යෙදුමෙන් කියවන්න

3. අරඤ‍්ඤවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

3. ආරණ්‍ය වර්‍ගය

418. ආරඤ‍්ඤකස‍්ස ඉසිනො චිරරත‍්තතපස‍්සිනො, කිච‍්ඡා කතං උදපානං කථං සම‍්ම අවාහසි.

418. යහළු ශෘගාලය, වනවැසි වූ බොහෝ කල් තපස් රක්නා වූ ඍෂීන් විසින් දුකසේ කරන ලද ළිඳ කුමට මළ මූත්‍රයෙන් දූෂණය කෙළෙහි ද?

419. එසධම‍්මො සිගාලානං යම‍්පීත්‍වා ඔභදාමසෙ, පිතුපිතාමහං ධම‍්මො න නං උජ‍්ඣාතුමරහසි.

419. යම් තැනෙකැ දිය බී එහි මල මූත්‍ර කරමෝ නම් තෙල සිවලුන්ගේ දහමෙකි. පිය මුතුන්ගේ දහමෙකි. එයට දොස් නගන්නට නො සුදුස්සෙහි.

420. යෙසං වො එදිසො ධම‍්මො අධම‍්මො පන කීදිසො, මා වො ධම‍්මං අධම‍්මං වා අද‍්දසාම කුදාචනන‍්ති.

420. ඒ තොපගේ දහම මෙබඳු වී නම් අදහම කෙබඳු වේ ද? තොපගේ දහමක් හෝ අදහමක් හෝ කිසි කලෙක අපි නො දක්මහ.

1. උදපානදූසකජාතකං.

1. උදපාන දූසක ජාතක යි.

421. යෙන මිත‍්තෙන සංසග‍්ගා යොයගක‍්ඛෙමො විහිංසති, පුබ‍්බෙවජ‍්ඣාහවන‍්තස‍්ස රක‍්ඛෙ අක‍්ඛීව පණ‍්ඩිතො,

421. යම්බඳු පාපමිත්‍ර සංසර්‍ගය හේතු කොටගෙන කායචිත්ත සුඛය පිරිහේ ද, පණ්ඩිත පුරුෂ තෙම ඒ පාපමිත්‍රයා විසින් අභිභවනය කළයුතු දැය තමාගේ දෙ ඇස් මෙන් කැල මැ රැකගන්නේ යැ.

422. යෙන මිත‍්තෙන සංසග‍්ගා යොගක‍්ඛෙමො පවඩ‍්ඪති, කරෙය්‍යත‍්තසමං වුත‍්තිං සබ‍්බකිච‍්චෙසු පණ‍්ඩිතො.

422. යම්බඳු කල්‍යාණමිත්‍රයකු සමග සංසර්‍ග හේතුවින් කාය චිත්තසුඛය වැඩේ ද ඒ කල්‍යාණමිත්‍රයාගේ සියලු කටයුත්තෙහි පණ්ඩිත පුරුෂ තෙම පැවැත්ම තමා හා සම කරන්නේ යැ.

423. එථ ව්‍යග‍්ඝා නිවත‍්තව‍්හො පච‍්චමෙථ මහාවනං, මා වනං ඡින්‍දි නිව්‍යග‍්ඝං ව්‍යග‍්ඝා මාහෙසු නිබ‍්බනා’ති.

423. එව ව්‍යාඝ්‍රයෙනි, පෙරළා එව මහවනයට එළඹෙවු වගුන් රහිත වනය නො සිඳීවා ව්‍යාඝ්‍රයෝ වන විරහිත වූවාහු නො වෙත්වා.

2. ව්‍යග‍්ඝජාතකං.

2. ව්‍යග්ඝ ජාතක යි.

424. කො නු උද‍්දීතභත‍්තොව පූරහත්‍ථොව බ්‍රාහ‍්මණො, කහන‍්නු භික‍්ඛං අචරි කං සද‍්ධං උපසඞ‍්කමි.

424. පිරූ බත් පාත්‍රයක් ගත්තකු මෙන් (මේ) කවරෙක් ද? (කාර්තික පූජායෙහි ලද) පූර්‍ණ පාත්‍රයක් අතැති බමුණකු මෙන් (මේ) කවරෙක් ද? කවර පෙදෙසක පිඬු සිඟා හැසුරුනේ ද? කවර ශ්‍රද්ධාවන්තයකු කරා එළැඹියේ ද?

425. අහං කපිස‍්මි දුම‍්මෙධො අනාමාසානි ආමසිං, ත්‍වං මං මොවය භද‍්දන‍්තෙ මුත‍්තො ගච‍්ඡෙය්‍ය පබ‍්බතං

425. මම මූඪ වඳුරෙක්මි. ස්පර්‍ශ නො කටයුතු තැන් ස්පර්‍ශ කෙළෙමි. තෙපි මා මුදනු මැනැවි. මිදුණෙම් පර්‍වතයට යමි. තොපට යහපතක් වේවා!

426. කච‍්ඡපා කස‍්සපා හොන‍්ති කොණ‍්ඩඤ‍්ඤා හොන‍්ති මක‍්කටා, මුඤ‍්ච කස‍්සප කොණ‍්ඩඤ‍්ඤං කතං මෙථුනකං තයා’ති.

426. ඉදිබුවෝ කාශ්‍යප ගෝත්‍රය ඇත්තෝ වෙති. වඳුරෝ කොණ්ඩඤ්ඤ ගෝත්‍ර ඇත්තෝ වෙති. කාශ්‍යපය, කොණ්ඩඤ්ඤයා මුදව, කාශ්‍යප ගෝත්‍රයෙහි උපන්හු විසින් කොණ්ඩඤ්ඤ ගෝත්‍රයෙහි උපන් මොහු හා නො සම මෛථුන කෘත්‍යයෙක් කරන ලදී.

3. කච‍්ඡපජාතකං.

3. කච්ඡප ජාතක යි.

427. කායං බලාකා සිඛිනී චොරී ලඞ‍්ඝිපිතාම‍්හා, ඔරං බලාකෙ ආගච‍්ඡ චණ‍්ඩො මෙ වායසො සඛා,

427. සිළු ඇති සෙර වූ මේඝය මුතුන් කොට ඇති මේ කෙකිනි කවරක් ද? කෙකින්න මෑතට නැඟිළුව, මාගේ මිතුරු කවුඩා චණ්ඩ ය.

428. නාහං බලාකා සිඛිනී අහං ලොලොස‍්මි වායසො, අකත්‍වා වචනං තුය‍්හං පස‍්ස ලූනොස‍්මි ආගතො.

428. මම සිළු ඇති කෙකිනි නො වෙමි. මම ලොල් වූ කවුඩෙක්මි. තොපගේ වචනය නො කළ නිසා පියාපත් සිඳුනා ලද්දෙම් වෙමි. ගොදුරු බිමැ සිට ආයෙහි මා බලව.

429. පුන පාපජ‍්ජසි සම‍්ම සීලං හි තව තාදිසං, න හි මානුසකා භොගා සුභුඤ‍්ජා හොන‍්ති පක‍්ඛිනා’ති.

429. යහළුව, මෙබඳු දුකකට නැවැත පත් වන්නෙහිය. තොපගේ ආචාරසීලය එවැනිය. මනුෂ්‍යයන්ගේ භෝගයෝ පක්‍ෂියා විසින් සුවසේ බුදින්නට යෝග්‍ය නො වෙත්.

4. ලොලජාතකං

4. ලෝල ජාතක යි.

430. කායං බලාකා රුචිරා කාකනීළස‍්මිං අච‍්ඡති, චණ‍්ඩො කාකො සඛා මය‍්හං තස‍්ස චෙතං කුලාවකං.

430. සිත්කලු වූ මේ කෙකිනි කවුඩු කැදැල්ලේ හිඳී. හෝ කවරක් ද? මාගේ මිතුරු කවුඩා නපුරුය. මේ ඔහුගේ කැදැල්ල ය.

431. නනු මං සම‍්ම ජානාසි දිජ සාමාකභොජන, අකත්‍වා වචනං තුය‍්හං පස‍්ස ලූනොස‍්මි ආගතො.

431. සබඳිනි පක්‍ෂිය, බොඩහමු බුදිනාව, මා අඳුනන්නෙහි නො වේ ද? තොප කී අවවාද නො කොට පියාපත් සිඳුනා ලද්දෙම් වෙමි. ගොදුරු බිමැ සිට ආයෙහි මා බලව.

432. පුනපාපජ‍්ජසි සම‍්ම සීලං හි තව තාදිසං, න හි මානුසකා භොගා සුභුඤ‍්ජා හොන‍්ති පක‍්ඛිනා’ති.

432. යහළුව, මෙබඳු දුකකට නැවැත පත්වන්නෙහිය. තොපගේ ආචාර සීලය එවැනිය. මනුෂ්‍යයන්ගේ භෝගයෝ පක්‍ෂියා විසින් සුවසේ බුදින්නට යෝග්‍ය නො වෙත්.

5. රුචිරජාතකං.

5. රුචිර ජාතක යි.

433. තව සද‍්ධඤ‍්ච සීලඤ‍්ච විදිත්‍වාන ජානාධිප වණ‍්ණං අඤජනවණ‍්ණෙන කාලිඞ‍්ගස‍්මිං නිමිම‍්හසෙ.

433. මහරජාණෙනි, නුඹ වහන්සේගේ ශ්‍රද්ධාව ද ශීලය ද දැන අඳුන්වන් වූ මඟුලැතු කරණ කොටගෙන කලිඟුරජු සමීපයෙහි ඇතු ගෙන එම්හයි ස්වර්‍ණරජතාදිය විනිමය වශයෙන් ගතුම්හ.

434. අන‍්නභච‍්චා ච භච‍්චා ච යොධ උද‍්දිස‍්ස ගච‍්ඡති, සබ‍්බෙ තෙ අප‍්පටික‍්ඛිප‍්පා පුබ‍්බාචරියවචො ඉදං.

434. කැඳබත් ආදී ආහාර අනුන්ගෙන් ලබා ජීවත් වන්නෝ ද, එසේ අනුන්ගෙන් නො ලබා ජීවත් වන්නෝ ද යන මොවුනතුරෙන් කිසිවෙක් කිසිවක් පතා කෙනකු කරා යේ නම් ඔවුන්ගේ අයැදුම් පිළිකෙව් නො කටයුතු ය. මේ මවුපියන්ගේ වචනය යි.

435. දදාමි වො බ්‍රාහ‍්මණා නාගමෙතං රාජාරහං රාජ භොග‍්ගං යසස‍්සිනං, අලඞ‍්කතං හෙමජාලාභිඡන‍්නං සසාරථිං ගච‍්ඡථ යෙන කාම’න‍්ති

435. බමුණෙනි, රජුන්ට සුදුසු රජුන්ගේ පරිහරණයට සුදුසු පිරිවර ඇති රන්දැලින් අලංකාර කළ (හෙවත් රන් අබරණින් සැරසූ) ඇත්ගොව්වන් සහිත මේ ඇත්රජු තොපට දෙමි. කැමැති මඟෙකින් ගෙන යවු.

6. කුරුධම‍්මජාතකං.

6. කුරුධම්ම ජාතක යි.

436. වස‍්සානි පඤ‍්ඤාස සමාධිකානි වසිම‍්හ සෙලස‍්ස ගුහාය රොමක, අසඞ‍්කමානා අභිනිබ‍්බුතත‍්තා හත්‍ථත‍්තමායන‍්ති මමණ‍්ඩජා පුරෙ

436. පරෙවිය, පනස් අවුරුද්දකට වැඩි කලක් ගල්ගුහාවෙහි විසුම්හ. සන්සුන් සිතැති පක්‍ෂීහු මා සැක නො කරන්නෝ පෙර මගේ අත්පසට එති.

437. තෙදානි වක‍්කඞ‍්ග කිමත්‍ථමුසසුකා භජන‍්ති අඤ‍්ඤං ගිරිකන්‍දරං දිජා, න නූන මඤ‍්ඤන‍්ති මමං යථා පුරෙ චිරප‍්පවුත්‍ථා අථවා න තෙ ඉමෙ.

437. පක්‍ෂිය, දැන් ඒ පක්‍ෂීහු කුමට කලකිරුනාහු පර්‍වතයෙන් අන් ගිරිකඳුරකට යෙත් ද? පෙරැ පරිදි මේ පක්‍ෂීහු මට ගරු නො කෙරෙතියි සිතමි. නැතහොත් දිගුකල් මොවුහු පිටත වැසැ පැමිණි හෙයින් මේ ඔහු ම යයි නො හඳුනත් ද?

438. ජානාම තං න මයමස‍්ම මූළ‍්හා සොයෙව ත්‍වන‍්තෙ මයමස‍්ම නාඤ‍්ඤො, චිත‍්තඤ‍්ච තෙ අස‍්මිං ජනෙ පදුට‍්ඨං ආජිවක තෙන තං උත‍්තසාමාති.

438. තොප දනුම්හ. අපි මූඪ නො වම්හ. තෙපි ඒ තවුස් මය. අපිදු ඔහු මය අන්‍යයෝ නො වම්හ. තොපගේ මේ සිත පක්‍ෂි ජනයා කෙරෙහි දුෂ්ට ය. ආජීවකය, එහෙයින් තට බිය වම්හ.

7. රොමකජාතකං.

7. රෝමක ජාතක යි.

439. කමත්‍ථමභිසන්‍ධාය ලහුචිත‍්තස‍්ස දූභිනො, සබ‍්බකාමදුභස‍්සෙව ඉදං දුක‍්ඛං තිතික‍්ඛසි.

439. සැහැල්ලු සිතැති මිත්‍ර ද්‍රෝහියාගේ මේ දුක (හිංසාව) කැමැති හැමදේ දෙන ස්වාමියකු (කරන දෙයක්) සේ සිතා කවර හෙයින් ඉවසා සිටින්නෙහි ද?

440. සිඞ‍්ගෙන නිහනාහෙතං පදසා ච අධිට‍්ඨහ, භීයො බාලා පකුජ‍්ඣෙය්‍යුං නො චස‍්ස පටිසෙධකො.

440. මොහු අඟින් ඇන නසව. පාදයෙන් මැඩ පියව. වළකනුයෙක් නොවී නම් මෝඩයෝ බොහෝ කිපෙන්නාහ.

441. මමෙවායං මඤ‍්ඤමානො අඤ‍්ඤම‍්පෙවං කරිස‍්සති, තෙ තං තත්‍ථ වධිස‍්සන‍්ති සා මෙ මුත‍්ති භවිස‍්සතී’ති.

441. මෙතෙම (සෙස්සන්) මා මෙන්ය යි සිතන්නේ සෙස්සන්ට ද මෙසේ කරන්නේය. ඔහු එහිලා ඒ වඳුරා මරන්නාහ. මට ඒ පවින් මිදීම වන්නේ ය.

8. මහිසජාතකං.

8. මහිස ජාතක යි.

442. යථා මාණවකො පන්‍ථෙ සිගාලිං වනගොචරිං, අත්‍ථකාමං පවෙදෙන‍්තිං අනත්‍ථකාමාති මඤ‍්ඤති අනත්‍ථකාමං සතපත‍්තං අත්‍ථකාමොති මඤ‍්ඤති.

442. යම්සේ මාර්‍ගයෙහි මාණවක තෙම වනයෙහි හැසිරෙන වැඩ කැමැතිව කියන සිවල් දෙන අවැඩ කැමැතියකැ යි සිතා ද අවැඩ කැමැති කෑරලා වැඩ කැමැත්තකු යි සිතා ද.

443. එවමෙව ඉධෙකච‍්චො පුග‍්ගලො හොති තාදිසො, හිතෙහි වචනං වුත‍්තො පතිගණ‍්හාති වාමතො.

443. එලෙස ම මෙලොව ඇතැම් පුඟුලෙක් එබඳු වේ. හිත කැමැතියන් විසින් වචනය කියන ලද්දේ නො කටයුතු කොට ගන්නේ යි.

444. යෙ ච ඛො නං පසංසන‍්ති භයා උක‍්කංසයන‍්ති ච තඤ‍්හි සො මඤ‍්ඤතෙ මිත‍්තං සතපත‍්තංව මාණවො’ති

444. යම් කෙනෙක් ඔහු බියෙන් පසසත් ද හුවා බෙණෙත් ද ඔවුන් මිතුරුය යි හේ සිතයි. කෑරලාගේ බස විශ්වාස කළ මාණවයා මෙනි.

9. සතපත‍්තජාතකං.

9. සතපත්ත ජාතක යි.

445. අද‍්ධා හි නූන මිගරාජා පුටකම‍්මස‍්ස කොවිදො, තථාහි පුටං දූසෙති අඤ‍්ඤං නූන කරිස‍්සති.

445. ඒකාන්තයෙන් මෘගරාජයා මල්ගොටු සෑදීමට දක්‍ෂ යයි හඟිමි. ඒ එසේම ය. ලා ලූ මල්ගොටු දූෂණය කරයි, හෙවත් නසයි. මනාපතර අන් මල්ගොටු කරතී හඟිම්.

446. න මෙ පිතා වා මාතා වා පුටකම‍්මස‍්ස කොවිදො, කතං කතං ඛො දූසෙම එවං ධම‍්මමිදං කුලං.

446. මාගේ පියා හෝ මව හෝ මල්ගොටු කිරීමට දක්‍ෂ නො වෙති. කළ කළ දේ නසම්හ. මේ වඳුරු කුලය මෙබඳු ස්වභාව ඇත්තේ ය.

447. යෙසං වො එදිසො ධම‍්මො අධම‍්මො පන කීදිසො, මා වො ධම‍්මං අධම‍්මං වා අද‍්දසාම කුදාචන’න‍්ති.

447. යම්බඳු වූ තොපගේ දහම මෙබඳු වී නම් නො දහස කෙබඳු වේ ද? තොපගේ දහම හෝ අදහම කිසිකලෙකත් නො දකුම්හ.

10. පුටදූසකජාතකං.

10. පුටදූසක ජාතක යි.

අරඤ‍්ඤවග‍්ගො තතියො

තෙවැනි අරණ්‍යවර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

උදපානවරං වනබ්‍යග‍්ඝකපි සිඛිනී ච බලාකරුචිරවරො, සුජනාධිපරොමකදූස පුන සතපත‍්තවරො පුටකම‍්ම දසා’ති.

උදපානදූසක ජාතක යැ, ව්‍යග්ඝ ජාතක යැ, (කපි) කච්ඡප ජාතක යැ, (සිඛිනී) ලෝල ජාතක යැ, රුචිර ජාතක යැ, (සුජනාධිප) කුරුධම්ම ජාතක යැ, රෝමක ජාතක යැ, යළි (දූසක) මහිස ජාතක යැ, සතපත්ත ජාතක යැ, (පුටකම්ම) පුටදුසක ජාතක යැ යන දසය යි.