රොපිතත්තා “ආනන්දබොධී”ති ජාතො. ථෙරෙන හි ජෙතවනද්වාරකොට්ඨකෙ බොධිස්ස රොපිතභාවො සකලජම්බුදීපෙ පත්ථරි. අථෙකච්චෙ ජනපදවාසිනො භික්ඛූ “ආනන්දබොධිම්හි මාලාපූජං කරිස්සාමා”ති ජෙතවනං ආගන්ත්වා සත්ථාරං වන්දිත්වා පුනදිවසෙ සාවත්ථිං පවිසිත්වා උප්පලවීථිං ගන්ත්වා මාලං අලභිත්වා ආගන්ත්වා ආනන්දත්ථෙරස්ස ආරොචෙසුං – “ආවුසො, මයං ‘බොධිම්හි මාලාපූජං කරිස්සාමා’ති උප්පලවීථිං ගන්ත්වා එකමාලම්පි න ලභිම්හා”ති. ථෙරො “අහං වො, ආවුසො, ආහරිස්සාමී”ති උප්පලවීථිං ගන්ත්වා බහූ නීලුප්පලකලාපෙ උක්ඛිපාපෙත්වා ආගම්ම තෙසං දාපෙසි, තෙ තානි ගහෙත්වා බොධිස්ස පූජං කරිංසු. තං පවත්තිං සුත්වා ධම්මසභායං භික්ඛූ ථෙරස්ස ගුණකථං සමුට්ඨාපෙසුං – “ආවුසො, ජානපදා භික්ඛූ අප්පපුඤ්ඤා උප්පලවීථිං ගන්ත්වා මාලං න ලභිංසු, ථෙරො පන ගන්ත්වාව ආහරාපෙසී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව වත්තුඡෙකා කථාකුසලා මාලං ලභන්ති, පුබ්බෙපි ලභිංසුයෙවා”ති වත්වා අතීතං ආහරි.
යථා කෙසා ච මස්සූ ච යන දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් ආනන්ද බෝධියට මල්මාලා පූජාකරන භික්ෂූන් අරබයා දේශනා කළ සේක. කතා පුවත කාලිංග බෝධි ජාතකයෙහි මතු සඳහන් වන්නේය. එය වනාහි ආනන්ද තෙරුන් වහන්සේ විසින් රෝපණය කරන ලද බැවින් ආනන්ද බෝධි යයි නම් විය. තෙරුන් වහන්සේ විසින් ජේතවනාරාම දොරකොටුව අසල බෝධිය රෝපණය කළ බව සියලු දඹදිව පැතිරුණේය. ඉක්බිති එක්තරා ජනපදවාසී භික්ෂූහු ආනන්ද බෝධියට මල්මාලා පූජා කරන්නෙමුයි දෙව්රමට අවුත් බුදුරජාණන් වහන්සේට වැඳ දෙවන දවසේ සැවැත්නුවරට පිවිස උපුල් මල් ඇති වීදියට ගොස් මල් නොලබා ආපසු ඇවිත් ආනන්ද තෙරුන්ට සැල කළාහුය. ඇවැත්නි! අපි බෝධින් වහන්සේට මල්මාලා පූජා කරන්නෙමුයි උපුල් වීදියට ගොස් එක් මලක්වත් නොලැබුවෙමු. තෙරුන් වහන්සේ ඇවැත්නි! මම ඔබලාට මල් ගෙන එන්නෙමියි කියා උපුල් විකුණන වීදියට ගොස් බොහෝ නිලුපුල් මිටි ඔසවාගෙන අවුත් ඔවුන්ට දෙවූහ. උන්වහන්සේලා ඒවා රැගෙන බෝධපූජා කළාහුය. ඒ ප්‍රවෘත්තිය දැන දම්සභාවෙහි භික්ෂූහු ඇවැත්නි! ජනපදවාසී භික්ෂූහු පින්මදකමින් උපුල් විකුණන වීදියට ගොස් මල් නොලැබූහ. තෙරුන් වහන්සේ වැඩම කළ ගමන්ම ගෙන්වාගෙන වැඩියහ යනුවෙන් තෙරුන් වහන්සේගේ ගුණකථාවක් මතු කළහ. බුදුරජාණන් වහන්සේ වැඩම කර මහණෙනි! මා එන්නට පෙර කවර කථාවකින් යුතුව මෙහි සිටියාහුදැයි විචාරා මෙනම් කතාවෙන් යයි කී කල්හි, මහණෙනි! කිමෙහි, බිනීමෙහි දක්ෂ වූයෝ දැන් පමණක් මල් ලැබුවාහු නොවෙති. පෙරත් ලැබුවාහු යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො සෙට්ඨිපුත්තො අහොසි. අන්තොනගරෙ ච එකස්මිං සරෙ පදුමානි පුප්ඵන්ති. එකො ඡින්නනාසො පුරිසො තං සරං රක්ඛති. අථෙකදිවසං බාරාණසියං උස්සවෙ ඝුට්ඨෙ මාලං පිළන්ධිත්වා උස්සවං කීළිතුකාමා තයො සෙට්ඨිපුත්තා “නාසච්ඡින්නස්ස අභූතෙන වණ්ණං වත්වා මාලං යාචිස්සාමා”ති තස්ස පදුමානි භඤ්ජනකාලෙ සරස්ස සන්තිකං ගන්ත්වා එකමන්තං අට්ඨංසු.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ සිටුපුත්‍රයෙක් වූ සේක. ඇතුළු නුවරම එක් විලක නෙළුම් පිපේ. බිඳුණු නාසයක් ඇති එක් පුරුෂයෙක් විල රකී. ඉක්බිති එක්දිනක් බරණැස් නුවර උත්සව කාලය දැනුම් දුන් කල්හි මල් පැළඳ සැනකෙළි කෙලිනු කැමති සිටුපුත්රයෝ තිදෙනෙක් නාසය සිඳුණු අයට බොරු වර්ණනා කියා මල් ඉල්ලන්නෙමුයි ඔහු නෙළුම් මල් කඩන කාලයේ විල අසලට ගොස් එකත්පසෙක සිටියාහුය.
තෙසු එකො තං ආමන්තෙත්වා පඨමං ගාථමාහ –
ඔවුන්ගෙන් එකෙක් ඔහු අමතා -
“යථා කෙසා ච මස්සූ ච, ඡින්නං ඡින්නං විරූහති; එවං රුහතු තෙ නාසා, පදුමං දෙහි යාචිතො”ති.
යථා කෙසා ච මස්සූච ජින්නං ජින්නං විරූහති, එවං රූහතු තෙ නාසා පදුමං දෙහි යාචිතො
යන පළමු ගාථාව කිවේය.
යම්සේ හිසකෙස්ද, දැලිරැවුල්ද කපන්න කපන්න යළි වැඩේද, එලෙස තොපගේ නාසය නැවත වැඩේවා. මවිසින් ඔබෙන් ඉල්ලන ලදි. පියුමක් දෙන්න.
සො තස්ස කුජ්ඣිත්වා පදුමං න අදාසි.
හෙතෙම ඔහු කෙරෙහි කිපී මලක් නුදුන්නේය.
අථස්ස දුතියො දුතියං ගාථමාහ –
ඉක්බිති ඔහුට දෙවැන්නා -
“යථා සාරදිකං බීජං, ඛෙත්තෙ වුත්තං විරූහති; එවං රුහතු තෙ නාසා, පදුමං දෙහි යාචිතො”ති.
යථා සාර දිකං බීජං ඛෙත්තෙ වුත්තං විරූහති, එවං රූහතු තෙ නාසා පදුමං දෙහි යාචිතො
යන දෙවන ගාථාව කීය.
යම්සේ කෙතෙහි වැපිරූ සරත් සමයෙහි රැගෙන තැන්පත් කල බිත්තර වී මනාසේ වැඩේද එපරිදි ඔබේ නාසය නැවත වැඩේවා. මවිසින් ඔබෙන් ඉල්ලන ලදී. පියුමක් දෙන්න.
තත්ථ සාරදිකන්ති සරදසමයෙ ගහෙත්වා නික්ඛිත්තං සාරසම්පන්නං බීජං. සො තස්සපි කුජ්ඣිත්වා පදුමං න අදාසි.
එහි, සාරදිකං යනු සරත් සෘතුවෙහි ගෙන තබන ලද සාරවත් බිත්තර වී හෙතෙම ඔහුටද කිපී නෙළුමක් නුදුන්නේය.
අථස්ස තතියො තතියං ගාථමාහ –
ඉක්බිති ඔහුට තෙවැන්නා -
“උභොපි පලපන්තෙතෙ, අපි පද්මානි දස්සති; වජ්ජුං වා තෙ න වා වජ්ජුං, නත්ථි නාසාය රූහනා; දෙහි සම්ම පදුමානි, අහං යාචාමි යාචිතො”ති.
උහොපි පලපන්තෙතෙ අපි පදමානි දස්සති, වජ්ජුං වා නවා වජ්ජුං නත්ථි නාසාය රූහනා, දෙහි සම්ම පදුමානි අහං යාචාමි යාචිතො
යන තෙවන ගාථාව කීවේය.
මුල් දෙදෙනාම මල් දෙන්නේ යැයි බොරු කියති. ඔවුහු ඔබේ නාසය වැඩේවායි කීවත් නොකීවත් නාසය වැඩීමක් නැත. මිතුර! ඉල්ලන ලද්දෙහි පියුම් දෙන්න.
තත්ථ උභොපි පලපන්තෙතෙති එතෙ ද්වෙපි මුසා වදන්ති. අපි පද්මානීති “අපි නාම නො පදුමානි දස්සතී”ති චින්තෙත්වා එවං වදන්ති. වජ්ජුං වා තෙ න වා වජ්ජුන්ති “තව නාසා රුහතූ”ති එවං වදෙය්යුං වා න වා වදෙය්යුං, එතෙසං වචනං අප්පමාණං, සබ්බත්ථාපි නත්ථි නාසාය රුහනා, අහං පන තෙ නාසං පටිච්ච න කිඤ්චි වදාමි, කෙවලං යාචාමි, තස්ස මෙ දෙහි, සම්ම, පදුමානි යාචිතොති.
එහි, උභොපි පලපන්තෙතෙ යනු මොවුන් දෙදෙනාම බොරු කියති. අපි පද්මානි යනු අපට නෙළුම් දෙතියි සිතා මෙසේ කියති. වජ්ජුං වා තෙ නවා වජ්ජුං යනු නුඹේ නාසය වැඩේයයි සිතා මෙසේ කීවත් නොකීවත් ඔවුන්ගේ වචනය ප්‍රමාණයක් නොවේ. කෙසේවත් නාසය වැඩීමක් නැත. අහං මම නුඹේ නාසය උදෙසා කිසිවක් නොකියමි. හුදෙක්, යාචාමි ඉල්ලමි. ඒ මට දෙහි සම්ම පදුමානි යාචිතො යනු ඉල්ලන ලද්දේ යහළුව, නෙළුම් දෙන්න.
තං සුත්වා පදුමසරගොපකො “ඉමෙහි ද්වීහි මුසාවාදො කථිතො, තුම්හෙහි සභාවො කථිතො, තුම්හාකං අනුච්ඡවිකානි පදුමානී”ති මහන්තං පදුමකලාපං ආදාය තස්ස දත්වා අත්තනො පදුමසරමෙව ගතො.
ඒ අසා නෙළුම් විල රකින්නා මේ දෙදෙනා විසින් බොරුවක් කරන ලදි. තොප විසින් ඇත්ත ස්වභාවය කියන ලදි. නුඹට නෙළුම් මල් සුදුසුයැයි කියා ලොකු නෙළුම් මිටියක් ගෙනවුත් ඔහුගේ ගෙදරට දී තමන්ගේ නෙළුම් විලටම ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා පදුමලාභී සෙට්ඨිපුත්තො අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව ගලපා නිමවා වදාළ සේක. එකල නෙළුම් මල් ලැබූ සිටුපුත්‍රයා මම ම වූයෙමි යි වදාළ සේක.
පදුමජාතකවණ්ණනා පඨමා.