3. කායනිබ්බින්දජාතකවණ්ණනා 293 අට්ඨකථා
3. කායනිබ්බින්දජාතකවණ්ණනා (293)
3. කායවිච්ඡන්ද ජාතකය (293)
ඵුට්ඨස්ස මෙති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අඤ්ඤතරං පුරිසං ආරබ්භ කථෙසි. සාවත්ථියං කිරෙකො පුරිසො පණ්ඩුරොගෙන අට්ටිතො වෙජ්ජෙහි පටික්ඛිත්තො. පුත්තදාරොපිස්ස “කො ඉමං පටිජග්ගිතුං සක්කොතී”ති චින්තෙසි. තස්ස එතදහොසි – “සචාහං ඉමම්හා රොගා වුට්ඨහිස්සාමි, පබ්බජිස්සාමී”ති. සො කතිපාහෙනෙව කිඤ්චි සප්පායං ලභිත්වා අරොගො හුත්වා ජෙතවනං ගන්ත්වා සත්ථාරං පබ්බජ්ජං යාචි. සො සත්ථු සන්තිකෙ පබ්බජ්ජඤ්ච උපසම්පදඤ්ච ලභිත්වා නචිරස්සෙව අරහත්තං පාපුණි. අථෙකදිවසං භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං – “ආවුසො, අසුකො නාම පණ්ඩුරොගී ‘ඉමම්හා රොගා වුට්ඨිතො පබ්බජිස්සාමී’ති චින්තෙත්වා පබ්බජිතො චෙව අරහත්තඤ්ච පත්තො”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති . පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානි අයමෙව; පුබ්බෙ පණ්ඩිතාපි එවං වත්වා රොගා වුට්ඨාය පබ්බජිත්වා අත්තනො වුඩ්ඪිමකංසූ”ති වත්වා අතීතං ආහරි.
ඵුට්ඨස්ස මෙ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක්තරා පුරුෂයෙකු අරබයා වදාළ සේක. සැවැත්නුවර වනාහි එක් පුරුෂයෙකු අරබයා වදාළ සේක. සැවැත්නුවර පාණ්ඩු රෝගයෙන් පෙළෙන එක් පුරුෂයෙක් වෙදුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේය. ඔහුගේ අඹුදරුවෝ කවරෙකු මොහුට පිළියම් කරන්නට හැකිවෙත්දැයි සිතූහ. මගේ මේ රෝගය සුව වුවහොත් මම පැවිදි වන්නෙමි යන අදහස් ඔහුට ඇතිවිය. ඔහු කීප දිනකින්ම කිසියම් යෝග්‍ය ආහාර ලබා නිරෝගී වී දෙව්රමට ගොස් පැවිද්ද ඉල්ලුවේය. ඔහු බුදුරජාණන් වහන්සේ සමීපයෙන් පැවිද්ද හා උපසම්පදාව ලැබ නොබෝ දිනකින්ම රහත් බවට පැමිණියේය. ඉක්බිති එක්දිනක්, භික්ෂූහු “ඇවැත්නි, අසවල් පාණ්ඩු රෝගියා එම රෝගයෙන් සුවපත්ව පැවිදි වන්නෙමියි සිතා පැවිදි බවට ද පත්ව රහත් බවටද පැමිණියේය යනුවෙන් කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ වැඩමවා මහණෙනි! කවර කථාවකින් යුතුව මෙහි දැන් සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යැයි කී කල්හි මහණෙනි, මොහු පමණක් නොව පෙර පණ්ඩිතයෝද මෙසේ කියා රෝගය සුවපත්ව පැවිදිව තමන්ගේ දියුණුව ඇතිකර ගත්තාහුයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො කුටුම්බං සණ්ඨපෙත්වා වසන්තො පණ්ඩුරොගී අහොසි. වෙජ්ජාපි පටිජග්ගිතුං නාසක්ඛිංසු, පුත්තදාරොපිස්ස විප්පටිසාරී අහොසි. සො “ඉමම්හා රොගා වුට්ඨිතො පබ්බජිස්සාමී”ති චින්තෙත්වා කිඤ්චිදෙව සප්පායං ලභිත්වා අරොගො හුත්වා හිමවන්තං පවිසිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා අභිඤ්ඤා ච සමාපත්තියො ච උප්පාදෙත්වා ඣානසුඛෙන විහරන්තො “එත්තකං කාලං එවරූපං සුඛං නාම නාලත්ථ”න්ති උදානං උදානෙන්තො ඉමා ගාථා ආහ –
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ බමුණු කුලයෙහි ඉපදී වැඩිවියට පැමිණියේ පවුල් ජීවිතයට පත්ව වසන කල්හි පාණ්ඩු රෝගියෙක් වූහ. වෛද්‍යවරුද සුවපත් කරන්නට අසමත් වූහ. අඹුදරුවෝද පසුතැවිලි වූහ. ඔහු මේ රෝගය සුව වුවහොත් පැවිදි වන්නෙමියි සිතා ගැලපෙන කිසියම් දෙයක් ලැබ (අනුභව කොට) සුවපත් වී හිමවතට ඇතුල් වී තවුස් පැවිද්දෙන් පැවිදි විය. ඔහු සමාපත්ති හා අභිඥා උපදවාගෙන ධ්‍යාන සුවයෙන් වාසය කරමින් මෙතෙක් කලකට මෙබඳු සැපයක් නොලද්දෙමියි සතුට පළකරමින්,
“ඵුට්ඨස්ස මෙ අඤ්ඤතරෙන බ්යාධිනා, රොගෙන බාළ්හං දුඛිතස්ස රුප්පතො; පරිසුස්සති ඛිප්පමිදං කළෙවරං, පුප්ඵං යථා පංසුනි ආතපෙ කතං.
පුට්ඨස්ස මෙ අඤ්ඤතරෙන ව්යාධිනා, රොගෙන බාළ්හං දුඛිතස්ස රුප්පතො, පරිසුස්සති ඛිප්පමිදං කළෙබරං, පුප්ඵං යථා පංසුනි ආතපෙ කතං
“අජඤ්ඤං ජඤ්ඤසඞ්ඛාතං, අසුචිං සුචිසම්මතං; නානාකුණපපරිපූරං, ජඤ්ඤරූපං අපස්සතො.
අජඤ්ඤං ජඤ්ඤං සංඛාතං අසුචිං සුචිසම්මතං, නානා කුණප පරිපූරං ජඤ්ඤරූපං අපස්සතො
“ධිරත්ථුමං ආතුරං පූතිකායං, ජෙගුච්ඡියං අස්සුචිං බ්යාධිධම්මං; යත්‍ථප්පමත්තා අධිමුච්ඡිතා පජා, හාපෙන්ති මග්ගං සුගතූපපත්තියා”ති.
ධිරත්ථු තං ආතුරං පූතිකායං, ජෙගුච්ඡියං අසුචිං ව්‍යාධි ධම්මං, යත්‍ථප්පමත්තා අධිමුච්ඡිතා පජා, හාපෙන්ති මග්ගං සුගතූප පත්තියා
යන මේ ගාථා කීය.
එක්තරා රෝගයකින් දැඩි පීඩාවට පත් වූ නිසාම දුකට පත්වූ පීඩාවට පත්වූ මාගේ ශරීරය අව්ව වැටී ඇති වැල්ලෙහි දමන ලද මලක් මෙන් වහා මැලවී ය යි.
මනාප නොවූ (එහෙත් මෝඩයන් විසින්) මනාප යැයි සැලකෙන අපවිත්‍ර වූ (එහෙත්) පවිත්‍ර යැයි සම්මත වූ කේශාදී නොයෙක් කුණපයෙන් පිරුණු මේ ශරීරය නුවණින් නොදක්නා හට මනාප වශයෙන් වැටහෙන්නේය.
(රාගාදී කෙලෙස් නිසා) මේ ශරීරයෙහි අතිශයින් මුළා වූ සත්ත්වයෝ සුගතියෙහි ඉපදීමට ඇති මාර්ගය නැතිකර ගනිති. එසේ වූ නිතර ගිලන් වූ පිළිකුල් කළයුතු වූ අපවිත්‍ර වූ ව්‍යාධි ස්වාභාවය ඇති මේ කුණු කයට නින්දා වේවා!
තත්ථ අඤ්ඤතරෙනාති අට්ඨනවුතියා රොගෙසු එකෙන පණ්ඩුරොගබ්යාධිනා. රොගෙනාති රුජ්ජනසභාවත්තා එවංලද්ධනාමෙන. රුප්පතොති ඝට්ටියමානස්ස පීළියමානස්ස. පංසුනි ආතපෙ කතන්ති යථා ආතපෙ තත්තවාලිකාය ඨපිතං සුඛුමපුප්ඵං පරිසුස්සෙය්ය, එවං පරිසුස්සතීති අත්ථො.
එහි, අඤ්ඤතරෙන යනු අනූඅටක් රෝගයන් අතුරෙන් පණ්ඩුරෝගය නමැති එක් ව්‍යාධියකින්. රොගෙන යනු රිදෙන ස්වභාවයෙන් යුත් නිසා මෙසේ ලබන ලද නමින්. රුප්පතො යනු ගැටෙන බැවින්, පෙලෙන බැවින්. පංසුනි ආතපෙකතං යනු වාතයෙන් අව්වෙන් රත්වූ වැල්ලෙහි තබන ලද සියුමැලි මලක් වියැලී යන්නා සේ වියලී යන්නේය යන අර්ථයි.
අජඤ්ඤං ජඤ්ඤසඞ්ඛාතන්ති පටිකූලං අමනාපමෙව බාලානං මනාපන්ති සඞ්ඛං ගතං. නානාකුණපපරිපූරන්ති කෙසාදීහි ද්වත්තිංසාය කුණපෙහි පරිපුණ්ණං. ජඤ්ඤරූපං අපස්සතොති අපස්සන්තස්ස අන්ධබාලපුථුජ්ජනස්ස මනාපං සාධුරූපං පරිභොගසභාවං හුත්වා උපට්ඨාති, “අක්ඛිම්හා අක්ඛිගූථකො”තිආදිනා නයෙන පකාසිතො අසුභසභාවො බාලානං න උපට්ඨාති.
අජඤ්ඤං ජඤ්ඤාසංඛාතං යනු පිළිකුල් වූයේ අමනාප වූයේම (එහෙත්) බාලයන්ගේ මනාපයට ලක්වූ, නානාකුණප පරිපූරං යනු කෙස් ආදී දෙතිස් කුණපයන්ගෙන් පිරුණා වූ, ජඤ්ඤරූපං අපස්සතො යනු නුවණින් නොබලන්නා වූ අඳබාල පුහුදුන් පුද්ගලයාට (මේ කුණපය) මනාප වූ යහපත් වූ ස්වරූප ඇති පරිභෝගයට සුදුසු ස්වභාවයෙන් යුක්ත වූ ශරීරයක් ලෙස වැටහෙයි. ඇසෙන් කබ ආදී වශයෙන් ප්‍රකාශ කරන ලද මේ ශරීරයෙහි ස්වභාවය බාලයන්ට (මෝඩයන්ට) නොවැටහෙයි.
ආතුරන්ති නිච්චගිලානං. අධිමුච්ඡිතාති කිලෙසමුච්ඡාය අතිවිය මුච්ඡිතා. පජාති අන්ධබාලපුථුජ්ජනා. හාපෙන්ති මග්ගං සුගතූපපත්තියාති ඉමස්මිං පූතිකායෙ ලග්ගා ලග්ගිතා හුත්වා අපායමග්ගං පූරෙන්තා දෙවමනුස්සභෙදාය සුගතිඋපපත්තියා මග්ගං පරිහාපෙන්ති.
ආතුරං යනු නිරන්තරයෙන් ගිලන් වූ. අධිමුච්ඡිතා යනු කෙලෙස් මුළාවෙන් අතිශයින් මුසපත් වූ. පජා යනු අන්ධ බාල පුහුදුන් ජනයා. හාපෙන්ති මග්ගං සුගතූපත්තියා යනු මේ කුණු ශරීරයෙහි ඇලී ඇලී සිටියවුන් බවට පත්ව අපාය මාර්ගය පුරවමින් දෙව්මිනිස් වශයෙන් ප්‍රභේද ඇති සුගතියෙහි ඉපදීමේ මාර්ගය පිරිහෙළා ගනිති.
ඉති මහාසත්තො නානප්පකාරෙන අසුචිභාවඤ්ච නිච්චාතුරභාවඤ්ච පරිග්ගණ්හන්තො කායෙ නිබ්බින්දිත්වා යාවජීවං චත්තාරො බ්රහ්මවිහාරෙ භාවෙත්වා බ්රහ්මලොකපරායණො අහොසි.
මෙසේ මහා සත්ත්වයන් වහන්සේ නොයෙක් ආකාරයෙන් අපිරිසිදු බව ද නිතර රෝගාබාධවලට ගොදුරු වන බව ද පරීක්ෂා කරමින් කයෙහි කලකිරී දිවි ඇතිතෙක් සතර බඹ විහරණ වඩා බඹලොව උපන් සේක.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ බහුජනා සොතාපත්තිඵලාදීනි පාපුණිංසු. “තදා තාපසො අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය ප්‍රකාශකොට ජාතක කථාව නිමවා වදාළ සේක. බොහෝ දෙනා සෝවාන් ආදී මාර්ග ඵලවලට පැමිණියාහුය. එකල තාපසයා මම ම වූයෙමි යි වදාළ සේක.
කායනිබ්බින්දජාතකවණ්ණනා තතියා.