290 10. සීලවීමංසකජාතකවණ්ණනා අට්ඨකථා
[290] 10. සීලවීමංසකජාතකවණ්ණනා
සීල වීමංස ජාතකය
සීලං කිරෙව කල්යාණන්ති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං සීලවීමංසකබ්රාහ්මණං ආරබ්භ කථෙසි. වත්ථු පන පච්චුප්පන්නම්පි අතීතම්පි හෙට්ඨා එකකනිපාතෙ සීලවීමංසකජාතකෙ (ජා· 1.1.86) විත්ථාරිතමෙව. ඉධ පන බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ තස්ස පුරොහිතො සීලසම්පන්නො “අත්තනො සීලං වීමංසිස්සාමී”ති හෙරඤ්ඤිකඵලකතො ද්වෙ දිවසෙ එකෙකං කහාපණං ගණ්හි. අථ නං තතියදිවසෙ “චොරො”ති ගහෙත්වා රඤ්ඤො සන්තිකං නයිංසු. සො අන්තරාමග්ගෙ අහිතුණ්ඩිකෙ සප්පං කීළාපෙන්තෙ අද්දස. අථ නං රාජා දිස්වා “කස්මා එවරූපං අකාසී”ති පුච්ඡි . බ්රාහ්මණො “අත්තනො සීලං වීමංසිතුකාමතායා”ති වත්වා ඉමා ගාථා අවොච –
සීලං කිරෙව කල්යාණං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙවුරම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් සිල් ගැන විමසන එක් බමුණෙකු අරබයා වදාළ සේක. වර්තමාන හා අතීත කථාවස්තු යට (මුලදී) ඒකක නිපාතයෙහි සීලවිමංසක ජාතකයෙහි විස්තර කරන ලදි. මෙහි වනාහි බරණැස් නුවර බඹදත් රජු, රජ කරද්දී ඔහුගේ පෙරෙවි බමුණා තමන්ගේ සීලය විමසන්නෙමියි, මසුරන් තිබෙන පුවරුවෙන් දින දෙකක්, එක එක කහවණුව බැගින් ගත්තේය. ඉක්බිති තෙවන දවසේ ඔහු සොරෙකැයි කියා අල්ලාගෙන, රජු ළඟට පැමිණවූහ. ඔහු අතරමගදී සර්පයෙකු නටවනු අහිකුණ්ඨකයෙකු දුටුවේය. ඉන්පසු රජතුමා ඔහු දැක, පින්වත කුමක් නිසා මෙබඳු දෙයක් කළේදැයි විචාළේය. බමුණා තමන්ගේ සීලය විමසනු කැමති නිසා යැයි කියා,
“සීලං කිරෙව කල්යාණං, සීලං ලොකෙ අනුත්තරං; පස්ස ඝොරවිසො නාගො, සීලවාති න හඤ්ඤති.
සීලංකිරෙව කල්යාණං සීලං ලොකෙ අනුත්තරං, පස්ස ඝෝර විසො නාගො සීලවාති න හඤ්ඤති
“සොහං සීලං සමාදිස්සං, ලොකෙ අනුමතං සිවං; අරියවුත්තිසමාචාරො, යෙන වුච්චති සීලවා.
සොහං සීලං සමාදිස්සං ලොකෙ අනුමතං සිවං, අරියවත්තිසමාචාරො යෙන වුච්චති සීලවා
“ඤාතීනඤ්ච පියො හොති, මිත්තෙසු ච විරොචති; කායස්ස භෙදා සුගතිං, උපපජ්ජති සීලවා”ති.
ඤාතීනඤ්ච පියො හොති මිත්තෙ සුච විරොචති, කායස්ස භෙදා සුගතිං උපපජ්ජති සීලවා
යනුවෙන් කීවේය.
ආචාර සීලයම යහපත්ය. සිලය ලෝකයේ අනුත්තරය බලව, දරුණු විෂ ඇති නයා පවා සිල්වතෙකැයි කියා හිංසා කරුණු නොලැබේ.
සිල්වතා යම් සීලයක් නිසා ආර්ය පැවතුම් ඇත්තෙක් යැයි, කියනු ලැබේද? ලොව නිර්භය තත්ත්වයකැයි දන්නා ලදද එබඳු සීලය මම සමාදන් වෙමි.
සිල්වතා නෑයන්ට ප්රිය වෙයි. මිතුරන් අතරෙහි බබළයි. මරණින් මතු දෙව්ලොව උපදියි.
තත්ථ සීලන්ති ආචාරො. කිරාති අනුස්සවත්ථෙ නිපාතො. කල්යාණන්ති සොභනං, “සීලං කිරෙව කල්යාණ”න්ති එවං පණ්ඩිතා වදන්තීති අත්ථො. පස්සාති අත්තානමෙව වදති. න හඤ්ඤතීති පරම්පි න විහෙඨෙති, පරෙහිපි න විහෙඨීයති. සමාදිස්සන්ති සමාදියිස්සාමි. අනුමතං සිවන්ති “ඛෙමං නිබ්භය”න්ති එවං පණ්ඩිතෙහි සම්පටිච්ඡිතං. යෙන වුච්චතීති යෙන සීලෙන සීලවා පුරිසො අරියානං බුද්ධාදීනං පටිපත්තිං සමාචරන්තො “අරියවුත්තිසමාචාරො”ති වුච්චති, තමහං සමාදියිස්සාමීති අත්ථො. විරොචතීති පබ්බතමත්ථකෙ අග්ගික්ඛන්ධො විය විරොචති.
එහි, සිලං යනු මනා හැසිරීමයි. කිර යනු පරම්පරාගත අර්ථයෙහි නිපාතයකි. කල්යාණං යහපත්. සීලය යහපත්ලු යනුවෙන් මෙසේ නුවණ ඇත්තෝ කියති යන අර්ථයි. පස්ස යනු තමන්ටම කියයි. න හඤ්ඤති යනු අනුන්ටද නොවෙහෙසයි. අනුන් විසින් නොවෙහෙසනු ලැබේ. සමාදිස්සං යනු සමාදං වෙමි. අනුමතං සිවං යනු ආරක්ෂා සහිතය. නිර්භයය යනුවෙන් මෙසේ නුවණ ඇත්තන් විසින් පිළිගන්නා ලදි. යෙන වුච්චති යනු යම් සීලයකින් සිල්වත් වූ පුරුෂයා ආර්ය වූ බුදුවරයන්ගේ පුතිපත්තිය අනුව හැසිරෙන්නේ, අරියවත්තිසමාචාරො යයි කියනු ලැබේ. මම එය සමාදන් වන්නෙමියි යන අර්ථයයි. විරොචති යනු පර්වත මතුවෙහි ගිනිකන්දක් මෙන් බබළයි.
එවං බොධිසත්තො තීහි ගාථාහි සීලස්ස වණ්ණං පකාසෙන්තො රඤ්ඤො ධම්මං දෙසෙත්වා “මහාරාජ, මම ගෙහෙ පිතු සන්තකං මාතු සන්තකං අත්තනා උප්පාදිතං තයා දින්නඤ්ච බහු ධනං අත්ථි , පරියන්තො නාම න පඤ්ඤායති, අහං පන සීලං වීමංසන්තො හෙරඤ්ඤිකඵලකතො කහාපණෙ ගණ්හිං. ඉදානි මයා ඉමස්මිං ලොකෙ ජාතිගොත්තකුලපදෙසානං ලාමකභාවො, සීලස්සෙව ච ජෙට්ඨකභාවො ඤාතො, අහං පබ්බජිස්සාමි, පබ්බජ්ජං මෙ අනුජානාහී”ති අනුජානාපෙත්වා රඤ්ඤා පුනප්පුනං යාචියමානොපි නික්ඛම්ම හිමවන්තං පවිසිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා අභිඤ්ඤා ච සමාපත්තියො ච නිබ්බත්තෙත්වා බ්රහ්මලොකපරායණො අහොසි.
මෙසේ බෝසතාණන් වහන්සේ ගාථා තුනකින් සීල වර්ණනාව ප්රකාශ කරමින් රජුට දහම් දෙසා මහරජතුමනි, මගේ ගෙයි පියා සන්තක වූද මව සන්තක වූද මා විසින් උපදවන ලද්දා වූද ඔබවහන්සේ විසින් දෙන ලද්දා වූ බොහෝ ධනය ඇත. කෙළවරක් නොපෙනෙයි. මම වනාහි සිල් විමසමින් මසුරන් තිබූ පුවරුවෙන් කහවණු ගත්තෙමි. දැන් මවිසින් මේ ලෝකයෙහි, ජාතිය, ගෝත්රය, කුල යන කොටස්වල පහත් බවද සීලයෙහිම උසස් බැව්ද දැනගන්නා ලදිමි. මම පැවිදි වන්නෙමි. මගේ පැවිද්දට අවසර දෙන්නැයි අවසර ඉල්ලාගෙන රජතුමා විසින් නැවත නැවතත් (නවතින්නට) ඉල්ලා සිටියදීත්, නික්මී හිමාල වනයට පිවිස තාපස පැවිද්දෙන් පැවිදිව සමාපත්ති උපදවාගෙන බඹලොව උපන්හ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා සීලවීමංසකො පුරොහිතො බ්රාහ්මණො අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල සිල් විමසූ පෙරෙවි බමුණා මම්ම වූයෙමියි වදාළ සේක.
සීලවීමංසකජාතකවණ්ණනා දසමා.
අබ්භන්තරවග්ගො චතුත්ථො.
සිව්වැනි අබ්භන්තර වර්ගය නිමියේය.
තස්සුද්දානං –
දුම කංසවරුත්තමබ්යග්ඝමිගා, මණයො මණි සාලුකමව්හයනො; අනුසාසනියොපි ච මච්ඡවරො, මණිකුණ්ඩලකෙන කිරෙන දසාති.