යෙදුමෙන් කියවන්න

3. වඩ‍්ඪකීසූකරජාතකවණ‍්ණනා 283 අට‍්ඨකථා

3. වඩ‍්ඪකීසූකරජාතකවණ‍්ණනා (283)

3. වඩ්ඪකීසූකර ජාතකය (283)

වරං වරං ත්‍වන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ධනුග‍්ගහතිස‍්සත්‍ථෙරං ආරබ‍්භ කථෙසි. පසෙනදිරඤ‍්ඤො පිතා මහාකොසලො බිම‍්බිසාරරඤ‍්ඤො ධීතරං වෙදෙහිං නාම කොසලදෙවිං දදමානො තස‍්සා න‍්හානචුණ‍්ණමූලං සතසහස‍්සුට‍්ඨානං කාසිගාමං අදාසි. අජාතසත‍්තුනා පන පිතරි මාරිතෙ කොසලදෙවීපි සොකාභිභූතා කාලමකාසි. තතො පසෙනදි කොසලරාජා චින‍්තෙසි – “අජාතසත‍්තුනා පිතා මාරිතො, භගිනීපි මෙ සාමිකෙ කාලකතෙ තෙන සොකෙන කාලකතා, පිතුඝාතකස‍්ස චොරස‍්ස කාසිගාමං න දස‍්සාමී”ති. සො තං අජාතසත‍්තුස‍්ස න අදාසි. තං ගාමං නිස‍්සාය තෙසං ද‍්වින‍්නම‍්පි කාලෙන කාලං යුද‍්ධං හොති, අජාතසත‍්තු තරුණො සමත්‍ථො, පසෙනදි මහල‍්ලකොයෙව. සො අභික‍්ඛණං පරජ‍්ජති, මහාකොසලස‍්සාපි මනුස‍්සා යෙභුය්‍යෙන පරාජිතා. අථ රාජා “මයං අභිණ‍්හං පරජ‍්ජාම, කිං නු ඛො කාතබ‍්බ”න‍්ති අමච‍්චෙ පුච‍්ඡි. “දෙව, අය්‍යා නාම මන‍්තච‍්ඡෙකා හොන‍්ති, ජෙතවනවිහාරෙ භික‍්ඛූනං කථං සොතුං වට‍්ටතී”ති. රාජා “තෙන හි තායං වෙලායං භික‍්ඛූනං කථාසල‍්ලාපං සුණාථා”ති චරපුරිසෙ ආණාපෙසි. තෙ තතො පට‍්ඨාය තථා අකංසු.

වරං වරං ත්‍වං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් ධනුග්ගහතිස්ස තෙරුන් වහන්සේ අරබයා වදාළ සේක. පසේනදී රජුගේ පියා මහකොසොල් රජතුමා දුව වූ කොසොල් දේවිය බිම්බිසාර රජුට පාවා දෙමින් ඇයට නාන විට ඇඟ තවරන සුවඳ සුණු ආදී වියදම් සඳහා ලක්‍ෂයක් ආදායම් ලැබෙන කාසි ගමක් දුන්නේය. අජාසත් රජු විසින් පියා මැරවූ කල්හි, කෝසල දේවියද සෝකයෙන් මඩනා ලදුව කලුරිය කළාය. ඉක්බිති පසේනදී රජතුමා “අජාසත් රජතුමා විසින් පියා මැරවූ කල්හි මගේ නැගණියද සැමියා මියගිය සෝකයෙන් කලුරිය කළාය. පීතෘඝාතක සොරාට කාසිගම නොදෙන්නෙමි” යි සිතුවේය. හෙතෙම එය අජාසත් රජුට නුදුන්නේය. ඒ ගම නිසා ඔවුන් දෙදෙනා අතර කලින් කලට යුද ඇතිවෙයි. අජාසත් තරුණය. නසමර්ථයෙකි. පසේනදී රජ මහලුය. හෙතෙම නිතර පැරදෙයි. මහකොසොල් රජුගේ මිනිස්සුද බොහෝසෙයින් පැරදුනාහු වෙති. ඉක්බිති රජතුමා අපි නිතර පරදිමු. කුමක් කළයුතුදැයි ඇමතියන්ගෙන් විචාළේය. දේවයන් වහන්ස, භික්‍ෂූන් වහන්සේ නම් මන්ත්‍රණයෙහි (කතාවෙහි) දක්ෂ වෙත්. දෙව්රම් වෙහෙරෙහි භික්‍ෂූන් වහන්සේලාගේ කථා ඇසීම සුදුසුයයි කීහ. රජතුමා, එසේනම් ඒ ඒ වේලාවෙහි භික්‍ෂූන් වහන්සේලාගේ කථාබස් අසව් යයි චර පුරුෂයන්ට අණ කළේය. ඔවුහු එතැන් පටන් එසේ කළහ.

තස‍්මිං පන කාලෙ ද‍්වෙ මහල‍්ලකත්‍ථෙරා විහාරපච‍්චන‍්තෙ පණ‍්ණසාලායං වසන‍්ති දත‍්තත්‍ථෙරො ච ධනුග‍්ගහතිස‍්සත්‍ථෙරො ච. තෙසු ධනුග‍්ගහතිස‍්සත්‍ථෙරො පඨමයාමෙපි මජ‍්ඣිමයාමෙපි නිද‍්දායිත්‍වා පච‍්ඡිමයාමෙ පබුජ‍්ඣිත්‍වා උම‍්මුක‍්කානි සොධෙත්‍වා අග‍්ගිං ජාලෙත්‍වා නිසින‍්නකො ආහ – “භන‍්තෙ, දත‍්තත්‍ථෙරා”ති. “කිං, භන‍්තෙ, තිස‍්සත්‍ථෙරා”ති? “කිං නිද‍්දායසි නො ත්‍ව”න‍්ති. “අනිද‍්දායන‍්තා කිං කරිස‍්සාමා”ති? “උට‍්ඨාය තාව නිසීදථා”ති. සො උට‍්ඨාය නිසින‍්නො තං දත‍්තත්‍ථෙරං ආහ – “භන‍්තෙ දත‍්තත්‍ථෙර, අයං තෙ ලොලො මහොදරකොසලො චාටිමත‍්තං භත‍්තමෙව පූතිං කරොති, යුද‍්ධවිචාරණං පන කිඤ‍්චි න ජානාති, පරාජිතො පරාජිතොත්‍වෙව වදාපෙතී”ති. “කිං පන කාතුං වට‍්ටතී”ති? තස‍්මිං ඛණෙ තෙ චරපුරිසා තෙසං කථං සුණන‍්තා අට‍්ඨංසු.

ඒ කාලයෙහි උත්තර තෙරුන් වහන්සේ හා ධනුග්ගතිස්ස තෙරුන් වහන්සේ යන මහලු තෙරුන් වහන්සේලා දෙනම විහාර කෙළවර පන්සලක වාසය කරති. උන්වහන්සේලා අතුරෙන් ධනුග්ගතිස්ස තෙරුන් වහන්සේ රාත්‍රී පළමු යාමයෙහිත් මධ්‍යම යාමයෙහිත් නිදාගෙන අළුයම පිබිදී දර පලා ගිනිදල්වා හුන්නේ ස්වාමීනි, උත්තර තෙරණුවනියි කීවේය. ස්වාමීනි, තිස්ස තෙරුණුවනි ඇයි? නුඹ වහන්සේ නිදා ගන්නෙහිද? නොනිදා කුමක් කරන්නෙමුද? නැගිට හිඳගන්නැයි කීය. උන්වහන්සේ නැගිට හිඳ ගත්විට උන්වහන්සේ උත්තර තෙරුන්ට කියන්නේ මේ ලොල් වූ මහ බඩක් ඇති කොසොල් රජතුමා හැලියක් පමණ බත් අනුභව කරයි. යුද උපායන් කිසිවක් නොදනී. පැරදුනෙමි, පැරදුනෙමියි කියවයි. කුමක් කිරීම සුදුසුදැයි (උත්තර තෙර) ඇසීය. ඒ අවස්ථාවෙහි ඒ චරපුරුෂයෝ ඔවුන්ගේ කථාව අසමින් සිටියහ.

ධනුග‍්ගහතිස‍්සත්‍ථෙරො යුද‍්ධං විචාරෙසි – “භන‍්තෙ, යුද‍්ධො නාම තිවිධො – පදුමබ්‍යූහො, චක‍්කබ්‍යූහො, සකටබ්‍යූහොති. අජාතසත‍්තුං ගණ‍්හිතුකාමෙන අසුකෙ නාම පබ‍්බතකුච‍්ඡිස‍්මිං ද‍්වීසු පබ‍්බතභිත‍්තීසු මනුස‍්සෙ ඨපෙත්‍වා පුරතො දුබ‍්බලබලං දස‍්සෙත්‍වා පබ‍්බතන‍්තරං පවිට‍්ඨභාවං ජානිත්‍වා පවිට‍්ඨමග‍්ගං ඔච‍්ඡින්‍දිත්‍වා පුරතො ච පච‍්ඡතො ච උභොසු පබ‍්බතභිත‍්තීසු වග‍්ගිත්‍වා උන‍්නදිත්‍වා ඛිපෙ පතිතමච‍්ඡං විය අන‍්තොමුට‍්ඨියං වට‍්ටපොතකං විය ච කත්‍වා සක‍්කා අස‍්ස තං ගහෙතු”න‍්ති. චරපුරිසා තං සාසනං රඤ‍්ඤො ආරොචෙසුං. තං සුත්‍වා රාජා සඞ‍්ගාමභෙරිං චරාපෙත්‍වා ගන‍්ත්‍වා සකටබ්‍යූහං කත්‍වා අජාතසත‍්තුං ජීවග‍්ගාහං ගාහාපෙත්‍වා අත‍්තනො ධීතරං වජිරකුමාරිං භාගිනෙය්‍යස‍්ස දත්‍වා කාසිගාමං තස‍්සා න‍්හානමූලං කත්‍වා දත්‍වා උය්‍යොජෙසි. සා පවත‍්ති භික‍්ඛුසඞ‍්ඝෙ පාකටා ජාතා. අථෙකදිවසං භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං – “ආවුසො, කොසලරාජා කිර ධනුග‍්ගහතිස‍්සත්‍ථෙරස‍්ස විචාරණාය අජාතසත‍්තුං ජිනී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි ධනුග‍්ගහතිස‍්සො යුද‍්ධවිචාරණාය ඡෙකොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

ධනුග්ගතිස්ස තෙරුන් වහන්සේ ‘ස්වාමීනි, ඔබවහන්සේ යුද්ධය ගැන විමසන්නෙහුය. යුද්ධයෙහි පදුම බ්‍යුහ (පද්මාකාරයෙන් භට පිරිස සිටින තැන) චක්‍ර බ්‍යුහ (චක්‍රාකාරයෙන් භට පිරිස සිටින තැන) සකට බ්‍යුහ (කරත්තයක් ආකාර භට පිරිස සිටින තැන) යනුවෙන් බ්‍යුහ (සිටින තැන්) තුනක් ඇත. අජාසත් රජු අල්ලාගනු කැමැත්තෙකු විසින් අසවල් නම් පර්වත කුහරය තුළ පර්වත බිත්ති දෙක අතරෙහි මිනිසුන් තබා ඉදිරියෙහි දුර්වල බලයක් පෙන්වා පර්වතය අතරට පිවිසි බව දැන පිවිසි මග අහුරා ඉදිරියෙන්ද පසුපසින් ද පර්වත බිත්ති අතරින්ද පැන මහත් නාද පවත්වා කෙමනට අසු වූ මසකු මෙන්ද මිටට අසු වූ ගෙම්බකු මෙන් කොට ඔහු (අජාසත්) අල්ලාගත හැකියයි කීය. චර පුරුෂයෝ ඒ කීම රජතුමාට දැන්වූහ. ඒ අසා රජතුමා යුද බෙරය ගස්වා ගොස් සකට බ්‍යුහය ක්‍රියාත්මක කොට අජාසත් රජු පණපිටින් අල්වාගෙන තමන්ගේ දූ වූ වජිර කුමරිය බෑණාට පාවා දී කාසිගම ඇගේ නෑමට යන වියදම් සඳහා පවරා දී පිටත්කර හැරියේය. ඒ පුවත භික්‍ෂු සංඝයා අතර ප්‍රකට විය. ඉක්බිති එක්දිනක් භික්‍ෂූහු දම්සභාවෙහිදී ඇවැත්නි, කොසොල් රජතුමා ධනුග්ගහ තිස්ස තෙරුන් වහන්සේගේ යුද විස්තරයට අනුව ක්‍රියාකොට අජාසත්තව පැරදුවේයයි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි, මෙහි කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කීකල්හි මහණෙනි, දැන් පමණක් නොව පෙරත් ධනුග්ගහතිස්ස තෙරුන් වහන්සේ යුද විචාරණයෙහි දක්‍ෂයෙක්ව සිටියේයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො අරඤ‍්ඤෙ රුක‍්ඛදෙවතා හුත්‍වා නිබ‍්බත‍්ති . තදා බාරාණසිං නිස‍්සාය නිවුත්‍ථවඩ‍්ඪකිගාමකා එකො වඩ‍්ඪකී ථම‍්භත්‍ථාය අරඤ‍්ඤං ගන‍්ත්‍වා ආවාටෙ පතිතං සූකරපොතකං දිස‍්වා තං ඝරං නෙත්‍වා පටිජග‍්ගි. සො වුඩ‍්ඪිප‍්පත‍්තො මහාසරීරො වඞ‍්කදාඨො ආචාරසම‍්පන‍්නො අහොසි, වඩ‍්ඪකිනා පොසිතත‍්තා පන “වඩ‍්ඪකීසූකරො”ත්‍වෙව පඤ‍්ඤායි. වඩ‍්ඪකිස‍්ස රුක‍්ඛතච‍්ඡනකාලෙ තුණ‍්ඩෙන රුක‍්ඛං පරිවත‍්තෙති, මුඛෙන ඩංසිත්‍වා වාසිඵරසුනිඛාදනමුග‍්ගරෙ ආහරති, කාලසුත‍්තකොටියං ගණ‍්හාති. අථ සො වඩ‍්ඪකී “කොචිදෙව, නං ඛාදෙය්‍යා”ති භයෙන නෙත්‍වා අරඤ‍්ඤෙ විස‍්සජ‍්ජෙසි. සොපි අරඤ‍්ඤං පවිසිත්‍වා ඛෙමං ඵාසුකට‍්ඨානං ඔලොකෙන‍්තො එකං පබ‍්බතන‍්තරෙ මහන‍්තං ගිරිකන්‍දරං අද‍්දස සම‍්පන‍්නකන්‍දමූලඵලං ඵාසුකං වසනට‍්ඨානං අනෙකසතසූකරසමාකිණ‍්ණං. තෙ සූකරා තං දිස‍්වා තස‍්ස සන‍්තිකං ආගමංසු. සොපි තෙ ආහ – “අහං තුම‍්හෙව ඔලොකෙන‍්තො විචරාමි, අපිච වො මයා දිට‍්ඨා, ඉදඤ‍්ච ඨානං රමණීයං, අහම‍්පි ඉදානි ඉධෙව වසිස‍්සාමී”ති. “සච‍්චං ඉදං ඨානං රමණීයං, පරිස‍්සයො පනෙත්‍ථ අත්‍ථී”ති. “අහම‍්පි තුම‍්හෙ දිස‍්වා එතං අඤ‍්ඤාසිං, එවං ගොචරසම‍්පන‍්නෙ ඨානෙ වසන‍්තානං වො සරීරෙසු මංසලොහිතං නත්‍ථි, කිං පන වො එත්‍ථ භය”න‍්ති? “එකො බ්‍යග‍්ඝො පාතොව ආගන‍්ත්‍වා දිට‍්ඨදිට‍්ඨංයෙව ගහෙත්‍වා ගච‍්ඡතී”ති. “කිං පන සො නිබද‍්ධං ගණ‍්හාති, උදාහු අන‍්තරන‍්තරා”ති? “නිබද‍්ධං ගණ‍්හාතී”ති. “කති පන තෙ බ්‍යග‍්ඝා”ති? “එකොයෙවා”ති. “එත‍්තකා තුම‍්හෙ එකස‍්ස යුජ‍්ඣිතුං න සක‍්කොථා”ති? “ආම, න සක‍්කොමා”ති. “අහං තං ගණ‍්හිස‍්සාමි, කෙවලං තුම‍්හෙ මම වචනං කරොථ, සො බ්‍යග‍්ඝො කහං වසතී”ති? “එතස‍්මිං පබ‍්බතෙ”ති.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ වනයෙහි රුක් දෙවියෙකු වී උපන්හ. එකල බරණැස් නුවර ඇසුරුකොට ජීවත් වූ වඩු කාර්මික ගමක එක් වඩුවෙක් ලීදඬු සදහා වනයට ගොස් සිටියදී වලක වැටුණු ඌරු පැටවෙකු දැක ගෙදර ගෙනවිත් පෝෂණය කළේය. ඒ ඌරු පැටවා වැඩී මහ සිරුරක් ඇතිව වක් වූ දළ ඇත්තේ හොඳ පැවතුම් ඇත්තේ විය. වඩුවා විසින් වැඩූ (හදාගත්) බැවින් වනාහි වඩ්ඪකී සූකරයා යයි ප්‍රකට විය. වඩුවා (කපුගස්) කොටවල පොතු රහිත අවස්ථාවලදී හොම්බෙන් කොටය පෙරළයි. කටින් අල්ලාගෙන වෑ, පොරෝ, නියන, මුගුර ගෙන එයි. (නූල් ගැසීම සදහා) කලු නූලේ කෙළවර අල්ලා ගනියි. ඉක්බිති ඒ වඩුවා කිසිවෙකු විසින් ඌරා මරා කන්නේ යයි බියෙන් කැලයට ගෙනගොස් මුදා හළේය. ඌරාද කැලයට පිවිස ආරක්ෂා සහිතව විසීමට පහසු තැනක් බලන්නේ එක් පර්වතයක් අතරේ අල මුල්වලින් යුත් විසීමට පහසු මහත් ගිරිකඳුරක් දුටුවේය. සිය ගණන් ඌරෝ ඌ දැක සමීපයට ගියාහුය. වඩ්ඪකී ඌරාද ඔවුන්ට “මම තොපම සොයමින් හැසිරෙමි. මා විසින් තොපි දක්නා ලද්දෙහුය. මේ ස්ථානය සිත්කලුය. මමද දැන් මෙහිම වසන්නෙමි යි කීවේය. ඇත්තෙන්ම මේ ස්ථානය සිත්කලුයි. ඒ වුනත් මෙහි අනතුරුදායක තත්වයක්ද ඇතැයි ඌරෝ කීහ. මමද තොප දැක මෙය දැනගතිමි. මෙසේ ගොදුරු සුලභ ස්ථානයක වසන්නා වූ තොපගේ ශරීරවල මස් ලේ නැත. තොපට මෙහි ඇති බිය කුමක්ද? එක් කොටියෙක් උදේම ඇවිත් දක්නට ලැබෙන ඌරකු ගෙන යයි. ඒ කොටියා දිනපතා අල්ලා ගන්නවාද? නැතිනම් අතරින් පතරදැයි ඇසීය. දිනපතා අල්ලා ගනිතියි කීහ. කොටි කී දෙනෙක්ද? එකෙක්ම පමණයි. නුඹලා මෙපමණ සිටිද්දී එකෙකු අල්ලා ගැනීමට නොහැකිද? එසේය. නොහැක්කෙමුයි කීහ. මම ඌ අල්ලා ගන්නෙමි. තොපි මගේ කීම පමණක් කරව්. ඒ ව්‍යාඝ්‍රයා වාසය කරන්නේ කොහිද? මේ පර්වතයේයයි කීහ.

සො රත‍්තිඤ‍්ඤෙව සූකරෙ චරාපෙත්‍වා යුද‍්ධං විචාරෙන‍්තො “යුද‍්ධං නාම පදුමබ්‍යූහචක‍්කබ්‍යූහසකටබ්‍යූහවසෙන තිවිධං හොතී”ති වත්‍වා පදුමබ්‍යූහවසෙන විචාරෙසි. සො හි භූමිසීසං ජානාති. තස‍්මා “ඉමස‍්මිං ඨානෙ යුද‍්ධං විචාරෙතුං වට‍්ටතී”ති සූකරපිල‍්ලකෙ මාතරො ච තෙසං මජ‍්ඣට‍්ඨානෙ ඨපෙසි. සො තා ආවිජ‍්ඣිත්‍වා මජ‍්ඣිමසූකරියො, තා ආවිජ‍්ඣිත්‍වා පොතකසූකරෙ, තෙ ආවිජ‍්ඣිත්‍වා ජරසූකරෙ, තෙ ආවිජ‍්ඣිත්‍වා දීඝදාඨසූකරෙ, තෙ ආවිජ‍්ඣිත්‍වා යුද‍්ධසමත්‍ථෙ බලවතරසූකරෙ දස වීස තිංස ජනෙ තස‍්මිං තස‍්මිං ඨානෙ බලගුම‍්බං කත්‍වා ඨපෙසි. අත‍්තනො ඨිතට‍්ඨානස‍්ස පුරතො එකං පරිමණ‍්ඩලං ආවාටං ඛණාපෙසි, පච‍්ඡතො එකං සුප‍්පසණ‍්ඨානං අනුපුබ‍්බනින‍්නං පබ‍්භාරසදිසං. තස‍්ස සට‍්ඨිසත‍්තතිමත‍්තෙ යොධසූකරෙ ආදාය තස‍්මිං තස‍්මිං ඨානෙ “මා භායිත්‍ථා”ති කම‍්මං විචාරතො අරුණං උට‍්ඨහි.

ඒ වඩ්ඪකී ඌරා රාත්‍රියෙහිම ඌරන් හසුරුවා යුද්ධය පැහැදිලි කරමින් යුද්ධයක් නම් පදුමබ්‍යුහ, චක්කබ්‍යුහ, සකටබ්‍යුහ යනුවෙන් ත්‍රිවිධ වෙතියි කියා පදුම බ්‍යුහයෙන් සොරු සේනාව ස්ථානගත කළේය. හෙතෙම වනාහි ජය භූමිය දනියි. ඒ නිසා මේ ස්ථානයේ යුද්ධය සංවිධානය කිරීම සුදුසුයයි සිතා කුඩාම ඌරු පැටවුන්ද මව්වරුන්ද ඌරු පිරිස මැද්දෙහි තැබීය. වඩු ඌරා මව්වරු වටකර තරුණ ඊරියන්ද ඔවුන් වටකර ඌරු පැටවුන්ද ඔවුන් වටකර තරුණ ඌරන්ද ඔවුන් වටකර දිග දළ ඇති ඌරන්ද ඔවුන් වටකර යුද්ධයට දක්ෂ බලවත් බලවත් ඌරන් දහය දහය බැගින්, විස්ස විස්ස බැගින් ඒ ඒ තැන්වල බලමුළු වශයෙන් තැබීය. තමන් සිටිතැනට ඉදිරියෙන් එක් රවුම් වලක් හෑරවීය. පස්සෙන් ඔරුවක හැඩය ගත්, ක්‍රමානුකූල බෑවුමක් ඇති නිම්නයක් ඇති එක් වලක් සෑරවීය. එහි හැට හැත්තෑවක් පමණ වූ යෝධ ඌරන් ගෙන ඒ ඒ තැන බිය නොවන්නැයි කියමින් කටයුතු සංවිධානය කරද්දීම අරුණ නැංගේය.

බ්‍යග‍්ඝො උට‍්ඨාය “කාලො”ති ඤත්‍වා ගන‍්ත්‍වා තෙසං සම‍්මුඛා ඨිතෙ පබ‍්බතතලෙ ඨත්‍වා අක‍්ඛීනි උම‍්මීලෙත්‍වා සූකරෙ ඔලොකෙසි. වඩ‍්ඪකීසූකරො “පටිඔලොකෙථ න”න‍්ති සූකරානං සඤ‍්ඤං අදාසි, තෙ පටිඔලොකෙසුං. බ්‍යග‍්ඝො මුඛං උග‍්ඝාටෙත්‍වා අස‍්සොසි, සූකරාපි තථා කරිංසු. බ්‍යග‍්ඝො මුත‍්තං ඡඩ‍්ඩෙසි, සූකරාපි ඡඩ‍්ඩයිංසු. ඉති යං යං සො කරොති, තං තං තෙ පටිකරිංසු. සො චින‍්තෙසි – “පුබ‍්බෙ සූකරා මයා ඔලොකිතකාලෙ පලායන‍්තා පලායිතුම‍්පි න සක‍්කොන‍්ති, අජ‍්ජ අපලායිත්‍වා මම පටිසත‍්තු හුත්‍වා මයා කතමෙව පටිකරොන‍්ති. එතස‍්මිං භූමිසීසෙ ඨිතො එකො තෙසං සංවිධායකොපි අත්‍ථි, අජ‍්ජ මය‍්හං ගතස‍්ස ජයො න පඤ‍්ඤායතී”ති. සො නිවත‍්තිත්‍වා අත‍්තනො වසනට‍්ඨානමෙව අගමාසි. තෙන පන ගහිතමංසඛාදකො එකො කූටජටිලො අත්‍ථි, සො තං තුච‍්ඡහත්‍ථමෙව ආගච‍්ඡන‍්තං දිස‍්වා තෙන සද‍්ධිං සල‍්ලපන‍්තො පඨමං ගාථමාහ –

ව්‍යාඝ්‍රයා නැගිට සුදුසු කාලයයි දැන ගොස් ඔවුන් ඉදිරියේ ඇති පර්වත තලාවෙහි සිට ඇස් ඇර ඌරන් දෙස බැලීය. වඩු ඌරා ඌ දෙස බලන්නැයි ඌරන්ට සංඥාවක් දුන්නේය.ඔවුහු ඌ දෙස බැලූහ. ව්‍යාඝ්‍රයා කට විවෘතකොට ආශ්වාස කෙළේය. ඌරෝද එසේ කළහ. ව්‍යාඝ්‍රයා මුත්‍රා පිට කළේය. ඌරෝද මුත්‍රා පිට කළාහුය. මෙසේ ව්‍යාඝ්‍රයා කරන කරන දේ ඌරෝද කළහ. ව්‍යාඝ්‍රයා “පෙර ඌරෝ මවිසින් බලන ලද කල්හි පලා යන්නේ පලා යන්නටද නොහැකි වෙත්. අද පලා නොගොස් මාගේ විරුද්ධකරුවන් වී මා විසින් කරන ලද්දම කරත්. එක්තරා ජය භූමියක සිටි ඔවුන් සංවිධානය කරන එක් ඌරෙක් ඇත. අද එහි ගිය මට ජයක් නොපෙනෙන්නේ” යයි සිතුවේය. ව්‍යාඝ්‍රයා නැවතී තමන් වාසය කරන ස්ථානයට ගියේය. ව්‍යාඝ්‍රයා විසින් ගන්නා ලද මස් කන්නට පුරුදුව සිටි කපටි ජටිලයෙක් ඇත. හෙතෙම හිස් අතින් එන ඌ දැක ඌ සමග කථා කරමින්,

“වරං වරං ත්‍වං නිහනං පුරෙ චරි, අස‍්මිං පදෙසෙ අභිභුය්‍ය සූකරෙ; සොදානි එකො බ්‍යපගම‍්ම ඣායසි, බලං නු තෙ බ්‍යග‍්ඝ න චජ‍්ජ විජ‍්ජතී”ති.

වරං වරං ත්‍වං නිහනං පුරෙ චරි, අස්මිං පදෙසෙ අභිභය්‍ය සූකරෙ, සොදානි එකො ව්‍යපගම්ම ක්‍ධායසි, බලන්නු තෙ ව්‍යග්ඝ න චජ්ජ විජ්ජති

යන පළමු ගාථාව කීවේය.

ව්‍යාඝ්‍රය! නුඹ පෙර මේ ප්‍රදේශයේ සියලු ඌරන් යටත්කරගෙන උතුම් ඌරන් මරමින් හැසුරුනෙහිය. දැන් තෝ තනිව බැහැරව සිතමින් සිටින්නෙහිය. ව්‍යාඝ්‍රය! අද තාගේ කාය ශක්තිය නැත්තේද?

තත්‍ථ වරං වරං ත්‍වං නිහනං පුරෙ චරි, අස‍්මිං පදෙසෙ අභිභුය්‍ය සූකරෙති අම‍්භො බ්‍යග‍්ඝ, ත්‍වං පුබ‍්බෙ ඉමස‍්මිං පදෙසෙ සබ‍්බසූකරෙ අභිභවිත්‍වා ඉමෙසු සූකරෙසු වරං වරං ත්‍වං උත‍්තමුත‍්තමං සූකරං නිහනන‍්තො විචරි. සොදානි එකො බ්‍යපගම‍්ම ඣායසීති සො ත්‍වං ඉදානි අඤ‍්ඤතරං සූකරං අග‍්ගහෙත්‍වා එකකොව අපගන‍්ත්‍වා ඣායසි පජ‍්ඣායසි. බලං නු තෙ බ්‍යග‍්ඝ න චජ‍්ජ විජ‍්ජතීති කිං නු තෙ, අම‍්භො බ්‍යග‍්ඝ, අජ‍්ජ කායබලං නත්‍ථීති.

එහි, වරං වරං ත්‍වං නිහනං පුරෙ චරි අස්මිං පදෙසේ අභිභුය්‍ය සූකරෙ එම්බා ව්‍යාඝ්‍රය! නුඹ පෙර මේ ප්‍රදේශයේ සියලු ඌරන් යටත් කරගෙන මේ ඌරන් අතරෙහි උතුම් උතුම් උත්තම ඌරන් මරමින් හැසුරුනෙහි. සොදාති එකො ව්‍යපගම්ම ක්‍ධායසි යනු ඒ නුඹ දැන් වෙනත් ඌරෙකු අල්ලා නොගෙන හුදකලාව ඉවත්ව ගොස් කල්පනා කරහිද? ශෝකයේ සිතුවිල්ලෙන් සිටිහිද? බලන්නුතෙ ව්‍යග්ඝ නචජ්ජ විජ්ජති යනු එම්බා ව්‍යාඝ්‍රය, අද තාගේ ශරීර ශක්තිය නැතිද?

තං සුත්‍වා බ්‍යග‍්ඝො දුතියං ගාථමාහ –

ඒ අසා ව්‍යාඝ්‍රයා,

“ඉමෙ සුදං යන‍්ති දිසොදිසං පුරෙ, භයට‍්ටිතා ලෙණගවෙසිනො පුථූ; තෙ දානි සඞ‍්ගම‍්ම වසන‍්ති එකතො, යත්‍ථට‍්ඨිතා දුප‍්පසහජ‍්ජමෙ මයා”ති.

ඉමෙ සුදං යන්ති දිසො දිසං පුරෙ, භයට්ටිතා ලෙණ ගවේසිනො පුථූ, තේදානි සංගම්ම රසන්ති එකතො, යත්‍ථ ඨිතා දුප්පසහජ්ජ මෙ මයා

යන දෙවන ගාථාව කීවේය.

මේ ඌරෝ පෙර භයින් පීඩිතව ආරක්‍ෂා වීමට බොහෝතැන් සොයමින් වෙන් වෙන්ව දිසාවෙන් දිසාවට යති. දැන් ඔවුහු එක් රැස්ව නාද කෙරෙති. යම්තැනෙක සිටියා වූ මොවුහු අද මවිසින් මැඩලිය නොහැකියෝය.

තත්‍ථ සුදන‍්ති නිපාතො. අයං පන සඞ‍්ඛෙපත්‍ථො – ඉමෙ සූකරා පුබ‍්බෙ මං දිස‍්වා භයෙන අට‍්ටිතා පීළිතා අත‍්තනො ලෙණගවෙසිනො පුථූ විසුං විසුං හුත්‍වා දිසොදිසං යන‍්ති, තං තං දිසං අභිමුඛා පලායන‍්ති, තෙ දානි සබ‍්බෙපි සමාගන‍්ත්‍වා එකතො වසන‍්ති තිට‍්ඨන‍්ති, තඤ‍්ච භූමිසීසං උපගතා, යත්‍ථ ඨිතා දුප‍්පසහා දුම‍්මද‍්දයා අජ‍්ජ ඉමෙ මයාති.

එහි, සුදං යනු නිපාතයකි. මේ වනාහි කෙටි අර්ථයයි. ඉමෙ මේ ඌරෝ පෙර මම දැක බියෙන් පෙළුනාහු තමන්ගේ, ලෙණගවේසිනොපුථු ආරක්‍ෂාවීමට බොහෝ තැන් සොයමින් වෙන් වෙන්ව, දිසො දිසං යන්ති ඒ ඒ දිසාවලට හැරී පලා යති. ඔවුහු දැන් සියල්ලෝම එක්ව අවුත්. එකතො රසන්ති එකට එක්ව නද දෙති. ඔබේ ජය බිමට එළඹ සිටියා වූ ඌරෝ යත්‍ථඨිතා දුප්පසභා- අජ්ජ ඉමෙ මයා අද මා විසින් මැඩලිය නොහැක්කාහුය.

අථස‍්ස උස‍්සාහං ජනෙන‍්තො කූටජටිලො “මා භායි, ගච‍්ඡ තයි නදිත්‍වා පක‍්ඛන්‍දන‍්තෙ සබ‍්බෙපි භීතා භිජ‍්ජිත්‍වා පලායිස‍්සන‍්තී”ති ආහ. බ්‍යග‍්ඝො තස‍්මිං උස‍්සාහං ජනෙන‍්තෙ සූරො හුත්‍වා පුන ගන‍්ත්‍වා පබ‍්බතතලෙ අට‍්ඨාසි. වඩ‍්ඪකීසූකරො ද‍්වින‍්නං ආවාටානං අන‍්තරෙ අට‍්ඨාසි. සූකරා “සාමි, මහාචොරො පුනාගතො”ති ආහංසු. “මා භායිත්‍ථ, ඉදානි තං ගණ‍්හිස‍්සාමී”ති. බ්‍යග‍්ඝො නදිත්‍වා වඩ‍්ඪකීසූකරස‍්ස උපරි පතති, සූකරො තස‍්ස අත‍්තනො උපරි පතනකාලෙ පරිවත‍්තිත්‍වා වෙගෙන උජුකං ඛතආවාටෙ පති. බ්‍යග‍්ඝො වෙගං සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තො උපරිභාගෙන ගන‍්ත්‍වා සුප‍්පමුඛස‍්ස තිරියං ඛතආවාටස‍්ස අතිසම‍්බාධෙ මුඛට‍්ඨානෙ පතිත්‍වා පුඤ‍්ජකතො විය අහොසි. සූකරො ආවාටා උත‍්තරිත්‍වා අසනිවෙගෙන ගන‍්ත්‍වා බ්‍යග‍්ඝං අන‍්තරසත්‍ථිම‍්හි දාඨාය පහරිත්‍වා යාව වක‍්කපදෙසා ඵාලෙත්‍වා පඤ‍්චමධුරමංසං දාඨාය පලිවෙඨෙත්‍වා බ්‍යග‍්ඝස‍්ස මත්‍ථකෙ ආවිජ‍්ඣිත්‍වා “ගණ‍්හථ තුම‍්හාකං පච‍්චාමිත‍්ත”න‍්ති උක‍්ඛිපිත්‍වා බහිආවාටෙ ඡඩ‍්ඩෙසි. පඨමං ආගතා බ්‍යග‍්ඝමංසං ලභිංසු, පච‍්ඡා ආගතා “බ්‍යග‍්ඝමංසං කීදිසං හොතී”ති තෙසං මුඛං උපසිඞ‍්ඝන‍්තා විචරිංසු.

ඉක්බිති මොහුට ධෛර්යය උපදවමින් කපටි ජටිලයා බිය නොවන්න. යන්න, ඔබ නාදකොට පනින කල්හි සියල්ලෝම බියවී විසිරී පලා යන්නාහුයයි කීවෙය. ව්‍යාඝ්‍රයාද ඔහු විසින් උත්සාහවත් කරණ කල්හි සූරයෙක් වී නැවත ගොස් පර්වත තලාවෙහි සිටියේය. වඩු ඌරාද වලවල් දැන අතර සිටියේය. ඌරෝ ස්වාමීනි! මහා හොරා නැවත ආවේ යයි කීවාහුය. බිය නොවව්. දැන් ඌ අල්ලා ගන්නෙමියි කීවේය. ව්‍යාඝ්‍රයා නාදකොට වඩු ඌරාගේ පිටට පැන්නේය. ඌරා තම පිටට ව්‍යාඝ්‍රයා පැන්න කල්හි කරකැවී සෘජු ලෙස (ළිඳක් සේ) කරන ලද වලට වේගයෙන් පැන්නේය. ව්‍යාඝ්‍රයා වේගය පාලනය කරගන්නට නොහැකිව උඩින් උඩින් පෙරලී ගොස් බෑවුම් සහිත හරහට සාරන ලද වලෙහි අතිශයින් බාධා සහිත ස්ථානයෙහි (සිරවී සිටින ලෙස සකස් කළ තැන) වැටී ගුළියක් මෙන් විය. වඩු ඌරා වලෙන් ගොඩ වී හෙණ වේගයෙන් ගොස් ව්‍යාඝ්‍රයාට කලවයේ ඇතුල් පැත්තට දළෙන් පහර දී වකුගඩුව පලා රස පහක් ඇති මංසය දළෙහි ඔතාගෙන ව්‍යාඝ්‍රයාගේ මතුපිට කරකවා තොපේ සතුරා ගනිව් යයි ඔසවා වලෙන් බැහැරට විසිකළේය. පළමුව පැමිණි ඌරෝ ව්‍යාඝ්‍ර මස් ලැබූහ. පසුව ආවා වූ ඌරෝ ව්‍යාඝ්‍ර මස් කෙසේ වෙයිදැයි ඔවුන්ගේ කටවල් ඉඹිමින් හැසුරුණාහ.

සූකරා න තාව තුස‍්සන‍්ති. වඩ‍්ඪකීසූකරො තෙසං ඉඞ‍්ඝිතං දිස‍්වා “කිං නු ඛො තුම‍්හෙ න තුස‍්සථා”ති ආහ. “සාමි, කිං එතෙන බ්‍යග‍්ඝෙන ඝාතිතෙන, අඤ‍්ඤො පන බ්‍යග‍්ඝආණාපනසමත්‍ථො කූටජටිලො අත්‍ථියෙවා”ති. “කො නාමෙසො”ති? “එකො දුස‍්සීලතාපසො”ති. “බ්‍යග‍්ඝොපි මයා ඝාතිතො, සො මෙ කිං පහොති, එථ ගණ‍්හිස‍්සාම න”න‍්ති සූකරඝටාය සද‍්ධිං පායාසි. කූටතාපසොපි බ්‍යග‍්ඝෙ චිරායන‍්තෙ “කිං නු ඛො සූකරා බ්‍යග‍්ඝං ගණ‍්හිංසූ”ති පටිපථං ගච‍්ඡන‍්තො තෙ සූකරෙ ආගච‍්ඡන‍්තෙ දිස‍්වා අත‍්තනො පරික‍්ඛාරං ආදාය පලායන‍්තො තෙහි අනුබන්‍ධිතො පරික‍්ඛාරං ඡඩ‍්ඩෙත්‍වා වෙගෙන උදුම‍්බරරුක‍්ඛං අභිරුහි. සූකරා “ඉදානිම‍්හ, සාමි, නට‍්ඨා, තාපසො පලායිත්‍වා රුක‍්ඛං අභිරුහී”ති ආහංසු. “කිං රුක‍්ඛං නාමා”ති? “උදුම‍්බරරුක‍්ඛ”න‍්ති. සො “සූකරියො උදකං ආහරන‍්තු, සූකරපොතකා පථවිං ඛණන‍්තු, දීඝදාඨා සූකරා මූලානි ඡින්‍දන‍්තු, සෙසා පරිවාරෙත්‍වා ආරක‍්ඛන‍්තූ”ති සංවිදහිත්‍වා තෙසු තථා කරොන‍්තෙසු සයං උදුම‍්බරස‍්ස උජුකං ථූලමූලං ඵරසුනා පහරන‍්තො විය එකප‍්පහාරමෙව කත්‍වා උදුම‍්බරරුක‍්ඛං පාතෙසි. පරිවාරෙත්‍වා ඨිතසූකරා කූටජටිලං භූමියං පාතෙත්‍වා ඛණ‍්ඩාඛණ‍්ඩිකං කත්‍වා යාව අට‍්ඨිතො ඛාදිත්‍වා වඩ‍්ඪකීසූකරං උදුම‍්බරඛන්‍ධෙයෙව නිසීදාපෙත්‍වා කූටජටිලස‍්ස පරිභොගසඞ‍්ඛෙන උදකං ආහරිත්‍වා අභිසිඤ‍්චිත්‍වා රාජානං කරිංසු, එකඤ‍්ච තරුණසූකරිං තස‍්ස අග‍්ගමහෙසිං අකංසු. තතො පට‍්ඨාය කිර යාවජ‍්ජතනා රාජානො උදුම‍්බරභද‍්දපීඨෙ නිසීදාපෙත්‍වා තීහි සඞ‍්ඛෙහි අභිසිඤ‍්චන‍්ති.

ඌරෝ එපමණකින් සතුටු නොවන්නාහ. වඩු ඌරා ඔවුන්ගේ ඉඟි දැක කුමක් නිසා නුඹලා සතුටු නොවන්නාහුදැයි ඇසීය. ස්වාමීනි! මේ ව්‍යාඝ්‍රයා පමණක් ඝාතනය කිරීමෙන් ඇති ඵලය කුමක්ද? තවත් ව්‍යාඝ්‍රයන් දහයක් වුවත් ගෙන ඒමට සමත් කපටි ජටිලයෙක් ඇත්තේමය. ඒ කවරෙක්ද? එක් දුසිල් තාපසයෙකැයි කීය. මා විසින් මරන ලද ඒ ව්‍යාඝ්‍රයා මට කවරෙක්ද? එක් දුසිල් තාපසයෙකැයි කීය. මා විසින් මරන ලද ඒ ව්‍යාඝ්‍රයා මට නොසෑහෙයි. ඒ තවුසා අල්ලා ගන්නෙමුයි ඌරු සමූහය සමග පිටත් විය. කපටි තාපසයාද ව්‍යාඝ්‍රයා පමාවන කල්හි ඌරන් ව්‍යාඝ්‍රයා අල්ලා ගන්නට ඇතැයි සිතා මාර්ගයේ ඉදිරියට යමින් ඌරන් එනු දැක තමන්ගේ පිරිකර රැගෙන පලායන්නේ ඌරන් විසින් ලුහුබඳින ලද්දේ පිරිකර ඉවතලා වේගයෙන් දිඹුල් ගසකට නැංගේය. ඌරෝ ස්වාමීනි! දැන් අපි නැසුනෙමු. තාපසයා පලාගොස් ගසකට නැංගේයයි කීහ. ගස කුමක්දැයි ඇසීය. දිඹුල් ගසකියි කීහ. වඩු ඌරා ඊරියෝ ජලය ගෙන එත්වා. ඌරු පෝතකයෝ ගසමුල හාරත්වා. දිග දළ ඇති ඌරෝ මුල් සිඳිත්වා. ඉතිරි අය ගස වටකොට සිට තවුසා රකිත්වායි කියා සංවිධානයකොට ඔවුන් එසේ කරන කල්හි තෙමේ දිඹුල් ගසේ මුදුන්මුලට පොරොවෙන් පහර දෙන්නාක් මෙන් එක පහරින්ම ඇන කඩා බිම හෙළීය. පිරිවරා සිටි ඌරෝ කපටි ජටිලයා බිම හෙළා කෑලි කෑලි කොට ඇට දක්වා කා වඩු ඌරා දිඹුල් කඳෙහිම හිඳුවා කූට ජටිලයා පරිභෝග කළ හක් ගෙඩියෙන් ජලය ගෙනවිත් අභිෂේක කොට (පැන් වත්කොට) රජ කළාහුය. එක් තරුණ ඊරියක් අභිෂේක කොට ඔහුගේ අගබිසව කළාහුය. එතැන් පටන් අද දක්වාත් රජවරු උතුම් දිඹුල් ආසනයක හිඳුවා හක්ගෙඩි තුනකින් අභිෂේක කරත්.

තස‍්මිං වනසණ‍්ඩෙ අධිවත්‍ථා දෙවතා තං අච‍්ඡරියං දිස‍්වා එකස‍්මිං විටපන‍්තරෙ සූකරානං අභිමුඛා හුත්‍වා තතියං ගාථමාහ –

ඒ නව ලැහැබෙහි අධිගෘහිත දේවතාවා ඒ අසිරිය දැක කඳේ එක් සිදුරක ඌරන්ට මුහුණලා පෙනීසිට

“නමත්‍ථු සඞ‍්ඝාන සමාගතානං, දිස‍්වා සයං සඛ්‍ය වදාමි අබ‍්භුතං; බ්‍යග‍්ඝං මිගා යත්‍ථ ජිනිංසු දාඨිනො, සාමග‍්ගියා දාඨබලෙසු මුච‍්චරෙ”ති.

නමත්‍ථු සංඝානං සමාගතානං, දිස්වා සයං සංඛ්‍යං වදාමි අබ්භුතං, ව්‍යග්ඝං මිගා යත්‍ථ ජිනිංසු දාඨිනො, සාමග්ගියා දාඨබලෙසු මුච්චරෙ

යන තුන්වන ගාථාව කීවේය.

රැස් වූ ඌරු සමූහයාට නමස්කාර වේවා! අද්භූත වූ මිතුරු බවක් තෙමේ දැක කියමි. යම්තැනෙක දළ ඇති ඌරෝ ව්‍යාඝ්‍රයා දිනූද, දළ බලකොට ඇති හූරන්ගේ සමගි බලය නිසා සතුරා මැඩ මරණයෙන් මිදුනාහ.

තත්‍ථ නමත්‍ථු සඞ‍්ඝානන‍්ති අයං මම නමක‍්කාරො සමාගතානං සූකරසඞ‍්ඝානං අත්‍ථු. දිස‍්වා සයං සඛ්‍ය වදාමි අබ‍්භුතන‍්ති ඉදං පුබ‍්බෙ අභූතපුබ‍්බං අබ‍්භුතං සඛ්‍යං මිත‍්තභාවං සයං දිස‍්වා වදාමි. බ්‍යග‍්ඝං මිගා යත්‍ථ ජිනිංසු දාඨිනොති යත්‍ර හි නාම දාඨිනො සූකරමිගා බ්‍යග‍්ඝං ජිනිංසු, අයමෙව වා පාඨො. සාමග‍්ගියා දාඨබලෙසු මුච‍්චරෙති යා සා දාඨබලෙසු සූකරෙසු සාමග‍්ගී එකජ‍්ඣාසයතා, තාය තෙසු සාමග‍්ගියා තෙ දාඨබලා පච‍්චාමිත‍්තං ගහෙත්‍වා අජ‍්ජ මරණභයා මුත‍්තාති අත්‍ථො.

එහි, නමත්‍ථු සංඝානං යනු මාගේ මේ නමස්කාරය රැස් වූ ඌරු සමූහයාට වේවා! දිස්වා සයං සඛ්‍යං වදාමි අබ්භුතං යනු මෙය පෙර නොවූවකි. ඇති නොවූවකි. මිත්‍ර බව තමන්ම දැක කියමි. ව්‍යග්ඝං මිගා යත්‍ථ ජිනිංසු දාඨිතො යනු යම් තැනක දළ ඌරෝ ව්‍යාඝ්‍රයකු පැරදවූවාහුද මෙයම හෝ පාඨයයි. සාමග්ගියා දාඨබලෙසු මුච්චරෙ යනු දළ බල ඇති ඌරන් අතර යම් මේ සමගියක්, සමාන අදහස් ඇති බවක් වේද, ඔවුන් අතර ඒ සමගිය කරණ කොටගෙන ඒ ඌරෝ සතුරා අල්ලාගෙන අද මරණ බයෙන් මිදුණාහුය යන අර්ථයයි.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා ධනුග‍්ගහතිස‍්සො වඩ‍්ඪකීසූකරො අහොසි, රුක‍්ඛදෙවතා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව ගළපා නිමවා වදාළ සේක. එකල වඩ්ඪකී ඌරා මේ ධනුග්ගහතිස්සය. රුක්දෙවියා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

වඩ‍්ඪකීසූකරජාතකවණ‍්ණනා තතියා.