යෙදුමෙන් කියවන්න

10. උලූකජාතකවණ‍්ණනා 270 අට‍්ඨකථා

10. උලූකජාතකවණ‍්ණනා (270)

10. උලූක ජාතකය (270)

සබ‍්බෙහි කිර ඤාතීහීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කාකොලූකකලහං ආරබ‍්භ කථෙසි. තස‍්මිඤ‍්හි කාලෙ කාකා දිවා උලූකෙ ඛාදන‍්ති, උලූකා සූරියත්‍ථඞ‍්ගමනතො පට‍්ඨාය තත්‍ථ තත්‍ථ සයිතානං කාකානං සීසානි ඡින්‍දිත්‍වා තෙ ජීවිතක‍්ඛයං පාපෙන‍්ති. අථෙකස‍්ස භික‍්ඛුනො ජෙතවනපච‍්චන‍්තෙ එකස‍්මිං පරිවෙණෙ වසන‍්තස‍්ස සම‍්මජ‍්ජනකාලෙ රුක‍්ඛතො පතිතානි සත‍්තට‍්ඨනාළිමත‍්තානිපි බහුතරානිපි කාකසීසානි ඡඩ‍්ඩෙතබ‍්බානි හොන‍්ති. සො තමත්‍ථං භික‍්ඛූනං ආරොචෙසි. භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං – “ආවුසො, අමුකස‍්ස කිර භික‍්ඛුනො වසනට‍්ඨානෙ දිවසෙ දිවසෙ එත‍්තකානි නාම කාකසීසානි ඡඩ‍්ඩෙතබ‍්බානි හොන‍්තී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡි, භික‍්ඛූ “ඉමාය නාමා”ති වත්‍වා “කදා පට‍්ඨාය පන, භන‍්තෙ, කාකානඤ‍්ච උලූකානඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං වෙරං උප‍්පන‍්න”න‍්ති පුච‍්ඡිංසු, සත්‍ථා “පඨමකප‍්පිකකාලතො පට‍්ඨායා”ති වත්‍වා අතීතං ආහරි.

සබ්බෙහි කිර ඤාතීහි යන මේ ජාතක ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි වැඩවාසය කරන සේක් කවුඩු, බකමූණු දබරය අරබයා වදාල සේක. එකල කවුඩෝ දවල් කාලයේ බකමූණන් කති. හිරු අවරට (බැස) ගියතැන් පටන් ඒ ඒ තැන්වල නිදන කපුටන්ගේ හිස් කඩා මරා දමති. ඉක්බිති ජේතවනාරාමයේ කෙලවර එක් පන්සලක වසන්නා වූ එක්තරා භික්‍ෂූන් වහන්සේ නමකට අතුගාන අවස්ථාවෙහි ගසින් වැටුනා වූ නැළි හත අටක් පමණ බොහෝ කවුඩු හිස් ඉවත් කරන්නට සිදුවෙයි. හෙතෙම ඒ කරුණ භික්‍ෂූන් වහන්සේලාට සැල කළේය. භික්‍ෂූන් වහන්සේලා දම්සභාවෙහිදී ඇවැත්නි, අසවල් භික්‍ෂූන් වහන්සේ වසන ස්ථානයේ දිනපතාම මෙපමණක් නම් කවුඩු හිස් ඉවත් කරන්නට සිදුවෙතියි යනුවෙන් කථාව මතු කළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි. මෙහි කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විචාළ සේක. භික්‍ෂූහු මෙම කථාවෙන් යයි කියා ස්වාමීනි! කවදා පටන් කවුඩන්ගේ හා බකමූණන්ගේ ඔවුනොවුන් අතර වෛරය උපන්නේදැයි විචාළාහුය. බුදුරජාණන් වහන්සේ ප්‍රථම කල්පයට අයත් කාලයේ පටන් යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ පඨමකප‍්පිකා මනුස‍්සා සන‍්නිපතිත්‍වා එකං අභිරූපං සොභග‍්ගප‍්පත‍්තං ආචාරසම‍්පන‍්නං සබ‍්බාකාරපරිපුණ‍්ණං පුරිසං ගහෙත්‍වා රාජානං කරිංසු, චතුප‍්පදාපි සන‍්නිපතිත්‍වා එකං සීහං රාජානං අකංසු, මහාසමුද‍්දෙ මච‍්ඡා ආනන්‍දං නාම මච‍්ඡං රාජානං අකංසු. තතො සකුණගණා හිමවන‍්තපදෙසෙ එකස‍්මිං පිට‍්ඨිපාසාණෙ සන‍්නිපතිත්‍වා “මනුස‍්සෙසු රාජා පඤ‍්ඤායති, තථා චතුප‍්පදෙසු චෙව මච‍්ඡෙසු ච. අම‍්හාකං පනන‍්තරෙ රාජා නාම නත්‍ථි, අප‍්පතිස‍්සවාසො නාම න වට‍්ටති, අම‍්හාකම‍්පි රාජානං ලද‍්ධුං වට‍්ටති, එකං රාජට‍්ඨානෙ ඨපෙතබ‍්බයුත‍්තකං ජානාථා”ති. තෙ තාදිසං සකුණං ඔලොකයමානා එකං උලූකං රොචෙත්‍වා “අයං නො රුච‍්චතී”ති ආහංසු. අථෙකො සකුණො සබ‍්බෙසං අජ‍්ඣාසයග‍්ගහණත්‍ථං තික‍්ඛත‍්තුං සාවෙසි. තස‍්ස සාවෙන‍්තස‍්ස ද‍්වෙ සාවනා අධිවාසෙත්‍වා තතියසාවනාය එකො කාකො උට‍්ඨාය “තිට‍්ඨ තාවෙතස‍්ස ඉමස‍්මිං රාජාභිසෙකකාලෙ එවරූපං මුඛං භවති, කුද‍්ධස‍්ස කීදිසං භවිස‍්සති, ඉමිනා හි කුද‍්ධෙන ඔලොකිතා මයං තත‍්තකපාලෙ පක‍්ඛිත‍්තලොණං විය තත්‍ථ තත්‍ථෙව භිජ‍්ජිස‍්සාම, ඉමං රාජානං කාතුං මය‍්හං න රුච‍්චතී”ති ඉමමත්‍ථං පකාසෙතුං පඨමං ගාථමාහ –

යටගිය දවස ප්‍රථම කල්පයේ මිනිස්සු රැස් වී මනා රූ සපුවෙන් යුත් සෞභාග්‍යයෙන් අගතැන්පත් ආඥා සම්පත්තියෙන් යුත් සියලු ආකාරයෙන් පිරිපුන් එක් පුරුෂයෙකු කැඳවා රජබවට පත් කළහ. සිව්පාවෝද රැස් වී එක් සිංහයෙකු රජබවට පත් කළහ. මහ මුහුදෙහි මාලු ආනන්ද නම් මත්ස්‍යයෙකු රජබවට පත් කළාහුය. ඉක්බිති කුරුළු සමූහයා හිමාල වන පෙදෙසේ එක් ගල්තලාවක් මතුවෙහි රැස්වී මිනිසුන් අතරෙහි රජෙක් සිටියි. එසේම සිව්පාවුන් අතරද මත්ස්‍යයන් අතරද රජවරු සිටිති. අප අතර රජෙක් නම් නැත. පිහිටක් නැතිව (නායකයෙකු නැතිව) වාසය කිරීම නම් නොවටියි. අපටද රජකෙනෙකු ලැබීම වටියි. රජ තනතුරේ තැබිය යුතු එකෙකු ගැන විමසා දැනගනිව් යි කීහ. ඔවුහු එවැනි කුරුල්ලෙකු සොයමින් එක් බකමූණෙකුට කැමතිව “මේ තෙමේ අපට රුචි වෙයි” යනුවෙන් කීහ. ඉක්බිති එක් කුරුල්ලෙක් සියල්ලන්ගේ අදහස් ගැනීම පිණිස තුන්වරක් ප්‍රකාශ කළේය. එසේ නම් ප්‍රකාශ කරද්දී දෙවරක් දැනුම්දීම ඉවසා තුන්වන වර කියවද්දී එක් කවුඩෙක් නැගී සිට මොහු රජකමට එළඹෙන මේ මොහොතේ මෙබඳු මුහුණක් ඇති කල කිපුණුවිට කෙබඳු වන්නේද, කිපුණු මොහු සිත් බලන ලද අපි රත්වූ කබලක දැවූ තල ඇට මෙන් ඒ ඒ තැනම බිඳෙන්නෙමු. මොහු රජ බවට පත්කරනවාට මගේ රුචියක් නැතැයි කියා එම කරුණ ප්‍රකාශ කිරීමට,

“සබ‍්බෙහි කිර ඤාතීහි, කොසියො ඉස‍්සරො කතො; සචෙ ඤාතීහනුඤ‍්ඤාතො, භණෙය්‍යාහං එකවාචික”න‍්ති.

සබ්බෙහි කිර ඤාතීහි කොසියො ඉස්සරො කතො, සචෙ ඤාතීහනුඤ්ඤාතො භණෙය්‍යාහං එකවාචිකං

යන පළමු ගාථව කීය.

සියලු නෑයන් විසින් බකමූණා රජ කරන ලද්දේය. ඉදින් නෑයන් විසින් අවසර දෙන ලද්දෙමි නම් මම වචනයක් කියමි.

තස‍්සත්‍ථො – යා එසා සාවනා වත‍්තති, තං සුත්‍වා වදාමි. සබ‍්බෙහි කිර ඉමෙහි සමාගතෙහි ඤාතීහි අයං කොසියො රාජා කතො. සචෙ පනාහං ඤාතීහි අනුඤ‍්ඤාතො භවෙය්‍යං, එත්‍ථ වත‍්තබ‍්බං එකවාචිකං කිඤ‍්චි භණෙය්‍යන‍්ති.

එහි අර්ථය : යම් මේ ප්‍රකාශයක් පවතීද, සබ්බෙහි කිර මෙහි රැස්වූ සියලු ඤාතීහි ඤාතීන් විසින් මේ, කොසියො බස්සා රජ, කතො කරන ලදි. ඉදින්, මම වනාහි නෑයන් විසින් අවසර ලද්දෙම් නම් මෙහි කිය යුතු එක වාචිකං කිසිවක් භණෙය්‍යං කියන්නෙමි.

අථ නං අනුජානන‍්තා සකුණා දුතියං ගාථමාහංසු –

ඉක්බිති ඔහුට අවසර දෙමින්,

“භණ සම‍්ම අනුඤ‍්ඤාතො, අත්‍ථං ධම‍්මඤ‍්ච කෙවලං; සන‍්ති හි දහරා පක‍්ඛී, පඤ‍්ඤවන‍්තො ජුතින්‍ධරා”ති.

භණ සම්ම අනුඤ්ඤාතො අත්‍ථං ධම්මඤ්ච කෙවලං, සන්තිහි දහරා පක්ඛී පඤ්ඤාවන්තො ජුතින්‍ධරා

යන දෙවන ගාථාව කීහ.

මිත්‍රය, අප විසින් තොපට අවසර දෙන ලද්දෙහිය. හේතුව හා ප්‍රවේණි ධර්මය කියව, නුවණත්, ඤාණාලෝකයත් ඇති තරුණ පක්ෂීහු ඇත්තේමය.

තත්‍ථ භණ, සම‍්ම, අනුඤ‍්ඤාතොති, සම‍්ම, වායස ත්‍වං අම‍්හෙහි සබ‍්බෙහි අනුඤ‍්ඤාතො, යං තෙ භණිතබ‍්බං, තං භණ. අත්‍ථං ධම‍්මඤ‍්ච කෙවලන‍්ති භණන‍්තො ච කාරණඤ‍්චෙව පවෙණිආගතඤ‍්ච වචනං අමුඤ‍්චිත්‍වා භණ. පඤ‍්ඤවන‍්තො ජුතින්‍ධරාති පඤ‍්ඤාසම‍්පන‍්නා චෙව ඤාණොභාසධරා ච දහරාපි පක‍්ඛිනො අත්‍ථියෙව.

එහි, භණ සම්ම අණුඤ්ඤතො යනු යහළු කවුඩාණෙනි! අප සියල්ලන් විසින් නුඹ අනුදන්නා ලදි. (අපි සියල්ලෝම නුඹට අවසර දුනිමු) යමක් නුඹට කිවයුතු නම් එය කියව, අත්‍ථං ධම්මඤ්ච කෙවලං යනු කියද්දී ද කරුණද පරම්පරාවෙන් ආ වචනයද නොඉක්මවා කියව, පඤ්ඤාවන්තො ජුතින්‍ධරා යනු නුවණින් යුක්ත වූද ප්‍රඥාලෝකය දරණ තරුණ පක්‍ෂීහු ඇත්තේමය.

සො එවං අනුඤ‍්ඤාතො තතියං ගාථමාහ –

මෙසේ අවසර ලත් ඌ,

“න මෙ රුච‍්චති භද‍්දං වො, උලූකස‍්සාභිසෙචනං; අක‍්කුද‍්ධස‍්ස මුඛං පස‍්ස, කථං කුද‍්ධො කරිස‍්සතී”ති.

නමෙ රුච්චති භද්දං වො උලුකස්සාභිසෙචනං, අකුද්ධස්ස මුඛං පස්ස කථං කුදෙධා කරිස්සති

යන තෙවන ගාථාව කීය.

තොප හැමට යහපතක් වේවා! බකමූණාගේ රජවීම රුචි නොවෙයි. නොකිපුණා වූ මොහුගේ මුහුණ බලව, කිපුණු මොහු කුමක් කරන්නේදැයි නො දනිමි.

තස‍්සත්‍ථො – භද‍්දං තුම‍්හාකං හොතු, යං පනෙතං තික‍්ඛත‍්තුං සාවනවාචාය උලූකස‍්ස අභිසෙචනං කරීයති, එතං මය‍්හං න රුච‍්චති. එතස‍්ස හි ඉදානි තුට‍්ඨචිත‍්තස‍්ස අක‍්කුද‍්ධස‍්ස මුඛං පස‍්සථ, කුද‍්ධො පනායං කථං කරිස‍්සතීති න ජානාමි, සබ‍්බථාපි එතං මය‍්හං න රුච‍්චතීති.

එහි අර්ථය, භද්දං තොපට යහපතක්ම වේවා! තුන්වරක් කරන ප්‍රකාශයන්, උලුකස්ස අභිසෙචනං බකමූණාගේ රජවීම කරයි. එය මට නරුච්චති රුචි නොවේ. දැන් සතුටු සිත් ඇති අකුද්ධස්ස මුඛං නොකිපුණා වූ මොහුගේ මුහුණ බලව්. කුද්ධො කිපුණා වූ මොහු වනාහී, කථං කරිස්සති කුමක් කරන්නේදැයි නොදනිමි. සබ්බථාපෙතං හැම අයුරින්ම මෙය මට රුචි නොවෙයි.

සො එවං වත්‍වා “මය‍්හං න රුච‍්චති, මය‍්හං න රුච‍්චතී”ති විරවන‍්තො ආකාසෙ උප‍්පති, උලූකොපි නං උට‍්ඨාය අනුබන්‍ධි. තතො පට‍්ඨාය තෙ අඤ‍්ඤමඤ‍්ඤං වෙරං බන්‍ධිංසු. සකුණා සුවණ‍්ණහංසං රාජානං කත්‍වා පක‍්කමිංසු.

හෙතෙම මෙසේ කියා මට රුචි නොවෙයි. මට රුචි නොවෙයි කෑ ගසමින්ම අහසට පැන්නේය. බකමූණාද නැගිට ලුහුබැන්දේය. එතැන් පටන් ඔවුහු ඔවුනොවුන් වෛර බැන්දාහුය. කුරුල්ලෝ ස්වර්ණ හංසයා රජබවට පත්කොට ගියාහුය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ බහූ සොතාපන‍්නාදයො අහෙසුං. “තදා රජ‍්ජෙ අභිසිත‍්තහංසපොතො අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කොට ජාතකය නිමවා වදාළ සේක. එකල රජකමට පත් හංස පෝතකයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

උලූකජාතකවණ‍්ණනා දසමා.

පදුමවග‍්ගො දුතියො.

දෙවැනි පදුම වර්ගය නිමියේය.

තස‍්සුද‍්දානං –

පදුමං මුදුපාණී ච, පලොභනං පනාදකං; ඛුරප‍්පං සින්‍ධවඤ‍්චෙව, කක‍්කටා, රාමදූසකං; සුජාතං උලූකං දස.