යෙදුමෙන් කියවන්න

1. සුරාඝටජාතකවණ‍්ණනා 291 අට‍්ඨකථා

1. සුරාඝටජාතකවණ‍්ණනා (291)

1. භද්‍රඝට ජාතකය (291)

සබ‍්බකාමදදං කුම‍්භන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අනාථපිණ‍්ඩිකස‍්ස භාගිනෙය්‍යං ආරබ‍්භ කථෙසි. සො කිර මාතාපිතූනං සන‍්තකා චත‍්තාලීස හිරඤ‍්ඤකොටියො පානබ්‍යසනෙන නාසෙත්‍වා සෙට‍්ඨිනො සන‍්තිකං අගමාසි. සොපිස‍්ස “වොහාරං කරොහී”ති සහස‍්සං අදාසි, තම‍්පි නාසෙත්‍වා පුන අගමාසි. පුනස‍්ස පඤ‍්ච සතානි දාපෙසි, තානිපි නාසෙත්‍වා පුන ආගතස‍්ස ද‍්වෙ ථූලසාටකෙ දාපෙසි. තෙපි නාසෙත්‍වා පුන ආගතං ගීවායං ගාහාපෙත්‍වා නීහරාපෙසි. සො අනාථො හුත්‍වා පරකුට‍්ටං නිස‍්සාය කාලමකාසි, තමෙනං කඩ‍්ඪිත්‍වා බහි ඡඩ‍්ඩෙසුං. අනාථපිණ‍්ඩිකො විහාරං ගන‍්ත්‍වා සබ‍්බං තං භාගිනෙය්‍යස‍්ස පවත‍්තිං තථාගතස‍්ස ආරොචෙසි. සත්‍ථා “ත්‍වං එතං කථං සන‍්තප‍්පෙස‍්සසි, යමහං පුබ‍්බෙ සබ‍්බකාමදදං කුම‍්භං දත්‍වාපි සන‍්තප‍්පෙතුං නාසක‍්ඛි”න‍්ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

සබ්බකාමදදං කුම්හං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් අනේපිඬු මහ සිටාණන්ගේ බෑණා කෙනෙකු අරබයා වදාළ සේක. ඔහු වනාහි මව්පියන් සන්තක හතළිස් කෝටියක් රන් සුරාපානයෙහි නියුක්ත වීමෙන් නසා, සිටුතුමා සමීපයට ගියේය. හෙතෙම ඔහුට වෙළදාම් කරන්නැයි කියා කහවණු දහසක් දුන්නේය. එයද නාස්ති කොට නැවතත් සිටුතුමා ළගට ගියේය. නැවත ඔහුට පන්සියයක් දෙවීය. ඒවාද නාස්තිකොට නැවත ආවා වූ ඔහුට දළ රෙදි දෙකක් දෙවීය. ඒවාද නාස්ති කොට ආ ඔහුගේ බෙල්ලෙන් අල්ලා නෙරපා හැරියේය. හෙතෙම අනාථ වී අනුන්ගේ අගුපිලක් ළඟ කලුරිය කළේය. ඔහුගේ සිරුර එතනින් ඇද බැහැරට දැමූහ. අනේපිඬු සිටුතුමා විහාරයට ගොස් බෑණාගේ සියලු පුවත් තථාගතයන් වහන්සේට සැල කළේය. බුදුරජාණන් වහන්සේ නුඹ මේ තැනැත්තා කෙසේ සෑහීමකට පත්කරන්නෙහිද, මම පෙර සියලු සම්පත් ලබාදෙන කළයක් දී සෑහීමකට පත් කරන්නට නොහැකි වූයෙමියි වදාරා ඔහු විසින් ඉල්ලන ලදුව අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො සෙට‍්ඨිකුලෙ නිබ‍්බත‍්තිත්‍වා පිතු අච‍්චයෙන සෙට‍්ඨිට‍්ඨානං ලභි. තස‍්ස ගෙහෙ භූමිගතමෙව චත‍්තාලීසකොටිධනං අහොසි, පුත‍්තො පනස‍්ස එකොයෙව. බොධිසත‍්තො දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා කාලකතො සක‍්කො දෙවරාජා හුත්‍වා නිබ‍්බත‍්ති. අථස‍්ස පුත‍්තො වීථිං ආවරිත්‍වා මණ‍්ඩපං කාරෙත්‍වා මහාජනපරිවුතො නිසීදිත්‍වා සුරං පාතුං ආරභි. සො ලඞ‍්ඝනධාවනනච‍්චගීතාදීනි කරොන‍්තානං සහස‍්සං සහස‍්සං දදමානො ඉත්‍ථිසොණ‍්ඩසුරාසොණ‍්ඩමංසසොණ‍්ඩාදිභාවං ආපජ‍්ජිත්‍වා “ක්‍ව ගීතං, ක්‍ව නච‍්චං, ක්‍ව වාදිත”න‍්ති සමජ‍්ජත්‍ථිකො පමත‍්තො හුත්‍වා ආහිණ‍්ඩන‍්තො නචිරස‍්සෙව චත‍්තාලීසකොටිධනං උපභොගපරිභොගූපකරණානි ච විනාසෙත්‍වා දුග‍්ගතො කපණො පිලොතිකං නිවාසෙත්‍වා විචරි. සක‍්කො ආවජ‍්ජෙන‍්තො තස‍්ස දුග‍්ගතභාවං ඤත්‍වා පුත‍්තපෙමෙන ආගන‍්ත්‍වා සබ‍්බකාමදදං කුම‍්භං දත්‍වා “තාත, යථා අයං කුම‍්භො න භිජ‍්ජති, තථා නං රක‍්ඛ, ඉමස‍්මිං තෙ සති ධනස‍්ස පරිච‍්ඡෙදො නාම න භවිස‍්සති, අප‍්පමත‍්තො හොහී”ති ඔවදිත්‍වා දෙවලොකමෙව ගතො. තතො පට‍්ඨාය සුරං පිවන‍්තො විචරි. අථෙකදිවසං මත‍්තො තං කුම‍්භං ආකාසෙ ඛිපිත්‍වා සම‍්පටිච‍්ඡන‍්තො එකවාරං විරජ‍්ඣි , කුම‍්භො භූමියං පතිත්‍වා භිජ‍්ජි. තතො පට‍්ඨාය පුන දලිද‍්දො හුත්‍වා පිලොතිකං නිවාසෙත්‍වා කපාලහත්‍ථො භික‍්ඛං චරන‍්තො පරකුට‍්ටං නිස‍්සාය කාලමකාසි.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ සිටු කුලයෙහි ඉපදී පියාගේ ඇවෑමෙන් සිටු තනතුර ලැබූහ. ඔහුගේ ගෙදර පොළව යට සතළිස් කෝටියක් ධනය විය. ඔහුට එකම පුතෙක් සිටියේය. බෝසතාණන් වහන්සේ දානාදී පිංකොට කලුරිය කළාහු ශක්‍රදෙව් රජව උපන්හ. ඉක්බිති ඔහුගේ පුතා වීථිය අවුරා මඩුවක් කරවා මහජනයා පිරිවරන ලද්දේ හිඳගෙන රා බොන්නට පටන් ගත්තේය. හෙතෙම පිණුම් ගැසීම්, දිවීම්, ගී කීම්, නැටීම් ආදිය කරන්නන්ට දහස දහස බැගින් දෙමින් ස්ත්‍රීන්ට සුරාවට මස් ආදියට ලොල්ව ආදියට පැමිණ ගී කියන අය කොහිද? නටන අය. වාදනය කරන අය කොහිදැයි ගී නැටුම් අර්ථ වූයේ ඒවායේ ප්‍රමාද වී ඇවිදින්නේ නොබෝ කලකින් සතළිස් කෙළක් ධනය පරිභෝග කළයුතු අනුභව කළයුතු දෑ සඳහා නාස්ති කොට දුප්පත්ව බැගෑපත්ව වැරහැල්ලක් ඇඳගෙන හැසුරුණේය. ශක්‍රයා ආවර්ජනා කරන්නේ ඔහුගේ දුප්පත් බව දැක පුත්‍ර ප්‍රේමයෙන් අවුත් කැමති සියලු සම්පත් දෙන කළයක් දී, දරුව! මේ කළය නොබිඳෙන අයුරින් රැකගන්න. මේ කළය ඔබට ඇතිකල්හි ධනයෙහි ප්‍රමාණයක් නම් නොවන්නේය. නොපමාව කටයුතු කරන්නැයි අවවාද දි දෙව්ලොවටම ගියේය. ඔහු එතැන් පටන් රා බොමින් හැසිරුණේය. ඉක්බිති එක්දිනක් සුරාවෙන් මත් වී ඒ කළය අහසට දම දමා අල්ලමින් සිටිනවිට එක්වරක් අල්ලාගත නොහැකි විය. කළය බිම වැටී බිඳුණේය. එතැන්පටන් නැවත දිළිඳු වී ඉරුණු වැරහැල්ලක් ඇඳගෙන භාජනයක් ගත් අත් ඇතිව හිඟමනේ හැසිරෙමින් අගුපිළක මළේය.

සත්‍ථා ඉමං අතීතං ආහරිත්‍වා –

බුදුරජාණන් වහන්සේ මේ අතීත කථාව ගෙනහැර දක්වා,

“සබ‍්බකාමදදං කුම‍්භං, කුටං ලද‍්ධාන ධුත‍්තකො; යාව නං අනුපාලෙති, තාව සො සුඛමෙධති.

සබ්බ කාමදදං කුම්හං කුටං ලද්ධාන ධුත්තකො, යාව සො අනුපාලෙති තාව සො සුඛමේධති

“යදා මත‍්තො ච දිත‍්තො ච, පමාදා කුම‍්භමබ‍්භිදා; තදා නග‍්ගො ච පොත්‍ථො ච, පච‍්ඡා බාලො විහඤ‍්ඤති.

යදා මත්තො ච දිත්තොච පමාදා කුම්හ මබ්භිදා, තතො නග්ගො ච පොත්‍ථො ච පච්ඡා බාලො විහඤ්ඤති

“එවමෙව යො ධනං ලද‍්ධා, පමත‍්තො පරිභුඤ‍්ජති; පච‍්ඡා තප‍්පති දුම‍්මෙධො, කුටං භිත්‍වාව ධුත‍්තකො”ති. –

එවමෙව යො ධනං ලද්ධා අමත්තා පරිභුඤ්ජති, පච්ඡා තපති දුම්මෙධො කුටං භින්නොව ධුත්තකො.

සියලු වස්තු කාමයන් දීමට සමත් කළය ලැබ ධූර්තයා එය රකින තෙක් සැප ලබයි. (ලැබීය)

යම් කලෙක සුරා මදයෙන් මත්වූයේ උඩඟු වූයේ සැලකිලි රහිත වූයේ කළය බින්දේද? ඉන්පසු නග්න වූයේ වැරහැලි හැන්දා වූ මෝඩයා වැනසෙයි.

එපරිදි යමෙක් ධනය ලැබ පමණ නොදැන පරිභෝග කෙරේද, ඒ අනුවණයා භද්‍රඝටය බිඳගත් ධූර්තයා සේ පසුව තැවෙයි.

ඉමා අභිසම‍්බුද‍්ධගාථා වත්‍වා ජාතකං සමොධානෙසි.

මේ අභිසම්බුද්ධ ගාථා වදාරා ජාතක කථාව නිමවා වදාළ සේක.

තත්‍ථ සබ‍්බකාමදදන‍්ති සබ‍්බෙ වත්‍ථුකාමෙ දාතුං සමත්‍ථං කුම‍්භං. කුටන‍්ති කුම‍්භවෙවචනං. යාවාති යත‍්තකං කාලං. අනුපාලෙතීති යො කොචි එවරූපං ලභිත්‍වා යාව රක‍්ඛති, තාව සො සුඛමෙධතීති අත්‍ථො. මත‍්තො ච දිත‍්තො චාති සුරාමදෙන මත‍්තො දප‍්පෙන දිත‍්තො. පමාදා කුම‍්භමබ‍්භිදාති පමාදෙන කුම‍්භං භින්‍දි. නග‍්ගො ච පොත්‍ථො චාති කදාචි නග‍්ගො, කදාචි පොත්‍ථකපිලොතිකාය නිවත්‍ථත‍්තා පොත්‍ථො. එවමෙවාති එවං එව. පමත‍්තොති පමාදෙන. තප‍්පතීති සොචති.

එහි, සබ්බකාම දදං යනු සියලුම වස්තු කාමයන් දීමට සමත් කළය. කුටං යනු කළයටම වචනයකි. යාව යනු යම් පමණ කලක්. අනුපාලෙති යනු යම් කිසිවෙක් මෙබඳු දෙයක් ලබා යම්තාක් රකියිද, තාච සො සුඛමේධනි යනු ඒ තාක් ඔහු සැප ලබයි යන අර්ථයයි. මත්තො ච දිත්තොච යනු සුරා මදයෙන් මත්වූයේ අහංකාරයෙන් යුක්තව (දිලෙන) පමාදා කුම්භමබ්භිදා යනු ප්‍රමාදයෙන් කළය බින්දේය. නග්ගො ච පොත්‍ථො ච යනු කිසියම් දිනක නිරුවත්ව කිසිදිනෙක, රිටි සුඹුලු වස්ත්‍රයක් ඇඳ ඇති බැවින්, පොත්ථ නමි. එවමෙව යනු මෙසේම. අමත්තව යනු අපමණ, තප්පති යන සෝක කරයි.

“තදා සුරාඝටභෙදකො ධුත‍්තො සෙට‍්ඨිභාගිනෙය්‍යො අහොසි, සක‍්කො පන අහමෙව අහොසි”න‍්ති.

එකල කළය බිඳ ගත් ධූර්තයා සිටුතුමාගේ බෑණා විය. ශක්‍රයා වනාහි මම ම වූයෙමි යි වදාළහ.

සුරාඝටජාතකවණ‍්ණනා පඨමා.