යෙදුමෙන් කියවන්න

7. ලාභගරහජාතකවණ‍්ණනා 287 අට‍්ඨකථා

7. ලාභගරහජාතකවණ‍්ණනා (287)

7. ලාභගරහ ජාතකය (287)

නානුම‍්මත‍්තොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සාරිපුත‍්තත්‍ථෙරස‍්ස සද‍්ධිවිහාරිකං ආරබ‍්භ කථෙසි. ථෙරස‍්ස කිර සද‍්ධිවිහාරිකො ථෙරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො “ලාභුප‍්පත‍්තිපටිපදං මෙ, භන‍්තෙ, කථෙථ, කිං කරොන‍්තො චීවරාදීනං ලාභී හොතී”ති පුච‍්ඡි. අථස‍්ස ථෙරො “ආවුසො, චතූහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස ලාභසක‍්කාරො උප‍්පජ‍්ජති, අත‍්තනො අබ‍්භන‍්තරෙ හිරොත‍්තප‍්පං භින්‍දිත්‍වා සාමඤ‍්ඤං පහාය අනුම‍්මත‍්තෙනෙව උම‍්මත‍්තෙන විය භවිතබ‍්බං, පිසුණවාචා වත‍්තබ‍්බා, නටසදිසෙන භවිතබ‍්බං, විකිණ‍්ණවාචෙන කුතූහලෙන භවිතබ‍්බ”න‍්ති ඉමං ලාභුප‍්පත‍්තිපටිපදං කථෙසි. සො තං පටිපදං ගරහිත්‍වා උට‍්ඨාය පක‍්කන‍්තො. ථෙරො සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා තං පවත‍්තිං ආචික‍්ඛි. සත්‍ථා “නෙසො, සාරිපුත‍්ත, භික‍්ඛු ඉදානෙව ලාභං ගරහති, පුබ‍්බෙපෙස ගරහියෙවා”ති වත්‍වා ථෙරෙන යාචිතො අතීතං ආහරි.

නානුම්මත්තො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක් සැරියුත් මහරහතන් වහන්සේගේ සද්ධිවිහාරික ශිෂ්‍යයකු අරබයා වදාළ සේක. සැරියුත් තෙරුන් වහන්සේගේ සද්ධිවිහාරික භික්‍ෂුව තෙරුන් වෙත එළඹ වැඳ එකත්පසෙක හිඳිමින් ස්වාමීනි, මට ලාභ උපදවන ප්‍රතිපදාව කියනු මැනවි. කුමක් කරමින් සිවුරු ආදිය ලබන්නෙක් වේදැයි විචාළේය. ඉක්බිති ඔහුට තෙරුන් වහන්සේ ඇවැත්නි, අංග හතරකින් යුක්ත වූවෙකුට ලාභ සත්කාර උපදියි. එනම් තමන් තුළ ලජ්ජාව බිඳ දමා මහණකම නොසලකා හැර උමතු නොවී එහෙත් උමතු වූවෙකු මෙන් විය යුතුයි. කේලාම් කිවයුතුයි. නළුවෙකු හා සමාන විය යුතුයි. කටට ආ දෙයක් කියන කලබල තැනැත්තෙකු විය යුතුය යන මේ හතර ලාභ උපදවන ප්‍රතිපදාව වදාළ සේක. ඒ භික්‍ෂුව ඒ ප්‍රතිපදාවට ගරහා අසුනෙන් නැගිට ගියේය. තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත එළඹ ඒ පුවත කිහ. බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍රය, ඒ භික්‍ෂුව ලාභයට ගැරහුවේ දැන් පමණක් නොවේ. පෙරත් ගැරහුවේම යැයි වදාරා තෙරුන් වහන්සේගේ ඉල්ලීම පරිදි අතීත කථාව ගෙනහැර පෑ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො සොළසවස‍්සිකකාලෙයෙව තිණ‍්ණං වෙදානං අට‍්ඨාරසන‍්නඤ‍්ච සිප‍්පානං පරියොසානං පත්‍වා දිසාපාමොක‍්ඛො ආචරියො හුත්‍වා පඤ‍්ච මාණවකසතානි සිප‍්පං වාචෙසි. තත්‍රෙකො මාණවො සීලාචාරසම‍්පන‍්නො එකදිවසං ආචරියං උපසඞ‍්කමිත්‍වා “කථං ඉමෙසං සත‍්තානං ලාභො උප‍්පජ‍්ජතී”ති ලාභුප‍්පත‍්තිපටිපදං පුච‍්ඡි. ආචරියො “තාත, ඉමෙසං සත‍්තානං චතූහි කාරණෙහි ලාභො උප‍්පජ‍්ජතී”ති වත්‍වා පඨමං ගාථමාහ –

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ බමුණු කුලයෙහි ඉපදී වැඩිවියට පත්ව සොළොස් (16) වස් කාලයේ ත්‍රිවේදයේ හා අටළොස් ශිල්පයන්ගේ කෙළවරට පැමිණ දිසාපාමොක් ඇදුරුව පන්සියයක් තරුණයින්ට ශිල්ප ඉගැන්වූහ. එහි එක් ශීලාචාර සම්පන්න තරුණයෙක් එක්දිනක් ගුරුතුමා වෙත ගොස් ගුරුතුමනි, මේ සත්ත්වයන්ට කෙසේ නම් ලාභ උපදීදැයි ලාභ ප්‍රතිපදාව විචාළේය. ගුරුතුමා දරුව! මේ සත්ත්වයන්ට කරුණු සතරකින් ලාභ උපදිතියි කියා,

“නානුම‍්මත‍්තො නාපිසුණො, නානටො නාකුතූහලො; මූළ‍්හෙසු ලභතෙ ලාභං, එසා තෙ අනුසාසනී”ති.

නානුම්මත්තො නාපිසුණො නානටො නාකුතූහලො, මුළ්හෙසුලභතෙ ලාභං එසාතෙ අනුසාසනි

යන පළමු ගාථාව කීවේය.

උමතු නොවූ තැනැත්තා කේළාම් නොකියන තැනැත්තා, නොනටන තැනැත්තා, කුතුහලය නොවන තැනැත්තා. මෝඩයන් ලාභ නොලබයි. මේ නුඹට අපේ ලාභ අනුශාසනාවයි.

තත්‍ථ නානුම‍්මත‍්තොති න අනුම‍්මත‍්තො. ඉදං වුත‍්තං හොති – යථා උම‍්මත‍්තකො නාම ඉත්‍ථිපුරිසදාරිකදාරකෙ දිස‍්වා තෙසං වත්‍ථාලඞ‍්කාරාදීනි විලුම‍්පති, තතො තතො මච‍්ඡමංසපූවාදීනි බලක‍්කාරෙන ගහෙත්‍වා ඛාදති, එවමෙව යො ගිහිභූතො අජ‍්ඣත‍්තබහිද‍්ධසමුට‍්ඨානං හිරොත‍්තප‍්පං පහාය කුසලාකුසලං අගණෙත්‍වා නිරයභයං අභායන‍්තො ලොභාභිභූතො පරියාදිණ‍්ණචිත‍්තො කාමෙසු පමත‍්තො සන්‍ධිච‍්ඡෙදාදීනි සාහසිකකම‍්මානි කරොති, පබ‍්බජිතොපි හිරොත‍්තප‍්පං පහාය කුසලාකුසලං අගණෙත්‍වා නිරයභයං අභායන‍්තො සත්‍ථාරා පඤ‍්ඤත‍්තං සික‍්ඛාපදං මද‍්දන‍්තො ලොභෙන අභිභූතො පරියාදිණ‍්ණචිත‍්තො චීවරාදිමත‍්තං නිස‍්සාය අත‍්තනො සාමඤ‍්ඤං විජහිත්‍වා පමත‍්තො වෙජ‍්ජකම‍්මදූතකම‍්මාදීනි කරොති, වෙළුදානාදීනි නිස‍්සාය ජීවිකං කප‍්පෙති, අයං අනුම‍්මත‍්තොපි උම‍්මත‍්තසදිසත‍්තා උම‍්මත‍්තො නාම , එවරූපස‍්ස ඛිප‍්පං ලාභො උප‍්පජ‍්ජති. යො පන එවං අනුම‍්මත‍්තො ලජ‍්ජී කුක‍්කුච‍්චකො, එස මූළ‍්හෙසු අපණ‍්ඩිතෙසු පුරිසෙසු ලාභං න ලභති, තස‍්මා ලාභත්‍ථිකෙන උම‍්මත‍්තකෙන විය භවිතබ‍්බන‍්ති.

එහි, න අනුම්මත්තො යනු මෙය කියන ලද්දේ වෙයි. යම්සේ උම්මත්තකයා ස්ත්‍රී පුරුෂයන්, දරුවන් දැක ඔවුන්ගේ වස්ත්‍ර ආභරණ ආදිය පැහැර ගනියි. ඒ ඒ තැනින් මස්, මාලු, කැවුම් ආදිය බලෙන් රැගෙන කයි. මෙසේම යම් ගිහියෙක් කුසල් අකුසල් ගණන් නොගෙන, අපා බියට බිය නොවෙමින් ලෝභයෙන් යටපත් කරන ලද මඩින ලද සිත් ඇතිව කාමයන්හි (යෙදී) පමා වූයේ ගෙවල් බිදීම් ආදී සැහැසි ක්‍රියා කරයි. පැවිද්දා ද ලැජ්ජා භය හැර කුසල්, අකුසල් ගණන් නොගෙන අපා බියට බිය නොවී, බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද ශික්‍ෂාපද කඩමින් ලෝභයෙන් යටපත් කරන ලද මඩින ලද සිත් ඇතිව කාමයන්හි (යෙදී) පමා වූයේ ගෙවල් බිදීම් ආදී සැහැසි ක්‍රියා කරයි. පැවිද්දා ද ලැජ්ජා භය හැර කුසල්, අකුසල් ගණන් නොගෙන අපා බියට බිය නොවී, බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද ශික්‍ෂාපද කඩමින් ලෝභයෙන් යටපත් කරන ලද මඩින ලද සිත් ඇතිව සිවුරු ආදී යමක් නිසා, තමන්ගේ පැවිදි කටයුතු අතහැර පමාවූයේ වෙදකම්, පණිවිඩ ගෙනයාම් ආදිය කරයි. (ගිහියන්ට) උණස් ආදිය දීමෙන් දිවි ගෙවයි. මොහු උමතු නොවී උමතුවකු සමාන බැවින් පිස්සෙකි. මෙබඳු තැනැත්තාට වහා ලාභ උපදියි. යමෙක් වනාහි මෙසේ උමතු නොවූයේ (පවට) ලැජ්ජා, ඇති වරදට පසුතැවෙන මොහු මුළා වූවන් අතර අනුවණයන් අතර ලාභ නොලබයි. ඒ නිසා ලාභ බලාපොරොත්තු වන තැනැත්තා විසින් පිස්සෙකු මෙන් විය යුතුය.

නාපිසුණොති එත්‍ථාපි යො පිසුණො හොති, “අසුකෙන ඉදං නාම කත”න‍්ති රාජකුලෙ පෙසුඤ‍්ඤං උපසංහරති, සො අඤ‍්ඤෙසං යසං අච‍්ඡින්‍දිත්‍වා අත‍්තනො ගණ‍්හාති. රාජානොපි නං “අයං අම‍්හෙසු සසස‍්නෙහො”ති උච‍්චෙ ඨානෙ ඨපෙන‍්ති, අමච‍්චාදයොපිස‍්ස “අයං නො රාජකුලෙ පරිභින්‍දෙය්‍යා”ති භයෙන දාතබ‍්බං මඤ‍්ඤන‍්ති, එවං එතරහි පිසුණස‍්ස ලාභො උප‍්පජ‍්ජති. යො පන අපිසුණො, සො මූළ‍්හෙසු ලාභං න ලභතීති එවමත්‍ථො වෙදිතබ‍්බො.

නාපිසුණො යනු මෙහිද යමෙක් කේළාම් කියයිද, අසවලා මෙනම් දෙය කරන ලදැයි කියා රජගෙට කේළාම් ගෙනයයි. ඔහු අනුන්ගේ කීර්තිය පැහැරගෙන තමන්ට පවරා ගනී. රජවරු මේ තෙමේ අප කෙරෙහි සෙනෙහස ඇත්තෙකැයි සිතා උසස් තනතුරක තබත්, ඇමතිකම් ආදී තනතුරු දරන අයද මේ තෙමේ රජගෙදර අය අප හා භේද කරන්නේ යැයි බියෙන් (යමක්) දිය යුතුයයි සිතත්. මෙසේ දැන් කේළාම් කියන්නාට ලාභ උපදියි. යමෙක් වනාහි කේළාම් නොකියන්නේ නම් ඔහු මුළා වූ අය අතර ලාභ නොලබයි. මෙසේ අර්ථය දැක යුතුයි.

නානටොති ලාභං උප‍්පාදෙන‍්තෙන නටෙන විය භවිතබ‍්බං. යථා නටො හිරොත‍්තප‍්පං පහාය නච‍්චගීතවාදිතෙහි කීළං කත්‍වා ධනං සංහරති, එවමෙව ලාභත්‍ථිකෙන හිරොත‍්තප‍්පං භින්‍දිත්‍වා ඉත්‍ථිපුරිසදාරිකදාරකානං සොණ‍්ඩසහායෙන විය නානප‍්පකාරං කෙළිං කරොන‍්තෙන විචරිතබ‍්බං. යො එවං අනටො, සො මූළ‍්හෙසු ලාභං න ලභති.

නානමො යනු ලාභ උපදවන වූ තැනැත්තා නටන්නෙකු මෙන් විය යුතුයි. නටන්නා ලැජ්ජා බය නැතිව නැටුම්, ගී කීම්, වාදනය කිරීම්වලින් ක්‍රීඩාකොට ධනය රැස් කරයි. මෙසේම ලාභ බලාපොරොත්තු වන්නා විසින් ලැජ්ජා, භය බිඳ ස්ත්‍රී, පුරුෂ, දරුවන්ට ලොල් ස්වභාවයෙන් යුතු වී නොයෙක් ආකාර සෙල්ලම් කරන්නෙකු වී හැසිරිය යුතුයි. යමෙක් එසේ නළුවෙක් නොවේනම් හෙතෙම මුලාවූවන් අතර ලාභ නොලබයි.

නාකුතූහලොති කුතූහලො නාම විප‍්පකිණ‍්ණවාචො. රාජානො හි අමච‍්චෙ පුච‍්ඡන‍්ති – “අසුකට‍්ඨානෙ කිර ‘මනුස‍්සො මාරිතො, ඝරං විලුත‍්තං, පරෙසං දාරා පධංසිතා’ති සුය්‍යති, කෙසං නු ඛො ඉදං කම‍්ම”න‍්ති. තත්‍ථ සෙසෙසු අකථෙන‍්තෙසුයෙව යො උට‍්ඨහිත්‍වා “අසුකො ච අසුකො ච නාමා”ති වදති, අයං කුතූහලො නාම. රාජානො තස‍්ස වචනෙන තෙ පුරිසෙ පරියෙසිත්‍වා නිසෙධෙත්‍වා “ඉමං නිස‍්සාය නො නගරං නිච‍්චොරං ජාත”න‍්ති තස‍්ස මහන‍්තං යසං දෙන‍්ති, සෙසාපි ජනා “අයං නො රාජපුරිසෙහි පුට‍්ඨො සුයුත‍්තදුයුත‍්තං කථෙය්‍යා”ති භයෙන තස‍්සෙව ධනං දෙන‍්ති, එවං කුතූහලස‍්ස ලාභො උප‍්පජ‍්ජති. යො පන අකුතූහලො, එස න මූළ‍්හෙසු ලභති ලාභං. එසා තෙ අනුසාසනීති එසා අම‍්හාකං සන‍්තිකා තුය‍්හං ලාභානුසිට‍්ඨීති.

නකුතුහලො යනු කුතුහල පුද්ගලයා නම් විසුරුණු වචන ඇති තැනැත්තාය. රජවරු ඇමතිවරුන් පිරිවරාගෙන ඇමතියන්ගේ අසවල් තැන මිනිසෙකු මරා දමා ඇත. ගෙයක් පැහැරගෙන ඇත. පර අඹුවන් දූෂණය කර ඇතැයි අසන්නට ලැබේ. මේ කවුරුන්ගේ ක්‍රියාවක්දැ යි විමසති. එහිදී අන් අය කතා කිරීමට කලින් නැගිට අසවලා අසවලා යයි කියන තැනැත්තා ‘කුතුහල පුද්ගලයා’ නම් වෙයි. රජවරු ඔහුගේ වචනයෙන් ඒ පුරුෂයන් සොයා එම ක්‍රියාව වළක්වා මොහු නිසා අපගේ නගරය සොරු නැති එකක් විය. ඔහුට මහත් සම්පත් දෙති. සෙසු මිනිස්සුද මොහු රාජ පුරුෂයන් විසින් අප ගැන විමසූ විට යුක්තිය අයුක්තිය කියන්නේ යයි බියෙන් ඔහුටම ධනය දෙති. මෙසේ කුතුහලය පුද්ගලයාට ලාභ උපදී. යමෙක් වනාහි කුතුහලයෙකු නොවේද මේ තෙම මුළාවූවන් අතරදී ලාභ නොලබයි. එසා තෙ අනුසාසති මෙය අප වෙතින් තොපට ලැබෙන ලාභය පිළිබඳ අනුශාසනයයි.

අන‍්තෙවාසිකො ආචරියස‍්ස කථං සුත්‍වා ලාභං ගරහන‍්තො –

අතවැසියා ගුරුවරයාගේ කථාව අසා ලාභයට ගරහමින්,

“ධිරත්‍ථු තං යසලාභං, ධනලාභඤ‍්ච බ්‍රාහ‍්මණ; යා වුත‍්ති විනිපාතෙන, අධම‍්මචරණෙන වා.

ධීරත්‍ථු තං යස ලාභං ධන ලාභඤ්ච බ්‍රාහ්මණ, යා වුත්ති විනිපාතෙන අධම්ම චරියාය වා

“අපි චෙ පත‍්තමාදාය, අනගාරො පරිබ‍්බජෙ; එසාව ජීවිකා සෙය්‍යො, යා චාධම‍්මෙන එසනා”ති. – ගාථාද‍්වයමාහ;

අපිචෙ පත්තමාදාය අනාගාරො පරිබ්බජෙ, එසාව ජීවිකා සෙය්‍යා යා වාධම්මේන එසනා

යන ගාථා දෙක කීය.

බමුණ! යසස් (කීර්ති) ලාභයටද ධන ලාභයටද තමා නැසෙන පරිදි වැරදි හැසිරීමෙන් කරන දිවි පැවැත්මටද නින්දා වේවා. නින්දා වේවා!

අධාර්මික ලෙස ධනය සොයමින් දිවි පවත්වනවාට වඩා අනගාරිකව හෙවත් පැවිදිව පාත්‍රයක් ගෙන සිඟා ලද අහරින් පවත්වන මේ දිවි පැවැත්ම ශ්‍රේෂ්ඨයි.

තත්‍ථ යා වුත‍්තීති යා ජීවිතවුත‍්ති. විනිපාතෙනාති අත‍්තනො විනිපාතෙන. අධම‍්මචරණෙනාති අධම‍්මකිරියාය විසමකිරියාය වධබන්‍ධනගරහාදීහි අත‍්තානං විනිපාතෙත්‍වා අධම‍්මං චරිත්‍වා යා වුත‍්ති, තඤ‍්ච යසධනලාභඤ‍්ච සබ‍්බං ධිරත්‍ථු නින්‍දාමි ගරහාමි, න මෙ එතෙනත්‍ථොති අධිප‍්පායො. පත‍්තමාදායාති භික‍්ඛාභාජනං ගහෙත්‍වා. අනගාරො පරිබ‍්බජෙති අගෙහො පබ‍්බජිතො හුත්‍වා චරෙය්‍ය, න ච සප‍්පුරිසො කායදුච‍්චරිතාදිවසෙන අධම‍්මචරියං චරෙය්‍ය. කිංකාරණා? එසාව ජීවිකා සෙය්‍යො. යා චාධම‍්මෙන එසනාති, යා එසා අධම‍්මෙන ජීවිකපරියෙසනා, තතො එසා පත‍්තහත්‍ථස‍්ස පරකුලෙසු භික‍්ඛාචරියාව සෙය්‍යො, සතගුණෙන සහස‍්සගුණෙන සුන්‍දරතරොති දස‍්සෙති.

එහි, යා වුත්ති යනු, යම් දිවි පැවැත්මක්. විනිපාතෙන යනු තමාගේ ජීවිතය විනාශයට පත්කර ගැනීමෙන්, අධම්මචරියාය වා යනු අදැහැමි ක්‍රියාවෙන්, නරක ක්‍රියාවෙන් මරණය, සිරගතවීම, ගැරහීම ආදියෙන් ජීවිතය විනාශකොට අධර්මයෙහි හැසිර යම් දිවි පැවැත්මක් වීද එයද කීර්තියද, ධන ලාභයද යන සියල්ල සබ්බං ධීරත්‍ථු නින්දා කරමි, ගරහමි, මට එයින් වැඩැක් නැතැයි යන අදහසයි. පත්තමාදාය යනු භික්‍ෂා භාජනය හෙවත් පාත්‍රය ගෙන. අනාගාරො පරිබ්බජෙ යනු ගෙයක් නැති පැවිද්දෙක් වී හැසිරෙන්නේය. සත්පුරුෂයා කයින් කෙරෙන දුසිරිත් ආදී වශයෙන් අදැහැමි හැසිරීමක නොහැසිරෙන්නේය. කුමක් නිසාද? එසාව ජීවිකා සෙය්‍යා යා වාධම්මේන එසනා යනු යම් මේ අධාර්මික ලෙස ජීවත්වීමට අදාළ දේ සෙවීමක් වේද එහෙයින් පාත්‍රය ගත් අත් ඇතිව අනුන්ගේ ගෙවල පිඬු සිඟීම ශ්‍රේෂ්ඨයි. සියදහස් ගුණයකින් වඩා සුන්දරයයි දක්වයි.

එවං මාණවො පබ‍්බජ‍්ජාය ගුණං වණ‍්ණෙත්‍වා නික‍්ඛමිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා ධම‍්මෙන භික‍්ඛං පරියෙසන‍්තො අභිඤ‍්ඤා ච සමාපත‍්තියො ච නිබ‍්බත‍්තෙත්‍වා බ්‍රහ‍්මලොකපරායණො අහොසි.

මේ තරුණයා පැවිද්දෙහි ගුණ වර්ණනා කොට නික්මී තවුස් පැවිද්දෙන් පැවිදිව දැහැමින් ආහාර සොයමින් සමාපත්තා උපදවා බඹලොව උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා මාණවො ලාභගරහී භික‍්ඛු අහොසි, ආචරියො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල මානවකයා ලාභ ගැරහූ භික්‍ෂුව විය. ගුරුවරයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

ලාභගරහජාතකවණ‍්ණනා සත‍්තමා.