4. ජම්බුඛාදකජාතකවණ්ණනා 294 අට්ඨකථා
4. ජම්බුඛාදකජාතකවණ්ණනා (294)
4. ජම්බුඛාදක ජාතකය (294)
කොයං බින්දුස්සරො වග්ගූති ඉදං සත්ථා වෙළුවනෙ විහරන්තො දෙවදත්තකොකාලිකෙ ආරබ්භ කථෙසි. තදා හි දෙවදත්තෙ පරිහීනලාභසක්කාරෙ කොකාලිකො කුලානි උපසඞ්කමිත්වා “දෙවදත්තත්ථෙරො නාම මහාසම්මතපවෙණියා ඔක්කාකරාජවංසෙ ජාතො අසම්භින්නඛත්තියවංසෙ වඩ්ඪිතො තිපිටකධරො ඣානලාභී මධුරකථො ධම්මකථිකො, දෙථ කරොථ ථෙරස්සා”ති දෙවදත්තස්ස වණ්ණං භාසති. දෙවදත්තොපි “කොකාලිකො උදිච්චබ්රාහ්මණකුලා නික්ඛමිත්වා පබ්බජිතො බහුස්සුතො ධම්මකථිකො, දෙථ කරොථ කොකාලිකස්සා”ති කොකාලිකස්ස වණ්ණං භාසති. ඉති තෙ අඤ්ඤමඤ්ඤස්ස වණ්ණං භාසිත්වා කුලඝරෙසු භුඤ්ජන්තා විචරන්ති. අථෙකදිවසං ධම්මසභායං භික්ඛූ කථං සමුට්ඨාපෙසුං – “ආවුසො දෙවදත්තකොකාලිකා, අඤ්ඤමඤ්ඤස්ස අභූතගුණකථං කථෙත්වා භුඤ්ජන්තා විචරන්තී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව තෙ අඤ්ඤමඤ්ඤස්ස අභූතගුණකථං කථෙත්වා භුඤ්ජන්ති, පුබ්බෙපෙවං භුඤ්ජිංසුයෙවා”ති වත්වා අතීතං ආහරි.
කොයං බින්දුස්සරො වග්ගු යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩවාසය කරන සේක් දේවදත්ත තෙරුන් වහන්සේ සහ කෝකාලික තෙරුන් වහන්සේ අරබයා වදාළ සේක. එකල්හි දෙව්දත් තෙරුන් වහන්සේ පිරිහුණු ලාභ සත්කාර ඇති කල්හි කෝකාලික තෙර නිවෙස්වලට ගොස් දෙව්දත් තෙරුන් වහන්සේ මහා සම්මත පරම්පරාවෙහි ඔක්කාක රාජ වංශයෙහි උපන් නොබිඳුණු ක්ෂත්රිය වංශයෙහි වැඩුණාහ. ත්රිපිටකධාරීය, ධ්යානලාභීය, මිහිරි කථා ඇති ධර්ම කථිකයෙකි. ඒ නිසා උන්වහන්සේට දන් දෙන්න කළයුතු දේ කරන්න යනුවෙන් දෙව්දත් තෙරුන්ගේ ගුණ වර්ණනාව කියයි. දෙව්දත් තෙරුන් වහන්සේද කෝකාලික තෙරුන් වහන්සේ උසස් බමුණු කුලයෙන් නික්ම පැවිදිව බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකි. ධර්ම කථිකයෙකි. උන්වහන්සේට දන් දෙන්න උපකාර කරන්න යනුවෙන් කෝකාලික තෙරුන්ගේ ගුණ වර්ණනාව කියන සේක. මෙසේ ඔවුනොවුන්ගේ වර්ණනාව කියා කුල ගෙවල වළඳමින් හැසිරෙත්. ඉක්බිති එක් දිනක් භික්ෂූහු දම්සභාවෙහිදී “ඇවැත්නි, දේවදත්ත, කෝකාලික දෙනම ඔවුනොවුන්ගේ නැති ගුණ කියා වළඳමින් හැසිරෙති” යනුවෙන් කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මා එන්නට පෙර කවර කථාවකින් යුතුව මෙහි සිටියාහුදැයි විචාරා, මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි! ඔවුන් දැන් පමණක් නැති ගුණ කියා නොවළඳති. පෙරත් වැළඳූහයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො අඤ්ඤතරස්මිං ජම්බුවනසණ්ඩෙ රුක්ඛදෙවතා හුත්වා නිබ්බත්ති. තත්රෙකො කාකො ජම්බුසාඛාය නිසින්නො ජම්බුපක්කානි ඛාදති. අථෙකො සිඞ්ගාලො ආගන්ත්වා උද්ධං ඔලොකෙන්තො කාකං දිස්වා “යංනූනාහං ඉමස්ස අභූතගුණකථං කථෙත්වා ජම්බූනි ඛාදෙය්ය”න්ති තස්ස වණ්ණං කථෙන්තො ඉමං ගාථමාහ –
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ එක්තරා දඹ වනයක රුක් දෙවියෙක් වී උපන්හ. එහි එක් කපුටෙක් දඹ අත්තක හිඳිමින් දඹගෙඩි කයි. ඉක්බිති එක් හිවලෙක් අවුත් උඩ බලමින් කපුටා දැක මම මුගේ නැති ගුණ කියා දඹ කන්නෙමි නම් මැනවැයි සිතා උගේ වර්ණනාව කියමින්,
“කොයං බින්දුස්සරො වග්ගු, සරවන්තානමුත්තමො; අච්චුතො ජම්බුසාඛාය, මොරච්ඡාපොව කූජතී”ති.
කොයං බින්දුස්සරො වග්ගු පවදන්තාන මුත්තමො, අච්ඡුතො ජම්බුසාඛායං මොරච්ඡාපොව කූජති
යන මේ ගාථාව කීය.
බින්දුවක් මෙන් වටකුරු වූ ස්වර ඇති මිහිරි නාද ඇති හඬන්නවුන් අතුරෙන් උතුම් වූ ජම්බු අත්තක සිට මොණර පැටියෙකු සේ නාද කරන තැනැත්තා කවරෙක්ද?
තත්ථ බින්දුස්සරොති බින්දුනා අවිසාරෙන පිණ්ඩිතෙන සරෙන සමන්නාගතො. වග්ගූති මධුරසද්දො. අච්චුතොති න චුතො සන්නිසින්නො. මොරච්ඡාපොව කූජතීති තරුණමොරොව මනාපෙන සද්දෙන “කො නාමෙසො කූජතී”ති වදති.
එහි, බින්දුස්සරො යනු බින්දුවක් මෙන් වූ නොවිසුරුණා වූ පිඬු වූ ස්වරයෙන් යුක්ත වූයේ. වග්ගු යනු මොළොක් මිහිරි හඬ ඇති, අච්චුනො යනු ඉවත් නොවූයේ, මනාව හුන්නේ. මොරච්ඡාපොව කූජති යනු තරුණ මොණරකු සේ මිහිරි ස්වරයෙන් මේ නාද කරන්නේ කවරෙක්දැයි කියයි.
අථ නං කාකො පටිපසංසන්තො දුතියං ගාථමාහ –
ඉක්බිති කපුටා හිවලාට පෙරළා ප්රශංසා කරමින්,
“කුලපුත්තොව ජානාති, කුලපුත්තං පසංසිතුං; බ්යග්ඝච්ඡාපසරීවණ්ණ, භුඤ්ජ සම්ම දදාමි තෙ”ති.
කුල පුත්තොව ජානාති කුල පුත්තෙ පසංසිතුං, ව්යග්ඝච්ඡාපසරීවණ්ණො භුඤ්ජ සම්ම දදාමි තෙ
යන දෙවන ගාථාව කීය.
කුලපුතුන් පසසන්නට කුල පුතෙක්ම දනී. ව්යාඝ්ර පැටියෙකුට සමාන පැහැයෙන් යුත් මිතුරු ඔබ (දඹ) අනුභව කරන්න. ඔබට දෙමි.
තත්ථ බ්යග්ඝච්ඡාපසරීවණ්ණාති ත්වං අම්හාකං බ්යග්ඝපොතකසමානවණ්ණොව ඛායසි, තෙන තං වදාමි අම්භො බ්යග්ඝච්ඡාපසරීවණ්ණ. භුඤ්ජ, සම්ම, දදාමි තෙති වයස්ස යාවදත්ථං ජම්බුපක්කානි ඛාද, අහං තෙ දදාමීති.
එහි, ව්යග්ඝච්ඡාපසරීරවණ්ණො යනු මට ඔබ ව්යාඝ්ර පැටියෙකුට සමාන පැහැයෙන් යුක්ත වූවෙක් ලෙස වැටහෙයි. හිතවත, එහෙයින් ඔබට ව්යාඝ්ර පැටියෙකුට සමාන පැහැයෙන් යුක්ත කෙනෙකැයි කියමි. භුඤ්ජසම්ම දදාමි තෙ යනු යහලුව, කැමැති තාක් ඉදුණු දඹගෙඩි කන්න මම ඔබට දෙමියි කීය.
එවඤ්ච පන වත්වා ජම්බුසාඛං චාලෙත්වා ඵලානි පාතෙසි. අථ තස්මිං ජම්බුරුක්ඛෙ අධිවත්ථා දෙවතා තෙ උභොපි අභූතගුණකථං කථෙත්වා ජම්බූනි ඛාදන්තෙ දිස්වා තතියං ගාථමාහ –
මෙසේද කියා අඹ දත්ත සොළවා ගෙඩි බිම හෙලුවේය. ඉක්බිති ඒ දඹ ගසෙහි උපන් දෙවියා නැති ගුණ කියා දඹ කන ඒ දෙදෙනා දැක
“චිරස්සං වත පස්සාමි, මුසාවාදී සමාගතෙ; වන්තාදං කුණපාදඤ්ච, අඤ්ඤමඤ්ඤං පසංසකෙ”ති.
චිරස්සං වත පස්සාමි මුසාවාදී සමාගතෙ, වන්තාදං කුණපාදඤ්ච අඤ්ඤමඤ්ඤං පසංසකෙ
යන තුන්වන ගාථාව කීය.
බොරු කියන, හමුවූ කල ඔවුනොවුන් ප්රශංසා කරගන්නා වූ වමනය කන කපුටා ද මළකුණු කන හිවලා ද බොහෝ කලකින් දකිමි.
තත්ථ වන්තාදන්ති පරෙසං වන්තභත්තඛාදකං කාකං. කුණපාදඤ්චාති කුණපඛාදකං සිඞ්ගාලඤ්ච. ඉමඤ්ච පන ගාථං වත්වා සා දෙවතා භෙරවරූපාරම්මණං දස්සෙත්වා තෙ තතො පලාපෙසි.
එහි, වන්නාදං යනු අනුන්ගේ වමනය කළ බත් කන. කුණපාදඤ්ච යනු මළසිරුරු කන්නා වූ හිවලාද, මේ ගාථාව කියා ඒ දෙවියා භයානක රූපයක් පෙන්වා ඔවුන් එතැනින් පළවා හැරියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි – “තදා සිඞ්ගාලො දෙවදත්තො අහොසි, කාකො කොකාලිකො, රුක්ඛදෙවතා පන අහමෙව අහොසි”න්ති.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව ගළපා නිමාවට පත්කළ සේක. එකල හිවලා දෙව්දත්ය. කපුටා කෝකාලිකය. රුක්ඛ දේවතාවා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
ජම්බුඛාදකජාතකවණ්ණනා චතුත්ථා.