5. ඛුරප්පජාතකවණ්ණනා 265 අට්ඨකථා
5. ඛුරප්පජාතකවණ්ණනා (265)
5. ඛුරප්ප ජාතකය (265)
දිස්වා ඛුරප්පෙති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං ඔස්සට්ඨවීරියං භික්ඛුං ආරබ්භ කථෙසි. තඤ්හි සත්ථා “සච්චං කිර ත්වං, භික්ඛු, ඔස්සට්ඨවීරියො”ති පුච්ඡිත්වා “සච්චං, භන්තෙ”ති වුත්තෙ “භික්ඛු, කස්මා එවං ත්වං නිය්යානිකසාසනෙ පබ්බජිත්වා වීරියං ඔස්සජි, පොරාණකපණ්ඩිතා අනිය්යානිකට්ඨානෙපි වීරියං කරිංසූ”ති වත්වා අතීතං ආහරි.
දිස්වා ඛුරප්පෙ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් වීර්ය අත්හල එක් භික්ෂූන් වහන්සේ නමක අරබයා වදාළ සේක. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවගෙන් ඇත්තද මහණ, ඔබ වීර්ය අත්හලෙහිදැයි විචාරා එසේය, ස්වාමීනියි කී කල්හි මහණ, කුමක් නිසා නුඹ නිවනට පමුණුවන සසුනෙහි පැවිදි වී මෙසේ වීර්ය අත්හළෙහිද? පැරණි නුවණ ඇති අය නෛර්යාණික නොවන ස්ථානයෙහිත් වීර්යය කළාහුයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො එකස්මිං අටවිආරක්ඛකකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො පඤ්චපුරිසසතපරිවාරො අටවිආරක්ඛකෙසු සබ්බජෙට්ඨකො හුත්වා අටවිමුඛෙ එකස්මිං ගාමෙ වාසං කප්පෙසි. සො භතිං ගහෙත්වා මනුස්සෙ අටවිං අතික්කාමෙති. අථෙකස්මිං දිවසෙ බාරාණසෙය්යකො සත්ථවාහපුත්තො පඤ්චහි සකටසතෙහි තං ගාමං පත්වා තං පක්කොසාපෙත්වා “සම්ම, සහස්සං ගහෙත්වා මං අටවිං අතික්කාමෙහී”ති ආහ. සො “සාධූ”ති තස්ස හත්ථතො සහස්සං ගණ්හි, භතිං ගණ්හන්තොයෙව තස්ස ජීවිතං පරිච්චජි. සො තං ආදාය අටවිං පාවිසි, අටවිමජ්ඣෙ පඤ්චසතා චොරා උට්ඨහිංසු, චොරෙ දිස්වාව සෙසපුරිසා උරෙන නිපජ්ජිංසු, ආරක්ඛකජෙට්ඨකො එකොව නදන්තො වග්ගන්තො පහරිත්වා පඤ්චසතෙපි චොරෙ පලාපෙත්වා සත්ථවාහපුත්තං සොත්ථිනා කන්තාරං තාරෙසි.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ වන ආරක්ෂක කුලයක ඉපදී වැඩිවියට පත්වූයේ පන්සියයක් පුරුෂයන් පිරිවරණ ලද්දේ වන ආරක්ෂකයන් අතරෙහි සියල්ලන්ට නායකව කැලෑව මායිමෙහි එක් ගමක වාසය කළහ. හෙතෙම කුලිය ගෙන මිනිසුන් කැලයෙන් එතෙර කරයි. ඉක්බිති එක්දිනක් බරණැස් නුවර වාසී ගැල් මගින් වෙළදාම් කරන වෙළෙන්දෙක් පන්සියයක් ගැල් රැගෙන ඒ ගමට පැමිණ ඔහු කැඳවා යහළුව! දහසක් රැගෙන මාව වනයෙන් එතෙර කරවයි කීවේය. හෙතෙම යහපතැයි කියා ඔහුගේ අතින් දහසක් ගත්තේය. කුලිය ගනිමින්ම ඔහු වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයද කළේය. හෙතෙම ඔහු රැගෙන කැලයට පිවිසියේය. කැලය මැදදී සොරු පන්සියයක් නැගී සිටියහ. සොරුන් දුටු ගමන්ම සෙසු මිනිස්සු පපුව යට කරගෙන (මුනින් අතට) වැතිරුණාහ. ආරක්ෂක ප්‍රධානියා තනියම කෑගසමින් කොටස් වශයෙන් සොරු පන්සියය පලවාහැර ගැල් වෙළෙන්දා නිරුපද්‍රිතව (හොඳින්) කාන්තාරයෙන් එතෙර කළේය.
සත්ථවාහපුත්තො පරකන්තාරෙ සත්ථං නිවෙසෙත්වා ආරක්ඛකජෙට්ඨකං නානග්ගරසභොජනං භොජෙත්වා සයම්පි භුත්තපාතරාසො සුඛනිසින්නො තෙන සද්ධිං සල්ලපන්තො “සම්ම, තථාදාරුණානං චොරානං ආවුධානි ගහෙත්වා අවත්ථරණකාලෙ කෙන නු ඛො තෙ කාරණෙන චිත්තුත්රාසමත්තම්පි න උප්පන්න”න්ති පුච්ඡන්තො පඨමං ගාථමාහ –
ගැල් වෙළෙන්දා කාන්තාරයෙන් පිටත ආරක්ෂක ප්‍රධානියාට නොයෙක් රස බොජුන් වළඳවා, තමාද උදේ කෑම ගෙන සැපසේ හිඳ ඔහු සමග කථා කරන්නේ යහලුව, එසේ දරුණු සොරුන් ආයුධ ගෙන මැඩගෙන එන කල්හි කුමන කරුණක් නිසා සිතේ තැති ගැන්මක් නොඋපන්නේදැයි විමසමින්
“දිස්වා ඛුරප්පෙ ධනුවෙගනුන්නෙ, ඛග්ගෙ ගහීතෙ තිඛිණෙ තෙලධොතෙ; තස්මිං භයස්මිං මරණෙ වියූළ්හෙ, කස්මා නු තෙ නාහු ඡම්භිතත්ත”න්ති.
දිස්වා ඛුරප්පෙ ධනුවෙග නූන්නෙ, ඛග්ගෙ ගහීතෙ තිඛිණෙ තෙල ධොතෙ, තස්මිං භයස්මිං මරණෙ වියුළ්හෙ, කස්මානු තෙ නාහු ඡම්භිතත්තං
යන පළමු ගාථාව කීවේය.
දුන්නෙහි වේගයෙන් යවන ලද මහා ඊතලද. ගලෙහි ගා මුවහත් කළ කඩුද දැක මරණය නිසා පැමිණි එම භයෙහි තොපට කුමක් හෙයින් තැති ගැන්මක් නොවීමද?
තත්ථ ධනුවෙගනුන්නෙති ධනුවෙගෙන විස්සට්ඨෙ. ඛග්ගෙ ගහීතෙති ථරුදණ්ඩෙහි සුගහිතෙ ඛග්ගෙ. මරණෙ වියූළ්හෙති මරණෙ පච්චුපට්ඨිතෙ. කස්මා නු තෙ නාහූති කෙන නු ඛො කාරණෙන නාහොසි. ඡම්භිතත්තන්ති සරීරචලනං.
එහි, ධනුවෙග නූන්නෙ යනු දුන්නෙහි වේගයෙන් යවන ලද. ඛග්ගෙ ගහිකෙ යනු කඩු මිටෙන් මනාව අල්ලා ගන්නා ලද කඩු ඇති. මරණෙ වියුළ්හෙ මරණය එළැඹි කල්හි කස්මානු තෙ නාහු යනු කුමන කරුණකින් ඡම්භි නොවීද? ඡම්භිනත්තං යනු සිරුරු වෙව්ලීම.
තං සුත්වා ආරක්ඛකජෙට්ඨකො ඉතරා ද්වෙ ගාථා අභාසි –
ඒ අසා ආරක්ෂක ප්‍රධානියා අනිත් ගාථා දෙක කීවේය.
“දිස්වා ඛුරප්පෙ ධනුවෙගනුන්නෙ, ඛග්ගෙ ගහීතෙ තිඛිණෙ තෙලධොතෙ; තස්මිං භයස්මිං මරණෙ වියූළ්හෙ, වෙදං අලත්ථං විපුලං උළාරං.
දිස්වා බුරප්පෙ ධනුවෙග නූන්නෙ, ඛග්ගෙ ගහීතෙ තිඛිණෙ තෙල ධොතෙ, තස්මිං භයස්මිං මරණෙ වියුළ්හෙ, වෙදං අලත්ථං විපුලං උළාරං
“සො වෙදජාතො අජ්ඣභවිං අමිත්තෙ, පුබ්බෙව මෙ ජීවිතමාසි චත්තං; න හි ජීවිතෙ ආලයං කුබ්බමානො, සූරො කයිරා සූරකිච්චං කදාචී”ති.
සො වෙදජාතො අජ්ක්ධභවිං අමිත්තෙ, පුබ්බෙව මේ ජීවිතමාසි චත්තං, නහි ජීවිතෙ ආලයං කුබ්බ මානො, සූරො කයිරා සූරකිච්චං කදාවි
යන ඉතිරි ගාථා දෙක කීවේය.
දුන්නෙහි වේගයෙන් යවන ලද ඊතලද, තෙල් ගලෙහි ගා මුවහත් කල කඩුද දැක මරණය සමීපව සිටි ඒ භයෙහි උදාර වූ මහත් සතුටක් ලදිමි.
ප්‍රීති වූ ඒ මම සතුරන් යටපත් කළෙමි. පළමුව මගේ ජීවිතය අත්හළේය. ජීවිතයෙහි ආලය කරන ශූරයා කිසිකලෙක ශූර ක්‍රියා නො කරන්නේ ය.
තත්ථ වෙදං අලත්ථන්ති තුට්ඨිඤ්චෙව සොමනස්සඤ්ච පටිලභිං. විපුලන්ති බහුං. උළාරන්ති උත්තමං. අජ්ඣභවින්ති ජීවිතං පරිච්චජිත්වා අභිභවිං. පුබ්බෙව මෙ ජීවිතමාසි චත්තන්ති මයා පුබ්බෙව තව හත්ථතො භතිං ගණ්හන්තෙනෙව ජීවිතං චත්තමාසි. න හි ජීවිතෙ ආලයං කුබ්බමානොති ජීවිතස්මිඤ්හි නිකන්තිං කුරුමානො පුරිසකිච්චං කදාචිපි න කරොති.
එහි, වෙදං අලත්ථං යනු සතුට හා සොම්නසද ලැබූවෙමි. විපුලං යනු බොහෝ, උළාරං යනු උතුම් වූ, අජ්ක්ධභවිං යනු ජීවිතය පරිත්‍යාගකොට මැඩලන ලදිමි. පුබ්බෙව මෙ ජීවිතමාසී චත්තං යනු මා විසින් කල් ඇතිවම නුඔ අතින් කුලිය ගනිද්දීම ජීවිතය පරිත්‍යාග කරන ලදි. නහි ජීවිතෙ ආලයං කුබ්බමානො යනු ජීවිතයෙහි ආසා කරමින් පුරුෂ ක්‍රියාවක් කිසිදිනක නොකරයි.
එවං සො සරවස්සෙ වස්සන්තෙ ජීවිතනිකන්තියා විස්සට්ඨත්තා අත්තනා සූරකිච්චස්ස කතභාවං ඤාපෙත්වා සත්ථවාහපුත්තං උය්යොජෙත්වා සකගාමමෙව පච්චාගන්ත්වා දානාදීනි පුඤ්ඤානි කත්වා යථාකම්මං ගතො.
මෙසේ හෙතෙම ඊතල වැස්සක් වස්සවමින් ජීවිතාශාව අත්හළ බැවින් තමා විසින් දක්ෂ ක්‍රියාවක් කළ බව දන්වා වෙළෙන්දා යවා සිය ගමට ආපසු පැමිණ දානාදි පිංකම්කොට කම් වු පරිද්දෙන් මිය පරලොව ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ ඔස්සට්ඨවීරියො භික්ඛු අරහත්තෙ පතිට්ඨහි. “තදා ආරක්ඛකජෙට්ඨකො අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය දේශනාකොට ජාතක කථාව ගලපා නිමවා වදාළ සේක. සත්‍ය දේශනා කෙළවර වීර්යය අත්හළ භික්ෂුව රහත් ඵලයෙහි පිහිටියේය. එකල ආරක්ෂක ප්‍රධානියා මම ම වූයෙමි යි වදාළ සේක.
ඛුරප්පජාතකවණ්ණනා පඤ්චමා.