1. උදපානදූසකජාතකවණ්ණනා 271 අට්ඨකථා
1. උදපානදූසකජාතකවණ්ණනා (271)
1. උදපානදූසක ජාතකය (271)
ආරඤ්ඤිකස්ස ඉසිනොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං උදපානදූසකසිඞ්ගාලං ආරබ්භ කථෙසි. එකො කිර සිඞ්ගාලො භික්ඛුසඞ්ඝස්ස පානීයඋදපානං උච්චාරපස්සාවකරණෙන දූසෙත්වා පක්කාමි. අථ නං එකදිවසං උදපානසමීපං ආගතං සාමණෙරා ලෙඩ්ඩූහි පහරිත්වා කිලමෙසුං, සො තතො පට්ඨාය තං ඨානං පුන නිවත්තිත්වාපි න ඔලොකෙසි. භික්ඛූ තං පවත්තිං ඤත්වා ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, උදපානදූසකසිඞ්ගාලො කිර සාමණෙරෙහි කිලමිතකාලතො පට්ඨාය පුන නිවත්තිත්වාපි න ඔලොකෙසී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපෙස සිඞ්ගාලො උදපානදූසකොයෙවා”ති වත්වා අතීතං ආහරි.
ආරඤ්ඤකස්ස ඉසිනො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ඉසිපතනාරාමයේ වැඩවාසය කරන සේක් ළිඳ අපිරිසිදු කරන එක් හිවලෙකු අරබයා වදාළ සේක. එක්තරා හිවලෙක් වනාහි භික්ෂූ සංඝයා පැන් වළදන ළිඳ මල, මුත්‍රා කිරීමෙන් අපවිත්‍ර කොට ගියේය. ඉක්බිති ඌට එක් දිනක් ළිඳ ළගට පැමිණි සාමණේර හිමිවරු ගල්කැටවලින් පහර දී ඌ පීඩාවට පත්කළහ. ඒ නරියා එතැන් පටන් ඒ ස්ථානය ආපසු හැරීවත් නොබැලුවේය. භික්ෂූහු ඒ කරුණ දැන දම්සභාවෙහිදී කථාව ඉපදවූහ. ඇවැත්නි! ළිඳ ළඟ අපවිත්‍ර කළ හිවලා සාමණේරයන් වහන්සේලා විසින් පීඩාවට පත්කළ දවසේ පටන් නැවත ආපසු හැරි බැලුවේවත් නැතැයි කථාව මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! කවර කථාවකින් යුතුව මෙහි සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි, දැන් පමණක් නොව පෙරත් මේ හිවලා ළිඳ අපිරිසිදු කරන්නෙකු වූයේයයි වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.
අතීතෙ බාරාණසියං ඉදමෙව ඉසිපතනං අයමෙව උදපානො අහොසි. තදා බොධිසත්තො බාරාණසියං කුලඝරෙ නිබ්බත්තිත්වා වයප්පත්තො ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා ඉසිගණපරිවුතො ඉසිපතනෙ වාසං කප්පෙසි. තදා එකො සිඞ්ගාලො ඉදමෙව උදපානං දූසෙත්වා පක්කමති. අථ නං එකදිවසං තාපසා පරිවාරෙත්වා ඨිතා එකෙනුපායෙන ගහෙත්වා බොධිසත්තස්ස සන්තිකං ආනයිංසු. බොධිසත්තො සිඞ්ගාලෙන සද්ධිං සල්ලපන්තො පඨමං ගාථමාහ –
යටගිය දවස බරණැස් නුවර මේ ඉසිපතනයත් මේ ළිඳත් විය. එකල බෝසතාණන් වහන්සේ බරණැස් නුවර කුලගෙයක ඉපදී තාපස පැවිද්දෙන් පැවිදිව තාපස පිරිස පිරිවරාගෙන ඉසිපතනයේ වාසය කළ සේක. එකල මේ හිවලාම මේ ළිඳම අපිරිසිදුකොට යයි. ඉක්බිති එක්දිනක් තාපසවරු ඒ හිවලා වටකොට එක් උපායකින් අල්ලාගෙන බෝසතාණන් වහන්සේ ළඟට ගෙන ගියාහුය. බෝසතාණන් වහන්සේ හිවලා සමග කථා කරමින්
“ආරඤ්ඤිකස්ස ඉසිනො, චිරරත්තතපස්සිනො; කිච්ඡාකතං උදපානං, කථං සම්ම අවාහයී”ති.
ආරඤ්ඤතස්ස ඉසිනො චිරරත්ත තපස්සිනො, කිච්ඡා කතං උදපානං කථං සම්ම අවාහයි
යන පළමු ගාථාව කීහ.
හිවල් යහලුව! වනවාසී වූ බොහෝ කල් තපස් රකින්නා වූ සෘෂීන් විසින් දුකසේ තනන ලද ළිඳ කුමක් නිසා මළ මුත්‍රයෙන් දූෂණය කළෙහිද?
තස්සත්ථො – අරඤ්ඤෙ වසනතාය ආරඤ්ඤිකස්ස, එසිතගුණත්තා ඉසිනො, චිරරත්තං තපං නිස්සාය වුත්ථත්තා චිරරත්තතපස්සිනො කිච්ඡාකතං කිච්ඡෙන දුක්ඛෙන නිප්ඵාදිතං උදපානං කථං කිමත්ථාය සම්ම සිඞ්ගාල, ත්වං අවාහයි මුත්තකරීසෙන අජ්ඣොත්ථරි දූසෙසි, තං වා මුත්තකරීසං එත්ථ අවාහයි පාතෙසීති.
එහි අර්ථය, වනයෙහි වසන බැවින්, ආරඤ්ඤකස්ස සොයා ගත් ගුණ ඇති බැවින්, ඉසිනො බොහෝ කාලයක් තපස් රැකීම නිසා කියන ලද චිරරත්ත තපස්සිනො කිච්ඡා කතං මහන්සියෙන් දුකෙන් තනන ලද, උද්යාකං ළිඳ, තථං කුමක් නිසා සම්ම හිවල් යහලුව නුඹ, අවාහයි මළ මුත්‍රා වලින් දූෂණය කළෙහිද? ඒ මළ මුත්‍රා මෙතැන කෙලෙසීය. හෙලීය යනුයි.
තං සුත්වා සිඞ්ගාලො දුතියං ගාථමාහ –
ඒ අසා හිවලා,
“එස ධම්මො සිඞ්ගාලානං, යං පිත්වා ඔහදාමසෙ; පිතුපිතාමහං ධම්මො, න තං උජ්ඣාතුමරහසී”ති.
එස ධම්මො සිගාලානං යමපීත්වා ඔහදාමසෙ, පිතුපිතාමහං ධම්මො න නං උපක්ධාතුමරහසී
යන දෙවන ගාථාව කීය.
යම්තැනෙක දිය බී එහි එළ මුත්‍රා කරනවා නම් ඒ හිවලුන්ගේ ගතියයි. පියාගේ සීයාගේද ගතියයි. එයට දොස් නගන්නට ඔබ සුදුසු නොවෙහි.
තත්ථ එස ධම්මොති එස සභාවො. යං පිත්වා ඔහදාමසෙති, සම්ම, යං මයං යත්ථ පානීයං පිවාම, තමෙව ඌහදාමපි ඔමුත්තෙමපි, එස අම්හාකං සිඞ්ගාලානං ධම්මොති දස්සෙති. පිතුපිතාමහන්ති පිතූනඤ්ච පිතාමහානඤ්ච නො එස ධම්මො. න තං උජ්ඣාතුමරහසීති තං අම්හාකං පවෙණිආගතං ධම්මං සභාවං ත්වං උජ්ඣාතුං න අරහසි, න යුත්තං තෙ එත්ථ කුජ්ඣිතුන්ති.
එහි, එස ධම්මෙ යනු එය ස්වභාවයයි. යමපීත්වා ඔහදාමසෙ යනු යහලුව අපි යම්තැනක පැන් බොමුද එතැන මළපහ කරමු. මුත්‍රා පහකරමු. එය හිවලුන් වන අපගේ ධර්මතාවයි දක්වයි. පිතුපිතා මහං යනු අපගේ පියවරුන්ගේද සීයලාගේද එය ස්වභාවයයි. නං නං උජක්ධාතුමරහසි යනු එය මෙයට අපට පරපුරෙන් ආවාවූ ධර්මතාවයකි. ස්වභාවයකි. නුඹ දොස් කීමට නුසුදුසු වෙහි, මෙහිලා කිපෙන්නට යුක්තියක් නැත.
අථස්ස බොධිසත්තො තතියං ගාථමාහ –
ඉක්බිති බෝසතාණන් වහන්සේ හිවලාට,
“යෙසං වො එදිසො ධම්මො, අධම්මො පන කීදිසො; මා වො ධම්මං අධම්මං වා, අද්දසාම කුදාචන”න්ති.
යෙසං වො එදිසො ධම්මො අධම්මො පනු කීදිසො, මා වො ධම්මං අධම්මං වා අද්දසාව කුදාවනං
යන තුන්වන ගාථාව කීහ.
ඒ තොපගේ දහම මෙබඳු වීනම්, අදහම කෙබඳු වේද? තොපගේ දහමක් හෝ අදහමක් හෝ කිසිකලෙක අපි නොදුටුවෙමු.
තත්ථ මා වොති තුම්හාකං ධම්මං වා අධම්මං වා න මයං කදාචි අද්දසාමාති.
එහි, මා වො යනු තොපගේ ධර්මය හෝ අධර්මය හෝ අපි කිසිදිනක නොදුටුවෙමු.
එවං බොධිසත්තො තස්ස ඔවාදං දත්වා “මා පුන ආගච්ඡා”ති ආහ. සො තතො පට්ඨාය පුන නිවත්තිත්වාපි න ඔලොකෙසි.
මෙසේ මහා සත්ත්වයන් වහන්සේ හිවලාට අවවාද දී නැවත නොඑන්නැයි කීහ. හිවලා එතැන් පටන් නැවතී හෝ නොබැලුවේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි – “තදා උදපානදූසකො අයමෙව සිඞ්ගාලො අහොසි, ගණසත්ථා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය දේශනාකොට ජාතකය නිමවා වදාළ සේක. එකල ළිඳ අපවිත්‍ර කළ හිවලා හෙවත් උද්‍යාන දූෂකයා මේ හිවලාම විය. පිරිස් අනුශාසකයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
උදපානදූසකජාතකවණ්ණනා පඨමා.