2. මුදුපාණිජාතකවණ්ණනා 262 අට්ඨකථා
2. මුදුපාණිජාතකවණ්ණනා (262)
2. මුදුපාණි ජාතකය (262)
පාණි චෙ මුදුකො චස්සාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං උක්කණ්ඨිතභික්ඛුං ආරබ්භ කථෙසි. තඤ්හි සත්ථා ධම්මසභං ආනීතං “සච්චං කිර ත්වං, භික්ඛු, උක්කණ්ඨිතොසී”ති පුච්ඡිත්වා “සච්චං, භන්තෙ”ති වුත්තෙ “භික්ඛු, ඉත්ථියො නාමෙතා කිලෙසවසෙන ගමනතො අරක්ඛියා, පොරාණකපණ්ඩිතාපි අත්තනො ධීතරං රක්ඛිතුං නාසක්ඛිංසු, පිතරා හත්ථෙ ගහෙත්වා ඨිතාව පිතරං අජානාපෙත්වා කිලෙසවසෙන පුරිසෙන සද්ධිං පලායී”ති වත්වා අතීතං ආහරි.
පාණී චෙ මුදුකොචස්සා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක්තරා කලකිරුණු භික්ෂුවක් අරබයා වදාළ සේක. බුදුරජාණන් වහන්සේ, දම්සභාවට කැඳවන ලද ඒ භික්ෂුවගෙන් ඇත්තද මහණ! ඔබ කළකිරුණේදැයි විචාරා ස්වාමීනි! ඇත්තයි කී කල්හි මහණ! ස්ත්‍රීහු වනාහි කෙළෙස් වසඟයට යාමෙන් ආරක්ෂා කළ නොහැකිය. පෙර පඬිවරු පවා තමන්ගේ දුව රැකීමට නොහැකි වූහ. පියා විසින් අතින් අල්ලාගෙන සිටියදීත් දුව පියාට නොදන්වාම කෙලෙස් වසඟව පුරුෂයෙකු සමග පලා ගියේයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො තස්ස අග්ගමහෙසියා කුච්ඡිම්හි නිබ්බත්තිත්වා වයප්පත්තො තක්කසිලායං සබ්බසිප්පානි උග්ගණ්හිත්වා පිතු අච්චයෙන රජ්ජෙ පතිට්ඨාය ධම්මෙන රජ්ජං කාරෙසි. සො ධීතරඤ්ච භාගිනෙය්යඤ්ච ද්වෙපි අන්තොනිවෙසනෙ පොසෙන්තො එකදිවසං අමච්චෙහි සද්ධිං නිසින්නො “මමච්චයෙන මය්හං භාගිනෙය්යො රාජා භවිස්සති, ධීතාපි මෙ තස්ස අග්ගමහෙසී භවිස්සතී”ති වත්වා අපරභාගෙ භාගිනෙය්යස්ස වයප්පත්තකාලෙ පුන අමච්චෙහි සද්ධිං නිසින්නො “මය්හං භාගිනෙය්යස්ස අඤ්ඤස්ස රඤ්ඤො ධීතරං ආනෙස්සාම, මය්හං ධීතරම්පි අඤ්ඤස්මිං රාජකුලෙ දස්සාම, එවං නො ඤාතකා බහුතරා භවිස්සන්තී”ති ආහ. අමච්චා සම්පටිච්ඡිංසු.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප මහ බෝසතාණන් වහන්සේ ඔහුගේ අග මෙහෙසියගේ කුසෙහි පිළිසිඳගෙන බිහිව වැඩිවියට පත්ව තක්සලා නුවරින් ශිල්ප ඉගෙන ගෙන අවුත් පියාගේ ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටා දැහැමින් රජය කරවූහ. හෙතෙම දුවද බෑණාද දෙදෙනාම ඇතුළු ගෙයි පෝෂණය කරමින් එක් දවසක් ඇමතියන් සමග හුන්නේ මගේ ඇවෑමෙන් මගේ බෑණා රජ වන්නේය. මගේ දුව ඔහුගේම අග මෙහෙසිය වන්නේ යයි කියා පසුකලෙක ඔවුන් වැඩි වයසට පත් කාලයේ නැවත ඇමතියන් සමග සිටින්නේ මගේ බෑණාට අනිකෙකුගේ දුවක ගෙනෙන්නෙමි. මගේ දුවද අන් රජ කුලයකට දෙන්නෙමි. මෙසේ අපට නෑයෝ බොහෝ වන්නාහුයයි කීහ. ඇමතිවරු එය පිළිගත්තාහුය.
අථ රාජා භාගිනෙය්යස්ස බහිගෙහං දාපෙසි, අන්තො පවෙසනං නිවාරෙසි. තෙ පන අඤ්ඤමඤ්ඤං පටිබද්ධචිත්තා අහෙසුං. කුමාරො “කෙන නු ඛො උපායෙන රාජධීතරං බහි නීහරාපෙය්ය”න්ති චින්තෙන්තො “අත්ථි උපායො”ති ධාතියා ලඤ්ජං දත්වා “කිං, අය්යපුත්ත, කිච්ච”න්ති වුත්තෙ “අම්ම, කථං නු ඛො රාජධීතරං බහි කාතුං ඔකාසං ලභෙය්යාමා”ති ආහ. “රාජධීතාය සද්ධිං කථෙත්වා ජානිස්සාමී”ති. “සාධු, අම්මා”ති. සා ගන්ත්වා “එහි, අම්ම, සීසෙ තෙ ඌකා ගණ්හිස්සාමී”ති තං නීචපීඨකෙ නිසීදාපෙත්වා සයං උච්චෙ නිසීදිත්වා තස්සා සීසං අත්තනො ඌරූසු ඨපෙත්වා ඌකා ගණ්හයමානා රාජධීතාය සීසං නඛෙහි විජ්ඣි . රාජධීතා “නායං අත්තනො නඛෙහි විජ්ඣති, පිතුච්ඡාපුත්තස්ස මෙ කුමාරස්ස නඛෙහි විජ්ඣතී”ති ඤත්වා “අම්ම, ත්වං කුමාරස්ස සන්තිකං අගමාසී”ති පුච්ඡි. “ආම, අම්මා”ති. “කිං තෙන සාසනං කථිත”න්ති? “තව බහිකරණූපායං පුච්ඡති, අම්මා”ති. රාජධීතා “පණ්ඩිතො හොන්තො ජානිස්සතී”ති පඨමං ගාථං බන්ධිත්වා “අම්ම, ඉමං උග්ගහෙත්වා කුමාරස්ස කථෙහී”ති ආහ.
ඉක්බිති රජතුමා බෑණාට පිටතින් ගෙයක් දෙවීය. ඇතුළට පිවිසීම වැළැක්වීය. ඔවුහු වනාහි ඔවුනොවුන් පිළිබඳ සිත් ඇත්තෝ වූහ. කුමාරයා කිසියම් උපායකින් රජදුව පිටතට පමුණුවා ගන්නෙමියි සිතමින් උපායක් ඇතැයි කිරිමවට අල්ලසක් දී, ආර්ය පුත්‍රය! කුමක් කළ යුතුදැයි කී කල්හි මෑණියනි! රජදුව පිටකර ගැනීමට අවකාශයක් කෙසේ ලබන්නෙමුදැයි කීය. රජදුව සමග කතාකොට දැනගන්නෙමියි කීවාය. හොඳයි මෑණියනියි කීය. ඈ ගොස් එව දරුව! ඔබේ ඔළුවේ උකුණන් ගන්නෙමියි කියා ඇය කුඩා පුටුවක වාඩිකරවා තමා උස් පුටුවක හිඳගෙන ඇගේ හිස තමන්ගේ කලවෙහි තබාගෙන උකුණන් ගනිමින් හිසට නියපොත්තෙන් ඇන්නාය. රජ දුව මැය තමන්ගේ නියෙන් නොඅනියි. නැන්දාගේ පුතා වන මගේ කුමාරයාගේ නියෙන් අනිතියි දැනගෙන මෑණියනි! නුඹ කුමාරයා සමීපයට ගියාදැයි විචාළාය. දරුව එසේ යයි කීවාය. ඔහු විසින් කුමන පණිවිඩයක් කියන ලදද? දරුව, නුඔ බැහැර කරගැනීමට උපායක් විමසයි යනුවෙන් කීවාය. රජදුව නුවණ ඇති තැනැත්තා දැනගන්නේ යයි සිතා පළමු ගාථාව කියා මෑණියනි! මෙය ඉගෙනගෙන කුමාරයාට කියන්නයි කීවාය.
“පාණි චෙ මුදුකො චස්ස, නාගො චස්ස සුකාරිතො; අන්ධකාරො ච වස්සෙය්ය, අථ නූන තදා සියා”ති.
පාණී චෙ මුදුකො චස්ස නාගො චස්ස සුකාරිතො, අන්ධ කාරො ච වස්සෙය්ය අථ නූන තදා සියාති
“ඉතින් අත්තල මොළොක් වී නම්, ඇතා මනාව හික්මවා ඇතිනම්, රැය අඳුරු වී නම්, වැසිද වස්නේ වී නම් අපගේ අදහස ඒකාන්තයෙන් සඵල වන්නේය.”
සා තං උග්ගණ්හිත්වා කුමාරස්ස සන්තිකං ගන්ත්වා “අම්ම, රාජධීතා කිමාහා”ති වුත්තෙ “අය්යපුත්ත, අඤ්ඤං කිඤ්චි අවත්වා ඉමං ගාථං පහිණී”ති තං ගාථං උදාහාසි. කුමාරො ච තස්සත්ථං ඤත්වා “ගච්ඡ, අම්මා”ති තං උය්යොජෙසි.
ඇය එය ඉගෙනගෙන කුමාරයා සමීපයට ගොස් මෑණියනි, රජදුව කුමක් කීවාදැයි ඇසූ කල්හි ආර්ය පුත්‍රයනි! අන් කිසිවක් නොකියා මේ ගාථාව එවන ලදැයි කියා ඒ ගාථාව කීවාය. කුමාරයා එහි තේරුම දැන මෑණියනි! යවයි ඇය පිටත්කර හැරියේය.
ගාථායත්ථො – සචෙ තෙ එකිස්සා චූළුපට්ඨාකාය මම හත්ථො විය හත්ථො මුදු අස්ස, යදි ච තෙ ආනෙඤ්ජකාරණං සුකාරිතො එකො හත්ථී අස්ස, යදි ච තං දිවසං චතුරඞ්ගසමන්නාගතො අතිවිය බහලො අන්ධකාරො අස්ස, දෙවො ච වස්සෙය්ය. අථ නූන තදා සියාති තාදිසෙ කාලෙ ඉමෙ චත්තාරො පච්චයෙ ආගම්ම එකංසෙන තෙ මනොරථස්ස මත්ථකගමනං සියාති.
ගාථාවෙහි අර්ථය: එදින් ඔබේ එක් සුළු උපස්ථායකයකුගේ අත මගේ අත මෙන් මුදු අස්ස මොළොක් වන්නේද, ඉදින් ඔබට නොසෙල්වී සිටිය හැකි අයුරින් පුහුණු කළ හෙයින්, සුකාරිතො සුකාරිත නම් වූ එක් ඇතෙක් සිටීද, ඉදින් අංග සතරකින් යුක්ත වූ අතිශයින් බහුල වු, අන්ධකාරො අන්ධකාරයක් පවතින යම් දිනයක් වේද එදින වැස්සද, වස්සෙය්ය වසින්නේ නම්, අථ නූන තදා සියා එබඳු කලක මේ කරුණු සතර පැමිණ ඒකාන්තයෙන් ඔබේ බලාපෛාරොත්තු මුදුන්පත් වන්නේය.
කුමාරො එතමත්ථං තථතො ඤත්වා එකං අභිරූපං මුදුහත්ථං චූළුපට්ඨාකං සජ්ජං කත්වා මඞ්ගලහත්ථිගොපකස්ස ලඤ්ජං දත්වා හත්ථිං ආනෙඤ්ජකාරණං කාරෙත්වා කාලං ආගමෙන්තො අච්ඡි.
කුමාරයා ඒ අර්ථය තතු පරිදි දැන රූමත් මෘදු අතක් ඇති එක් සුළු උපස්ථායකයකු සූදානම්කොට මඟුල් ඇත්ගොව්වාට අල්ලස් දී ඇතා නොසෙල්වෙන අයුරු පුරුදුකොට වේලාව එළඹෙන තුරු සිටියේය.
අථෙකස්මිං කාළපක්ඛුපොසථදිවසෙ මජ්ඣිමයාමසමනන්තරෙ ඝනකාළමෙඝො වස්සි. සො “අයං දානි රාජධීතාය වුත්තදිවසො”ති වාරණං අභිරුහිත්වා මුදුහත්ථකං චූළුපට්ඨාකං හත්ථිපිට්ඨෙ නිසීදාපෙත්වා ගන්ත්වා රාජනිවෙසනස්ස ආකාසඞ්ගණාභිමුඛෙ ඨානෙ හත්ථිං මහාභිත්තියං අල්ලීයාපෙත්වා වාතපානසමීපෙ තෙමෙන්තො අට්ඨාසි. රාජාපි ධීතරං රක්ඛන්තො අඤ්ඤත්ථ සයිතුං න දෙති, අත්තනො සන්තිකෙ චූළසයනෙ සයාපෙති. සාපි “අජ්ජ කුමාරො ආගමිස්සතී”ති ඤත්වා නිද්දං අනොක්කමිත්වාව නිපන්නා “තාත න්හායිතුකාමාම්හී”ති ආහ. රාජා “එහි, අම්මා”ති තං හත්ථෙ ගහෙත්වා වාතපානසමීපං නෙත්වා “න්හායාහි, අම්මා”ති උක්ඛිපිත්වා වාතපානස්ස බහිපස්සෙ පමුඛෙ ඨපෙත්වා එකස්මිං හත්ථෙ ගහෙත්වා අට්ඨාසි. සා න්හායමානාව කුමාරස්ස හත්ථං පසාරෙසි, සො තස්සා හත්ථතො ආභරණානි ඔමුඤ්චිත්වා උපට්ඨාකාය හත්ථෙ පිළන්ධිත්වා තං උක්ඛිපිත්වා රාජධීතරං නිස්සාය පමුඛෙ ඨපෙසි . සා තස්සා හත්ථං ගහෙත්වා පිතු හත්ථෙ ඨපෙසි, සො තස්සා හත්ථං ගහෙත්වා ධීතු හත්ථං මුඤ්චි, සා ඉතරස්මාපි හත්ථා ආභරණානි ඔමුඤ්චිත්වා තස්සා දුතියහත්ථෙ පිළන්ධිත්වා පිතු හත්ථෙ ඨපෙත්වා කුමාරෙන සද්ධිං අගමාසි. රාජා “ධීතායෙව මෙ”ති සඤ්ඤාය තං දාරිකං න්හානපරියොසානෙ සිරිගබ්භෙ සයාපෙත්වා ද්වාරං පිධාය ලඤ්ඡෙත්වා ආරක්ඛං දත්වා අත්තනො සයනං ගන්ත්වා නිපජ්ජි.
ඉක්බිති එක් මාසේපෝය දිනක (කළුවර පෝ දිනක) මධ්‍යම රාත්‍රිය පැමිණි කල මහා ඝන වැස්සක් වැස්සේය. කුමාරයා දැන් මේ රජදුව කියන ලද දිනයයි සිතා ඇතුපිට නැගී මෘදු අත් ඇති සුළු උපස්ථායකයා ඇතුපිට හිඳුවාගෙන ගොස් රජගෙදර අහස් මිදුලට මුහුණලා ඇති තැනක ඇතා මහා බිත්තියට හේත්තු කරවා වා කවුළුව (ජනේලය) ළඟ තෙමෙමින් සිටියේය. රජතුමාද දියණිය රකිමින් අන් තැන නිදන්නට නොදෙයි. තමන් ළග කුඩා ඇදක නිදි කරවයි. ඈ ද අද කුමරා එන්නේ යයි දැන නො නිදාම වැතිර හුන්නාය. පියාණනි! නානු කැමැත්තෙමියි කීවාය. රජතුමා එව දරුවයි ඇගේ අතින් අල්ලාගෙන වා කවුළුව සමීපයට පමුණුවා දරුව නාන්නැයි කියා ඔසවා තබා වා කවුළුවේ පිටත ඇති පියුමෙහි තබා එක් අතකින් අල්ලාගෙන සිටියේය. ඇය නාන ගමන්ම කුමාරයාට අත දිගු කළාය. ඔහු ඇගේ අතින් ආභරණ ගළවා උපස්ථායකයාගේ අතෙහි පළඳවා ඔහු ඔසවා රජදුව සිටි නෙළුමෙහි තැබීය. ඈ ඔහුගේ අත ගෙන පියාගේ අතෙහි තැබුවේය. හෙතෙම ඔහුගේ අතගෙන දුවගේ අත අතහැරියේය. ඈ අනිත් අතින්ද ආභරණ ගළවා ඔහුගේ දෙවන අතේ පළඳවා පියා අතෙහි තබා කුමාරයා සමග ගියාය. රජතුමා මේ මගේ දුවය යන හැඟීමෙන් ඒ දරුවා නා අවසන් වූ පසු සිරියහන් ගැබෙහි නිදි කරවා දොර වසා සීල් තබා ආරක්ෂාව පහන් වූ පසු දොර විවර කොට නිදාගත්තේය.
සො පභාතාය රත්තියා ද්වාරං විවරිත්වා තං දාරිකං දිස්වා “කිමෙත”න්ති පුච්ඡි. සා තස්සා කුමාරෙන සද්ධිං ගතභාවං කථෙසි. රාජා විප්පටිසාරී හුත්වා “හත්ථෙ ගහෙත්වා චරන්තෙනපි මාතුගාමං රක්ඛිතුං න සක්කා, එවං අරක්ඛියා නාමිත්ථියො”ති චින්තෙත්වා ඉතරා ද්වෙ ගාථා අවොච –
රජතුමා රාත්‍රිය පහන් වූ පසු දොර විවරකොට ඒ දරුවා දැක මේ කවරෙක්දැයි විචාළේය. ඔහු කුමාරයා සමග ඇය ගිය බව කීවේය. රජතුමා විපිළිසර වි අතින් අල්ලාගෙන හැසිරුණත් ස්ත්‍රීන් නම් රැකිය නොහැකිය. මෙසේ ඔවුන් නම් නොරැකිය හැකි අය වෙතියි සිතා
“අනලා මුදුසම්භාසා, දුප්පූරා තා නදීසමා; සීදන්ති නං විදිත්වාන, ආරකා පරිවජ්ජයෙ.
අනලා මුදු සම්භාසා දුප්පූරා තා නදීසමා, සීදන්ති නං විදිත්වාන ආරකා පරිචජ්ජයෙ
“යං එතා උපසෙවන්ති, ඡන්දසා වා ධනෙන වා; ජාතවෙදොව සං ඨානං, ඛිප්පං අනුදහන්ති න”න්ති.
යං එතා උප සෙවන්ති ඡන්දසා වා ධනෙ නවා, ජාත වෙදොව ඝණ්ඨානං ඛිප්පං අනුදහන්ති නං
යන අනිත් ගාථා දෙක කීවේය.
පුරුෂයන්ගෙන් තෘප්ත නොවන්නා වූ මෘදු සම්භාෂණ ඇති පුරවන්නට බැරි ගඟක් සමාන ස්ත්‍රීහු තමාට වසඟයන් අපායේ ගිල්ලති. මෙය දැන දුරින්ම දුරු කරන්න.
තෙල ස්ත්‍රීහු රුචියෙන් වේවයි ධන හේතුවෙන් වේවයි යම් පුරුෂයෙකු ඇසුරු කෙරෙත්ද තමා සිටි තැන දවන ගින්න සේ සේවනය කළාහුම වනසා දමති.
තත්ථ අනලා මුදුසම්භාසාති මුදුවචනෙනපි අසක්කුණෙය්යා, නෙව සක්කා සණ්හවාචාය සඞ්ගණ්හිතුන්ති අත්ථො. පුරිසෙහි වා එතාසං න අලන්ති අනලා. මුදුසම්භාසාති හදයෙ ථද්ධෙපි සම්භාසාව මුදු එතාසන්ති මුදුසම්භාසා. දුප්පූරා තා නදීසමාති යථා නදී ආගතාගතස්ස උදකස්ස සන්දනතො උදකෙන දුප්පූරා, එවං අනුභූතානුභූතෙහි මෙථුනාදීහි අපරිතුස්සනතො දුප්පූරා. තෙන වුත්තං –
එහි අනලා මුදුසම්භාසා යනු මොළොක් වචනයෙන් යුතු ස්ත්‍රීය සතුටු කළ නොහැකිය. මෘදු වචන ඇත්තියට සලකන්නට නොහැකිය යන අර්ථයයි. ස්ත්රීන්ට පුරුෂයන් ඇතිවීමක් නැත යන අර්ථයෙන් ස්ත්‍රීහු අනල නම් වෙති. (කොපමණ පුරුෂයන් ඇසුරු කළත් ස්ත්රීන්ට ඇතිවීමක්, සෑහීමක් නැත. එහෙයින් ස්ත්‍රීහු ‘අනලා’ නම් වෙති. මුදු සම්භාසා යනු දැඩි හදවතක් ඇතිකල්හි ද ස්ත්රීන්ගේ වචනය මොළොක්ය යන අර්ථයෙන් ස්ත්‍රීහු ‘මුදු සම්භාසා’ නම් වෙති. දුප්පූරා තා නදීසමා යනු එන එන ජලය ගලා යන හෙයින්. නදිය ජලයෙන් පිරවීම දුෂ්කරය. එසේම ස්ත්‍රීය විඳින විඳින ලද මෛථුන සේවනය (ලිංගික ඇසුර) ආදියෙන් සෑහීමකට පත්නොවන හෙයින් (ස්ත්‍රියගේ ආශාව) පිරවීම අපහසුය. එහෙයින්
“තිණ්ණං, භික්ඛවෙ, ධම්මානං අතිත්තො අප්පටිවානො මාතුගාමො කාලං කරොති. කතමෙසං තිණ්ණං? මෙථුනසමාපත්තියා ච විජායනස්ස ච අලඞ්කාරස්ස ච. ඉමෙසං ඛො, භික්ඛවෙ, තිණ්ණං ධම්මානං අතිත්තො අප්පටිවානො මාතුගාමො කාලං කරොතී”ති.
“මහණෙනි, කරුණු තුනකින් තෘප්තියකට නොපැමිණි, පසුබැසීමක් නැති ස්ත්‍රිය කලුරිය කරයි. ඒ කරුණු තුන මොනවාද? 1. මෛථුන සේවනයෙන්ද, 2. දරුවන් ලැබීමෙන්ද, 3. (ආභරණ ආදී) අලංකාර දේ ලැබීමෙන්ද යන මේ කරුණු තුනෙන් තෘප්තියකට, පසුබැසීමක් නැතිව මහණෙනි! ස්ත්‍රිය කලුරිය කරයි” යනුවෙන් දේශනා කරන ලදි.
සීදන්තීති අට්ඨසු මහානිරයෙසු සොළසසු උස්සදනිරයෙසු නිමුජ්ජන්ති. නන්ති නිපාතමත්තං. විදිත්වානාති එවං ජානිත්වා. ආරකා පරිවජ්ජයෙති “එතා ඉත්ථියො නාම මෙථුනධම්මාදීහි අතිත්තා කාලං කත්වා එතෙසු නිරයෙසු සීදන්ති, එතා එවං අත්තනා සීදමානා කස්සඤ්ඤස්ස සුඛාය භවිස්සන්තී”ති එවං ඤත්වා පණ්ඩිතො පුරිසො දූරතොව තා පරිවජ්ජයෙති දීපෙති. ඡන්දසා වා ධනෙන වාති අත්තනො වා ඡන්දෙන රුචියා පෙමෙන, භතිවසෙන ලද්ධධනෙන වා යං පුරිසං එතා ඉත්ථියො උපසෙවන්ති භජන්ති. ජාතවෙදොති අග්ගි. සො හි ජාතමත්තොව වෙදියති, විදිතො පාකටො හොතීති ජාතවෙදො. සො යථා අත්තනො ඨානං කාරණං ඔකාසං අනුදහති, එවමෙතාපි යං උපසෙවන්ති, තං පුරිසං ධනයසසීලපඤ්ඤාසමන්නාගතම්පි තෙසං සබ්බෙසං ධනාදීනං විනාසනතො පුන තාය සම්පත්තියා අභබ්බුප්පත්තිකං කුරුමානා ඛිප්පං අනුදහන්ති ඣාපෙන්ති. වුත්තම්පි චෙතං –
සීදන්ති යනු අටමහා නරකාදියෙහිද සොළොස් (16) උසස්ද නිරයෙහිද ගිලෙති. තං යනු නිපාත මාත්‍රයකි. විදිත්වාන යනු මෙසේ දැන. ආරකා පරිවජ්ජයෙ යනු මේ ස්ත්‍රීහු නම් මෛථුන සේවනය කිරීම් ආදියෙන් සෑහීමකට පත්නොවී කලුරියකොට ඒ නිරයවල ගිලෙති. මෙසේ ඒ ස්ත්‍රීහු තමන් ගිලෙමින් අන් කවරකෙුට සැප පිණිස වන්නාහුදැයි මෙසේ දැන පණ්ඩිත පුරුෂයා ඒ ස්ත්‍රීන් දුරින්ම දුරු කරන්නේය යනුවෙන් දක්වයි. ඡන්දසා වා ධනෙන වා යනු තමන්ගේ ඡන්දයෙන් හෝ රුචියෙන් හෝ ප්‍රේමයෙන් හෝ රැකියාවක් කුලියක් කොට ලැබෙන ධනයෙන් හෝ යම් පුරුෂයකු ඒ ස්ත්‍රීහු සේවනය කරත්ද, භජනය (ඇසුරු) කරත්ද, ජාතවෙදො යනු ගින්නය. ඒ ගින්න හටගත් මොහොතෙහිම (උණුසුම) විඳිනු ලැබේ. දැනගත්තේ වෙයි. ප්‍රකට වූයේ වෙයි යන අර්ථයෙන් ජාතවේද නම් වේ. යම්සේ ඒ ගින්න තමා හටගත් තැනත් දවයිද, එසේම මේ ස්ත්‍රීහු තමන් ඇසුරු කරන ධනයෙන්, පිරිවරින්, ශීලයෙන්, ප්‍රඥාවෙන් යුක්ත වූ ඒ පුරුෂයා ද ඒ සියළු පුරුෂයන්ගේ ධන ආදිය විනාශ කිරීම් වශයෙන් නැවත ඒ ධනය ඇති නොවන සේ කටයුතු කරමින් වහාම තවති. දවති.
“බලවන්තො දුබ්බලා හොන්ති, ථාමවන්තොපි හායරෙ; චක්ඛුමා අන්ධකා හොන්ති, මාතුගාමවසං ගතා.
බලවන්තො දුබ්බලා හොන්ති - ථාමවන්තොපි හායරෙ, චක්ඛුමා අන්ධිතා හොන්ති - මාතුගාම වසංගතා
ස්ත්රීන්ගේ වසඟයට ගිය බලවත් අයද දුබලයෝ වෙති. ශක්තිවන්තයෝද පිරිහෙති. ඇස් ඇත්තෝ අන්ධ වෙති.
“ගුණවන්තො නිග්ගුණා හොන්ති, පඤ්ඤවන්තොපි හායරෙ; පමත්තා බන්ධනෙ සෙන්ති, මාතුගාමවසං ගතා.
ගුණවන්තො නිග්ගුණා හොන්ති - පඤ්ඤාවන්තොපි භායරෙ, පමත්තා බන්ධනෙ සෙන්ති - මාතුගාම වසංගතා
ස්ත්රීන්ගේ වසඟයට ගිය ගුණවන්තයෝ ද ගුණ නැත්තෝ වෙති. නුවණැත්තෝ ද පිරිහෙති. පමා වූවාහු බන්ධනයෙහි නිදති.
“අජ්ඣෙනඤ්ච තපං සීලං, සච්චං චාගං සතිං මතිං; අච්ඡින්දන්ති පමත්තස්ස, පන්ථදූභීව තක්කරා.
අජ්ඣෙනඤ්ච තපං සීලං සච්චං චාගං සතිං මතිං, අචඡින්දන්ති සමන්තස්ස පන්ථදූභීව තක්කරා
පමා වූවහුගේ ඉගෙනීමද තපස ද ශීලය ද සත්‍යය ද ත්‍යාගය ද සිහිය ද ප්‍රඥාව ද මංපහරන්නෙකු මෙන් විනාශ කරති.
“යසං කිත්තිං ධිතිං සූරං, බාහුසච්චං පජානනං; ඛෙපයන්ති පමත්තස්ස, කට්ඨපුඤ්ජංව පාවකො”ති.
යසං කින්තිං ධිතිං සූරං බාහුසච්චං පජානනං, ඛෙපයන්ති පමන්තස්ස කට්ඨපුඤ්ජං ව පාවකො
පමා වූ තැනැත්තාගේ පිරිවරද කීර්තිය ද, උත්සාහය ද, සූරකමද උගත්කම ද නුවණ ද ගින්න දරකඩක් දවන්නා සේ දවත්.
එවං වත්වා මහාසත්තො “භාගිනෙය්යොපි මයාව පොසෙතබ්බො”ති මහන්තෙන සක්කාරෙන ධීතරං තස්සෙව දත්වා තං ඔපරජ්ජෙ පතිට්ඨපෙසි. සොපි මාතුලස්ස අච්චයෙන රජ්ජෙ පතිට්ඨහි.
මෙසේ කියා මහාබෝධිසත්ත්වයෝ මවිසින් බෑණා ද පෝෂණය කළ යුතුයි සිතා මහත් වූ සත්කාර ඇතිව දියණිය ඔහුටම පාවා දී ඔහු (බෑණා) යුවරජකමෙහි පිහිටුවීය.
සත්ථා ඉමං ධම්මදෙසෙනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ උක්කණ්ඨිතභික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි. “තදා රාජා අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍ය දේශනාකොට ජාතක කථාව ගලපා නිමවා වදාළ සේක. සත්‍ය දේශනාව කෙළවර කළකිරුණු භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල්හි රජතුමා මම ම වූයෙමි යි වදාළ සේක.
මුදුපාණිජාතකවණ්ණනා දුතියා.