යෙදුමෙන් කියවන්න

8. උදුම‍්බරජාතකවණ‍්ණනා 298 අට‍්ඨකථා

8. උදුම‍්බරජාතකවණ‍්ණනා (298)

8. උදුම්බර ජාතකය (298)

උදුම‍්බරා චිමෙ පක‍්කාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං භික‍්ඛුං ආරබ‍්භ කථෙසි. සො කිර අඤ‍්ඤතරස‍්මිං පච‍්චන‍්තගාමකෙ විහාරං කාරෙත්‍වා වසති. රමණීයො විහාරො පිට‍්ඨිපාසාණෙ නිවිට‍්ඨො, මන්‍දං සම‍්මජ‍්ජනට‍්ඨානං උදකඵාසුකං, ගොචරගාමො නාතිදූරෙ නාච‍්චාසන‍්නෙ, සම‍්පියායමානා මනුස‍්සා භික‍්ඛං දෙන‍්ති. අථෙකො භික‍්ඛු චාරිකං චරමානො තං විහාරං පාපුණි. නෙවාසිකො තස‍්ස ආගන‍්තුකවත‍්තං කත්‍වා පුනදිවසෙ තං ආදාය ගාමං පිණ‍්ඩාය පාවිසි. මනුස‍්සා පණීතං භික‍්ඛං දත්‍වා ස‍්වාතනාය නිමන‍්තයිංසු. ආගන‍්තුකො කතිපාහං භුඤ‍්ජිත්‍වා චින‍්තෙසි – “එකෙනුපායෙන ඉමං භික‍්ඛුං වඤ‍්චෙත්‍වා නික‍්කඩ‍්ඪිත්‍වා ඉමං විහාරං ගණ‍්හිස‍්සාමී”ති. අථ නං ථෙරූපට‍්ඨානං ආගතං පුච‍්ඡි – “කිං, ආවුසො, බුද‍්ධූපට‍්ඨානං නාකාසී”ති? “භන‍්තෙ, ඉමං විහාරං පටිජග‍්ගන‍්තො නත්‍ථි, තෙනම‍්හි න ගතපුබ‍්බො”ති. “යාව ත්‍වං බුද‍්ධූපට‍්ඨානං ගන‍්ත්‍වා ආගච‍්ඡසි, තාවාහං පටිජග‍්ගිස‍්සාමී”ති. “සාධු, භන‍්තෙ”ති නෙවාසිකො “යාව මමාගමනා ථෙරෙ මා පමජ‍්ජිත්‍ථා”ති මනුස‍්සානං වත්‍වා පක‍්කාමි.

උදුම්බරාචිමෙපක්කා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක්තරා භික්‍ෂු කෙනෙකු අරබයා වදාළ සේක. උන්වහන්සේ වනාහි එක්තරා පිටිසර ගමෙක විහාරයක් කරවා වාසය කරන සේක. සිත්කලු විහාරයකි. ගල් තලාවක් මත පිහිටියේය. ඇමදීමට ඇත්තේ සුළු ප්‍රමාණයකි. ජල පහසුව ඇත. ගොදුරු (දානය ලැබෙන) ගමද නුදුරෙහි ඇත. සතුටෙන් මිනිස්සු දන් දෙති. ඉක්බිති එක් භික්‍ෂු නමක් චාරිකාවෙහි හැසිරෙමින් ඒ විහාරයට වැඩියේය. එහි නේවාසික තෙරුන් වහන්සේ ආගන්තුක භික්‍ෂුවට ආගන්තුක වත් දක්වා පසුදින උන්වහන්සේත් රැගෙන ගමට පිඬු පිණිස පිවිසියහ. මිනිස්සු ආගන්තුක භික්‍ෂුවට දානය දී හෙට දිනටත් ආරාධනා කළාහුය. ආගන්තුක භික්‍ෂුව කීපදිනක් වළඳා එක් උපායකින් නේවාසික භික්‍ෂුව රවටා නෙරපා මේ විහාරය ගන්නෙමියි සිතුවේය. ඉක්බිති නේවාසික තෙරුන්ට උපස්ථාන පිණිස පැමිණි ආගන්තුක භික්‍ෂුව ඇවැත්නි, බුද්ධ උපස්ථානය නොකළෙහිදැයි විමසීය. ස්වාමීනි, මේ විහාරය රැකබලා ගන්නා කෙනෙකු නැති නිසා මම නොගියෙමියි කීය. ආගන්තුක භික්‍ෂුව නුඹවහන්සේ බුද්ධෝපස්ථානයට ගොස් එනතුරු මම විහාරය රැකබලා ගන්නෙමියි කීය. හොඳමයි ස්වාමීනියි කියූ නේවාසික භික්‍ෂුව මම එනතුරු තෙරුන් වහන්සේට අවශ්‍ය දේ සපයා රැකබලා ගන්නා ලෙස මිනිසුන්ට කියා ගියේය.

තතො පට‍්ඨාය ආගන‍්තුකො “තස‍්ස නෙවාසිකස‍්ස අයඤ‍්ච අයඤ‍්ච දොසො”ති තෙ මනුස‍්සෙ පරිභින්‍දි. ඉතරොපි සත්‍ථාරං වන්‍දිත්‍වා පුනාගතො, අථස‍්ස සො සෙනාසනං න අදාසි. සො එකස‍්මිං ඨානෙ වසිත්‍වා පුනදිවසෙ පිණ‍්ඩාය ගාමං පාවිසි, මනුස‍්සා සාමීචිමත‍්තම‍්පි න කරිංසු. සො විප‍්පටිසාරී හුත්‍වා පුන ජෙතවනං ගන‍්ත්‍වා තං කාරණං භික‍්ඛූනං ආරොචෙසි. තෙ භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං – “ආවුසො, අසුකො කිර භික‍්ඛු අසුකං භික‍්ඛුං විහාරා නික‍්කඩ‍්ඪිත්‍වා සයං තත්‍ථ වසී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි සො ඉමං වසනට‍්ඨානා නික‍්කඩ‍්ඪියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

එතැන් පටන් ආගන්තුක භික්‍ෂුව නේවාසික භික්‍ෂුවගේ මේ මේ දොස් ඇතැයි කියා ඒ මිනිසුන් බිඳවීය. නේවාසික භික්‍ෂුවද බුදුරජාණන් වහන්සේට වැඳ ආපසු වැඩියේය. එවිට ආගන්තුක භික්‍ෂුව උන්වහන්සේට සේනාසනය නුදුන්නේය. උන්වහන්සේ එක් ස්ථානයක වාසයකොට පසුදින පිඬු පිණිස ගමට වැඩියහ. මිනිස්සු සතුටු සාමීචි කතාවක් වත් නොකළාහුය. උන්වහන්සේ පසුතැවිලි වී නැවත ජේතවනාරාමයට වැඩම කර ඒ කාරණය භික්‍ෂූන් වහන්සේලාට සැලකර සිටියහ. උන්වහන්සේලා දම්සභාවෙහිදී ඇවැත්නි, අසවල් භික්‍ෂුව අසවල් නම් භික්‍ෂුව විහාරයෙන් නෙරපාහැර තමා එහි වාසය කරතියි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ මහණෙනි, මෙහි කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි, මහණෙනි, දැන් පමණක් නොව පෙරත් ආගන්තුක භික්‍ෂුව ඔහු වාසය කරන ස්ථානයෙන් නෙරපා හරින ලදැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො අරඤ‍්ඤෙ රුක‍්ඛදෙවතා හුත්‍වා නිබ‍්බත‍්ති. තත්‍ථ වස‍්සානෙ සත‍්තසත‍්තාහං දෙවො වස‍්සි. අථෙකො රත‍්තමුඛඛුද‍්දකමක‍්කටො එකිස‍්සා අනොවස‍්සිකාය පාසාණදරියා වසමානො එකදිවසං දරිද‍්වාරෙ අතෙමනට‍්ඨානෙ සුඛෙන නිසීදි. තත්‍ථ එකො කාළමුඛමහාමක‍්කටො තින‍්තො සීතෙන පීළියමානො විචරන‍්තො තං තථානිසින‍්නං දිස‍්වා “උපායෙන නං නීහරිත්‍වා එත්‍ථ වසිස‍්සාමී”ති චින‍්තෙත්‍වා කුච‍්ඡිං ඔලම‍්බෙත්‍වා සුහිතාකාරං දස‍්සෙත්‍වා තස‍්ස පුරතො ඨත්‍වා පඨමං ගාථමාහ –

පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කැලයෙහි රුක් දෙවියෙක් වී උපන්හ. එහි වැසි කාලයේ සත් සතියක් වැසි වැස්සේය. ඉක්බිති එක්තරා රිලවෙක් නොතෙමෙන එක්තරා ගල් ගුහාවක වාසය කරමින් එක්දිනක් ගුහා දොරටුවෙහි නොතෙමෙන ස්ථානයක සැපසේ හුන්නේය. එහි එක කළු මුහුණක් ඇති ලොකු වඳුරෙක් තෙමී සීතලෙන් පෙළෙමින් හැසිරෙන්නේ එසේ සිටින ඔහු දැක උපායෙන් ඌ බැහැරකොට මෙහි වසන්නෙමියි සිතා බඩ එල්ලාගෙන පලතුරු කා සතුටට පත්වූ බවක් පෙන්වමින් ඔහු ඉදිරියේ සිට

“උදුම‍්බරා චිමෙ පක‍්කා, නිග්‍රොධා ච කපිත්‍ථනා; එහි නික‍්ඛම භුඤ‍්ජස‍්සු, කිං ජිඝච‍්ඡාය මිය්‍යසී”ති.

උදුම්බරාචිමෙ පක්කා නිග්‍රොධාච කපිත්‍ථනා, එහි නක්ඛම භුඤ්ජස්සු කිං ජිගච්ඡාය මියසි

යන පළමු ගාථාව කීවේය.

විලිකුන් ඵල (ඉදුණු ගෙඩි) ඇති දිඹුල්, නුග, දිවුල් යන මේ ගස් පලබරින් නැමී ඇත. තෝද ගොස් අනුභව කරව. සාගින්නේ මැරෙන්නේ කුමටද?

තත්‍ථ කපිත්‍ථනාති පිලක‍්ඛා. එහි නික‍්ඛමාති එතෙ උදුම‍්බරාදයො ඵලභාරනමිතා, අහම‍්පි ඛාදිත්‍වා සුහිතො ආගතොස‍්මි, ත්‍වම‍්පි ගච‍්ඡ භුඤ‍්ජස‍්සූති.

එහි, කපිත්‍ථිනා යනු පුලිල ගස් (දිවුල්) එහිනික්ඛම යනු මේ දිඹුල් ආදී ගස් ඵල බරින් නැමුනේ මමද ඒවා කා සතුටට පත්ව ආවෙමි. නුඹද යන්න, භුඤ්ජස්සු යනු අනුභව කරන්න.

සොපි තස‍්ස වචනං සුත්‍වා සද‍්දහිත්‍වා ඵලානි ඛාදිතුකාමො නික‍්ඛමිත්‍වා තත්‍ථ තත්‍ථ විචරිත්‍වා කිඤ‍්චි අලභන‍්තො පුනාගන‍්ත්‍වා තං අන‍්තොපාසාණදරියං පවිසිත්‍වා නිසින‍්නං දිස‍්වා “වඤ‍්චෙස‍්සාමි න”න‍්ති තස‍්ස පුරතො ඨත්‍වා දුතියං ගාථමාහ –

රිලවාද ඌගේ කීම පිළිගෙන ලොකු කුඩා ගෙඩි කනු කැමැත්තේ නික්මී ඒ ඒ තැන හැසිරී කිසිවක් නොලැබ නැවත අවුත් ගල් ගුහාවක පිවිස සිටින වඳුරා දැක ඔහු වංචා කරන්නෙමියි සිතා ඔහු ඉදිරියේ සිට

“එවං සො සුහිතො හොති, යො වුඩ‍්ඪමපචායති; යථාහමජ‍්ජ සුහිතො, දුමපක‍්කානි මාසිතො”ති.

එවං සො සුහිතො හොති යො වද්ධමපචායති, යථාහමජ්ජ සුහිතො දූමපක්කානි මාසිතො

යන දෙවන ගාථාව කීය.

අද මම රුක්ඵල (ගස් ගෙඩි) කා සුවපත් වූයෙම්ද එලෙස යමෙක් වැඩිමහල්ලන් පුදයිද ඒ තැනැත්තා සුවපත් වේ.

තත්‍ථ දුමපක‍්කානි මාසිතොති උදුම‍්බරාදීනි රුක‍්ඛඵලානි ඛාදිත්‍වා අසිතො ධාතො සුහිතො.

එහි, දුමපක්කානිමාසිතො යනු දිඹුල් ආදී ගස් ගෙඩි කා ආහාරයෙන් තෘප්තියට පැමිණි සතුටට පැමිණියේ ඇත්තේය.

තං සුත්‍වා මහාමක‍්කටො තතියං ගාථමාහ –

ඒ අසා මහ වඳුරා,

“යං වනෙජො වනෙජස‍්ස, වඤ‍්චෙය්‍ය කපිනො කපි; දහරො කපි සද‍්ධෙය්‍ය, න හි ජිණ‍්ණො ජරාකපී”ති.

යං වනෙජො වනෙජස්ස වඤ්චෙය්‍ය කපිනො කපි, දහරොපි තං නසද්ධෙය්‍ය නහි ඡිණ්ණො ජරාකපි

යන තුන්වන ගාථාව කීය.

වනයේ උපන් වඳුරා වනයේ උපන් වඳුරාට යම් රැවටීමක් කරන්නේද එය තා වැනි ළදරු වඳුරෙක් නොඅදහන්නේය. ජරාපත් මා වැනි මහලු වඳුරෙක් නොඅදහන්නේමැයි.

තස‍්සත්‍ථො – යං වනෙ ජාතො කපි වනෙ ජාතස‍්ස කපිනො වඤ‍්චනං කරෙය්‍ය, තං තයා සදිසො දහරො වානරො සද‍්දහෙය්‍ය, මාදිසො පන ජිණ‍්ණො ජරාකපි මහල‍්ලකමක‍්කටො න හි සද‍්දහෙය්‍ය, සතක‍්ඛත‍්තුම‍්පි භණන‍්තස‍්ස තුම‍්හාදිසස‍්ස න සද‍්දහති. ඉමස‍්මිඤ‍්හි හිමවන‍්තපදෙසෙ සබ‍්බං ඵලාඵලං වස‍්සෙන කිලින‍්නං පතිතං, පුන තව ඉදං ඨානං නත්‍ථි, ගච‍්ඡාති. සො තතොව පක‍්කාමි.

වනයෙහි උපන් කපි වඳුරා වනයෙහි උපන් කපිනො වඳුරාට යං යම් වංචාවක් රැවටීමක් කරන්නේ ද එය දහරොපි ළදරු ඔබ වැනි වඳුරෙක් පවා නො අදහන්නේය. මා වැනි ඡිණ්ණො ජරාකපි මහලු දිරාගිය වඳුරෙක් නොඅදහන්නේමය. හත්වාරයක් කියන ඔබ වැන්නෙකුගේ වචනය පවා නො අදහයි. මේ පළාතෙහි සියලු පලාඵල වැස්සෙන් නරක් වී වැටී ඇත. නැවත ඔබට මේ ස්ථානය ලැබීමක් නැත (එහෙයින්) යන්නැයි කීය. රිලවා එයින්ම ඉවත්ව ගියේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා ඛුද‍්දකමක‍්කටො නෙවාසිකො අහොසි, කාළමහාමක‍්කටො ආගන‍්තුකො, රුක‍්ඛදෙවතා පන අහමෙව අහොසි”න‍්ති.

බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල රිලවා (කුඩා වඳුරා) නේවාසික භික්‍ෂුව විය. කලු මහ වඳුරා ආගන්තුක භික්‍ෂුවයි. රුක් දෙවියා වනාහි මම්ම වූයෙමියි වදාළ සේක.

උදුම‍්බරජාතකවණ‍්ණනා අට‍්ඨමා.