යෙදුමෙන් කියවන්න

5. කුම‍්භවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

5. කුම්භ වර්‍ගය

478. සබ‍්බකාමද‍්දං කුම‍්භං කුටං ලද‍්ධාන ධුත‍්තකො, යාව සො අනුපාලෙති තාව සො සුඛමෙධති.

478. සියලු වස්තු කාමයන් දීමට සමත් කළය ලැබ ධූර්‍තයා යම්තාක් කල් රකී ද ඒතාක් සුව වඩා.

479. යදා මත‍්තො ච දිත‍්තො ච පමාදා කුම‍්භමබ‍්භිදා, තතො නග‍්ගො ච පොත්‍ථො ච පච‍්ඡා බාලො විහඤ‍්ඤති

479. යම් කලෙක සුරාමදයෙන් මත් වූයේ උඩඟු වූයේ සැලැකිලි රහිත වූයේ කළය බින්දේ ද? ඉක්බිති නග්න වූ කඩමාලු හැන්දා වූ මූඪයා පසුව වැනැසේ ද.

480. එවමෙව යො ධනං ලද‍්ධා අමත‍්තා පරිභුඤ‍්ජති, පච‍්ඡා තපති දුම‍්මෙධො කූටං භින‍්නොව ධුත‍්තකො’ති.

480. එපරිදි යමෙක් ධනය ලැබැ පමණ නොදැනැ පරිභෝග කෙරේ ද ඒ අනුවණයා භද්‍රඝටය බිඳ ගත් ධූර්‍තයා සේ පසුව තැවේ.

1. භද්‍රඝටජාතකං.

1. භද්‍රඝට ජාතක යි.

481. බාරාණස‍්සං මහාරාජ කාකරාජා නිවාසිකො, අසීතියා සහස‍්සෙහි සුපත‍්තො පරිවාරිතො.

481. මහරජ බරණැස්නුවර නිවැසි අසූදහසක් පමණ කවුඩුවන් පිරිවරා ගත් සුපත්ත නමැති කවුඩු රජෙක් ඇත.

482. තස‍්ස දොහළිනී භරියා සුඵස‍්සා මච‍්ඡමිච‍්ඡති, රඤ‍්ඤො මහානසෙ පක‍්කං පච‍්චගඝං රාජභොජනං.

482. ඔහට දොළදුක් ඇති සුඵස්සා නම් බිරිඳ රජුගේ මුළුතැන් ගෙයි පිසූ අළුත් වූ නොහොත් වෙන වෙන මහඇගි වූ රාජ භෝජනය අනුභව කරන්නට කැමැත්තී ය.

483. තෙසාහං පහිතො දූතො රඤ‍්ඤො චම‍්හි ඉධාගතො, භත‍්තු අපචිතිං කුම‍්මි නාසායමකරං වණන‍්ති.

483. මම ඔවුන්ගේ දූතියෙක්මි. රජතුමා විසින් මෙහෙයවන ලද්දෙම් මෙහි ආයෙමි. සිය සැමියාට සත්කාර කෙරෙමි, එහෙයින් මේවඩන්නාගේ නාසයෙහි වණය කෙළෙමි.

2. සුපත‍්තජාතකං.

2. සුපත්ත ජාතක යි.

484. ඵුට‍්ඨස‍්ස මෙ අඤ‍්ඤතරෙන ව්‍යාධිනා රොගෙන බාළ‍්හං දුඛිතස‍්ස රුප‍්පතො, පරිසුස‍්සති ඛිප‍්පමිදං කළෙබරං පුප‍්ඵං යථා සංසුනි ආතපෙ කතං.

484. එක්තරා රෝගයෙකින් දැඩි වැ පහරනලද එහෙයින් ම දුඃඛිත වූ පෙළන ලද මාගේ මේ සිරුර අව් පහරන වැල්ලෙහි ලූ මලක් මෙන් වහා වියැළේ.

485. අජඤ‍්ඤං ජඤ‍්ඤසඞ‍්ඛාතං අසුචිං සුචිසම‍්මතං, නානාකුණපපරිපූරං ජඤ‍්ඤරූපං අපස‍්සතො

485. මනාප නො වූ (බාලයන් විසින්) මනාප යැ යි සංඛ්‍යාවට ගිය අපවිත්‍ර වූ පවිත්‍ර යැ යි සම්මත වූ කේශාදි නොයෙක් කුණපයෙන් පිරිපුන් මේ සිරුර නුවණින් නො දක්නාහට මනාප ස්වරූපයෙන් වැටහෙන්නේ ය.

486. ධිරත්‍ථු තං ආතුරං පූතිකායං ජෙගුච‍්ඡියං අසුචිං බ්‍යාධිධම‍්මං, යත්‍ථප‍්පමන‍්තා අධිමුච‍්ඡිතා පජා හාපෙන‍්ති මග‍්ගං සුගතූපපත‍්තියා’ති

486. යම් ශරීරයෙක්හි (ක්ලේශමූර්ඡායෙන්) අතිශයින් මුසපත් වූ ප්‍රජාවෝ සුගතියෙහි උපතට මඟ පිරිහෙළත් ද, එසේ වූ නිති ගිලන් වූ පිළිකුල් කටයුතු වූ අපවිත්‍ර වූ ව්‍යාධිස්වභාවය ඇති මේ කුණුකයට නින්‍දා වේවා!

3. කායවිච‍්ඡන්‍දජාතකං.

3. කායවිච්ඡන්‍ද ජාතක යි.

487. කොයං බින්‍දුස‍්සරො වග‍්ගු පවදන‍්තානමුත‍්තමො, අච‍්චුතො ජම‍්බුසාඛාය මොජච‍්ඡාපොව කූජති.

487. බින්‍දු (පිඬු වූ) ස්වර ඇතියේ මධුර නාද ඇතියේ හඬන්නවුන් අතුරෙන් උතුම් වූයේ ජම්බු අත්තක හිඳ මොනර පැටියකු සේ නාද කරන්නේ කවරෙක් ද?

488. කුලපුත‍්තොව ජානාති කුලපුත‍්තෙ පසංසිතුං, ව්‍යග‍්ඝච‍්ඡාපසරීවණ‍්ණො භුඤ‍්ජ සම‍්ම දදාමි තෙ.

488. කුලපුතුන් පසසන්නට කුලපුතෙක් ම දනී. වග පොව්වකු සමාන පැහැයෙන් යුත් මිතුර තෙපි (දඹ) අනුභව කරන්න. තොපට දෙමි.

489. චිරස‍්සං වත පස‍්සාමි මුසාවාදී සමාගතෙ, වන‍්තාදං කුණපාදඤ‍්ච අඤ‍්ඤමඤ‍්ඤං පසංසකෙ’ති.

489. බොරු කියන, හමුවූ කලැ ඔවුනොවුන් පසසාගන්නා වූ වමනය කන්නා වූ කවුඩා ද මළකුණු කන හිවලා ද බොහෝ කලෙකින් දකිමි.

4. ජම‍්බුඛාදකජාතකං.

4. ජම්බුඛාදක ජාතක යි.

490. උසභස‍්සෙව තෙ ඛන්‍ධො සීහස‍්සෙව විජම‍්හිතං, මිගරාජ නමොත්‍යුත්‍ථු අපි කිඤ‍්චි ලභාමසෙ.

490. තොපගේ කඳ වෘෂභරාජයකුගේ වැන්න, විජෘම්භණය සිංහයකුගේ මෙනි. මෘගරාජය තොපට නමස්කාර වේවා! කිසිවක් ලබමෝ නම් මැනවි.

491. කුලපුත‍්තොව ජානාති කුලපුත‍්තෙ පසංසිතුං, මයූරගීවසඞ‍්කාස ඉතො පරියාහි වායස.

491. කුලපුතුන් පසසන්නට කුලපුතෙක් ම දනී. මොනරකු ගේ ගෙල බඳු ගෙලැති කවුඩාණෙනි මෙහි එන්න.

492. මිගානං කොත්‍ථුකො අන‍්තො පක‍්ඛීනං පන වායසො, එරණ‍්ඩො අන‍්තො රුක‍්ඛානං තයො අන‍්තා සමාගතා’ති.

492. මෘගයන් අතුරෙන් හිවලා හීන යැ, පක්‍ෂීන් අතුරෙන් කවුඩා හීන යැ, වෘක්‍ෂයන් අතුරෙන් එරඬුගස හීන යැ. හීනයෝ තිදෙනෙක් එක්වූහ.

5. අන‍්තජාතකං.

5. අන්ත ජාතක යි.

493. කොනායං ලොණතොයස‍්මිං සමන‍්තා පරිධාවති, මච‍්ඡෙ මකරෙ ච වාරෙති ඌමීසු ච විහඤ‍්ඤති.

493. ලවණජලයෙහි හාත්පසැ දුවයි. මාලුවන් හා මෝරුන් වළකයි. රැලෙහි ද ගැටේ. මේ කවරෙක් ද?

494. අනන‍්තපායී සකුණො අතිත‍්තොති දිසාසුතො, සමුද‍්දං පාතුමිච‍්ඡාමි සාගරං සරිතං පතිං.

494. ගංගාවන්ට ස්වාමි වූ මුහුද බොන්නට රිස්සෙමි. එහෙයින් අනන්තපායී පක්‍ෂියා වෙමි. සපුරන්නට නො හැකි ආශාවෙන් යුත් හෙයින් අතෘප්ත යයි දිශාවන්හි ප්‍රසිද්ධ වෙමි.

495. ස‍්වායං හායති චෙව පුරතෙ ච මහොදධි, නාස‍්ස නායති පීතන‍්තො අපෙය්‍යො කිර සාගරො’ති.

495. මේ සාගරය දිය බස්නා වේලායෙහි බසී. වැඩෙන වේලායෙහි පිරෙයි. සාගරය බීමෙන් අඩු නො වේ. එහෙයින් සයුර අපෙය (ක්‍ෂයකොට පානය කළ නො හැකි) වේ.

6. සමුද‍්දජාතකං.

6. සමුද්ද ජාතක යි.

496. උච‍්චෙ සකුණ ඩෙමාන පත‍්තයාන විහඞ‍්ගම, වජ‍්ජාසි ඛො ත්‍වං වාමූරුං චිරං ඛො සා කරිස‍්සති.

496. උස තන්හි පියාඹන්නා වූ පක්‍ෂිය, පියාපත් යාන කොට ඇති පක්‍ෂිය, තා කෙසෙල් කඳක් වැනි මනා කලවා ඇති තැනැත්තියට මා උලැ උන්බව කියව. ඇය බොහෝ කලෙකැ සිට සිහි කෙරේ.

497. ඉදං ඛො සා න ජානාති අසිං සත‍්තිඤ‍්ච ඔඩ‍්ඩිතං, සා චණ‍්ඩී කාහති කොධං තං මෙ තපති නො ඉධ.

497. කඩුවට හා තෙබට සමාන වූ හුලැ නගනා ලද බව ඕ තොමෝ නො දනී. චණ්ඩ වූ ඇය මට ක්‍රෝධ කරයි. ඇගේ කෝපය මා තවයි. උල ඇති දුක මා නො තවයි.

498. එස උප‍්පලසන‍්නාහො නික‍්ඛමුස‍්සිසකෙ කතං, කාසිකඤ‍්ච මුදුං වත්‍ථං තප‍්පතු ධනකාමිකා’ති.

498. හිස්දොරැ තැබූ උපුලක් සමාන මේ සන්නාහය ද රන් නිකෙකින් කළ මුද්ද ද කසී වස්ත්‍ර යුග්මය ද ඇත. වස්තුව රිසි මාගේ ප්‍රියාව මෙයින් තෘප්තිමත් වේවා.

7. කාමවිලාපජාතකං.

7. කාමවිලාප ජාතක යි.

499. උදුම‍්බරා චිමෙ පක‍්කා නිග්‍රොධා ච කපිත්‍ථනා, එහි නික‍්ඛම භුඤ‍්ජස‍්සු කිං ජිඝච‍්ඡාය මීයසි.

499. විලිකුන් පල ඇති දිඹුල්, නුග, ගිවුලු යන මේ ගස් පල බරින් නැමී ඇත. තෝ ද ගොස් අනුභව කරව. සාගින්නේ මියැයනුයේ කිම?

500. එවං සො සුහිතො හොති යො වද‍්දමපචායති, යථාහමජ‍්ජ සුහිතො දූමපක‍්කානිමාසිතො.

500. අද මම රුක්ඵල කා සුවපත් වීම් ද එලෙස යමෙක් වැඩිමහල්ලන් පුදා ද ඒ පුරුෂයා සුවපත් වේ.

501. යං වනෙජො වනෙජස‍්ස වඤ‍්චෙය්‍ය කපිනො කපි, දහරොපි තං න සද‍්ධෙය්‍ය න හි ජිණ‍්ණො ජරාකපි’ති.

501. වනයේ උපන් වඳුරා වනයේ උපන් වඳුරාට යම් රැවටීමක් කරන්නේ ද එය තා වැනි ළදරු වඳුරෙක් නො අදහන්නේ ය. ජරපත් මා වැනි මහලු වඳුරෙක් නො අදහන්නේ මැ යි.

8. උදුම‍්බරජාතකං.

8. උදුම්බර ජාතක යි.

502. පුරෙ තුවං සීලවතං සකාසෙ ඔක‍්කන්‍දිකං කීළසි අස‍්සමම‍්හි, කරොහරෙ මක‍්කටියානි මක‍්කට න තං මයං සීලවතං රමාම.

502. කොළ වඳුර, පෙර තෝ කෙළිලොල් අප හමුයෙහි පැනපැනැ, කෙළනෙහි අපගේ අසපුවෙහි දී වැඳිරිමුහුණ පෙන්නීම ආදී ක්‍රීඩා කරව. වානරය ක්‍රීඩා ප්‍රකෘතික වූ තා කෙරෙහි අපි නො ඇලෙම්හ. එයට කරුණු කිම.

503. සුතා හි මය‍්හං පරමා විසුද‍්ධි කොමායපුත‍්තස‍්ස බහුස‍්සුතස‍්ස, මාදානි මං මඤ‍්ඤි තුවං යථා පුරෙ ඣානානුයුත‍්තා විහරාම ආවුසො.

503. ඇවැත්නි, බහුශ්‍රුත වූ කෝමායපුත්තගේ උසස් ධ්‍යාන විශුද්ධි මා විසින් අසන ලද. තෙපි පෙර පරිදි මා පිළිබඳ ව නො සිතව. ධ්‍යාන ඇති ව වසමු.

504. සචෙපි සෙලස‍්මිං වපෙය්‍ය බීජං දෙවො ච වස‍්සෙ නෙව හි තං රුහෙය්‍ය, සුතා හි තෙ සා පරමා විසුද‍්ධි ආරා තුවං මක‍්කට ඣානභූමියාති.

504. වානරය, ඉදින් ගල්තලායෙහි බීජ වපුරන්නාහු ද වැසි වලා ද මැනවින් වස්නේ නමුදු ඒ (අක්‍ෂේත්‍රයෙහි) වපුළ බීජය නො මැ හටගන්නේ ය. (එහෙයින් මැ) ඔවුන්ගේ අත්‍යුත්තම විසුද්ධි අසනලද නමුදු තෙපි ධ්‍යාන භූමියෙන් දුරු වවු.

9. කොමායපුත‍්තජාතකං.

9. කෝමායපුත්ත ජාතක යි.

505. පරපාණරොධා ජීවන‍්තො මංස ලොහිතභොජනො, වකො වතං සමාදාය උපපජ‍්ජි උපොසථං.

505. පරපණ නැසීමෙන් මස් ලේ අනුභව කොට ජීවත් වන්නා වූ වෘකයා පෙහෙවස් සමාදන් විය.

506. තස‍්ස සක‍්කො වතඤ‍්ඤාය අජරූපෙනුපාගමි, වීතතපො අජ‍්ඣප‍්පත‍්තො භඤ‍්ජි ලොහිතපො තපං.

506. ශක්‍රයා ඔහුගේ ව්‍රතය දැනැ එළු වෙසින් ළඟට ආවේය. (එකෙණෙහි) තපස පහව ගියේ ලේ බොන හේ තපස බිඳගති.

507. එවමෙවං ඉධෙකච‍්චෙ සමාදානස‍්මිං දුබ‍්බලා, ලහුං කරොන‍්ති අත‍්තානං වකොව අජකාරණා’ති.

507. එපරිදි මෙලොවැ ඇතැම් කෙනෙක් සමාදන් වූ සීලය රැක ගැනීමට (දුබල නොහොත්) සමත් නො වෙති. එළුවා නිසා සැහැල්ලු බවට පත් වෘකයා මෙන් තමා සැහැල්ලු කෙරෙති.

10. වකජාතකං.

10. වක ජාතක යි.

කුම‍්භවග‍්ගො පඤ‍්චමො.

පස්වැනි කුම්භවර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

වරකුම‍්භසුපත‍්තසිරිව‍්හයනො සුචිසම‍්මතබින්‍දුවරො චූසභො, සරිතංපතිචණ‍්ඩිජරාකපිනා අථ මක‍්කටියා වකකෙන දසාති.

(වරකුම්භ) භද්‍රඝට ජාතක යැ, සුපත්ත ජාතක යැ, දැහැන් සිරි කැඳ වූ කායවිච්ඡන්‍ද ජාතක යැ, (සුචිසම්මත) ජම්බුඛාදක ජාතක යැ, සිවලාට පැසසූ අන්ත ජාතක යැ, (සරිතංපති) සමුද්ද ජාතක යැ, චණ්ඩ වූ ස්ත්‍රියක් ඇති කාම විලාප ජාතක යැ, වඳුරකු දැක්වෙන උදුම්බර ජාතක යැ, වක ජාතකයෙන් දසය වේ.

තිකනිපාතො නිට‍්ඨිතො.

තික නිපාතය නිමි.

වග‍්ගුද‍්දානං:

වර්‍ග උද්දානය:

සඞ‍්කප‍්පො පදුමො චෙව උදපානෙන තතියං, අබ‍්භන‍්තරං ඝටභෙදං තිකනිපාතම‍්බි ලඞ‍්කතන‍්ති.

සඞ්කප්ප වර්‍ග යැ, පදුම ජාතකය ආදි වූ කෝසිය වර්‍ග යැ, උදපාන දූසක ජාතකය ආදි කොට ඇති අරඤ්ඤ වර්‍ග යැ, අබ්භන්තර වර්‍ග යැ, කුම්භ වර්‍ගය යන පඤ්ච වර්‍ගය තික නිපාතයෙහි සැරැසී සිටියේ යි.