9. නානාඡන්දජාතකවණ්ණනා 289 අට්ඨකථා
9. නානාඡන්දජාතකවණ්ණනා (289)
9. නානාච්ඡන්ද ජාතකය (289)
නානාඡන්දා, මහාරාජාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො ආයස්මතො ආනන්දස්ස අට්ඨවරලාභං ආරබ්භ කථෙසි. වත්ථු එකාදසකනිපාතෙ ජුණ්හජාතකෙ (ජා· 1.11.13 ආදයො) ආවිභවිස්සති.
නානාච්ඡන්දා මහාරාජං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක් ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේගේ වර ලැබීම අරබයා වදාළ සේක. කථාවස්තුව එකළොස්වන නිපාතයේ ජුණ්හ ජාතකයෙහි මතු සදහන් වන්නේය.
අතීතෙ පන බොධිසත්තො බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ තස්ස අග්ගමහෙසියා කුච්ඡිම්හි නිබ්බත්තිත්වා වයප්පත්තො තක්කසිලායං සබ්බසිප්පානි උග්ගහෙත්වා පිතු අච්චයෙන රජ්ජං පාපුණි. තස්ස ඨානතො අපනීතො පිතු පුරොහිතො අත්ථි. සො දුග්ගතො හුත්වා එකස්මිං ජරගෙහෙ වසති. අථෙකදිවසං බොධිසත්තො අඤ්ඤාතකවෙසෙන රත්තිභාගෙ නගරං පරිග්ගණ්හන්තො විචරති. තමෙනං කතකම්මචොරා එකස්මිං සුරාපානෙ සුරං පිවිත්වා අපරම්පි ඝටෙනාදාය අත්තනො ගෙහං ගච්ඡන්තා අන්තරවීථියං දිස්වා “අරෙ කොසි ත්ව”න්ති වත්වා පහරිත්වා උත්තරිසාටකං ගහෙත්වා ඝටං උක්ඛිපාපෙත්වා තාසෙන්තා ගච්ඡිංසු. සොපි ඛො බ්රාහ්මණො තස්මිං ඛණෙ නික්ඛමිත්වා අන්තරවීථියං ඨිතො නක්ඛත්තං ඔලොකෙන්තො රඤ්ඤො අමිත්තානං හත්ථගතභාවං ඤත්වා බ්රාහ්මණිං ආමන්තෙසි. සා “කිං, අය්යා”ති වත්වා වෙගෙන තස්ස සන්තිකං ආගතා. අථ නං සො ආහ – “භොති අම්හාකං රාජා අමිත්තානං වසං ගතො”ති. “අය්ය, කිං තෙ රඤ්ඤො සන්තිකෙ පවත්තියා, බ්රාහ්මණා ජානිස්සන්තී”ති.
බෝසතාණන් වහන්සේ වනාහි යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී ඹහුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගෙන ඉපිද වැඩිවියට පැමිණ තක්සලා නුවරින් ශිල්ප හදාරා පියාගේ ඇවෑමෙන් රජකමට පැමිණියහ. ඔහුගේ තනතුරෙන් ඉවත්කළ පියාගේ පුරෝහිතයෙක් ඇත. ඔහු දුප්පත් වී දිරාපත් වූ ගෙයක වාසය කරයි. ඉක්බිති එක්දිනක් බෝසතාණන් වහන්සේ වෙස් වළාගෙන රාත්රී කාලයෙහි නගරය පරීක්ෂා කරමින් හැසිරෙයි. සොරකමෙහි යෙදූ සොරු එක් සුරා පලකින් සුරා පානය නොට අමතර සුරා කලයකින් ගෙන තමන්ගේ ගෙට යමින් ඇතුල් වීථියෙහි ඔහු දැක බොල, තෝ කවුදැයි කියා පහරදී උතුරුසළුව ගෙන සුරාකලය ඔහු ලවා රැගෙන තැති ගන්වමින් ගියාහුය. (තනතුරින් ඉවත් කළ) ඒ බමුණා වනාහි ඒ අවස්ථාවෙහි (නිවසින්) නික්ම ඇතුල් වීථියෙහි (පාරට බැස) සිටියේ නැකැත් කරු බලමින් රජතුමා සතුරන් අතට පත් වූ බව දැන බැමිණිය ඇමතුවේය. ඈ ඇයි ස්වාමීනි කියා වේගයෙන් ඔහු ළගට ආවාය. ඉක්බිති ඔහු ඇයට සොඳුරිය, අපගේ රජතුමා සතුරන් වසඟයට ගියේයයි කීවේය. ස්වාමීනි, රජතුමා පිළිබඳ පුවත ඒ බමුණෝ දනිත්දැයි ඇසුවාය.
රාජා බ්රාහ්මණස්ස සද්දං සුත්වා ථොකං ගන්ත්වා ධුත්තෙ ආහ – “දුග්ගතොම්හි, සාමි, උත්තරාසඞ්ගං ගහෙත්වා විස්සජ්ජෙථ ම”න්ති. තෙ පුනප්පුනං කථෙන්තං කාරුඤ්ඤෙන විස්සජ්ජෙසුං. සො තෙසං වසනගෙහං සල්ලක්ඛෙත්වා නිවත්ති. අථ පොරාණකපුරොහිතො බ්රාහ්මණොපි “භොති, අම්හාකං රාජා අමිත්තහත්ථතො මුත්තො”ති ආහ. රාජා තම්පි සුත්වා තම්පි ගෙහං සල්ලක්ඛෙත්වා පාසාදං අභිරුහි. සො විභාතාය රත්තියා බ්රාහ්මණෙ පක්කොසාපෙත්වා “කිං ආචරියා රත්තිං නක්ඛත්තං ඔලොකයිත්ථා”ති පුච්ඡි. “ආම, දෙවා”ති. “කිං සොභන”න්ති? “සොභනං, දෙවා”ති. “කොචි ගාහො නත්ථී”ති. “නත්ථි, දෙවා”ති. රාජා “අසුකගෙහතො බ්රාහ්මණං පක්කොසථා”ති පොරාණකපුරොහිතං පක්කොසාපෙත්වා “කිං, ආචරිය, රත්තිං තෙ නක්ඛත්තං දිට්ඨ”න්ති පුච්ඡි. “ආම, දෙවා”ති. “අත්ථි කොචි ගාහො”ති. “ආම, මහාරාජ, අජ්ජ රත්තිං තුම්හෙ අමිත්තවසං ගන්ත්වා මුහුත්තෙනෙව මුත්තා”ති. රාජා “නක්ඛත්තජානනකෙන නාම එවරූපෙන භවිතබ්බ”න්ති සෙසබ්රාහ්මණෙ නික්කඩ්ඪාපෙත්වා “බ්රාහ්මණ, පසන්නොස්මි තෙ, වරං ත්වං ගණ්හා”ති ආහ. “මහාරාජ, පුත්තදාරෙන සද්ධිං මන්තෙත්වා ගණ්හිස්සාමී”ති. “ගච්ඡ මන්තෙත්වා එහී”ති.
රජතුමා බමුණාගේ ශබ්දය අසා ටිකදුරක් ගොස් ධූර්තයනට මහත්වරුනි, මම දුප්පත් මිනිසෙක්මි. මේ උතුරුසළුව රැගෙන මා නිදහස් කරනු මැනවියි කීය. ඔවුහු නැවත නැවතත් එසේ කියන ඔහු කරුණාවෙන් මුදාහළහ. රජතුමා බමුණා වසන ගෙය සලකුණුකොට නැවතුනේය. බමුණාද සොඳුරිය, අපගේ රජතුමා සතුරන්ගෙන් මිදුනේ යයි කීවේය. රජතුමා එයද අසා ප්රාසාදයට නැංගේය. රාත්රිය ගෙවී ගියකල්හි (උදෑසන) බමුණන් කැඳවා ආචාර්යවරුනි, රාත්රියෙහි නැකැත්කරු බැලුවාහුදැයි විචාළේය. එසේය දේවයන් වහන්ස! යහපත්ද අයහපත්ද? දේවයන් වහන්ස, යහපත්ය. කිසියම් ග්රහ පීඩාවක් නැත්ද? නැත දේවයන් වහන්ස. රජතුමා අසවල් ගෙයි බමුණා කැඳවන්නයි කියා පැරණි පෙරෙවි බමුණා කැඳවා ඇදුරුතුමනි කෙසේද? රාත්රියෙහි නුඹ නැකත්කරු දුටුවාදැයි විචාළේය. එසේය දේවයන් වහන්ස! එහි කිසියම් ග්රහ පීඩාවක් ඇද්ද? එසේය මහරජතුමනි, අද රාත්රී ඔබවහන්සේ සතුරන්ගේ වසඟයට පත්ව මොහොතින් නිදහස් වීයැයි කීය. රජතුමා නක්ෂත්රය දන්නා කෙනෙකු මෙවැන්නෙකු විය යුතුයයි පවසා සෙසු බමුණන් බැහැරකොට, බමුණ, තොපට මම පැහැදුනෙමි. වරයක් ගන්නැයි කීවේය. දේවයන් වහන්ස! අඹුදරුවන් සමග කතාබහ කොට ගත්තෙමියි කීය. යන්න කතාබහකොට එන්නැයි කීය.
සො ගන්ත්වා බ්රාහ්මණිඤ්ච පුත්තඤ්ච සුණිසඤ්ච දාසිඤ්ච පක්කොසිත්වා “රාජා මෙ වරං දදාති, කිං ගණ්හාමා”ති පුච්ඡි. බ්රාහ්මණී “මය්හං ධෙනුසතං ආනෙහී”ති ආහ, පුත්තො ඡත්තමාණවො නාම “මය්හං කුමුදවණ්ණෙහි චතූහි සින්ධවෙහි යුත්තං ආජඤ්ඤරථ”න්ති, සුණිසා “මය්හං මණිකුණ්ඩලං ආදිං කත්වා සබ්බාලඞ්කාර”න්ති, පුණ්ණා නාම දාසී “මය්හං උදුක්ඛලමුසලඤ්චෙව සුප්පඤ්චා”ති. බ්රාහ්මණො පන ගාමවරං ගහෙතුකාමො රඤ්ඤො සන්තිකං ගන්ත්වා “කිං , බ්රාහ්මණ, පුච්ඡිතො තෙ පුත්තදාරො”ති පුට්ඨො “ආම, දෙව, පුච්ඡිතො, අනෙකච්ඡන්දො”ති වත්වා පඨමං ගාථාද්වයමාහ –
ඔහු ගොස් බැමිණියද පුතාද ලේලියද දාසියද කැඳවා රජතුමා මට වරයක් දෙයි. කුමක් ගන්නෙමිදැයි විචාළේය. බැමිණිය මට දෙනුන් සියයක් ගෙනෙන්නැයි කීවාය. ඡත්තනම් පුතා මට කුමුදු (සුදු) පැහැයෙන් යුත් සෛන්ධව අසුන යෙදූ උතුම් රථයක් ගෙනෙන්නැයි කීය. ලේලිය මට මැණික් කුණ්ඩලාභරණය ආදීකොට සියලු ආභරණ ගෙනෙන්නැයි කීවාය. පුණ්ණා නම් දාසිය මට වංගෙඩියක්, මෝල්ගහක් සහ කුල්ලක් ගෙනෙන්නැයි කීවාය. බමුණා වනාහි ගම්වරක් (ගමක්) ගනු කැමැත්තෙන් රජු සමීපයට ගොස්, බමුණානෙනි, ඔබේ අඹුදරුවන්ගෙන් විමසුවේදැයි ඇසූවිට, එසේය මහරජ, විමසුවෙමි. නමුත් ඒකමතික බවක් නම් නැතැයි කියා
“නානාඡන්දා මහාරාජ, එකාගාරෙ වසාමසෙ; අහං ගාමවරං ඉච්ඡෙ, බ්රාහ්මණී ච ගවං සතං.
නානච්ඡන්දා මහාරාජ ඒකාගාරෙ වසාමසෙ, අහං ගාමවරං ඉච්ඡෙ බ්රාහ්මණී ච ගවං සතං
“පුත්තො ච ආජඤ්ඤරථං, කඤ්ඤා ච මණිකුණ්ඩලං; යා චෙසා පුණ්ණිකා ජම්මී, උදුක්ඛලංභිකඞ්ඛතී”ති.
ඡත්තො ච ආජඤ්ඤරථං කඤ්ඤා ච මණිකුණ්ඩලං, යා චෙසා පුණ්ණිකා ජම්මී උදුක්කලං අභිකංඛති
මහරජතුමනි, වෙන වෙන දේවල් කැමති අපි එකගෙයි වාසය කරමු. මම ගම්වරයක් කැමැත්තෙමි. බැමිණිය ගවයන් සියයක් කැමැත්තීය.
ඡත්ත මානවක ආජානේය අසුන් යෙදූ රියක්ද, ලේලිය මිණිකොඬොළක්ද පුණ්ණිකා නම් දාසිය (කුළු මෝල්ගස් සහිත) වංගෙඩියක්ද කැමතිය.
තත්ථ ඉච්ඡෙති ඉච්ඡාමි. ගවං සතන්ති ධෙනූනං ගුන්නං සතං. කඤ්ඤාති සුණිසා. යා චෙසාති යා එසා අම්හාකං ඝරෙ පුණ්ණිකා නාම දාසී, සා ජම්මී ලාමිකා සුප්පමුසලෙහි සද්ධිං උදුක්ඛලං අභිකඞ්ඛති ඉච්ඡතීති.
එහි. ඉච්ඡෙ යනු කැමති වෙමි. ගවං සතං යනු රතු දෙනුන් සියයක්. කඤ්ඤා යනු ලේලිය. යාචෙසා යනු අපගේ ගෙදර සිටින යම් මේ පුණ්ණිකා පූර්ණිකා නම් දාසිය වන ජන්මයෙන් (උපතින්) පහත් වූ ඈ කුල්ල මෝල්ගස සමග උදුක්ඛලං අභිකංඛති වංගෙඩියක් කැමති වන්නීය.
රාජා “සබ්බෙසං ඉච්ඡිතිච්ඡිතං දෙථා”ති ආණාපෙන්තො –
රජතුමා සියල්ලන්ටම කැමති කැමති දේවල් දෙන්නැයි අණ කරමින්,
“බ්රාහ්මණස්ස ගාමවරං, බ්රාහ්මණියා ගවං සතං; පුත්තස්ස ආජඤ්ඤරථං, කඤ්ඤාය මණිකුණ්ඩලං; යඤ්චෙතං පුණ්ණිකං ජම්මිං, පටිපාදෙථුදුක්ඛල”න්ති. – ගාථමාහ;
බ්රාහ්මණස්ස ගාමවරං බ්රාහ්මණියා ගවං සතං, පුත්තස්ස ආජඤ්ඤරථං කඤ්ඤාය මණිකුණ්ඩලං, යඤ්චෙතං පුණ්ණිකං ජම්මිං පටිපාදෙථ උදුක්ඛලං
බමුණාට ගම්වරයක්ද බැමිණියට ගවයන් සියයක්ද ඡත්ර නම් බමුණු පුතාට ආජානේය අසුන් යෙදූ රියක්ද, ලේලියට මැණික් යෙදූ කනේ පළඳින ආභරණයක්ද. හීන වූ මේ පුණ්ණිකා දාසියට වංගෙඩියක් මෝල්ගසක් පිළියෙළ කොට දෙමි.
තත්ථ යඤ්චෙතන්ති යඤ්ච එතං පුණ්ණිකන්ති වදති, තං ජම්මිං උදුක්ඛලං පටිපාදෙථ සම්පටිච්ඡාපෙථාති.
එහි, යඤ්චෙතං යනු මේ පුණ්ණිකං යනු පූර්ණිකාව යමක් කියයිද, ජම්මිං උදුක්ඛලං පටිපාදෙථ උපතින් පහත් තැනැත්තියට ඒ වංගෙඩිය ලබා දෙවන්න.
ඉති රාජා බ්රාහ්මණෙන පත්ථිතඤ්ච අඤ්ඤඤ්ච මහන්තං යසං දත්වා “ඉතො පට්ඨාය අම්හාකං කත්තබ්බකිච්චෙසු උස්සුක්කං ආපජ්ජා”ති වත්වා බ්රාහ්මණං අත්තනො සන්තිකෙ අකාසි.
මෙසේ රජතුමා යමක් බමුණා විසින් පතන ලදද එයද, තවත් මහත් සම්පත් දී මෙතැන් පටන් අපට කළයුතු කටයුතුවලදී උත්සාහ වන්නැයි කියා බමුණා තමා ළඟ සේවයට යෙදීය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා බ්රාහ්මණො ආනන්දො අහොසි, රාජා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල බමුණා ආනන්දය. රජතුමා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
නානාඡන්දජාතකවණ්ණනා නවමා.