2. සෙය්යජාතකවණ්ණනා 282 අට්ඨකථා
2. සෙය්යජාතකවණ්ණනා (282)
2. සෙය්‍යංස ජාතකය (282)
සෙය්‍යංසො සෙය්‍යසො හොතීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං කොසලරඤ්ඤො අමච්චං ආරබ්භ කථෙසි. සො කිර රඤ්ඤො බහූපකාරො සබ්බකිච්චනිප්ඵාදකො අහොසි. රාජා “බහූපකාරො මෙ අය”න්ති තස්ස මහන්තං යසං අදාසි. තං අසහමානා අඤ්ඤෙ රඤ්ඤො පෙසුඤ්ඤං උපසංහරිත්වා තං පරිභින්දිංසු. රාජා තෙසං වචනං සද්දහිත්වා දොසං අනුපපරික්ඛිත්වාව තං සීලවන්තං නිද්දොසං සඞ්ඛලිකබන්ධනෙන බන්ධාපෙත්වා බන්ධනාගාරෙ පක්ඛිපාපෙසි. සො තත්ථ එකකො වසන්තො සීලසම්පත්තිං නිස්සාය චිත්තෙකග්ගතං ලභිත්වා එකග්ගචිත්තො සඞ්ඛාරෙ සම්මසිත්වා සොතාපත්තිඵලං පාපුණි. අථස්ස රාජා අපරභාගෙ නිද්දොසභාවං ඤත්වා සඞ්ඛලිකබන්ධනං භින්දාපෙත්වා පුරිමයසතො මහන්තතරං යසං අදාසි. සො “සත්ථාරං වන්දිස්සාමී”ති බහූනි මාලාගන්ධාදීනි ආදාය විහාරං ගන්ත්වා තථාගතං පූජෙත්වා වන්දිත්වා එකමන්තං නිසීදි. සත්ථා තෙන සද්ධිං පටිසන්ථාරං කරොන්තො “අනත්ථො කිර තෙ උප්පන්නොති අස්සුම්හා”ති ආහ. “ආම, භන්තෙ, උප්පන්නො, අහං පන තෙන අනත්ථෙන අත්ථං අකාසිං, බන්ධනාගාරෙ නිසීදිත්වා සොතාපත්තිඵලං නිබ්බත්තෙසි”න්ති. සත්ථා “න ඛො, උපාසක, ත්වඤ්ඤෙව අනත්ථෙන අත්ථං ආහරි, පොරාණකපණ්ඩිතාපි අත්තනො අනත්ථෙන අත්ථං ආහරිං සුයෙවා”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
සෙය්‍යංසො සෙය්‍යසො හොති යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් කොසොල් රජුගේ එක් ඇමතියකු අරබයා දේශනා කළ සේක. ඒ ඇමතියා වනාහි රජතුමාට බොහෝ උපකාර ඇත්තේ සියලු කටයුතු සිදුකරන්නා විය. රජතුමා මොහු මට බොහෝ උපකාර ඇති කෙනෙකැයි සිතා ඔහුට බොහෝ සම්පත් දුන්නේය. එය නොඉවසන අන් අය රජතුමාට කේළාම් ගොතා කියා ඔහු භේද කළේය. රජතුමා ඔවුන්ගේ වචන පිළිගෙන දෝෂය පරීක්ෂාකොට නොබලාම ඒ සිල්වත් නිදොස් ඇමතියා හැකිලි (මාංචු) බැම්මෙන් බැඳ හිරගෙයි දැම්මවීය. ඔහු එහි හුදකලාව වසමින් සීල සමාපත්තිය නිසා සිතේ එකඟතාවය ලබා එකඟ වූ සිත් ඇතිව සංස්කාර ධර්මයන් විමසා බලා සෝවාන් ඵලයට පැමිණියේය. ඉක්බිති රජතුමා පසුකලෙක මොහුගේ නිදොස් බව දැනගෙන හැකිලී බන්ධනය මුදාහැර පෙර යසසටත් වඩා වැඩි කීර්තියක් දුන්නේය. ඔහු බුදුරජාණන් වහන්සේ වඳින්නෙමියි බොහෝ සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගොස් බුදුරජාණන් වහන්සේට පුදා වැඳ එකත්පසෙක හුන්නේය. බුදුරජාණන් වහන්සේ ඔහු සමග පිළිසදර කථා කරමින් ඔබට අයහපතක් ඇති වූයේයයි ඇසුවෙමුයි වදාළහ. එසේය ස්වාමීනි! ඇති වූයේය. මම වනාහි ඒ අනර්ථයෙන් අර්ථයක් කළෙමි. හිරගෙයි හිඳගෙන සෝවාන් ඵලය උපදවා ගත්තෙමියි කීය. බුදුරජාණන් වහන්සේ, උපාසකය! අනර්ථයෙන් අර්ථයක් ගෙන එන ලද්දේ නුඹ පමණක් නොවේ. පැරණි නුවණ ඇත්තෝද තමන්ට වූ අනර්ථයෙන් අර්ථයක් ගෙනාවාහුයයි වදාරා ඔහු විසින් අයදින ලදුව අතීත කථාව ගෙනහැර දැක්වූ සේක
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො තස්ස අග්ගමහෙසියා කුච්ඡිම්හි නිබ්බත්තිත්වා වයප්පත්තො තක්කසිලායං සබ්බසිප්පානි උග්ගණ්හිත්වා පිතු අච්චයෙන රජ්ජෙ පතිට්ඨාය දස රාජධම්මෙ අකොපෙත්වා දානං දෙති, පඤ්ච සීලානි රක්ඛති , උපොසථකම්මං කරොති. අථස්සෙකො අමච්චො අන්තෙපුරෙ පදුස්සි. පාදමූලිකාදයො ඤත්වා “අසුකඅමච්චො අන්තෙපුරෙ පදුට්ඨො”ති රඤ්ඤො ආරොචෙසුං. රාජා පරිග්ගණ්හන්තො යථාසභාවතො ඤත්වා පක්කොසාපෙත්වා “මා මං ඉතො පට්ඨාය උපට්ඨාහී”ති නිබ්බිසයං අකාසි. සො ගන්ත්වා අඤ්ඤතරං සාමන්තරාජානං උපට්ඨහීති සබ්බං වත්ථු හෙට්ඨා මහාසීලවජාතකෙ (ජා· 1.1.51) කථිතසදිසමෙව. ඉධාපි සො රාජා තික්ඛත්තුං වීමංසිත්වා තස්ස අමච්චස්ස වචනං සද්දහිත්වා “බාරාණසිරජ්ජං ගණ්හිස්සාමී”ති මහන්තෙන පරිවාරෙන රජ්ජසීමං පාපුණි. බාරාණසිරඤ්ඤො සත්තසතමත්තා මහායොධා තං පවත්තිං සුත්වා “දෙව, අසුකො නාම කිර රාජා බාරාණසිරජ්ජං ගණ්හිස්සාමී’ති ජනපදං භින්දන්තො ආගච්ඡති, එත්ථෙව නං ගන්ත්වා ගණ්හිස්සාමා”ති ආහංසු. “මය්හං පරවිහිංසාය ලද්ධෙන රජ්ජෙන කිච්චං නත්ථි, මා කිඤ්චි කරිත්ථා”ති?
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරද්දී බෝසතාණන් වහන්සේ ඔහුගේ අග මෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගෙන ඉපදී වැඩිවියට පත්ව තක්සලා නුවරින් ශිල්ප උගෙන පියාගේ ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටා දසරාජ ධර්මය නොකෙළසා දන් දෙයි. සිල් රකියි. පෙහෙවස් රකියි. ඉක්බිති ඔහුගේ එක් ඇමතියෙක් අන්තඃපුරය කෙළෙසුවේය. සේවක ආදීහු දැක අසවල් ඇමතියා අන්ත පුරය දූෂ්‍ය කරන ලදැයි රජුට සැලකළාහුය. රජතුමා විමසීමට ලක්කරවා යථා ස්වභාවය දැන ඔහු කැඳවා මෙතැන් පටන් මට සේවය නොකරවයි නෙරපා හැරියේය. ඔහු ගොස් එක්තරා අසල්වැසි රජකෙනෙකුට සේවය කරයි. සියලු කථා වස්තුව යට (මුලදී) මහාසීලව ජාතකයෙහි කියන ලද පරිද්දෙනි. මෙහිද ඒ රජතුමා තුන්වරක් විමසා ඒ ඇමතියාගේ වචනය අදහා බරණැස් රාජ්‍යය ගන්නෙමියි මහ පිරිවරින් රාජ්‍ය සීමාවට පැමිණියේය. බරණැස් රජතුමාගේ පන්සියයක් පමණ මහ යෝධයෝ ඒ පුවත අසා දේවයන් වහන්ස! අසවල් රජතුමා බරණැස් රාජ්‍යය අල්ලා ගත්තෙමියි කියා ජනපද බිඳිමින් එයි. මෙහිම ගොස් ඔහු අල්ලා ගන්නෙමුයි කීවාහුය. අනුන්ට හිංසාකොට ලබන ලද රාජ්‍යයෙන් මට කාරියක් නැත. කිසිවක් නොකරවයි කීවේය.
චොරරාජා ආගන්ත්වා නගරං පරික්ඛිපි, පුන අමච්චා රාජානං උපසඞ්කමිත්වා “දෙව, මා එවං කරිත්ථ, ගණ්හිස්සාම න”න්ති ආහංසු. රාජා “න ලබ්භා කිඤ්චි කාතුං, නගරද්වාරානි විවරථා”ති වත්වා සයං අමච්චගණපරිවුතො මහාතලෙ රාජපල්ලඞ්කෙ නිසීදි. චොරරාජා චතූසු ද්වාරෙසු මනුස්සෙ පොථෙන්තො නගරං පවිසිත්වා පාසාදං අභිරුය්හ අමච්චපරිවුතං රාජානං ගාහාපෙත්වා සඞ්ඛලිකාහි බන්ධාපෙත්වා බන්ධනාගාරෙ පක්ඛිපාපෙසි. රාජා බන්ධනාගාරෙ නිසින්නොව චොරරාජානං මෙත්තායන්තො මෙත්තජ්ඣානං උප්පාදෙසි. තස්ස මෙත්තානුභාවෙන චොරරඤ්ඤො කායෙ ඩාහො උප්පජ්ජි, සකලසරීරං යමකඋක්කාහි ඣාපියමානං විය ජාතං. සො මහාදුක්ඛාභිතුන්නො “කිං නු ඛො කාරණ”න්ති පුච්ඡි. “තුම්හෙ සීලවන්තං රාජානං බන්ධනාගාරෙ පක්ඛිපෙථ, තෙන වො ඉදං දුක්ඛං උප්පන්නං භවිස්සතී”ති. සො ගන්ත්වා බොධිසත්තං ඛමාපෙත්වා “තුම්හාකං රජ්ජං තුම්හාකමෙව හොතූ”ති රජ්ජං තස්සෙව නිය්යාදෙත්වා “ඉතො පට්ඨාය තුම්හාකං පච්චත්ථිකො මෙ භාරො හොතූ”ති වත්වා පදුට්ඨාමච්චස්ස රාජාණං කාරෙත්වා අත්තනො නගරමෙව ගතො.
සොර රජු ඇවිත් නගරය වට කළේය. නැවත ඇමතිවරු රජු වෙත ගොස් දේවයන් වහන්ස, මෙසේ නොකරනු මැනවි. ඔහුව අල්ලා ගනිමියි කීවාහුය. රජතුමා කිසිවක් කරන්නට (මගෙන් අවසර) නොලැබෙයි. නගරයේ දොරටු ඇර දමන්නැයි කියා තෙමේ ඇමතියන් පිරිවරා උඩුමහල් තලයේ ආසනයේ හිඳගත්තේය. සොර රජතුමා දොරටු සතරෙහි මිනිස්සු බිම හෙළමින් නුවරට පිවිස ප්‍රාසාදයට නැග ඇමතිවරුන් පිරිවරා සිටි රජතුමා අල්ලාගෙන මාංචුවලින් බැඳ හිරගෙයි තැබීය. රජතුමා බන්ධනාගාරයේ සිටිමින්ම සොර රජුට මෛත්‍රි වඩමින් මෛත්‍රී ධ්‍යානය ඉපදවීය. ඔහුගේ මෛත්‍රී බලයෙන් සොර රජුගේ ඇඟෙහි දැවිල්ලක් උපන්නේය. මුළු ශරීරයම විලක්කු දෙකකින් පුච්චන්නාක් මෙන් විය. හෙතෙම මහා දුකකින් මඩනා ලද්දේ කුමන කාරණයක් නිසාදැයි විචාළේය. නුඹ වහන්සේ සිල්වත් රජු බන්ධනාගාරයෙහි දැම්මෙව්හුය. ඒ නිසා ඔබ වහන්සේට මේ දුක උපදින්නට ඇතැයි කීහ. ඔහු ගොස් බෝසතාණන් සමා කරවාගෙන නුඹ වහන්සේගේ රාජ්‍යය නුඹවහන්සේටම වේවායි රාජ්‍යය ඔහුටම පවරා දී මෙතැන් පටන් නුඹ වහන්සේගේ සතුරා මට බාරයයි කියා දුෂ්ඨ ඇමතියාට රජ අණ කර (මරා) තමන්ගේ නගරයටම ගියේය.
බොධිසත්තො අලඞ්කතමහාතලෙ සමුස්සිතසෙතච්ඡත්තෙ රාජපල්ලඞ්කෙ නිසින්නො අමච්චෙහි සද්ධිං සල්ලපන්තො පුරිමා ද්වෙගාථා අවොච –
බෝසතාණන් වහන්සේ සරසන ලද උඩුමහලේ එසවූ සේසත යට අසුනෙහි හිඳිමින් පිරිවරාගෙන සිටි ඇමතියන් සමග කථා කරමින්,
“සෙය්‍යංසො සෙය්‍යසො හොති, යො සෙය්යමුපසෙවති; එකෙන සන්ධිං කත්වාන, සතං වජ්ඣෙ අමොචයිං.
සෙය්‍යංසො සෙය්‍යසො හොති යො සෙය්යමුපසෙවති, වකෙන සන්ධිං කත්වාන සතං වජ්ඣෙ අමොචයිං
“තස්මා සබ්බෙන ලොකෙන, සන්ධිං කත්වාන එකතො; පෙච්ච සග්ගං නිගච්ඡෙය්ය, ඉදං සුණාථ කාසියා”ති.
තස්මා සබ්බේන ලෝකෙන සන්ධිං කත්වාන එකකො, පෙච්ච සග්ගං නිගචේචය්ය ඉදං සුණො කාසයො
යන පළමු ගාථා දෙක කීහ.
ගුණ දැහැමින් හෙබියා වූ පුද්ගලයෙක් එවැනි ගුණ දහමට ආසා ඇති පුද්ගලයෙකු ඇසුරු කෙරේද, (එහෙයින්) හෙතෙම පැසසුම් ලබන්නේ හෝ උතුම් වන්නේ හෝ වෙයි. එකකු සමග මෙත් වඩා මරණයට කැපවූ සියයක් පමණ එයින් මිදුවෙමි.
සියලු ලෝවැසියන් සමග එක්ව (මෙත් වඩා) කවර හෙයින් පරලොව සුගති (සර්ග) ගාමි නොවන්නේද? කසීට වැසියෙනි! මෙය අසව්.
තත්ථ සෙය්‍යංසො සෙය්‍යසො හොති, යො සෙය්යමුපසෙවතීති අනවජ්ජඋත්තමධම්මසඞ්ඛාතො සෙය්යො අංසො කොට්ඨාසො අස්සාති සෙය්‍යංසො, කුසලධම්මනිස්සිතපුග්ගලො. යො පුනප්පුනං තං සෙය්යං කුසලධම්මභාවනං කුසලාභිරතං වා උත්තමපුග්ගලමුපසෙවති, සො සෙය්‍යසො හොති පාසංසතරො චෙව උත්තරිතරො ච හොති. එකෙන සන්ධිං කත්වාන, සතං වජ්ඣෙ අමොචයින්ති තදමිනාපි චෙතං වෙදිතබ්බං – අහඤ්හි සෙය්යං මෙත්තාභාවනං උපසෙවන්තො තාය මෙත්තාභාවනාය එකෙන චොරරඤ්ඤා සන්ධිං සන්ථවං කත්වා මෙත්තාභාවනං භාවෙත්වා තුම්හෙ සතජනෙ වජ්ඣෙ අමොචයිං.
එහි, සෙය්‍යංසො සෙය්‍යසො හොති යො සෙය්‍ය මුපසෙවති යනු නිවැරදි උතුම් ධර්ම නමැති ශ්‍රේෂ්ඨ වූ අංශය කොටස ඇත්තේය යන අර්ථයෙන් ‘සෙය්‍යසො’ නම් වේ. එනම් කුසල ධර්මයෙන් යුක්ත වූ පුද්ගලයාය. යමෙක් නැවත නැවතත් ඒ උතුම් කුසල ධර්ම භාවනාව ඇති හෝ කුසල ධර්මයෙහි ඇලුණු හෝ උතුම් පුද්ගලයෙකු ඇසුරු කරයිද ඔහු ‘නිසෙය්යසො’ නම් වෙයි. වඩා පැසසිය යුතු මෙන්ම වඩා උතුම් ද වන්නේය. ඒකෙන සන්ධිං කත්වාන සතං වජ්ඣෙ අමොචයිං යන මෙයින් මේ කාරණය දතයුතුය. මම වනාහි උතුම් මෛත්‍රි භාවනාව ආශ්‍රය කරමින් (වඩමින්) ඒ මෛත්‍රී භාවනාවෙන් එක් සොර රජකු සමග ආශ්‍රයකොට මෛත්‍රී භාවනාව වඩා සියයක් පමණ වූ තොප මරණයෙන් මුදවා ගතිමි.
දුතියගාථාය අත්ථො – යස්මා අහං එකෙන සද්ධිං එකතො මෙත්තාභාවනාය සන්ධිං කත්වා තුම්හෙ වජ්ඣප්පත්තෙ සතජනෙ මොචයිං, තස්මා වෙදිතබ්බමෙවෙතං, තස්මා සබ්බෙන ලොකෙන සද්ධිං මෙත්තාභාවනාය සන්ධිං කත්වා එකතො පුග්ගලො පෙච්ච පරලොකෙ සග්ගං නිගච්ඡෙය්ය. මෙත්තාය හි උපචාරං කාමාවචරෙ පටිසන්ධිං දෙති, අප්පනා බ්රහ්මලොකෙ. ඉදං මම වචනං සබ්බෙපි තුම්හෙ කාසිරට්ඨවාසිනො සුණාථාති.
දෙවන ගාථාවෙහි අර්ථය :- යම් හෙයකින් මම එකෙකු සමග තනිව මෛත්‍රී භාවනාවෙන් බැඳී මරණයට පැමිණි සියයක් පමණ වූ ඔබලා මුදාගන්නෙම්ද, ඒ නිසා මෙය දත යුතුමයි. ඒ නිසා සියලු ලෝකයා සමග මෛත්‍රී භාවනාවෙන් බැඳී තනි පුද්ගලයෙක් පරලොවදී ස්වර්ගයට යන්නේය. මෛත්‍රී භාවනාවෙහි උපචාර කර්මය කාමාවචර ලෝකවල උත්පත්තිය දෙයි. ධ්‍යානයෙන්, බඹලොව උපදියි. මේ මගේ වචනය කසීරටවාසී ඔබ සියලුදෙනාම අසව් යනුයි.
එවං මහාසත්තො මහාජනස්ස මෙත්තාභාවනාය ගුණං වණ්ණෙත්වා ද්වාදසයොජනිකෙ බාරාණසිනගරෙ සෙතච්ඡත්තං පහාය හිමවන්තං පවිසිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජි. සත්ථා සම්මාසම්බුද්ධො හුත්වා තතියං ගාථමාහ –
මෙසේ මහා සත්ත්වයන් වහන්සේ මහජනයාට මෛත්‍රී භාවනාවෙහි ගුණය හෙවත් අගය වර්ණනාකොට දොළොස් යොදුනක් පමණ වූ බරණැස් නගරයේ, සේසත (රාජ්‍යය) හැරදමා හිමාල වනයට පිවිස තාපස පැවිද්දෙන් පැවිදි විය. බුදුරජානන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව,
“ඉදං වත්වා මහාරාජා, කංසො බාරාණසිග්ගහො; ධනුං කණ්ඩඤ්ච නික්ඛිප්ප, සංයමං අජ්ඣුපාගමී”ති.
ඉදං වත්වා මාහ රාජා කංසො බාරාණසිග්ගහො, ධනුං තූනිඤ්ච නික්ඛිප්ප සඤ්ඤමං අජක්ධුපාගමි
යන තුන්වන ගාථාව වදාළ සේක.
බරණැස් නගරයේ වෙසෙන කංස නමැති මහරජ තෙමේ මෙවදන් කියා දුන්න හා හීයවුරු (ඊතල බඳුන්) හැරපියා සීල සංයමයට පැමිණියේය.
තත්ථ මහන්තො රාජාති මහාරාජා. කංසොති තස්ස නාමං. බාරාණසිං ගහෙත්වා අජ්ඣාවසනතො බාරාණසිග්ගහො. සො රාජා ඉදං වචනං වත්වා ධනුඤ්ච සරසඞ්ඛාතං කණ්ඩඤ්ච නික්ඛිප්ප ඔහාය ඡඩ්ඩෙත්වා සීලසංයමං උපගතො පබ්බජිතො, පබ්බජිත්වා ච පන ඣානං උප්පාදෙත්වා අපරිහීනජ්ඣානො බ්රහ්මලොකෙ උප්පන්නොති.
එහි මහත් වූ රජ මහාරාජා. කංසො යනු ඔහුගේ නමය. බරණැස ගෙන වාසය කිරීමෙන් බාරණසිග්ගහො. ඒ රජතුමා ඉදං මේ වචනය. වත්වා ධනුඤ්ච තූණිඤ්ච නික්ඛිප්ප කියා දුන්නත් ඊතල දමන පසුම්බියක් (හීයවුර) හැරදමා සීල සංවරයට පැමිණ පැවිදි වූයේය. පැවිදිව ධ්‍යාන උපදවා නොපිරිහුණු ධ්‍යාන ඇතිව බඹලොව උපන්නේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා චොරරාජා ආනන්දො අහොසි, බාරාණසිරාජා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල සොර රජතුමා ආනන්දය. බරණැස් රජතුමා මම ම වූයෙමි යි වදාළ සේක.
සෙය්යජාතකවණ්ණනා දුතියා.