යෙදුමෙන් කියවන්න

9. සුජාතජාතකවණ‍්ණනා 269 අට‍්ඨකථා

9. සුජාතජාතකවණ‍්ණනා (269)

9. සුජාත ජාතකය (269)

න හි වණ‍්ණෙන සම‍්පන‍්නාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අනාථපිණ‍්ඩිකස‍්ස සුණිසං ධනඤ‍්චයසෙට‍්ඨිධීතරං විසාඛාය කනිට‍්ඨභගිනිං සුජාතං ආරබ‍්භ කථෙසි. සා කිර මහන‍්තෙන යසෙන අනාථපිණ‍්ඩිකස‍්ස ඝරං පූරයමානා පාවිසි, “මහාකුලස‍්ස ධීතා අහ”න‍්ති මානථද‍්ධා අහොසි කොධනා චණ‍්ඩී ඵරුසා, සස‍්සුසසුරසාමිකවත‍්තානි න කරොති, ගෙහජනං තජ‍්ජෙන‍්තී පහරන‍්තී චරති. අථෙකදිවසං සත්‍ථා පඤ‍්චහි භික‍්ඛුසතෙහි පරිවුතො අනාථපිණ‍්ඩිකස‍්ස ගෙහං ගන‍්ත්‍වා නිසීදි. මහාසෙට‍්ඨි ධම‍්මං සුණන‍්තොව භගවන‍්තං උපනිසීදි, තස‍්මිං ඛණෙ සුජාතා දාසකම‍්මකරෙහි සද‍්ධිං කලහං කරොති. සත්‍ථා ධම‍්මකථං ඨපෙත්‍වා “කිං සද‍්දො එසො”ති ආහ. එසා, භන‍්තෙ, කුලසුණ‍්හා අගාරවා, නෙවස‍්සා සස‍්සුසසුරසාමිකවත‍්තං අත්‍ථි, අස‍්සද‍්ධා අප‍්පසන‍්නා අහොරත‍්තං කලහං කුරුමානා විචරතීති. තෙන හි නං පක‍්කොසථාති. සා ආගන‍්ත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි.

න හි වණ්ණේණ සම්පන්නා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් අනේපිඬු සිටුතුමාගේ ලේලිය වූ ධනඤ්ජය සිටුගේ දුව වූ විසාඛාවගේ කණිටු සොහොයුරිය (නංගි) වූ සුජාතාව අරබයා වදාළ සේක. ඈ වනාහි මහත් සම්පත්තියෙන් අනේපිඬු සිටුතුමාගේ නිවස පුරවමින් පිවිසියාය. මම මහා කුලයක දුව යයි මාන්නයෙන් දැඩි වී චණ්ඩ, පරුෂ තැනැත්තියක් වූවාය. සැඩපරුෂ රළු වචන ඇති, නැන්දා, මාමාගේ, ස්වාමියාගේ වතාවත් නොකරන්නීය. ගෙයි ජනයාට තර්ජනය කරමින් පහරදෙමින් හැසිරෙන්නීය. ඉක්බිති එක් දිනක් බුදුරජාණන් වහන්සේ පන්සියයක් භික්‍ෂූහු පිරිවරාගෙන, අනේපිඩු සිටුතුමාගේ ගෙට වැඩමවා වැඩහුන් සේක. මහ සිටුතුමා බණ අසමින් භාග්‍යවතුන් වහන්සේ ළඟ හිඳගත්තේය. ඒ අවස්ථාවෙහි සුජාතාව දැසි දසුන්, කම්කරුවන් සමග කෝලහාල කරන්නීය. බුදුරජාණන් වහන්සේ ධර්ම කථාව නවතා ඒ කිනම් ශබ්දයක් දැයි විචාළ සේක. ස්වාමීනි! ඒ ලේලිය කිසි ගෞරවයක් නැත්තීය. ඇය නැන්දාගේ, මාමාගේ හෝ සැමියාගේ හෝ වත් පිළිවෙත් කිරීමක් නැත. දන්දීමක් හෝ සිල් රැකීමක් නැත. සැදැහැ නැත. අප්‍රසන්නය. දිවා රාත්‍රී කෝලහාල කරමින් හැසිරෙන්නී යැයි කීවේය. එසේනම් කැඳවන්නැයි කී සේක. ඈ අවුත් වැඳ එකත්පසෙක සිටියාය.

අථ නං සත්‍ථා “සත‍්තිමා, සුජාතෙ, පුරිසස‍්ස භරියා, තාසං ත්‍වං කතරා”ති පුච‍්ඡි. “භන‍්තෙ, නාහං සංඛිත‍්තෙන කථිතස‍්ස අත්‍ථං ආජානාමි, විත්‍ථාරෙන මෙ කථෙථා”ති. සත්‍ථා “තෙන හි ඔහිතසොතා සුණොහී”ති වත්‍වා ඉමා ගාථා අභාසි –

ඉක්බිති ඇයට බුදුරජාණන් වහන්සේ සුජාතාවෙනි, පුරුෂයාට භාර්යාවෝ සත්දෙනෙකි. ඒ භාර්යාවන් අතරින් නුඹ කවර තැනැත්තියක්දැයි විචාළ සේක. ස්වාමීනි, සැකෙවින් කී දෙයෙහි අර්ථය මම නො දනිමි. විස්තර වශයෙන් මට වදාරණ සේක්වායි කීවාය. බුදුරජාණන් වහන්සේ එසේනම් කන් යොමුකොට අසවයි වදාරා මේ ගාථා වදාළ සේක.

“පදුට‍්ඨචිත‍්තා අහිතානුකම‍්පිනී, අඤ‍්ඤෙසු රත‍්තා අතිමඤ‍්ඤතෙ පතිං, ධනෙන කීතස‍්ස වධාය උස‍්සුකා; යා එවරූපා පුරිසස‍්ස භරියා, වධකා ච භරියාති ච සා පවුච‍්චති. [1]

පදුට්ඨචිත්තා අහිතානුකම්පීනී, අඤේඤ සූ රත්තා අතිමඤ්ඤතෙ පතිං, ධනෙන කීතස්ස වධාය උස්සුකා, යා එවරූපා පුරිසස්ස භරියා, වධකා ච භරියාති ච සා පවුච්චති

1. යම් බිරිඳක් දූෂ්‍ය වූ සිත් ඇත්තී ද හිත අනුකම්පා නැත්තී ද අන් පුරුෂයන් කෙරෙහි ඇලුනීද තම සැමියා පහත්කොට සිතන්නීද ධනය දී තමා ලබාගත් තම සැමියාට හිරිහැර කිරීමට උත්සාහ කරන්නීද පුරුෂයකුට මෙබඳු බිරිඳක් වේ නම් ඈ වධකයකුට සමාන නිසා වධක බිරිඳ යයිද කියනු ලැබේ.

“යං ඉත්‍ථියා වින්‍දති සාමිකො ධනං, සිප‍්පං වණිජ‍්ජඤ‍්ච කසිං අධිට‍්ඨහං, අප‍්පම‍්පි තස‍්ස අපහාතුමිච‍්ඡති; යා එවරූපා පුරිසස‍්ස භරියා, චොරී ච භරියාති ච සා පවුච‍්චති. [2]

යං ඉත්‍ථියා වින්‍දති සාමිකො ධනං, සිප්පං වණිජ්ජඤ්ච කසිං අධිට්ඨහං, අප්පම්පි තස්මා අපහාතුමිච්ඡති, යා එවරූපා පුරිසස්ස භරියා, චොරී ච භරියාති ච සා පවුච්චති

2. බිරිදගේ සැමියා, කඩු දුනු ආදී ශිල්පයක්, වෙළදාමක්, ගොවිතැනක් කරමින් යම් ධනයක් ලබයි ද ස්ත්‍රිය ඒ ධනයෙන් ස්වල්පයක් හෝ පැහැරගනු කැමතිවේද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් වේනම් ඈ සොරෙකුට සමාන යයිද චෝර භාර්යා යයිද කියනු ලැබේ.

“අකම‍්මකාමා අලසා මහග‍්ඝසා, ඵරුසා ච චණ‍්ඩී ච දුරුත‍්තවාදිනී, උට‍්ඨායකානං අභිභුය්‍ය වත‍්තති; යා එවරූපා පුරිසස‍්ස භරියා, අය්‍යා ච භරියාති ච සා පවුච‍්චති. [3]

අකම්මකාමා අලසා මහග්ඝසා, එරුසා චණ්ඩී ච දුරුත්තවාදිනී, උට්ඨායකානං අභිභුය්‍ය වත්තතී , යා එවරූපාය පුරිසස්ස භරියා, අය්‍යාච භරියාති ච සා පවුච්චති

3. වැඩකටයුතු කිරීමට අකමැති, අලස, බොහෝ අනුභව කරන, සැරපරුෂ වූ, චණ්ඩ වූ නරක වචන කියන. සැමියාගේ උත්සාහය යටකරගෙන සිටින බිරිඳක් යම් පුරුෂයෙකුට වේනම් ඒ බිරිඳ සැමියාට (අරිය) සමාන යයිද සැතිරි බිරිඳ යයිද කියනු ලැබේ.

“යා සබ‍්බදා හොති හිතානුකම‍්පිනී, මාතාව පුත‍්තං අනුරක‍්ඛතෙ පතිං, තතො ධනං සම‍්භතමස‍්ස රක‍්ඛති; යා එවරූපා පුරිසස‍්ස භරියා, මාතා ච භරියාති ච සා පවුච‍්චති. [4]

යා සබ්බදා හොති හිතානුකම්පිනී, මාතා ච පුත්තං අනුරක්ඛතෙ පතිං, තතො ධනං සම්භතමස්ස රක්ඛති, යා එවරූපා පුරිසස්ස භරියා, මාතා ච භරියානි ච සා පවුච්චති

4. යම් බිරිඳක් හැමකල්හිම හිතානුකම්පීව මවක් පුතෙකු රකින්නාක් මෙන් සැමියා රකින්නීද, ඒ වාගේම ඔහු විසින් රැස්කළ ධනය රකින්නීද, පුරුෂයෙකුට මෙබඳු වූ බිරිඳක් වේනම් ඒ බිරිඳ මවට සමාන යයිද මාතෘ භරියා යයිද කියනු ලැබේ.

“යථාපි ජෙට‍්ඨා භගිනී කනිට‍්ඨකා, සගාරවා හොති සකම‍්හි සාධිකෙ, හිරීමනා භත‍්තු වසානුවත‍්තිනී; යා එවරූපා පුරිසස‍්ස භරියා, භගිනී ච භරියාති ච සා පවුච‍්චති. [5]

යථාපි ජෙට්ඨා භගිණී කණිට්ඨා, සගාරවා හොති සකම්හි සාමිකෙ, හිරීමනා භත්තුවසානුවත්තිනි, යා එවරූපා පුරිසස්ස භරියා, භගිණී ච භරියාති ච සා පවුච්චති

5. අයියා කෙරෙහි නංගී පිළිපදින අයුරින් තම සැමියා කෙරෙහි ගෞරව සහිත වේද, ලජ්ජා සිත් ඇත්තීද සැමියාගේ අදහස් අනුව පවතීද පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් වේනම් ඈ නංගීට සමානයයිද භගිණි භාර්යා යයිද කියනු ලැබේ.

“යාචීධ දිස‍්වාන පතිං පමොදති, සඛී සඛාරංව චිරස‍්සමාගතං, කොලෙය්‍යකා සීලවතී පතිබ‍්බතා; යා එවරූපා පුරිසස‍්ස භරියා, සඛී ච භරියාති ච සා පවුච‍්චති. [6]

යාචීධ දිස්වාන පතිං පමොදිතා, සඛී සඛාරංච චිරස්සමාගතං, කොලෙය්‍යකා සීලවතී පතිබ්බතා, යා එවරූපා පුරිසස්ස භරියා, සඛී ච භරියාතිච සා පවුච්චති

6. මෙලොව යම් බිරිඳක් බොහෝ කලකින් පැමිණි මිතුරෙකු දැක සතුටුවන මිතුරියක මෙන් සිය සැමියා දැක වඩාත් සතුටට පත්වන්නීද, කුල සිරිත් අනුගමනය කරන්නීද සිල්වත්ද, පතිවත රකීද, පුරුෂයෙකුට මෙබඳු බිරිඳක් වේනම් ඈ සිල්වත් මිතුරියකට සමාන යයිද සඛී භාර්යා යයිද කියනු ලැබේ.

“අක‍්කුද‍්ධසන‍්තා වධදණ‍්ඩතජ‍්ජිතා, අදුට‍්ඨචිත‍්තා පතිනො තිතික‍්ඛති, අක‍්කොධනා භත‍්තු වසානුවත‍්තිනී; යා එවරූපා පුරිසස‍්ස භරියා, දාසී ච භරියාති ච සා පවුච‍්චති”. (අ· නි· 7.63); [7]

අක්කුට්ඨසන්තා වධදණ්ඩතජ්ජිතා, අදුට්ඨචිත්තා පතිනො තිතික්ඛති, අක්කොධනා භත්තුවසානුවත්තිනී, යා එවරූපා පුරිසස්ස භරියා, දාසීච භරියානි ච සා පවුච්චති

7. (සැමියා විසින්) දඬුමුගුරු ගෙන මරණීය තර්ජන කළත් නොකිපෙන දුෂ්ට සිත් නැති සැමියාට සමාව දෙන, නොකිපෙන සැමියාගේ අදහස් අනුව පවතින මෙබඳු බිරිඳක් පුරුෂයෙකුට වේනම් ඒ බිරිඳ දාසියකට සමාන යයිද දාසි භාර්යා යයිද කියනු ලැබේ.

ඉමා ඛො, සුජාතෙ, පුරිසස‍්ස සත‍්ත භරියා. තාසු වධකසමා චොරීසමා අය්‍යසමාති ඉමා තිස‍්සො නිරයෙ නිබ‍්බත‍්තන‍්ති, ඉතරා චතස‍්සො නිම‍්මානරතිදෙවලොකෙ.

සුජාතාවෙනි. පුරුෂයාගේ මේ භාර්යාවන් හත්දෙනායි. ඒ හත්දෙනාගෙන් වධක සම භාර්යාවත්, චෝර සම භාර්යාවත් සැමියාට සම (අය්‍යසම) භාර්යාවත් යන තිදෙනා නිරයේ උපදිත්. ඉතිරි සතරදෙනා නිම්මාන රතී දෙව්ලොව උපදිත්.

“යාචීධ භරියා වධකාති වුච‍්චති, චොරීති අය්‍යාති ච යා පවුච‍්චති; දුස‍්සීලරූපා ඵරුසා අනාදරා, කායස‍්ස භෙදා නිරයං වජන‍්ති තා.

යාචීධ භරියා වධකාති වුච්චති, චොරීති අයිරාති ච යා පවුච්චති, දුස්සීලරූපා එරුසා අනාදරා, කායස්ස භෙදා නිරයං වජන්ති තා

8. මෙලොව යම් භාර්යාවක් වධක යයිද, චෝරී යයිද අය්‍ය යයිද කියනු ලැබීද දුසිල්වත් පරුෂ වචන කියන ආදර නැති ඔවුහු මරණින් මතු නිරයට යති.

“යාචීධ මාතා භගිනී සඛීති ච, දාසීති භරියාති ච යා පවුච‍්චති; සීලෙ ඨිතත‍්තා චිරරත‍්තසංවුතා, කායස‍්ස භෙදා සුගතිං වජන‍්ති තා”ති. (අ· නි· 7.63);

යාචීධ මාතා භගිණී සඛී ච, දාසීති භරියාති ච යා පවුච්චති, සීලෙ ඨිතත්තා චිරරත්තසංවුතා, කායස්ස භෙදා සුගතිං වජන්ති තා

9. මෙලොව යම් භාර්යාවක් මාතු භරියා, භගිණි භරියා, සඛි (යෙහෙලි) භරියා, දාසි භරියා යයි කියනු ලැබේද සීලයෙහි පිහිටා සිටි බැවින් බොහෝ කලක් සංවර වූ ඒ ස්ත්‍රීහු මරණින් මතු සුගතියට ගමන් කරත්.

එවං සත්‍ථරි ඉමා සත‍්ත භරියා දස‍්සෙන‍්තෙයෙව සුජාතා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. “සුජාතෙ, ත්‍වං ඉමාසං සත‍්තන‍්නං භරියානං කතරා”ති වුත‍්තෙ “දාසිසමා අහං, භන‍්තෙ”ති වත්‍වා තථාගතං වන්‍දිත්‍වා ඛමාපෙසි. ඉති සත්‍ථා සුජාතං ඝරසුණ‍්හං එකොවාදෙනෙව දමෙත්‍වා කතභත‍්තකිච‍්චො ජෙතවනං ගන‍්ත්‍වා භික‍්ඛුසඞ‍්ඝෙන වත‍්තෙ දස‍්සිතෙ ගන්‍ධකුටිං පාවිසි. ධම‍්මසභායම‍්පි ඛො, භික‍්ඛූ, සත්‍ථු ගුණකථං සමුට‍්ඨාපෙසුං – “ආවුසො, එකොවාදෙනෙව සත්‍ථා සුජාතං ඝරසුණ‍්හං දමෙත්‍වා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාපෙසී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි මයා සුජාතා එකොවාදෙනෙව දමිතා”ති වත්‍වා අතීතං ආහරි.

මෙසේ බුදුරජාණන් වහන්සේ විසින් මේ භාර්යාවරු සත්දෙනා දක්වනු ලබද්දීම සුජාතාව සෝවාන් ඵලයෙහි පිහිටියාය. එනිසා ඒ හත්දෙනා අතුරින් නුඹ කිනම් භාර්යාවක්දැයි වදාළ කල්හි ස්වාමීනි! මම දාස භාර්යාවට සමානයයි කියා බුදුරජාණන් වහන්සේට වැඳ සමාව ගත්තාය. මෙසේ බුදුරජාණන් වහන්සේ නිවසෙහි වූ ලේලිය වූ සුජාතාව එකම අවවාදයෙන් දමනය කොට, කරන ලද බත් කිස ඇත්තේ (දන් වළදා) දෙව්රමට වැඩ භික්‍ෂු සංඝයා විසින් වත් දැක්වූ කල්හි ගඳකිලියට වැඩම කළ සේක. දම්සභාවෙහිදී භික්‍ෂූහු, ඇවැත්නි! බුදුරජාණන් වහන්සේ එකම අවවාදයෙන් සුජාතා ලේලිය දමනයකොට සෝවාන් ඵලයෙහි පිහිටවූ සේකැයි බුදුරජාණන් වහන්සේගේ ගුණකථාව මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මෙහි දැන් කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! දැන් පමණක් නොව පෙරත් මවිසින් සුජාතාව එකම අවවාදයෙන් දමනය කෙළෙමියි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිස‍්මිං නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා පිතු අච‍්චයෙන රජ‍්ජෙ පතිට‍්ඨාය ධම‍්මෙන සමෙන රජ‍්ජං කාරෙසි. තස‍්ස මාතා කොධනා අහොසි චණ‍්ඩා ඵරුසා අක‍්කොසිකා පරිභාසිකා. සො මාතු ඔවාදං දාතුකාමොපි “අවත්‍ථුකං කථෙතුං න යුත‍්ත”න‍්ති තස‍්සා අනුසාසනත්‍ථං එකං උපමං ඔලොකෙන‍්තො චරති. අථෙකදිවසං උය්‍යානං අගමාසි, මාතාපි පුත‍්තෙන සද‍්ධිංයෙව අගමාසි . අථ අන‍්තරාමග‍්ගෙ කිකී සකුණො විරවි, බොධිසත‍්තපරිසා තං සද‍්දං සුත්‍වා කණ‍්ණෙ පිදහිත්‍වා “අම‍්භො, චණ‍්ඩවාචෙ ඵරුසවාචෙ මා සද‍්දමකාසී”ති ආහ. බොධිසත‍්තෙ පන නාටකපරිවාරිතෙ මාතරා සද‍්ධිං උය්‍යානෙ විචරන‍්තෙ එකස‍්මිං සුපුප‍්ඵිතසාලරුක‍්ඛෙ නිලීනා එකා කොකිලා මධුරෙන සරෙන වස‍්සි. මහාජනො තස‍්සා සද‍්දෙන සම‍්මත‍්තො හුත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා “සණ‍්හවාචෙ සඛිලවාචෙ මුදුවාචෙ වස‍්ස වස‍්සා”ති ගීවං උක‍්ඛිපිත්‍වා ඔහිතසොතො ඔලොකෙන‍්තො අට‍්ඨාසි.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ඔහුගේ අග බිසවගේ කුසෙහි පිළිසිඳගෙන ඉපිද වැඩිවියට පත්ව තක්සලා නුවරින් ශිල්ප ඉගෙන ගෙන පියාගේ ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටා දැහැමින් රාජ්‍යය කරවූහ. ඔහුගේ මව ක්‍රෝධයෙන් යුක්තය. සැඩපරුෂය. දෝෂාරෝපණය කරන, අපහාස කරන තැනැත්තියකි. ඔහු මවට අවවාද දෙනු කැමතිව, මෙසේ හේතුවක් නැතිව කියන්නට යුතු නැතැයි ඇයට අනුශාසනා වශයෙන් එක් උපමාවක් සොයමින් හැසිරෙයි. ඉක්බිති එක්දිනක් උයනට ගියේය. මවද පුතා සමගම ගියාය. ඉක්බිති අතරමගදී කිරළ පක්ෂියෙක් නාද කෙළේය. බෝසත් පිරිස ඒ ශබ්දය අසා කන් වසාගෙන එම්බල චණ්ඩ, පරුෂ වචනයෙන් ශබ්ද කරන්න එපායයි කීහ. මව සමග උයනෙහි හැසිරෙනවිට එක් සුපිපි සල්ගසෙක සැඟවුණු එක් කෙවිල්ලක් මිහිරි හඬින් හඬ ලෑවාය. මහජනයා ඇගේ ස්වර හඬින් මත්වී ඇඟිලි බැඳගෙන මටසිලිටු වචන ඇත්තිය නාද කරවයි නාද කරවයි කියමින් බෙල්ල ඔසවා කන් යොමාගෙන බලමින් සිටියහ.

අථ මහාසත‍්තො තානි ද‍්වෙ කාරණානි දිස‍්වා “ඉදානි මාතරං සඤ‍්ඤාපෙතුං සක‍්ඛිස‍්සාමී”ති චින‍්තෙත්‍වා “අම‍්ම, අන‍්තරාමග‍්ගෙ කිකීසද‍්දං සුත්‍වා මහාජනො ‘මා සද‍්දමකාසි , මා සද‍්දමකාසී’ති කණ‍්ණෙ පිදහි, ඵරුසවාචා නාම න කස‍්සචි පියා”ති වත්‍වා ඉමා ගාථා අවොච –

බෝසතාණන් වහන්සේ ඒ කාරණා දෙක දැක දැන් මවට අවබෝධ කරදීමට හැකි වන්නෙමියි සිතා මෑණියනි! අතරමගදී කිරළාගේ හඬ අසා මහජනයා ශබ්ද කරන්න එපා, ශබ්ද කරන්න එපායයි කන් වසාගත්හ. රළු වචන කිසිවෙකුට ප්‍රිය නොවෙතියි කියා,

“න හි වණ‍්ණෙන සම‍්පන‍්නා, මඤ‍්ජුකා පියදස‍්සනා; ඛරවාචා පියා හොන‍්ති, අස‍්මිං ලොකෙ පරම‍්හි ච.

නහි වණ්ණෙන සම්පන්නා මඤ්ජුකා පිය දස්සනා, ඛර වචා පියා හොන්ති අසමින් ලොකෙ පරමහි ච

“නනු පස‍්සසිමං කාළිං, දුබ‍්බණ‍්ණං තිලකාහතං; කොකිලං සණ‍්හභාණෙන, බහූනං පාණිනං පියං.

නනු පස්සසිමං කාළිං දුබ්බණ්ණං නිලකාහතං, කොකිලං සණ්හභාණෙන බහුන්නං පාණිනං පියං

“තස‍්මා සඛිලවාචස‍්ස, මන‍්තභාණී අනුද‍්ධතො; අත්‍ථං ධම‍්මඤ‍්ච දීපෙති, මධුරං තස‍්ස භාසිත”න‍්ති.

තස්මා සඛිල වාචස්ස මත්තභාණි අනුද්ධතො, අත්‍ථං ධම්මඤ්ච දීපෙති මධුරං තස්ස භාසිතං

යන මේ ගාථා කීහ.

වර්ණවත් වූ. මිහිරි නාද ඇති, දැකුම්කළු පුද්ගලයෝ මේ වචනවලින් යුතු වූවාහු නම් මෙලොවද පරලොවද කිසිවෙකුහටත් ප්‍රිය නොවෙති.කළු පැහැති දුර්වර්ණ වූකැලැල් ඇති මේ කෙවිලිය සිනිඳු (මටසිලිටු) බසින් බොහෝදෙනාට ප්‍රියමනාප වූවා නොදක්නෙහිද?එම නිසා මටසිලිටු (මිහිරි) කථා ඇති තැනැත්තෙක් වන්නේය. නුවණින් විමසා පමණට කථා කරන්නෙක් වන්නේය. උඩඟු නොවන්නේය. ඔහුගේ මිහිරි වචනය අර්ථයත් ධර්මයත් ප්‍රකාශ කරන්නේය.

මේ ඒ ගාථාවල අර්ථයයි.

තාසං අයමත්‍ථො – අම‍්ම, ඉමෙ සත‍්තා පියඞ‍්ගුසාමාදිනා සරීරවණ‍්ණෙන සමන‍්නාගතා කථානිග‍්ඝොසස‍්ස මධුරතාය මඤ‍්ජුකා, අභිරූපතාය පියදස‍්සනා සමානාපි අන‍්තමසො මාතාපිතරොපි අක‍්කොසපරිභාසාදිවසෙන පවත‍්තාය ඛරවාචාය සමන‍්නාගතත‍්තා ඛරවාචා ඉමස‍්මිඤ‍්ච පරස‍්මිඤ‍්ච ලොකෙ පියා නාම න හොන‍්ති අන‍්තරාමග‍්ගෙ ඛරවාචා කිකී විය, සණ‍්හභාණිනො පන මට‍්ඨාය මධුරාය වාචාය සමන‍්නාගතා විරූපාපි පියා හොන‍්ති. තෙන තං වදාමි – නනු පස‍්සසි ත්‍වං ඉමං කාළිං දුබ‍්බණ‍්ණං සරීරවණ‍්ණතොපි කාළතරෙහි තිලකෙහි ආහතං කොකිලං, යා එවං දුබ‍්බණ‍්ණා සමානාපි සණ‍්හභාසනෙන බහූනං පියා ජාතා. ඉති යස‍්මා ඛරවාචො සත‍්තො ලොකෙ මාතාපිතූනම‍්පි අප‍්පියො, තස‍්මා බහුජනස‍්ස පියභාවං ඉච‍්ඡන‍්තො පොසො සඛිලවාචො සණ‍්හමට‍්ඨමුදුවාචො අස‍්ස. පඤ‍්ඤාසඞ‍්ඛාතාය මන‍්තාය පරිච‍්ඡින්‍දිත්‍වා වචනතො මන‍්තභාණී, විනා උද‍්ධච‍්චෙන පමාණයුත‍්තස‍්සෙව කථනතො අනුද‍්ධතො. යො හි එවරූපො පුග‍්ගලො පාළිඤ‍්ච අත්‍ථඤ‍්ච දීපෙති, තස‍්ස භාසිතං කාරණසන‍්නිස‍්සිතං කත්‍වා පරං අනක‍්කොසෙත්‍වා කථිතතාය මධුරන‍්ති.

මෑණියනි, මේ සත්ත්වයෝ පුවඟු මෙන් කලු ත්‍රස්තවාලු මෙන් කලු පැහැයෙන් යුක්ත වුවද කටහඬෙහි මිහිරි බැවින් මඤ්ජුකා නම් වූද මනා රූසපුවෙන් යුක්ත හෙයින් පියදස්සනා නම් වුවද යටත් පිරිසෙයින් මව්පියවරුද දොස් කීම්, අපහාස කිරීම් ආදී වශයෙන් පැවති රළු වචනයෙන් යුක්ත හෙයින් ඛරවාචා නම් වූවාහු මෙලොවද පරලොවද පියා ප්‍රිය නම් නොවෙති. අතරමග සිටි රළු වචන ඇති කිරලා මෙනි. මටසිලිටු මිහිරි වචනයෙන් යුක්ත මොළොක් වචන කථා කරන්නෝ විරූපි වුවද ප්‍රිය වෙති. එහෙයින් මෑණියන්ට කියමි. නනු පස්සසි ඉමං කාළිං දුබ්බණ්ණං ශරීර වර්ණයෙන් වඩාත් කළු වූ සුදු ලපවලින් යුක්ත කොකිලං කෙවිලිය මෙසේ දුර්වර්ණ වුවද මොළොක් වචනයෙන් බොහෝදෙනාට ප්‍රිය වූවාය. මෙසේ රළු වචන ඇති සත්ත්වයා ලෝකයෙහි මව්පියන්ටද අප්‍රිය වෙයි. එහෙයින් බොහෝදෙනාට ප්‍රිය බව කැමති පුරුෂයා මොළොක් වචන ඇති මිහිරි වචන ඇති කෙනෙක් වන්නේය. ප්‍රඥාව නම් වූ මන්ත්‍රයෙන් සීමාකොට කථාකරන හෙයින් මන්තභාණී. විසුරුණු බවින් තොරව ප්‍රමාණයෙන් යුක්තව කථාකරන හෙයින් අනුද්ධතො. යමෙක් මෙබඳු පාළි අර්ථයක් පාළියත් ප්‍රකාශ කරයිද තස්සභාසිතං ඔහුගේ වචනය කරුණු සහිතව අනුන්ට දොස් නොකියා කථාකරන හෙයින් මධුරං මිහිරි වෙයි.

එවං බොධිසත‍්තො ඉමාහි තීහි ගාථාහි මාතු ධම‍්මං දෙසෙත්‍වා මාතරං සඤ‍්ඤාපෙසි, සා තතො පට‍්ඨාය ආචාරසම‍්පන‍්නා අහොසි. බොධිසත‍්තොපි මාතරං එකොවාදෙන නිබ‍්බිසෙවනං කත්‍වා යථාකම‍්මං ගතො.

මෙසේ බෝසතාණන් වහන්සේ මේ ගාථා තුනෙන් මවට දම් දෙසා අවබෝධ කරවූහ. ඈ එතැන් පටන් ආචාරශීලී වූවාය. බෝධිසත්ත්වයන් වහන්සේද මව එකම අවවාදයෙන් දමනයකොට කම් වූ පරිද්දෙන් මියපරලොව ගිය සේක.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා බාරාණසිරඤ‍්ඤො මාතා සුජාතා අහොසි, රාජා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල බරණැස් රජුගේ මව මේ සුජාතාව වූවාය. රජු වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

සුජාතජාතකවණ‍්ණනා නවමා.