8. ආරාමදූසකජාතකවණ්ණනා 268 අට්ඨකථා
8. ආරාමදූසකජාතකවණ්ණනා (268)
8. ආරාමදූසක ජාතකය (268)
යො වෙ සබ්බසමෙතානන්ති ඉදං සත්ථා දක්ඛිණාගිරිජනපදෙ අඤ්ඤතරං උය්යානපාලපුත්තං ආරබ්භ කථෙසි. සත්ථා කිර වුත්ථවස්සො ජෙතවනා නික්ඛමිත්වා දක්ඛිණාගිරිජනපදෙ චාරිකං චරි. අථෙකො උපාසකො බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං නිමන්තෙත්වා උය්යානෙ නිසීදාපෙත්වා යාගුඛජ්ජකෙහි සන්තප්පෙත්වා “අය්යා, උය්යානචාරිකං චරිතුකාමා ඉමිනා උය්යානපාලෙන සද්ධිං චරන්තූ”ති වත්වා “අය්යානං ඵලාඵලානි දදෙය්යාසී”ති උය්යානපාලං ආණාපෙසි. භික්ඛූ චරමානා එකං ඡිද්දට්ඨානං දිස්වා “ඉදං ඨානං ඡිද්දං විරළරුක්ඛං, කිං නු ඛො කාරණ”න්ති පුච්ඡිංසු. අථ නෙසං උය්යානපාලො ආචික්ඛි – “එකො කිර උය්යානපාලපුත්තො උපරොපකෙසු උදකං ආසිඤ්චන්තො ‘මූලප්පමාණෙන ආසිඤ්චිස්සාමී’ති උප්පාටෙත්වා මූලප්පමාණෙන උදකං ආසිඤ්චි, තෙන තං ඨානං ඡිද්දං ජාත”න්ති. භික්ඛූ සත්ථු සන්තිකං ගන්ත්වා තමත්ථං ආරොචෙසුං. සත්ථා “න, භික්ඛවෙ, ඉදානෙව පුබ්බෙපි සො කුමාරකො ආරාමදූසකොයෙවා”ති වත්වා අතීතං ආහරි.
යො වෙ සබ්බමෙතාතං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දකුණුගිරි ජනපදයෙහි එක්තරා උයන් පාලනය කරන පුත්‍රයකු අරබයා වදාළ සේක. බුදුරජාණන් වහන්සේ වනාහි වස් අන්තයෙහි ජේතවනාරාමයෙන් නික්මී දකුණුගිරි ජනපදයෙහි චාරිකාවෙහි හැසිරුණු සේක. ඉක්බිති එක් උපාසකයෙක් බුදුරදුන් ප්‍රධාන සංඝයාට ආරාධනාකොට උයනෙහි වඩා හිඳුවා කැද, කැවිලි ආදියෙන් වළදවා උයනෙහි හැසිරෙනු කැමති ආර්යයන් වහන්සේලා මේ උයන්පල්ලා සමග හැසිරෙනු මැනවයි කියා ආර්යයන් වහන්සේලාට පලාපල ආදිය දෙන්නැයි කියා උයන්පල්ලාට අණ කළේය. භික්ෂූහු හැසිරෙමින් හිස් වූ තැනක් දැක මෙම ස්ථානය හිස් වී ඇත. ගස් අඩුය. කරුණු කිමැයි විචාළාහ. ඉක්බිති උන්වහන්සේලාට උයන්පල්ලා එක්තරා උයන්පල්ලෙක් පැලගස්වලට දිය ඉසිමින් මුල් ගණනට දිය ඉසින්නෙමියි සිතා පැල උගුල්ලා බලා මුල් ගණනට ජලය ඉසියි. ඒ නිසා ඒ ස්ථානය හිස්තැනක් වීයයි කීවේය. භික්ෂූහු බුදුරජාණන් වහන්සේ වෙත අවුත් ඒ කාරණාව සැලකළාහුය. බුදුරජාණන් වහන්සේ මහණෙනි! දැන් පමණක් නොව පෙරත් ඒ උයන්පාලකයා ආරාම දූෂණය කරන්නෙක් යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතෙ බාරාණසියං විස්සසෙනෙ නාම රඤ්ඤෙ රජ්ජං කාරෙන්තෙ උස්සවෙ ඝුට්ඨෙ උය්යානපාලො “උස්සවං කීළිස්සාමී”ති උය්යානවාසිනො මක්කටෙ ආහ – “ඉදං උය්යානං තුම්හාකං බහූපකාරං , අහං සත්තාහං උස්සවං කීළිස්සාමි, තුම්හෙ සත්ත දිවසෙ උපරොපකෙසු උදකං ආසිඤ්චථා”ති. තෙ “සාධූ”ති සම්පටිච්ඡිංසු. සො තෙසං චම්මඝටකෙ දත්වා පක්කාමි. මක්කටා උදකං ආසිඤ්චන්තා උපරොපකෙසු ආසිඤ්චිංසු. අථ නෙ මක්කටජෙට්ඨකො ආහ – “ආගමෙථ තාව, උදකං නාම සබ්බකාලං දුල්ලභං, තං රක්ඛිතබ්බං, උපරොපකෙ උප්පාටෙත්වා මූලප්පමාණං ඤත්වා දීඝමූලකෙසු බහුං, රස්සමූලකෙසු අප්පං උදකං සිඤ්චිතුං වට්ටතී”ති. තෙ “සාධූ”ති වත්වා එකච්චෙ උපරොපකෙ උප්පාටෙත්වා ගච්ඡන්ති, එකච්චෙ තෙ රොපෙත්වා උදකං සිඤ්චන්ති.
යටගිය දවස බරණැස් නුවර විස්සසේන නම් රජු රජ කරද්දී උත්සව අවස්ථාව ප්‍රචාරය කළ කල්හි උයන්පල්ලා සැණකෙළි කෙළින්නෙමියි උයනෙහි වසන වඳුරන්ට කීවේය. මේ උයන තොපට බොහෝ උපකාර කර ඇත. මම සතියක් සැණකෙළි කෙළින්නෙමි. තෙපි මේ දින හතෙහි පැලවලට දිය ඉසිව් යයි කීවේය. ඔවුහු යහපතැයි පිළිගත්තාහුය. හෙතෙම ඔවුන්ට සම්වලින් කළ කළය දී ගියේය. වඳුරෝ දිය ඉස පැලවලට පැන් ඉස්සාහුය. ඉක්බිති ඔවුන්ට වඳුරු නායකයා ටිකක් නවතින්න. ජලය හැමකල්හි ලැබීම අපහසුය. එය රැකිය යුතුයි. සිටවූ පැල උදුරා මුල් ප්‍රමාණය දැන දිග මුල් ඇති පැලවලට වැඩියෙනුත් කෙටි මුල් ඇති පැලවලට අඩුවෙනුත් පැන් ඉසීම සුදුසු යයි කීවේය. කෙනුත් පැන් ඉසීම සුදුසු යයි කීවේෙුමක් යහපතැයි කියා කීපදෙනෙක් සිටවූ පැල ගලවමින් යත්, කීපදෙනෙක් ඒවා සිටුවා ජලය ඉසිත්. මෙකල බෝස් ඒවා සිටුවා ජලය ඉසිත්.
තස්මිං කාලෙ බොධිසත්තො බාරාණසියං එකස්ස කුලස්ස පුත්තො අහොසි, සො කෙනචිදෙව කරණීයෙන උය්යානං ගන්ත්වා තෙ මක්කටෙ තථා කරොන්තෙ දිස්වා “කො තුම්හෙ එවං කාරෙතී”ති පුච්ඡිත්වා “වානරජෙට්ඨකො”ති වුත්තෙ “ජෙට්ඨකස්ස තාව වො අයං පඤ්ඤා, තුම්හාකං පන කීදිසී භවිස්සතී”ති තමත්ථං පකාසෙන්තො ඉමං පඨමං ගාථමාහ –
මෙකල බෝතාණන් වහන්සේ බරණැස් නුවර එක් කුලයක පුත්‍රයෙක් විය. ඔහු කිසියම් කටයුත්තක් සදහා උයනට ගොස් එසේ කරන එ් වඳුරන් දැක නුඹලාට මෙසේ කරන්නට කීවේ කවරෙක්දැයි විචාරා වඳුරු නායකයා යයි කී කල්හි තොපගේ නායකයාගේ නුවණ මෙබඳු නම් නුඹලා ගැන කියනුම කවරේදැයි ඒ කරුණ ප්‍රකාශ කරමින්,
“යො වෙ සබ්බසමෙතානං, අහුවා සෙට්ඨසම්මතො; තස්සායං එදිසී පඤ්ඤා, කිමෙව ඉතරා පජා”ති.
යො චෙ සබ්බසමෙතානං අහුවා සෙට්ඨසම්මතො, තස්සායං එදිසී පඤ්ඤා කිමෙව ඉතරා පජා
යන පළමු ගාථාව කීය.
රැස් වූ හැමදෙනා අතුරෙහි යමෙක් ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨයයි ප්‍රසිද්ධ වූයේද ඔහුගේ ප්‍රඥාවද මෙබඳු විය. අන්‍යයන් ගැන කවර කතාද?
තත්ථ සබ්බසමෙතානන්ති ඉමෙසං සබ්බෙසං සමානජාතීනං. අහුවාති අහොසි. කිමෙව ඉතරා පජාති යා ඉතරා එතෙසු ලාමිකා පජා, කීදිසා නු ඛො තස්සා පඤ්ඤාති.
එහි, සබ්බසමෙතානං යනු මෙහි රැස් වූ මේ සියලු දෙනාටම අහුවා යනු විය. කිමෙව ඉතරා පජා යනු මොවුන් අතරින් ඉතිරි වූ යටපත් වූ යම් ප්‍රජාවක් වේද, ඒ ප්‍රජාවගේ ප්‍රඥාව කෙබඳුද?
තස්ස කථං සුත්වා වානරා දුතියං ගාථමාහංසු –
ඔවුන්ගේ කථාව අසා වඳුරෝ,
“එවමෙව තුවං බ්රහ්මෙ, අනඤ්ඤාය විනින්දසි; කථං මූලං අදිස්වාන, රුක්ඛං ජඤ්ඤා පතිට්ඨිත”න්ති.
එවමෙව තුවං බ්රහේම අනඤ්ඤාය විනින්දසි, කථං මුලං අදිස්වා රුක්ඛං ජඤ්ඤා පතිට්ඨිතං
යන දෙවන ගාථාව කීහ.
බමුණ, තෙපි හේතු නොදැන මෙසේ නින්දා කරව. පොළොවට ඇද තිබෙන මුල නොදැක කෙසේ ගස අඳුනන්නෙහුද?
තත්ථ බ්රහ්මෙති ආලපනමත්තං. අයං පනෙත්ථ සඞ්ඛෙපත්ථො – ත්වං, භො පුරිස, කාරණාකාරණං අජානිත්වා එවමෙව අම්හෙ විනින්දසි, රුක්ඛං නාම “ගම්භීරෙ පතිට්ඨිතො වා එස, න වා”ති මූලං අනුප්පාටෙත්වා කථං ඤාතුං සක්කා, තෙන මයං උප්පාටෙත්වා මූලප්පමාණෙන උදකං ආසිඤ්චාමාති.
එහි, බ්රහේම යනු බ්‍රහ්ම යනු ආලපන මාත්‍රයකි. මේ වනාහි මෙහි කෙටි අරුතයි. එම්බා පුරුෂය! නුඹ කරුණු නොදැන මෙසේ අපට නින්දා කරන්නෙහි. ගස වනාහි ගැඹුරට පිහිටියේද එසේ නැද්දයි මුලින් නොඋදුරා කෙසේ දැනගන්නට හැකිද? ඒ නිසා අපි උගුල්ලා මුල් ඇති ප්‍රමාණය බලා ජලය ඉසින්නෙමු.
තං සුත්වා බොධිසත්තො තතියං ගාථමාහ –
ඒ නිසා බෝසතාණන් වහන්සේ,
“නාහං තුම්හෙ විනින්දාමි, යෙ චඤ්ඤෙ වානරා වනෙ; විස්සසෙනොව ගාරය්හො, යස්සත්ථා රුක්ඛරොපකා”ති.
නාහං තුමේහ විනින්දාමි යෙ චඤ්ඤෙ වානරා වනෙ, විස්සසෙනොව ගාරය්හො යසයත්ථා රුක්ඛරොපකා
යන තුන්වන ගාථාව කීහ.
මම තොපටත් වනයෙහි වෙසෙන අනෙක් වඳුරන්ටත් නින්දා අපහාස නොකරමි. තොප වැනි අය ආරාමරෝපන ධූරයට පත් කළ විශ්වසේන රජතුමාම නින්දා ලැබිය යුතු වෙයි.
තත්ථ විස්සසෙනොව ගාරය්හොති බාරාණසිරාජා විස්සසෙනොයෙව එත්ථ ගරහිතබ්බො. යස්සත්ථා රුක්ඛරොපකාති යස්සත්ථාය තුම්හාදිසා රුක්ඛරොපකා ජාතාති.
එහි, විස්සසෙනොව ගාරය්හො යනු බරණැස් රජ වූ විශ්වසේනම මෙහි ගර්හා කටයුතුයි. යස්සත්ථා රුක්ඛරොපකා යනු යමක් සඳහා තොප වැනි ගස් වවන්නෝ උපන්නාහුද? (එහෙයිනි)
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා වානරජෙට්ඨකො ආරාමදූසකකුමාරො අහොසි, පණ්ඩිතපුරිසො පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමවා වදාළ සේක. එකල වඳුරු නායකයා ආරාම දූෂක කුමාරයා විය. නුවණ ඇති පුරුෂයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
ආරාමදූසකජාතකවණ්ණනා අට්ඨමා.