යෙදුමෙන් කියවන්න

9. කොමාරපුත‍්තජාතකවණ‍්ණනා 299 අට‍්ඨකථා

9. කොමාරපුත‍්තජාතකවණ‍්ණනා (299)

9. කොමායපුත්ත ජාතකය (299)

පුරෙ තුවන‍්ති ඉදං සත්‍ථා පුබ‍්බාරාමෙ විහරන‍්තො කෙළිසීලෙ භික‍්ඛූ ආරබ‍්භ කථෙසි. තෙ කිර භික‍්ඛූ සත්‍ථරි උපරිපාසාදෙ විහරන‍්තෙ හෙට‍්ඨාපාසාදෙ දිට‍්ඨසුතාදීනි කථෙන‍්තා කලහඤ‍්ච පරිභාසඤ‍්ච කරොන‍්තා නිසීදිංසු. සත්‍ථා මහාමොග‍්ගල‍්ලානං ආමන‍්තෙත්‍වා “එතෙ භික‍්ඛූ සංවෙජෙහී”ති ආහ. ථෙරො ආකාසෙ උප‍්පතිත්‍වා පාදඞ‍්ගුට‍්ඨකෙන පාසාදථුපිකං පහරිත්‍වා යාව උදකපරියන‍්තා පාසාදං කම‍්පෙසි. තෙ භික‍්ඛූ මරණභයභීතා නික‍්ඛමිත්‍වා බහි අට‍්ඨංසූ. තෙසං සො කෙළිසීලභාවො භික‍්ඛූසු පාකටො ජාතො. අථෙකදිවසං භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං – “ආවුසො, එකච‍්චෙ භික‍්ඛූ එවරූපෙ නිය්‍යානිකසාසනෙ පබ‍්බජිත්‍වා කෙළිසීලා හුත්‍වා විචරන‍්ති, ‘අනිච‍්චං දුක‍්ඛං අනත‍්තා’ති විපස‍්සනාය කම‍්මං න කරොන‍්තී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙතෙ කෙළිසීලකායෙවා”ති වත්‍වා අතීතං ආහරි.

පුරෙ තුවං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ පූර්වාරාමයෙහි වැඩවාසය කරනසේක් කෙළිලොල් භික්‍ෂූන් අරබයා වදාළ සේක. ඒ භික්‍ෂූහු බුදුරජාණන් වහන්සේ ප්‍රාසාදයෙහි මතු මහලෙහි වැඩවාසය කරද්දී ප්‍රාසාදය යට ඇසූ දුටු දේවල් ආදිය කතා කරමින් හෝ කලහ කරමින් කෙළිකවටකම් කරමින් හුන්නාහුය. බුදුරජාණන් වහන්සේ මහ මුගලන් තෙරුන් වහන්සේ අමතා මුගලන් එන්න, භික්‍ෂූන් තැති ගන්වන්නැයි වදාළහ. තෙරුන් වහන්සේ අහසට පැන නැගී පාදයෙහි මහපට ඇඟිල්ලෙන් ප්‍රාසාදයෙහි මුදුන්කොතට පහරදී දිය කෙළවර කොට ඇති ප්‍රාසාදය සෙලවූ සේක. ඒ භික්‍ෂූන් වහන්සේලා බර බියෙන් බියපත්ව නික්ම පිටතට වී සිටියහ. භික්‍ෂූන් වහන්සේලාගේ ඒ කෙළිලොල් බව භික්‍ෂූන් වහන්සේලා අතරෙහි ප්‍රකට විය. ඉක්බිති එක්දිනක් භික්‍ෂූහු දම්සභාවෙහිදී ඇවැත්නි, ඇතැම් භික්‍ෂූහු සසරින් එතර කරවන සසුනෙහි පැවිදිව කෙළිලොල් වී හැසිරෙත්. අනිත්‍යයි, දුකයි, අනාත්මයයි යනුවෙන් විදසුන් වැඩීමට ක්‍රියා නොකරති යනුවෙන් කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි, මහණෙනි, දැන් පමණක් නොව පෙරත් ඔවුහු කෙළිලොල් වූවෝම යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො එකස‍්මිං ගාමකෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්ති, “කොමාරපුත‍්තො”ති නං සඤ‍්ජානිංසු. සො අපරභාගෙ නික‍්ඛමිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා හිමවන‍්තපදෙසෙ වසි. අථඤ‍්ඤෙ කෙළිසීලා තාපසා හිමවන‍්තපදෙසෙ අස‍්සමං මාපෙත්‍වා වසිංසු, කසිණපරිකම‍්මමත‍්තම‍්පි නෙසං නත්‍ථි, අරඤ‍්ඤතො ඵලාඵලානි ආහරිත්‍වා ඛාදිත්‍වා හසමානා නානප‍්පකාරාය කෙළියා වීතිනාමෙන‍්ති. තෙසං සන‍්තිකෙ එකො මක‍්කටො අත්‍ථි, සොපි කෙළිසීලකොව මුඛවිකාරාදීනි කරොන‍්තො තාපසානං නානාවිධං කෙළිං දස‍්සෙති. තාපසා තත්‍ථ චිරං වසිත්‍වා ලොණම‍්බිලසෙවනත්‍ථාය මනුස‍්සපථං අගමංසු. තෙසං ගතකාලතො පට‍්ඨාය බොධිසත‍්තො තං ඨානං ගන‍්ත්‍වා වාසං කප‍්පෙසි, මක‍්කටො තෙසං විය තස‍්සපි කෙළිං දස‍්සෙසි.

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ එක් ගමෙක බමුණු කුලයක උපන් සේක. “කෝමායු පුත්‍රයා” යයි ඔහු හැඳින්වූහ. ඔහු පසුකලෙක ගිහිගෙන් නික්ම තාපස පැවිද්දෙන් පැවිදිව හිමාලය වන ප්‍රදේශයේ වාසය කළේය. ඉක්බිති වෙනත් කෙළිලොල් තාපසවරු හිමවත් පෙදෙසේ අසපුවක් තනාගෙන විසූහ. කසිණ භාවනා මාත්‍රයක්වත් ඔවුන්ට නැත. කැලයෙන් ලොකු කුඩා පළතුරු ගෙනවිත් කා වසමින් නොයෙක් ආකාර සෙල්ලම් කරමින් කල් ගෙවත්. ඔවුන් සමීපයෙහි වඳුරෙක් ද සිටියි. ඒ වඳුරාද කෙළිලොල්ව කට ඇදකිරීම් ආදී මුඛ විකාර ආදිය කරමින් තාපසයන්ට නොයෙක් විදියේ සෙල්ලම් දක්වයි. තාපසවරු කලක් එහි වාසය කොට ලුනු ඇඹුල් සෙවීම පිණිස මිනිස් වාසයට ගියාහුය. ඔවුන් ගිය කාලයේ පටන් බෝසතාණන් වහන්සේ ඒ ස්ථානයට අවුත් වාසය කළ සේක. වඳුරා කලින් තවුසන්ට මෙන් ඔහුටද සෙල්ලම් දක්වයි.

බොධිසත‍්තො අච‍්ඡරං පහරිත්‍වා “සුසික‍්ඛිතපබ‍්බජිතානං සන‍්තිකෙ වසන‍්තෙන නාම ආචාරසම‍්පන‍්නෙන කායාදීහි සුසඤ‍්ඤතෙන ඣානෙසු යුත‍්තෙන භවිතුං වට‍්ටතී”ති තස‍්ස ඔවාදං අදාසි. සො තතො පට‍්ඨාය සීලවා ආචාරසම‍්පන‍්නො අහොසි, බොධිසත‍්තොපි තතො අඤ‍්ඤත්‍ථ අගමාසි. අථ තෙ තාපසා ලොණම‍්බිලං සෙවිත්‍වා තං ඨානං අගමංසු. මක‍්කටො පුබ‍්බෙ විය තෙසං කෙළිං න දස‍්සෙසි. අථ නං තාපසා “පුබ‍්බෙ, ත්‍වං ආවුසො, අම‍්හාකං පුරතො කෙළිං අකාසි, ඉදානි න කරොසි, කිංකාරණා”ති පුච‍්ඡන‍්තා පඨමං ගාථමාහංසු –

බෝසතාණන් වහන්සේ අසුරක් ගසා හික්මුණු පැවිද්දන් ළඟ වසන තැනැත්තෙකු විසින් නම් ආචාරශීලීව කායාදියෙන් තැන්පත්ව ධ්‍යානාදියෙහි යෙදුණු කෙනෙකුව සිටීම සුදුසුය යනුවෙන් ඔහුට අවවාද දුන් සේක. ඒ වඳුරා එතැන් පටන් සිල්වත්ව යහපත් පැවතුම් ඇත්තෙක් විය. බෝසතාණන් වහන්සේද ලුනු ඇඹුල් සොයාගෙන ඒ ස්ථානයට ආවාහුය. වඳුරා පෙර පරිද්දෙන් ඔවුන්ට සෙල්ලම් නොදක්වයි. ඉක්බිති තාපසවරු කලින් නම් ඔබ අප ඉදිරියේ සෙල්ලම් කළෙහිය. දැන් නොකරහි. ඒ කුමන කරුණක් නිසාදැයි විමසමින්,

“පුරෙ තුවං සීලවතං සකාසෙ, ඔක‍්කන‍්තිකං කීළසි අස‍්සමම‍්හි; කරොහරෙ මක‍්කටියානි මක‍්කට, න තං මයං සීලවතං රමාමා”ති.

පුරෙ තුවං සීලවතං සකාසෙ, ඔක්කන්‍දිකං කීළසි අස්සමම්හි, කරො හරෙ මක්කටියානි මක්කටං, නතං මයං සීලවතං රමාම

යන පළමු ගාථාව කීවාහුය.

බොල වඳුර! පෙර තෝ කෙළිලොල් අප හමුවෙහි පැන පැන සෙල්ලම් කළෙහිය. අපගේ අසපුවෙහිදී වැඳිරි මුහුණ පෙන්නීම ආදී ක්‍රීඩා කළෙහිය. වානරය, ක්‍රීඩාව ස්වභාව කොට ඇති ඔබ ගැන අපි නොඇලෙමු. එයට හේතු කිම,

තත්‍ථ සීලවතං සකාසෙති කෙළිසීලානං අම‍්හාකං සන‍්තිකෙ. ඔක‍්කන‍්තිකන‍්ති මිගො විය ඔක‍්කන‍්තිත්‍වා කීළසි. කරොහරෙති එත්‍ථ අරෙති ආලපනං. මක‍්කටියානීති මුඛමක‍්කටිකකීළාසඞ‍්ඛාතානි මුඛවිකාරානි. න තං මයං සීලවතං රමාමාති යං පුබ‍්බෙ තව කෙළිසීලං කෙළිවතං, තං මයං එතරහි න රමාම, ත්‍වම‍්පි නො න රමාපෙසි, කිං නු ඛො කාරණන‍්ති.

එහි, සීලවතං සකාසෙ යනු කෙළිලොල් වූ අප සමීපයේ, ඔක්කන්‍දිකං මුවකු වගේ පැන පැන සෙල්ලම් කළෙහිය. කරොහරෙති (කරොහි) කරව, අරේ යනු ආමන්ත්‍රණයයි. මක්කටියානි යනු මුඛ විකාරාදි වඳුරු සෙල්ලම්. නතං මයං සීලවතං රමාම යනු පෙර ඔබේ කෙළිලොල් බව (දැන් නැත. එහෙයින්) අපි (ඔබ ගැන) නොඇලෙමු. ඔබද අප ගැන නොඇලෙන්නෙහිය. එයට හේතුව කුමක්ද?

තං සුත්‍වා මක‍්කටො දුතියං ගාථමාහ –

එය අසා වඳුරා,

“සුතා හි මය‍්හං පරමා විසුද‍්ධි, කොමාරපුත‍්තස‍්ස බහුස‍්සුතස‍්ස; මා දානි මං මඤ‍්ඤි තුවං යථා පුරෙ, ඣානානුයුත‍්තො විහරාමි ආවුසො”ති.

සුතා හි මය්හං පරමා විසුද්ධි, කොමාය පුත්තස්ස බහුස්සුතස්ස, මාදානි මං මඤ්ඤි තුවං යථා පුරෙ, ඣානානුයුත්තා විහරාම ආවුසො.

යන දෙවන ගාථාව කීය.

ඇවැත්නි, බහුශ්‍රැත වූ කෝමායු පුත්තගේ උසස් ධ්‍යාන විශුද්ධිය මා විසින් අසන ලදි. තෙපි පෙර පරිදි මා පිළිබඳව නොසිතව. අපි ධ්‍යාන ඇතිව වසමු.

තත්‍ථ මය‍්හන‍්ති කරණත්‍ථෙ සම‍්පදානං. විසුද‍්ධීති ඣානවිසුද‍්ධි. බහුස‍්සුතස‍්සාති බහූනං කසිණපරිකම‍්මානං අට‍්ඨන‍්නඤ‍්ච සමාපත‍්තීනං සුතත‍්තා චෙව පටිවිද‍්ධත‍්තා ච බහුස‍්සුතස‍්ස. තුවන‍්ති තෙසු එකං තාපසං ආලපන‍්තො ඉදානි මා මං ත්‍වං පුරෙ විය සඤ‍්ජානි, නාහං පුරිමසදිසො, ආචරියො මෙ ලද‍්ධොති දීපෙති.

එහි, මය්හං යනු කරණාර්ථයෙහි සම්ප්‍රදාන විභක්තියයි. විසුද්ධි යනු ධ්‍යානයෙන් පිරිසිදු වීම. බහුස්සුතස්ස යනු බොහෝ කසිණ භාවනාද, අෂ්ට සමාපත්තීන්ද ඇසීමෙන් මෙන්ම අවබෝධ කළ බැවින්ද බොහෝ ඇසූ පිරූ තැන් ඇති. තුවං යනු ඔවුන්ගෙන් එක් තාපසයෙකුට අමතමින් නුඹ මා පෙර පරිද්දෙන් දැන් හඳුනා නොගන්න. මම පෙර පරිදි නොවෙමි. මවිසින් ගුරුවරයෙක් ලැබීයයි දක්වයි.

තං සුත්‍වා තාපසා තතියං ගාථමාහංසු –

“සචෙපි සෙලස‍්මි වපෙය්‍ය බීජං, දෙවො ච වස‍්සෙ න හි තං විරූළ‍්හෙ; සුතා හි තෙ සා පරමා විසුද‍්ධි, ආරා තුවං මක‍්කට ඣානභූමියා”ති.

චෙපි සෙලස්මිං වපෙය්‍යුං බීජං, දෙවො ච වස්සෙ නෙව හිතං රුහෙය්‍ය, සුතා හි තෙ සා පරමා විසුද්ධි, ආරා තුවං මක්කට ඣාන භූමියා

යන තුන්වන ගාථාව කීහ.

වානරය, ඉදින් ගල්තලාවෙහි බීජ වපුරන්නාහුද වැසි වලාද මැනවින් වැස්සේ නමුදු ඒ (කුඹුරක් නොවූ) වපුළ බීජය නොහට ගන්නේය. ඒවාගේ ඔවුන්ගේ උතුම් විශුද්ධිය අසන ලද නමුදු තෙපි ධ්‍යාන භූමියෙන් දුරු වව්.

තස‍්සත්‍ථො – සචෙපි පාසාණපිට‍්ඨෙ පඤ‍්චවිධං බීජං වපෙය්‍ය, දෙවො ච සම‍්මා වස‍්සෙය්‍ය, අඛෙත‍්තතාය තං න විරූළ‍්හෙය්‍ය, එවමෙව තයා පරමා ඣානවිසුද‍්ධි සුතා, ත්‍වං පන තිරච‍්ඡානයොනිකත‍්තා ආරා ඣානභූමියා දූරෙ ඨිතො, න සක‍්කා තයා ඣානං නිබ‍්බත‍්තෙතුන‍්ති මක‍්කටං ගරහිංසු.

එහි අර්ථය - සචෙපි ඉදින් ගල්තලාවෙහි පස් ආකාර බීජං වපෙය්‍යුං දෙවො ච බීජ වපුරන්නාහුද වැස්සද මැනවින් වසින්නේද කෙතක් නොවූ බැවින් ඒ බීජ නොවැඩෙන්නේය. එසේම ඔබ විසින් පරමා උතුම් වූ ධ්‍යාන විසුද්ධිය සුතා අසන ලදි. ඔබ වනාහි තිරිසන් යෝනියට අයත් සතෙකි. ආරා ඣාන භූමියා ධ්‍යාන භූමියෙන් දුර සිටියේය. ඔබට ධ්‍යාන උපදවන්නට නොහැකියයි වඳුරාට ගර්හා කළහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කෙළිසීලා තාපසා ඉමෙ භික‍්ඛූ අහෙසුං, කොමාරපුත‍්තො පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල කෙළිලොල් තාපසවරු මේ භික්‍ෂූහු වූහ. කෝමායු පුත්‍රයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

කොමාරපුත‍්තජාතකවණ‍්ණනා නවමා.