යෙදුමෙන් කියවන්න

6. සාලූකජාතකවණ‍්ණනා 286 අට‍්ඨකථා

6. සාලූකජාතකවණ‍්ණනා (286)

6. සාලුක ජාතකය (286)

මා සාලූකස‍්ස පිහයීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ථුල‍්ලකුමාරිකාපලොභනං ආරබ‍්භ කථෙසි. තං චූළනාරදකස‍්සපජාතකෙ (ජා· 1.13.40 ආදයො) ආවිභවිස‍්සති. තං පන භික‍්ඛුං සත්‍ථා පක‍්කොසාපෙත්‍වා “සච‍්චං කිර ත්‍වං, භික‍්ඛු, උක‍්කණ‍්ඨිතොසී”ති පුච‍්ඡි. “එවං, භන‍්තෙ”ති. “කො තං උක‍්කණ‍්ඨාපෙතී”ති? “ථුල‍්ලකුමාරිකා, භන‍්තෙ”ති. සත්‍ථා “එසා තෙ භික‍්ඛු අනත්‍ථකාරිකා, පුබ‍්බෙපි ත්‍වං එතිස‍්සා විවාහත්‍ථාය ආගතපරිසාය උත‍්තරිභඞ‍්ගො අහොසී”ති වත්‍වා භික‍්ඛූහි යාචිතො අතීතං ආහරි.

මා සාලුකස්ස පිහයි යන බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් ථුල්ල කුමාරිකාවගේ පෙළඹවීම අරබයා වදාළ සේක. එය චුල්ලනාරද කාශ්‍යප ජාතකයෙහි මතු සඳහන් වන්නේය. බුදුරජාණන් වහන්සේ ඇත්තද මහණ? ඔබ කළකිරුණේදැයි ඒ භික්‍ෂුවගෙන් විචාළ සේක. එසේය ස්වාමීනි. ඔබ කළකිරවන්නේ කවුද? ස්වාමීනි! ථුල්ල කුමාරිකාවයි. බුදුරජාණන් වහන්සේ මහණ මේ තැනැත්තී ඔබට අනර්ථයක් කරන්නීය. පෙරත් නුඔ මැයගේ විවාහය සඳහා ආවා වූ අමුත්තන්ට ආහාරයක් වූයේ යයි වදාරා භික්‍ෂූන් විසින් අයදින ලදුව අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො මහාලොහිතගොණො නාම අහොසි, කනිට‍්ඨභාතා පනස‍්ස චූළලොහිතො නාම. උභොපි ගොණා ගාමකෙ එකස‍්මිං කුලෙ කම‍්මං කරොන‍්ති. තස‍්ස කුලස‍්ස එකා වයප‍්පත‍්තා කුමාරිකා අත්‍ථි, තං අඤ‍්ඤකුලං වාරෙසි. අථ නං කුලං “විවාහකාලෙ උත‍්තරිභඞ‍්ගො භවිස‍්සතී”ති සාලූකං නාම සූකරං යාගුභත‍්තෙන පටිජග‍්ගි, සො හෙට‍්ඨාමඤ‍්චෙ සයති. අථෙකදිවසං චූළලොහිතො භාතරං ආහ – “භාතික, මයං ඉමස‍්මිං කුලෙ කම‍්මං කරොම, අම‍්හෙ නිස‍්සාය ඉමං කුලං ජීවති, අථ ච පනිමෙ මනුස‍්සා අම‍්හාකං තිණපලාලමත‍්තං දෙන‍්ති, ඉමං සූකරං යාගුභත‍්තෙන පොසෙන‍්ති, හෙට‍්ඨාමඤ‍්චෙ සයාපෙන‍්ති, කිං නාමෙස එතෙසං කරිස‍්සතී”ති. මහාලොහිතො “තාත, මා ත්‍වං එතස‍්ස යාගුභත‍්තං පත්‍ථය, එතිස‍්සා කුමාරිකාය විවාහදිවසෙ එතං උත‍්තරිභඞ‍්ගං කාතුකාමා එතෙ මංසස‍්ස ථූලභාවකරණත්‍ථං පොසෙන‍්ති, කතිපාහච‍්චයෙන තං පස‍්සිස‍්සසි හෙට‍්ඨාමඤ‍්චතො නික‍්ඛාමෙත්‍වා වධිත්‍වා ඛණ‍්ඩාඛණ‍්ඩිකං ඡින්‍දිත්‍වා ආගන‍්තුකභත‍්තං කරියමාන”න‍්ති වත්‍වා පුරිමා ද‍්වෙ ගාථා සමුට‍්ඨාපෙසි –

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරන සමයෙහි බෝසතාණන් වහන්සේ මහා ලෝහිත නම් ගොනෙකු වූහ. මොහුගේ මල්ලී වනාහි චුල්ලලෝහිත නම් විය. දෙදෙනාම ගමක එක් කුලයක වැඩපල කරත්. ඒ ගෙදර වැඩිවියට පත් එක් කුමාරිකාවක් සිටියාය. ඈ වෙනත් කුලයක් ඇයට විවාහ යෝජනා කළේය. ඉක්බිති ඒ (ගවයන් සිටින) ගෙදර විවාහ මගුල් කාලයෙහි ආහාරයක් වන්නේ යයි සාලුක නම් ඌරෙකු කැඳ බත් දී පෝෂණය කළේය. ඒ ඌරා ඇඳ යට නිදයි. ඉක්බිති එක් දිනක් චුල්ල ලෝහිත ගොනා සහෝදරයාට “සහෝදරය, අපි මේ ගෙදර වැඩ කරමු. අප නිසා මේ ගෙදර අය ජීවත් වෙති. එහෙත් මේ මිනිස්සු අපට තණකොළ හා පිදුරු පමණක් දෙති. මේ ඌරා කැඳ බත්වලින් පෝෂණය කරති. ඇද යට නිදි කරවති. ඌ ඔවුන්ට කුමක් කරන්නේදැ” යි කීවේය. මහාලෝහිත මල්ලී, නුඹ උගේ කැඳ බත් නොපතන්න. ඒ කුමාරිකාවගේ විවාහ දිනයෙහි මේ ඌරා ආහාර පිණිස ගනු කැමතිව මොවුහු උගේ මස් වැඩි කරනු පිණිස පෝෂණය කරති. කීප දිනකින් ඌරාට වන දේ බලන්න. ඇඳ යටින් මෑත්කොට, මරා කෑලි කෑලිවලට සිඳ අමුත්තන්ට ආහාරයට පිළියෙළ කරතියි කියා,

“මා සාලූකස‍්ස පිහයි, ආතුරන‍්නානි භුඤ‍්ජති; අප‍්පොස‍්සුක‍්කො භුසං ඛාද, එතං දීඝායුලක‍්ඛණං.

මා සාලුකස්ස පිහයි ආතුරන්නානි භුඤ්ජති, අප්පොස්සුක්කො භුසං ඛාද එතං දීඝායු ලක්ඛණං

“ඉදානි සො ඉධාගන‍්ත්‍වා, අතිථී යුත‍්තසෙවකො; අථ දක‍්ඛසි සාලූකං, සයන‍්තං මුසලුත‍්තර”න‍්ති.

ඉදානි සො ඉධාගනත්‍වා අතිථී යුත්තසෙවකො, අථ දක්ඛසි සාලූකං සයන්තං මුසලුන්තරං

යන පළමු ගාථා දෙක ඉදිරිපත් කළේය.

සාලුක නම් ඌරාගේ ස්වභාවය පතන්න එපා. සාලුකයා මරබත් අනුභව කරයි. ඔහුගේ ආහාරයට උත්සාහ නොකොට බොල් මිශ්‍ර පිදුරු කන්න. මේ දීර්ඝායුෂ ලබන්නට හේතුවකි.

දැන් සේවකයන්ගෙන් යුක්ත වූ ඒ විවාහපේක්‍ෂක ආගන්තුක පුරුෂයා මෙහි පැමිණ සිටියේය. අනතුරුව මෝල්ගසක් වැනි උඩුකොල ඇති මරණු පිණිස වැතිරී සිටින සාලුක නම් ඌරා ඔබ දක්නෙහිය.

තත්‍ථායං සඞ‍්ඛෙපත්‍ථො – තාත, ත්‍වං මා සාලූකසූකරභාවං පත්‍ථයි, අයඤ‍්හි ආතුරන‍්නානි මරණභොජනානි භුඤ‍්ජති, යානි භුඤ‍්ජිත්‍වා නචිරස‍්සෙව මරණං පාපුණිස‍්සති, ත්‍වං පන අප‍්පොස‍්සුක‍්කො නිරාලයො හුත්‍වා අත‍්තනා ලද‍්ධං ඉමං පලාලමිස‍්සකං භුසං ඛාද, එතං දීඝායුභාවස‍්ස ලක‍්ඛණං සඤ‍්ජානනනිමිත‍්තං. ඉදානි කතිපාහස‍්සෙව සො වෙවාහිකපුරිසො මහතියා පරිසාය යුත‍්තො යුත‍්තසෙවකො ඉධ අතිථි හුත්‍වා ආගතො භවිස‍්සති, අථෙතං සාලූකං මුසලසදිසෙන උත‍්තරොට‍්ඨෙන සමන‍්නාගතත‍්තා මුසලුත‍්තරං මාරිතං සයන‍්තං දක‍්ඛසීති.

මේ එහි කෙටි අර්ථයයි. මල්ලී ඔබ සාලුක ඌරාගේ ස්වභාවය නොපතන්න. මූ යම් ආහාර අනුභව කොට නොබෝ කලකින්ම මරණයට පැමිණෙන්නේද ඒ ආතුරන්නානි මරණ භෝජන භුඤ්ජති අනුභව කරයි. ඔබ අප්පොස්සුක්කො (ඌරාගේ කැඳබත් ආහාර ගැන) ආශාව නැති කෙනෙක් වී තමා ලද මේ භුසංඛාද පිදුරු ආහාරය කන්න. එය දීර්ඝායුෂ ලැබීමේ ලක්‍ෂණයයි, ආයුෂ හඳුනාගන්නා නිමිත්තය. ඉදානි දැන් කිහිප දිනකින්ම සො ඒ විවාහ ගිවිසගත් පුරුෂයා යුත්තසෙවකො මහත් වූ පිරිසක් ඇති කෙනෙක්ව මෙහි (මේ නිවසෙහි) ආගන්තුකයෙක් වී පැමිණෙන්නේය. එවිට මේ සාලුකං සාලුකයා මෝල්ගසක් වැනි උඩු තොලකින් යුක්ත වූ හෙයින් මුසලුත්තරං මුසලුත්තර නම් වූ මේ ඌරා මරණය පිණිස නිදන අයුරු දක්නෙහිය.

තතො කතිපාහස‍්සෙව වෙවාහිකෙසු ආගතෙසු සාලූකං මාරෙත්‍වා උත‍්තරිභඞ‍්ගමකංසු. උභො ගොණා තං තස‍්ස විපත‍්තිං දිස‍්වා “අම‍්හාකං භුසමෙව වර”න‍්ති චින‍්තයිංසු. සත්‍ථා අභිසම‍්බුද‍්ධො හුත්‍වා තදත්‍ථජොතිකං තතියං ගාථමාහ –

ඉක්බිති කීපදිනකින්ම විවාහ වන අය ආ කල්හි සාලුකයා මරා ආහාර සකස් කළහ. ගොන්නු දෙදෙනා ඒ සිද්ධිය දැක අපගේ බොල් මිශ්‍ර පිදුරු උතුම් යයි සාකචඡා කළහ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පැමිණ ඒ අර්ථය බබුළුවන,

“විකන‍්තං සූකරං දිස‍්වා, සයන‍්තං මුසලුත‍්තරං; ජරග‍්ගවා විචින‍්තෙසුං, වරම‍්හාකං භුසාමිවා”ති.

විකත්තං සූකරං දිස්වා සයනතං මුසලුත්තරං, ජරග්ගවා විචින්නෙසුං වරම්හාකං භුසාමිව

යන තුන්වන ගාථාව වදාළහ.

මෝල්ගසක් වැනි උඩුතොල ඇතිව වැතිර සිටින කපන ලද ඌරා දැක ගොන්නු අපගේ පිදුරුම උතුම් යයි සිතූහ.

තත්‍ථ භුසාමිවාති භුසමෙව අම‍්හාකං වරං උත‍්තමන‍්ති අත්‍ථො.

එහි, භුසාමිව යනු බොල් වී මිශ්‍ර පිදුරු ම අම්හාකං වරං අපට උතුම්ය යන අර්ථයයි.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ සො භික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. “තදා කුමාරිකා එතරහි ථුල‍්ලකුමාරිකා අහොසි, සාලූකො උක‍්කණ‍්ඨිතභික‍්ඛු, චූළලොහිතො ආනන්‍දො, මහාලොහිතො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය දේශනාකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්‍ය කෙළවර ඒ භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල ථුල්ල කුමාරිකාව දැනුත් ථුල්ල කුමාරිකාවමයි. සාලුක ඌරා කළකිරුණු භික්‍ෂුව විය. චුල්ල ලෝහිත ආනන්දය. මහා ලෝහිත වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

සාලූකජාතකවණ‍්ණනා ඡට‍්ඨා.