යෙදුමෙන් කියවන්න

6. වාතග‍්ගසින්‍ධවජාතකවණ‍්ණනා 266 අට‍්ඨකථා

6. වාතග‍්ගසින්‍ධවජාතකවණ‍්ණනා (266)

6. වාතග්ගසින්‍ධව ජාතකය (266)

යෙනාසි කිසියා පණ‍්ඩූති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සාවත්‍ථියං අඤ‍්ඤතරං කුටුම‍්බිකං ආරබ‍්භ කථෙසි. සාවත්‍ථියං කිරෙකා අභිරූපා ඉත්‍ථී එකං අභිරූපං කුටුම‍්බිකං දිස‍්වා පටිබද‍්ධචිත‍්තා අහොසි, සකලසරීරං ඣායමානො වියස‍්සා අබ‍්භන‍්තරෙ කිලෙසග‍්ගි උප‍්පජ‍්ජි. සා නෙව කායස‍්සාදං ලභි, න චිත‍්තස‍්සාදං, භත‍්තම‍්පිස‍්සා න රුච‍්චි, කෙවලං මඤ‍්චකඅටනිං ගහෙත්‍වා නිපජ‍්ජි. අථ නං උපට‍්ඨායිකා ච සහායිකා ච පුච‍්ඡිංසු – “කිං නු ඛො ත්‍වං කම‍්පමානචිත‍්තා අටනිං ගහෙත්‍වා නිපන‍්නා, කිං තෙ අඵාසුක”න‍්ති. සා එකං ද‍්වෙ වාරෙ අකථෙත්‍වා පුනප‍්පුනං වුච‍්චමානා තමත්‍ථං ආරොචෙසි. අථ නං තා සමස‍්සාසෙත්‍වා “ත්‍වං මා චින‍්තයි, මයං තං ආනෙස‍්සාමා”ති වත්‍වා ගන‍්ත්‍වා කුටුම‍්බිකෙන සද‍්ධිං මන‍්තෙසුං, සො පටික‍්ඛිපිත්‍වා පුනප‍්පුනං වුච‍්චමානො අධිවාසෙසි. තා “අසුකදිවසෙ අසුකවෙලායං ආගච‍්ඡා”ති පටිඤ‍්ඤං ගහෙත්‍වා ගන‍්ත්‍වා තස‍්සා ආරොචෙසුං. සා අත‍්තනො සයනගබ‍්භං සජ‍්ජෙත්‍වා අත‍්තානං අලඞ‍්කරිත්‍වා සයනපිට‍්ඨෙ නිසින‍්නා තස‍්මිං ආගන‍්ත්‍වා සයනෙකදෙසෙ නිසින‍්නෙ චින‍්තෙසි – “සචාහං ඉමස‍්ස ගරුකං අකත්‍වා ඉදානෙව ඔකාසං කරිස‍්සාමි, ඉස‍්සරියං මෙ පරිහායිස‍්සති, ආගතදිවසෙයෙව ඔකාසකරණං නාම අකාරණං, අජ‍්ජ න මඞ‍්කුං කත්‍වා අඤ‍්ඤස‍්මිං දිවසෙ ඔකාසං කරිස‍්සාමී”ති. අථ නං හත්‍ථගහණාදිවසෙන කෙළිං කාතුං ආරද‍්ධං හත්‍ථෙ ගහෙත්‍වා “අපෙහි අපෙහි, න මෙ තයා අත්‍ථො”ති නිබ‍්භච‍්ඡෙසි. සො ඔසක‍්කිත්‍වා ලජ‍්ජිතො උට‍්ඨාය අත‍්තනො ගෙහමෙව ගතො.

යෙනාසි කිසියා පණ්ඩු යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් සැවැත්නුවර කෙළඹි පුත්‍රයකු අරභයා වදාළ සේක. සැවැත්නුවර වනාහි මනා රූ ඇති ස්ත්‍රියක් එවැනිම රූමත් කෙළඹි පුත්‍රයකු දැක බැඳුනු සිත් ඇති වූවාය. මේ නිසා මුළු සිරුරම දවන්නාක් මෙන් ඇගේ අභ්‍යන්තරයෙහි කෙළෙස් ගින්නක් උපන්නේය. ඈ කයේ ආස්වාදයක් හෝ සිතේ ආස්වාදයක් හෝ නොලැබුවේය. ඇයට කෑම රුචි නොවීය. හුදෙක් ඇඳෙහි විට්ටම අල්ලාගෙන නිදයි. ඉක්බිති උපස්ථායිකාවෝද මිතුරියෝද කුමක් නිසා නුඹ සැලෙන සිතින් යුතුව ඇඳ විට්ටම අල්ලාගෙන නිදන්නෙහිද? ඔබේ අපහසුතාව කුමක්දැයි ඇගෙන් විචාළහ. ඈ වරක් දෙකක් කථා නැතුව සිට නැවත නැවත අසන නිසා ඒ කාරණාව සැලකළාය. ඉක්බිති ඒ ස්ත්‍රීහු ඇය සනසා නුඹ ඒ ගැන නොසිතන්න. අපි ඔහුව ගෙන එන්නෙමුයි කියා ගොස් කෙළඹියා සමග සාකච්ඡා කළාහුය. ඔහු ප්‍රතික්‍ෂේප කොට නැවත නැවතත් කියනු ලබද්දී පිළිගත්තේය. ඒ ස්ත්‍රීහු අසවල් දවසේ අසවල් වේලාවට එන්නැයි ප්‍රතිඥා ගෙන වුත් ඈට කීවාහුය. ඈ තමන්ගේ යහන්ගැබ සකස්කර තමනුත් සැරසී ඈ මත සිටින්නී ඔහු අවුත් ඇඳේ කොණක සිටිවිට, ඉදින් මොහුට අගය නොපෙන්වා දැන්ම ඉඩ දෙන්නෙම් නම් මගේ සම්පත් පිරිහෙන්නේය. ආ දවසේදීම ඉඩදීම නම් නොකටයුතුයයි අද ඔහු ලජ්ජාවට පත්කොට වෙනත් දවසක ඉඩ ලබා දෙන්නෙමියි සිතුවාය. ඉක්බිති ඈ ඔහුගේ අතින් ගැනීම් ආදී වශයෙන් විනෝදවීමට පටන්ගෙන අත් අල්ලාගෙන, ඉවත්ව යන්න, මට නුඹෙන් ප්‍රයෝජනයක් නැතැයි අත ගසා දැමුවාය. හෙතෙම පසුබැස ලැජ්ජාවෙන් නැගිට තමන්ගේ ගෙදරටම ගියේය.

ඉතරා ඉත්‍ථියො තාය තථා කතභාවං ඤත්‍වා කුටුම‍්බිකෙ නික‍්ඛන‍්තෙ තං උපසඞ‍්කමිත්‍වා එවමාහංසු – “ත්‍වං එතස‍්මිං පටිබද‍්ධචිත‍්තා ආහාරං පටික‍්ඛිපිත්‍වා නිපජ‍්ජි, අථ නං මයං පුනප‍්පුනං යාචිත්‍වා ආනයිම‍්හ, තස‍්ස කස‍්මා ඔකාසං න අකාසී”ති. සා තමත්‍ථං ආරොචෙසි. ඉතරා “තෙන හි පඤ‍්ඤායිස‍්සසී”ති වත්‍වා පක‍්කමිංසු. කුටුම‍්බිකො පුන නිවත‍්තිත්‍වාපි න ඔලොකෙසි. සා තං අලභමානා නිරාහාරා තත්‍ථෙව ජීවිතක‍්ඛයං පාපුණි. කුටුම‍්බිකො තස‍්සා මතභාවං ඤත්‍වා බහුං මාලාගන්‍ධවිලෙපනං ආදාය ජෙතවනං ගන‍්ත්‍වා සත්‍ථාරං පූජෙත්‍වා එකමන‍්තං නිසීදිත්‍වා සත්‍ථාරා ච “කිං නු ඛො, උපාසක, න පඤ‍්ඤායසී”ති පුච‍්ඡිතෙ තමත්‍ථං ආරොචෙත්‍වා “ස‍්වාහං, භන‍්තෙ, එත‍්තකං කාලං ලජ‍්ජාය බුද‍්ධුපට‍්ඨානං නාගතො”ති ආහ. සත්‍ථා “න , උපාසක, ඉදානෙවෙසා කිලෙසවසෙන තං පක‍්කොසාපෙත්‍වා ආගතකාලෙ තං ඔකාසං අකත්‍වා ලජ‍්ජාපෙසි, පුබ‍්බෙපි පන පණ‍්ඩිතෙසු පටිබද‍්ධචිත‍්තා හුත්‍වා පක‍්කොසාපෙත්‍වා ආගතකාලෙ ඔකාසං අකත්‍වා කිලමෙත්‍වාව උය්‍යොජෙසී”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

අනික් ස්ත්‍රීහු ඇය විසින් එසේ කළ බැව් දැන කෙළඹියා නික්මෙන කල්හි ඇය වෙත එළඹ නුඹ මොහු කෙරෙහි පිළිබඳ සිත් ඇතිව ආහාර ප්‍රතික්‍ෂේප කොට වැතිර සිටියාය. ඉක්බිති අපි ඔහුට නැවත නැවතත් යාඥාකොට කැඳවාගෙන ආවෙමු. කුමක් නිසා ඹහුට ඉඩ නුදුන්නේදැයි මෙසේ කීහ. ඈ ඊට හේතු කීවාය. සෙසු ස්ත්‍රීහු එසේනම් ඔහු නොසලකා හැරීමේ විපාක පෙනේවියයි කියා ඉවත්ව ගියාහුය. කෙළඹියා නැවත හැරී බැලුවේවත් නැත. ඈ නොලබන්නී ආහාර නොගෙන එහිම මරණයට පැමිණියාය. කෙළඹියා ඇය මළ බව දැන බොහෝ මල් ගඳ සුවද විලවුන් ගෙන ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේට පූජාකොට වැඳ එකත්පසෙක හිඳ බුදුරජාණන් වහන්සේ විසින් මේ දිනවල පෙනෙන්නට නොසිටියේ කුමක් නිසාදැයි විමසූ කල්හි ඒ කරුණ පහදා ස්වාමීනි, ඒ මම මෙතෙක් දවසක් ලජ්ජාවෙන් බුද්ධ උපස්ථානයට නාවෙමියි කීවේය. බුදුරජාණන් වහන්සේ උපාසකය, දැන් ඈ කෙලෙස් හැඟීමෙන් නුඹ කැඳවාගෙන ආකල්හි නුඹට ඉඩ නොදී ලජ්ජාවට පත් කළාය. පෙර වනාහි නුවණැත්තන් කෙරෙහි පවා පිළිබඳ සිත් ඇතිව කැඳවාගෙන ආ කල්හි ඉඩක් නොදී වෙහෙසා යැව්වා යයි වදාරා ඔහු විසින් අයදින ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සින්‍ධවකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වාතග‍්ගසින්‍ධවො නාම හුත්‍වා තස‍්ස මඞ‍්ගලඅස‍්සො අහොසි. අස‍්සගොපකා තං නෙත්‍වා ගඞ‍්ගායං න‍්හාපෙන‍්ති. අථ නං භද‍්දලී නාම ගද්‍රභී දිස‍්වා පටිබද‍්ධචිත‍්තා හුත්‍වා කිලෙසවසෙන කම‍්පමානා නෙව තිණං ඛාදි , න උදකං පිවි, පරිසුස‍්සිත්‍වා කිසා අට‍්ඨිචම‍්මමත‍්තා අහොසි. අථ නං පුත‍්තො ගද්‍රභපොතකො මාතරං පරිසුස‍්සමානං දිස‍්වා “කිං නු ඛො ත්‍වං, අම‍්ම, නෙව තිණං ඛාදසි, න උදකං පිවසි, පරිසුස‍්සිත්‍වා තත්‍ථ තත්‍ථ කම‍්පමානා නිපජ‍්ජසි, කිං තෙ අඵාසුක”න‍්ති පුච‍්ඡි. සා අකථෙත්‍වා පුනප‍්පුනං වුච‍්චමානා තමත්‍ථං කථෙසි. අථ නං පුත‍්තො සමස‍්සාසෙත්‍වා “අම‍්ම, මා චින‍්තයි, අහං තං ආනෙස‍්සාමී”ති වත්‍වා වාතග‍්ගසින්‍ධවස‍්ස න‍්හායිතුං ආගතකාලෙ තං උපසඞ‍්කමිත්‍වා “තාත, මය‍්හං මාතා තුම‍්හෙසු පටිබද‍්ධචිත‍්තා නිරාහාරා සුස‍්සිත්‍වා මරිස‍්සති, ජීවිතදානමස‍්සා දෙථා”ති ආහ. “සාධු, තාත, දස‍්සාමි, අස‍්සගොපකා මං න‍්හාපෙත්‍වා ථොකං ගඞ‍්ගාතීරෙ විචරණත්‍ථාය විස‍්සජ‍්ජෙන‍්ති, ත්‍වං මාතරං ගහෙත්‍වා තං පදෙසං එහී”ති. සො ගන‍්ත්‍වා මාතරං ආනෙත්‍වා තස‍්මිං පදෙසෙ විස‍්සජ‍්ජෙත්‍වා එකමන‍්තං පටිච‍්ඡන‍්නො අට‍්ඨාසි.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප බෝසතාණන් වහන්සේ සෛන්ධව නම් අශ්ව කුලයෙහි ඉපදී වාතග්ග සින්ධව යන නම් ඇතිව ඔහුගේ මගුල් අශ්වයා විය. අස්ගොව්වෝ ඌ ගෙන ගොස් ගඟෙහි නාවද්දී කුන්දලී නම් කොටළු දෙනක් අෟ පිළිබඳ සිත් ඇතිව කෙළෙස් අදහසින් සැළෙමින් තණ කෑවේ නැත. දිය බීවේ නැත. මැළවී කෙට්ටු වී ඇටත් සමත් ඉතිරිවන තරමට පත්වූවාය. ඉක්බිති කොටළු දෙනගේ පුත් වූ කොටළු පෝතකයා එසේ මව මළානිකව සිටිනු දැක මෑණියනි, නුඹ කුමක් නිසා තණ නොකා, දිය නොබී මළානික වී ඒ ඒ තැන කම්පා වෙමින් වැතිර සිටින්නෙහිද? ඔබට ඇති අපහසුතාවය කුමක්දැයි විචාළේය. ඈ කථා නැතිව සිට නැවත නැවතත් අසනවිට ඒ කරුණ කීවාය. ඉක්බිති පුත්‍රයා ඇය සනසා මෑණියනි! නොසිතුව මැනවි. මම ඔහු රැගෙන එන්නෙමියි කියා වාතග්ග අශ්වයා නෑමට ගිය කල්හි අසුවෙත එළඹ පියාණනි, මගේ මව නුඹ කෙරෙහි පිළිබද සිත් ඇතිව ආහාර නොගෙන මැළවී මැරෙන්නීය. ඇයගේ දිවි බේරා දෙන්නයි කීවේය. හොඳයි දරුව, දෙන්නෙමි. අස් ගොව්වෝ මාව නහවා ටික වේලාවක් ගංතෙර ඇවිදීමට මුදා හරිති. නුඹ මව රැගෙන ඒ ප්‍රදේශයට එන්නැයි කීවේය.

අස‍්සගොපකාපි වාතග‍්ගසින්‍ධවං තස‍්මිං ඨානෙ විස‍්සජ‍්ජෙසුං. සො තං ගද්‍රභිං ඔලොකෙත්‍වා උපසඞ‍්කමි. අථ සා ගද්‍රභී තස‍්මිං උපසඞ‍්කමිත්‍වා අත‍්තනො සරීරං උපසිඞ‍්ඝමානෙ “සචාහං ගරුං අකත්‍වා ආගතක‍්ඛණෙයෙවස‍්ස ඔකාසං කරිස‍්සාමි, එවං මෙ යසො ච ඉස‍්සරියඤ‍්ච පරිහායිස‍්සති, අනිච‍්ඡමානා විය භවිතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා සින්‍ධවස‍්ස හෙට‍්ඨාහනුකෙ පාදෙන පහරිත්‍වා පලායි, දන‍්තමූලමස‍්ස භිජ‍්ජිත්‍වා ගතකාලො විය අහොසි. වාතග‍්ගසින්‍ධවො “කො මෙ එතාය අත්‍ථො”ති ලජ‍්ජිතො තතොව පලායි. සා විප‍්පටිසාරිනී හුත්‍වා තත්‍ථෙව පතිත්‍වා සොචමානා නිපජ‍්ජි.

කොටළු පොව්වා ගොස් මව රැගෙන අවුත් ඒ ප්‍රදේශයේ මුදාහැර එකත්පසෙක සැඟවී සිටියේය. අස්ගොව්වාද වාතග්ග සින්ධවයා ඒ ස්ථානයෙහි මුදා හැරියේය. අශ්වයා ඒ කොටළු දෙන බලා ළඟට ගියේය. ඉක්බිති ඒ කොටළු දෙන, අශ්වයා තමන් වෙත එළඹ තමන්ගේ සිරුර සිඹිනවිට ඉදින් මම අගය නොපෙන්වා ආවා වූ මොහොතේදීම මොහුට ඉඩ දෙන්නේ නම් මෙසේ මගේ කීර්තියත් සම්පතුත් පිරිහී යන්නේ යයි අකමැති තැනැත්තියක මෙන් සිටීම හොඳයයි සිතා අශ්වයාගේ හක්කේ යටි පැත්තට පයින් පහර දී පලා ගියාය. දත්මුල් කැඩී ගියාක් මේන විය. වාතග්ග අශ්වයා මැගෙන් මට ඇති ප්‍රයෝජනය කුමක්දැයි ලජ්ජාවෙන් එසැනින්ම පලා ගියේය. කොටළු දෙන විපිළිසර වී එහිම වැටී සෝක කරමින් වැතිර සිටියාය.

අථ නං පුත‍්තො උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡන‍්තො පඨමං ගාථමාහ –

ඉක්බිති ඇගේ පුතා එළඹ විමසමින්,

“යෙනාසි කිසියා පණ‍්ඩු, යෙන භත‍්තං න රුච‍්චති; අයං සො ආගතො භත‍්තා, කස‍්මා දානි පලායසී”ති.

යෙනාසි කිසියා පණ්ඩු යෙන භන්තං න රුච්චති, අයං සො ආගතො තාතො කස්මාදානි පලායසි

යන පළමු ගාථාව කීවේය.

යම් කරුණක් නිසා කෙට්ටු වී සුදුමැළි වීද, යම් කරුණකින් කෑම අප්‍රිය වීද, තී පතන ඒ ප්‍රේමවන්තයා ආවේය. දැන් කුමට පලායහිද?

තත්‍ථ යෙනාති තස‍්මිං පටිබද‍්ධචිත‍්තතාය යෙන කාරණභූතෙන.

එහි යෙන යනු යමෙකු කෙරෙහි බැඳුණු සිත් ඇති බැවින් යම් කරුණක් හේතුකොට ගෙන.

පුත‍්තස‍්ස වචනං සුත්‍වා ගද්‍රභී දුතියං ගාථමාහ –

පුතාගේ කීම අසා කොටළු දෙන,

“සචෙ පනාදිකෙනෙව, සන්‍ථවො නාම ජායති; යසො හායති ඉත්‍ථීනං, තස‍්මා තාත පලායහ”න‍්ති.

සචෙ පනාදිතෙනෙව සත්‍ථවො නාම ජායති, යසො හායති ඉත්‍ථිනං කස්මා තාත පලායහං

යන දෙවන ගාථාව කීවාය.

මුලින්ම සංසර්ග යාලුකම ඇති නොවේ. යම් හෙයකින් ස්ත්‍රීන්ගේ සාඩම්බරය නමැති සම්පත පිරිහේද එහෙයින් දරුව පලායමි.

තත්‍ථ ආදිකෙනෙවාතිආදිතොව පඨමමෙව. සන්‍ථවොති මෙථුනධම‍්මසංයොගවසෙන මිත‍්තසන්‍ථවො. යසො හායති ඉත්‍ථීනන‍්ති, තාත, ඉත්‍ථීනඤ‍්හි ගරුකං අකත්‍වා ආදිතොව සන්‍ථවං කුරුමානානං යසො හායති, ඉස‍්සරියගබ‍්බිතභාවො පරිහායතීති. එවං සා ඉත්‍ථීනං සභාවං පුත‍්තස‍්ස කථෙසි.

එහි, ආදිකෙනෙව යනු මුලින්ම, පළමුවෙන්ම. සන්‍ථවො යනු මෛථුන සේවනය කිරීම් වශයෙන් ඇතිවන යාලුකම. යසො හායති ඉත්‍ථිනං දරුව! අගය නොපෙන්වා (ගණන් ඉස්සීමක් නොකොට) මුලින්ම සංසර්ගයෙහි යෙදෙන ස්ත්‍රීන්ගේ කීර්තිය පිරිහෙයි. සම්පත්, උඩඟු බව පිරිහෙයි. ඈ මෙසේ ස්ත්‍රීන්ගේ ස්වභාවය පුතාට කීවාය.

තතියගාථං පන සත්‍ථා අභිසම‍්බුද‍්ධො හුත්‍වා ආහ –

බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදු පදවියට පත්ව,

“යසස‍්සිනං කුලෙ ජාතං, ආගතං යා න ඉච‍්ඡති; සොචති චිරරත‍්තාය, වාතග‍්ගමිව භද‍්දලී”ති.

යසස්සිනං කුලෙ ජාතං ආගතං යා න ඉච්ඡති, සොචති චිරරත්තාය වාතග්ගමිව කුන්‍දලී

යන තෙවන ගාථාව වදාළහ.

යම් ස්ත්‍රියක් තමන් ළඟට ආ උසස් කුලයෙහි උපන් පුරුෂයාට අකමැති වේද, ඕ තොමෝ ‘වාතග්ග’ නම් අශ්වයාට අකමැති වූ ‘කුන්‍දලී’ නම් කොටළු දෙන මෙන් දිගුකලක් ශෝක කරන්නීය.

තත්‍ථ යසස‍්සිනන‍්ති යසසම‍්පන‍්නං. යා න ඉච‍්ඡතීති යා ඉත්‍ථී තථාරූපං පුරිසං න ඉච‍්ඡති. චිරරත‍්තායාති චිරරත‍්තං, දීඝමද‍්ධානන‍්ති අත්‍ථො.

එහි, යසස්සිනං යනු කීර්තිමත්, යා න ඉච්ඡති යනු යම් ස්ත්‍රියක් එබඳු කුලවත් පුරුෂයෙකුට අකමැති වේද? චිරරත්තාය යනු රාත්‍රී බොහොමයක්, දිගු කාලයක් යන අර්ථයයි.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ කුටුම‍්බිකො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. “තදා ගද්‍රභී සා ඉත්‍ථී අහොසි, වාතග‍්ගසින්‍ධවො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ අතීත කථාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍ය දේශනාකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දේශනාව කෙළවර කෙළඹියා සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල කොටළු දෙන ඒ ස්ත්‍රිය වූවාය. වාතග්ග සින්‍ධවයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

වාතග‍්ගසින්‍ධවජාතකවණ‍්ණනා ඡට‍්ඨා.