යෙදුමෙන් කියවන්න

4. සිරිජාතකවණ‍්ණනා 284 අට‍්ඨකථා

4. සිරිජාතකවණ‍්ණනා (284)

4. සිරි ජාතකය (284)

යං උස‍්සුකා සඞ‍්ඝරන‍්තීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං සිරිචොරබ්‍රාහ‍්මණං ආරබ‍්භ කථෙසි. ඉමස‍්මිං ජාතකෙ පච‍්චුප‍්පන‍්නවත්‍ථු හෙට‍්ඨා ඛදිරඞ‍්ගාරජාතකෙ (ජා· 1.1.40) විත්‍ථාරිතමෙව. ඉධාපි පන සා අනාථපිණ‍්ඩිකස‍්ස ඝරෙ චතුත්‍ථෙ ද‍්වාරකොට‍්ඨකෙ වසනකා මිච‍්ඡාදිට‍්ඨිදෙවතා දණ‍්ඩකම‍්මං කරොන‍්තී චතුපඤ‍්ඤාසහිරඤ‍්ඤකොටියො ආහරිත්‍වා කොට‍්ඨෙ පූරෙත්‍වා සෙට‍්ඨිනා සද‍්ධිං සහායිකා අහොසි. අථ නං සො ආදාය සත්‍ථු සන‍්තිකං නෙසි. සත්‍ථා තස‍්සා ධම‍්මං දෙසෙසි, සා ධම‍්මං සුත්‍වා සොතාපන‍්නා අහොසි. තතො පට‍්ඨාය සෙට‍්ඨිනො යසො යථාපොරාණොව ජාතො. අථෙකො සාවත්‍ථිවාසී සිරිලක‍්ඛණඤ‍්ඤූ බ්‍රාහ‍්මණො චින‍්තෙසි – “අනාථපිණ‍්ඩිකො දුග‍්ගතො හුත්‍වා පුන ඉස‍්සරො ජාතො, යංනූනාහං තං දට‍්ඨුකාමො විය ගත්‍වා තස‍්ස ඝරතො සිරිං ථෙනෙත්‍වා ආගච‍්ඡෙය්‍ය”න‍්ති. සො තස‍්ස ඝරං ගන‍්ත්‍වා තෙන කතසක‍්කාරසම‍්මානො සාරණීයකථාය වත‍්තමානාය “කිමත්‍ථං ආගතොසී”ති වුත‍්තෙ “කත්‍ථ නු ඛො සිරී පතිට‍්ඨිතා”ති ඔලොකෙසි. සෙට‍්ඨිනො ච සබ‍්බසෙතො ධොතසඞ‍්ඛපටිභාගො කුක‍්කුටො සුවණ‍්ණපඤ‍්ජරෙ පක‍්ඛිපිත්‍වා ඨපිතො අත්‍ථි, තස‍්ස චූළාය සිරී පතිට‍්ඨාසි. බ්‍රාහ‍්මණො ඔලොකයමානො සිරියා තත්‍ථ පතිට‍්ඨිතභාවං ඤත්‍වා ආහ – “අහං, මහාසෙට‍්ඨි, පඤ‍්චසතෙ මාණවෙ මන‍්තෙ වාචෙමි, අකාලරවිං එකං කුක‍්කුටං නිස‍්සාය තෙ ච මයඤ‍්ච කිලමාම, අයඤ‍්ච කිර කුක‍්කුටො කාලරවී, ඉමස‍්සත්‍ථාය ආගතොම‍්හි, දෙහි මෙ එතං කුක‍්කුට”න‍්ති. “ගණ‍්හ, බ්‍රාහ‍්මණ, දෙමි තෙ කුක‍්කුට”න‍්ති. “දෙමී”ති ච වුත‍්තක‍්ඛණෙයෙව සිරී තස‍්ස චූළතො අපගන‍්ත්‍වා උස‍්සීසකෙ ඨපිතෙ මණික‍්ඛන්‍ධෙ පතිට‍්ඨාසි.

යං උස්සුකා සංඝරන්ති යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් සිරිචෝර නම් එක් බමුණෙකු අරබයා වදාළ සේක. මේ ජාතක කථාවෙහි වර්තමාන කථාව යට (මුලින්) කදිරංගාර ජාතකයෙහි විස්තර කළ පරිදිමය. මෙහිද අනේපිඬු සිටුතුමාගේ ගෙදර සතරවෙනි දොරටුවෙහි වාසය කරන මිසදුටු දේවතාවියක් දඬුවම් විඳිමින් පණස්හතර කෝටියක් රන් ගෙනවුත් ගබඩා පුරවා සිටුතුමා සමග යහලු වූවාය. ඉක්බිති සිටුතුමා ඒ දේවතාවිය කැඳවාගෙන බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියේය. බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මදේශනා කළහ. ඈ බණ අසා සෝවාන් වූවාය. එතැන් පටන් සිටුතුමාගේ සම්පත් පෙර පරිදිම විය. ඉක්බිති සැවැත්නුවර වාසය කරන එක් සිරි ලක්ඛණ බමුණෙක් “අනේපිඬු සිටුතුමා දුප්පත් වී නැවත ධනවත් විය. යම් විදියකින් මම ඔහු දකිනු කැමති කෙනෙකු මෙන් ගොස් ඔහුගේ ගෙයින් වාසනාව පැහැරගෙන එන්නේ නම් මැනවැයි සිතුවේය. ඒ බමුණා සිටුතුමාගේ ගෙට ගොස් ඔහු විසින් කරන ලද ආගන්තුක සත්කාර සම්මාන විඳ සතුටු සාමීචි කථා පවතිද්දී කුමක් සදහා ආවෙහිදැයි ඇසූ කල්හි වාසනාව කොහි පිහිටියේ දැයි බැලුවේය. සිටුතුමාට සියල්ල සුදුවූ හක් ගෙඩියකට සමාන වූ රන් මැදිරියක දැමූ කුකුළෙක් ඇත. උගේ කරමලෙහි වාසනාව පිහිටියේය. බමුණා (වටපිට) බලමින් වාසනාව එහි පිහිටි බව දැන මහසිටුතුමනි! මම පන්සියයක් මානවකයන්ට මන්ත්‍ර උගන්වමි. නොකල්හි හඬලන එක් කුකුළෙකු නිසා ඔවුන්ද, මමද වෙහෙසෙමු. මේ කුකුළා වනාහි නිසි කලකට හඬලයි. මොහු සඳහා ආවෙමි, මට මේ කුකුළා දෙන්නැයි කීවේය. ගන්න බමුණ! ඔබට කුකුළා දෙමියි කී අවස්ථාවේදිම, වාසනාව ඒ කුකුළාගේ කරමළයෙන් ඉවත්වී කොට්ටයෙහි තබා ඇති මැණිකෙහි පිහිටියේය.

බ්‍රාහ‍්මණො සිරියා මණිම‍්හි පතිට‍්ඨිතභාවං ඤත්‍වා මණිම‍්පි යාචි. “මණිම‍්පි දෙමී”ති වුත‍්තක‍්ඛණෙයෙව සිරී මණිතො අපගන‍්ත්‍වා උස‍්සීසකෙ ඨපිතආරක‍්ඛයට‍්ඨියං පතිට‍්ඨාසි. බ්‍රාහ‍්මණො සිරියා තත්‍ථ පතිට‍්ඨිතභාවං ඤත්‍වා තම‍්පි යාචි. “ගහෙත්‍වා ගච‍්ඡාහී”ති වුත‍්තක‍්ඛණෙයෙව සිරී යට‍්ඨිතො අපගන‍්ත්‍වා පුඤ‍්ඤලක‍්ඛණදෙවියා නාම සෙට‍්ඨිනො අග‍්ගමහෙසියා සීසෙ පතිට‍්ඨාසි. සිරිචොරබ්‍රාහ‍්මණො තත්‍ථ පතිට‍්ඨිතභාවං ඤත්‍වා “අවිස‍්සජ‍්ජියභණ‍්ඩං එතං, යාචිතුම‍්පි න සක‍්කා”ති චින‍්තෙත්‍වා සෙට‍්ඨිං එතදවොච – “මහාසෙට‍්ඨි, අහං තුම‍්හාකං ගෙහෙ ‘සිරිං ථෙනෙත්‍වා ගමිස‍්සාමී’ති ආගච‍්ඡිං, සිරී පන තෙ කුක‍්කුටස‍්ස චූළායං පතිට‍්ඨිතා අහොසි, තස‍්මිං මම දින‍්නෙ තතො අපගන‍්ත්‍වා මණිම‍්හි පතිට‍්ඨහි, මණිම‍්හි දින‍්නෙ ආරක‍්ඛයට‍්ඨියං පතිට‍්ඨහි, ආරක‍්ඛයට‍්ඨියා දින‍්නාය තතො අපගන‍්ත්‍වා පුඤ‍්ඤලක‍්ඛණදෙවියා සීසෙ පතිට‍්ඨහි, ‘ඉදං ඛො පන අවිස‍්සජ‍්ජියභණ‍්ඩ’න‍්ති ඉමම‍්පි මෙ න ගහිතං, න සක‍්කා තව සිරිං ථෙනෙතුං, තව සන‍්තකං තවෙව හොතූ”ති උට‍්ඨායාසනා පක‍්කාමි. අනාථපිණ‍්ඩිකො “ඉමං කාරණං සත්‍ථු කථෙස‍්සාමී”ති විහාරං ගන‍්ත්‍වා සත්‍ථාරං පූජෙත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො සබ‍්බං තථාගතස‍්ස ආරොචෙසි. සත්‍ථා තං සුත්‍වා “න ඛො, ගහපති, ඉදානෙව අඤ‍්ඤෙසං සිරී අඤ‍්ඤත්‍ථ ගච‍්ඡති, පුබ‍්බෙපි අප‍්පපුඤ‍්ඤෙහි උප‍්පාදිතසිරී පන පුඤ‍්ඤවන‍්තානංයෙව පාදමූලං ගතා”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

බමුණා, වාසනාව (සිරියාව) මැණිකෙහි පිහිටි බව දැන මැණිකද ඉල්ලුවේය. මැණිකද දෙමියි කී අවස්ථාවෙහිදීම වාසනාව මැණිකෙන් ඉවත්ව කොට්ටයෙහි තබන ලද ආරක්ෂක දණ්ඩෙහි පිහිටියේය. බමුණා වාසනාව එහි පිහිටි බව දැන එයද ඉල්ලුවේය. රැගෙන යවයි කී අවස්ථාවේදීම වාසනාව එතැනින්ද ඉවත්වී පුණ්‍ය ලක්ඛණ දේවිය නම් වූ සිටුතුමාගේ අගමෙහෙසියගේ හිසෙහි පිහිටියේය. සිරිචෝර නම් බමුණා එහි පිහිටි බව දැන මෙය පරිත්‍යාග කළ හැකි භාණ්ඩයක් නොවේ. ඉල්ලන්නටද නොහැකි යැයි සිතා සිටුතුමාට මහසිටුතුමනි! නුඹවහන්සේගේ ගෙයි වාසනාව පැහැරගෙන යන්නෙමියි සිතා ආවෙමි. වාසනාව ඔබේ කුකුළාගේ කරමළෙහි පිහිටියේය. එය මට දුන් කල්හි එයින් ඉවත්වී මැණිකෙහි පිහිටියේය. මැණික දුන් කල්හි ආරක්ෂක සැර සැටියෙහි පිහිටියේය. ආරක්ෂක යෂ්ටිය දුන් කල්හි එතැනින් ඉවත්ව පුණ්‍ය ලක්ඛණ දේවියගේ හිසෙහි පිහිටියේය. මෙය වනාහි නොදිය හැකි බඩුවක් යැයි කියා මා විසින් ‘සිරි’ යන නමවත් නොගන්නා ලදි. නුඹේ වාසනාව (සිරි) පැහැර ගන්නට නොහැකිය. නුඹ සතු දෙය නුඹටම වේවායි ආසනයෙන් නැගිට ගියේය. අනේපිඬු සිටුතුමා මේ කරුණ බුදුරජාණන් වහන්සේට කියන්නෙමියි විහාරයට ගොස් බුදුරජාණන් වහන්සේට වැඳපුදා එකත්පසෙක හිඳිමින් සියල්ල තථාගතයන් වහන්සේට සැල කළේය. බුදුරජාණන් වහන්සේ ඒ අසා ගෘහපතිය! අනෙකෙකුගේ වාසනාව වනාහි අන් තැනකට නොයයි. පෙර අල්ප පිං ඇත්තෙකු විසින් උපදවන ලද වාසනාව වනාහි පින් ඇත්තාගේ පාමුලටම ගියේ යැයි වදාරා ඔහු විසින් ඉල්ලන ලදුව අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කාසිරට‍්ඨෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලායං සිප‍්පං උග‍්ගණ‍්හිත්‍වා අගාරං අජ‍්ඣාවසන‍්තො මාතාපිතූනං කාලකිරියාය සංවිග‍්ගො නික‍්ඛමිත්‍වා හිමවන‍්තපදෙසෙ ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච උප‍්පාදෙත්‍වා දීඝස‍්ස අද‍්ධුනො අච‍්චයෙන ලොණම‍්බිලසෙවනත්‍ථාය ජනපදං ගන‍්ත්‍වා බාරාණසිරඤ‍්ඤො උය්‍යානෙ වසිත්‍වා පුනදිවසෙ භික‍්ඛං චරමානො හත්‍ථාචරියස‍්ස ඝරද‍්වාරං අගමාසි. සො තස‍්ස ආචාරවිහාරෙ පසන‍්නො භික‍්ඛං දත්‍වා උය්‍යානෙ වසාපෙත්‍වා නිච‍්චං පටිජග‍්ගි. තස‍්මිං කාලෙ එකො කට‍්ඨහාරකො අරඤ‍්ඤතො දාරූනි ආහරන‍්තො වෙලාය නගරද‍්වාරං පාපුණිතුං නාසක‍්ඛි. සායං එකස‍්මිං දෙවකුලෙ දාරුකලාපං උස‍්සීසකෙ කත්‍වා නිපජ‍්ජි, දෙවකුලෙ විස‍්සට‍්ඨා බහූ කුක‍්කුටා තස‍්ස අවිදූරෙ එකස‍්මිං රුක‍්ඛෙ සයිංසු. තෙසු උපරිසයිතකුක‍්කුටො පච‍්චූසකාලෙ වච‍්චං පාතෙන‍්තො හෙට‍්ඨාසයිතකුක‍්කුටස‍්ස සරීරෙ පාතෙසි. “කෙන මෙ සරීරෙ වච‍්චං පාතිත”න‍්ති ච වුත‍්තෙ “මයා”ති ආහ. “කිංකාරණා”ති ච වුත‍්තෙ “අනුපධාරෙත්‍වා”ති වත්‍වා පුනපි පාතෙසි. තතො උභොපි අඤ‍්ඤමඤ‍්ඤං කුද‍්ධා “කිං තෙ බලං, කිං තෙ බල”න‍්ති කලහං කරිංසු. අථ හෙට‍්ඨාසයිතකුක‍්කුටො ආහ – “මං මාරෙත්‍වා අඞ‍්ගාරෙ පක‍්කමංසං ඛාදන‍්තො පාතොව කහාපණසහස‍්සං ලභතී”ති. උපරිසයිතකුක‍්කුටො ආහ – “අම‍්භො, මා ත්‍වං එත‍්තකෙන ගජ‍්ජි, මම ථූලමංසං ඛාදන‍්තො රාජා හොති, බහිමංසං ඛාදන‍්තො පුරිසො චෙ, සෙනාපතිට‍්ඨානං, ඉත්‍ථී චෙ, අග‍්ගමහෙසිට‍්ඨානං ලභති. අට‍්ඨිමංසං පන මෙ ඛාදන‍්තො ගිහී චෙ, භණ‍්ඩාගාරිකට‍්ඨානං, පබ‍්බජිතො චෙ, රාජකුලූපකභාවං ලභතී”ති.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කසීරට බමුණු කුලයක ඉපදී වැඩිවියට පත්ව තක්සලා නුවරින් ශිල්ප ඉගෙනගෙන ගිහිගෙයි වසමින් මව්පියන්ගේ අභාවයෙන් කලකිරී නික්ම හිමාලය වන පෙදෙසේ තවුස් පැවිද්දෙන් පැවිදිව සමාපත්ති උපදවාගෙන දීර්ඝ කාලයක් ඉකුත් වූ පසු ලුණු ඇඹුල් සෙවීම පිණිස ජනපදයට ගොස් බරණැස් රජුගේ උයනෙහි වාසයකොට පසුදින පිඬුසිඟා හැසිරෙමින් ඇත් ඇදුරාගේ ගේ දොරකඩට ගියේය. ඒ ඇත් ආචාර්යවරයා තාපසයාගේ ගමන් බිමන් කෙරෙහි පැහැදී භික්‍ෂාව දී උයනෙහි වාසය කරවා නිතර පෝෂණය කළේය. ඒ කාලයේදී එක් දර ගෙනෙන්නෙක් කැලයෙන් දර ගෙන එන්නේ වේලාවට නගරයට පැමිණෙන්නට නොහැකි විය. සවස් කාලයේ එක්තරා දේවාලයක දරමිටිය කොට්ටයට තබාගෙන වැතිරුණේය. දේවාලයෙන් මුදා හරින ලද බොහෝ කුකුළෝ ඔහු සමීපයෙහි එක් ගසෙක නිදා ගත්තාහුය. ඔවුන් අතරින් ඉහළින් නිදාගත් කුකුළා එළිවන කාලයෙහි මලපහ කරන්නේ යට නිදාගත් කුකුළාගේ ඇඟට හෙළීය. මගේ ශරීරයට මලපහ කළේ කවුදැයි ඇසූ කල්හි මා විසින් යයි කියන ලදි. කුමන කරුණක් නිසාදැයි ඇසූ කල්හි, නොවිමසා කළ බව කියා නැවතද හෙළීය. එතැන් සිට දෙදෙනාම ඔවුනොවුන් තොපගේ බලය කුමක්ද? තොපගේ බලය කුමක්දැයි කියා කෝලහාල කළහ. ඉක්බිති යට නිදාගත් කුකුළා මා මරා අඟුරු මත පුළුස්සා මස් කන තැනැත්තා, උදේම කහවණු දහසක් ලබතියි කීය. ඉහළින් නිදාගත් කුකුළා එම්බල. නුඹ එපමණකින් (කහවණු දහසකින්) ගර්ජනා නොකරව. හොඳට වැඩුණු මගේ ඝණ මස් අනුභව කරන්නෙක් රජවෙයි. පිටත මස් කන්නේ පුරුෂයෙක් නම් සෙන්පති තනතුරද, ස්ත්‍රියක නම් අගමෙහෙසි තනතුරද ලබයි. ඉදින් මගේ ඇට මස් ගිහියෙක් කන්නේ නම් භාණ්ඩාගාරික තනතුරද පැවිද්දෙක් නම් රජ කුලයට හිතවත් බව ලබතියි කීය.

කට‍්ඨහාරකො තෙසං වචනං සුත්‍වා “රජ‍්ජෙ පත‍්තෙ සහස‍්සෙන කිච‍්චං නත්‍ථී”ති සණිකං අභිරුහිත්‍වා උපරිසයිතකුක‍්කුටං ගහෙත්‍වා මාරෙත්‍වා උච‍්ඡඞ‍්ගෙ කත්‍වා “රාජා භවිස‍්සාමී”ති ගන‍්ත්‍වා විවටද‍්වාරෙනෙව නගරං පවිසිත්‍වා කුක‍්කුටං නිත‍්තචං කත්‍වා උදරං සොධෙත්‍වා “ඉදං කුක‍්කුටමංසං සාධුකං සම‍්පාදෙහී”ති පජාපතියා අදාසි. සා කුක‍්කුටමංසඤ‍්ච භත‍්තඤ‍්ච සම‍්පාදෙත්‍වා “භුඤ‍්ජ, සාමී”ති තස‍්ස උපනාමෙසි. “භද‍්දෙ, එතං මංසං මහානුභාවං, එතං ඛාදිත්‍වා අහං රාජා භවිස‍්සාමි, ත්‍වං අග‍්ගමහෙසී භවිස‍්සසි, තං භත‍්තඤ‍්ච මංසඤ‍්ච ආදාය ගඞ‍්ගාතීරං ගන‍්ත්‍වා න‍්හායිත්‍වා භුඤ‍්ජිස‍්සාමා”ති භත‍්තභාජනං තීරෙ ඨපෙත්‍වා න‍්හානත්‍ථාය ඔතරිංසු. තස‍්මිං ඛණෙ වාතෙන ඛුභිතං උදකං ආගන‍්ත්‍වා භත‍්තභාජනං ආදාය අගමාසි. තං නදීසොතෙන වුය‍්හමානං හෙට‍්ඨානදියං හත්‍ථිං න‍්හාපෙන‍්තො එකො හත්‍ථාචරියො මහාමත‍්තො දිස‍්වා උක‍්ඛිපාපෙත්‍වා විවරාපෙත්‍වා “කිමෙත්‍ථා”ති පුච‍්ඡි. “භත‍්තඤ‍්චෙව කුක‍්කුටමංසඤ‍්ච සාමී”ති. සො තං පිදහාපෙත්‍වා ලඤ‍්ඡාපෙත්‍වා “යාව මයං ආගච‍්ඡාම, තාවිමං භත‍්තං මා විවරා”ති භරියාය පෙසෙසි. සොපි ඛො කට‍්ඨහාරකො මුඛතො පවිට‍්ඨෙන වාලුකොදකෙන උද‍්ධුමාතඋදරො පලායි.

දර ගෙනයන්නා ඔවුන්ගේ වචනය අසා රජකමට පැමිණි කල්හි කහවණු දහසකින් වැඩක් නැතැයි වහා ගසට නැග මත්තෙහි නිදාගත් කුකුළා ගෙන මරා හිස මත තබාගෙන රජ වෙන්නෙමියි සිතා ගොස් අරින ලද දොරටුවෙන්ම නුවරට පිවිස කුකුළා ශුද්ධකොට බඩ සෝදා මේ කුකුළු මස් මනාව පිළියෙළ කරන්නැයි බිරිඳට දුන්නේය. ඈ කුකුළු මස් හා බත්ද සම්පාදනය කොට ස්වාමීනි! අනුභව කරවයි ඹහුට පිරිනැමුවාය. සොඳුරිය! මේ මහත් ආනුභාව ඇති මසකි. මෙය අනුභව කොට මම රජ වන්නෙමි. නුඹ අගමෙහෙසිය වන්නෙහි යැයි කියා, ඒ බතත් මසුත් රැගෙන ගංතෙරට ගොස් ස්නානය කොට අනුභව කරන්නෙමියි බත් භාජනය ඉවුරේ තබා නෑමට ගඟට බැස්සේය. ඒ අවස්ථාවෙහි සුළඟින් කැළඹුණු ජලපහරක් ඇවිත් බත් භාජනය ගසාගෙන ගියේය. එය සැඩපහරට අසුවී පාවී යමින් ගඟ පහළ ඇතුන් නාවන්නා වූ එක් ඇත් ඇදුරු මහ ඇමතියෙක් දැක ඔසවාගෙන විවරකොට මෙහි මොනවාදැයි විචාළේය. ස්වාමීනි බත් හා කුකුළු මස්ය. ඔහු එය වසා සීල් තබ්බවා මා එනතෙක් මේ බත් භාජනය විවෘත නොකරන්නැයි කියා බිරිඳට යැවීය. ඒ දර ගෙන එන්නා කටට ඇතුල්වූ වැලි මිශ්‍ර ජලයෙන් ඉදිමුණු බඩ ඇතිව පලාගියේය.

අථෙකො තස‍්ස හත්‍ථාචරියස‍්ස කුලූපකො දිබ‍්බචක‍්ඛුකතාපසො “මය‍්හං උපට‍්ඨාකො හත්‍ථිට‍්ඨානං න විජහති, කදා නු ඛො සම‍්පත‍්තිං පාපුණිස‍්සතී”ති දිබ‍්බචක‍්ඛුනා උපධාරෙන‍්තො තං පුරිසං දිස‍්වා තං කාරණං ඤත්‍වා පුරෙතරං ගන‍්ත්‍වා හත්‍ථාචරියස‍්ස නිවෙසනෙ නිසීදි. හත්‍ථාචරියො ආගන‍්ත්‍වා තං වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො තං භත‍්තභාජනං ආහරාපෙත්‍වා “තාපසං මංසොදනෙන පරිවිසථා”ති ආහ. තාපසො භත‍්තං ගහෙත්‍වා මංසෙ දීයමානෙ අග‍්ගහෙත්‍වා “ඉමං මංසං අහං විචාරෙමී”ති වත්‍වා “විචාරෙථ , භන‍්තෙ”ති වුත‍්තෙ ථූලමංසාදීනි එකෙකං කොට‍්ඨාසං කාරෙත්‍වා ථූලමංසං හත්‍ථාචරියස‍්ස දාපෙසි, බහිමංසං තස‍්ස භරියාය, අට‍්ඨිමංසං අත‍්තනා පරිභුඤ‍්ජි. සො භත‍්තකිච‍්චාවසානෙ ගච‍්ඡන‍්තො “ත්‍වං ඉතො තතියදිවසෙ රාජා භවිස‍්සසි, අප‍්පමත‍්තො හොහී”ති වත්‍වා පක‍්කාමි. තතියදිවසෙ එකො සාමන‍්තරාජා ආගන‍්ත්‍වා බාරාණසිං පරිවාරෙසි. බාරාණසිරාජා හත්‍ථාචරියං රාජවෙසං ගාහාපෙත්‍වා “හත්‍ථිං අභිරුහිත්‍වා යුජ‍්ඣා”ති ආණාපෙත්‍වා සයං අඤ‍්ඤාතකවෙසෙන සෙනාය විචාරෙන‍්තො එකෙන මහාවෙගෙන සරෙන විද‍්ධො තඞ‍්ඛණඤ‍්ඤෙව මරි. තස‍්ස මතභාවං ඤත්‍වා හත්‍ථාචරියො බහූ කහාපණෙ නීහරාපෙත්‍වා “ධනත්‍ථිකා පුරතො හුත්‍වා යුජ‍්ඣන‍්තූ”ති භෙරිං චරාපෙසි. බලකායො මුහුත‍්තෙනෙව සාමන‍්තරාජානං ජීවිතක‍්ඛයං පාපෙසි. අමච‍්චා රඤ‍්ඤො සරීරකිච‍්චං කත්‍වා “කං රාජානං කරොමා”ති මන‍්තයමානා “අම‍්හාකං රාජා ජීවමානො අත‍්තනො වෙසං හත්‍ථාචරියස‍්ස අදාසි, අයමෙව යුද‍්ධං කත්‍වා රජ‍්ජං ගණ‍්හි, එතස‍්සෙව රජ‍්ජං දස‍්සාමා”ති තං රජ‍්ජෙන අභිසිඤ‍්චිංසු, භරියම‍්පිස‍්ස අග‍්ගමහෙසිං අකංසු. බොධිසත‍්තො රාජකුලූපකො අහොසි.

ඉක්බිති ඒ ඇත් ඇදුරාගේ හිතවත්, දිවැස් ඇති එක තාපසයෙක් මට උපස්ථාන කරන්නා ඇතුන් බලා ගැනීමේ තනතුර අත් නොහරියි. කවදා ඔහු සම්පත්තියට පත්වන්නේදැයි දිවැසින් විමසා බලමින් ඒ පුරුෂයා දැක ඒ කාරණාව දැන කල්තියා ගොස් ඇත් ඇදුරුතුමාගේ ගෙයි හුන්නේය. ඇත් ඇදුරුතුමා අවුත් වැඳ එකත්පසෙක හුන්නේ ඒ බත් භාජනය ගෙන්වාගෙන තාපසයා මස් සහිත ආහාරයෙන් වළඳවයි කීවේය. තාපසයා බත් පිළිගෙන මස් දෙනවිට නොගෙන මම මේ මස් විමසා බලන්නෙමියි කියා ස්වාමීනි, විමසා බලන්නැයි කී කල්හි ඝන මස් ආදී වශයෙන් එක එක කොටස්වලට වෙන් කරවා ලොකු ඝන මාංසය ඇත් ඇදුරාට දෙවීය. පිට මස් ඔහුගේ බිරිඳටද දී ඇට සහිත මස් තමා විසින් අනුභව කරන ලදි. ඔහු දන් වළඳා අවසානයේ යමින් නුඹ මෙයින් තුන්වන දවසේ රජ වන්නෙහිය. නොපමා වන්නැයි කියා ගියේය. තුන්වන දිනයෙහි අසල්වැසි එක් රජෙක් පැමිණ බරණැස් නුවර වටකළේය. බරණැස් රජතුමා ඇත් ඇදුරුතුමාට, රජ වෙස් ගන්වා ඇතු පිට නැගී යුධ කරවයි අණ කරවා තෙමේ වෙස්වලාගෙන සේනාව සංවිධානය කරමින් සිටියදී මහත් වේගයෙන් විදින ලද එක් හී පහරක් වැදී ඒ මොහොතේදීම මරණයට පත්විය. ඔහු මැරුණු බව දැන ඇත් ආචාර්යවරයා බොහෝ කහවණු ගෙන්වාගෙන ධනය කැමති අය ඉදිරියෙන් සිට යුධ කරත්වායි බෙර හැසිරවීය. බල සෙනඟ මොහොතකින්ම විරුද්ධ රජු මරණයට කළේය. ඇමතිවරු රජතුමාගේ අවසන් කටයුතු සිදුකොට කවරෙකු රජ කරවන්නේදැයි සාකච්ඡා කරමින් රජු ජීවත්ව සිටියදීම තමන්ගේ වේසය ඇත් ආචාරියාට දුන්නේය. මේ තෙමේම මෙසේ යුද්ධකොට රාජ්‍යය රැක ගත්තේය. ඒ නිසා ඔහුටම රාජ්‍යය දෙමුයි කියා ඔහු රාජ්‍යයෙන් රාජාභිෂේක කළාහුය. ඔහුගේ බිරිඳ ද අගමෙහෙසිය කළාහුය. බෝසතාණන් වහන්සේ රජුට කුලුපග විය.

සත්‍ථා අතීතං ආහරිත්‍වා අභිසම‍්බුද‍්ධො හුත්‍වා ඉමා ද‍්වෙ ගාථා අභාසි –

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සම්මා සම්බුදු වී,

“යං උස‍්සුකා සඞ‍්ඝරන‍්ති, අලක‍්ඛිකා බහුං ධනං; සිප‍්පවන‍්තො අසිප‍්පා ච, ලක‍්ඛිවා තානි භුඤ‍්ජති.

යං උස්සුකා සංඝරන්ත අලක්ඛිකා බහුං ධනං, සිප්පවන්තො අසිප්පා ච ලක්ඛිවා තානි භුඤ්ජති,

“සබ‍්බත්‍ථ කතපුඤ‍්ඤස‍්ස, අතිච‍්චඤ‍්ඤෙව පාණිනො; උප‍්පජ‍්ජන‍්ති බහූ භොගා, අප‍්පනායතනෙසුපී”ති.

සබ්බත්‍ථ කතපුඤ්ඤස්ස අතිච්චඤ්ඤෙව පාණිනො, උප්පජ්ජන්ති බහූ භෝගා අප්පනායතනෙසුපි

යන මේ ගාථා දෙක වදාළහ.

හස්ති ශිල්පාදී උගත් ශිල්ප ඇත්තා වූද, ශිල්ප නැත්තා වූද, ධන රැස් කිරීමේ මහත් වෑයම් ඇති. පින් නැති මිනිස්සු බොහෝ ධනය රැස් කරද්දී පින් ඇති තැනැත්තාට ඒ ධනය අනුභව කෙරේ.

හැම තන්හිම කළ පින් ඇති අයහට අන්‍ය ප්‍රාණීන් මැඩගෙන අනයතනයෙහිදු බොහෝ වූ භෝග උපදී.

තත්‍ථ යං උස‍්සුකාති යං ධනසඞ‍්ඝරණෙ උස‍්සුක‍්කමාපන‍්නා ඡන්‍දජාතා කිච‍්ඡෙන බහුං ධනං සඞ‍්ඝරන‍්ති.“යෙ උස‍්සුකා”තිපි පාඨො, යෙ පුරිසා ධනසංහරණෙ උස‍්සුකා හත්‍ථිසිප‍්පාදිවසෙන සිප‍්පවන‍්තො අසිප‍්පා ච අන‍්තමසො වෙතනෙන කම‍්මං කත්‍වා බහුං ධනං සඞ‍්ඝරන‍්තීති අත්‍ථො. ලක‍්ඛිවා තානි භුඤ‍්ජතීති තානි “බහුං ධන”න‍්ති වුත‍්තානි ධනානි පුඤ‍්ඤවා පුරිසො අත‍්තනො පුඤ‍්ඤඵලං පරිභුඤ‍්ජන‍්තො කිඤ‍්චි කම‍්මං අකත්‍වාපි පරිභුඤ‍්ජති.

එහි, යං උස්සුකා යනු යම්තැනක ධනය රැස් කිරීමෙහි උත්සාහය ඇති අය කැමැත්ත ඇතිව මහන්සියෙන් බොහෝ ධනය රැස් කරත්. යෙ උස්සුකා යනුද පාඨයකි. යම් මිනිස්සු ධනය රැස් කිරීමෙහි උත්සාහ වෙත්ද ඇත් ශිල්ප ආදී වශයෙන් සිප්පවන්තො අසිප්පාච යටත් පිරිසෙයින් කුලී වැඩකර හෝ ධනය රැස් කරති යන අර්ථයයි. ලක්‍ඛිවා තානි භුඤ්ජති යනු බොහෝ ධනයයි කියන ලද ඒ ධනය පින් ඇති පුරුෂයා තමාගේම පින් අනුභව කරමින් කිසි කටයුත්තක් නොකොට අනුභව කරයි.

අතිච‍්චඤ‍්ඤෙව පාණිනොති අතිච‍්ච අඤ‍්ඤෙ එව පාණිනො. එව-කාරො පුරිමපදෙන යොජෙතබ‍්බො, සබ‍්බත්‍ථෙව කතපුඤ‍්ඤස‍්ස අඤ‍්ඤෙ අකතපුඤ‍්ඤෙ සත‍්තෙ අතික‍්කමිත්‍වාති අත්‍ථො. අප‍්පනායතනෙසුපීති අපි අනායතනෙසුපි අරතනාකරෙසු රතනානි අසුවණ‍්ණායතනාදීසු සුවණ‍්ණාදීනි අහත්‍ථායතනාදීසු හත්‍ථිආදයොති සවිඤ‍්ඤාණකඅවිඤ‍්ඤාණකා බහූ භොගා උප‍්පජ‍්ජන‍්ති . තත්‍ථ මුත‍්තාමණිආදීනං අනාකරෙ උප‍්පත‍්තියං දුට‍්ඨගාමණිඅභයමහාරාජස‍්ස වත්‍ථු කථෙතබ‍්බං.

අතිච්චඤ්ඤෙව පාණිතො යනු අන් ප්‍රාණීන් ඉක්මවා ‘එව’ යන්න පෙර පදය සමග යොදා ගතයුතුයි. හැමතැන්හිම කළ පින් ඇති තැනැත්තා විසින් පින් නොකළ අන් සත්ත්වයන් ඉක්මවා යන අර්ථයයි. අප්පනායතනෙසුපි යනු අපි අනායතනෙසුපි. ආයතන (ආකාර) නොවන තැන්වලද, රුවන් ආකරවලද රුවන් ආකර නොවන තැන්වලද ඇති රුවන්, ස්වර්ණාකර නොවන තැන්වල ඇති ස්වර්ණාදිය, ඇතුන් හදාවඩා නොගන්නා (ඇත් අනාථාගාර) නොවන තැන්වල සිටින ඇතුන් ආදියද යන සිත් ඇති සිත් නැති බොහෝ භෝග උපදියි. එහි ආකරයක් නොවන තැනක මුතුමැණික් ආදිය ඉපදීම පිළිබඳව දුටුගැමුණු අභය මහරජතුමාගේ කථාවස්තුව කිවයුතුය.

සත්‍ථා පන ඉමා ගාථා වත්‍වා “ගහපති, ඉමෙසං සත‍්තානං පුඤ‍්ඤසදිසං අඤ‍්ඤං ආයතනං නාම නත්‍ථි, පුඤ‍්ඤවන‍්තානඤ‍්හි අනාකරෙසු රතනානි උප‍්පජ‍්ජන‍්තියෙවා”ති වත්‍වා ඉමං ධම‍්මං දෙසෙසි –

බුදුරජාණන් වහන්සේ මේ ගාථා වදාරා ගෘහපතිය! මේ සත්ත්වයන්ගේ පින හා සමාන අන් ආයතනයක් නම් නැත. පුණ්‍යවන්තයන්ට ආකර නොවන තැන්වලද රුවන් උපදින්නේම යයි වදාරා මේ ධර්මය දේශනා කළ සේක.

“එස දෙවමනුස‍්සානං, සබ‍්බකාමදදො නිධි; යං යදෙවාභිපත්‍ථෙන‍්ති, සබ‍්බමෙතෙන ලබ‍්භති.

එස දෙව මනුස්සානං සබ්බකාමදදො නිධි, යං යදෙවාභි පත්‍ථෙන්ති සබ්බමෙතෙන ලබ්භති

“සුවණ‍්ණතා සුසරතා, සුසණ‍්ඨානා සුරූපතා; ආධිපච‍්චපරිවාරො, සබ‍්බමෙතෙන ලබ‍්භති.

සුවණ්ණතා සුස්සරතා සුසණ්ඨාන සුරුපතා, අධිපච්චපරිවාරා සබ්බමෙතෙන ලබ්භති

“පදෙසරජ‍්ජං ඉස‍්සරියං, චක‍්කවත‍්තිසුඛං පියං; දෙවරජ‍්ජම‍්පි දිබ‍්බෙසු, සබ‍්බමෙතෙන ලබ‍්භති.

පදේස රජ්ජං ඉස්සරියං චක්කවත්ති සුඛම්පි යං, දෙව රජ්ජම්පි දිබ්බේසු සබ්බමෙතෙන ලබ්භති

“මානුස‍්සිකා ච සම‍්පත‍්ති, දෙවලොකෙ ච යා රති; යා ච නිබ‍්බානසම‍්පත‍්ති, සබ‍්බමෙතෙන ලබ‍්භති.

[missing pali]

“මිත‍්තසම‍්පදමාගම‍්ම, යොනිසොව පයුඤ‍්ජතො; විජ‍්ජාවිමුත‍්තිවසීභාවො, සබ‍්බමෙතෙන ලබ‍්භති.

[missing pali]

“පටිසම‍්භිදා විමොක‍්ඛා ච, යා ච සාවකපාරමී; පච‍්චෙකබොධි බුද‍්ධභූමි, සබ‍්බමෙතෙන ලබ‍්භති.

[missing pali]

“එවං මහත්‍ථිකා එසා, යදිදං පුඤ‍්ඤසම‍්පදා; තස‍්මා ධීරා පසංසන‍්ති, පණ‍්ඩිතා කතපුඤ‍්ඤත”න‍්ති. (ඛු· පා· 8.10-16);

එවං මහිද්ධියා එසා යදිදං පුඤ්ඤසම්පදා, තස්මා ධීරා පසං සන්ති පණ්ඩිතා කතපුඤ්ඤත’න්ති

මේ කුශලය නම් දෙව්මිනිසුන්ට කැමතිවන සියලු දේ දෙන නිධානයකි. යම් යම් දෙයක් ප්‍රාර්ථනා කරත් නම් ඒ සියල්ල මේ පිනෙන් ලැබේ.

මනා වූ ශරීර පැහැ ඇති බවද, මනා වූ මිහිරි ස්වර ඇති බවද, මනා වූ හැඩහුරුකම් ඇති බවද, මනා වූ රූප සම්පත්ති ඇති බවද, අධිපති බව හා පිරිවර ද යන සියල්ල මේ පිනෙන් (පුණ්‍ය සම්පත්තියෙන්) ලැබේ.

ප්‍රදේශ රාජ සම්පත්ද. යම් සක්විති රජ සැපතක් ඇත්ද එයද දෙව්ලොව දේවරාජ්‍යයද යන සියල්ල මේ කුශලයෙන් ලැබේ.

මිනිස් ලොව සම්පත්ද දෙව්ලොව ඇති සැපද නිවන් සැපතද යන සියල්ල මේ පිනෙන් ලැබේ.

කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිසා නුවණින් ක්‍රියාකරන පුද්ගලයාට ත්‍රිවිද්‍යාව ද නිවන ද අෂ්ට සමාපත්තිවල වශීභාවය ද යන සියල්ල මේ පිනෙන් ලැබේ.

සිවු පිළිසිඹියාව ද අෂ්ට විමෝක්ෂය ද ශ්‍රාවක පාරමිතාව ද පසේ බුදුබව ද බුද්ධ භූමිය ද යන සියල්ල මේ පිනෙන් ලැබේ.

මෙසේ මේ පුණ්‍ය සම්පත්තිය මහත් සෘද්ධි ඇත්තේය. එහෙයින් වීර්යය ඇති ප්‍රඥාවෙන් යුක්ත අය “කළ පින් ඇති බව” පසසත්.

ඉදානි යෙසු අනාථපිණ‍්ඩිකස‍්ස සිරී පතිට‍්ඨිතා, තානි රතනානි දස‍්සෙතුං “කුක‍්කුටො”තිආදිමාහ.

දැන් අනේපිඬු සිටුතුමාගේ යම් වාසනාවක් පිහිටියාද ඒ රත්නයන් දැක්වීමට කුකුළා යනාදිය කීවේය.

“කුක‍්කුටො මණයො දණ‍්ඩො, ථියො ච පුඤ‍්ඤලක‍්ඛණා; උප‍්පජ‍්ජන‍්ති අපාපස‍්ස, කතපුඤ‍්ඤස‍්ස ජන‍්තුනො”ති.

කුක්කුටමණයො දණ්ඩො ථියොච පුණ්ණ ලක්ඛණා, උප්පජ්ජන්ති අපායස්ස කත පුඤ්ඤස්ස ජන්තුනොති

අලාමක වූ කළ පින් ඇති සත්ත්වයන්ට ශ්‍රීමත් වූ කුකුළෝද, මාණික්‍යයෝද ආරක්ෂක යෂ්ටිද පුණ්‍ය ලක්ෂණ ස්ත්‍රීහුද උපදනාහුය.

තත්‍ථ දණ‍්ඩොති ආරක‍්ඛයට‍්ඨිං සන්‍ධාය වුත‍්තං, ථියොති සෙට‍්ඨිභරියං පුඤ‍්ඤලක‍්ඛණදෙවිං. සෙසමෙත්‍ථ උත‍්තානමෙව. ගාථං වත්‍වා ච පන ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්‍දො අහොසි, කුලූපකතාපසො පන අහමෙව සම‍්මාසම‍්බුද‍්ධො අහොසි”න‍්ති.

ගාථාව වදාරා ජාතක කථාව නිමවා වදාළ සේක. එහි දණ්ඩො යන්න ආරක්ෂක යෂ්ටිය සදහා කියන ලදි. ථියො යනු සිටුබිරිඳ වූ පින් ලකුණින් යුතු දේවියයි. මෙහි සෙස්ස පැහැදිළිය. එකල රජතුමා ආනන්ද තෙරුන්ය. කුලුපග තාපසයා සම්මා සම්බුදු රජාණන් වහන්සේය.

සිරිජාතකවණ‍්ණනා චතුත්‍ථා.