යෙදුමෙන් කියවන්න

1. අබ‍්භන‍්තරජාතකවණ‍්ණනා 281 අට‍්ඨකථා

1. අබ‍්භන‍්තරජාතකවණ‍්ණනා (281)

1. අබ්භන්තර ජාතකය (281)

අබ‍්භන‍්තරො නාම දුමොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සාරිපුත‍්තත්‍ථෙරස‍්ස බිම‍්බාදෙවීථෙරියා අම‍්බරසදානං ආරබ‍්භ කථෙසි. සම‍්මාසම‍්බුද‍්ධෙ හි පවත‍්තිතවරධම‍්මචක‍්කෙ වෙසාලියං කූටාගාරසාලායං විහරන‍්තෙ මහාපජාපතී ගොතමී පඤ‍්ච සාකියසතානි ආදාය ගන‍්ත්‍වා පබ‍්බජ‍්ජං යාචිත්‍වා පබ‍්බජ‍්ජඤ‍්චෙව උපසම‍්පදඤ‍්ච ලභි. අපරභාගෙ තා පඤ‍්චසතා භික‍්ඛුනියො නන්‍දකොවාදං (ම· නි· 3.398 ආදයො) සුත්‍වා අරහත‍්තං පාපුණිංසු. සත්‍ථරි පන සාවත්‍ථිං උපනිස‍්සාය විහරන‍්තෙ රාහුලමාතා බිම‍්බාදෙවී “සාමිකො මෙ පබ‍්බජිත්‍වා සබ‍්බඤ‍්ඤුතං පත‍්තො, පුත‍්තොපි මෙ පබ‍්බජිත්‍වා තස‍්සෙව සන‍්තිකෙ වසති, අහං අගාරමජ‍්ඣෙ කිංකරිස‍්සාමි, අහම‍්පි පබ‍්බජිත්‍වා සාවත්‍ථිං ගන‍්ත්‍වා සම‍්මාසම‍්බුද‍්ධඤ‍්ච පුත‍්තඤ‍්ච නිබද‍්ධං පස‍්සමානා විහරිස‍්සාමී”ති චින‍්තෙත්‍වා භික‍්ඛුනුපස‍්සයං ගන‍්ත්‍වා පබ‍්බජිත්‍වා ආචරියුපජ‍්ඣායාහි සද‍්ධිං සාවත්‍ථිං ගන‍්ත්‍වා සත්‍ථාරඤ‍්ච පියපුත‍්තඤ‍්ච පස‍්සමානා එකස‍්මිං භික‍්ඛුනුපස‍්සයෙ වාසං කප‍්පෙසි. රාහුලසාමණෙරො ආගන‍්ත්‍වා මාතරං පස‍්සති.

අබ්භන්තරං නාම දුමො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් සැරියුත් තෙරුන් වහන්සේ විසින් බිම්බා දේවි තෙරණියට දෙන ලද අඹරස දානයක් අරබයා වදාළ සේක. සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් දම්සක් දෙසුම පවත්වා විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩවාසය කරද්දී මහා ප්‍රජාපතී ගෝතමිය ශාක්‍ය කුමාරිකාවන් පන්සියයක් රැගෙන බුදුරදුන් වෙත ගොස් පැවිද්ද ඉල්ලා පැවිද්ද හා උපසම්පදාව ලැබුවාය. පසුකලෙක ඒ පන්සියයක් භික්‍ෂුණීහු නන්දකෝවාද සූත්‍රයෙන් බණ අසා රහත් ඵලයට පත්වූහ. ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර ඇසුරුකොට වැඩවාසය කරන කල්හි යශෝධරා දේවිය “මගේ ස්වාමියා පැවිදිව සර්වඥ බවට පත්විය. මගේ පුතාද පැවිදි වී උන්වහන්සේ සමීපයේ වාසය කරයි. මම නිවසේ සිට කුමක් කරම්ද? මමද පැවිදිව සැවැත් නුවරට ගොස් සම්බුදුරජාණන් වහන්සේද පුත්‍රයන් වහන්සේද නිතර නිතර බලමින් වාසය කරන්නෙමි” යි සිතා භික්‍ෂූණි අසපුවට ගොස් පැවිදිව ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා සමග සැවැත්නුවරට ගොස් බුදුරජාණන් වහන්සේද ප්‍රිය පුතණුවන්ද දකිමින් එක්තරා භික්‍ෂූණී ආරාමයක වාසය කළහ. රාහුල සාමණේරයන් වහන්සේ එහි වැඩමකොට මව දකින සේක.

අථෙකදිවසං ථෙරියා උදරවාතො කුප‍්පි. සා පුත‍්තෙ දට‍්ඨුං ආගතෙ තස‍්ස දස‍්සනත්‍ථාය නික‍්ඛමිතුං නාසක‍්ඛි, අඤ‍්ඤාව ආගන‍්ත්‍වා අඵාසුකභාවං කථයිංසු. සො මාතු සන‍්තිකං ගන‍්ත්‍වා “කිං තෙ ලද‍්ධුං වට‍්ටතී”ති පුච‍්ඡි. “තාත, අගාරමජ‍්ඣෙ මෙ සක‍්ඛරයොජිතෙ අම‍්බරසෙ පීතෙ උදරවාතො වූපසම‍්මති, ඉදානි පිණ‍්ඩාය චරිත්‍වා ජීවිකං කප‍්පෙම, කුතො තං ලභිස‍්සාමා”ති. සාමණෙරො “ලභන‍්තො ආහරිස‍්සාමී”ති වත්‍වා නික‍්ඛමි. තස‍්ස පනායස‍්මතො උපජ‍්ඣායො ධම‍්මසෙනාපති, ආචරියො මහාමොග‍්ගල‍්ලානො, චූළපිතා ආනන්‍දත්‍ථෙරො, පිතා සම‍්මාසම‍්බුද‍්ධොති මහාසම‍්පත‍්ති. එවං සන‍්තෙපි අඤ‍්ඤස‍්ස සන‍්තිකං අගන‍්ත්‍වා උපජ‍්ඣායස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා දුම‍්මුඛාකාරො හුත්‍වා අට‍්ඨාසි. අථ නං ථෙරො “කිං නු ඛො, රාහුල, දුම‍්මුඛො වියාසී”ති ආහ. “මාතු මෙ, භන‍්තෙ, ථෙරියා උදරවාතො කුපිතො”ති. “කිං ලද‍්ධුං වට‍්ටතී”ති? “සක‍්ඛරයොජිතෙන කිර අම‍්බරසෙන ඵාසු හොතී”ති. “හොතු ලභිස‍්සාමි, මා චින‍්තයී”ති.

ඉක්බිති එක්දිනක් තෙරණියගේ බඩෙහි වාතය කිපුණේය. පුතා තමා දකින්නට ආ කල්හි උන්වහන්සේ දැකීමට නික්මෙන්නට නොහැකි වූහ. සෙසු මෙහෙණිවරු අවුත් අපහසු බව කීවාහුය. පුත් සාමණේරයන් වහන්සේ මව ළඟට ගොස් නුඹවහන්සේට කුමක් ලැබීම සුදුසුදැයි විචාළහ. දරුව; ගෙදරදී නම් හකුරු යෙදූ අඹ පැන් බිව් කල්හි බඩේ වාතය සංසිඳෙයි. දැන් වනාහි පිඬු පිණිස හැසිර දිවි ගෙවමු. එය කොතැනකින් ලබන්නෙම්දැයි කීවාය. සාමණේරයන් වහන්සේ ලැබුණොත් ගෙන එන්නෙමියි කියා නික්මුණු සේක. උන්වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ ආයුෂ්මත් දම්සෙනෙවි සැරියුත් තෙරුන් වහන්සේය. ගුරුවරයා මහමුගලන් තෙරුන් වහන්සේය. සුළු පියා වූ (බාප්පා) ආනන්ද තෙරුන් වහන්සේය. පියා සම්මා සම්බුදුරජාණන් වහන්සේය. මේ මහා සම්පත්තියකි. මෙසේ ඇති කල්හිද අනිකෙකුගේ සමීපයට නොගොස් උපාධ්‍යායන් සමීපයට ගොස් වැඳ අසතුටු සිතින් සිටි සේක. ඉක්බිති ඔහුට තෙරුන් වහන්සේ, රාහුල කුමක් නිසා අසතුටෙන් මෙන් සිටිහිදැයි විමසූහ. ස්වාමීනි, මගේ මව් තෙරණියගේ බඩේ වාතය කිපියේය. කුමක් ලැබීම යහපත්ද? හකුරු යෙදූ අඹ රසයෙන් සුවවෙතියි කීහ. එය එසේ වේවා. අපි එය ලබන්නෙමු. ඒ ගැන නොසිතන්නැයි කීහ.

සො පුනදිවසෙ තං ආදාය සාවත්‍ථිං පවිසිත්‍වා සාමණෙරං ආසනසාලායං නිසීදාපෙත්‍වා රාජද‍්වාරං අගමාසි. කොසලරාජා ථෙරං දිස‍්වා නිසීදාපෙසි, තඞ‍්ඛණඤ‍්ඤෙව උය්‍යානපාලො පිණ‍්ඩිපක‍්කානං මධුරඅම‍්බානං එකං පුටං ආහරි. රාජා අම‍්බානං තචං අපනෙත්‍වා සක‍්ඛරං පක‍්ඛිපිත්‍වා සයමෙව මද‍්දිත්‍වා ථෙරස‍්ස පත‍්තං පූරෙත්‍වා අදාසි. ථෙරො රාජනිවෙසනා නික‍්ඛමිත්‍වා ආසනසාලං ගන‍්ත්‍වා සාමණෙරස‍්ස අදාසි “හරිත්‍වා මාතු තෙ දෙහී”ති. සො හරිත්‍වා අදාසි, ථෙරියා පරිභුත‍්තමත‍්තෙව උදරවාතො වූපසමි. රාජාපි මනුස‍්සං පෙසෙසි – “ථෙරො ඉධ නිසීදිත්‍වා අම‍්බරසං න පරිභුඤ‍්ජි, ගච‍්ඡ කස‍්සචි දින‍්නභාවං ජානාහී”ති. සො ථෙරෙන සද‍්ධිංයෙව ගන‍්ත්‍වා තං පවත‍්තිං ඤත්‍වා ආගන‍්ත්‍වා රඤ‍්ඤො කථෙසි. රාජා චින‍්තෙසි – “සචෙ සත්‍ථා අගාරං අජ‍්ඣාවසිස‍්ස, චක‍්කවත‍්තිරාජා අභවිස‍්ස, රාහුලසාමණෙරො පරිණායකරතනං, ථෙරී ඉත්‍ථිරතනං, සකලචක‍්කවාළරජ‍්ජං එතෙසඤ‍්ඤෙව අභවිස‍්ස. අම‍්හෙහි එතෙ උපට‍්ඨහන‍්තෙහි චරිතබ‍්බං අස‍්ස, ඉදානි පබ‍්බජිත්‍වා අම‍්හෙ උපනිස‍්සාය වසන‍්තෙසු එතෙසු න යුත‍්තං අම‍්හාකං පමජ‍්ජිතු”න‍්ති. සො තතො පට‍්ඨාය ථෙරියා නිබද‍්ධං අම‍්බරසං දාපෙසි. ථෙරෙන බිම‍්බාදෙවීථෙරියා අම‍්බරසස‍්ස දින‍්නභාවො භික‍්ඛුසඞ‍්ඝෙ පාකටො ජාතො. අථෙකදිවසං භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං – “ආවුසො, සාරිපුත‍්තත්‍ථෙරො කිර බිම‍්බාදෙවීථෙරිං අම‍්බරසෙන සන‍්තප‍්පෙසී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව රාහුලමාතා සාරිපුත‍්තෙන අම‍්බරසෙන සන‍්තප‍්පිතා, පුබ‍්බෙපෙස එතං සන‍්තප‍්පෙසියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

උන්වහන්සේ පසුදින උන්වහන්සේ රැගෙන සැවැත්නුවරට වැඩ සාමණේරයන් වහන්සේ ආසන ශාලාවෙහි නවත්වා රජගෙට වැඩි සේක. කොසොල් රජතුමා තෙරුන් වහන්සේ වඩා හිඳවූ සේක. ඒ අවස්ථාවෙහි උයන්පල්ලා ඉදුණු මිහිරි අඹවලින් යුත් ගොටුවක් ගෙනාවේය. රජතුමා අඹවල ලෙලි ඉවත්කොට හකුරු දමා තමන්ම කලවම් කර තෙරුන් වහන්සේගේ පාත්‍රය පුරවා දුන්නේය. තෙරුන් වහන්සේ රජගෙදරින් නික්ම ආසන ශාලාවට ගොස් මෙය රැගෙන ගොස් මවට දෙන්න කියා සාමණේරයන් වහන්සේට දුන්හ. උන්වහන්සේ ගෙනගොස් දුන්හ. වැළදූ අවස්ථාවෙහිම තෙරණියගේ බඩේ අමාරුව සංසිඳුනේය. රජතුමාද තෙරුන් වහන්සේ මෙහි හිඳ අඹ පැන් නොවැළඳූ සේක. යන්න, කිසිවකුට දුන්නොත් ඒ බව දැනගන්නැයි කියා මිනිසකු යැවීය. ඔහු තෙරුන් වහන්සේ සමගම ගොස් ඒ පුවත දැන අවුත් රජතුමාට කීවේය. රජතුමා සිතුවේය. ඉදින් බුදුරජාණන් වහන්සේ ගිහිගෙයි සිටියාහු නම් සක්විති රජ වන්නෝය. රාහුල සාමණේරයන් වහන්සේ පරිනායක රත්නයයි. තෙරණිය ස්ත්‍රී රත්නයයි. සියලු සක්වල රාජ්‍යයන් මුන්වහන්සේටම වන්නේය. අප විසින් මොවුන්ට සේවය කරමින් හැසිරිය යුතු වෙයි. දැන් පැවිදි වී අප ඇසුරුකොට වසන කල්හි මුන්වහන්සේලා කෙරෙහි ප්‍රමාදවීමට අපට යුක්තියක් නැත. හෙතෙම එතැන් පටන් දිනපතා අඹපැන් දෙවීය. තෙරුන් වහන්සේ විසින් බිම්බා තෙරණියට අඹ පැන් දුන් බව භික්‍ෂු සංඝයා අතර ප්‍රකට විය. ඉක්බිති එක්දිනක් දම්සභාවෙහිදී ඇවැත්නි, සැරියුත් තෙරුන් වහන්සේ බිම්බා තෙරණිය අඹ රසයෙන් සුවපත් කළහ යනුවෙන් කථාවක් මතු කළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි, කවර කථාවකින් යුතුව මෙහි සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි, සැරියුත් විසින් අඹපැන් දී රාහුල මාතාව සුවපත් කරන ලද්දේ දැන් පමණක් නොවේ. පෙරත් ඇය සුවපත් කළෙහි යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කාසිගාමකෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා සණ‍්ඨපිතඝරාවාසො මාතාපිතූනං අච‍්චයෙන ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා හිමවන‍්තපදෙසෙ අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා ඉසිගණපරිවුතො ගණසත්‍ථා හුත්‍වා දීඝස‍්ස අද‍්ධුනො අච‍්චයෙන ලොණම‍්බිලසෙවනත්‍ථාය පබ‍්බතපාදා ඔතරිත්‍වා චාරිකං චරමානො බාරාණසිං පත්‍වා උය්‍යානෙ වාසං කප‍්පෙසි. අථස‍්ස ඉසිගණස‍්ස සීලතෙජෙන සක‍්කස‍්ස භවනං කම‍්පි. සක‍්කො ආවජ‍්ජමානො තං කාරණං ඤත්‍වා “ඉමෙසං තාපසානං අවාසාය පරිසක‍්කිස‍්සාමි, අථ තෙ භින‍්නාවාසා උපද‍්දුතා චරමානා චිත‍්තෙකග‍්ගතං න ලභිස‍්සන‍්ති, එවං මෙ ඵාසුකං භවිස‍්සතී”ති චින‍්තෙත්‍වා “කො නු ඛො උපායො”ති වීමංසන‍්තො ඉමං උපායං අද‍්දස – මජ‍්ඣිමයාමසමනන‍්තරෙ රඤ‍්ඤො අග‍්ගමහෙසියා සිරිගබ‍්භං පවිසිත්‍වා ආකාසෙ ඨත්‍වා “භද‍්දෙ, සචෙ ත්‍වං අබ‍්භන‍්තරඅම‍්බපක‍්කං ඛාදෙය්‍යාසි, පුත‍්තං ලභිස‍්සසි, සො චක‍්කවත‍්තිරාජා භවිස‍්සතී”ති ආචික‍්ඛිස‍්සාමි. රාජා දෙවියා කථං සුත්‍වා අම‍්බපක‍්කත්‍ථාය උය්‍යානං පෙසෙස‍්සති, අථාහං අම‍්බානි අන‍්තරධාපෙස‍්සාමි, රඤ‍්ඤො උය්‍යානෙ අම‍්බානං අභාවං ආරොචෙස‍්සන‍්ති , “කෙ තෙ ඛාදන‍්තී”ති වුත‍්තෙ “තාපසා ඛාදන‍්තී”ති වක‍්ඛන‍්ති, තං සුත්‍වා රාජා තාපසෙ පොථෙත්‍වා නීහරාපෙස‍්සති, එවං තෙ උපද‍්දුතා භවිස‍්සන‍්තීති.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කපීරට ගමෙක බමුණු කුලයක ඉපදී වැඩිවියට පත්ව තක්සලා නුවරින් ශිල්ප ඉගෙන ගෘහවාසයෙහි පිහිටා මව්පියන්ගේ ඇවෑමෙන් තවුස් පැවිද්දෙන් පැවිදිව හිමාලය වන පෙදෙසේ අභිඥා ද සමාපත්ති ද උපදවාගෙන තවුස් පිරිස පිරිවරන ලද්දේ පිරිස් අනුශාසකයා වී දිගුකලක් ඇවෑමෙන් ලුනු ඇඹුල් සෙවීම පිණිස පර්වත පාදයෙන් බැස චාරිකාවෙහි හැසිරෙමින් බරණැස් නුවරට පත්ව උයනෙහි වාසය කළහ. බක්බිති ඒ තවුස් පිරිසේ සිල් තෙදින් ශක්‍ර භවනය කම්පා විය. ශක්‍රයා විමසා බලමින් ඒ කරුණ දැන මේ තාපසයන්ට වාසය නොකිරීම පිණිස උත්සාහ කරන්නෙමි. එවිට ඔවුහු වාසස්ථාන නැතිව උවදුරට පත්ව ඇවිදිමින් සිතේ එකඟබවක් නොලබන්නාහුය. මට එසේ පහසු වන්නේ යයි සිතා උපක්‍රමය කුමකුදැයි විමසමින් මධ්‍යම රාත්‍රියෙහි රජුගේ අගමෙහෙසියගේ සිරියහන් ගබඩාවට ගොස් අහසෙහි සිට සොඳුරිය, ඉදින් නුඹ උයනෙහි ඉදුණු අඹයක් කන්නෙහි නම් පුතෙකු ලබන්නෙහිය. ඔහු සක්විති රජ වන්නේ යයි කියන්නෙමි. රජතුමා දේවියගේ කථාව අසා ඉදුණු අඹ සඳහා (සේවකයෝ) උයනට යවන්නේය. එවිට මම අඹ අතුරුදහන් කරන්නෙමි. ඔවුහු උයනෙහි අඹ නැති බව රජුට සැල කරන්නාහ. ඒවා කවුරුන් කත්දැයි ඇසූකල්හි තාපසයෙක් කතියි කියත්. ඒ අසා රජතුමා තාපසයන්ට තලා නෙරපන්නේය. මෙසේ තාපසවරුන් උවදුරට පත්වන්නාහුය යන මේ උපාය දුටුවේය.

සො මජ‍්ඣිමයාමසමනන‍්තරෙ සිරිගබ‍්භං පවිසිත්‍වා ආකාසෙ ඨිතො අත‍්තනො දෙවරාජභාවං ජානාපෙත්‍වා තාය සද‍්ධිං සල‍්ලපන‍්තො පුරිමා ද‍්වෙ ගාථා අවොච –

ඔහු මැදියම් රැයෙහි සිරියහන් ගබඩාවට පිවිස අහසෙහි සිට තමන් දෙවිරජ බව හඟවා ඇය සමග කථා කරමින්

“අබ‍්භන‍්තරො නාම දුමො, යස‍්ස දිබ්‍යමිදං ඵලං; භුත්‍වා දොහළිනී නාරී, චක‍්කවත‍්තිං විජායති.

අබ්භන්තරං නාම දුමො යස්ස දිබ්බමිදං ඵලං, භුත්‍වා දොහළනී නාරි චක්කවත්තිං විජායති

“ත්‍වම‍්පි භද‍්දෙ මහෙසීසි, සා චාපි පතිනො පියා; ආහරිස‍්සති තෙ රාජා, ඉදං අබ‍්භන‍්තරං ඵල”න‍්ති.

ත්‍වඤ්ච භද්දෙ මහෙසීසි සාචාසි පතිනො පියා, ආහරිස්සති තෙ රාජා ඉදං අබ්භන්තරං ඵලං

යන පළමු ගාථා දෙක කීය.

යම් අඹ ගසෙක ඵලය දිව්‍ය භෝජනයට සුදුසුද අභ්‍යන්තර නැමති ඒ අඹගසෙහි අඹ කා දොළදුක ඇති ස්ත්‍රිය සක්විති පුතෙකු බිහි කරයි.

සොඳුරිය, තී අගබිසෝ වෙහි. ඒ තෙපි සැමියාට ප්‍රියමනාප වූවහුය. රජතෙම තිට මේ අභ්‍යන්තර නැමති අඹගසේ ගෙඩි ගෙනෙන්නේය.

තත්‍ථ අබ‍්භන‍්තරො නාම දුමොති ඉමිනා තාව ගාමනිගමජනපදපබ‍්බතාදීනං අසුකස‍්ස අබ‍්භන‍්තරොති අවත්‍වා කෙවලං එකං අබ‍්භන‍්තරං අම‍්බරුක‍්ඛං කථෙසි. යස‍්ස දිබ්‍යමිදං ඵලන‍්ති යස‍්ස අම‍්බරුක‍්ඛස‍්ස දෙවතානං පරිභොගාරහං දිබ්‍යං ඵලං. ඉදන‍්ති පන නිපාතමත‍්තමෙව. දොහළිනීති සඤ‍්ජාතදොහළා. ත්‍වම‍්පි, භද‍්දෙ, මහෙසීසීති ත්‍වං, සොභනෙ මහෙසී, අසි. අට‍්ඨකථායං පන “මහෙසී චා”තිපි පාඨො. සා චාපි පතිනො පියාති සොළසන‍්නං දෙවීසහස‍්සානං අබ‍්භන‍්තරෙ අග‍්ගමහෙසී චාපි පතිනො චාපි පියාති අත්‍ථො. ආහරිස‍්සති තෙ රාජා, ඉදං අබ‍්භන‍්තරං ඵලන‍්ති තස‍්සා තෙ පියාය අග‍්ගමහෙසියා ඉදං මයා වුත‍්තප‍්පකාරං ඵලං රාජා ආහරාපෙස‍්සති, සා ත්‍වං තං පරිභුඤ‍්ජිත්‍වා චක‍්කවත‍්තිගබ‍්භං ලභිස‍්සසීති.

එහි, අබ්භන්තරංනාම දුමො යන මෙයින් පළමුකොට ගම්, නියම්ගම්, ජනපද, දිවයින්, පර්වත ආදිය අතරින් අසවල් තැන අභ්‍යන්තරයෙහි යනුවෙන් නොකියා හුදෙක් එක් අභ්‍යන්තර අඹගසක් කීවේය. යස්ස දිබ්බමිදං ඵලං යනු සම් අඹගසෙක දෙවියන්ගේ පරිභෝගයට සුදුසු දිව්‍ය ඵලයක්. ඉදං යනු නිපාත මාත්‍රයකි. දොහළිනී යනු හටගත් දොළදුක් ඇත්තී. ත්‍වඤ්ච භද්දෙ මහෙසීසි යනු නුඹ සෝභන මෙහෙසියක් වන්නෙහිය. අටුවාවෙහි වනාහි, මහෙසිවා යන පාඨය ඇත. සාචාසිතානො පියා දාසය දහසක් බිසෝවරුන් අතරෙහි අගමෙහෙසියද වන්නේය. ස්වාමියාටද ප්‍රිය වන්නේය යන අර්ථයයි. ආහරිස්සති තෙ රාජා ඉදං අබ්භන්තරං ඵලං යනු ඒ ප්‍රිය වූ අගමෙහෙසිය වන ඔබට කියන ලද ආකාර ගෙවිය රජතුමා ගෙන එන්නේය. එය නුඹ පරිභෝග කොට සක්විති දරුගැබක් ලබන්නේය යනුයි.

එවං සක‍්කො දෙවියා ඉමා ද‍්වෙ ගාථා වත්‍වා “ත්‍වං අප‍්පමත‍්තා හොහි, මා පපඤ‍්චං අකාසි, ස‍්වෙ රඤ‍්ඤො ආරොචෙය්‍යාසී”ති තං අනුසාසිත්‍වා අත‍්තනො වසනට‍්ඨානමෙව ගතො. සා පුනදිවසෙ ගිලානාලයං දස‍්සෙත්‍වා පරිචාරිකානං සඤ‍්ඤං දත්‍වා නිපජ‍්ජි. රාජා සමුස‍්සිතසෙතච‍්ඡත‍්තෙ සීහාසනෙ නිසින‍්නො නාටකානි පස‍්සන‍්තො දෙවිං අදිස‍්වා “කහං, දෙවී”ති පරිචාරිකෙ පුච‍්ඡි. “ගිලානා, දෙවා”ති. සො තස‍්සා සන‍්තිකං ගන‍්ත්‍වා සයනපස‍්සෙ නිසීදිත්‍වා පිට‍්ඨිං පරිමජ‍්ජන‍්තො “කිං තෙ, භද‍්දෙ, අඵාසුක”න‍්ති පුච‍්ඡි. “මහාරාජ අඤ‍්ඤං අඵාසුකං නාම නත්‍ථි, දොහළො මෙ උප‍්පන‍්නො”ති. “කිං ඉච‍්ඡසි, භද‍්දෙ”ති? “අබ‍්භන‍්තරඅම‍්බඵලං දෙවා”ති. “අබ‍්භන‍්තරඅම‍්බො නාම කහං අත්‍ථී”ති? “නාහං, දෙව, අබ‍්භන‍්තරඅම‍්බං ජානාමි, තස‍්ස පන මෙ ඵලං ලභමානාය ජීවිතං අත්‍ථි, අලභමානාය නත්‍ථී”ති. “තෙන හි ආහරාපෙස‍්සාමි , මා චින‍්තයී”ති රාජා දෙවිං අස‍්සාසෙත්‍වා උට‍්ඨාය ගන‍්ත්‍වා රාජපල‍්ලඞ‍්කෙ නිසින‍්නො අමච‍්චෙ පක‍්කොසාපෙත්‍වා “දෙවියා අබ‍්භන‍්තරඅම‍්බෙ නාම දොහළො උප‍්පන‍්නො, කිං කාතබ‍්බ”න‍්ති පුච‍්ඡි. “දෙව ද‍්වින‍්නං අම‍්බානං අන‍්තරෙ ඨිතො අම‍්බො අබ‍්භන‍්තරඅම‍්බො නාම, උය්‍යානං පෙසෙත්‍වා අබ‍්භන‍්තරෙ ඨිතඅම‍්බතො ඵලං ආහරාපෙත්‍වා දෙවියා දාපෙථා”ති.

මෙසේ ශක්‍රයා මේ ගාථා දෙක කියා ඔබ නොපමා වන්න. ආසාවක් ඇතිකර නොගන්න. හෙට රජතුමාට සැලකරන්නැයි ඇයට අනුශාසනා කොට තමන් වසන ස්ථානයටම ගියේය. ඈ දෙවන දවසේ ගිලන් බවක් දක්වා පිරිවර ස්ත්‍රීන්ට සංඥාවක් දී හොත්තීය. රජතුමා එසවූ සුදු කුඩය ඇති සිහසුනේ හුන්නේ නාටක ස්ත්‍රීන් දෙස බලමින් දේවිය නොදැක දේවීන් වහන්සේ කොහිදැයි පිරිවර ස්ත්‍රීන්ගෙන් විචාළේය. දේවයන් වහන්ස! ගිලන් වී සිටින්නීයයි කීහ. රජතුමා ඇය සමීපයට ගොස් ඇඳේ කොනක හිඳගෙන පිට පිරිමදින් සොඳුරිය, අපහසුව කුමක්දැයි විචාළේය. මහරජතුමනි, අන් අපහසුතාවක් නම් නැත. මට දොළදුකක් උපන්නේය. සොඳුරිය කුමක් කැමැත්තෙහිද? දේවයන් වහන්ස, අභ්‍යන්තර අඹ ගෙඩියකි. අභ්‍යන්තර අඹ කොතැනක ඇත්ද? දේවයන් වහන්ස, අභ්‍යන්තර අඹ නොදනිමි. ඒ අඹඵල ලැබුනොත් මගේ ජීවිතය තිබෙයි. නොලැබුනොත් ජීවිතය නැතැයි කීවාය. එසේනම් ගෙන එන්නෙමු. ඒ ගැන නොසිතන්නැයි දේවිය සනසා නැගිට ගොස් රාජාසනයෙහි හිඳිමින් ඇමතියන් කැඳවා, දේවීන් වහන්සේට අභ්‍යන්තර අඹ කෑමෙහි දොළදුකක් උපන්නේය. කුමක් කළයුතුදැයි විචාළෙය. දේවයන් වහන්ස, අඹ ගස් දෙකක් අතර පිහිටි අඹ නමි. උයනට යවා අභ්‍යන්තරයෙහි පිහිටි අඹ ගස්වලින් අඹගෙඩි ගෙන්වාගෙන දේවියට දෙවන්නෙමුයි කීහ.

රාජා “සාධු, එවරූපං අම‍්බං ආහරථා”ති උය්‍යානං පෙසෙසි. සක‍්කො අත‍්තනො ආනුභාවෙන උය්‍යානෙ අම‍්බානි ඛාදිතසදිසානි කත්‍වා අන‍්තරධාපෙසි. අම‍්බත්‍ථාය ගතා මනුස‍්සා සකලඋය්‍යානං විචරන‍්තා එකං අම‍්බම‍්පි අලභිත්‍වා ගන‍්ත්‍වා උය්‍යානෙ අම‍්බානං අභාවං රඤ‍්ඤො කථයිංසු. “කෙ අම‍්බානි ඛාදන‍්තී”ති? “තාපසා, දෙවා”ති. “තාපසෙ උය්‍යානතො පොථෙත්‍වා නීහරථා”ති. මනුස‍්සා “සාධූ”ති පටිස‍්සුණිත්‍වා නීහරිංසු. සක‍්කස‍්ස මනොරථො මත්‍ථකං පාපුණි. දෙවී අම‍්බඵලත්‍ථාය නිබද‍්ධං කත්‍වා නිපජ‍්ජියෙව. රාජා කත‍්තබ‍්බකිච‍්චං අපස‍්සන‍්තො අමච‍්චෙ ච බ්‍රාහ‍්මණෙ ච සන‍්නිපාතාපෙත්‍වා “අබ‍්භන‍්තරඅම‍්බස‍්ස අත්‍ථිභාවං ජානාථා”ති පුච‍්ඡි. බ්‍රාහ‍්මණා ආහංසු – “දෙව, අබ‍්භන‍්තරඅම‍්බො නාම දෙවතානං පරිභොගො, ‘හිමවන‍්තෙ කඤ‍්චනගුහාය අන‍්තො අත්‍ථී’ති අයං නො පරම‍්පරාගතො අනුස‍්සවො”ති. “කො පන තතො අම‍්බං ආහරිතුං සක‍්ඛිස‍්සතී”ති? “න සක‍්කා තත්‍ථ මනුස‍්සභූතෙන ගන‍්තුං, එකං සුවපොතකං පෙසෙතුං වට‍්ටතී”ති.

රජතුමා යහපතැයි කියා එබඳු අඹ ගෙන එවයි කියා උයනට යැවීය. ශක්‍රයා, තමන්ගේ ආනුභාවයෙන් උයනෙහි අඹ කන ලද ආකාරය පෙනෙන ලෙස අතුරුදන් කළේය. අඹ පිණිස ගියවුන් උයන පුරා සැරිසරා එක් අඹයක්වත් නොලබා ගොස් උයනෙහි අඹ නොමැති බව රජුට කීවාහුය. අඹ කෑවෝ කවරහුද? දෙවයන් වහන්ස! තවුසෝය. තාපසවරුන් තලා උයනෙන් නෙරපා හරිමි. මිනිස්සු යහපතැයි පිළිතුරු දී නෙරපූහ. ශක්‍රයාගේ මනදොල මුදුන් පැමිණියේය. දේවිය අඹයක් වෙනුවෙන් නිරතුරුව වැතිර සිටියාය. රජතුමා කළයුතු දෙයක් නොදකින්නේ ඇමතියන්ද, බමුණන්ද, රැස් කරවා අභ්‍යන්තර අඹ ඇති බව දන්නාහුදැයි විචාළේය. බමුණෝ කීවාහුය. දේවයන් වහන්ස! අභ්‍යන්තර අඹනම් දෙවියන්ගේ පරිභෝගයකි. හිමාල වනයෙහි රන්ගුහාව කෙළවර ඇත. එය අපි පරම්පරාගත කථාවෙන් අසා ඇත්තෙමු. කවරෙක් ඒ අඹ ගෙන ඒමට සමත් වන්නේද? එහි මිනිසුන්ට යාමට නොහැකිය. එක් ගිරාපොව්වෙකු යැවීම සුදුසුයයි කීහ.

තෙන ච සමයෙන රාජකුලෙ එකො සුවපොතකො මහාසරීරො කුමාරකානං යානකචක‍්කනාභිමත‍්තො ථාමසම‍්පන‍්නො පඤ‍්ඤවා උපායකුසලො. රාජා තං ආහරාපෙත්‍වා “තාත සුවපොතක, අහං තව බහූපකාරො, කඤ‍්චනපඤ‍්ජරෙ වසසි, සුවණ‍්ණතට‍්ටකෙ මධුලාජෙ ඛාදසි, සක‍්ඛරපානකං පිවසි, තයාපි අම‍්හාකං එකං කිච‍්චං නිත්‍ථරිතුං වට‍්ටතී”ති ආහ. “කිං, දෙවා”ති. “තාත දෙවියා අබ‍්භන‍්තරඅම‍්බෙ දොහළො උප‍්පන‍්නො, සො ච අම‍්බො හිමවන‍්තෙ කඤ‍්චනපබ‍්බතන‍්තරෙ අත්‍ථි දෙවතානං පරිභොගො, න සක‍්කා මනුස‍්සභූතෙන තත්‍ථ ගන‍්තුං, තයා තතො අම‍්බඵලං ආහරිතුං වට‍්ටතී”ති. “සාධු, දෙව, ආහරිස‍්සාමී”ති. අථ නං රාජා සුවණ‍්ණතට‍්ටකෙ මධුලාජෙ ඛාදාපෙත්‍වා සක‍්ඛරපානකං පායෙත්‍වා සතපාකතෙලෙන තස‍්ස පක‍්ඛන‍්තරානි මක‍්ඛෙත්‍වා උභොහි හත්‍ථෙහි ගහෙත්‍වා සීහපඤ‍්ජරෙ ඨත්‍වා ආකාසෙ විස‍්සජ‍්ජෙසි. සොපි රඤ‍්ඤො නිපච‍්චකාරං දස‍්සෙත්‍වා ආකාසෙ පක‍්ඛන්‍දන‍්තො මනුස‍්සපථං අතික‍්කම‍්ම හිමවන‍්තෙ පඨමෙ පබ‍්බතන‍්තරෙ වසන‍්තානං සුකානං සන‍්තිකං ගන‍්ත්‍වා අබ‍්භන‍්තරඅම‍්බො නාම කත්‍ථ අත්‍ථි, කථෙථ මෙ තං ඨාන”න‍්ති පුච‍්ඡි. “මයං න ජානාම, දුතියෙ පබ‍්බතන‍්තරෙ සුකා ජානිස‍්සන‍්තී”ති.

එසමයෙහි රජකුලයෙහි ලොකු සිරුරක් ඇති, දරුවන්ගේ යානයක රෝදය මැද නාභිය පමණ වූ, ශක්තිමත් නැණවත් උපායෙහි දක්ෂ එක් ගිරවෙක් සිටියේය. රජතුමා ගිරවා ගෙන්වාගෙන දරුව! ගිරා පෝතකය, මම නුඹට බොහෝ උපකාර ඇත්තෙක් වෙමි. ඔබ රන් කූඩුවක වසන්නෙහිය. රන්තැටියක මීපැණි හා විලඳ කන්නෙහිය. හකුරුපැන් බොන්නෙහිය. නුඹ විසින් අපට එක් කටයුත්තක් සපයන්නට සුදුස යයි කීවේය. දේවයන් වහන්ස, කියනු මැනවි. දරුව දේවීන් වහන්සේට අභ්‍යන්තර අඹ කෑමට දොළක් උපන්නාය. ඒ අඹ හිමවත රන් පර්වතය අතර ඇත. දෙවියන්ගේ පරිභෝගයකි. මිනිසුන්ට එහි යන්නට නොහැකිය. එයින් ගෙඩියක් ගෙන ඒම සුදුසු යයි කීය. යහපති දේවයන් වහන්ස. ගෙනෙන්නෙමියි කීය. ඉක්බිති රජතුමා ගිරවාට රන්තැටියෙහි මීපැණි විළද කවා හකුරු පැන් පොවා සියක්වරක් සිඳින ලද තෙල් උගේ පියාපත් අතර තවරා දෑතින් ගෙන සීමැදුරු කවුළුවෙහි සිට අහසට මුදා හළේය. ගිරවාද රජුට ආදර දක්වා අහසින් යමින් මිනිස් පියස ඉක්මවා හිමාල වනයෙහි පළමු පර්වත වලල්ලෙහි වාසය කරන්නා වූ ගිරවුන් සමීපයට ගොස් අභ්‍යන්තර නම් වූ අඹ කොහි ඇත්දැයි ඒ තැන මට කියවයි විචාළේය. අපි නොදනිමු. දෙවන පර්වත වළල්ලෙහි සිටින ගිරවුන් දනිතියි කීහ.

සො තෙසං වචනං සුත්‍වා තතො උප‍්පතිත්‍වා දුතියං පබ‍්බතන‍්තරං අගමාසි, තථා තතියං, චතුත්‍ථං , පඤ‍්චමං, ඡට‍්ඨං අගමාසි. තත්‍ථපි නං සුකා “න මයං ජානාම, සත‍්තමපබ‍්බතන‍්තරෙ සුකා ජානිස‍්සන‍්තී”ති ආහංසු. සො තත්‍ථපි ගන‍්ත්‍වා “අබ‍්භන‍්තරඅම‍්බො නාම කත්‍ථ අත්‍ථී”ති පුච‍්ඡි. “අසුකට‍්ඨානෙ නාම කඤ‍්චනපබ‍්බතන‍්තරෙ”ති ආහංසු. “අහං තස‍්ස ඵලත්‍ථාය ආගතො, මං තත්‍ථ නෙත්‍වා තතො මෙ ඵලං දාපෙථා”ති. සුකගණා ආහංසු – “සම‍්ම, සො වෙස‍්සවණමහාරාජස‍්ස පරිභොගො, න සක‍්කා උපසඞ‍්කමිතුං, සකලරුක‍්ඛො මූලතො පට‍්ඨාය සත‍්තහි ලොහජාලෙහි පරික‍්ඛිත‍්තො, සහස‍්සකුම‍්භණ‍්ඩරක‍්ඛසා රක‍්ඛන‍්ති, තෙහි දිට‍්ඨස‍්ස ජීවිතං නාම නත්‍ථි, කප‍්පුට‍්ඨානග‍්ගිඅවීචිමහානිරයසදිසට‍්ඨානං, මා තත්‍ථ පත්‍ථනං කරී”ති. “සචෙ තුම‍්හෙ න ගච‍්ඡථ, මය‍්හං ඨානං ආචික‍්ඛථා”ති. “තෙන හි අසුකෙන ච අසුකෙන ච ඨානෙන යාහී”ති. සො තෙහි ආචික‍්ඛිතවසෙනෙව සුට‍්ඨු මග‍්ගං උපධාරෙත්‍වා තං ඨානං ගන‍්ත්‍වා දිවා අත‍්තානං අදස‍්සෙත්‍වා මජ‍්ඣිමයාමසමනන‍්තරෙ රක‍්ඛසානං නිද‍්දොක‍්කමනසමයෙ අබ‍්භන‍්තරඅම‍්බස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා එකෙන මූලන‍්තරෙන සණිකං අභිරුහිතුං ආරභි. ලොහජාලං “කිරී”ති සද‍්දමකාසි .

හෙතෙම ඔවුන්ගේ කීම අසා එතැනින් ඉගිලී දෙවන පර්වත වළල්ලට ගියේය. එසේ තුන්වන, හතරවන, පස්වන, හයවන පර්වත වළලු දක්වා ගොස් එහි ගිරවුන්ද අපි නොදනිමුයි කී පසු සත්වන පර්වත වළල්ල අතරෙහි ගිරවුන් දන්නාහුයයි කීවාහුය. ගිරවා ඒ ඒ තැන ගොස් අභ්‍යන්තර අඹ කොතන ඇද්දැයි විචාළේය. අසවල් තැන රන් පර්වතය අතර යයි කීවාහුය. මම ඒ අඹ සදහා ආවෙමි. මා එහි ගෙනගොස් එයින් මට ගෙඩියක් දෙවන්නැයි කීය. එය වෙසමුණි මහරජුගේ ප්‍රයෝජනය සදහාය. එහි එළඹිය නොහැක. මුළු ගසම මුල පටන් ලෝහ දැල් හතකින් වටකරන ලද්දේ කෝටිදහසක් කුම්භාණ්ඩ රාක්‍ෂසයෝ එය ආරක්ෂා කරත්. ඹවුන් විසින් දක්නා ලද්දහුගේ ජීවිතය නම් නැත. කල්පය කෙළවර ගින්නක් හා සමාන අවීචිමහ නිරය හා සමාන ස්ථානයකි. එහි යාමට නොපතන්නැයි කීය. ඉදින් තෙපි නොයව් නම් මට තැන කියව්යි කීය. එසේනම් අසවල් අසවල් තැනින් යවයි කීය. ගිරවා ඔවුන් විසින් කියන ලද ක්‍රමයට මනාකොට මාර්ගය සලකා ගෙන ඒ ස්ථානයට ගොස් දවල් තමන් නොපෙනී මැදියම් රැයෙහි රකුසන් නිදන අවස්ථාවෙහි අභ්‍යන්තර අඹගස ළඟට ගොස් එක් ගස්මුලක් අතරින් හෙමින් ගසට නැගීමට පටන් ගත්තේය. ලෝහ දැළ කිලී යන ශබ්ද කළේය.

රක‍්ඛසා පබුජ‍්ඣිත්‍වා සුකපොතකං දිස‍්වා “අම‍්බචොරොය”න‍්ති ගහෙත්‍වා කම‍්මකරණං සංවිදහිංසු. එකො “මුඛෙ පක‍්ඛිපිත්‍වා ගිලිස‍්සාමි න”න‍්ති ආහ, අපරො “හත්‍ථෙහි මද‍්දිත්‍වා පුඤ‍්ජිත්‍වා විප‍්පකිරිස‍්සාමි න”න‍්ති, අපරො “ද‍්වෙධා ඵාලෙත්‍වා අඞ‍්ගාරෙසු පචිත්‍වා ඛාදිස‍්සාමී”ති. සො තෙසං කම‍්මකරණසංවිධානං සුත්‍වාපි අසන‍්තසිත්‍වාව තෙ රක‍්ඛසෙ ආමන‍්තෙත්‍වා “අම‍්භො රක‍්ඛසා, තුම‍්හෙ කස‍්ස මනුස‍්සා”ති ආහ. “වෙස‍්සවණමහාරාජස‍්සා”ති. “අම‍්භො, තුම‍්හෙපි එකස‍්ස රඤ‍්ඤොව මනුස‍්සා, අහම‍්පි රඤ‍්ඤොව මනුස‍්සො, බාරාණසිරාජා මං අබ‍්භන‍්තරඅම‍්බඵලත්‍ථාය පෙසෙසි, ස‍්වාහං තත්‍ථෙව අත‍්තනො රඤ‍්ඤො ජීවිතං දත්‍වා ආගතො. යො හි අත‍්තනො මාතාපිතූනඤ‍්චෙව සාමිකස‍්ස ච අත්‍ථාය ජීවිතං පරිච‍්චජති, සො දෙවලොකෙයෙව නිබ‍්බත‍්තති, තස‍්මා අහම‍්පි ඉමම‍්හා තිරච‍්ඡානයොනියා චවිත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තිස‍්සාමී”ති වත්‍වා තතියං ගාථමාහ –

රකුසෝ පිබිදී ගිරා පෝතකයා දැක අඹ සොරා යයි අල්ලාගෙන දඬුවම් කිරීමට කටයුතු සංවිධානය කළහ. එකෙක් මූ කටෙහි දමාගෙන ගිලින්නෙමියි කීවේය. අනිකෙක් අතින් පොඩිකර විසුරුවන්නෙමියි කීවේය. අනිකා දෙකට පලා අඟුරුවල පුච්චා කන්නෙමියි කීවේය. ගිරවා ඔවුන්ගේ දඬුවම් දීම පිළිබද කථාව අසා තැති නොගෙනම ඒ රකුසන් අමතා එම්බා රකුසනි! නුඹලා කවරෙකුගේ සේවකයෝදැයි විමසුවේය. වෙසමුණි රජුගේ යයි කීහ. එම්බල, තොපිද එක් රජෙකුගේ සේවකයෝය. මමද රජෙකුගේ සේවකයෙකි. බරණැස් රජතුමා මාව අභ්‍යන්තර අඹගෙඩි සදහා එව්වේය. ඒ මම එහිදීම තමන්ගේ රජතුමාට ජීවිතය දී ආවෙමි. යම්කිසිවෙක් පරිත්‍යාග කරයිද ඔහු දෙව්ලොවම උපදියි. ඒ නිසා මමද මේ තිරිසන් ආත්ම භාවයෙන් මිදී දෙව්ලොව උපදින්නෙමියි කියා,

“භත‍්තුරත්‍ථෙ පරක‍්කන‍්තො, යං ඨානමධිගච‍්ඡති; සූරො අත‍්තපරිච‍්චාගී, ලභමානො භවාමහ”න‍්ති.

භත්තුරත්‍ථෙ පරක්කන්තො යං ඨානමධි ගච්ඡති, සූරො අත්ත පරිචවාගී ලභමානො භවාමහං

යන තුන්වන ගාථාව කීවේය.

මව, පියා, ස්වාමියා යන තුන් ස්වාමීන්ට වැඩ පිණිස වෑයම් කරන්නා වූ ජීවිත පරිත්‍යාග කරන ශූර පුරුෂයා යම්බඳු ස්වර්ග සැපතකට පැමිණේද, මමද එය ලබන්නෙමි.

තත්‍ථ භත‍්තුරත්‍ථෙති භත‍්තා වුච‍්චන‍්ති භත‍්තාදීහි භරණපොසකා පිතා මාතා සාමිකො ච, ඉති තිවිධස‍්සපෙතස‍්ස භත‍්තු අත්‍ථාය. පරක‍්කන‍්තොති පරක‍්කමං කරොන‍්තො වායමන‍්තො. යං ඨානමධිගච‍්ඡතීති යං සුඛකාරණං යසං වා ලාභං වා සග‍්ගං වා අධිගච‍්ඡති. සූරොති අභීරු වික‍්කමසම‍්පන‍්නො. අත‍්තපරිච‍්චාගීති කායෙ ච ජීවිතෙ ච නිරපෙක‍්ඛො හුත්‍වා තස‍්ස තිවිධස‍්සපි භත‍්තු අත්‍ථාය අත‍්තානං පරිච‍්චජන‍්තො. ලභමානො භවාමහන‍්ති යං සො එවරූපො සූරො දෙවසම‍්පත‍්තිං වා මනුස‍්සසම‍්පත‍්තිං වා ලභති, අහම‍්පි තං ලභමානො භවාමි, තස‍්මා හාසොව මෙ එත්‍ථ, න තාසො, කිං මං තුම‍්හෙ තාසෙථාති.

එහි, හත්තරත්‍ථෙ යනු බත් ආදිය දී පෝෂණය කරන්නා වූ පියා, මව, ස්වාමියාද යන මේ ත්‍රිවිධ ආකාර වූ පෝෂණය කරන්නන් සදහා යන අර්ථයෙන්, පරක්කන්තො යනු උත්සාහ කරන්නේ, වෑයම් කරන්නේ, යංඨාන මධිගච්ඡති යනු සැපයට හේතුවන යම් කරුණක් කීර්තියක් හෝ ලාභයක් හෝ ස්වර්ගයෙහි ඉපදීම හෝ ලබයිද. සුරො යනු බිය නැති වික්‍රමයෙන් යුක්ත වූ, අත්තපරිච්චාති යනු කයෙහිද ජීවිතයෙහිද අපේක්‍ෂාවක් නැති අයෙකු ඒ ත්‍රිවිධ ස්වාමීන්ගේ යහපත පිණිස තම ජීවිැති අයෙකු ඒ ත්‍රිවිධ ස්වාමීන්ගේෙෂතය පරිත්‍යාග කරන්නා වූ. ලභමානො භවා මහං යනු මෙබඳු සූර වූ හෙතෙම යම් දිව්‍ය සම්පතක් හෝ මනුෂ්‍ය සම්පතක් හෝ ලබයිද මමද එය ලබන්නෙක් වෙමි. ඒ නිසා මට මෙහිදී ඇත්තේ සතුටක්මය. එය තැති ගැනීමක් නැත. කිම තෙපි තැති ගත්තාහුද?

එවං සො ඉමාය ගාථාය තෙසං ධම‍්මං දෙසෙසි. තෙ තස‍්ස ධම‍්මකථං සුත්‍වා පසන‍්නචිත‍්තා “ධම‍්මිකො එස, න සක‍්කා මාරෙතුං, විස‍්සජ‍්ජෙම න”න‍්ති වත්‍වා සුකපොතකං විස‍්සජ‍්ජෙත්‍වා ‘අම‍්භො සුකපොතක, මුත‍්තොසි, අම‍්හාකං හත්‍ථතො සොත්‍ථිනා ගච‍්ඡා”ති ආහංසු. “මය‍්හං ආගමනං මා තුච‍්ඡං කරොථ, දෙථ මෙ එකං අම‍්බඵල”න‍්ති. “සුකපොතක, තුය‍්හං එකං අම‍්බඵලං දාතුං නාම න භාරො, ඉමස‍්මිං පන රුක‍්ඛෙ අම‍්බානි අඞ‍්කෙත්‍වා ගහිතානි, එකස‍්මිං ඵලෙ අසමෙන‍්තෙ අම‍්හාකං ජීවිතං නත්‍ථි. වෙස‍්සවණෙන හි කුජ‍්ඣිත්‍වා සකිං ඔලොකිතෙ තත‍්තකපාලෙ පක‍්ඛිත‍්තතිලා විය කුම‍්භණ‍්ඩසහස‍්සං භිජ‍්ජිත්‍වා විප‍්පකිරීයති, තෙන තෙ දාතුං න සක‍්කොම, ලභනට‍්ඨානං පන ආචික‍්ඛිස‍්සාමා”ති. “යො කොචි දෙතු, ඵලෙනෙව මෙ අත්‍ථො, ලභනට‍්ඨානං ආචික‍්ඛථා”ති. “එතස‍්ස කඤ‍්චනපබ‍්බතස‍්ස අන‍්තරෙ ජොතිරසො නාම තාපසො අග‍්ගිං ජුහමානො කඤ‍්චනපත‍්තියා නාම පණ‍්ණසාලායං වසති වෙස‍්සවණස‍්ස කුලූපකො, වෙස‍්සවණො තස‍්ස නිබද‍්ධං චත‍්තාරි අම‍්බඵලානි පෙසෙති, තස‍්ස සන‍්තිකං ගච‍්ඡා”ති.

මෙසේ හෙතෙම මේ ගාථාවෙන් ඔවුන්ට ධර්මදේශනා කළේය. ඔවුහු ගිරවාගේ බණ අසා පැහැදුනු සිත් ඇතිව, මොහු දැහැමි සත්ත්වයෙකි. මරන්නට නොහැකිය. මුදාහරින්නෙමුයි කියා ගිරා පෝතකයා මුදාහැර පින්වත් ගිරා පෝතකය, ඔබ අප අතින් මිදුනෙහිය. සැපසේ යන්නැයි කීවාහුය. මගේ පැමිණීම හිස් නොකරන්න. මට එක අඹ ගෙඩියක් දෙන්නැයි කීය. ගිරා පෝතකය! තොපට එක් අඹ ගෙඩියක් දෙන එක නම් බරක් නොවේ. නමුත් මේ ගසේ අඹ ලකුණු යොදා රැක ගන්නා ලදහ. එක් ගෙඩියක් හෝ අඩු වූ විට අපේ ජීවිතය නැත. වෙස්සවන මහ රජු කිපී වරක් බැලූ විට රත්වූ කබලෙහි දමන ලද තල මෙන් කුම්භාණ්ඩයෝ දහස බිඳී විසිරී යයි. ඒ නිසා නුඹට අඹ දෙන්නනට නොහැක්කෙමු. ලබාගන්නා තැනක් කියන්නෙමුයි කීහ. යම්කිසි ගෙඩියක් දෙන්න. මට අඹගෙඩියකින් ප්‍රයෝජනයක් ඇත්තේමය. ලබන්නට පුළුවන් තැනක් කියන්නැයි කීය. මේ රන් පර්වතය අතරෙහි ජෝතිරස නම් තාපසයෙක් ගිනි පුදමින් ‘කඤ්චන පත්ති’ නම් පන්සලෙහි වාසය කරයි. වෛශ්‍රණයාට හිතවත්ය. වෙසමුණි රජ ඒ තාපසයාට නිරතුරුව අඹ ගෙඩි හතරක් යවයි. ඔහු ළගට යන්නැයි කීහ.

සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තාපසස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි. අථ නං තාපසො “කුතො ආගතොසී”ති පුච‍්ඡි. “බාරාණසිරඤ‍්ඤො සන‍්තිකා”ති. “කිමත්‍ථාය ආගතොසී”ති? “සාමි, අම‍්හාකං රඤ‍්ඤො දෙවියා අබ‍්භන‍්තරඅම‍්බපක‍්කෙ දොහළො උප‍්පන‍්නො, තදත්‍ථං ආගතොම‍්හි, රක‍්ඛසා පන මෙ සයං අම‍්බපක‍්කං අදත්‍වා තුම‍්හාකං සන‍්තිකං පෙසෙසු”න‍්ති. “තෙන හි නිසීද, ලභිස‍්සසී”ති. අථස‍්ස වෙස‍්සවණො චත‍්තාරි ඵලානි පෙසෙසි. තාපසො තතො ද‍්වෙ පරිභුඤ‍්ජි, එකං සුවපොතකස‍්ස ඛාදනත්‍ථාය අදාසි. තෙන තස‍්මිං ඛාදිතෙ එකං ඵලං සික‍්කාය පක‍්ඛිපිත්‍වා සුවපොතකස‍්ස ගීවාය පටිමුඤ‍්චිත්‍වා “ඉදානි ගච‍්ඡා”ති සුකපොතකං විස‍්සජ‍්ජෙසි . සො තං ආහරිත්‍වා දෙවියා අදාසි. සා තං ඛාදිත්‍වා දොහළං පටිප‍්පස‍්සම‍්භෙසි, තතොනිදානං පනස‍්සා පුත‍්තො නාහොසි.

ඔහු යහපතැයි පිළිගෙන තාපසයා ළගට ගොස් වැඳ එකත්පසෙක හිඳගත්තේය. ඉක්බිති ඔහුට තාපසයා කොහි සිට ආවෙහිදැයි විචාළේය. බරණැස් රජුගේ සමීපයේ සිට යයි කීය. කුමක් සඳහා ආවෙහිදැයි ඇසීය. ස්වාමීනි! අපගේ රජතුමාගේ දේවියට අභ්‍යන්තර අඹ කෑමට දොළදුකක් උපන්නේය. ඒ සදහා අඹ සොයා ආවෙමි. රකුසෝ තමන් අඹඵල නොදී නුඹවහන්සේ ළගට එවූහයි කීවේය. එසේනම් ඉඳගන්න. ලබන්නෙහි යයි කීය. එවිට ඔහුට වෙසමුණි රජතුමා අඹගෙඩි හතරක් එවීය. තාපසයා එයින් අඹගෙඩි දෙකක් අනුභව කළේය. එකක් ගිරා පෝතකයාට කෑමට දුන්නේය. ගිරවා විසින් එය අනුභව කළ විට එක් අඹයක් පසුම්බියක දමා ගිරවාගේ බෙල්ලෙහි බැඳ දැන් යන්නැයි කියා ගිරා පෝතකයා මුදා හළේය. ගිරවා එය ගෙන ගොස් දේවියට දුන්නේය. දේවිය එය අනුභව කොට සොළ සංසිඳුවා ගත්තාය. ඒ හේතුවෙන් ඇයට පුතෙක් නොලැබුනේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා දෙවී රාහුලමාතා අහොසි, සුකො ආනන්‍දො, අම‍්බපක‍්කදායකො තාපසො සාරිපුත‍්තො, උය්‍යානෙ නිවුත්‍ථතාපසො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල දේවිය රාහුල මාතාව වූවාය. ගිරවා ආනන්දය. අඹගෙඩිය දුන් තාපසයා සැරියුත්ය. උයනෙහි විසූ තාපසයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

අබ‍්භන‍්තරජාතකවණ‍්ණනා පඨමා.