යෙදුමෙන් කියවන්න

5. මණිසූකරජාතකවණ‍්ණනා 285 අට‍්ඨකථා

5. මණිසූකරජාතකවණ‍්ණනා (285)

5. මණිසූකර ජාතකය (285)

දරියා සත‍්ත වස‍්සානීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සුන්‍දරීමාරණං ආරබ‍්භ කථෙසි. තෙන ඛො පන සමයෙන භගවා සක‍්කතො හොති ගරුකතොති වත්‍ථු උදානෙ (උදා· 38) ආගතමෙව. අයං පනෙත්‍ථ සඞ‍්ඛෙපො – භගවතො කිර භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච පඤ‍්චන‍්නං මහානදීනං මහොඝසදිසෙ ලාභසක‍්කාරෙ උප‍්පන‍්නෙ හතලාභසක‍්කාරා අඤ‍්ඤතිත්‍ථියා සූරියුග‍්ගමනකාලෙ ඛජ‍්ජොපනකා විය නිප‍්පභා හුත්‍වා එකතො සන‍්නිපතිත්‍වා මන‍්තයිංසු – “මයං සමණස‍්ස ගොතමස‍්ස උප‍්පන‍්නකාලතො පට‍්ඨාය හතලාභසක‍්කාරා, න කොචි අම‍්හාකං අත්‍ථිභාවම‍්පි ජානාති, කෙන නු ඛො සද‍්ධිං එකතො හුත්‍වා සමණස‍්ස ගොතමස‍්ස අවණ‍්ණං උප‍්පාදෙත්‍වා ලාභසක‍්කාරමස‍්ස අන‍්තරධාපෙය්‍යාමා”ති. අථ නෙසං එතදහොසි – “සුන්‍දරියා සද‍්ධිං එකතො හුත්‍වා සක‍්කුණිස‍්සාමා”ති.

දරියා සත්තවස්සානි යන මේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් සුන්දරියගේ මරණය අරබයා වදාළ සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සත්කාර ගරුකාර කරන ලද්දාහු වෙති. කථාවස්තුව බන්‍ධකයේ දක්වා ඇත්තේමය. මෙය වනාහි එහි සාරාංශයයි. භාග්‍යවතුන් වහන්සේට ද භික්‍ෂු සංඝයාටද පංචමහා ගංගාවල මහා දියකඳ සමාන ලාභ සත්කාර උපන් කල්හි නැසුණු ලාභ සත්කාර ඇති අන්‍ය තීර්ථකයෝ හිර උදාවන කල්හි කණාමැදිරියන් මෙන් බැබළීම නැති වී එකට එක්ව “අපි ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ උපන් කාලයේ සිට නැසුණු ලාභ සත්කාර ඇත්තෝ වෙමු. කිසිවෙක් අප සිටින බවවත් නොදනිති. කවරෙකු සමග එක්වී ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේට අපකීර්තියක් උපදවා උන්වහන්සේගේ ලාභ සත්කාර අතුරුදහන් කරවන්නෙමුදැයි සාකච්ඡා කළහ. ඉක්බිති ඔවුන්ට “සුන්දරිය සමග එකතුවී (එය ඉටුකර ගැනීමට) හැකිවන්නෙමු යි” යන අදහස ඇතිවිය.

තෙ එකදිවසං සුන්‍දරිං තිත්‍ථියාරාමං පවිසිත්‍වා වන්‍දිත්‍වා ඨිතං නාලපිංසු. සා පුනප‍්පුනං සල‍්ලපන‍්තීපි පටිවචනං අලභිත්‍වා “අපි නු, අය්‍යා, තුම‍්හෙ කෙනචි විහෙඨිතාත්‍ථා”ති පුච‍්ඡි. “කිං, භගිනි, සමණං ගොතමං අම‍්හෙ විහෙඨෙත්‍වා හතලාභසක‍්කාරෙ කත්‍වා විචරන‍්තං න පස‍්සසී”ති. සා එවමාහ – “මයා එත්‍ථ කිං කාතුං වට‍්ටතී”ති? ත්‍වං ඛොසි, භගිනි, අභිරූපා සොභග‍්ගප‍්පත‍්තා, සමණස‍්ස ගොතමස‍්ස අයසං ආරොපෙත්‍වා මහාජනං තව කථං ගාහාපෙත්‍වා හතලාභසක‍්කාරං කරොහී”ති? සා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා වන්‍දිත්‍වා පක‍්කන‍්තා. තතො පට‍්ඨාය මාලාගන්‍ධවිලෙපනකප‍්පූරකටුකඵලාදීනි ගහෙත්‍වා සායං මහාජනස‍්ස සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා නගරං පවිසනකාලෙ ජෙතවනාභිමුඛී ගච‍්ඡති. “කහං ගච‍්ඡසී”ති ච පුට‍්ඨා “සමණස‍්ස ගොතමස‍්ස සන‍්තිකං, අහඤ‍්හි තෙන සද‍්ධිං එකගන්‍ධකුටියං වසාමී”ති වත්‍වා අඤ‍්ඤතරස‍්මිං තිත්‍ථියාරාමෙ වසිත්‍වා පාතොව ජෙතවනමග‍්ගං ඔතරිත්‍වා නගරාභිමුඛී ගච‍්ඡති. “කිං, සුන්‍දරි, කහං ගතාසී”ති ච පුට‍්ඨා “සමණෙන ගොතමෙන සද‍්ධිං එකගන්‍ධකුටියං වසිත්‍වා තං කිලෙසරතියා රමාපෙත්‍වා ආගතාම‍්හී”ති වදති.

ඔවුහු එක්දිනක් සුන්දරිය තීර්ථකාරාමයට පිවිස වැඳ සිටිවිට කථා නොකළාහුය. ඈ නැවත නැවතත් කථා කළද පිළිතුරක් නොලැබ ස්වාමීනි, ඔබවහන්සේලා කිසිවකු විසින් වෙහෙසට පත්කළාහුදැයි විචාළාය. නැගණියනි! ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අප වෙහෙසවා ලාභසත්කාර නැති අය බවට පත්කොට හැසිරෙන අයුරු නොදකින්නෙහිද? ඈ මෙම කරුණෙහි මා විසින් කුමක් කිරීම සුදුසුදැයි ඇසුවාය. නැගනිය, නුඹ වනාහි මනා රූ ඇත්තීය. සෝභාවෙන් අගතැන් පැමිණියාය. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේට අපකීර්තියක් ආරෝපනය කොට මහජනයාට නුඹේ කථාව ඒත්තු ගන්වා ලවා සත්කාර නැති කෙනෙකු කරවයි කීහ. ඈ යහපතැයි පිළිගෙන වැඳ ගියාය. එතැන් පටන් මල්- සුවඳ-විලවුන්-කපුරු කටුක රස ඇති ගෙඩි ආදිය ගෙන හවස් කාලයේ මහජනයා බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනාව අසා නගරයට පිවිසෙන කාලයේ ජේතවනාරාමය දෙසට යයි. කොහි යන්නෙහිදැයි විමසන ලදුව ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ සමීපයට, මම උන්වහන්සේ සමග එක ගඳකිලියේ වසමියි කියා එක්තරා තීර්ථක ආරාමයක වාසය කොට උදෙන්ම ජේතවනාරාමයට යන මාර්ගයට බැස නගරයට බලා යන්නීය. සුන්දරිය කෙසේද? කොහි ගියෙහිදැයි විමසන ලදුව ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ සමග එක ගඳකිළියේ වාසයකොට උන්වහන්සේ කෙළෙස් ඇල්මට (ලිංගික තෘප්තියට) පමුණුවා ආවෙමියි කියයි.

අථ නං කතිපාහච‍්චයෙන ධුත‍්තානං කහාපණෙ දත්‍වා “ගච‍්ඡථ සුන්‍දරිං මාරෙත්‍වා සමණස‍්ස ගොතමස‍්ස ගන්‍ධකුටියා සමීපෙ මාලාකචවරන‍්තරෙ නික‍්ඛිපිත්‍වා එථා”ති වදිංසු, තෙ තථා අකංසු. තතො තිත්‍ථියා “සුන්‍දරිං න පස‍්සාමා”ති කොලාහලං කත්‍වා රඤ‍්ඤො ආරොචෙත්‍වා “කහං වො ආසඞ‍්කා”ති වුත‍්තා “ඉමෙසු දිවසෙසු ජෙතවනෙ වසති, තත්‍රස‍්සා පවත‍්තිං න ජානාමා”ති වත්‍වා “තෙන හි ගච‍්ඡථ, නං විචිනථා”ති රඤ‍්ඤා අනුඤ‍්ඤාතා අත‍්තනො උපට‍්ඨාකෙ ගහෙත්‍වා ජෙතවනං ගන‍්ත්‍වා විචිනන‍්තා මාලාකචවරන‍්තරෙ දිස‍්වා මඤ‍්චකං ආරොපෙත්‍වා නගරං පවෙසෙත්‍වා “සමණස‍්ස ගොතමස‍්ස සාවකා ‘සත්‍ථාරා කතපාපකම‍්මං පටිච‍්ඡාදෙස‍්සාමා’ති සුන්‍දරිං මාරෙත්‍වා මාලාකචවරන‍්තරෙ නික‍්ඛිපිංසූ”ති රඤ‍්ඤො ආරොචෙසුං, රාජා “තෙන හි ගච‍්ඡථ, නගරං ආහිණ‍්ඩථා”ති ආහ. තෙ නගරවීථීසු “පස‍්සථ සමණානං සක්‍යපුත‍්තියානං කම‍්ම”න‍්තිආදීනි විරවිත්‍වා පුන රඤ‍්ඤො නිවෙසනද‍්වාරං අගමංසු.

ඉක්බිති දින කීපයකට පසු ධූර්තයන්ට කහවණු දී “යන්න! ඒ සුන්දරිය මරා ශ්‍රමණ ගෞතමයන්ගේ ගඳකිළිය සමීපයෙහි ඉවත දැමූ මල්ගොඩ ඇතුළෙහි දමා එන්නැ” යි කීවාහුය. ඔවුහු එසේ කළහ. ඉන්පසු තීර්ථකයෝ සුන්දරිය නොදක්නෙමුයි කලබලකොට රජතුමාට දන්වා තොපට කුමන ස්ථානයක් පිළිබඳව සැක ඇත්තේදැයි විමසන ලදුව අසවල් දවසේ ඈ ජේතවනාරාමයට ගියාය. එහිදී ඇයට සිදුවූ පුවත නොදනිමුයි කියා එසේ නම් ඇය සොයන්න යනුවෙන් රජතුමා විසින් අවසර ලැබූ ඔවුහු තමන්ගේ උපස්ථායකයන් ගෙන ජේතවනාරාමයට ගොස් සොයමින් ඉවත දැමූ මල්ගොඩ අතරෙහි තිබෙනු දැක ඇඳක නංවා නගරයට ගෙන ගොස් “ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ ශාස්තෲන් වහන්සේ විසින් කළ පාපකර්මය සඟවන්නෙමුයි සුන්දරිය මරා ඉවත දැමූ මල්ගොඩ අතරෙහි සඟවා තැබූහ” යි රජතුමාට දැන්වූහ. රජතුමා එසේනම් යන්න, නගරයේ ඇවිදින්නයි කීවේය. ඔවුහු නගරයේ වීථිවල ඇවිදිමින් බලව්, ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් වහන්සේගේ ක්‍රියාව ආදිය කියමින් කෑ ගසා නැවත රජමාළිගාවේ දොරටුව ළඟට ආවාහුය.

රාජා සුන්‍දරියා සරීරං ආමකසුසානෙ අට‍්ටකං ආරොපෙත්‍වා රක‍්ඛාපෙසි. සාවත්‍ථිවාසිනො ඨපෙත්‍වා අරියසාවකෙ සෙසා යෙභුය්‍යෙන “පස‍්සථ සමණානං සක්‍යපුත‍්තියානං කම‍්ම”න‍්තිආදීනි වත්‍වා අන‍්තොනගරෙ ච බහිනගරෙ ච භික‍්ඛූ අක‍්කොසන‍්තා පරිභාසන‍්තා විචරන‍්ති. භික‍්ඛූ තං පවත‍්තිං තථාගතස‍්ස ආරොචෙසුං. සත්‍ථා “තෙන හි තුම‍්හෙපි තෙ මනුස‍්සෙ එවං පටිචොදෙථා”ති –

රජතුමා සුන්දරීගේ සිරුර අමු සොහොනෙහි මැස්සක් තබා එහි ආරක්ෂා කරවීය. ආර්ය ශ්‍රාවකයන් හැර සැවැත්නුවර වාසී සෙසු අය බොහෝ සෙයින් “ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ක්‍රියාව බලව්” ආදිය කියමින් නගරය ඇතුළතත් පිටතත් සමීප වනාන්තරවල, අරණ්‍යවලද භික්‍ෂූන්ට අපහාස කරමින් හැසිරෙත්. භික්‍ෂූහු ඒ පුවත තථාගතයන් වහන්සේට සැල කළාහුය. බුදුරජාණන් වහන්සේ ඒසේනම් ඒ මිනිසුන්ට මෙසේ ප්‍රතිචෝදනා කරන්නැයි වදාරා,

“අභූතවාදී නිරයං උපෙති, යො වාපි කත්‍වා න කරොමි චාහ; උභොපි තෙ පෙච‍්ච සමා භවන‍්ති, නිහීනකම‍්මා මනුජා පරත්‍ථා”ති. (උදා· 38) –

අභූතවාදී නිරයං උපෙති, යො චාපි කත්‍වා න කරොමීති චාහ, උභොපි තෙ පෙච්ච සමා භවන්ති, නිහීනකම්මා මනුජා පරත්‍ථ

ඉමං ගාථමාහ.

යන මේ ගාථාව දේශනාව කළහ.

බොරු කියන තැනැත්තා නිරයට යයි. යමෙක් යමක් කොට නොකළෙමියි කියයිද ඔහුද නිරයට යයි. ඒ දෙදෙනාම පරලොවදී සමාන වෙත්. හීන කර්ම ඇති ඒ දෙපක්‍ෂයෙහිම සත්ත්වයෝ පරලොවදී සමවන්නාහුය.

රාජා “සුන්‍දරියා අඤ‍්ඤෙහි මාරිතභාවං ජානාථා”ති පුරිසෙ පෙසෙසි. තෙපි ඛො ධුත‍්තා තෙහි කහාපණෙහි සුරං පිවන‍්තා අඤ‍්ඤමඤ‍්ඤං කලහං කරොන‍්ති. තත්‍ථෙකො එවමාහ – “ත්‍වං සුන්‍දරිං එකප‍්පහාරෙනෙව මාරෙත්‍වා මාලාකචවරන‍්තරෙ නික‍්ඛිපිත්‍වා තතො ලද‍්ධකහාපණෙහි සුරං පිවසි, හොතු හොතූ”ති. රාජපුරිසා තෙ ධුත‍්තෙ ගහෙත්‍වා රඤ‍්ඤො දස‍්සෙසුං. අථ තෙ රාජා “තුම‍්හෙහි මාරිතා”ති පුච‍්ඡි. “ආම, දෙවා”ති. “කෙහි මාරාපිතා”ති? “අඤ‍්ඤතිත්‍ථියෙහි, දෙවා”ති. රාජා තිත්‍ථියෙ පක‍්කොසාපෙත්‍වා සුන්‍දරිං උක‍්ඛිපාපෙත්‍වා “ගච‍්ඡථ තුම‍්හෙ, එවං වදන‍්තා නගරං ආහිණ‍්ඩථ ‘අයං සුන්‍දරී සමණස‍්ස ගොතමස‍්ස අවණ‍්ණං ආරොපෙතුකාමෙහි අම‍්හෙහි මාරාපිතා, නෙව සමණස‍්ස ගොතමස‍්ස, න ගොතමසාවකානං දොසො අත්‍ථි, අම‍්හාකංයෙව දොසො’”ති ආණාපෙසි. තෙ තථා අකංසු. බාලමහාජනො තදා සද‍්දහි, තිත්‍ථියාපි පුරිසවධදණ‍්ඩෙන පලිබුද‍්ධා. තතො පට‍්ඨාය බුද‍්ධානං මහන‍්තතරො ලාභසක‍්කාරො අහොසි.

රජතුමා සුන්දරිය අන් අය විසින් මරණ ලද බව සොයා දැනගන්නැයි පුරුෂයන් යෙදවීය. ඒ ධූර්තයෝ වනාහි ඒ කහවණුවලින් රා බොමින් ඔවුනොවුන් කලහ කරත්. එහිදී එකෙක් “තෝ සුන්දරිය එක පහරින්ම මරා ඉවත දැමූ මල්ගොඩ අතරෙහි දමා එයින් කහවණුවලින් රා බොන්නෙහි ද වේවා වේවායි” කීවේය. රාජ පුරුෂයෝ ඒ ධූර්තයන් රැගෙන ගොස් රජුට දැක්වූහ. ඉක්බිති රජතුමා තොප විසින් ඇය මැරුවාහුදැයි විචාළේය. එසේය දේවයන් වහන්ස! කවුරුන් විසින් මරවන ලදද? අන්‍ය තීර්ථකයන් විසින් දේවයන් වහන්ස. රජතුමා තීර්ථකයන් කැඳවා සුන්දරීව ඔසවාගෙන යව්. තෙපි මේ සුන්දරිය ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේට අපකීර්තියක් ආරෝපනය කරනු කැමති අය විසින් මරවන ලදි. ගෞතමයන් වහන්සේගේ හෝ ශ්‍රාවකයන් වහන්සේලාගේ හෝ දෝෂයක් නැත. අපගේ දෝෂය” යි මෙසේ කියමින් නගරයෙහි හැසිරෙව් යනුවෙන් කීය. ඔවුහු එසේ කළාහුය. මෝඩ මිනිස්සු මුලදී කී කථාව විශ්වාස කළහ. තීර්ථකයෝද මරණයට පැමිණවීමෙන් පීඩාවට පත් කරන ලදහ. එතැන් පටන් බුදුරජාණන් වහන්සේට සත්කාර ඉතා මහත් විය.

අථෙකදිවසං භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං – “ආවුසො, තිත්‍ථියා ‘බුද‍්ධානං කාළකභාවං උප‍්පාදෙස‍්සාමා’ති සයං කාළකා ජාතා, බුද‍්ධානං පන මහන‍්තතරො ලාභසක‍්කාරො උදපාදී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, සක‍්කා බුද‍්ධානං සංකිලෙසං උප‍්පාදෙතුං, බුද‍්ධානං සංකිලිට‍්ඨභාවකරණං නාම ජාතිමණිනො කිලිට‍්ඨභාවකරණසදිසං, පුබ‍්බෙ ජාතිමණිං ‘කිලිට‍්ඨං කරිස‍්සාමා’ති වායමන‍්තාපි නාසක‍්ඛිංසු කිලිට‍්ඨං කාතු”න‍්ති වත්‍වා තෙහි යාචිතො අතීතං ආහරි.

ඉක්බිති එක්දිනක් භික්‍ෂූහු දම්සභාවෙහිදී ඇවැත්නි! තිර්ථකයෝ බුදුරජාණන් වහන්සේට අපකීර්තියක් උපදවන්නෙමුයි ගොස් තමුන්ම අපකීර්තියට පත්වූහ. බුදුරජාණන් වහන්සේට වනාහි ඉතා මහත් ලාභසත්කාර උපන්නේය යනුවෙන් කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි, කවර කථාවකින් යුක්තව මෙහි සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි. බුදුවරයන්ට අවමන් ඉපදවීමට නොහැකිය. බුදුවරයන්ට අවමන් කිරීමට උත්සාහ කිරීම ජාතිරංග මාණික්‍යයක් කිළිටි කිරීමට ගන්නා උත්සාහයක් හා සමානයි. පෙර දෑරඟමිණක් කිළිටි කරන්නෙමුයි උත්සාහ කළේ වී නමුදු කිළිටි කරන්නට නොහැකි වූහයි වදාරා උන්වහන්සේලා විසින් ඉල්ලන ලදුව අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො එකස‍්මිං ගාමකෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො කාමෙසු ආදීනවං දිස‍්වා නික‍්ඛමිත්‍වා හිමවන‍්තපදෙසෙ තිස‍්සො පබ‍්බතරාජියො අතික‍්කමිත්‍වා තාපසො හුත්‍වා පණ‍්ණසාලායං වසි. තස‍්සා අවිදූරෙ මණිගුහා අහොසි, තත්‍ථ තිංසමත‍්තා සූකරා වසන‍්ති, ගුහාය අවිදූරෙ එකො සීහො චරති, තස‍්ස මණිම‍්හි ඡායා පඤ‍්ඤායති. සූකරා සීහච‍්ඡායං දිස‍්වා භීතා උත්‍රස‍්තා අප‍්පමංසලොහිතා අහෙසුං. තෙ “ඉමස‍්ස මණිනො විප‍්පසන‍්නත‍්තා අයං ඡායා පඤ‍්ඤායති, ඉමං මණිං සංකිලිට‍්ඨං විවණ‍්ණං කරොමා”ති චින‍්තෙත්‍වා අවිදූරෙ එකං සරං ගන‍්ත්‍වා කලලෙ පවට‍්ටෙත්‍වා ආගන‍්ත්‍වා තං මණිං ඝංසන‍්ති. සො සූකරලොමෙහි ඝංසියමානො විප‍්පසන‍්නතරො අහොසි. සූකරා උපායං අපස‍්සන‍්තා “ඉමස‍්ස මණිනො විවණ‍්ණකරණූපායං තාපසං පුච‍්ඡිස‍්සාමා”ති බොධිසත‍්තං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං ඨිතා පුරිමා ද‍්වෙ ගාථා උදාහරිංසු –

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රජකරන කල්හි බෝසතාණන් වහන්සේ එක් ගමක බමුණු කුලයක ඉපදී වැඩිවියට පත්ව කාමයන්හි ආදීනව දැක නික්මී හිමාලය වන ප්‍රදේශයේ පර්වත රැළි තුන ඉක්මවා (එහි) තාපසයෙකු වී පන්සලක වාසය කළේය. එතුමාගේ ආශ්‍රමයට නුදුරෙහි මැණික් ගුහාවක් විය. එහි තිහක් පමණ ඌරෝ වාසය කරති. ගුහාවට නුදුරෙහි එක් සිංහයෙක් හැසිරෙයි. සිංහයාගේ ඡායාව මැණිකෙහි පෙනෙයි. ඌරෝ සිංහයාගේ ඡායාව දැක බියවී, තැති ගැනීමෙන් ස්වල්ප මස් ලේ ඇති අය වූහ. ඔවුහු මේ මැණික ප්‍රසන්න නිසා මේ සිංහයාගේ ඡායාව පෙනෙයි. මේ මැණික කිළුටු කරන්නෙමු විවර්ණ කරන්නෙමුයි සිතා නුදුරෙහි එක් විලකට ගොස් මඩෙහි ගැලී අවුත් මැණිකෙහි ඇඟ උළහි. එය ඌරු ලෝමයෙන් උළන කල්හි වඩාත් ප්‍රසන්න විය. ඌරෝ උපායක් නොදකිමින් මේ මැණික දුර්වර්ණ කරන උපායක් තාපසයාගෙන් අසන්නෙමුයි බෝසතාණන් වහන්සේ වෙත එළඹ වැඳ එකත්පසෙක සිටියාහු,

“දරියා සත‍්ත වස‍්සානි, තිංසමත‍්තා වසාමසෙ; හඤ‍්ඤාම මණිනො ආභං, ඉති නො මන‍්තරං අහු.

දරියා සත්තවස්සාති තිංසමත්තා වසාමසෙ, භඤ්ජෙම මණිනො ආභං ඉති නො මන්තතං අහු

“යාවතා මණිං ඝංසාම, භිය්‍යො වොදායතෙ මණි; ඉදඤ‍්චදානි පුච‍්ඡාම, කිං කිච‍්චං ඉධ මඤ‍්ඤසී”ති.

යාව යාව නිඝංසාම භීයො වොදායතෙ මණි, ඉදඤ්ච දානි පුච්ඡාම කිං කිච්චං ඉධ මඤ්ඤසි

යන පළමු ගාථා දෙක කීහ.

තිහක් පමණ දෙනා සත් අවුරුද්දක් මැණික් ගුහාවෙහි විසුවෙමි. මාණික්‍යයේ දීප්තිය වනසමුයි අප විසින් සාකච්ඡා කරන ලද්දේ විය.

උළන උළන තරමට මැණික බෙහෙවින් නිර්මල වෙයි. බමුණ නොපෙනෙන්ට විමසමු. මේ කරුණෙහිලා කුමක් කටයුතුදැයි ඔබ සිතන්නෙහිද?

තත්‍ථ දරියාති මණිගුහායං. වසාමසෙති වසාම. හඤ‍්ඤාමාති හනිස‍්සාම, මයම‍්පි විවණ‍්ණං කරිස‍්සාම. ඉදඤ‍්චදානි පුච‍්ඡාමාති ඉදානි මයං “කෙන කාරණෙන අයං මණි කිලිස‍්සමානො වොදායතෙ”ති ඉදං තං පුච‍්ඡාම. “කිං කිච‍්චං ‘ඉධ මඤ‍්ඤසී’ති ඉමස‍්මිං අත්‍ථෙ ත්‍වං ඉමං කිච‍්චං කින‍්ති මඤ‍්ඤසී”ති.

එහි දරියා යනු මැණික් ගුහාවෙහි, වසාමසෙ යනු වසමු. භඤ්ජෙම යනු නසන්නෙමු. ඉදඤ්චදානි පුච්ඡා යනු දැන් අපි මේ මැණික කිළිටි කිරීමෙහි යෙදුනත් කුමන කරුණකින් වොදායතෙ යනු පිරිසිදු වේද යන මෙය ඔබවහන්සේගෙන් විමසමු. කිං කිච්චං ඉධ මඤ්ඤසි යනු මේ අර්ථයෙහි නුඹ මේ ක්‍රියාව කුමක්දැයි සිතන්නෙහිද?

අථ නෙසං ආචික‍්ඛන‍්තො බොධිසත‍්තො තතියං ගාථමාහ –

ඉක්බිති ඔවුන්ට (කාරණය) කියන බෝසතාණන් වහන්සේ,

“අයං මණි වෙළුරියො, අකාචො විමලො සුභො; නාස‍්ස සක‍්කා සිරිං හන‍්තුං, අපක‍්කමථ සූකරා”ති.

අයං මණි වෙථරියො අකාචො විමලො සුභො, නාස්ස සක්කා සිරිං හන්තුං අපක්කමථ සූකරා

යන තෙවන ගාථාව කීහ.

මේ මැණික වෙරළුමිණෙක කර්කශ නොවෙයි. නිර්මලය. සුන්දරය. මෙහි සිරිය නසන්නට නොපිළිවන. ඌරනි ඉවත යවයි කීහ.

තත්‍ථ අකාචොති අකක‍්කසො. සුභොති සොභනො. සිරින‍්ති පභං. අපක‍්කමථාති ඉමස‍්ස මණිස‍්ස පභා නාසෙතුං න සක‍්කා, තුම‍්හෙ පන ඉමං මණිගුහං පහාය අඤ‍්ඤත්‍ථ ගච‍්ඡථාති.

එහි, අකාචො යනු කර්කශ නොවු, සුභො යනු ශෝභන, සිරි යනු ආලෝකය, අපක්කමථ යනු මේ මැණිකේ ආලෝකය නසන්නට නොහැකිය. තෙපි වනාහි මැණික් ගුහාව හැර අන් තැනනට යව් යනුයි.

තෙ තස‍්ස කථං සුත්‍වා තථා අකංසු. බොධිසත‍්තො ඣානං උප‍්පාදෙත්‍වා බ්‍රහ‍්මලොකපරායණො අහොසි.

ඔවුහු තාපසයාගේ කීම අසා එසේ කළාහුය. බෝසතාණන් වහන්සේ ධ්‍යාන උපදවාගෙන බඹලොව උපන්හ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා තාපසො අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල තාපසයා මම ම වූයෙමි යි වදාළ සේක.

මණිසූකරජාතකවණ‍්ණනා පඤ‍්චමා.