යෙදුමෙන් කියවන්න

4. අබ‍්භන‍්තරවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

4. අබ්භන්තර වර්‍ගය

448. අබ‍්භන‍්තරං නාම දුමො යස‍්ස දිබ‍්බමිදං ඵලං, භුත්‍වා දොහළිනී නාරී චක‍්කවත‍්තිං විජායති.

448. යම් අඹගසෙකැ ඵලය දිව්‍යභෝජනයට සුදුසු ද අබ්භන්තර නමැති ඒ අඹගසෙහි අඹ කා දොළ ඇති ඉතිරිය සක්විත්තකු ප්‍රසූත කරයි.

449. තඤ‍්ච භද‍්දෙ මහෙසීසි සා චා සි පතිනො සියා, ආහරිස‍්සති තෙ රාජා ඉදං අබ‍්භන‍්තරං ඵලං.

449. සොඳුර, තී අගබිසෝ වෙහි ඒ තෙපි සැමියාට ප්‍රියමනාප වූවහු ය. රජතෙම තිට මේ අබ්භන්තර නමැති අඹගසේ ගෙඩි ගෙනෙන්නේය.

450. භත‍්තුරත්‍ථෙ පරක‍්කන‍්තො යං ඨානමධිගච‍්ඡති, සූරො අත‍්තපරිච‍්චාගී ලභමානො භවාමහන‍්ති.

450. මාතෘ පිතෘ ස්වාමි යන ත්‍රිවිධ ස්වාමීන්ට වැඩ පිණිස වෑයම් කරන්නාවූ ජීවිත පරිත්‍යාග කරන ශූර පුරුෂයා යම්බඳු ස්වර්‍ග සැපතකට පැමිණේ ද මම ද එය ලබන්නෙම් වෙමි.

1. අබ‍්භන‍්තරජාතකං.

1. අබ්භන්තර ජාතක යි.

451. සෙය්‍යංසො සෙය්‍යසො හොති යො සෙය්‍යමුපසෙවති, එකෙන සන්‍ධිං කත්‍වාන සතං වජ‍්ඣෙ අමොචයිං.

451. උසස් කුශල ධර්‍මයන්ගෙන් හෙබියා වූ පුඟුලෙක් එබඳු කුශල ධර්‍මයට ආශා ඇති පුඟුලකු ඇසුරු කෙරේ ද (එහෙයින්) හෙතෙම පැසැසුම් ලබන්නේ හෝ උතුම් වන්නේ හෝ වෙයි. එකකු සමග මෙත් වඩා මරණයට කැප වූ සියයක් පමණ එයින් මිදුවෙමි.

452. තස‍්මා සබ‍්බෙන ලොකෙන සන්‍ධිං කත්‍වාන එකකො, පෙච‍්ච සග‍්ගං නිගච‍්ඡෙය්‍ය ඉදං සුණොථ කාසයො.

452. සියලු ලෝකවාසීන් සමග එක්ව (මෛත්‍රී භාවනා වඩා) කවර හෙයින් පරලොවැ ස්වර්‍ග ගාමී නොවන්නේ ද? කසී රට වැසියෙනි, මෙය අසව්.

453. ඉදං වත්‍වා මහාරාජා කංසො බාරාණසිග‍්ගහො, ධනුං තූණිඤ‍්ච නික‍්ඛිප‍්ප සංයමං අජ‍්ඣුපාගමී’ති.

453. බරණැස් නගරයේ වෙසෙන කංස නමැති මහරජ තෙමේ මෙවදන් කියා දුන්න හා හියවුර හැරපියා ශීලසංයමයට පැමිණියේ ය.

2. සෙය්‍යංසජාතකං.

2. සෙය්‍යංස ජාතක යි.

454. වරං වරං ත්‍වං නිහනං පුරෙ චරි අස‍්මිං පදෙසෙ අභිභුය්‍ය සූකරෙ, සොදානි එකො ව්‍යපගම‍්ම ඣායසි බලන‍්නු තෙ ව්‍යග‍්ඝ න චජ‍්ජ විජ‍්ජති.

454. ව්‍යාඝ්‍රය තෝ පෙරැ මේ පෙදෙසේ සියලු හූරන් මැඩ ගෙන (හූරන් කෙරෙහි) උතුම් හූරන් මරමින් හැසිරුනෙහි ය. දැන් තෝ තනිව බැහැර වැ සිතමින් සිටින්නෙහි ය. ව්‍යාඝ්‍රය අද තාගේ කායශක්තිය නැත්තේ ද?

455. ඉමෙ සුදං යන‍්ති දිසොදිසං පුරෙ භයට‍්ටිතා ලෙණගවෙසිනො පුථු, තෙ දානි සංගම‍්ම රසන‍්ති එකතො යත්‍ථ ඨිතා දුප‍්පසභජ‍්ජ, මෙ මයා.

455. මේ හූරෝ පෙරැ භයින් පීඩිත වැ රැකෙන තැන් සොයන්නෝ වෙන් වෙන් වැ දිශාවෙන් දිශාවට යති. දැන් ඔහු එක් රැස් වැ එක්වලා නාද කෙරෙති. යම් තැනෙක සිටියා වූ මොහු අද මා විසින් මැඩලිය නො හැකියෝ යි.

456. නමත්‍ථු සඞ‍්ඝානං සමාගතානං දිස‍්වා සයං සබ්‍යං වදාමි අබ‍්භුතං, ව්‍යග‍්ඝං මිගා යත්‍ථ ජිනිංසු දාඨිනො සාමග‍්ගියා දාඨබලෙසු මුච‍්චරෙති.

456. රැස් වූ හූරු සමූහයාට නමස්කාර වේවා! අද්භූත වූ මිතුරු බවක් තෙමේ දැකැ කියමි. යම් තැනෙකලා දළැති හූරෝ ව්‍යාඝ්‍රයා දිනූ ද, දළ බල කොට ඇති හූරන්ගේ සමගි බලය නිසා සතුරා මැඩ මරණයෙන් මිදුණාහ.

3. වඩ‍්ඪකීසූකරජාතකං.

3. වඩ්ඪකීසූකර ජාතක යි.

457. යං උස‍්සුකා සඞ‍්ඝරන‍්ති අලක‍්ඛිකා බහුං ධනං, සිප‍්පවන‍්තො අසිප‍්පා ච ලක‍්ඛීවා තානි භුඤ‍්ජති.

457. හස්ති ශිල්පාදි උගත් ශිල්ප ඇත්තා වූ ද ශිල්ප නැත්තාවූ ද ධන රැස්කිරීමේ මහත් වෑයම ඇති පින් නැති ජනයෝ බොහෝ ධනය රැස් කෙරෙද් ද පින් ඇත්තේ ම ඒ ධනය අනුභව කෙරේ.

458. සබ‍්බත්‍ථ කතපුඤ‍්ඤස‍්ස අතිච‍්චඤ‍්ඤෙව පාණිනො, උප‍්පජ‍්ජන‍්ති බහූ භොගා අප‍්පනායතනෙසුපි.

458. හැමතන්හි ම කළ පින් ඇතියාහට අන්‍ය ප්‍රාණීන් අභිභවා අනායතනයෙහි දු බොහෝ වූ භෝගයෝ උපදිත්.

459. කුක‍්කුටමණයො දණ‍්ඩා ථියො ච පුඤ‍්ඤලක‍්ඛණා, උප‍්පජ‍්ජන‍්ති අපාපස‍්ස කතපුඤ‍්ඤස‍්ස ජන‍්තුනො’ති.

459. අලාමක වූ කළ පින් ඇති සත්‍වයනට ශ්‍රීමත් වූ කුකුළෝ ද මාණික්‍යයෝ ද ආරක්‍ෂායෂ්ටි ද පුණ්‍යලක්‍ෂණ ස්ත්‍රීහු ද උපදනාහු යි.

4. සිරිජාතකං.

4. සිරි ජාතක යි.

460. දරියා සත‍්තවස‍්සානි තිංසමත‍්තා වසාමසෙ, හඤ‍්ජෙම මණිනො ආභං ඉති නො මන‍්තිතං අහූ.

460. තිහක් පමණ දෙනා සත් අවුරුද්දක් මැණික් ගුහාවෙහි විසුම්හ. මාණික්‍යයේ දීප්තිය වනසම්හයි, අප විසින් මන්ත්‍රණය කරන ලද්දේ වී.

461. යාව යාව නිඝංසාම භිය්‍යො වොදායතෙ මණි, ඉදඤ‍්චදානි පුච‍්ඡාම කිං කිච‍්චං ඉධ මඤ‍්ඤසි.

461. මැණික යම් තාක් ගටමෝ ද බෙහෙවින් නිර්‍මල වෙයි. බමුණ තොප ම විචාරම්හ. මේ කරුණෙහිලා කුමක් කටයුතු දැයි ඔබ සිතන්නෙහි ද?

462. අයං මණි වෙළුරියො අකාචො විමලො සුභො, නාස‍්ස සක‍්කා සිරිං ගන‍්තුං අපක‍්කමථ සූකරා’ති.

462. මේ මැණික වෙරළුමිණෙක කර්‍කශ නො වෙයි. නිර්‍මලය සුන්‍දර ය. මෙහි සිරිය නසන්නට නො පිළිවන සූකරයෙනි ඉවත යව යි කී ය.

5. මණිසූකරජාතකං.

5. මණිසූකර ජාතක යි.

463. මා සාලුකස‍්ස පිහයී ආතුරන‍්නානි භුඤ‍්ජති, අප‍්පොස‍්සුක‍්කො භුසං ඛාද එතං දීඝායුලක‍්ඛණං.

463. සාලුක නම් සූකරයාගේ ස්වභාවය නහමක් පතව, සාලුකයා මරණ භෝජනය අනුභව කරයි. උහුගේ අහරට උත්සාහ නො කොට බොල් මුසු පිදුරු කව, මේ දීර්‍ඝායු ලබන්නට හේතු යි.

464. ඉදානි සො ඉධාගන‍්ත්‍වා අතිථි යුත‍්තසෙවකො, අථ දක‍්ඛසි සාලුකං සයන‍්තං මුසලුත‍්තරං.

464. දැන් සේවකයන්ගෙන් යුක්ත වූ ඒ වෛවාහික ආගන්තුක පුරුෂ තෙම මෙහි අවුදින් සිටියේ යි. අනතුරු ව මොහොල් බඳු උඩුතොල ඇති මරණ පිණිස හෝනා වූ සාලුක නම් සූකරයා දක්නෙහි.

465. විකන‍්තං සූකරං දිස‍්වා සයන‍්තං මුසලුත‍්තරං, ජරග‍්ගවා විචින‍්නෙසුං වරම‍්හාකං භුසාමිවා’ති.

465. මොහොලක් වැනි උඩුතොල ඇති ව වැතිර සිටුනා කපාලූ සූකරයා දැක ගොන්නු අපගේ රඩු (පිදුරු) ම උතුමැ යි සිතූහ.

6. සාලුකජාතකං.

6. සාලුක ජාතක යි.

466. නානුම‍්මත‍්තො නාපිසුනො නානටො නාකුතූහලො, මූළ‍්හෙසු ලභතෙ ලාභං එසා තෙ අනුසාසනී.

466. උමතු නො වූයේ කේලාම් නො කියනුයේ නො නටනුයේ කුහුල්කතා නැත්තේ මෝඩයන් සමීපයේ ලාභ නො ලබයි. මේ තට අපගේ ලාභානුශාසනා යි.

467. ධිරත්‍ථු තං යසලාභං ධනලාභඤ‍්ච බුහ‍්මණ, යා වුත‍්ති විනිපාතෙන අධම‍්මචරියාය වා.

467. බමුණ යශස්ලාභයට ද ධනලාභයට ද තමා නැසෙන පරිදි අධර්‍මචර්‍ය්‍යායෙන් වන ජීවිකා වෘත්තියෙක් වේ නම් ඊට ද නින්‍දා වේවා!

468. අපි චෙ පත‍්තමාදාය අනාගාරො පරිබ‍්බජෙ, එසාව ජිවිකා සෙය්‍යො යා චාධම‍්මෙන එසනා’ති.

468. අධාර්මික සෙවුමෙන් දිවි පවත්වනුවාට වඩා අගාරික වැ හෙවත් පැවිදිව පාත්‍රයක් ගෙන සිඟා ලද අහරෙන් පවත්වන මේ දිවිපැවැත්ම ශ්‍රේෂ්ඨ යි.

7. ලාභගරහජාතකං.

7. ලාභගරහ ජාතක යි.

469. අග‍්ඝන‍්ති මච‍්ඡා අධිකං සහස‍්සං න සො අත්‍ථි යො ඉමං සද‍්දහෙය්‍ය, මය‍්හඤ‍්ච අස‍්සු ඉධ සත‍්ත මාසා අහම‍්පි තං මච‍්ඡුද‍්දානං කිණෙය්‍යන‍්ති.

469. මත්ස්‍යයෝ (මසුරන්) දහසකට වඩා අගිතී යන්න අදහන්නෙක් නැත. මෙහි මට ද මාසක සතක් ඇත. මම ද ඒ මාළු වැළ මිල දී ගතිමි.

470. මච‍්ඡානං භොජනං දත්‍වා මම දක‍්ඛිණමාදිසි, තං දක‍්ඛිණං සරන‍්තියා කතං අපචිතිං තයා.

470. මසුන්ට කෑම දී මට පින් අනුමෝදන් කෙළේ ය. තා අනුමෝදන් කළ ඒ පින සිහි කරන මා විසින් තොපගේ ධනය රක්නා ලදී.

471. පදුට‍්ඨචිත‍්තස‍්ස න ඵාති හොති න චාපි නං දෙවතා පූජයන‍්ති, යො භාතරං පෙත‍්තිකං සාපතෙය්‍යං අවඤ‍්චයී දුක‍්කතකම‍්මකාරී’ති.

471. දුෂ්ටසිත් ඇතියාට දෙලෝ දියුණුව සිදු නො වේ. අධර්‍මකර්‍ම කරන්නෙක් පියා සතු වස්තුව සොහොයුරාට වඤ්චා කෙළේ ද දෙවියෝ ඔහු නො පුදත්.

8. මච‍්ඡුද‍්දානජාතකං.

8. මච්ඡුද්දාන ජාතක යි.

472. නානාච‍්ඡන්‍දා මහාරාජ එකාගාරෙ වසාමසෙ, අහං ගාමවරං ඉච‍්ඡෙ බ්‍රාහ‍්මණී ච ගවං සතං.

472. මහරජ, වෙන වෙන රිසි ඇති අපි එකගෙයි වසම්හ. මම ගම්වරයක් කැමැත්තෙමි. බැමිණි ගවයන් සියයක් කැමැත්තී ය.

473. ඡත‍්තො ච ආජඤ‍්ඤරථං කඤ‍්ඤා ච මණිකුණ‍්ඩලං යා චෙසා පුණ‍්ණිකා ජම‍්මී උදුක‍්ඛලං අභිකඞ‍්ඛති.

473. ඡත්ත මාණවක ආජානේය අසුන් යෙදූ රියක් ද, ලේලි මිණිකොඬොලක් ද, පුණ්ණිකා නම් මිඩි තොමෝ කුලුමොහොල් සහිත වනක් ද කැමැති ය.

474. බ්‍රාහ‍්මණස‍්ස ගාමවරං දෙථ බ්‍රාහ‍්මණියා ගවං සතං, පුත‍්තස‍්ස ආජඤ‍්ඤරථං කඤ‍්ඤාය මණිකුණ‍්ඩලං යඤ‍්චෙතං පුණ‍්ණිකං ජම‍්මිං පටියාදෙථ උදුක‍්ඛල’න‍්ති.

474. බමුණාට ගම්වරයක් ද බැමිණියට ගවයන් සියයක් ද ඡත්‍ර නම් බ්‍රාහ්මණපුත්‍රයාහට ආජානේය අසුන් යෙදූ රියක් ද ලේලියට මිණිකොඬොලක් ද හීන වූ මේ පූර්ණිකා දාසියට වනක් මොහොලක් ද පිළියෙළ කොට දෙවු.

9. නානාච‍්ඡන්‍දජාතකං.

9. නානාච්ඡන්‍ද ජාතක යි.

475. සීලං කිරෙව කල්‍යාණං සීලං ලොකෙ අනුත‍්තරං, පස‍්ස ඝොරවිසො නාගො සීලවාති න හඤ‍්ඤති.

475. ආචාර සීලය ම හොබනේ ල, සීලය ලෝකයේ අනුත්තර ය, බලව දරුණු විෂ ඇති නයා පවා සිල්වතැ යි හිංසා කරනු නො ලැබේ.

476. සොහං සීලං සමාදිස‍්සං ලොකෙ අනුමතං සිවං, අරියවුත‍්ති සමාචාරො යෙන වුච‍්චති සීලවා.

476. සිල්වතා යම් සීලයක් නිසා ආර්‍ය පැවැතුම් ඇත්තේ ය යි කියනු ලැබේ ද, ලොවැ නිර්‍භය තත්ත්‍වයෙකැ යි දන්නා ලද ද එබඳු සීලය මම සමාදන් වෙමි.

477. ඤාතීනඤ‍්ච පියො හොති මිත‍්තෙසු ච විරොචති, කායස‍්ස භෙදා සුගතිං උපපජ‍්ජති සීලවාති.

477. සිල්වතා නෑයන්ට ප්‍රිය වෙයි. මිතුරන් අතරේ ද බබළයි. මරණින් මතු දෙව්ලොවැ උපදී.

10. සීලවීමංසජාතකං.

10. සීලවිමංස ජාතක යි.

අබ‍්භන‍්තරවග‍්ගො චතුත්‍ථො.

සතරවැනි අබ්භන්තර වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

දුමකංසවරුත‍්තම බ්‍යග‍්ඝමිගා මණියො මණි සාලුකමව‍්හයනො, අනුසාසනියොපි ච මච‍්ඡවරො මණිකුණ‍්ඩලකෙන කිරෙන දසාති

(දුම) අබ්භන්තර ජාතක යැ, උතුම් වූ සෙය්‍යංස ජාතක යැ, ව්‍යඝ්‍රයා නැසූ වඩ්ඨකීසූකර ජාතක යැ, (මණි) සිරි ජාතක යැ, මණිසූකර ජාතක යැ, සාලුක ජාතක යැ, (අනුසාසනි) ලාභගරහ ජාතක යැ, මච්ඡුද්දාන ජාතක යැ, (මණිකුණ්ඩල) නානාච්ඡන්‍ද ජාතක යැ (කිරෙන) සීලං කිර යනාදි වූ සීලවිමංස ජාතක යැ යන මෙයින් දසය වේ.