යෙදුමෙන් කියවන්න

8. මච‍්ඡුද‍්දානජාතකවණ‍්ණනා 288 අට‍්ඨකථා

8. මච‍්ඡුද‍්දානජාතකවණ‍්ණනා (288)

8. මච්ඡුද්දාන ජාතකය (288)

අග‍්ඝන‍්ති මච‍්ඡාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං කූටවාණිජං ආරබ‍්භ කථෙසි. වත්‍ථු හෙට‍්ඨා කථිතමෙව.

අග්ඝනම් මච්ඡා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරන සේක් එක් කපටි වෙළෙන්දෙකු අරබයා වදාළ සේක. කථාවස්තුව යට (මුලදී) කියන ලද්දේය.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කුටුම‍්බිකකුලෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො කුටුම‍්බං සණ‍්ඨපෙසි. කනිට‍්ඨභාතාපිස‍්ස අත්‍ථි, තෙසං අපරභාගෙ පිතා කාලකතො. තෙ එකදිවසං “පිතු සන‍්තකං වොහාරං සාධෙස‍්සාමා”ති එකං ගාමං ගන‍්ත්‍වා කහාපණසහස‍්සං ලභිත්‍වා ආගච‍්ඡන‍්තා නදීතිත්‍ථෙ නාවං පටිමානෙන‍්තා පුටභත‍්තං භුඤ‍්ජිංසු. බොධිසත‍්තො අතිරෙකභත‍්තං ගඞ‍්ගාය මච‍්ඡානං දත්‍වා නදීදෙවතාය පත‍්තිං අදාසි. දෙවතා පත‍්තිං අනුමොදිත්‍වායෙව දිබ‍්බෙන යසෙන වඩ‍්ඪිත්‍වා අත‍්තනො යසවුඩ‍්ඪිං ආවජ‍්ජමානා තං කාරණං අඤ‍්ඤාසි. බොධිසත‍්තොපි වාලිකායං උත‍්තරාසඞ‍්ගං පත්‍ථරිත්‍වා නිපන‍්නො නිද‍්දං ඔක‍්කමි, කනිට‍්ඨභාතා පනස‍්ස ථොකං චොරපකතිකො. සො තෙ කහාපණෙ බොධිසත‍්තස‍්ස අදත්‍වා සයමෙව ගණ‍්හිතුකාමතාය කහාපණභණ‍්ඩිකසදිසං එකං සක‍්ඛරභණ‍්ඩිකං කත්‍වා ද‍්වෙපි භණ‍්ඩිකා එකතොව ඨපෙසි. තෙසං නාවං අභිරුහිත්‍වා ගඞ‍්ගාමජ‍්ඣගතානං කනිට‍්ඨො නාවං ඛොභෙත්‍වා “සක‍්ඛරභණ‍්ඩිකං උදකෙ ඛිපිස‍්සාමී”ති සහස‍්සභණ‍්ඩිකං ඛිපිත්‍වා “භාතික, සහස‍්සභණ‍්ඩිකා උදකෙ පතිතා, කින‍්ති කරොමා”ති ආහ. “උදකෙ පතිතාය කිං කරිස‍්සාම, මා චින‍්තයී”ති. නදීදෙවතා චින‍්තෙසි – “අහං ඉමිනා දින‍්නපත‍්තිං අනුමොදිත්‍වා දිබ‍්බයසෙන වඩ‍්ඪිත්‍වා එතස‍්ස සන‍්තකං රක‍්ඛිස‍්සාමී”ති අත‍්තනො ආනුභාවෙන තං භණ‍්ඩිකං එකං මහාමච‍්ඡං ගිලාපෙත්‍වා සයං ආරක‍්ඛං ගණ‍්හි. සොපි චොරො ගෙහං ගන‍්ත්‍වා “භාතා මෙ වඤ‍්චිතො”ති භණ‍්ඩිකං මොචෙන‍්තො සක‍්ඛරා පස‍්සිත්‍වා හදයෙන සුස‍්සන‍්තෙන මඤ‍්චස‍්ස අටනිං උපගූහිත්‍වා නිපජ‍්ජි.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කෙළඹි කුලයෙහි (වෙළද කුලය) ඉපිද දැනුම් තේරුම් ඇති වයසට පැමිණ පවුල් ජීවිතයක් ඇරඹූහ. ඔහුට මල්ලී කෙනෙක්ද ඇත. පසුකලෙක ඔවුන්ගේ පියා කලුරිය කළේය. ඔවුහු එක්දිනක් පියා සන්තක වෙළදාම කරගෙන යන්නෙමුයි කියා එක් ගමකට ගොස් කහවණු දහසක් ලැබ එන්නාහු ගංතෙර නැවක් බලාපොරොත්තුවෙන් බත්මුල අනුභව කළහ. බෝසතාණන් වහන්සේ ඉතිරි බත් ගඟෙහි මාලුන්ට දී ගඟට අරක්ගත් දේවතාවාට පින් අනුමෝදන් කළහ. දේවතාවා පින් අනුමෝදන් වීමෙන්ම දිව සැපතින් වැඩිදියුණු වී තමන්ගේ සැපසම්පත් වැඩිවීම සිහි කරමින් ඒ කාරණාව දැන ගත්තේය. බෝසතාණන් වහන්සේද වැලිතලාවෙහි උතුරුසළුව එළාගෙන වැතිරී නින්දට බැසගත්හ. ඔහුගේ බාල සහෝදරයා වනාහි ටිකක් සොර ගති ඇත්තෙකි. ඔහු ඒ කහවණු බෝසතාණන් වහන්සේට නොදී තමන් තනියම ගනු කැමැත්තෙන් ඒ කහවණු පොදිය සමාන එක් ගල්කැට පොදියක් සාදා පොට්ටනි දෙකම එකට තැබුවේය. නැවට නැග ගඟ මැදට ගිය දෙදෙනාගෙන් බාලයා නැවට කොටා (තට්ටුකොට) ගල්කැට පොදිය දියට දමන්නෙමියි සිතා කහවණු දහස බැඳි පොදිය දැම්මේය. අය්යේ, කහවණු දහස ජලයට වැටුණි. කුමක් කරමුදැයි කීවේය. ජලයේ වැටුණු විට කුමක් කරන්නද? ඒ ගැන නොසිතන්නැයි කීය. නදී දේවතාවා “මම මොහු විසින් දෙන ලද පිං අනුමෝදන් වී දිව යස ඉසුරු වැඩිකර ගතිමි. මොහුට අයත් දේ රකින්නෙමි” යි සිතුවේය. තමන්ගේ ආනුභාවයෙන් ඒ මසුරන් පොදිය එක් ලොකු කටක් ඇති මසෙකු ලවා ගිල්ලවා තමා අරක් ගත්තේය. (රැකවරණය භාරගත්තේය) ඒ සොරාද ගෙදර ගොස් මවිසින් අය්යා වංචා කරන ලදි යයි සිතා පොට්ටනිය ලිහා බලන්නේ ගල්කැට දැක හදවතින් තැවෙමින් ඇඳවිට්ටම අල්ලාගෙන නිදාගත්තේය.

තදා කෙවට‍්ටා මච‍්ඡගහණත්‍ථාය ජාලං ඛිපිංසු. සො මච‍්ඡො දෙවතානුභාවෙන ජාලං පාවිසි. කෙවට‍්ටා තං ගහෙත්‍වා වික‍්කිණිතුං නගරං පවිට‍්ඨා. මනුස‍්සා මහාමච‍්ඡං දිස‍්වා මූලං පුච‍්ඡන‍්ති. කෙවට‍්ටා “කහාපණසහස‍්සඤ‍්ච සත‍්ත ච මාසකෙ දත්‍වා ගණ‍්හථා”ති වදන‍්ති. මනුස‍්සා “සහස‍්සග‍්ඝනකමච‍්ඡොපි නො දිට‍්ඨො”ති පරිහාසං කරොන‍්ති. කෙවට‍්ටා මච‍්ඡං ගහෙත්‍වා බොධිසත‍්තස‍්ස ඝරද‍්වාරං ගන‍්ත්‍වා “ඉමං මච‍්ඡං ගණ‍්හථා”ති ආහංසු. “කිමස‍්ස මූල”න‍්ති? “සත‍්ත මාසකෙ දත්‍වා ගණ‍්හථා”ති. “අඤ‍්ඤෙසං දදමානා කථං දෙථා”ති? “අඤ‍්ඤෙසං සහස‍්සෙන ච සත‍්තහි ච මාසකෙහි දෙම, තුම‍්හෙ පන සත‍්ත මාසකෙ දත්‍වා ගණ‍්හථා”ති. සො තෙසං සත‍්ත මාසකෙ දත්‍වා මච‍්ඡං භරියාය පෙසෙසි. සා මච‍්ඡස‍්ස කුච‍්ඡිං ඵාලයමානා සහස‍්සභණ‍්ඩිකං දිස‍්වා බොධිසත‍්තස‍්ස ආරොචෙසි. බොධිසත‍්තො තං ඔලොකෙත්‍වා අත‍්තනො ලඤ‍්ඡං දිස‍්වා සකසන‍්තකභාවං ඤත්‍වා “ඉදානි ඉමෙ කෙවට‍්ටා ඉමං මච‍්ඡං අඤ‍්ඤෙසං දදමානා සහස‍්සෙන චෙව සත‍්තහි ච මාසකෙහි දෙන‍්ති, අම‍්හෙ පන පත්‍වා සහස‍්සස‍්ස අම‍්හාකං සන‍්තකත‍්තා සත‍්තෙව මාසකෙ ගහෙත්‍වා අදංසු, ඉදං අන‍්තරං අජානන‍්තං න සක‍්කා කඤ‍්චි සද‍්දහාපෙතු”න‍්ති චින‍්තෙත්‍වා පඨමං ගාථමාහ –

එකල මසුන් මරන්නෝ මසුන් ඇල්ලීමට දැල දැමූහ. ඒ මාලුවා දේවතාවගේ අනුහසින් දැලට පිවිසියේය. මසුන් මරන්නෝ ඌ විකුණන්නට නගරයට පිවිසියහ. මිනිස්සු මහ මාලුවා දැක මිළ විමසත්. ධීවරයෝ කහවණු දහසකුත් මාසක හතක් දී ගනිව් යයි කියති. මිනිස්සු කහවණු දහසක් වටිනා මසෙකු අප දුටුවෙමුයි අපහාස කරත්. ධීවරයෝ මාලුවා ගෙන බෝසතාණන් වහන්සේගේ නිවස ළඟට ගොස් මේ මාලුවා ගනිව් යයි කීවාහුය. මුගේ මිළ කීයද? මාසක හතක් දී ගන්නැයි කීහ. අන් අයට දෙනවානම් කීයකට දෙනවාද? අන් අයට නම් කහවණු දහසක් සහ මාසක හතකට දෙමු. නුඹලා මාසක හතක් ගන්නැයි කීහ. හෙතෙම ඔවුන්ට මාසක හතක් දී මාලුවා බිරිඳට යැව්වේය. ඈ මාලුවාගේ බඩ පලමින් කහවණු දහසේ පොදිය දැක බෝධිසත්ත්වයන් වහන්සේට සැල කළාය. බෝධිසත්ත්වයන් වහන්සේ එය බලා තමන්ගේ සලකුණ දැක තමන්ගේ බව දැන දැන් මේ ධීවරයෝ මේ මාලුවා අනුන්ට දෙමින් කහවණු දහසක් හා මාසක හතකට දෙති. අප වෙත පැමිණ කහවණු දහස අපට අයිති බැවින් මාසක හතක් ගෙන දුන්නාහුය. මෙහි අතරතුර සිද්ධි නොදන්නවුන්ට කිසිවක් ඒත්තු ගන්වන්නට නොහැකි යයි සිතා,

“අග‍්ඝන‍්ති මච‍්ඡා අධිකං සහස‍්සං, න සො අත්‍ථි යො ඉමං සද‍්දහෙය්‍ය; මය‍්හඤ‍්ච අස‍්සු ඉධ සත‍්ත මාසා, අහම‍්පි තං මච‍්ඡුද‍්දානං කිණෙය්‍ය”න‍්ති.

අග්ඝන්ති මච්ඡා අධිකං සහස්සං, නසො අත්‍ථි යො ඉමං සද්දහෙය්‍ය, මය්හඤ්ච අස්සු ඉධ සත්ත මාසා, අහම්පි තං මච්ඡුදානං කිණෙය්‍යං

යන පළමු ගාථාව කීය.

මත්ස්‍යයෝ (මසුරන්) දහසකට වඩා වටිති යන මේ කරුණ අදහන්නෙක් නැත. මෙහි මටද මාසක සතක් ඇත. මමද ඒ මාලුවැල මිළදී ගතිමි.

තත්‍ථ අධිකන‍්ති අඤ‍්ඤෙහි පුච‍්ඡිතා කෙවට‍්ටා “සත‍්තමාසාධිකං සහස‍්සං අග‍්ඝන‍්තී”ති වදන‍්ති. න සො අත්‍ථි යො ඉමං සද‍්දහෙය්‍යාති සො පුරිසො න අත්‍ථි, යො ඉමං කාරණං පච‍්චක‍්ඛතො අජානන‍්තො මම වචනෙන සද‍්දහෙය්‍ය, එත‍්තකං වා මච‍්ඡා අග‍්ඝන‍්තීති යො ඉමං සද‍්දහෙය්‍ය, සො නත්‍ථි, තස‍්මායෙව තෙ අඤ‍්ඤෙහි න ගහිතාතිපි අත්‍ථො. මය‍්හඤ‍්ච අස‍්සූති මය‍්හං පන සත‍්ත මාසකා අහෙසුං. මච‍්ඡුද‍්දානන‍්ති මච‍්ඡවග‍්ගං. තෙන හි මච‍්ඡෙන සද‍්ධිං අඤ‍්ඤෙපි මච‍්ඡා එකතො බද‍්ධා තං සකලම‍්පි මච‍්ඡුද‍්දානං සන්‍ධායෙතං වුත‍්තං. කිණෙය්‍යන‍්ති කිණිං, සත‍්තෙව මාසකෙ දත්‍වා එත‍්තකං මච‍්ඡවග‍්ගං ගණ‍්හින‍්ති අත්‍ථො.

එහි, අධිකං යනු අන් අය විසින් විමසන ලද ධීවරයෝ මාසක හතක් වැඩි කහවණු දහසක් අගය බව කියත්. න සො අත්‍ථි ඉමං සද්දහෙය්‍ය යනු මේ කරුණු ප්‍රත්‍යක්‍ෂ වශයෙන් නොදැන මගේ වචනය විශ්වාස කරන පුද්ගලයෙක් නැත. මාලුවෝ කහවණු දහසක් වටිති යන මේ කරුණු විශ්වාස කරන පුද්ගලයෙක් නැත. ඒ නිසාම ඒ මාලු අන් අය විසින් නොගන්නා ලදහ යන අර්ථයයි. මය්හඤ්ච අස්සු යනු මට මාසක හතක් යයි කිහ. මච්ඡුද්දනං යනු මාලු සමූහය. ඒ මාලුවා සමග එකට බඳින ලද අනික් මාලු, ඒ සියලුම මාලුවැල සඳහා කියන ලදි. කිණෙය්‍යං යනු මිළදී ගත්තෙමි. මාසක හතක් දී මෙපමණ මාලු වැලක් ගත්තෙමි යන අර්ථයයි.

එවඤ‍්ච පන වත්‍වා ඉදං චින‍්තෙසි – “කිං නු ඛො නිස‍්සාය මයා එතෙ කහාපණා ලද‍්ධා”ති? තස‍්මිං ඛණෙ නදීදෙවතා ආකාසෙ දිස‍්සමානරූපෙන ඨත්‍වා “අහං, ගඞ‍්ගාදෙවතා, තයා මච‍්ඡානං අතිරෙකභත‍්තං දත්‍වා මය‍්හං පත‍්ති දින‍්නා, තෙනාහං තව සන‍්තකං රක‍්ඛන‍්තී ආගතා”ති දීපයමානා ගාථමාහ –

මෙසේත් කියා කුමක් නිසා මා විසින් මේ කහවණු ලබන ලද්දැයි මේ කාරණය සිතීය. ඒ අවස්ථාවෙහි ගඟට අරක් ගත් දෙවියා අහසෙහි, පෙනෙන ස්වරූපයෙන් සිට මම ගඟෙහි දේවතා වෙමි. නුඹ විසින් ඉතිරි බත් මාලුන්ට දී මට පින් දෙන ලදි. ඒ නිසා මම නුඹට අයත් දෙය රැකීමට ආවෙමියි පැහැදිලි කරමින්

“මච‍්ඡානං භොජනං දත්‍වා, මම දක‍්ඛිණමාදිසි; තං දක‍්ඛිණං සරන‍්තියා, කතං අපචිතිං තයා”ති.

මච්ඡාන භෝජනං දත්‍වා මම දක්‍ඛිණාමාදිසිී, තං දක්ඛිණං සරන්තියා කතං අපචිතිං තයා

යන ගාථාව කීය.

මාලුන්ට කෑම දී මට පින් අනුමෝදන් කළේය. නුඹ අනුමෝදන් කළ ඒ පින් සිහිකරන මා විසින් තොපගේ ධනය රක්නා ලදි.

තත්‍ථ දක‍්ඛිණන‍්ති ඉමස‍්මිං ඨානෙ පත‍්තිදානං දක‍්ඛිණා නාම. සරන‍්තියා කතං අපචිතිං තයාති තං තයා මය‍්හං කතං අපචිතිං සරන‍්තියා මයා ඉදං තව ධනං රක‍්ඛිතන‍්ති අත්‍ථො.

එහි, දක්ඛිනං යනු මේ ස්ථානයේදී දක්‍ෂිණාව නම් පින්දීමය. සරන්තියා තකං අපචිතිං තයා යනු ඔබ විසින් මට කරන ලද ඒ පින්දීම සිහිකරන්නා වූ මා විසින් ඔබේ මේ ධනය රකින ලදි යන අර්ථයි.

ඉදං වත්‍වා ච පන සා දෙවතා තස‍්ස කනිට‍්ඨෙන කතකූටකම‍්මං සබ‍්බං කථෙත්‍වා “එසො ඉදානි හදයෙන සුස‍්සන‍්තෙන නිපන‍්නො, දුට‍්ඨචිත‍්තස‍්ස වුඩ‍්ඪි නාම නත්‍ථි, අහං පන ‘තව සන‍්තකං මා නස‍්සී’ති ධනං තෙ ආහරිත්‍වා අදාසිං, ඉදං කනිට‍්ඨචොරස‍්ස අදත්‍වා සබ‍්බං ත්‍වඤ‍්ඤෙව ගණ‍්හා”ති වත්‍වා තතියං ගාථමාහ –

මෙය කියා ඒ දෙවියා ඔහුගේ මල්ලී විසින් කරන ලද කපටි ක්‍රියාව සම්පූර්ණයෙන් කියා ඔහු දැන් තැවෙන හදවතින් වැතිරී සිටියි. දුෂ්ට සිත් ඇත්තාට අභිවෘද්ධියක් නම් නැත. මම වනාහි නුඹ සන්තක වස්තුව නොනසේවායි සිතා ඒ ධනය ගෙනවිත් දුන්නෙමි. මේ ධනය නුඹේ මල්ලීට නොදී සියල්ල නුඹම ගන්නැයි කියා ගාථාව කීවේය.

“පදුට‍්ඨචිත‍්තස‍්ස න ඵාති හොති, න චාපි තං දෙවතා පූජයන‍්ති; යො භාතරං පෙත‍්තිකං සාපතෙය්‍යං, අවඤ‍්චයී දුක‍්කටකම‍්මකාරී”ති.

පදුට්ඨ චිත්තස්ස න ඵාති හොති, නචාපි නං දෙවතා පූජයන්ති, යො භාතරං පෙත්තිකං සාපතෙය්‍යං, අවඤ්චයී දුක්කතකම්මකාරී

යන තෙවන ගාථාව කීය.

දුෂ්ට සිත් ඇත්තාට දෙලෝ දියුණුව සිදු නොවේ. අධර්ම කර්ම කරන්නෙක් පියා සතු වස්තුව සොහොයුරාට වංචා කළේද දෙවියෝ ඔහුම නොපුදත්.

තත්‍ථ න ඵාති හොතීති එවරූපස‍්ස පුග‍්ගලස‍්ස ඉධලොකෙ වා පරලොකෙ වා වුඩ‍්ඪි නාම න හොති. න චාපි තන‍්ති තං පුග‍්ගලං තස‍්ස සන‍්තකං රක‍්ඛමානා දෙවතා න පූජයන‍්ති.

එහි, නඵාති හොති යනු එබඳු පුද්ගලයෝ මෙලොව හෝ පරලොව හෝ අභිවෘද්ධියක් නම් නොවෙයි. නචාපිනං යනු ඔහු සතු දෙය රකිමින් දෙවියෝ ඒ පුද්ගලයා නොපුදති.

ඉති දෙවතා මිත‍්තදුබ‍්භිචොරස‍්ස කහාපණෙ අදාතුකාමා එවමාහ. බොධිසත‍්තො පන “න සක‍්කා එවං කාතු”න‍්ති තස‍්සපි පඤ‍්ච කහාපණසතානි පෙසෙසියෙව.

මෙසේ දේවතාවා මිත්‍රද්‍රෝහී හොරාට කහවණු නොදෙනු කැමතිව මෙසේ කීවේය. බෝසතාණන් වහන්සේ වනාහි එසේ කරන්නට නොහැකි යයි කියා ඔහුටද කහවණු පන්සියයක් යැව්වේමය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ වාණිජො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. “තදා කනිට‍්ඨභාතා ඉදානි කූටවාණිජො, ජෙට‍්ඨභාතා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය දේශනාකොට ජාතක කථා නිමවා වදාළ සේක. සත්‍ය දේශනාව කෙළවර වෙළෙන්දා සෝවාන් ඵලයෙහි පිහිටියේය. එදා කණිටු සොයුරා දැන් කපටි වෙළෙන්දාය. අය්යා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

මච‍්ඡුද‍්දානජාතකවණ‍්ණනා අට‍්ඨමා.