3. චූළපලොභනජාතකවණ්ණනා 263 අට්ඨකථා
3. චූළපලොභනජාතකවණ්ණනා (263)
3. චුල්ලපලෝභන ජාතකය (263)
අභිජ්ජමානෙ වාරිස්මින්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං උක්කණ්ඨිතභික්ඛුමෙව ආරබ්භ කථෙසි. තඤ්හි සත්ථා ධම්මසභං ආනීතං “සච්චං කිර, ත්වං භික්ඛු, උක්කණ්ඨිතොසී”ති පුච්ඡිත්වා “සච්චං, භන්තෙ”ති වුත්තෙ “භික්ඛු, ඉත්ථියො නාමෙතා පොරාණකෙ සුද්ධසත්තෙපි සංකිලෙසෙසු”න්ති වත්වා අතීතං ආහරි.
අභිජ්ජමානෙ වාරස්මිං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක් එක් උකටලී වූ භික්ෂුවක අරබයා දේශනා කළ සේක. දම්සභාවට කැඳවාගෙන එනු ලැබූ ඒ භික්ෂුව ඇමතූ බුදුරජාණන් වහන්සේ ඇත්තද මහණ නුඹ කළකිරුණාදැයි විචාරා ඇත්තයි ස්වාමීනියි කි කල්හි මහණ, මේ ස්ත්‍රීහු නම් පෙර පිරිසිදු සත්ත්වයන්ද කෙලෙසූහයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තො රාජා අපුත්තකො හුත්වා අත්තනො ඉත්ථියො “පුත්තපත්ථනං කරොථා”ති ආහ. තා පුත්තෙ පත්ථෙන්ති. එවං අද්ධානෙ ගතෙ බොධිසත්තො බ්රහ්මලොකා චවිත්වා අග්ගමහෙසියා කුච්ඡිස්මිං නිබ්බත්ති. තං ජාතමත්තං න්හාපෙත්වා ථඤ්ඤපායනත්ථාය ධාතියා අදංසු. සො පායමානො රොදති, අථ නං අඤ්ඤිස්සා අදංසු. මාතුගාමහත්ථගතො නෙව තුණ්හී හොති. අථ නං එකස්ස පාදමූලිකස්ස අදංසු, තෙන ගහිතමත්තොයෙව තුණ්හී අහොසි. තතො පට්ඨාය පුරිසාව තං ගහෙත්වා චරන්ති. ථඤ්ඤං පායෙන්තා දුහිත්වා වා පායෙන්ති, සාණිඅන්තරෙන වා ථනං මුඛෙ ඨපෙන්ති. තෙනස්ස අනිත්ථිගන්ධකුමාරොති නාමං කරිංසු. තස්ස අපරාපරං වද්ධමානස්සපි මාතුගාමං නාම දස්සෙතුං න සක්කා. තෙනස්ස රාජා විසුංයෙව නිසජ්ජාදිට්ඨානානි ඣානාගාරඤ්ච කාරෙසි.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජතුමා දරුවන් නැතිව තමන්ගේ ස්ත්‍රින්ට පුතෙකු ප්‍රාර්ථනා කරන ලෙස කීවේය. ඒ ස්ත්‍රීහු පුතුන් පතත්, මෙසේ දිගුකාලයක් ගියකල්හි බෝසතාණන් වහන්සේ බඹලොවින් චුතවී අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳගත් සේක. ඒ කුමරුවා උපන් හැටියේම නාවා කිරි පෙවීම පිණිස කිරිමවට දුන්නාහුය. හෙතෙම කිරි බොමින් හඬයි. ඉක්බිති කුමරු අන් ස්ත්‍රියකට දුන්නේය. ස්ත්‍රියකගේ අතට ගිය කුමරා නිහඬ නොවීය. ඉක්බිති කුමරු සේවකයෙකුට දුන්හ. ඔහු ගත් පමණින් නිහඬ විය. එතැන් පටන් පුරුෂයෝම ඔහුව ගෙන හැසිරෙත්. කිරි පොවන විට දොවා පොවත්. තිරයක් අතරින් තන පුඩුව කටෙහි තබත්. වැඩෙන්නා වූ ඔහුට පසුකලෙකත් ස්ත්‍රීන් දැකීමට නම් නොහැකිය. ඒ නිසා රජතුමා ඔහුට වෙන් වෙන්ව හිඳිනා තැන් ආදියද ධ්‍යාන වැඩීමට සුදුසු ගෙයක්ද කරවීය.
සො තස්ස සොළසවස්සිකකාලෙ චින්තෙසි – “මය්හං අඤ්ඤො පුත්තො නත්ථි, අයං පන කුමාරො කාමෙ න පරිභුඤ්ජති, රජ්ජම්පි න ඉච්ඡිස්සති, දුල්ලද්ධො වත මෙ පුත්තො”ති. අථ නං එකා නච්චගීතවාදිතකුසලා පුරිසෙ පරිචරිත්වා අත්තනො වසෙ කාතුං පටිබලා තරුණනාටකිත්ථී උපසඞ්කමිත්වා “දෙව, කිං නු චින්තෙසී”ති ආහ, රාජා තං කාරණං ආචික්ඛි. “හොතු, දෙව , අහං තං පලොභෙත්වා කාමරසං ජානාපෙස්සාමී”ති. “සචෙ මෙ පුත්තං අනිත්ථිගන්ධකුමාරං පලොභෙතුං සක්කිස්සසි, සො රාජා භවිස්සති, ත්වං අග්ගමහෙසී”ති. සා “මමෙසො භාරො, තුම්හෙ මා චින්තයිත්ථා”ති වත්වා ආරක්ඛමනුස්සෙ උපසඞ්කමිත්වා ආහ – “අහං පච්චූසසමයෙ ආගන්ත්වා අය්යපුත්තස්ස සයනට්ඨානෙ බහිඣානාගාරෙ ඨත්වා ගායිස්සාමි. සචෙ සො කුජ්ඣති, මය්හං කථෙය්යාථ, අහං අපගච්ඡිස්සාමි. සචෙ සුණාති, වණ්ණං මෙ කථෙය්යාථා”ති. තෙ “සාධූ”ති සම්පටිච්ඡිංසු.
රජතුමා කුමරු සොළොස් වස් කාලයේදී මට වෙනත් පුතෙක් නැත. මේ තෙමේ කම් සුව නොවළඳයි. රාජ්‍යයද කැමති නොවන්නේය. මගේ පුතා ඉතා අපහසුවෙන් ලබා ගත් කෙනෙකි යනුවෙන් සිතුවේය. ඉක්බිති නැටුම්, ගැයුම්, වැයුම්වල දක්ෂ පුරුෂයින්ට සේවයකොට තමන් වසඟයට පොළඹවා ගැනීමට හැකියාව ඇති එක් තරුණ නිළියක් රජු වෙත එළඹ, දේවයන් වහන්ස! කුමක් සිතන්නාහුදැයි ඇසුවාය. රජතුමා ඒ කාරණාව කීවේය. දේවයන් වහන්ස! එසේ වේවා! මම ඔහුව පොළඹවා කම් රසය දන්වන්නෙමියි කීවාය. ඉදින් මගේ පුත් අනිත්ථිගන්ධ කුමාරයාව පොළඹවා ගන්නට හැකිවන්නෙහි නම් ඔහු රජ වන්නේය. නුඹ අගමෙහෙසිය වන්නේ යැයි කීවේය. ඈ, දේවයන් වහන්ස! එය මට බාරයි. නුඹවහන්සේ ඒ ගැන නොසිතනු මැනවයි කියා ආරක්ෂක මිනිසුන් කරා එළඹ මම අළුයම් කාලයෙහි අවුත් රාජපුත්‍රයා නිදන ධ්යානාගාරයෙන් පිටත සිට ගායනා කරන්නෙමි. ඉදින් කිපෙයි නම් මට කියව. මම බැහැර වන්නෙමි. ඉදින් අසා සිටියි නම් මා ගැන වර්ණනා කරවයි කීවාය. ඔවුහු යහපතැයි පිළිගත්තාහුය.
සාපි පච්චූසකාලෙ තස්මිං පදෙසෙ ඨත්වා තන්තිස්සරෙන ගීතස්සරං, ගීතස්සරෙන තන්තිස්සරං අනතික්කමිත්වා මධුරෙන සද්දෙන ගායි, කුමාරො සුණන්තොව නිපජ්ජි, පුනදිවසෙ ච ආසන්නට්ඨානෙ ඨත්වා ගායිතුං ආණාපෙසි, පුනදිවසෙ ඣානාගාරෙ ඨත්වා ගායිතුං ආණාපෙසි, පුනදිවසෙ අත්තනො සමීපෙ ඨත්වාති එවං අනුක්කමෙනෙව තණ්හං උප්පාදෙත්වා ලොකධම්මං සෙවිත්වා කාමරසං ඤත්වා “මාතුගාමං නාම අඤ්ඤෙසං න දස්සාමී”ති අසිං ගහෙත්වා අන්තරවීථිං ඔතරිත්වා පුරිසෙ අනුබන්ධන්තො විචරි. අථ නං රාජා ගාහාපෙත්වා තාය කුමාරිකාය සද්ධිං නගරා නීහරාපෙසි. උභොපි අරඤ්ඤං පවිසිත්වා අධොගඞ්ගං ගන්ත්වා එකස්මිං පස්සෙ ගඞ්ගං, එකස්මිං සමුද්දං කත්වා උභින්නමන්තරෙ අස්සමපදං මාපෙත්වා වාසං කප්පයිංසු. කුමාරිකා පණ්ණසාලායං නිසීදිත්වා කන්දමූලාදීනි පචති, බොධිසත්තො අරඤ්ඤතො ඵලාඵලං ආහරති.
ඈ ද අලුයම් කාලයෙහි ඒ ප්‍රදේශයෙහි සිට වීණා හඬින් ගි හඬද ගී හඬින් වීණා හඬද නොඉක්මවා මිහිරි ස්වරයෙන් ගායනා කළාය. කුමරා එය අසමින්ම නිදා ගත්තේය. දෙවන දවසේද ආසන්නයේ සිට ගායනා කරන්නට අණ කළේය. ඊළඟ දවසේ ධ්යානාගාරයෙහි සිට ගයන්නට අණ කළේය. පසුදින තමන් ළග සිට ගයන්නට දැයි මෙසේ ක්‍රම ක්‍රමයෙන් තෘෂ්ණාව උපදවා මෛථුන සේවනයෙහි යෙදී පංචකාමයෙහි රසය දැන ස්ත්‍රියක නම් අන් අයට නොදෙන්නෙමියි කඩුව ගෙන ඇතුල් වීථියට බැස පුරුෂයින් ලුහුබඳිමින් හැසිරේ. ඉක්බිති රජතුමා කුමාරයා අල්ලවාගෙන, ඒ කුමාරිකාව සමග නගරයෙන් නෙරපා හැරියේය. දෙදෙනාම කැලයට පිවිස, ගඟ පහළට ගොස් එක් පැත්තකින් ගඟත්, එක් පැත්තකින් මුහුදත් සිටින ලෙස ඒ දෙක අතරෙහි අසපුවක් තනාගෙන වාසය කළාහුය. කුමාරිකාව අසපුවේ හිඳ අල, මුල් ආදිය උයයි. බෝසතාණන් වහන්සේ වනයෙන් පලාඵල ගෙනඑයි.
අථෙකදිවසං තස්මිං ඵලාඵලත්ථාය ගතෙ සමුද්දදීපකා එකො තාපසො භික්ඛාචාරත්ථාය ආකාසෙන ගච්ඡන්තො ධූමං දිස්වා අස්සමපදෙ ඔතරි. අථ නං සා “නිසීද, යාව පච්චතී”ති නිසීදාපෙත්වා ඉත්ථිකුත්තෙන පලොභෙත්වා ඣානා චාවෙත්වා බ්රහ්මචරියමස්ස අන්තරධාපෙසි. සො පක්ඛච්ඡින්නකාකො විය හුත්වා තං ජහිතුං අසක්කොන්තො සබ්බදිවසං තත්ථෙව ඨත්වා බොධිසත්තං ආගච්ඡන්තං දිස්වා වෙගෙන සමුද්දාභිමුඛො පලායි. අථ නං සො “පච්චාමිත්තො මෙ අයං භවිස්සතී”ති අසිං ගහෙත්වා අනුබන්ධි. තාපසො ආකාසෙ උප්පතනාකාරං දස්සෙත්වා සමුද්දෙ පති. බොධිසත්තො “එස තාපසො ආකාසෙනාගතො භවිස්සති, ඣානස්ස පරිහීනත්තා සමුද්දෙ පතිතො, මයා දානිස්ස අවස්සයෙන භවිතුං වට්ටතී”ති චින්තෙත්වා වෙලන්තෙ ඨත්වා ඉමා ගාථා අවොච –
ඉක්බිති එක්දිනක් කුමරා පලවැල සදහා ගියකල්හි, මුහුද මැද දිවයිනක එක් තාපසයෙක් පිඬු සිඟීම පිණිස අහසින් යන්නේ දුම් පිටවෙනු දැක අසපුව ළඟ බැස්සේය. ඉක්බිති ඈ උයනතුරු හිඳගන්නැයි ඒ තවුසාට කියා හිඳුවා ස්ත්‍රී මායම් පෙන්වා පොළඹවාගෙන ලෝකාස්වාද රතියෙහි යෙදී ධ්‍යානය නැතිකොට මොහුගේ බ්‍රහ්මචරියාව අතුරුදහන් කළාය. හෙතෙම තටු සිඳින ලද කපුටෙක් මෙන් හැර යන්නට නොහැකි වන්නේ ඒ දවස එහිම සිට බෝසතාණන් වහන්සේ එනු දැක වේගයෙන් මුහුද දෙසට පලා ගියේය. ඉක්බිති හෙතෙම මගේ සතුරා වන්නේ යැයි සිතා කඩුව ඔසවාගෙන ඔහුව ලුහුබැන්දේය. තාපසයා අහසට නගින ආකාරයක් දක්වා මුහුදට වැටුණේය. බෝසතාණන් වහන්සේ මේ තාපසයා අහසින් එන්නට ඇතැයිද ධ්‍යානය පිරිහි ඇති බැවින් මුහුදට වැටුණේ යයි සිතා දැන් මා විසින් මොහුට උදව් කිරීම වටි යයි සිතා, වෙරළ අසල සිට
“අභිජ්ජමානෙ වාරිස්මිං, සයං ආගම්ම ඉද්ධියා; මිස්සීභාවිත්ථියා ගන්ත්වා, සංසීදසි මහණ්ණවෙ.
අභිජ්ජමානෙ වාරිස්මිං සයං ආගම්ම ඉද්ධියා, මිස්සීභාවිත්ථියා ගනත්වා සංසීදසි මහණ්ණවෙ
“ආවට්ටනී මහාමායා, බ්රහ්මචරියවිකොපනා; සීදන්ති නං විදිත්වාන, ආරකා පරිවජ්ජයෙ.
ආවට්ටනී මහාමායා බ්රහ්මචරියවිකොපනා, සීදන්ති නං විදිත්වාන ආරකා පරිවජ්ජයෙ
“යං එතා උපසෙවන්ති, ඡන්දසා වා ධනෙන වා; ජාතවෙදොව සං ඨානං, ඛිප්පං අනුදහන්ති න”න්ති.
යං එතා උප සේවන්ති ඡන්දසා වා ධනෙනච, ජාත වෙදොව ඝන්ඨානං ඛිප්පං අනුදහන්ති නං
යන මේ ගාථා කීහ.
ජලයෙහි නොගෑවී සෘද්ධි බලයෙන් අවුත් ස්ත්‍රිය හා ඇසුරට ගොස් මහ මුහුදෙහි ගිලෙන්නෙහිය.
මේ ස්ත්‍රීහු කාමයෙන් පුරුෂයන් පොළඹවන්නෝය. මහාමායා ඇත්තෝය. බඹසර නම් වූ උතුම් හැසිරීම නිසා පුරුෂයන් අපායේ ගිල්වත්. මෙය දැන ඇය දුරින්ම දුරු කරන්නේය.
මේ ස්ත්‍රීහු කැමැත්තෙන් හෝ ධන හේතුවෙන් හෝ යම් පුරුෂයෙකු ඇසුරු කෙරේද, තමා සිටි තැන දවන ගින්න සේ සේවනය කළ තැනැත්තාව වහා දවත්.
තත්ථ අභිජ්ජමානෙ වාරිස්මින්ති ඉමස්මිං උදකෙ අචලමානෙ අකම්පමානෙ උදකං අනාමසිත්වා සයං ආකාසෙනෙව ඉද්ධියා ආගන්ත්වා. මිස්සීභාවිත්ථියාති ලොකධම්මවසෙන ඉත්ථියා සද්ධිං මිස්සීභාවං. ආවට්ටනී මහාමායාති ඉත්ථියො නාමෙතා කාමාවට්ටෙන ආවට්ටනතො ආවට්ටනී, අනන්තාහි ඉත්ථිමායාහි සමන්නාගතත්තා මහාමායා නාම. වුත්තඤ්හෙතං –
එහි, අභිජ්ජමානෙ වාරිස්මිං යනු නොසෙල්වෙන, කම්පා නොවන මේ ජලයෙහි, (සයුරහි) ජලය ස්පර්ශ නොකොට තෙමේ අහසින් සෘද්ධියෙන්ම අවුත්, මස්සීභාවිත්ථියා යනු ලෝක ධර්ම වශයෙන් (මෛථුන සේවනයෙන්) ස්ත්‍රීය සමග මිශ්රවීම, ආවට්ටතී මහාමායා යනු මේ ස්ත්‍රීහු නම් කාමය නැමති පෙළඹවීමෙන්, පොළඹවන්නා වූ අනන්ත ස්ත්‍රී මායම්වලින් යුක්ත බැවින් ‘මහාමායා’ නම් වේ.
“මායා චෙතා මරීචී ච, සොකො රොගො චුපද්දවො; ඛරා ච බන්ධනා චෙතා, මච්චුපාසො ගුහාසයො; තාසු යො විස්සසෙ පොසො, සො නරෙසු නරාධමො”ති. (ජා· 2.21.118);
මායා චෙතා මරිචීච සොකො රොගො චුපද්දවො, ඛරා ච බන්ධනා චෙතා මච්චුපාසො ගුහාසයෙ, තාසු යො විස්සසෙ පොසො සො නරෙසු නරාධමො
යනුවෙන් කියන ලදි.
මෙම මායාව මිරිඟුවකි. සෝකයකි. රෝගයකි. උවදුරකි. කර්කශ බන්ධනයකි. මෙය මාර පාපයකි. (මර උගුලකි) ගුහාවක් ඇසුරු කරයි. ඔවුන් කෙරෙහි යම් පුරුෂයෙක් විශ්වාස කරයිද, ඔහු මිනිසුන් අතර අධම (පහත්) පුරුෂයෙකි.
බ්රහ්මචරියවිකොපනාති සෙට්ඨචරියස්ස මෙථුනවිරතිබ්රහ්මචරියස්ස විකොපනා. සීදන්තීති ඉත්ථියො නාමෙතා ඉසීනං බ්රහ්මචරියවිකොපනෙන අපායෙසු සීදන්ති. සෙසං පුරිමනයෙනෙව යොජෙතබ්බං.
බ්‍රහ්ම චරිය විකොපනා යනු උතුම් හැසිරීමක් වූ, මෛථුනයෙන් වැළකීම නම් වූ මෛථූනයෙන් වැළකීම ශ්‍රේෂ්ඨ හැසිරීම කඩ කරන්නීය. සීදන්ති යනු මේ ස්ත්‍රීහු සෘෂිවරුන්ගේ බඹසර කඩකිරීමෙන් අපායවල ගිලෙති. සෙස්ස පෙර පරිදි යොදාගත යුතුයි.
එතං පන බොධිසත්තස්ස වචනං සුත්වා තාපසො සමුද්දමජ්ඣෙ ඨිතොයෙව නට්ඨජ්ඣානං පුන උප්පාදෙත්වා ආකාසෙන අත්තනො වසනට්ඨානමෙව ගතො. බොධිසත්තො චින්තෙසි – “අයං තාපසො එවං භාරිකො සමානො සිම්බලිතූලං විය ආකාසෙන ගතො, මයාපි ඉමිනා විය ඣානං උප්පාදෙත්වා ආකාසෙන චරිතුං වට්ටතී”ති. සො අස්සමං ගන්ත්වා තං ඉත්ථිං මනුස්සපථං නෙත්වා “ගච්ඡ, ත්ව”න්ති උය්යොජෙත්වා අරඤ්ඤං පවිසිත්වා මනුඤ්ඤෙ භූමිභාගෙ අස්සමං මාපෙත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා කසිණපරිකම්මං කත්වා අභිඤ්ඤා ච සමාපත්තියො ච නිබ්බත්තෙත්වා බ්රහ්මලොකපරායණො අහොසි.
බෝසතාණන් වහන්සේගේ මේ වචන අසා තාපසයා මුහුද මැද සිටිමින්ම නැසුණා ධ්‍යානය නැවත උපදවාගෙන අහසින් තමන්ගේ වාසස්ථානයටම ගියේය. බෝසතාණන් වහන්සේ මෙතරම් බර වූ මේ තාපසයා ඉඹුල් පුළුන් මෙන් අහසින් ගියේය. මා විසින්ද මොහු මෙන් ධ්‍යාන උපදවා අහසින් හැසිරීම වටී යැයි සිතූහ. ඔහු අසපුවට ගොස් ඒ ස්ත්‍රීය මිනිස් වාසයට ගෙන ගොස් නුඔ කැමති තැනකට යන්නැයි කියා යවා වනයට පිවිස සිත්කළු භූමි භාගයක අසපුවක් තනාගෙන තවුස් පැවිද්දෙන් පැවිදිව කසිණ භාවනා කොට අභිඥා සමාපත්ති උපදවාගෙන නැවත බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ උක්කණ්ඨිතභික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි. “තදා අනිත්ථිගන්ධකුමාරො අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා සත්‍ය ප්‍රකාශකොට ජාතක කථාව නිමා කළ සේක. සත්‍ය දේශනාව කෙළවර කළකිරුණු භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල අනිත්ථිගන්ධ කුමාරයා නම් වූ මම ම වූයෙමි යි වදාළ සේක.
චූළපලොභනජාතකවණ්ණනා තතියා.