4. මහාපනාදජාතකවණ්ණනා 264 අට්ඨකථා
4. මහාපනාදජාතකවණ්ණනා (264)
4. මහාපණාද ජාතකය (264)
පනාදො නාම සො රාජාති ඉදං සත්ථා ගඞ්ගාතීරෙ නිසින්නො භද්දජිත්ථෙරස්සානුභාවං ආරබ්භ කථෙසි. එකස්මිඤ්හි සමයෙ සත්ථා සාවත්ථියං වස්සං වසිත්වා “භද්දජිකුමාරස්ස සඞ්ගහං කරිස්සාමී”ති භික්ඛුසඞ්ඝපරිවුතො චාරිකං චරමානො භද්දියනගරං පත්වා ජාතියාවනෙ තයො මාසෙ වසි කුමාරස්ස ඤාණපරිපාකං ආගමයමානො. භද්දජිකුමාරො මහායසො අසීතිකොටිවිභවස්ස භද්දියසෙට්ඨිනො එකපුත්තකො. තස්ස තිණ්ණං උතූනං අනුච්ඡවිකා තයො පාසාදා අහෙසුං. එකෙකස්මිං චත්තාරො චත්තාරො මාසෙ වසති. එකස්මිං වසිත්වා නාටකපරිවුතො මහන්තෙන යසෙන අඤ්ඤං පාසාදං ගච්ඡති. තස්මිං ඛණෙ “කුමාරස්ස යසං පස්සිස්සාමා”ති සකලනගරං සඞ්ඛුභි, පාසාදන්තරෙ චක්කාතිචක්කානි මඤ්චාතිමඤ්චානි බන්ධන්ති.
පණාදො නාම සො රාජා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ගංතෙර වැඩසිටියා වූ භද්දජී තෙරුන්ගේ ආනුභාවය අරබයා වදාළ සේක. එක් සමයෙක්හි බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වස් වැස භද්දිය කුමාරයාට සංග්‍රහ කරන්නෙමියි භික්ෂු සංඝයා පිරිවරාගෙන චාරිකාවෙහි හැසිරෙමින් භද්දියනුවරට වැඩමකොට ජාතියා වනයෙහි කුමාරයාගේ නුවණ මුහුකුරා යාම බලාපොරොත්තු වෙමින් තෙමසක් විසූ සේක. භද්දිය කුමාරයා මහත් සම්පත් ඇති අසූකෝටියක් ධනය ඇති භද්දිය සිටුතුමාගේ එකම පුත්‍රයාය. ඔහුට තුන් සෘතුවට ප්‍රාසාද තුනක් විය. එක එක නිවසක හාර මාසයක් වාසය කරයි. එකක වාසයකොට නාටක ස්ත්‍රීන් පිරිවරණ ලද්දේ මහත් සම්පත් ඇතිව අනෙක් ප්‍රාසාදයට යයි. ඒ අවස්ථාවෙහි කුමාරයාගේ සම්පත් බලන්නෙමුයි මුළු නුවරම කැළඹෙයි. ප්‍රාසාද අතරෙහි චක්‍ර වට චක්‍ර මැසි පිට මැසි බඳිත්.
සත්ථා තයො මාසෙ වසිත්වා “මයං ගච්ඡාමා”ති නගරවාසීනං ආරොචෙසි. නාගරා “භන්තෙ, ස්වෙ ගමිස්සථා”ති සත්ථාරං නිමන්තෙත්වා දුතියදිවසෙ බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං සජ්ජෙත්වා නගරමජ්ඣෙ මණ්ඩපං කත්වා අලඞ්කරිත්වා ආසනානි පඤ්ඤපෙත්වා කාලං ආරොචෙසුං. සත්ථා භික්ඛුසඞ්ඝපරිවුතො තත්ථ ගන්ත්වා නිසීදි, මනුස්සා මහාදානං අදංසු. සත්ථා නිට්ඨිතභත්තකිච්චො මධුරස්සරෙන අනුමොදනං ආරභි. තස්මිං ඛණෙ භද්දජිකුමාරොපි පාසාදතො පාසාදං ගච්ඡති , තස්ස සම්පත්තිදස්සනත්ථාය තං දිවසං න කොචි අගමාසි, අත්තනො මනුස්සාව පරිවාරෙසුං. සො මනුස්සෙ පුච්ඡි – “අඤ්ඤස්මිං කාලෙ මයි පාසාදතො පාසාදං ගච්ඡන්තෙ සකලනගරං සඞ්ඛුභති, චක්කාතිචක්කානි මඤ්චාතිමඤ්චානි බන්ධන්ති, අජ්ජ පන ඨපෙත්වා මය්හං මනුස්සෙ අඤ්ඤො කොචි නත්ථි, කිං නු ඛො කාරණ”න්ති. “සාමි, සම්මාසම්බුද්ධො ඉමං භද්දියනගරං උපනිස්සාය තයො මාසෙ වසිත්වා අජ්ජෙව ගමිස්සති, සො භත්තකිච්චං නිට්ඨාපෙත්වා මහාජනස්ස ධම්මං දෙසෙති, සකලනගරවාසිනොපි තස්ස ධම්මකථං සුණන්තී”ති. සො “තෙන හි එථ, මයම්පි සුණිස්සාමා”ති සබ්බාභරණපටිමණ්ඩිතොව මහන්තෙන පරිවාරෙන උපසඞ්කමිත්වා පරිසපරියන්තෙ ඨිතො ධම්මං සුණන්තො ඨිතොව සබ්බකිලෙසෙ ඛෙපෙත්වා අග්ගඵලං අරහත්තං පාපුණි.
බුදුරජාණන් වහන්සේ තුන් මසක් වාසයකොට, අපි යමුයි නුවරවාසීන්ට දැන්වූ සේක. නුවර වැසියෝ හෙට වඩිනු මැනවයි බුදුරජාණන් වහන්සේට ආරාධනාකොට, දෙවන දින බුදුන් ප්රමුඛ සංඝයාට මහා දානයක් සකස්කොට, නුවර මැද මණ්ඩපයක් තනා සරසා අසුන් පනවා කල් දැන්වූහ. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන එහි වැඩමවා වැඩහුන් සේක. මිනිසුන් මහ දන් දුන්නාහුය. බුදුරජාණන් වහන්සේ දන් වළදා අවසානයෙහි මිහිරි ස්වරයෙන් අනුමෝදනාව ආරම්භ කළ සේක. ඒ අවස්ථාවෙහි භද්දජී කුමාරයා ප්‍රාසාදයෙන් ප්‍රාසාදයට යයි. ඔහුගේ සම්පත් දැකගැනීමට එදින කිසිවෙක් නොපැමිණියේය. තමන්ගේ මිනිස්සු ම පිරිවරා ගත්තාහුය. හෙතෙම මිනිසුන්ගෙන් වෙනදා මා ප්‍රාසාදයෙන් ප්‍රාසාදයට යනවිට මුළු නුවරම කැළඹෙයි. චක්‍ර පිට චක්‍ර මැසි පිට මැසි බඳිත්. අද මගේ මිනිසුන් හැර අනික් කිසිවෙක් නැත. කාරණය කුමක්දැයි විමසීය. ස්වාමීනි! සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ නගරය ඇසුරුකොට තුන්මාසයක් වාසයකොට අද වඩින සේත. උන්වහන්සේ දන් වළදා නිමවා මහජනයාට දම්දෙසන සේක. සියලු නගරවාසීන් උන්වහන්සේගේ දහම් කථාව අසතියි කීහ. එසේනම් එව් අපිද බණ අසන්නේමුයි සියලු ආභරණවලින් සැරසී මහත් පිරිවර සමග එළඹ පිරිස් කෙළවර සිට බණ අසමින් සියලු කෙලෙස් නසා අග්‍රඵලය වූ රහත් භාවයට පැමිණියේය.
සත්ථා භද්දියසෙට්ඨිං ආමන්තෙත්වා “මහාසෙට්ඨි, පුත්තො තෙ අලඞ්කතපටියත්තොව ධම්මකථං සුණන්තො අරහත්තෙ පතිට්ඨිතො, තෙනස්ස අජ්ජෙව පබ්බජිතුං වා වට්ටති පරිනිබ්බායිතුං වා”ති ආහ. “භන්තෙ, මය්හං පුත්තස්ස පරිනිබ්බානෙන කිච්චං නත්ථි, පබ්බාජෙථ නං, පබ්බාජෙත්වා ච පන නං ගහෙත්වා ස්වෙ අම්හාකං ගෙහං උපසඞ්කමථා”ති. භගවා නිමන්තනං අධිවාසෙත්වා කුලපුත්තං ආදාය විහාරං ගන්ත්වා පබ්බාජෙත්වා උපසම්පදං දාපෙසි. තස්ස මාතාපිතරො සත්තාහං මහාසක්කාරං කරිංසු. සත්ථා සත්තාහං වසිත්වා කුලපුත්තමාදාය චාරිකං චරන්තො කොටිගාමං පාපුණි. කොටිගාමවාසිනො මනුස්සා බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං අදංසු. සත්ථා භත්තකිච්චාවසානෙ අනුමොදනං ආරභි. කුලපුත්තො අනුමොදනකරණකාලෙ බහිගාමං ගන්ත්වා “සත්ථු ආගතකාලෙයෙව උට්ඨහිස්සාමී”ති ගඞ්ගාතිත්ථසමීපෙ එකස්මිං රුක්ඛමූලෙ ඣානං සමාපජ්ජිත්වා නිසීදි . මහල්ලකත්ථෙරෙසු ආගච්ඡන්තෙසුපි අනුට්ඨහිත්වා සත්ථු ආගතකාලෙයෙව උට්ඨහි. පුථුජ්ජනා භික්ඛූ “අයං පුරෙ විය පබ්බජිත්වා මහාථෙරෙ ආගච්ඡන්තෙපි දිස්වා න උට්ඨහතී”ති කුජ්ඣිංසු.
බුදුරජාණන් වහන්සේ භද්දිය සිටුතුමා අමතා මහ සිටුවරය, ඔබේ පුතා අලංකාරයෙන් සැරසීගෙනම ධර්මකථා අසමින් රහත් ඵලයෙහි පිහිටියේය. ඒ නිසා මොහුට අදම පැවිදිවීම හෝ නැතිනම් පිරිනිවන්පෑම හෝ වටීයයි වදාළ සේක. ස්වාමීනි! මගේ පුතාට පිරිනිවන්පෑමට හේතුවක් නැත. ඔහුව පැවිදිකරනු මැනවි. පැවිදිකර වනාහි උන්වහන්සේ සමග හෙට අපගේ නිවසට වඩිනු මැනවියි කීය. භාග්‍යවතුන් වහන්සේ ආරාධනාව ඉවසා වදාරා කුල පුත්‍රයා සමග විහාරයට වැඩමවා පැවිදි කරවා උපසම්පදාව දුන් සේක. උන්වහන්සේගේ මව්පිය දෙදෙනා සතියක් මහත් සත්කාර කළාහුය. බුදුරජාණන් වහන්සේ සතියක් වැඩවාසය කොට කුලපුත්‍රයා (භික්ෂුව) රැගෙන චාරිකාවේ හැසිරෙමින් ‘කෝටි’ නම් ගමට වැඩම කළ සේක. කෝටි ගම්වැසියෝ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝයාට මහ දන් දුන්නාහ. උන්වහන්සේ දන් වළඳා අවසානයේ අනුමෝදනාව ඇරඹූ සේක. කුලපුත්‍රයා (භද්දජී තෙරුන් වහන්සේ) භුක්තානුමෝදනාව පවත්වන වේලාවෙහි ගමෙන් බැහැරට වැඩමවා බුදුරජාණන් වහන්සේ වැඩම කළවිටක නැගී සිටින්නෙමියි සිතා ගංතෙර සමීපයෙහි එක් ගසක් මුල ධ්‍යානයට සමවැද වැඩහුන් සේක. මහලු තෙරුන් වහන්සේලා ආ කල්හිද නොනැගිට බුදුරජාණන් වහන්සේ වැඩමකළ කාලයෙහිම නැගී සිටි සේක. පුහුදුන් භික්ෂූහු මොහු පෙරදී මෙන් පැවිදිව මහතෙරුන් වහන්සේලා එන කල්හි දුටුවත් නොනැගිටියි කියා කිපියාහුය.
කොටිගාමවාසිනො මනුස්සා නාවාසඞ්ඝාතෙ බන්ධිංසු. සත්ථා නාවාසඞ්ඝාතෙ ඨත්වා “කහං , භද්දජී”ති පුච්ඡි. “එස, භන්තෙ, ඉධෙවා”ති. “එහි, භද්දජි, අම්හෙහි සද්ධිං එකනාවං අභිරුහා”ති. ථෙරොපි උප්පතිත්වා එකනාවාය අට්ඨාසි. අථ නං ගඞ්ගාය මජ්ඣං ගතකාලෙ සත්ථා ආහ – “භද්දජි, තයා මහාපනාදරාජකාලෙ අජ්ඣාවුත්ථපාසාදො කහ”න්ති. ඉමස්මිං ඨානෙ නිමුග්ගො, භන්තෙති. පුථුජ්ජනා භික්ඛූ “භද්දජිත්ථෙරො අඤ්ඤං බ්යාකරොතී”ති ආහංසු. සත්ථා “තෙන හි, භද්දජි, සබ්රහ්මචාරීනං කඞ්ඛං ඡින්දා”ති ආහ. තස්මිං ඛණෙ ථෙරො සත්ථාරං වන්දිත්වා ඉද්ධිබලෙන ගන්ත්වා පාසාදථූපිකං පාදඞ්ගුලියා ගහෙත්වා පඤ්චවීසතියොජනං පාසාදං ගහෙත්වා ආකාසෙ උප්පති. උප්පතිතො ච පන හෙට්ඨාපාසාදෙ ඨිතානං පාසාදං භින්දිත්වා පඤ්ඤායි. සො එකයොජනං ද්වියොජනං තියොජනන්ති යාව වීසතියොජනා උදකතො පාසාදං උක්ඛිපි. අථස්ස පුරිමභවෙ ඤාතකා පාසාදලොභෙන මච්ඡකච්ඡපනාගමණ්ඩූකා හුත්වා තස්මිංයෙව පාසාදෙ නිබ්බත්තා පාසාදෙ උට්ඨහන්තෙ පරිවත්තිත්වා පරිවත්තිත්වා උදකෙයෙව පතිංසු. සත්ථා තෙ පතන්තෙ දිස්වා “ඤාතකා තෙ, භද්දජි, කිලමන්තී”ති ආහ. ථෙරො සත්ථු වචනං සුත්වා පාසාදං විස්සජ්ජෙසි, පාසාදො යථාඨානෙයෙව පතිට්ඨහි, සත්ථා පාරගඞ්ගං ගතො. අථස්ස ගඞ්ගාතීරෙයෙව ආසනං පඤ්ඤාපයිංසු, සො පඤ්ඤත්තෙ වරබුද්ධාසනෙ තරුණසූරියො විය රස්මියො මුඤ්චන්තො නිසීදි. අථ නං භික්ඛූ “කස්මිං කාලෙ, භන්තෙ, අයං පාසාදො භද්දජිත්ථෙරෙන අජ්ඣාවුත්ථො”ති පුච්ඡිංසු. සත්ථා “මහාපනාදරාජකාලෙ”ති වත්වා අතීතං ආහරි.
කෝටි ගම්වාසීහු නැව් අඟුලක් බැන්දාහුය. බුදුරජාණන් වහන්සේ අඟුලෙහි වැඩසිට භද්දජී කොහිදැයි විචාළ සේක. ස්වාමීනි! ඒ භික්ෂුව මෙහිම සිටියි කීහ. භද්දජී! එන්න අප සමග එක නැවකට නැගෙවයි වදාළහ. තෙරුන් වහන්සේද ඉහළට නැගී (සෘද්ධියෙන්) එකම නැවෙහි සිටි සේක. ඉක්බිති ගඟ මැදට ගියකල්හි බුදුරජාණන් වහන්සේ භද්දිය! නුඹ විසින් මහාපනාද රජ කල්හි විසූ ප්‍රාසාදය කොහිදැයි භද්දජී තෙරුන්ගෙන් ඇසූහ. ස්වාමීනි! මේ ස්ථානයේ ගිලුනේය. පුහුදුන් භික්ෂූහු භද්දජී තෙරුන් වහන්සේ අනිකක් කියතියි කීහ. බුදුරජාණන් වහන්සේ එසේනම් භද්දජී! සබ්‍රහ්මචාරීන්ගේ සැකය සිඳලවයි වදාළ සේක. ඒ අවස්ථාවෙහි තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වැඳ සෘද්ධි බලයෙන් ගොස් ප්‍රාසාදයෙහි කොත් කැරැල්ල ඇඟිල්ලෙන් අල්ලාගෙන විසිපස් යොදුනක් පමණ වූ ප්‍රාසාදය ගෙන අහසට පැන නැගුණාහ. ඉහළට පැන නැගුනත් ප්‍රාසාදය යට සිටියවුන්ට ප්‍රාසාදය (කොටසක් දිය යට නිසා) බිඳී පෙනුනේය. උන්වහන්සේ එතැන් සිට තවත් එක් යොදුනක් දෙකක් තුනක් වශයෙන් විසි යොදුනක් දක්වා දියෙන් ප්‍රාසාදය එසෙව් සේක. ඉක්බිති උන්වහන්සේගේ පෙර ආත්මයේ ඤාතිවරු ප්‍රාසාදයට ලෝභයෙන් මසුන්, ඉබ්බන්, නයි, මැඩියන් වී ඒ ප්‍රාසාදයෙහිම උන්නාහු ප්‍රාසාදය ඔසවද්දී පෙරළි පෙරළී දියටම වැටුනාහ. බුදුරජාණන් වහන්සේ වැටෙන්නා වූ ඒ ඤාතීන් දැක භද්දිය! තොපගේ ඤාතීන් ව්‍යසනයට පත්තෙියි වදාළහ. තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේගේ වචන අසා ප්‍රාසාදය හළ සේක. ප්‍රාසාදය පළමු තිබූ තැනම පිහිටියේය. බුදුරජාණන් වහන්සේ ගඟෙන් එතෙරට වැඩි සේක. ඉක්බිති උන්වහන්සේට ගංතෙරට අසුනක් පැනවූහ. උන්වහන්සේ පනවන ලද උතුම් බුද්ධාසනයේ තරුණ සූර්යයෙකු මෙන් රැස් විහිදුවමින් වැඩසිටි සේක. ඉක්බිති භික්ෂූහු බුදුරජාණන් වහන්සේ අමතා ස්වාමීනි! මේ ප්‍රාසාදය භද්දිය තෙරුන් වහන්සේ විසින් කවර කාලයක වසන ලද්දක්දැයි විචාළහ. බුදුරජාණන් වහන්සේ මහාපනාද රජ කාලයෙහි යයි වදාරා අතීත කථාව ගෙනහැර දක්වා වදාළ සේක.
අතීතෙ විදෙහරට්ඨෙ මිථිලායං සුරුචි නාම රාජා අහොසි, පුත්තොපි තස්ස සුරුචියෙව, තස්ස පන පුත්තො මහාපනාදො නාම අහොසි, තෙ ඉමං පාසාදං පටිලභිංසු. පටිලාභත්ථාය පනස්ස ඉදං පුබ්බකම්මං – ද්වෙ පිතාපුත්තා නළෙහි ච උදුම්බරදාරූහි ච පච්චෙකබුද්ධස්ස වසනපණ්ණසාලං කරිංසු. ඉමස්මිං ජාතකෙ සබ්බං අතීතවත්ථු පකිණ්ණකනිපාතෙ සුරුචිජාතකෙ (ජා· 1.14.102 ආදයො) ආවිභවිස්සති.
යටගිය දවස විදේහ රටේ මිථිලා නුවර ‘සුරුචි’ නම් රජෙක් සිටියේය. ඔහුගේ පුතාද සුරුචිම විය. ඔහුගේ පුතා වනාහි ‘මහාපනාද’ නම් විය. ඔවුහු මේ ප්රාසාදම ලැබූහ. මේ ප්‍රාසාදය ලැබීමට හේතු වූ පෙර කර්මය නම් පිය පුතු දෙදෙනා උණබට හා දිඹුල් ලීවලින් පසේ බුදුවරයෙකුට වැඩසිටීමට පන්සලක් කරවූහ. ප්‍රාසාදය ලැබීම සඳහා වූ පූර්ව කර්මය එය යයි වදාළ සේක. මේ ජාතක කථාවෙහි සියලු අතීත විස්තරය ප්රකීර්ණක නිපාතයෙහි සුරුචි ජාතකයෙහි මතු සදහන් වන්නේය.
සත්ථා ඉමං අතීතං ආහරිත්වා සම්මාසම්බුද්ධො හුත්වා ඉමා ගාථා අවොච –
බුදුරජාණන් වහන්සේ මේ අතීත තොරතුරු ගෙනහැර දක්වා අභිසම්බුද්ධත්වයට පත්ව,
“පනාදො නාම සො රාජා, යස්ස යූපො සුවණ්ණයො; තිරියං සොළසුබ්බෙධො, උද්ධමාහු සහස්සධා.
පණාදො නාම සො රාජා යස්ස යූපො සුවණ්ණයො, තිරියං සොළොස පබ්බෙධො උච්චමාහු සහස්සධා
“සහස්සකණ්ඩො සතගෙණ්ඩු, ධජාලු හරිතාමයො; අනච්චුං තත්ථ ගන්ධබ්බා, ඡ සහස්සානි සත්තධා.
සහස්ස කණ්ඩු සතභෙදො ධජාලු හරිතාමයො, අවච්වුං තත්ථ ගන්ධබ්බා ජ සහස්සානි සත්තධා
“එවමෙතං තදා ආසි, යථා භාසසි භද්දජි; සක්කො අහං තදා ආසිං, වෙය්යාවච්චකරො තවා”ති.
එවමෙතං තදා ආසි යථා භාසසි භද්දජී, සක්කො අහං තදා ආසිං වෙය්යාවච්චකරො තවං
යන මේ ගාථා වදාළහ.
යම් රජෙකුගේ ස්වර්ණමය වූ ප්‍රාසාදය පළලින් හී දහසයක් වැටෙන දුර පමණ වේද, උසින් හී දහසක් වැටෙන දුර පමණ වේ යයි කීවාහුද ඒ රජ පනාද නමි.
උසින් ඊතල දහසක් පමණ වූ ඒ මාලිගාව සියයක් මහල් ඇත්තේය. කොඩි බහුල වූයේය. නිල් මැණික්වලින් සාදන ලද්දේය. එහි හයදහසක් නළුවෝ හත් ආකාරයකින් නැටූහ.
එකල්හි ඒ ප්‍රාසාදය භද්දජී කියන අයුරින් විය. එකල්හි තොපට (විශ්ව කර්ම ලවා මාලිගාව කරවූ) වැඩකාරයා වූ සක්දෙව් රජ මම වීමි.
තත්ථ යූපොති පාසාදො. තිරියං සොළසුබ්බෙධොති විත්ථාරතො සොළසකණ්ඩපාතවිත්ථාරො අහොසි. උද්ධමාහු සහස්සධාති උබ්බෙධෙන සහස්සකණ්ඩගමනමත්තං උච්චො අහු, සහස්සකණ්ඩගමනගණනාය පඤ්චවීසතියොජනප්පමාණං හොති. විත්ථාරො පනස්ස අට්ඨයොජනමත්තො.
එහි, යූපො යනු ප්‍රාසාදයයි. තිරියං සොළස පබ්බෙධො යනු පළලින් ඊතල දාසයක් වැටෙන දුරට පළල් විය. උච්චමාහු සහස්සධා යනු උසින් ඊතල දහසක් ගමන්කරන පමණට උස් විය. ඊතල දහසක ගමන ගණන් වශයෙන් යොදුන් විසිපහක් පමණ වෙයි. පළල වනාහි අඩ යොදුනක් පමණ වෙයි.
සහස්සකණ්ඩො සතගෙණ්ඩූති සො පනෙස සහස්සකණ්ඩුබ්බෙධො පාසාදො සතභූමිකො අහොසි. ධජාලූති ධජසම්පන්නො. හරිතාමයොති හරිතමණිපරික්ඛිත්තො. අට්ඨකථායං පන “සමාලුහරිතාමයො”ති පාඨො, හරිතමණිමයෙහි ද්වාරකවාටවාතපානෙහි සමන්නාගතොති අත්ථො. සමාලූති කිර ද්වාරකවාටවාතපානානං නාමං. ගන්ධබ්බාති නටා, ඡ සහස්සානි සත්තධාති ඡ ගන්ධබ්බසහස්සානි සත්තධා හුත්වා තස්ස පාසාදස්ස සත්තසු ඨානෙසු රඤ්ඤො රතිජනනත්ථාය නච්චිංසූති අත්ථො. තෙ එවං නච්චන්තාපි රාජානං හාසෙතුං නාසක්ඛිංසු, අථ සක්කො දෙවරාජා දෙවනටං පෙසෙත්වා සමජ්ජං කාරෙසි, තදා මහාපනාදො හසි.
සහස්සකණ්ඩු සතභෙදො යනු දහසක් ඊතල ගමන් කරන දුර ප්‍රමාණයක් ඇති මේ ප්‍රාසාදය වනාහි මහල් සියයකින් යුක්තය. ධජාලු යනු කොඩිවලින් යුක්තය. හරිතාමයො යනු නිල් මැණික්වලින් කළ, අටුවාවෙහි වනාහි, ක්ධසාලු හරිතාමයො යන පාඨය ඇත. නිල් මැණික්වලින් කළ දොර උළුවහු, වාකවුළුවලින් යුක්ත වූයේය යන අර්ථයයි. ක්ධසා යනු නළුවෝය. ඡසහස්සාති සත්තධා යනු නළුවෝ හයදාහක් කණ්ඩායම් හතකට බෙදී ඔහුගේ ප්‍රාසාදයෙහි සත් තැනෙක රජතුමාට ඇල්ම ඉපදවීමට නැටුවාහුය යන අර්ථයයි. ඔවුහු මෙසේ නැටුවත් රජතුමාට සිනාගැන්වීමට නොහැකි වූහ. ඉක්බිති සක්දෙව් රජතුමා දිව්‍ය නළුවකු එවා නාට්‍යයක් කරවීය. එවිට මහාපණාද සිනාසුණි.
යථා භාසසි, භද්දජීති භද්දජිත්ථෙරෙන හි “භද්දජි, තයා මහාපනාදරාජකාලෙ අජ්ඣාවුත්ථපාසාදො කහ”න්ති වුත්තෙ “ඉමස්මිං ඨානෙ නිමුග්ගො, භන්තෙ”ති වදන්තෙන තස්මිං කාලෙ අත්තනො අත්ථාය තස්ස පාසාදස්ස නිබ්බත්තභාවො ච මහාපනාදරාජභාවො ච භාසිතො හොති. තං ගහෙත්වා සත්ථා “යථා ත්වං, භද්දජි, භාසසි, තදා එතං තථෙව අහොසි, අහං තදා තව කායවෙය්යාවච්චකරො සක්කො දෙවානමින්දො අහොසි”න්ති ආහ. තස්මිං ඛණෙ පුථුජ්ජනභික්ඛූ නික්කඞ්ඛා අහෙසුං.
යථාභාසසි භද්දජී යනු නුඹ විසින් මහාපණාද රජකාලයේ විසූ ප්‍රාසාදය කොහිදැයි ඇසූ කල්හි ස්වාමීනි, මේ ස්ථානයෙහි ගිලුනේය යනුවෙන් කියන්නා වූ භද්දජී තෙරුන් වහන්සේ විසින් එකල තමන් සදහා ඒ ප්‍රාසාදය හටගත් බවත් (තමන්) මහාපණාද රජු බවත් කියන ලද්දේ වෙයි. ඒ කථාව ඇසුරු කොටගෙන බුදුරජාණන් වහන්සේ භද්දජී, ඔබ කී පරිදි මේ ප්‍රාසාදය එකල්හි විය. එකල්හි මෙය එසේම විය. එකල ඔබේ වැඩකාරයා වූ සක්දෙවිඳු වූයෙමියි වදාළහ. මේ අවස්ථාවෙහි පුහුදුන් භික්ෂූහු නිසැක වූහ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා මහාපනාදො රාජා භද්දජි අහොසි, සක්කො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මෙසේ දහම් දෙසා ජාතක කථාව පූර්වපර සන්ධිය ගළපා නිමවා වදාළ සේක. එකල මහාපණාද භද්දජිය, ශක්‍රයා වනාහි මම ම වූයෙමියි වදාළ සේක.
මහාපනාදජාතකවණ්ණනා චතුත්ථා.