යෙදුමෙන් කියවන්න

2. සුපත‍්තජාතකවණ‍්ණනා 292 අට‍්ඨකථා

2. සුපත‍්තජාතකවණ‍්ණනා (292)

2. සුපත්ත ජාතකය (292)

බාරාණස්‍යං, මහාරාජාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො බිම‍්බාදෙවියා සාරිපුත‍්තත්‍ථෙරෙන දින‍්නං රොහිතමච‍්ඡරසං නවසප‍්පිමිස‍්සකං සාලිභත‍්තං ආරබ‍්භ කථෙසි. වත්‍ථු හෙට‍්ඨා කථිතඅබ‍්භන‍්තරජාතකෙ (ජා· 1.3.91-93) වත්‍ථුසදිසමෙව. තදාපි හි ථෙරියා උදරවාතො කුප‍්පි, රාහුලභද‍්දො ථෙරස‍්ස ආචික‍්ඛි. ථෙරො තං ආසනසාලායං නිසීදාපෙත්‍වා කොසලරඤ‍්ඤො නිවෙසනං ගන‍්ත්‍වා රොහිතමච‍්ඡරසං නවසප‍්පිමිස‍්සකං සාලිභත‍්තං ආහරිත්‍වා තස‍්ස අදාසි. සො ආහරිත්‍වා මාතු ථෙරියා අදාසි, තස‍්සා භුත‍්තමත‍්තාය උදරවාතො පටිප‍්පස‍්සම‍්භි. රාජා පුරිසෙ පෙසෙත්‍වා පරිග‍්ගණ‍්හාපෙත්‍වා තතො පට‍්ඨාය ථෙරියා තථාරූපං භත‍්තං අදාසි. අථෙකදිවසං භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං – “ආවුසො ධම‍්මසෙනාපති, ථෙරිං එවරූපෙන නාම භොජනෙන සන‍්තප‍්පෙසී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව සාරිපුත‍්තො රාහුලමාතාය පත්‍ථිතං දෙති, පුබ‍්බෙපි අදාසියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

බාරාණස්ස මහාරාජා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් බිම්බා දේවියට සැරියුත් මහතෙරුන් වහන්සේ විසින් ගෙනවිත් දෙන ලද රෝහිත මාලු, හා අළුත් ගිතෙල් මිශ්‍රවූ ඇල්හාලේ බතක් අරබයා වදාළ සේක. කථාවස්තුව මුලින් කියන ලද අභ්‍යන්තර ජාතකයේ කථා වස්තුවට සමානය. එකල්හි තෙරණියගේ උදර වාතය කිපුනේය. රාහුල තෙරුන් වහන්සේ සැරියුත් තෙරුන් වහන්සේට සැලකර සිටියහ. සැරියුත් මහතෙරුන් වහන්සේ රාහුල තෙරුන් ආසන ශාලාවෙහි වඩාහිඳුවා කොසොල් රජුගේ මාලිගාවට වැඩමවා රෝහිත මාලු සහ අළුත් ගිතෙල් මිශ්‍ර ඇල්හාලේ බත් ගෙනවුත් රාහුල තෙරුන්ට දුන්හ. උන්වහන්සේ මව් තෙරණියට දුන්හ. තෙරණිය ඒවා වැළඳූ මොහොතේම උදර වාතය සංසිඳුණේය. රජතුමා පුරුෂයන් යවා පරීක්‍ෂා කරවා එතැන් පටන් තෙරණියට එබඳු බත් දුන්නේය. ඉක්බිති එක්දවසක් භික්‍ෂූහු දම්සභාවෙහිදී ඇවැත්නි, දම්සෙනෙවි සැරියුත් මහරහතන් වහන්සේ තෙරණියට මෙබඳු වූ බොජුනකින් සංග්‍රහ කළ සේකැයි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි, කවර කථාවකින් යුතුව දැන් මෙහි සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! සැරියුත් රාහුල මාතාවට පැතූ දේ සපයා දුන්නේ දැන් පමණක් නොවේ. පෙරත් දුන්නේමැයි වදාරා අතීතය ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කාකයොනියං නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො අසීතියා කාකසහස‍්සානං ජෙට‍්ඨකො සුපත‍්තො නාම කාකරාජා අහොසි, අග‍්ගමහෙසී පනස‍්ස සුඵස‍්සා නාම කාකී අහොසි, සෙනාපති සුමුඛො නාම. සො අසීතියා කාකසහස‍්සෙහි පරිවුතො බාරාණසිං උපනිස‍්සාය වසි. සො එකදිවසං සුඵස‍්සං ආදාය ගොචරං පරියෙසන‍්තො බාරාණසිරඤ‍්ඤො මහානසමත්‍ථකෙන අගමාසි. සූදො රඤ‍්ඤො නානාමච‍්ඡමංසවිකතිපරිවාරං භොජනං සම‍්පාදෙත්‍වා ථොකං භාජනානි විවරිත්‍වා උසුමං පලාපෙන‍්තො අට‍්ඨාසි. සුඵස‍්සා මච‍්ඡමංසගන්‍ධං ඝායිත්‍වා රාජභොජනං භුඤ‍්ජිතුකාමා හුත්‍වා තං දිවසං අකථෙත්‍වා දුතියදිවසෙ “එහි, භද‍්දෙ, ගොචරාය ගමිස‍්සාමා”ති වුත‍්තා “තුම‍්හෙ ගච‍්ඡථ, මය‍්හං එකො දොහළො අත්‍ථී”ති වත්‍වා “කීදිසො දොහළො”ති වුත‍්තෙ “බාරාණසිරඤ‍්ඤො භොජනං භුඤ‍්ජිතුකාමාම‍්හි, න ඛො පන සක‍්කා මයා තං ලද‍්ධුං, තස‍්මා ජීවිතං පරිච‍්චජිස‍්සාමි, දෙවා”ති ආහ. බොධිසත‍්තො චින‍්තයමානො නිසීදි. සුමුඛො ආගන‍්ත්‍වා “කිං, මහාරාජ, අනත‍්තමනොසී”ති පුච‍්ඡි, රාජා තමත්‍ථං ආරොචෙසි. සෙනාපති “මා චින‍්තයි, මහාරාජා”ති තෙ උභොපි අස‍්සාසෙත්‍වා “අජ‍්ජ තුම‍්හෙ ඉධෙව හොථ, මයං භත‍්තං ආහරිස‍්සාමා”ති වත්‍වා පක‍්කාමි.

යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කපුටු යෝනියෙහි ඉපදී වැඩිවියට පත්ව කපුටන් අසූදහසකට නායක වූ සුපත්ත නම් කපුටු රජවූහ. කවුඩාගේ අගමෙහෙසිය වනාහි සුඵස්සා නම් කපුටිය වූවාය. සෙන්පතියා සුමුඛ නම් විය. හෙතෙම අසූ දහසක් කපුටන් පිරිවරන ලද්දේ බරණැස් නුවර ඇසුරුකොට වාසය කළේය. හෙතෙමේ එක්දිනක් සුඵුස්සා රැගෙන ගොදුරු සොයමින් බරණැස් රජුගේ මුළුතැන් ගෙයි වහළ උඩින් ගියේය. අරක්කැමියා රජතුමාට නොයෙක් ආකාර මස් මාලු ව්‍යඤ්ජන පිරිවරන ලද භෝජනය සපයා බඳුන් ටිකක් ඇර තබා උණුසුම නිවෙන තෙක් සිටියේය. සුඵස්සා මස් මාලු සුවඳ ආඝ්‍රාණය කොට රජබොජුන් කනු කැමතිව එදින නොකියා පසුදින එන්න සොඳුරිය! කෑම සෙවීම පිණිස යමුයි කියන ලදුව කිය න නුඹවහන්සේ යන්න. මට එක් දොළක් (ආසාවක්) ඇතැයි කියා කිනම් දොළදුකක්දැයි ඇසූ කල බරණැස් රජුගේ භෝජනය කනු කැමැත්තෙමියි කීවාය. මට එය යම් විදියකින් ලබා ගන්නට නොහැකි වී නම් ඒ නිසා ජීවිතය පරිත්‍යාග කරන්නෙම් දේවයන් වහන්ස යයි කීවාය. බෝසතාණන් වහන්සේ සිතමින් හුන්හ. සුමුඛ නම් සෙන්පතියා අවුත් මහරජතුමනි! නොසතුටු සිතින් සිටින්නේ ඇයිදැයි විචාළේය. කපුටු රජ ඒ කාරණය සැල කළේය. සෙන්පතියා, මහරජතුමනි, ඒ ගැන නොසිතන්නැයි ඒ දෙදෙනාම සනසා අද නුඹ වහන්සේ මෙහිම සිටිනු මැනවි. අපි බත් රැගෙන එන්නෙමුයි කියා ගියේය.

සො කාකෙ සන‍්නිපාතෙත්‍වා තං කාරණං කථෙත්‍වා “එථ භත‍්තං ආහරිස‍්සාමා”ති කාකෙහි සද‍්ධිං බාරාණසිං පවිසිත්‍වා මහානසස‍්ස අවිදූරෙ කාකෙ වග‍්ගෙ වග‍්ගෙ කත්‍වා තස‍්මිං තස‍්මිං ඨානෙ ආරක‍්ඛත්‍ථාය ඨපෙත්‍වා සයං අට‍්ඨහි කාකයොධෙහි සද‍්ධිං මහානසඡදනෙ නිසීදි රඤ‍්ඤො භත‍්තහරණකාලං ඔලොකයමානො. තෙ ච කාකෙ ආහ – “අහං රඤ‍්ඤො භත‍්තෙ හරියමානෙ භාජනානි පාතෙස‍්සාමි, භාජනෙසු පතිතෙසු මය‍්හං ජීවිතං නත්‍ථි, තුම‍්හෙසු චත‍්තාරො ජනා මුඛපූරං භත‍්තං, චත‍්තාරො මච‍්ඡමංසං ගහෙත්‍වා නෙත්‍වා සුපත‍්තං සපජාපතිකං කාකරාජානං භොජෙථ, ‘කහං සෙනාපතී’ති වුත‍්තෙ ‘පච‍්ඡතො එහිතී’ති වදෙය්‍යාථා”ති. අථ සූදො රඤ‍්ඤො භොජනවිකතිං සම‍්පාදෙත්‍වා කාජෙන ගහෙත්‍වා රාජකුලං පායාසි. තස‍්ස රාජඞ‍්ගණං ගතකාලෙ කාකසෙනාපති කාකානං සඤ‍්ඤං දත්‍වා සයං උප‍්පතිත්‍වා භත‍්තහාරකස‍්ස උරෙ නිසීදිත්‍වා නඛපඤ‍්ජරෙන පහරිත්‍වා කණයග‍්ගසදිසෙන තුණ‍්ඩෙන නාසග‍්ගමස‍්ස අභිහන‍්ත්‍වා උට‍්ඨාය ද‍්වීහි පක‍්ඛෙහි මුඛමස‍්ස පිදහි. රාජා මහාතලෙ චඞ‍්කමන‍්තො මහාවාතපානෙන ඔලොකෙත්‍වා තං කාකස‍්ස කිරියං දිස‍්වා භත‍්තහාරකස‍්ස සද‍්දං දත්‍වා “භො භත‍්තකාරක, භාජනානි ඡඩ‍්ඩෙත්‍වා කාකමෙව ගණ‍්හා”ති ආහ. සො භාජනානි ඡඩ‍්ඩෙත්‍වා කාකං දළ‍්හං ගණ‍්හි. රාජාපි නං “ඉතො එහී”ති ආහ.

හෙතෙම කපුටන් රැස්කරවා ඒ කාරණය කියා එව් බත් ගෙනෙන්නෙමුයි කපුටන් සමග බරණැස් නුවරට පිවිස මුළුතැන් ගේ නුදුරෙහි කවුඩන් කොටස් කොටස් කොට ඒ ඒ තැන ආරක්ෂාව පිණිස තබා තෙමේ කවුඩු යෝධයන් අටදෙනෙකු සමග රජතුමාට බත්ගෙන යන වේලාව බලමින් මුළුතැන් ගෙයි වහළ මත හිඳ ගත්තේය. ඒ කපුටන්ට රජතුමාට බත් ගෙන යද්දී මම භාජන පෙරළන්නෙමි. භාජන වැටුණු කල්හි මගේ ජීවිතය නැත. (ඉතිරි නොවෙයි) නුඹලා අතරින් හතර දෙනෙක් කටපුරා බත්ද හතර දෙනෙක් මස් මාලුද ගෙන ප්‍රජාපතිය (දේවිය) සහිත කවුඩු රජතුමාව අනුභව කරවව්. සේනාපතියා කොහිදැයි ඇසූ කල්හි පසුව එති’යි කියන්නැයි කීය. ඉක්බිති අරක්කැමියා බත් හා ව්‍යඤ්ජන සම්පාදනය කොට කදෙහි තබාගෙන රජමැදුරට පිටත් විය. ඔහු රජමිදුලට ගියකල්හි කපුටු සෙන්පතියා කපුටන්ට සංඥාවක් දී ඉගිලී ගොස් අරක්කැමියාගේ පපුවෙහි වසා නියපොතුවලින් පහර දී හෙල්ලක් වැනි තුඩින් ඔහුගේ නාසය අගට පහරදී නැගිට පා දෙකින් ඔහුගේ මුහුණ වැසුවේය. රජතුමා සඳලුතලයේ සක්මන් කරමින් ලොකු වා කවුළුවෙන් බලා ඒ කපුටාගේ ක්‍රියාව දැක අරක්කැමියාට ශබ්දයක් කොට එම්බල අරක්කැමිය, භාජන විසිකොට කපුටාම අල්ලා ගන්නැයි කීවේය. ඔහු භාජන ඉවත දමා කපුටා දැඩිව අල්ලා ගත්තේය. රජතුමා (ඔහුට) මෙහි එන්නැයි කීය.

තස‍්මිං ඛණෙ කාකා ආගන‍්ත්‍වා අත‍්තනො පහොනකං භුඤ‍්ජිත්‍වා සෙසං වුත‍්තනියාමෙනෙව ගහෙත්‍වා අගමිංසු. තතො සෙසා ආගන‍්ත්‍වා සෙසං භුඤ‍්ජිංසු. තෙපි අට‍්ඨ ජනා ගන‍්ත්‍වා රාජානං සපජාපතිකං භොජෙසුං, සුඵස‍්සාය දොහළො වූපසමි. භත‍්තහාරකො කාකං රඤ‍්ඤො උපනෙසි. අථ නං රාජා පුච‍්ඡි – “භො කාක, ත්‍වං මමඤ‍්ච න ලජ‍්ජි, භත‍්තහාරකස‍්ස ච නාසං ඛණ‍්ඩෙසි, භත‍්තභාජනානි ච භින්‍දි, අත‍්තනො ච ජීවිතං න රක‍්ඛි, කස‍්මා එවරූපං කම‍්මමකාසී”ති? කාකො “මහාරාජ, අම‍්හාකං රාජා බාරාණසිං උපනිස‍්සාය වසති, අහමස‍්ස සෙනාපති, තස‍්ස සුඵස‍්සා නාම භරියා දොහළිනී තුම‍්හාකං භොජනං භුඤ‍්ජිතුකාමා, රාජා තස‍්සා දොහළං මය‍්හං ආචික‍්ඛි. අහං තත්‍ථෙව මම ජීවිතං පරිච‍්චජිත්‍වා ආගතො, ඉදානි මෙ තස‍්සා භොජනං පෙසිතං, මය‍්හං මනොරථො මත්‍ථකං පත‍්තො, ඉමිනා කාරණෙන මයා එවරූපං කම‍්මං කත”න‍්ති දීපෙන‍්තො ඉමා ගාථා ආහ.

ඒ අවස්ථාවෙහිදී කපුටෝ ඇවිත් තමන් ඇති තරම් අනුභවකොට සෙස්ස කියන ලද ක්‍රමයට ගෙන ගියාහුය. ඉක්බිති සෙසු කපුටෝ ඇවිත් ඉතිරි ඒවා අනුභව කළහ. ඒ කපුටන් අටදෙනා ගොස් දේවිය සහිත රජතුමාට කැවූහ. සුඵස්සාවගේ දොළදුක සන්සිඳුනේය. අරක්කැමියා කපුටා රජතුමා වෙත ඉදිරිපත් කළේය. ඉක්බිති රජතුමා කපුටාගෙන් “එම්බා කපුට, තෝ මා ගැන සිතාවත් ලජ්ජාවට පත් නොවූයෙහිය. අරක්කැමියාගේද නාසය තුවාල කළෙහිය. බත් භාජනද බින්දේය. තමන්ගේ ජීවිතයද නොරැක්කෙහිය. කුමක් නිසා මෙබඳු ක්‍රියාවක් කළෙහිදැයි විමසීය. කපුටා කියන්නේ මහරජතුමනි, අපගේ රජ්ජුරුවෝ බරණැස් නුවර ඇසුරුකොට වසයි. මම ඔහුගේ සේනාපතියා වෙමි. රජුගේ සුඵස්සා නම් බිරිඳ දොළදුක් ඇතිව ඔබවහන්සේගේ භෝජනය කනු කැමැත්තීය. අපේ රජතුමා ඇගේ දොළදුක මට කීවේය. මම එහිදීම මගේ ජීවිතය පරිත්‍යාගකොට (ජීවිත ආශාව හැරදමා) ආවෙමි. දැන් මා විසින් ඇයට භෝජනය යවන ලදි. මගේ මනදොළ මුදුන් පැමිණියේය. මේ කාරණය නිසා මා විසින් මෙබන්දක් කරන ලදී යයි දක්වමින්,

“බාරාණස්‍යං මහාරාජ, කාකරාජා නිවාසකො; අසීතියා සහස‍්සෙහි, සුපත‍්තො පරිවාරිතො.

බාරාණස්සං මහාරාජ කාකරාජා නිවාසිකො, අසීතයා සහස්සෙහි සුපත්තො පරිවාරිතො

“තස‍්ස දොහළිනී භරියා, සුඵස‍්සා භක‍්ඛිතුමිච‍්ඡති; රඤ‍්ඤො මහානසෙ පක‍්කං, පච‍්චග‍්ඝං රාජභොජනං.

තස්ස දොහළිනී භරියා සුඵස්සා මච්ඡමිච්ඡති, රඤ්ඤො මහානසෙ පක්කං පච්චග්ඝං රාජභොජනං

“තෙසාහං පහිතො දූතො, රඤ‍්ඤො චම‍්හි ඉධාගතො; භත‍්තු අපචිතිං කුම‍්මි, නාසායමකරං වණ”න‍්ති.

තෙසාහං පහිතො දූතො රඤ්ඤො චම්හි ඉධාගතො, භත්තු අපචිතිං කුම්මි නාසායමකරං වණං

යන මේ ගාථා කීවේය.

මහරජ, බරණැස් නුවර නිවැසි අසූදහසක් පමණ කපුටන් පිරිවරා ගත් සුපත්ත නමැති කපුටු රජෙක් ඇත.

දොළදුක් ඇති සුඵස්සා නම් ඔහුගේ බිරිඳ රජුගේ (ඔබ වහන්සේගේ) මුළුතැන්ගෙයි පිසූ අළුත් රාජභෝජනය අනුභව කරන්නට කැමැත්තීය.

මම ඔවුන්ගේ දූතයෙක්මි. රජතුමා විසින් එවන ලද්දෙමි. මම මෙහි ආවෙමි. සිය ස්වාමියාට සත්කාර කරමි. එහෙයින් අරක්කැමියාගේ නාසයෙහි වණය කෙළෙමි. (නාසය තුවාල කළෙමි.)

තත්‍ථ බාරාණස්‍යන‍්ති බාරාණසියං. නිවාසකොති නිබද‍්ධවසනකො. පක‍්කන‍්ති නානප‍්පකාරෙන සම‍්පාදිතං. කෙචි “සිද‍්ධ”න‍්ති සජ‍්ඣායන‍්ති. පච‍්චග‍්ඝන‍්ති අබ‍්භුණ‍්හං අපාරිවාසිකං, මච‍්ඡමංසවිකතීසු වා පච‍්චෙකං මහග‍්ඝං එත්‍ථාති පච‍්චග‍්ඝං. තෙසාහං පහිතො දූතො, රඤ‍්ඤො චම‍්හි ඉධාගතොති තෙසං උභින‍්නම‍්පි අහං දූතො ආණත‍්තිකරො රඤ‍්ඤො ච අම‍්හි පහිතො, තස‍්මා ඉධ ආගතොති අත්‍ථො. භත‍්තු අපචිතිං කුම‍්මීති ස‍්වාහං එවං ආගතො අත‍්තනො භත‍්තු අපචිතිං සක‍්කාරසම‍්මානං කරොමි. නාසායමකරං වණන‍්ති, මහාරාජ, ඉමිනා කාරණෙන තුම‍්හෙ ච අත‍්තනො ච ජීවිතං අගණෙත්‍වා භත‍්තභාජනං පාතාපෙතුං භත‍්තහාරකස‍්ස නාසාය මුඛතුණ‍්ඩකෙන වණං අකාසිං, මයා අත‍්තනො රඤ‍්ඤො අපචිති කතා, ඉදානි තුම‍්හෙ යං ඉච‍්ඡථ, තං දණ‍්ඩං කරොථාති.

එහි, බාරාණස්සං යනු බරණැස් නගරයෙහි, නිවාසිකො යනු නිරතුරුව වසන්නෙක්මි. පක්කං යනු නොයෙක් ආකාරයෙන් සම්පාදනය කරන ලද. (‘පක්කං’ වෙනුවට) ඇතැමෙක් ‘සිද්ධං’ යනුවෙන් පාඩම් කරති. පච්චග්ඝං යනු උණුසුම්, පිළුණු නොවූ, නැතහොත් මෙහි මස් මාලු ව්‍යඤ්ජන අතරින් එක එකක් මහත් සේ වටී යන අර්ථයෙන් පච්චග්ඝං. තෙසාහං පහිතො දූතො රඤ්ඤො චම්හි ඉධාගතො යනු මම ඒ දෙදෙනාගේම දූතයාය. අණ පිළිපදින්නාය. රජතුමා විසින් එවන ලද්දේ වෙමි. ඒ නිසා මෙහි ආවෙමි යන අර්ථයි. භත්තු අපචිතිං කුම්මි යනු ඒ මම මෙසේ පැමිණ තමන්ගේ ස්වාමියාට ගෞරව සත්කාර සම්මාන කරමි. නාසාය මකරං වණං යනු මහරජතුමනි, මේ කරුණෙන් නුඹ වහ‍්න්සේගේද මගේද ජීවිතය ගණන් නොගෙන බත් භාජනය පෙරළා දමන්ට බත් ගෙනෙන්නාගේ නාසය හොටෙන් තුවාල කළෙමි. මා විසින් තමන්ගේ රජතුමාට පුදන ලදි. දැන් ඔබවහන්සේ කැමති දඬුවමක් මට කරනු මැනවියි කීය.

රාජා තස‍්ස වචනං සුත්‍වා “මයං තාව මනුස‍්සභූතානං මහන‍්තං යසං දත්‍වා අම‍්හාකං සුහජ‍්ජෙ කාතුං න සක‍්කොම, ගාමාදීනි දදමානාපි අම‍්හාකං ජීවිතදායකං න ලභාම, අයං කාකො සමානො අත‍්තනො රඤ‍්ඤො ජීවිතං පරිච‍්චජති, අතිවිය සප‍්පුරිසො මධුරස‍්සරො ධම‍්මකථිකො”ති ගුණෙසු පසීදිත්‍වා තං සෙතච‍්ඡත‍්තෙන පූජෙසි. සො අත‍්තනා ලද‍්ධෙන සෙතච‍්ඡත‍්තෙන රාජානමෙව පූජෙත්‍වා බොධිසත‍්තස‍්ස ගුණෙ කථෙසි. රාජා නං පක‍්කොසාපෙත්‍වා ධම‍්මං සුත්‍වා උභින‍්නම‍්පි තෙසං අත‍්තනො භොජනනියාමෙන භත‍්තං පට‍්ඨපෙසි, සෙසකාකානං දෙවසිකං එකං තණ‍්ඩුලම‍්බණං පචාපෙසි, සයඤ‍්ච බොධිසත‍්තස‍්ස ඔවාදෙ ඨත්‍වා සබ‍්බසත‍්තානං අභයං දත්‍වා පඤ‍්ච සීලානි රක‍්ඛි. සුපත‍්තකාකොවාදො පන සත‍්ත වස‍්සසතානි පවත‍්ති.

රජතුමා කපුටාගේ වචන අසා මිනිසුන්ට මහත් සම්පත් දීමෙන් පවා අපට හිතවත්කම් ඇතිකර ගන්නට නොහැක්කෙමු. ගම්බිම් ආදිය දෙමින් ද අප වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කරන කෙනෙකු නොලබමු. මූ කපුටකු ලෙස සිටිමිනුත් තමන්ගේ රජතුමාට ජීවිතය පරිත්‍යාග කරයි. ඉතාම හොඳ සත්පුරුෂයෙකි. මිහිරි හඬ ඇත්තෙකි. දැහැමි පුද්ගලයෙකැයි ගණයෙහි පැහැදී කපුටු සෙන්පතිට සේසත පූජා කළේය. හෙතෙම තමන් විසින් ලබන ලද සේසත රජුටම පුදා සුපත්ත (කවුඩු රජු) ගේ ගුණ කීවේය. රජතුමා කපුටු රජු කැඳවා බණ අසා ඒ දෙදෙනාටම තමන්ගේ භෝජනය පරිද්දෙන් බත් සැපයීම පිහිටුවීය. (ඇරඹීය) සෙසු කපුටන්ට දිනපතා සහල් අමුණක බත් පිසෙව්වේය. තමාත් බෝසතාණන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා සියලු සතුන්ට අභය දී පන්සිල් රැක්කේය. සුපත්ත කපුටු අවවාදය වනාහි වර්ෂ හත්සියයක් පැවතියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්‍දො අහොසි, සුමුඛො සෙනාපති සාරිපුත‍්තො, සුඵස‍්සා රාහුලමාතා, සුපත‍්තො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල රජ ආනන්දය. සේනාපති කපුටා සැරියුත්ය. සුඵස්සා රාහුල මාතාවයි. සුපත්ත වනාහි මම්ම වූයෙමියි වදාළ සේක.

සුපත‍්තජාතකවණ‍්ණනා දුතියා.