7. කක්කටකජාතකවණ්ණනා 267 අට්ඨකථා
7. කක්කටකජාතකවණ්ණනා (267)
7. කක්කටක ජාතකය (267)
සිඞ්ගී මිගොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරං ඉත්ථිං ආරබ්භ කථෙසි. සාවත්ථියං කිරෙකො කුටුම්බිකො අත්තනො භරියං ගහෙත්වා උද්ධාරසොධනත්ථාය ජනපදං ගන්ත්වා උද්ධාරං සොධෙත්වා ආගච්ඡන්තො අන්තරාමග්ගෙ චොරෙහි ගහිතො. භරියා පනස්ස අභිරූපා පාසාදිකා දස්සනීයා, චොරජෙට්ඨකො තස්සා සිනෙහෙන කුටුම්බිකං මාරෙතුං ආරභි. සා පන ඉත්ථී සීලවතී ආචාරසම්පන්නා පතිදෙවතා, සා චොරජෙට්ඨකස්ස පාදෙසු නිපතිත්වා “සාමි, සචෙ මයි සිනෙහො අත්ථි, මා මය්හං සාමිකං මාරෙහි. සචෙ මාරෙසි, අහම්පි විසං වා ඛාදිත්වා නාසවාතං වා සන්නිරුම්භිත්වා මරිස්සාමි, තයා පන සද්ධිං න ගමිස්සාමි, මා මෙ අකාරණෙන සාමිකං මාරෙහී”ති යාචිත්වා තං විස්සජ්ජාපෙසි. තෙ උභොපි සොත්ථිනා සාවත්ථිං පත්වා ජෙතවනපිට්ඨිවිහාරෙන ගච්ඡන්තා “විහාරං පවිසිත්වා සත්ථාරං වන්දිස්සාමා”ති ගන්ධකුටිපරිවෙණං ගන්ත්වා සත්ථාරං වන්දිත්වා එකමන්තං නිසීදිංසු. තෙ සත්ථාරා “කහං ගතත්ථ, උපාසකා”ති පුට්ඨා “උද්ධාරසොධනත්ථායා”ති ආහංසු. “අන්තරාමග්ගෙ පන ආරොග්යෙන ආගතත්ථා”ති වුත්තෙ කුටුම්බිකො ආහ – “අන්තරාමග්ගෙ නො, භන්තෙ, චොරා ගණ්හිංසු, තත්රෙසා මං මාරියමානං චොරජෙට්ඨකං යාචිත්වා මොචෙසි, ඉමං නිස්සාය මයා ජීවිතං ලද්ධ”න්ති. සත්ථා “න, උපාසක, ඉදානෙවෙතාය එවං තුය්හං ජීවිතං දින්නං, පුබ්බෙපි පණ්ඩිතානම්පි ජීවිතං අදාසියෙවා”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
සිංගීමිගො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක්තරා ස්ත්‍රියක මුල් කරගෙන වදාළ සේක. සැවැත්නුවර එක් කෙළඹි පුත්‍රයෙක් බිරිඳ සමග ණය ගෙවීම් පිණිස ජනපදයට ගොස් ණය ගෙවීම් කොට එන අතරමගදී සොරුන් විසින් අල්ලා ගන්නා ලද්දේය. මොහුගේ බිරිඳ වනාහි රූ ඇත්තීය. ප්‍රසන්නය. සොරදෙටුවා ඇය කෙරෙහි ඇල්මෙන් කෙළඹි පුත්‍රයාව මරන්නට සූදානම් විය. ඒ ස්ත්‍රිය සිල්වත්ය. හොඳ ගතිපැවතුම් ඇත්තීය. පතිවත රකින්නීය. ඈ සොර දෙටුවාගේ පාමුල වැටී ස්වාමීනි! ඉදින් මා කෙරෙහි ස්නේහයෙන් මාගේ සැමියා මරන්නෙහිනම් මමද වස කා හෝ හුස්ම හිරකරගෙන හෝ මැරෙන්නෙමි. නුඹ සමග නම් නොයන්නෙමි. නිකරුනේ මාගේ සැමියා නොමරවයි යාඥා කොට ඔහුව නිදහස් කරවා ගත්තාය. ඒ දෙදෙනාම සැප සේ සැවැත් නුවරට පැමිණ දෙව්රම් වෙහෙරට පිටතින් යමින් විහාරයට පිවිස ශාස්තෲන් වහන්සේට වැඳ යන්නෙමුයි කතාකොට ගඳකිළි මළුවට ගොස් වැඳ එකත්පසෙක හිඳ ගත්තාහුය. බුදුරජාණන් වහන්සේ විසින් කොහි ගියාහුදැයි විචාරණ ලද ඔවුහු ණය ගෙවීම් පිණිස යයි කීවාහුය. අතරමගදී සැපසේ ආවහුදැයි වදාළ කල්හි. ස්වාමීනි! අතරමගදී මා මරන්න සූදානම් වූ සොර නායකයාට යාඥාකොට මැය මා මුදාගත්තාය. මෑ නිසා මා විසින් දිවි ලබන ලදී යයි කීවේය. බුදුරජාණන් වහන්සේ උපාසකය! දැන් මේ තැනැත්තිය විසින් තොපගේ දිවි රැක දෙන ලදි. පෙරත් නුවණ ඇති අයටද දිවි රැක දුන්නා යයි වදාරා ඔහු විසින් අයදින ලද්දාහු අතීත කතාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ හිමවන්තෙ මහාඋදකරහදො, තත්ථ මහාසුවණ්ණකක්කටකො අහොසි. සො තස්ස නිවාසභාවෙන “කුළීරදහො”ති පඤ්ඤායිත්ථ. කක්කටකො මහා අහොසි ඛලමණ්ඩලප්පමාණො, හත්ථී ගහෙත්වා වධිත්වා ඛාදති. හත්ථී තස්ස භයෙන තත්ථ ඔතරිත්වා ගොචරං ගණ්හිතුං න සක්කොන්ති. තදා බොධිසත්තො කුළීරදහං උපනිස්සාය වසමානං හත්ථියූථජෙට්ඨකං පටිච්ච කරෙණුයා කුච්ඡිස්මිං පටිසන්ධිං ගණ්හි. අථස්ස මාතා “ගබ්භං රක්ඛිස්සාමී”ති අඤ්ඤං පබ්බතප්පදෙසං ගන්ත්වා ගබ්භං රක්ඛිත්වා පුත්තං විජායි. සො අනුක්කමෙන විඤ්ඤුතං පත්තො මහාසරීරො ථාමසම්පන්නො සොභග්ගප්පත්තො අඤ්ජනපබ්බතො විය අහොසි. සො එකාය කරෙණුයා සද්ධිං සංවාසං කප්පෙත්වා “කක්කටකං ගණ්හිස්සාමී”ති අත්තනො භරියඤ්ච මාතරඤ්ච ආදාය තං හත්ථියූථං උපසඞ්කමිත්වා පිතරං පස්සිත්වා “තාත, අහං කක්කටකං ගණ්හිස්සාමී”ති ආහ. අථ නං පිතා “න සක්ඛිස්සසි, තාතා”ති වාරෙත්වා පුනප්පුනං වදන්තං “ත්වඤ්ඤෙව ජානිස්සසී”ති ආහ.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දි හිමාල වනයෙහි මහදිය විලක් විය. එහි රන්වන් මහා කකුළුවෙක් සිටියේය. ඒ විල කකුළුවාගේ වාසස්ථානය වූ බැවින් කුළිරදහ (කකුළු විල) යයි ප්‍රකට විය. කකුළුවා විශාල එකෙකි. කමතක් පමණ විය. ඇතුන් අල්ලාගෙන මරා කයි. ඇතුන් කකුළුවාට බියෙන් ඒ විලට බැස ආහාර ගන්නට නොහැකි වෙත්. එකල්හි බෝසතාණන් වහන්සේ කකුළු විල ඇසුරුකොට වාසය කරන්නා වූ රැලේ නායක ඇතාට දාව ඇතින්නකගේ කුසෙහි පිළිසිඳ ගත්හ. ඉක්බිති ඔහුගේ මව ගැබ ආරක්ෂා කර ගන්නෙමියි වෙනත් පර්වත ප්‍රදේශයකට ගොස් ගැබ රැක වැටවකු බිහි කළාය. ඒ ඇත් පැටවා පිළිවෙළින් ඇති දැඩි වී ලොකු සිරුරක් ඇතිව ශක්ති සම්පන්නව සෝභාවෙන් අගතැන්පත්ව අඳුන්පැහැ ඇති ගල් පර්වතයක් මෙන් විය. ඒ ඇතා එක් ඇතින්නක සමග සංවාසයේ යෙදී කකුළුවා ගන්නෙමියි තමන්ගේ බිරිඳද මවද රැගෙන ඒ ඇත් රැළ වෙත එළඹ පියා දැක, පියාණෙනි! නම කකුළුවා අල්ලා ගන්නෙමියි කීවේය. ඉක්බිති ඔහුගේ පියා දරුව! ඔබ එයට අසමත් වන්නෙහි යයි වළක්වා නැවත නැවතත් කියන නිසා එසේ නම් නුඹම දැන ගන්නෙහි යයි කීවේය.
සො කුළීරදහං උපනිස්සාය වසන්තෙ සබ්බවාරණෙ සන්නිපාතෙත්වා සබ්බෙහි සද්ධිං දහසමීපං ගන්ත්වා “කිං සො කක්කටකො ඔතරණකාලෙ ගණ්හාති, උදාහු ගොචරං ගණ්හනකාලෙ, උදාහු උත්තරණකාලෙ”ති පුච්ඡිත්වා “උත්තරණකාලෙ”ති සුත්වා “තෙන හි තුම්හෙ කුළීරදහං ඔතරිත්වා යාවදත්ථං ගොචරං ගහෙත්වා පඨමං උත්තරථ, අහං පච්ඡතො භවිස්සාමී”ති ආහ. වාරණා තථා කරිංසු. කුළීරො පච්ඡතො උත්තරන්තං බොධිසත්තං මහාසණ්ඩාසෙන කම්මාරො ලොහසලාකං විය අළද්වයෙන පාදෙ දළ්හං ගණ්හි, කරෙණුකා බොධිසත්තං අවිජහිත්වා සමීපෙයෙව අට්ඨාසි. බොධිසත්තො ආකඩ්ඪන්තො කුළීරං චාලෙතුං නාසක්ඛි, කුළීරො පන තං ආකඩ්ඪන්තො අත්තනො අභිමුඛං කරොති. සො මරණභයතජ්ජිතො බද්ධරවං රවි, සබ්බෙ වාරණා මරණභයතජ්ජිතා කොඤ්චනාදං කත්වා මුත්තකරීසං චජමානා පලායිංසු, කරෙණුකාපිස්ස සණ්ඨාතුං අසක්කොන්තී පලායිතුං ආරභි.
හෙතෙම කකුළු විල ඇසුරු කොට වසන සියලු ඇතුන් රැස් කරවා සියල්ලන් සමග විල සමීපයට ගොස් ඒ කකුළුවා විලට බසිනවිට ඇතුන් අල්ලන්නේ ද නැතිනම් ගොඩට එන කාලයේදී දැයි විචාරා ගොඩට එන කාලයේදී යයි අසා, එසේනම් තෙපි කකුළු විලට බැස ඇති තාක් ගොදුරු ගෙන පළමුව ගොඩට එව්. මම පසුව ගොඩ එන්නෙමියි කීවේය. ඇත්තු එසේ කළාහුය. කකුළුවා පසුව ගොඩට එන බෝසතාණන් වහන්සේ, කම්මල්කරුවා අඬුවකින් යකඩ කූරක් අල්ලන්නාක් මෙන් අඬු දෙකින් පා දැඩිව අල්ලා ගත්තේය. ඇතින්න බෝසතාණන් වහන්සේ අතහැර නොගොසින් සමීපයෙහිම සිටියාය. බෝසතාණන් වහන්සේ කකුළුවා අදිමින් ඌ සොලවන්නට අසමත් වූහ. කකුළුවා වනාහි ඇතා අදිමින් තමන් ළඟට කරයි. ඇතා මර බියෙන් තැති ගෙන උගුලකට අසු වූ සතෙකු සේ නාද කළහ. සියලු ඇත්තු මර බියෙන් කුඤ්චනාද කොට මළ මුත්‍රා හළමින් පලාගියහ. ඔහුගේ ඇතින්නද නවතින්නට නොහැකි වන්නී පලා යන්නට සූදානම් වූවාය.
අථ නං සො අත්තනො බද්ධභාවං සඤ්ඤාපෙත්වා තස්සා අපලායනත්ථං පඨමං ගාථමාහ –
ඉක්බිති හෙතෙම තමන් බැඳුණු බව ඇයට දන්වා පලා නොයන ලෙස,
[missing pali]
සිංගීමිගො ආයත චක්ඛුනෙත්තො, අට්ඨිත්තචො වාරිසයො අලොමො, තෙනාභි භූතො කපණං රුදාමි, මාහෙව මං පාණසමං ජහෙය්ය
යන පළමු ගාථාව කීවේය.
දිග ඇස් ඇති කටුවම හම වශයෙන් ඇති දියෙහි වෙසෙන ලෝම රහිත වූ ‘සිංගීමිග’ නම් කකුළුවෙකු ඌ විසින් පීඩාවට පත් කරන ලද්දෙන් අසරණව හඬමි. පණ හා සම වූ මා හැර නොයන්න.
තත්ථ සිඞ්ගී මිගොති සිඞ්ගී සුවණ්ණවණ්ණො මිගො. ද්වීහි අළෙහි සිඞ්ගකිච්චං සාධෙන්තෙහි යුත්තතාය සිඞ්ගීති අත්ථො. මිගොති පන සබ්බපාණසඞ්ගාහකවසෙන ඉධ කුළීරො වුත්තො. ආයතචක්ඛුනෙත්තොති එත්ථ දස්සනට්ඨෙන චක්ඛු, නයනට්ඨෙන නෙත්තං, ආයතානි චක්ඛුසඞ්ඛාතානි නෙත්තානි අස්සාති ආයතචක්ඛුනෙත්තො, දීඝඅක්ඛීති අත්ථො. අට්ඨිමෙවස්ස තචකිච්චං සාධෙතීති අට්ඨිත්තචො. තෙනාභිභූතොති තෙන මිගෙන අභිභූතො අජ්ඣොත්ථතො නිච්චලං ගහිතො හුත්වා. කපණං රුදාමීති කාරුඤ්ඤප්පත්තො හුත්වා රුදාමි විරවාමි. මා හෙව මන්ති මං එවරූපං බ්යසනප්පත්තං අත්තනො පාණසමං පියසාමිකං ත්වං මා හෙව ජහීති.
එහි, සිංගි මිගො යනු අං ඇති රන්වන් සතා. අංවලින් කරන ක්‍රියාව අඬු දෙකින් සිදුකර ගැනීමේ යුක්ති සහගත භාවයෙන් සිංගී යන අර්ථයෙන් ‘මිග’ යන වචනය සියලු සතුන් ඇතුළත් වන වචනයක් නිසා මෙහි කකුළුවා යයි කියන ලදි. ආයත චක්ඛු නෙත්තො යනු දැකීම් අර්ථයෙන් ‘චක්ඛු’ නම් වේ. (සත්ත්වයන් එහි මෙහි) ගෙන යන අර්ථයෙන් ‘නෙත්ත’ නම් වේ. දික් වූ චක්ඛු සංඛ්‍යාත වූ නේත්‍රයෝ ඔහුට ඇතැයි යන අරුතින් ‘ආයත චක්ඛු නෙත්තෙ’ නමි. දික් වූ ඇස් ඇත්තේය යන අර්ථයයි. මොහුගේ කටුවම හමෙන් කරන කටයුත්ත සිදුකරයි යන අර්ථයෙන් ‘අට්ඨිත්තචො’ නම් වේ. තෙනාභිභූතො යනු ඒ කකුළුවා විසින් මඩනා ලද්දේ යටපත් කරගන්නා ලද්දේ නිසලව ගන්නා ලද්දෙක් වී. කපණං රුදාමි යනු කරුණාවට පත්වී හඬමි. නාද කරමි. මාහෙව මං යනු මෙබඳු විපතකට පත්වූ තමන්ගේ පණ හා සමාන ප්‍රිය සැමියා වන මා නුඹ අත් නොහරින්න.
අථ සා කරෙණුකා නිවත්තිත්වා තං අස්සාසයමානා දුතියං ගාථමාහ –
ඉක්බිති ඒ ඇතින්න නැවතී ඔහු සනසමින්,
“අය්ය න තං ජහිස්සාමි, කුඤ්ජරං සට්ඨිහායනං; පථබ්‍යා චාතුරන්තාය, සුප්පියො හොසි මෙ තුව”න්ති.
අය්ය නතං ජහිස්සාමි කුඤ්ජර සට්ඨිහායන, පථව්‍යා චාතුරන්තාය සුප්පියො හොසි මෙ තුවං,
යන දෙවන ගාථාව කීවාය.
වයස අවුරුදු හැට ඉක්මවීමෙන් ශක්තිය හීන වූ ඇත් හිමියනි! විපතට පත් තොප අත් නොහරින්නෙමි. සතරදිග පැතිර ගිය මුහුද අවසන් කොට සිටි මහපොළොවටත් වඩා තොප මට ප්‍රිය මනාපය.
තත්ථ සට්ඨිහායනන්ති ජාතියා සට්ඨිවස්සකාලස්මිඤ්හි කුඤ්ජරා ථාමෙන පරිහායන්ති, සා අහං එවං ථාමහීනං ඉමං බ්යසනං පත්තං තං න ජහිස්සාමි, මා භායි, ඉමිස්සා හි චතූසු දිසාසු සමුද්දං පත්වා ඨිතාය චාතුරන්තාය පථවියා ත්වං මය්හං සුට්ඨු පියොති.
එහි, සට්ඨිහායන යනු උපතින් සැටවයස් කල්හි ඇත්තු ශක්තියෙන් පිරිහෙත්. ඒ මම මෙසේ ශක්තිය හීන වූ මේ විපතට පත්, තං නජහිස්සාමි ඔබ අත් නොහරින්නෙමි. බිය නොවන්න. සිවුදිග පැතිර සමුදුරට පැමිණ සිටි මේ චතුරන්තාය පොළොවට වඩා ඔබ මට ප්‍රියමනාපය.
අථ නං සන්ථම්භෙත්වා “අය්ය, ඉදානි තං කුළීරෙන සද්ධිං ථොකං කථාසල්ලාපං ලභමානා විස්සජ්ජාපෙස්සාමී”ති වත්වා කුළීරං යාචමානා තතියං ගාථමාහ –
ඉක්බිති ඔහු ශක්තිමත්කොට හිමියනි! දැන් කකුළුවා සමග කෙටි කතාබහක යෙදෙමින් ඔබ මුදාහරවන්නෙමියි කියා කකුළුවාට යාඥා කරමින්,
“යෙ කුළීරා සමුද්දස්මිං, ගඞ්ගාය යමුනාය ච; තෙසං ත්වං වාරිජො සෙට්ඨො, මුඤ්ච රොදන්තියා පති”න්ති.
යෙකුළීරා සමුද්දස්මිං ගංගාය නම්මදායච, තෙසං ත්වං වාරිජො සෙට්ඨො මුඤ්ච රොදන්තියා පතිං
යන තුන්වන ගාථාව කීවාය.
මුහුදෙහිද, ගංගා නදියෙහිද, නර්මදා නදියෙහිද යම් කකුළු කෙනෙක් ඇද්ද ඒ හැමට වඩා ජලයෙහි උපන් තෙපි රූසපුවෙන් හා මහත්ත්වයෙන් ශ්‍රේෂ්ඨ වූවාහුය. හඬන්නා වූ මාගේ සැමියා මුදාහරින්න.
තස්සත්ථො – යෙ සමුද්දෙ වා ගඞ්ගාය වා යමුනාය වා කුළීරා, සබ්බෙසං වණ්ණසම්පත්තියා ච මහන්තත්තෙන ච ත්වමෙව සෙට්ඨො උත්තමො. තෙන තං යාචාමි, මය්හං රොදමානාය සාමිකං මුඤ්චාති.
එහි අර්ථය, යෙ මුහුදෙහි හෝ ගංගායවා ගංගා නදියෙහි හෝ නම්මදායවා නර්මදා නදියෙහි හෝ කුලීරා යම් කකුළුවෙක් ඇද්ද තෙසං සියල්ලන්ට වඩා වර්ණ සම්පත්තියෙන් ද මහත් බැවින් නුඹම සෙට්ඨො ශ්‍රේෂ්ඨය. ඒ නිසා නුඹට යාඥා කරමි. අඬමින් සිටින මගේ සැමියා මුදාහරින්න.
කුළීරො තස්සා කථයමානාය ඉත්ථිසද්දෙ නිමිත්තං ගහෙත්වා ආකඩ්ඪියමානසො හුත්වා වාරණස්ස පාදතො අළෙ විනිවෙඨෙන්තො “අයං විස්සට්ඨො ඉදං නාම කරිස්සතී”ති න කිඤ්චි අඤ්ඤාසි. අථ නං වාරණො පාදං උක්ඛිපිත්වා පිට්ඨියං අක්කමි, තාවදෙව අට්ඨීනි භිජ්ජිංසු. වාරණො තුට්ඨරවං රවි, සබ්බෙ වාරණා සන්නිපතිත්වා කුළීරං නීහරිත්වා මහීතලෙ ඨපෙත්වා මද්දන්තා චුණ්ණවිචුණ්ණමකංසු. තස්ස ද්වෙ අළා සරීරතො භිජ්ජිත්වා එකමන්තෙ පතිංසු. සො ච කුළීරදහො ගඞ්ගාය එකාබද්ධො , ගඞ්ගාය පූරණකාලෙ ගඞ්ගොදකෙන පූරති, උදකෙ මන්දීභූතෙ දහතො උදකං ගඞ්ගං ඔතරති. අථ ද්වෙපි තෙ අළා උප්ලවිත්වා ගඞ්ගාය වුය්හිංසු. තෙසු එකො සමුද්දං පාවිසි, එකං දසභාතිකරාජානො උදකෙ කීළමානා ලභිත්වා ආළිඞ්ගං නාම මුදිඞ්ගං අකංසු. සමුද්දං පන පවිට්ඨං අසුරා ගහෙත්වා ආලම්බරං නාම භෙරිං කාරෙසුං. තෙ අපරභාගෙ සක්කෙන සඞ්ගාමෙ පරාජිතා තං ඡඩ්ඩෙත්වා පලායිංසු, අථ නං සක්කො අත්තනො අත්ථාය ගණ්හාපෙසි. “ආලම්බරමෙඝො විය ථනතී”ති තං සන්ධාය වදන්ති.
කකුළුවා ඒ ඇතින්න කථා කරද්දී ස්ත්‍රී හඬෙහි නිමිති ගෙන සැලුණු සිතින් යුක්තව ඇතාගේ පයෙන් අඬු ඉවත් කරමින් මේ ඇත් තෙමේ මුදාහැරියේ, පසුව මේ දේ කරන්නේ යයි කිසිවක් නොදත්තේය. ඉක්බිති ඇතා පය ඔසවා කකුළුවාගේ පිට පෑගුවේය. ඒ මොහොතේ ඇට (කටුව) බිඳුනේය. ඇතා සතුටු හඬින් නාද කළේය. සියලු ඇත්තු රැස් වී කකුළුවා ගොඩට ඇඳ පොළොවෙහි තබා මඩිමින් සුණු විසුණු කළහ. කකුළුවාගේ අඬු දෙක සිරුරින් ගැලවී පැත්තකට වැටුනේය. ඒ කකුළු විල ගංගා නදිය සමග ඒකාබද්ධ, ගඟ පිරුණු කල්හි ගංගා ජලයෙන් විල පිරෙයි. ජලය අඩු වී විට විලේ ජලය ගඟට ගලයි. ඉක්බිති ඇත්තු කකුළු අඬු දෙක ඔසවා ගඟෙහි පාකර හැරියහ. එක කකුළු අණ්ඩක් මුහුදට ගියේය. එකක් ජලයෙහි සෙල්ලම් කරන දසබෑ රජවරු ලබාගෙන ‘ආණක’ නම් මිහිඟු බෙරය කළාහුය. මුහුදට පිවිසි එක අසුරයෝ ගෙන ‘ආළම්බර’ නම් බෙරය කරවූහ. ඔවුහු පසුකලෙක ශක්‍රයා සමග කළ යුද්ධයෙන් පැරදී එය ඉවත දමා පලා ගියහ. ඉක්බිති එය ශක්‍රයා තමන් සඳහා ගන්වා ගත්තේය. ආලම්බර මේඝය මෙන් ශබ්ද කරන හෙයින් ‘ආළම්බර බෙරය’ යි කියති.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ උභො ජයම්පතිකා සොතාපත්තිඵලෙ පතිට්ඨහිංසු . “තදා කරෙණුකා අයං උපාසිකා අහොසි, වාරණො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය වදාරා ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය දෙශනාව කෙළවර ඒ අඹු සැමි දෙදෙනා සෝවාන් ඵලයෙහි පිහිටියාහුය. එදා ඇතින්න මේ උපාසිකාව වූවාය. ඇතා වනාහි මම ම වූයෙමියි. වදාළ සේක.
කක්කටකජාතකවණ්ණනා සත්තමා.